Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුපිළිම_රනින්_නිර්මාණය_කරන්නේ_ඇයි_?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුපිළිම_රනින්_නිර්මාණය_කරන්නේ_ඇයි_?

බුදුපිළිම රනින් නිර්මාණය කරන්නේ ඇයි ?

දෙතිස් ලකුණින් විසිතුරු වූ ඒ සොඳුරු බුද්ධ ශරීරය දුටු දුටුවන් නෙත සනසන දසුනක් වූවාට සැක නැත. ඒ ශෝභමාන ශරීර ස්වභාවය දෙස ම බලා සිටිනු රිසියෙන් පැවිදි භූමියට පිළිපන් පිරිස් වූ බව ද අපි අසා ඇත්තෙමු. අභිනීල කේශ මණ්ඩලයෙන් ද අභිනීල නේත්‍ර යුග්මයෙන් ද බබළන රන්වන් පැහැ සිරුරෙන් ද යුතු වූ ඒ මහා මුනිවරයාණන් වහන්සේ නිල් අහසේ පුන්සඳ බබළන අයුරෙන් ශ්‍රාවක පිරිස් මැද සුදිලෙන්නට ඇත.

බුදු ගුණ මැවූ බුදුරුව . . .

බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසු වන්දනාමාන උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීමේ දී බොදු කලාකරුවෝ අසමසම රූපකාය ද අසමසම ගුණ සමුදාය ද සිත් සතන් සුපසන් කරවනා අයුරින් ප්රතිමූර්තිමත් කරවන්නට උත්සහ ගත්හ. කෙසේ වුවත් බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ සම්භවය නම් මේ තාක් නො විසඳුන ගැටලූවකි.

නො දුටු බුදු රුව මූර්තිමත් කිරීමේ දී ඒ නිර්මාණකරුවන් බහුල කොට සිදු කරන්නට ඇත්තේ ධර්මය තුළ ඔවුන් අසා ඇති අයුරු නිරූපණය වන පරිදි ප්‍රතිමාව නිර්මාණය කිරීම ය. භාග්‍යවතුන් වහන්සේට වූයේ කෙසඟ සිරුරකි. එණිජඕඝං කිසං වීරං ( ඕලූ මුවෙකුට බඳු කෙංඩා ඇති, කෘෂ වූ, වීර වූ) ලෙස හේමවත සූත්‍රයේ සඳහන් ව තිබීමෙන් ද ඒ බව පැහැදිලි වේ. (හේමවත සූත්‍රය, ඛුද්දක නිකාය ‐ සුත්ත නිපාතය)

~නව මූලගන්ධකුටි විහාරය – බරණැස~

ඒ කෙසඟ සිරුර ද මහා පුරුෂ ලක්ෂණ ද විදහා දැක්වෙන පරිදි බුද්ධ ප්‍රතිමා නිර්මාණය වන්නට ඇත්තේ එනිසා ය. ඒ සියල්ල අතුරෙන්, රත්රන් පැහැයෙන් යුතු පිළිම වහන්සේලා නිර්මාණයට යොමු වීම බුදුරජාණන් වහන්සේගේ රූප කාය පිළිබඳ ලද දැනුමේ ද පූජාවන් අග්‍ර ලෙස සිදු කිරීමට තිබූ වුවමනාවේ ද මහානීය භාවය තහවුරු කරවන්නකි.

රන්වන් පින් සිරුරාණෙනි වන්දේ . . .

භාග්‍යවතුන් වහන්සේ අංගීරස ලෙස හඳුන්වන්නේ බබළන සිරුරකින් යුතු යන අර්ථයෙනි. ඒ ගැන සොඳුරු වර්ණනාවන් නරසීහ ගාථා තුළ සඳහන් ය. කඤ්චනසුච්ඡුවි උත්තමවණ්ණෝ (රන්වන් රැස් සිරුරින් විහිදෙන්නේ), කඤ්චනපට්ටවිසුද්ධලලාටෝ (රන්වන් රැස් විහිදෙනවා නලළේ) ආදි ලෙස විස්තර කෙරෙන්නේ ඒ රත්රන් පැහැ ගත් බුද්ධ ශරීරය යි.

එසේ ම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳ විස්තර කෙරෙන ලක්ඛණ සූත්‍රයේ ද ඒ ගැන සඳහන් ය. සසරේ බොහෝ කාලයක් ක්‍රෝධය ඇති කර නො ගැනීමෙන්, බහුල වශයෙන් කිපීම් නො වීමෙන්, බොහෝ දෙනෙකු බැණ වැදුණ ද නො කිපී සිටීමෙන්, කෝප ගන්වනු නො හැකි වීමෙන්, තරහ හට නො ගැනීමෙන්, කෝපය, ද්වේෂය හෝ නපුරුකම සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ පිට නො කිරීමෙන්, මෘදු වූ පැදුරු පලස් ආදිය බොහෝ කොට පූජා කිරීමෙන් ලබන්නා වූ මහා පුරුෂ ලක්ෂණය ලෙස එහි දැක්වෙන්නේ කසුන් පැහැ ඇති රන්වන් ස්වභාවයයි (සුවණ්ණවණ්ණෝ හෝති ඤ්චනසන්නිභත්තචෝ). සසරේ බොහෝ කාලයක් මුළුල්ලේ පුරුදු කරන ලද්දා වූ ඒ උත්තම ගුණ ධර්මයන් නිසාවෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ රන්වනින් බැබළී ගිය සොඳුරු බුද්ධ ශරීරයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වූ සේක.

~සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව – පොල්ගහවෙල~

ගෞතම සම්බුදු සසුනේ අබිසෙස් ලද මහ රහතන් වහන්සේලා ද රත්රන් පැහැ සම්බුදු සිරුර පිළිබඳ ව යම් යම් අවස්ථාවල දේශනා කරන්නට යෙදී ඇත. සේල මහ රහතන් වහන්සේ වදාළ ථේර ගාථාවන් එයට නිදසුනකි.

‘‘පරිපුණ්ණකායෝ සුරුචි සුජාතෝ චාරුදස්සනෝ

සුවණ්ණවණ්ණොසි භගවා සුසුක්කදාඨෝ විරියවා”

‘‘මහා වීරිය ඇති භාග්‍යවත් මුනිඳුනි, ඔබ වහන්සේට තියෙන්නේ පරිපූර්ණ ශරීරයක්. ලස්සන ම ලස්සන රූපයක්. සුන්දර උපතක්. සුන්දර පෙනුමක්. රත්තරන් පාට සිරුරක්. සුදෝ සුදු දත් දෙපෙළක්.”

‘‘කල්යාණදස්සනෝ භික්ඛු කඤ්චනසන්නිභත්තවෝ,

කිං තේ සමණභාවෙන එවං උත්තමවණ්ණිනෝ”

‘‘පින්වත් ශ්රමණයන් වහන්ස, රත්තරන් පාට සමකින් යුතු ඔබ වහන්සේ නම් හරි ම ලස්සනයි. මෙච්චර ලස්සන රූපයක් තියෙන ඔබ වහන්සේ මහණ වීමෙන් ඇති ඵලය කුමක් ද?”

(සේල තෙරුන්ගේ ගාථා ‐ ථෙරථෙරී ගාථා පාළි)

~රංගිරි දඹුලු රජ මහා විහාරය – දඹුල්ල~

අංගීරස මහ මුනිවරයාණන් වහන්සේ දෑසින් දැක බලා පළ කෙරුණ උදානයකි ඒ. එසේ ම පළමු ධර්ම සංගායනාවේ දී ‘ජාතරූප රජත’ හෙවත් රන් රිදී මසු කහවණු පිළිබඳ කියැවෙන ශික්ෂාපදය අර්ථ ගෙන හැර දක්වමින් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව ම දුටු මහ රහතන් වහන්සේලා ජාතරූප යන්න විස්තර කළේ ‘ජාතරූපං නාම සත්ථුවණ්ණෝ වුච්චතිත්ව’ කියා ය (විනය පිටකය, නිසිසග්ගියකණ්ඩං, කොසියවග්ගො ‐ රූපියසික්ඛාපදංඑ). එනම්, රත්තරන් යනු ශාස්තෘන් වහන්සේගේ වර්ණය යන්න ලෙස ය. කෙතරම් නම් අසිරිමත් ද? රන්වන් පැහැ ගත් ශෝභමාන සිරුරක් දරා වැඩ සිටියා වූ ඒ අංගීරස මහ මුනිවරයාණන් වහන්සේ රන්වන් පැහැ වස්ත්‍රයෙන් පූජා ලැබූ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ය.

රනින් කළ පිළිරූ පුදන්නයි . . .

ඉඳින් ඒ සා පියකරු පැහැයකින් යුතු වූ, රනින් කළ වස්ත්‍රයෙන් පුදනු ලැබුවා වූ ශාස්තෘන් වහන්සේ උදෙසා රන්වනින් ප්‍රතිමා ඉදි කරවා පුද දීම අත්‍යන්තයෙන් ම සුදුසු වන්නේ ම ය. පුරාතනයේ පටන් බොදු කලාකරුවා සිදු කරන්නට යෙදුණේ එයයි. නිධි වශයෙන් රත්රන් හමු නො වෙන රටක් වූව ද දඹරන් පිළිම වහන්සේලා පවා අප රටෙහි ඉදි කෙරෙන්නට පාදක වන්නට ඇත්තේ බුදුරජාණන් වහන්සේ උදෙසා වූ අසීමිත ශ්‍රද්ධා භක්තිය ම ය. දැනුදු දඹරන් පිළිම වහන්සේලා ද රන් හෝ රන් පැහැය ආලේපිත පිළිම වහන්සේලා ද නිමැවෙන්නේ ඒ අවබෝධාත්මක ශ්‍රද්ධා භක්තිය නිසාවෙනි.

පිළිම වහන්සේලා රනින් නිමවීම හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු බොහොමයක් මහාවංශයේ සඳහන් ය. ඒ ලිඛිත ඉතිහාසයට අනුව ආගමික කටයුතු උදෙසා යොදා ගත් ප්‍රතිමා වහන්සේලා පළමු කොට දක්නට ලැබෙන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේ ය. ද්‍රෝණයක් සම්බුදු ධාතු නිධන් කරවා ස්වර්ණමාලී මහ සෑ රජුන් ඉදි කළ මොහොතේ එහි ධාතු ගර්භය තුළ රනින් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරන ලද බව මහාවංශ කතුවරයා පවසයි. එහි, ‘රජ තෙමේ ඒ දා ගැබ මැද සර්වාකාරයෙන් මනෝරම්‍ය වූ රුවන් මුවා බෝ රුකක් කර වී ය.’ ලෙස ඇසතු බෝධි මූලය නිරූපණය කළ අයුරු විස්තර කෙරෙන තැන ‘බෝධිය නැගෙනහිරින් පණ වන ලද අනර්ඝ පර්ය්යකරයෙහිත් භාස්වර වූ රන් මුවා බුදු පිළිමයක් හිඳු විය.’ යනුවෙන් වජ්රාසනය මත වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ව ප්රතිමූර්තිමත් කළ ආකාරය ද කියැවේ. (මහ වස ධාතු ගර්භ, 30 වැනි පරිච්ඡේදය, මහාවංශය)

~මහමෙව්නාව – කුණ්ඩසාලේ අසපුව~

ථූපාරාමයේ ධාතු නිදන් කළ අවස්ථාවේ සිදු වූ යමක මහ ප්රාතිහාර්යය තුළින් සර්වඥයන් වහන්සේ ව දෑසින් දැක ගත් පරම්පරාවෙන් පැවත ආ බුදු රුව පිළිබඳ මතකය මේ නිර්මාණ කර්තව්‍යය උදෙසා යොදා ගන්නට ඇතැයි සිතිය නො හැකි ද?

එතැන් පටන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙමෙන් විකාශනය වූ අයුරු මහාවංශයෙහි සඳහන් ය. රන්මය පිළිම පිළිබඳ ඉතිහාසය ද ඉන් ගළපා ගත හැක. II වැනි උපතිස්ස රජ සමයේ දී රන්මුවා ප්‍රතිමාවක් කරවා රථයක වැඩම වූ බව ද II වැනි මහින්ද රජු රතනප්රාසාදය ඉදි කරවා එහි දඹරන් පිළිමයක් කළ බව ද II වැනි සේන රජු සතුරු ආක්‍රමණයකින් පැහැර ගනු ලැබූ රතනප්රාසාදයේ රන් පිළිම නැවත පිහිට වූ බව ද එහි කියැවේ. ඒ රජු විසින් ම ලෝවාමහපායේ ඝනරන් බුදුපිළිමයක් පිහිට වූ බවත් මහාවංශයේ සඳහන් ය. එසේ ම මහසෙන් රජ පුත් සිරිමෙවන් කුමාර රජු මිහිදු මහ රහතන් වහන්සේ කෙරෙහි බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇති ව උන්වහන්සේ පුද දෙමින් රන්මුවා පිළිරුවක් ඉදි කර ඇත. එනම් ඉතිහාසයේ මුල් ම යුගයන්හි දී පවා රන්වන් ප්‍රතිමා ඉදි කරවා බුදුරජාණන් වහන්සේවත්, මහ රහතන් වහන්සේලාවත් පුද දීම සිදු කර ඇත.

දැදිගම කොටවෙහෙරේ රන් හිඳි බුදුපිළිමය, මැදිරිගිරිය අඹගස්වැව, අනුරාධපුර වෙහෙරගල සහ ලංකාතිලකයේ හිඳි බුදුපිළිම වහන්සේලා. කෑගල්ල දනහිරිගල රජමහා විහාරයේ වැඩ සිටි හිඳි බුදුපිළිමය, කටාරංගල, පුසුල්පිටිය සහ හම්බන්තොට කසාගල හිඳි බුදුපිළිම වහන්සේලා, මැදවච්චියේ සහ රිදී විහාරයේ හිටි බුදුපිළිම වහන්සේලා මෙලෙස රන්වන් ව ඉදි කළ ප්‍රතිමා වහන්සේලා කිහිප නමකි. අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටින සමාධි ප්‍රතිමා වහන්සේගේ ද කලෙක රන් ආලේප කොට තිබුණු බව ජනප්රවාදයේ සඳහන් ය. රන් පැහැයෙන් යුතු ප්‍රතිමා වහන්සේලා නිර්මාණයේ ඉතිහාසය බොහෝ දුර දිවෙන බව ඒ ඓතිහාසික සාධක පෙන්වා දේ.

~වජ්රාසන භූමිය – බුද්ධගයාව~

බෞද්ධ ලෝකයේ නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අතර රන්වන් ප්‍රතිමාවන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අනුත්තර මනුෂ්‍ය රත්නය ජන්ම ලාභය ලද භාරතයේ අති වන්දනීය වූ බොහෝ බුද්ධ භූමීන් රන්වන් ප්රතිමාවන්ගෙන් යුතු වීම එයට කදිම නිදසුනකි. උතුම් වජිරාසන භූමියේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ සිටින්නේ ද දම් සක කරකැවුණ ඉසිපතන භූමියේ මූලගන්ධකුටි විහාරය තුළ ධර්මචක්ර මුද්‍රාවෙන් වැඩ සිටින්නේ ද කුසිනාරාවේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින්නේ ද රත්රන් පැහැ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ය. ඉදින් අනෙක් ස්ථානයක රන්වන් ප්‍රතිමා වහන්සේලා ඉදි කිරීම ගැන කියනු කිම?

ප්‍රෞඪ ඉතිහාසයේ යළි පිබිදීම . . .

වර්තමානයේ අප රටෙහි ඇති එවන් සුවිශේෂි ප්රතිමාවන් අතර නව කැලණි විහාරයේ රන් පිළිම ගේ ප්‍රතිමා වහන්සේ ද රන්ගිරි දඹුළු විහාරයේ සුවිසල් බුද්ධ ප්‍රතිමා වහන්සේ ද වේ. සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ නිර්මිත රන්පැහැ ප්‍රතිමා වහන්සේලා නියෝජනය කරන්නේ ඒ ඉතිහාසයේ අද්‍යතන ම යුගයයි.

බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ පවත්නා සම්ප්‍රදායන් කිහිපයකි. දැනට වඩාත් ප්රකටව ඇත්තේ ඉන්දියාවේ ගන්ධාර, මථුරා සහ අමරාවතී සම්ප්‍රදායන් ය. ඒ ඒ සම්ප්‍රදායන්ට අනුකූල වූ සුවිශේෂී ලක්ෂණ ද ඇත. පටු නළල් තලය, සිහින් තොල් සඟල, අඩවන් දෙනෙත, සිරුරට ළංව පිහිටි දෑත්, සිරුරට ඇලී ඇති චීවරය ගන්ධාර සම්ප්රදාය තුළ ප්‍රකට වන අතර පුළුල් දෙනෙත, උත්තුංග දේහය සහ ශාක්‍යසිංහ ලීලාව, විනිවිද පෙනෙන ලෙස සැකසූ චීවරය, සිරුරෙන් ඈත්ව පිහිටි දෑත් මථුරා සම්ප්රදාය තුළ ප්‍රකට ය. ප්‍රසන්න ස්වභාවය, නො ගැඹුරු රැළි සහිත චීවරය, ආධ්‍යාත්මික ගුණ ඉස්මතු කිරීම අයත් වන්නේ අමරාවතී සම්ප්‍රදායටයි. එහෙත් රැළි රහිත චීවරය තුළින් ශ්‍රී ලාංකේය කලාකරුවා අර්ථ දැක්වූ සමාධිමත් භාවය කිසිදු ඉන්දීය සම්ප්රදායක ප්‍රකට වන්නේ නැත. සමාධි ප්රතිමාවන්ගෙන් ඉස්මතු වන්නේ ස්වාධීන වූ හෙළ කලා කෞශල්‍යය ම යැයි සිතිය හැක්කේ එනිසා ය. ථේරවාද බුද්ධ ප්‍රතිමාවන්හි නිරූපණය කෙරෙන නොයෙක් හස්ත මුද්‍රාවන් තුළින් පවා බුදු ගුණයන් අර්ථවත් කෙරෙන්නේ බොදු කලාකරුවා සතු දහම් දැනුම ද කලා කෞෂල්‍යය ද ඉස්මතු කරවමිනි.

ඒ විශිෂ්ට කලාවන් සියල්ලේ අද්විතීය භාවයන් ඒ අයුරින් ම ගෙන හැර දක්වමින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ප්‍රතිමා වහන්සේලා ඉදිව ඇති බව එදෙස විමසුම් නුවණින් බලන කල පෙනී යයි. එතුළ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ සිටින පිළිම වහන්සේ දුටුවනින් මතකයට නැගුණේ ඒ භාග්‍යවතුන් වහන්සේ රන් පර්වතයක් මෙන් බබළන හෙයින් කනකාචල සංකාස නම් වූ බව ය. ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුතු අනෙක් ප්‍රධාන පිළිම වහන්සේ හා රන්වනින් බැබළී ගත් මහා කාශ්‍යප, ආනන්ද මහ රහතන් වහන්සේලා දැක බලා වන්දනා කරද්දි සිතුණේ තාරගණා පරිවේඨීතරූපෝ – සාවකමජ්ඣගතෝ සමණින්දෝ (සඳ වට කොට රන් තරු බැබළෙන්නේ – මුනි සඳ ශ්‍රාවක මැද සුදිලෙන්නේ) කියා ය. පිරිනිවන් මංචකයේ වැඩ සිටි ප්‍රතිමා වහන්සේ දැක සිත මහත් සංවේගයක් ඇති වූයේ ද නිරායාසයෙනි. ඒ ප්‍රතිමා වහන්සේ බොහෝ සෙයින් නෑකම් කියන්නේ කුසිනාරාවේ වැඩ සිටින ප්‍රතිමා වහන්සේට ය.

~පිරිනිවන් මංචකය – සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව~

සියල් ගුණයෙන් සියලූ ලොවට අග්‍ර වූ ඒ භාග්‍යවතුන් වහන්සේ පුද දීමට රන්වනින් බැබළී ගිය හෙළ කලා කෙත කෙතරම් නම් සමෘද්ධිමත් ද යන්න අපට හැඟුණේ සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ය. ඔබට ද එය එසේ ම වන්නට ඇත.

නො දැන, නො විමසා කුමට නො පහන් වෙමු ද?

එහෙත් ඇතමුන්ට මේ අවබෝධාත්මක නිර්මාණය පවා ධර්මයට ගැළපේ ද? යන්න පිළිබඳ ව ඇත්තේ කුකුසකි. ධර්මයේ සඳහන් අයුරු නිර්මාණය කිරීම නො ගැළපේ යැයි කියා හිස් මතවාදයන් ගොඩනගන්න වුන්ගෙන් විමසිය යුත්තේ දකුණු ඉන්දීය ප්‍රතිමා ආභාෂය ලැබ කෙසඟ බව වෙනුවට මහත බව ද රන්වන් බව වෙනුවට ඔවුන්ගේ වර්ණය වූ කලූ පැහැය ද යොදා නිම වූ ප්රතිමාවන් ගැන කුමක් පවසන්නේ ද? කියා ය. බුදු රුව පිළිබඳ ධර්ම අවබෝධයක් නො ලද ශිල්පීන් අතින් මහනුවර යුගයේ දි බහුල ව ඉදි කෙරුණු එවන් නිර්මාණවල අනුචිත භාවය නො දකින්නේ ඇයි? ධර්මය තුළින් කියැවෙන දෙය කිසිසේත් ම නිරූපණය නො කරන එවන් නිර්මාණ සමාජ විවේචනයට බඳුන් නො වන්නේ ඇයි?

බුද්ධ ප්‍රතිමා නිර්මාණයෙහි ලා බැස ගත් සම්මුතියක් කලාකරුවනට නැත. තමන් දන්නා හා දකිනා පරිදි බුදුරුව නිර්මාණය කිරීමේ ස්වාධීන අයිතිය කලාකරුවන් සතු ය. අවස්ථාවට අනුකූල ව ප්‍රතිමාවකින් පෙන්නුම් කෙරෙන ඉරියව්, හැඟීම් හා ස්වභාවයන් ද වෙනස් වේ. ධර්මය හා කලාව නිවැරදි ව සුසංයෝජනය කිරීම පහසු කටයුත්තක් නො වන්නේ ය. සම්බුද්ධරාජ මාළිගාව නිමැවෙන්නේ ඒ අසීරු කර්තව්‍යය සාර්ථක ව ඉටු කරවමිනි. දහම් ඇසින් ද කලා ඇසින් ද එක සේ ම එය උත්කෘෂ්ට නිර්මාණයක් වන්නේ ද එනිසාවෙනි.

නො දන්නාකම නිසා හෝ දැක බලා සතුටු වීමට ඇති නො හැකියාව නිසා හෝ නැති දොස් ඇතැයි පෙන්වන්නට උත්සහ කරන්නවුන් මෙවන් අග්රතම පූජාවක් අනුමෝදන් වීමේ පින අහිමි කර ගන්නවා පමණක් නො ව අභූතයෙන් චෝදනා කිරීමේ අකුසලය රැස් කර ගනිති.

ධර්මය තුළින් බුදු ගුණ ද බුදුරුව ද හඳුනා නො ගත්තවුන් කුමක් කීව ද සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව දහම් අවබෝධයෙන් යුතු ව ම ගොඩ නැඟුනකි. ඉතිහාසයේ පන්නරයෙන් සුපෝෂිත ව, රන්වනින් බැබළී ගත් ඒ අග්‍ර වූ අසදෘශ මහා පූජාව අග්රදක්ඛිණ්යෙය වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම පූජා කරමු; පූජා ම වෙත්වා!

රන් පර්වතයක් මෙන් බබළන හෙයින් කනකාචල සංකාස නම් වූ, රන් පැහැ ශරීර වර්ණ ඇති හෙයින් කඤ්චනසන්නිභත්තචෝ නම් වූ, රනින් කළ කණුවක් මෙන් ශෝබමාන හෙයින් කඤ්චනග්ඝියසංකාස නම් වූ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා !

මරුකතරේ මිනිස් පුරේ කොතැනක වේවා !

මෙතේ බුදුන් පාමුල මා පියුමක් වේවා !

මේ ලිපිය බෞද්ධ අපට ගොඩක් වැදගත් ලිපියක් බැවින් ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි.

බුදුසසුන බැබලේවා !

[QUOTE="chathupatiya, post: 13525278, member: 48903"] [b]බුදුපිළිම_රනින්_නිර්මාණය_කරන්නේ_ඇයි_?[/b] [SIZE="4"][COLOR="Purple"][B][SIZE="5"]බුදුපිළිම රනින් නිර්මාණය කරන්නේ ඇයි ?[/SIZE][/B] [CENTER] [IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/Main-Image12.jpg[/IMG] [/CENTER] දෙතිස් ලකුණින් විසිතුරු වූ ඒ සොඳුරු බුද්ධ ශරීරය දුටු දුටුවන් නෙත සනසන දසුනක් වූවාට සැක නැත. ඒ ශෝභමාන ශරීර ස්වභාවය දෙස ම බලා සිටිනු රිසියෙන් පැවිදි භූමියට පිළිපන් පිරිස් වූ බව ද අපි අසා ඇත්තෙමු. අභිනීල කේශ මණ්ඩලයෙන් ද අභිනීල නේත්‍ර යුග්මයෙන් ද බබළන රන්වන් පැහැ සිරුරෙන් ද යුතු වූ ඒ මහා මුනිවරයාණන් වහන්සේ නිල් අහසේ පුන්සඳ බබළන අයුරෙන් ශ්‍රාවක පිරිස් මැද සුදිලෙන්නට ඇත. [B][SIZE="5"]බුදු ගුණ මැවූ බුදුරුව . . .[/SIZE][/B] බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසු වන්දනාමාන උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීමේ දී බොදු කලාකරුවෝ අසමසම රූපකාය ද අසමසම ගුණ සමුදාය ද සිත් සතන් සුපසන් කරවනා අයුරින් ප්රතිමූර්තිමත් කරවන්නට උත්සහ ගත්හ. කෙසේ වුවත් බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ සම්භවය නම් මේ තාක් නො විසඳුන ගැටලූවකි. නො දුටු බුදු රුව මූර්තිමත් කිරීමේ දී ඒ නිර්මාණකරුවන් බහුල කොට සිදු කරන්නට ඇත්තේ ධර්මය තුළ ඔවුන් අසා ඇති අයුරු නිරූපණය වන පරිදි ප්‍රතිමාව නිර්මාණය කිරීම ය. භාග්‍යවතුන් වහන්සේට වූයේ කෙසඟ සිරුරකි. [B]එණිජඕඝං කිසං වීරං[/B] ( ඕලූ මුවෙකුට බඳු කෙංඩා ඇති, කෘෂ වූ, වීර වූ) ලෙස හේමවත සූත්‍රයේ සඳහන් ව තිබීමෙන් ද ඒ බව පැහැදිලි වේ. [SIZE="3"](හේමවත සූත්‍රය, ඛුද්දක නිකාය ‐ සුත්ත නිපාතය)[/SIZE] [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/sub-11.jpg[/IMG] [B]~නව මූලගන්ධකුටි විහාරය – බරණැස~[/B][/CENTER] ඒ කෙසඟ සිරුර ද මහා පුරුෂ ලක්ෂණ ද විදහා දැක්වෙන පරිදි බුද්ධ ප්‍රතිමා නිර්මාණය වන්නට ඇත්තේ එනිසා ය. ඒ සියල්ල අතුරෙන්, රත්රන් පැහැයෙන් යුතු පිළිම වහන්සේලා නිර්මාණයට යොමු වීම බුදුරජාණන් වහන්සේගේ රූප කාය පිළිබඳ ලද දැනුමේ ද පූජාවන් අග්‍ර ලෙස සිදු කිරීමට තිබූ වුවමනාවේ ද මහානීය භාවය තහවුරු කරවන්නකි. [B][SIZE="5"] රන්වන් පින් සිරුරාණෙනි වන්දේ . . .[/SIZE][/B] භාග්‍යවතුන් වහන්සේ අංගීරස ලෙස හඳුන්වන්නේ බබළන සිරුරකින් යුතු යන අර්ථයෙනි. ඒ ගැන සොඳුරු වර්ණනාවන් නරසීහ ගාථා තුළ සඳහන් ය. [B]කඤ්චනසුච්ඡුවි උත්තමවණ්ණෝ[/B] (රන්වන් රැස් සිරුරින් විහිදෙන්නේ), [B]කඤ්චනපට්ටවිසුද්ධලලාටෝ [/B](රන්වන් රැස් විහිදෙනවා නලළේ) ආදි ලෙස විස්තර කෙරෙන්නේ ඒ රත්රන් පැහැ ගත් බුද්ධ ශරීරය යි. එසේ ම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳ විස්තර කෙරෙන ලක්ඛණ සූත්‍රයේ ද ඒ ගැන සඳහන් ය. සසරේ බොහෝ කාලයක් ක්‍රෝධය ඇති කර නො ගැනීමෙන්, බහුල වශයෙන් කිපීම් නො වීමෙන්, බොහෝ දෙනෙකු බැණ වැදුණ ද නො කිපී සිටීමෙන්, කෝප ගන්වනු නො හැකි වීමෙන්, තරහ හට නො ගැනීමෙන්, කෝපය, ද්වේෂය හෝ නපුරුකම සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ පිට නො කිරීමෙන්, මෘදු වූ පැදුරු පලස් ආදිය බොහෝ කොට පූජා කිරීමෙන් ලබන්නා වූ මහා පුරුෂ ලක්ෂණය ලෙස එහි දැක්වෙන්නේ කසුන් පැහැ ඇති රන්වන් ස්වභාවයයි [B](සුවණ්ණවණ්ණෝ හෝති ඤ්චනසන්නිභත්තචෝ)[/B]. සසරේ බොහෝ කාලයක් මුළුල්ලේ පුරුදු කරන ලද්දා වූ ඒ උත්තම ගුණ ධර්මයන් නිසාවෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ රන්වනින් බැබළී ගිය සොඳුරු බුද්ධ ශරීරයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වූ සේක. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/sub-21.jpg[/IMG] [B]~සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව – පොල්ගහවෙල~[/B][/CENTER] ගෞතම සම්බුදු සසුනේ අබිසෙස් ලද මහ රහතන් වහන්සේලා ද රත්රන් පැහැ සම්බුදු සිරුර පිළිබඳ ව යම් යම් අවස්ථාවල දේශනා කරන්නට යෙදී ඇත. සේල මහ රහතන් වහන්සේ වදාළ ථේර ගාථාවන් එයට නිදසුනකි. ‘[B]‘පරිපුණ්ණකායෝ සුරුචි සුජාතෝ චාරුදස්සනෝ සුවණ්ණවණ්ණොසි භගවා සුසුක්කදාඨෝ විරියවා”[/B] ‘‘මහා වීරිය ඇති භාග්‍යවත් මුනිඳුනි, ඔබ වහන්සේට තියෙන්නේ පරිපූර්ණ ශරීරයක්. ලස්සන ම ලස්සන රූපයක්. සුන්දර උපතක්. සුන්දර පෙනුමක්. රත්තරන් පාට සිරුරක්. සුදෝ සුදු දත් දෙපෙළක්.” ‘[B]‘කල්යාණදස්සනෝ භික්ඛු කඤ්චනසන්නිභත්තවෝ, කිං තේ සමණභාවෙන එවං උත්තමවණ්ණිනෝ”[/B] ‘‘පින්වත් ශ්රමණයන් වහන්ස, රත්තරන් පාට සමකින් යුතු ඔබ වහන්සේ නම් හරි ම ලස්සනයි. මෙච්චර ලස්සන රූපයක් තියෙන ඔබ වහන්සේ මහණ වීමෙන් ඇති ඵලය කුමක් ද?” [SIZE="3"](සේල තෙරුන්ගේ ගාථා ‐ ථෙරථෙරී ගාථා පාළි)[/SIZE] [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/sub-31.jpg[/IMG] [B]~රංගිරි දඹුලු රජ මහා විහාරය – දඹුල්ල~[/B][/CENTER] අංගීරස මහ මුනිවරයාණන් වහන්සේ දෑසින් දැක බලා පළ කෙරුණ උදානයකි ඒ. එසේ ම පළමු ධර්ම සංගායනාවේ දී ‘ජාතරූප රජත’ හෙවත් රන් රිදී මසු කහවණු පිළිබඳ කියැවෙන ශික්ෂාපදය අර්ථ ගෙන හැර දක්වමින් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව ම දුටු මහ රහතන් වහන්සේලා ජාතරූප යන්න විස්තර කළේ [B]‘ජාතරූපං නාම සත්ථුවණ්ණෝ වුච්චතිත්ව’ [/B]කියා ය (විනය පිටකය, නිසිසග්ගියකණ්ඩං, කොසියවග්ගො ‐ රූපියසික්ඛාපදංඑ). එනම්, රත්තරන් යනු ශාස්තෘන් වහන්සේගේ වර්ණය යන්න ලෙස ය. කෙතරම් නම් අසිරිමත් ද? රන්වන් පැහැ ගත් ශෝභමාන සිරුරක් දරා වැඩ සිටියා වූ ඒ අංගීරස මහ මුනිවරයාණන් වහන්සේ රන්වන් පැහැ වස්ත්‍රයෙන් පූජා ලැබූ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ය. [B][SIZE="5"]රනින් කළ පිළිරූ පුදන්නයි . . . [/SIZE][/B] ඉඳින් ඒ සා පියකරු පැහැයකින් යුතු වූ, රනින් කළ වස්ත්‍රයෙන් පුදනු ලැබුවා වූ ශාස්තෘන් වහන්සේ උදෙසා රන්වනින් ප්‍රතිමා ඉදි කරවා පුද දීම අත්‍යන්තයෙන් ම සුදුසු වන්නේ ම ය. පුරාතනයේ පටන් බොදු කලාකරුවා සිදු කරන්නට යෙදුණේ එයයි. නිධි වශයෙන් රත්රන් හමු නො වෙන රටක් වූව ද දඹරන් පිළිම වහන්සේලා පවා අප රටෙහි ඉදි කෙරෙන්නට පාදක වන්නට ඇත්තේ බුදුරජාණන් වහන්සේ උදෙසා වූ අසීමිත ශ්‍රද්ධා භක්තිය ම ය. දැනුදු දඹරන් පිළිම වහන්සේලා ද රන් හෝ රන් පැහැය ආලේපිත පිළිම වහන්සේලා ද නිමැවෙන්නේ ඒ අවබෝධාත්මක ශ්‍රද්ධා භක්තිය නිසාවෙනි. පිළිම වහන්සේලා රනින් නිමවීම හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු බොහොමයක් මහාවංශයේ සඳහන් ය. ඒ ලිඛිත ඉතිහාසයට අනුව ආගමික කටයුතු උදෙසා යොදා ගත් ප්‍රතිමා වහන්සේලා පළමු කොට දක්නට ලැබෙන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේ ය. ද්‍රෝණයක් සම්බුදු ධාතු නිධන් කරවා ස්වර්ණමාලී මහ සෑ රජුන් ඉදි කළ මොහොතේ එහි ධාතු ගර්භය තුළ රනින් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරන ලද බව මහාවංශ කතුවරයා පවසයි. එහි, ‘රජ තෙමේ ඒ දා ගැබ මැද සර්වාකාරයෙන් මනෝරම්‍ය වූ රුවන් මුවා බෝ රුකක් කර වී ය.’ ලෙස ඇසතු බෝධි මූලය නිරූපණය කළ අයුරු විස්තර කෙරෙන තැන ‘බෝධිය නැගෙනහිරින් පණ වන ලද අනර්ඝ පර්ය්යකරයෙහිත් භාස්වර වූ රන් මුවා බුදු පිළිමයක් හිඳු විය.’ යනුවෙන් වජ්රාසනය මත වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ව ප්රතිමූර්තිමත් කළ ආකාරය ද කියැවේ. [SIZE="3"](මහ වස ධාතු ගර්භ, 30 වැනි පරිච්ඡේදය, මහාවංශය)[/SIZE] [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/sub-4.jpg[/IMG] [B]~මහමෙව්නාව – කුණ්ඩසාලේ අසපුව~[/B][/CENTER] ථූපාරාමයේ ධාතු නිදන් කළ අවස්ථාවේ සිදු වූ යමක මහ ප්රාතිහාර්යය තුළින් සර්වඥයන් වහන්සේ ව දෑසින් දැක ගත් පරම්පරාවෙන් පැවත ආ බුදු රුව පිළිබඳ මතකය මේ නිර්මාණ කර්තව්‍යය උදෙසා යොදා ගන්නට ඇතැයි සිතිය නො හැකි ද? එතැන් පටන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙමෙන් විකාශනය වූ අයුරු මහාවංශයෙහි සඳහන් ය. රන්මය පිළිම පිළිබඳ ඉතිහාසය ද ඉන් ගළපා ගත හැක. II වැනි උපතිස්ස රජ සමයේ දී රන්මුවා ප්‍රතිමාවක් කරවා රථයක වැඩම වූ බව ද II වැනි මහින්ද රජු රතනප්රාසාදය ඉදි කරවා එහි දඹරන් පිළිමයක් කළ බව ද II වැනි සේන රජු සතුරු ආක්‍රමණයකින් පැහැර ගනු ලැබූ රතනප්රාසාදයේ රන් පිළිම නැවත පිහිට වූ බව ද එහි කියැවේ. ඒ රජු විසින් ම ලෝවාමහපායේ ඝනරන් බුදුපිළිමයක් පිහිට වූ බවත් මහාවංශයේ සඳහන් ය. එසේ ම මහසෙන් රජ පුත් සිරිමෙවන් කුමාර රජු මිහිදු මහ රහතන් වහන්සේ කෙරෙහි බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇති ව උන්වහන්සේ පුද දෙමින් රන්මුවා පිළිරුවක් ඉදි කර ඇත. එනම් ඉතිහාසයේ මුල් ම යුගයන්හි දී පවා රන්වන් ප්‍රතිමා ඉදි කරවා බුදුරජාණන් වහන්සේවත්, මහ රහතන් වහන්සේලාවත් පුද දීම සිදු කර ඇත. දැදිගම කොටවෙහෙරේ රන් හිඳි බුදුපිළිමය, මැදිරිගිරිය අඹගස්වැව, අනුරාධපුර වෙහෙරගල සහ ලංකාතිලකයේ හිඳි බුදුපිළිම වහන්සේලා. කෑගල්ල දනහිරිගල රජමහා විහාරයේ වැඩ සිටි හිඳි බුදුපිළිමය, කටාරංගල, පුසුල්පිටිය සහ හම්බන්තොට කසාගල හිඳි බුදුපිළිම වහන්සේලා, මැදවච්චියේ සහ රිදී විහාරයේ හිටි බුදුපිළිම වහන්සේලා මෙලෙස රන්වන් ව ඉදි කළ ප්‍රතිමා වහන්සේලා කිහිප නමකි. අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටින සමාධි ප්‍රතිමා වහන්සේගේ ද කලෙක රන් ආලේප කොට තිබුණු බව ජනප්රවාදයේ සඳහන් ය. රන් පැහැයෙන් යුතු ප්‍රතිමා වහන්සේලා නිර්මාණයේ ඉතිහාසය බොහෝ දුර දිවෙන බව ඒ ඓතිහාසික සාධක පෙන්වා දේ. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/sub-5.jpg[/IMG] [B]~වජ්රාසන භූමිය – බුද්ධගයාව~[/B][/CENTER] බෞද්ධ ලෝකයේ නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අතර රන්වන් ප්‍රතිමාවන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අනුත්තර මනුෂ්‍ය රත්නය ජන්ම ලාභය ලද භාරතයේ අති වන්දනීය වූ බොහෝ බුද්ධ භූමීන් රන්වන් ප්රතිමාවන්ගෙන් යුතු වීම එයට කදිම නිදසුනකි. උතුම් වජිරාසන භූමියේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ සිටින්නේ ද දම් සක කරකැවුණ ඉසිපතන භූමියේ මූලගන්ධකුටි විහාරය තුළ ධර්මචක්ර මුද්‍රාවෙන් වැඩ සිටින්නේ ද කුසිනාරාවේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින්නේ ද රත්රන් පැහැ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ය. ඉදින් අනෙක් ස්ථානයක රන්වන් ප්‍රතිමා වහන්සේලා ඉදි කිරීම ගැන කියනු කිම? [B][SIZE="5"] ප්‍රෞඪ ඉතිහාසයේ යළි පිබිදීම . . .[/SIZE][/B] වර්තමානයේ අප රටෙහි ඇති එවන් සුවිශේෂි ප්රතිමාවන් අතර නව කැලණි විහාරයේ රන් පිළිම ගේ ප්‍රතිමා වහන්සේ ද රන්ගිරි දඹුළු විහාරයේ සුවිසල් බුද්ධ ප්‍රතිමා වහන්සේ ද වේ. සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ නිර්මිත රන්පැහැ ප්‍රතිමා වහන්සේලා නියෝජනය කරන්නේ ඒ ඉතිහාසයේ අද්‍යතන ම යුගයයි. බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ පවත්නා සම්ප්‍රදායන් කිහිපයකි. දැනට වඩාත් ප්රකටව ඇත්තේ ඉන්දියාවේ ගන්ධාර, මථුරා සහ අමරාවතී සම්ප්‍රදායන් ය. ඒ ඒ සම්ප්‍රදායන්ට අනුකූල වූ සුවිශේෂී ලක්ෂණ ද ඇත. පටු නළල් තලය, සිහින් තොල් සඟල, අඩවන් දෙනෙත, සිරුරට ළංව පිහිටි දෑත්, සිරුරට ඇලී ඇති චීවරය ගන්ධාර සම්ප්රදාය තුළ ප්‍රකට වන අතර පුළුල් දෙනෙත, උත්තුංග දේහය සහ ශාක්‍යසිංහ ලීලාව, විනිවිද පෙනෙන ලෙස සැකසූ චීවරය, සිරුරෙන් ඈත්ව පිහිටි දෑත් මථුරා සම්ප්රදාය තුළ ප්‍රකට ය. ප්‍රසන්න ස්වභාවය, නො ගැඹුරු රැළි සහිත චීවරය, ආධ්‍යාත්මික ගුණ ඉස්මතු කිරීම අයත් වන්නේ අමරාවතී සම්ප්‍රදායටයි. එහෙත් රැළි රහිත චීවරය තුළින් ශ්‍රී ලාංකේය කලාකරුවා අර්ථ දැක්වූ සමාධිමත් භාවය කිසිදු ඉන්දීය සම්ප්රදායක ප්‍රකට වන්නේ නැත. සමාධි ප්රතිමාවන්ගෙන් ඉස්මතු වන්නේ ස්වාධීන වූ හෙළ කලා කෞශල්‍යය ම යැයි සිතිය හැක්කේ එනිසා ය. ථේරවාද බුද්ධ ප්‍රතිමාවන්හි නිරූපණය කෙරෙන නොයෙක් හස්ත මුද්‍රාවන් තුළින් පවා බුදු ගුණයන් අර්ථවත් කෙරෙන්නේ බොදු කලාකරුවා සතු දහම් දැනුම ද කලා කෞෂල්‍යය ද ඉස්මතු කරවමිනි. ඒ විශිෂ්ට කලාවන් සියල්ලේ අද්විතීය භාවයන් ඒ අයුරින් ම ගෙන හැර දක්වමින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ප්‍රතිමා වහන්සේලා ඉදිව ඇති බව එදෙස විමසුම් නුවණින් බලන කල පෙනී යයි. එතුළ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ සිටින පිළිම වහන්සේ දුටුවනින් මතකයට නැගුණේ ඒ භාග්‍යවතුන් වහන්සේ රන් පර්වතයක් මෙන් බබළන හෙයින් [B]කනකාචල සංකාස [/B]නම් වූ බව ය. ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුතු අනෙක් ප්‍රධාන පිළිම වහන්සේ හා රන්වනින් බැබළී ගත් මහා කාශ්‍යප, ආනන්ද මහ රහතන් වහන්සේලා දැක බලා වන්දනා කරද්දි සිතුණේ තාරගණා [B]පරිවේඨීතරූපෝ – සාවකමජ්ඣගතෝ සමණින්දෝ[/B] (සඳ වට කොට රන් තරු බැබළෙන්නේ – මුනි සඳ ශ්‍රාවක මැද සුදිලෙන්නේ) කියා ය. පිරිනිවන් මංචකයේ වැඩ සිටි ප්‍රතිමා වහන්සේ දැක සිත මහත් සංවේගයක් ඇති වූයේ ද නිරායාසයෙනි. ඒ ප්‍රතිමා වහන්සේ බොහෝ සෙයින් නෑකම් කියන්නේ කුසිනාරාවේ වැඩ සිටින ප්‍රතිමා වහන්සේට ය. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/sub-6.jpg[/IMG] [B]~පිරිනිවන් මංචකය – සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව~[/B][/CENTER] සියල් ගුණයෙන් සියලූ ලොවට අග්‍ර වූ ඒ භාග්‍යවතුන් වහන්සේ පුද දීමට රන්වනින් බැබළී ගිය හෙළ කලා කෙත කෙතරම් නම් සමෘද්ධිමත් ද යන්න අපට හැඟුණේ සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ය. ඔබට ද එය එසේ ම වන්නට ඇත. [B][SIZE="5"]නො දැන, නො විමසා කුමට නො පහන් වෙමු ද?[/SIZE][/B] එහෙත් ඇතමුන්ට මේ අවබෝධාත්මක නිර්මාණය පවා ධර්මයට ගැළපේ ද? යන්න පිළිබඳ ව ඇත්තේ කුකුසකි. ධර්මයේ සඳහන් අයුරු නිර්මාණය කිරීම නො ගැළපේ යැයි කියා හිස් මතවාදයන් ගොඩනගන්න වුන්ගෙන් විමසිය යුත්තේ දකුණු ඉන්දීය ප්‍රතිමා ආභාෂය ලැබ කෙසඟ බව වෙනුවට මහත බව ද රන්වන් බව වෙනුවට ඔවුන්ගේ වර්ණය වූ කලූ පැහැය ද යොදා නිම වූ ප්රතිමාවන් ගැන කුමක් පවසන්නේ ද? කියා ය. බුදු රුව පිළිබඳ ධර්ම අවබෝධයක් නො ලද ශිල්පීන් අතින් මහනුවර යුගයේ දි බහුල ව ඉදි කෙරුණු එවන් නිර්මාණවල අනුචිත භාවය නො දකින්නේ ඇයි? ධර්මය තුළින් කියැවෙන දෙය කිසිසේත් ම නිරූපණය නො කරන එවන් නිර්මාණ සමාජ විවේචනයට බඳුන් නො වන්නේ ඇයි? බුද්ධ ප්‍රතිමා නිර්මාණයෙහි ලා බැස ගත් සම්මුතියක් කලාකරුවනට නැත. තමන් දන්නා හා දකිනා පරිදි බුදුරුව නිර්මාණය කිරීමේ ස්වාධීන අයිතිය කලාකරුවන් සතු ය. අවස්ථාවට අනුකූල ව ප්‍රතිමාවකින් පෙන්නුම් කෙරෙන ඉරියව්, හැඟීම් හා ස්වභාවයන් ද වෙනස් වේ. ධර්මය හා කලාව නිවැරදි ව සුසංයෝජනය කිරීම පහසු කටයුත්තක් නො වන්නේ ය. සම්බුද්ධරාජ මාළිගාව නිමැවෙන්නේ ඒ අසීරු කර්තව්‍යය සාර්ථක ව ඉටු කරවමිනි. දහම් ඇසින් ද කලා ඇසින් ද එක සේ ම එය උත්කෘෂ්ට නිර්මාණයක් වන්නේ ද එනිසාවෙනි. නො දන්නාකම නිසා හෝ දැක බලා සතුටු වීමට ඇති නො හැකියාව නිසා හෝ නැති දොස් ඇතැයි පෙන්වන්නට උත්සහ කරන්නවුන් මෙවන් අග්රතම පූජාවක් අනුමෝදන් වීමේ පින අහිමි කර ගන්නවා පමණක් නො ව අභූතයෙන් චෝදනා කිරීමේ අකුසලය රැස් කර ගනිති. ධර්මය තුළින් බුදු ගුණ ද බුදුරුව ද හඳුනා නො ගත්තවුන් කුමක් කීව ද සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව දහම් අවබෝධයෙන් යුතු ව ම ගොඩ නැඟුනකි. ඉතිහාසයේ පන්නරයෙන් සුපෝෂිත ව, රන්වනින් බැබළී ගත් ඒ අග්‍ර වූ අසදෘශ මහා පූජාව අග්රදක්ඛිණ්යෙය වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම පූජා කරමු; පූජා ම වෙත්වා! රන් පර්වතයක් මෙන් බබළන හෙයින් කනකාචල සංකාස නම් වූ, රන් පැහැ ශරීර වර්ණ ඇති හෙයින් [B]කඤ්චනසන්නිභත්තචෝ [/B]නම් වූ, රනින් කළ කණුවක් මෙන් ශෝබමාන හෙයින් [B]කඤ්චනග්ඝියසංකාස [/B]නම් වූ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා ! [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/sub-7.jpg[/IMG][/CENTER] [B][SIZE="5"] මරුකතරේ මිනිස් පුරේ කොතැනක වේවා ! මෙතේ බුදුන් පාමුල මා පියුමක් වේවා ! [SIZE="4"]මේ ලිපිය බෞද්ධ අපට ගොඩක් වැදගත් ලිපියක් බැවින් ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි.[/SIZE] බුදුසසුන බැබලේවා ![/SIZE][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom