Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුරජාණන්වහන්සේලාගේ දළදාවහන්සේලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සද්ධර්මරත්නාවලියේ දැක්වෙන ආකාරයට අල්පායුෂ බුදුරජාණන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලා පිරිනිවනෙන් පසුව විසිරෙයි. දීර්ඝායුෂ බුදුවරයන්ගේ ධාතු නොවිසරෙයි. මෙයට හේතුව වන්නේ අල්පායුෂ බුදුරජාණන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලාට වන්දනා කර වැඩ සලසා ගත හැකි බවට සලකා ධාතූන් විසිරෙන්නට අධිෂ්ඨාන කරන නිසාවෙනි (බලන්න සද්ධර්මරත්නාවලියේ සාතාගිර හේමවත දෙදෙනාගේ උත්පත්ති කථාව). ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයේ දත් 40 ක් සමව පිහිටා තිබූ බව සඳහන් වේ (චත්තාලිස දන්තො, සම දන්තො). මෙකී ආකාරයට දත් පිහිටා තිබීම උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් දෙකකි (දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව වේදයේ ද සඳහන්ව ඇති බව ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ වස්තු ගාථාහි මෙන්ම මජ්ජිම නිකායේ චංකී සූත්‍රයේ ද සඳහන්ව තිබේ). බුද්ධ පරිනිර්වාණයෙන් පසු විසිරුණු ධාතූන්වහන්සේලා අතර දන්ත ධාතූන්වහන්සේලා ද තිබූ බව මහා පරිනිර්වාණ සූත්‍රයේ මෙන්ම ධාතුභාජනීය කථාහි දී සඳහන් වේ. එහි දැක්වෙන්නේ පහත ලෙසිනි.

එක් දළදායෙක් වූ කලි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්ධාර පුරයෙහි පුදනු ලැබේ. යලි තව ද දළදායෙක් කළිඟු රජුගේ රටෙහි පුදනු ලැබේ. තව එක් දළදාවක් (නාලොවැ) නා රජුහු පුදති. ඒ සතර දළදා වහන්සේගේ තෙදින් මේ මුළු පොළොව ශ්‍රේෂ්ඨ පූජෝත්සවයෙන් සැරැසුණේය. - මහා පරිනිර්වාණ සූත්‍රය

එක් දළදාවක් තිදස්පුරයෙහි ද එක් දළදාවක් නාගපුරයෙහි ද එක් දළදාවක් ගන්ධාරදෙශයෙහි ද එක් දළදාවක් කලිඟුරජුගේ විජිතයෙහි ද වූ යැ. සමසතලිස් දන්තයෝ ද කෙස් ද ලොම් ද දෙවියෝ සක්වළ පරපුරින් සර්වප්රකාරයෙන් එකෙක විසින් ගෙන ගියහ. - ධාතුභාජනීය කථා

බොහෝ ලාංකිකයන් විසින් කථා කරන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් දළදා වහන්සේලා සිව් නම සම්බන්ධයෙන් පමණි. නමුත් ධාතුභාජනීය කථාවේ දී සමසතළිස් දන්තයෝ ගැන සඳහන්ව තිබේ.

මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන්වන දළදාවහන්සේලාගෙන් දෙනමක් ලංකාවේ පූජා සත්කාර ලබමින් පවතින බව ද ලාංකිකයෝ විශ්වාස කරයි. ඒ දළදා මාළිගාවේ ඇති වම් දළදා වහන්සේ සහ සෝමාවතියේ ඇති දකුණු දළදා වහන්සේ ය. මින් දළදා මාළිගාවේ ඇත්තේ කලිඟු රජුගේ සන්තකයේ තිබූ දළදා වහන්සේ බව දාඨාවංශයේ සඳහන් වේ.

දඹදිව ලංකාවේ යැයි කියා සිටින උගතුන් යැයි කියා ගන්නා පිරිස විසින් දාඨාවංශය පිළිගන්නේ නැත. මන්දයත්, එවිට දඹදිව යනු ඉන්දියාව බවට ද පිළිගැනීමට සිදුවන නිසාවෙනි. ඔවුන්ට අනුව මුහුද යන පාඨයේ ඇත්තේ සාමාන්‍ය අපි දන්නා අපිට පේන මුහුද යන අර්ථය නොවේ.

ඒ කොයි කෙසේවෙතත් දකුණු දළදා වහන්සේ පිළිබඳව කෙටියෙන් මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මේ පිළිබඳව සමහරක් දෙනා තුළ දැනුමක් නොමැති නිසාවෙනි. බුදුරජාණන්වහන්සේට බුදු වීමෙන් පසු පළමු දානය පිරිනමනු ලැබූවේ තපස්සු සහ භල්ලුක වෙළඳ දෙබෑයන් විසිනි. මේ දෙදෙනාට බුදුරජාණන්වහන්සේ විසින් වන්දනා මාන කිරීම සඳහා ඉල්ලීම මත හිස පිරිමැද කෙස් ගස් 8 ක් ලබා දුන් බව බුරුම සාහිත්‍යයේදී මෙන්ම ලංකා සාහිත්‍යයේදී ද සඳහන් වේ. මේ කේෂ ධාතූන්වහන්සේලා සමග මුහුදේ ගමන් කරන ඔවුන් දෙදෙනාට අතරමගදී ජයසේන නම් නාගරජුගේ ආක්‍රමණයකට ලක්වීමට සිදු වූ බව ද බුරුම සාහිත්‍යයේ සඳහන් වේ. මේ ජයසේන නාගරජු ගැන නැවත සඳහන් වන්නේ දකුණු දළදාවහන්සේට අදාළ කථාවේ දී ය. ද්‍රෝණ බමුණා බුදුරජාණන්වහන්සේට හමුවන්නේ තපස්සු භල්ලුකටත් පෙරදී ය. ධාතූන්වහන්සේලා බෙදා දීමේ කාර්යයේදී ද්‍රෝණ බමුණා වැදගත් කාර්යයක් කරයි. ඔහු විසින් බුදුරජාණන්වහන්සේගේ දකුණු දළදාව අනුන්ට නොපෙනී තමුන්ගේ කකුලේ ඇඟිල්ලෙන් පොළොවේ පස්වලට යට කොට සඟවා ගනී. මේ ධාතූ බෙදන අවස්ථාවට සම්බන්ධ ව සිටි ජයසේන නාගරජු ද්‍රෝණ බමුණාගේ මෙකී ක්‍රියාව දැක බමුණාට නොදැනෙන සේ අදාළ දකුණු දළදා වහන්සේ ලබාගෙන නාග ලෝකයට රැගෙන ගොස් මැණික් සෑයක් තනා එහි තැන්පත් කර පූජා කරනු ලබන්නේ ය. පසුව කාවන්තිස්ස රාජ්‍යකාලයේ දී මහාදේව මහතෙරුන්ගේ ගෝලයකු වූ මහින්ද නම් තෙරණුවේ නාග ලෝකයට ගොස් එකී දළදා වහන්සේ රැගෙන පැමිණෙන අතර ඒ දළදාවහන්සේ ගිරි අභය රජතුමා විසින් සෝමාවතියේ තැන්පත් කළ බවට විශ්වාස කරයි (https://dhammadeepa.lk/southern-tooth-relic/).

දැන් මා පාඨක ඔබගේ අවධානය යොමු කරන්නේ චීන වන්දනාකරුවන් දුටු තවත් දළදාවහන්සේලා සම්බන්ධයෙනි.

ක්‍රි.ව.3 – 4 සියවසේ සිටි චීන භික්ෂූන්වහන්සේ නමක් වූ ෆා හියන් භික්ෂුව දළදාවහන්සේලා ඉන්දියාවේ දී මෙන්ම ලංකාවේදී ද දැක වැඳ පුදා ගත් වන්දනාකරුවෙකි. එකී වන්දනා ගමන අරඹයා රචනා කළ කෘතිය ඉංග්‍රීසි භාෂාවට පෙරලී ඇති අතර ඒ අතරින් ජනප්‍රිය සහ වඩාත් විශ්වාසදායී කෘතිය වන්නේ A Record of Buddhist Kingdoms, Being an account by the Chinese Monk Fa-Hein of travels in India and Ceylon (AD 399 – 414) in search of the Buddhist books of Discipline, translated by James Legge කෘතියයි. මෙකී කෘතියේ අවස්ථා ගණනකදී දළදාවහන්සේ පිළිබඳව සඳහන් වේ.

KIE-SHA (KASHGAR) - Chapter V

"there is also a tooth of buddha, for which the people have reared a tope, connected with which there are more than a thousand monks and their disciples,"

NA-KIE (NAGARAHARA) – Chapter XIII

"In the midst of the city there is also the tope of Buddha's tooth, where offerings are made in the same way as to the flat-bone of his skull."

SIMHALA (CEYLON) – Chapter XXXVIII

"In the city there has been reared also the vihara of Buddha's tooth, on which, as well as on the other, the seven precious substances have been employed."

"The tooth of Buddha is always brought forth in the middle of the third month."

මේ අනුව ඉන්දියාවේ දී දළදා වහන්සේලා දැක බලා ගන්නා ෆා හියන් භික්ෂුව නැව් නැග ලංකාවට පැමිණ ලංකාවේදී ද දළදා වහන්සේ නමක් දැක බලා ගනී.

චීන වන්දනාකරුවකු වන සුන් යුන් (Song Yun) ද දළදා වහන්සේ නමක් ඉන්දියාවේ දී පූජා කරනු ලැබූවෙකි. එකී වාර්තා පිළිබඳව සඳහන්වන කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය වන Mission of Sung Yun and Hwei Sang to obtain Buddhist Books in the West, translated from the 5th section of the History of the Temples of Lo-Yang හිදී මේ පිළිබඳව මෙසේ දැක් වේ.

Na-Kie (Nagarahara)

"In the city of Na-kie is a tooth of Buddha and also some of his hair, both of which are contained in precious caskets; morning and evening religious offerings are made to them."

මොහු ලංකාවට පැමිණ නැත.

ක්‍රි.ව. 490 – 589 කාලයේ විසූ නරේන්ද්රයසස් (Narendrayasas) ද බුදුරජාණන්වහන්සේගේ දළදාවහන්සේ නමක් දැක තිබේ. ඒ නගරාහාර නැත්නම් ජලාල්බාද්හිදී ය. මේ බව Continued Biographies of Eminent Monks (續高僧傳 Xù gāosēng zhuàn), Daoxuan, Narendrayasas and the "Final Dharma", Kuwayama Shoshin, from Buddhism and Buddhist Art of the Tang, edited by Ku Cheng Mei, 2005 කෘතිවල සඳහන් වේ.

චීන වන්දනාකරුවකු වූ දාරොන් (Daorong) ද බුදුරජාණන්වහන්සේගේ දළදාවහන්සේ නමක් දැක තිබේ. A Record of Buddhist Monasteries in Lo-Yang, Yang Hsuan Chih, translated by Wang Yi Tung, 1984, Princeton University Press පරිවර්තන කෘතියේ දී ඒ බව සඳහන් වන්නේ මෙලෙසිනි.

Na-Ka-Lo-Ho (Nagarahara)

"At Na-ka-lo-ho there is a piece of bone from the top of the Buddha's skull..., four inches round and yellowish-white in colour, hollow underneath, to receive a man's finger, and in appearance like a wasp nest."

"in the city itself, they stopped at another sanctuary, where some teeth and hair of the Buddha were kept in a jeweled reliquary"

මොහුද ලංකාවට පැමිණ නැත.

හ්‍යුත් සියං ගැන නොදන්නා කෙනෙක් නැත. උන්වහන්සේ විසින් දළදාවහන්සේලා කීප නමක් ගැන විස්තර කර තිබේ. මේ පිළිබඳව ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ ඉංග්‍රීසි පරිවර්තනය වන Buddhist Records of the Western World, Xuan Zang, translated by Samuel Beal කෘතියේ දී දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

Po-Ho (Balkh, Baktria)

Navasangharama convent: "Again, there is a tooth of the Buddha about an inch long, and about eight or nine tenths of an inch in breath. Its colour is yellowish white; it is pure and shining."

Fan-Yen-Na (Bamiyan)

"There is a sangharama here with a tooth of the Buddha, also the tooth of a Pratyeka Buddha"

Kia-Pi-Shi (Kapisa)

"To the north-west of the capital there is a large river on the southern bank of which, in a convent of an old king, there is a milk-tooth of Sakya Bodhisattva; it is an inch in length."

Na-Kie-Lo-Ho (Nagarahara)

"Within the city is the ruined foundation of a great stupa. Tradition says that it once contained a tooth of Buddha, and that it was high and of great magnificence. Now it has no tooth, but only the ancient foundations remain."

Kia-Shi-Mi-Lo (Kasmir)

Adhishthana, "is a sangharama with about 300 priests in it. In the stupa is a tooth of Buddha in length about one inch and a half, of a yellowish-white colour; on religious days it emits a bright light."

Kie-Jo-Kio-She-Kwo (Kanyakubja)

"In a precious casket in the vihara is a tooth of Buddha, about one and half inches in length, very bright, and of different colours at morning and night."

මොහු ලංකාවට පැමිණ නැතත් ලංකාව ගැන අසා දැනගත් කරුණු තම චරිතාපදානයට ඇතුළත් කර තිබේ. මෙහි දැක්වෙන ස්ථාන පිහිටා ඇත්තේ ලංකාවේ යැයි කීමට එක්තරා පිරිසක් උත්සාහ දරන අතර ඒ පිළිබඳව විචාර බුද්ධියෙන් යුතුව අවබෝධ කර ගැනීම පාඨක ඔබට අයිති කරුණකි.

දැනට දැක ගත හැකි බුදුරජාණන්වහන්සේගේ නිසැක දළදා වහන්සේලා පිළිබඳව ද මෙහි සඳහන් නොකළහොත් ලිපිය සම්පූර්ණ නොවේ. ලංකාවේ දළදා මාළිගාවේ වැඩ වාසය කරන දළදා වහන්සේ සලකන්නේ නිසැක දළදා වහන්සේ නමක් ලෙසිනි. මීට අමතරව චීනයේ (Beijing Lingguang Monastery (Badachu, Beijing, China)පන්සලේ වැඩ සිටින දළදා වහන්සේ ද නිසැක දළදා වහන්සේ නමක් ලෙසින් සලකයි. මෙකී දළදා වහන්සේ ලෝකයේ විවිධ රට වලට වැඩම කරවා තිබේ. මේ පිළිබඳව වැඩි විස්තර Relics of the Buddha, John S. Strong, Princeton University Press කෘතියෙන් කියැවිය හැක. මෙම දළදා වහන්සේ ක්‍රි.ව.11 වන සියවසේදී පමණ ඉන්දියාවෙන් චීනයට වැඩමවා තිබේ. ඇමුණුමේ එහි ඡායාරූපයක් දක්වා ඇත.

[ATTACH=full]230301[/ATTACH]

[QUOTE="hpalpola, post: 29835194, member: 321413"] [SIZE=4]සද්ධර්මරත්නාවලියේ දැක්වෙන ආකාරයට අල්පායුෂ බුදුරජාණන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලා පිරිනිවනෙන් පසුව විසිරෙයි. දීර්ඝායුෂ බුදුවරයන්ගේ ධාතු නොවිසරෙයි. මෙයට හේතුව වන්නේ අල්පායුෂ බුදුරජාණන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලාට වන්දනා කර වැඩ සලසා ගත හැකි බවට සලකා ධාතූන් විසිරෙන්නට අධිෂ්ඨාන කරන නිසාවෙනි (බලන්න සද්ධර්මරත්නාවලියේ සාතාගිර හේමවත දෙදෙනාගේ උත්පත්ති කථාව). ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයේ දත් 40 ක් සමව පිහිටා තිබූ බව සඳහන් වේ (චත්තාලිස දන්තො, සම දන්තො). මෙකී ආකාරයට දත් පිහිටා තිබීම උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් දෙකකි (දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව වේදයේ ද සඳහන්ව ඇති බව ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ වස්තු ගාථාහි මෙන්ම මජ්ජිම නිකායේ චංකී සූත්‍රයේ ද සඳහන්ව තිබේ). බුද්ධ පරිනිර්වාණයෙන් පසු විසිරුණු ධාතූන්වහන්සේලා අතර දන්ත ධාතූන්වහන්සේලා ද තිබූ බව මහා පරිනිර්වාණ සූත්‍රයේ මෙන්ම ධාතුභාජනීය කථාහි දී සඳහන් වේ. එහි දැක්වෙන්නේ පහත ලෙසිනි. එක් දළදායෙක් වූ කලි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්ධාර පුරයෙහි පුදනු ලැබේ. යලි තව ද දළදායෙක් කළිඟු රජුගේ රටෙහි පුදනු ලැබේ. තව එක් දළදාවක් (නාලොවැ) නා රජුහු පුදති. ඒ සතර දළදා වහන්සේගේ තෙදින් මේ මුළු පොළොව ශ්‍රේෂ්ඨ පූජෝත්සවයෙන් සැරැසුණේය. - මහා පරිනිර්වාණ සූත්‍රය එක් දළදාවක් තිදස්පුරයෙහි ද එක් දළදාවක් නාගපුරයෙහි ද එක් දළදාවක් ගන්ධාරදෙශයෙහි ද එක් දළදාවක් කලිඟුරජුගේ විජිතයෙහි ද වූ යැ. සමසතලිස් දන්තයෝ ද කෙස් ද ලොම් ද දෙවියෝ සක්වළ පරපුරින් සර්වප්රකාරයෙන් එකෙක විසින් ගෙන ගියහ. - ධාතුභාජනීය කථා බොහෝ ලාංකිකයන් විසින් කථා කරන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් දළදා වහන්සේලා සිව් නම සම්බන්ධයෙන් පමණි. නමුත් ධාතුභාජනීය කථාවේ දී සමසතළිස් දන්තයෝ ගැන සඳහන්ව තිබේ. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන්වන දළදාවහන්සේලාගෙන් දෙනමක් ලංකාවේ පූජා සත්කාර ලබමින් පවතින බව ද ලාංකිකයෝ විශ්වාස කරයි. ඒ දළදා මාළිගාවේ ඇති වම් දළදා වහන්සේ සහ සෝමාවතියේ ඇති දකුණු දළදා වහන්සේ ය. මින් දළදා මාළිගාවේ ඇත්තේ කලිඟු රජුගේ සන්තකයේ තිබූ දළදා වහන්සේ බව දාඨාවංශයේ සඳහන් වේ. දඹදිව ලංකාවේ යැයි කියා සිටින උගතුන් යැයි කියා ගන්නා පිරිස විසින් දාඨාවංශය පිළිගන්නේ නැත. මන්දයත්, එවිට දඹදිව යනු ඉන්දියාව බවට ද පිළිගැනීමට සිදුවන නිසාවෙනි. ඔවුන්ට අනුව මුහුද යන පාඨයේ ඇත්තේ සාමාන්‍ය අපි දන්නා අපිට පේන මුහුද යන අර්ථය නොවේ. ඒ කොයි කෙසේවෙතත් දකුණු දළදා වහන්සේ පිළිබඳව කෙටියෙන් මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මේ පිළිබඳව සමහරක් දෙනා තුළ දැනුමක් නොමැති නිසාවෙනි. බුදුරජාණන්වහන්සේට බුදු වීමෙන් පසු පළමු දානය පිරිනමනු ලැබූවේ තපස්සු සහ භල්ලුක වෙළඳ දෙබෑයන් විසිනි. මේ දෙදෙනාට බුදුරජාණන්වහන්සේ විසින් වන්දනා මාන කිරීම සඳහා ඉල්ලීම මත හිස පිරිමැද කෙස් ගස් 8 ක් ලබා දුන් බව බුරුම සාහිත්‍යයේදී මෙන්ම ලංකා සාහිත්‍යයේදී ද සඳහන් වේ. මේ කේෂ ධාතූන්වහන්සේලා සමග මුහුදේ ගමන් කරන ඔවුන් දෙදෙනාට අතරමගදී ජයසේන නම් නාගරජුගේ ආක්‍රමණයකට ලක්වීමට සිදු වූ බව ද බුරුම සාහිත්‍යයේ සඳහන් වේ. මේ ජයසේන නාගරජු ගැන නැවත සඳහන් වන්නේ දකුණු දළදාවහන්සේට අදාළ කථාවේ දී ය. ද්‍රෝණ බමුණා බුදුරජාණන්වහන්සේට හමුවන්නේ තපස්සු භල්ලුකටත් පෙරදී ය. ධාතූන්වහන්සේලා බෙදා දීමේ කාර්යයේදී ද්‍රෝණ බමුණා වැදගත් කාර්යයක් කරයි. ඔහු විසින් බුදුරජාණන්වහන්සේගේ දකුණු දළදාව අනුන්ට නොපෙනී තමුන්ගේ කකුලේ ඇඟිල්ලෙන් පොළොවේ පස්වලට යට කොට සඟවා ගනී. මේ ධාතූ බෙදන අවස්ථාවට සම්බන්ධ ව සිටි ජයසේන නාගරජු ද්‍රෝණ බමුණාගේ මෙකී ක්‍රියාව දැක බමුණාට නොදැනෙන සේ අදාළ දකුණු දළදා වහන්සේ ලබාගෙන නාග ලෝකයට රැගෙන ගොස් මැණික් සෑයක් තනා එහි තැන්පත් කර පූජා කරනු ලබන්නේ ය. පසුව කාවන්තිස්ස රාජ්‍යකාලයේ දී මහාදේව මහතෙරුන්ගේ ගෝලයකු වූ මහින්ද නම් තෙරණුවේ නාග ලෝකයට ගොස් එකී දළදා වහන්සේ රැගෙන පැමිණෙන අතර ඒ දළදාවහන්සේ ගිරි අභය රජතුමා විසින් සෝමාවතියේ තැන්පත් කළ බවට විශ්වාස කරයි ([URL]https://dhammadeepa.lk/southern-tooth-relic/[/URL]). දැන් මා පාඨක ඔබගේ අවධානය යොමු කරන්නේ චීන වන්දනාකරුවන් දුටු තවත් දළදාවහන්සේලා සම්බන්ධයෙනි. ක්‍රි.ව.3 – 4 සියවසේ සිටි චීන භික්ෂූන්වහන්සේ නමක් වූ ෆා හියන් භික්ෂුව දළදාවහන්සේලා ඉන්දියාවේ දී මෙන්ම ලංකාවේදී ද දැක වැඳ පුදා ගත් වන්දනාකරුවෙකි. එකී වන්දනා ගමන අරඹයා රචනා කළ කෘතිය ඉංග්‍රීසි භාෂාවට පෙරලී ඇති අතර ඒ අතරින් ජනප්‍රිය සහ වඩාත් විශ්වාසදායී කෘතිය වන්නේ [I]A Record of Buddhist Kingdoms,[/I] Being an account by the Chinese Monk Fa-Hein of travels in India and Ceylon (AD 399 – 414) in search of the Buddhist books of Discipline, translated by James Legge කෘතියයි. මෙකී කෘතියේ අවස්ථා ගණනකදී දළදාවහන්සේ පිළිබඳව සඳහන් වේ. [U]KIE-SHA (KASHGAR) - Chapter V[/U] [I]"there is also a tooth of buddha, for which the people have reared a tope, connected with which there are more than a thousand monks and their disciples,"[/I] [U]NA-KIE (NAGARAHARA) – Chapter XIII[/U] [I]"In the midst of the city there is also the tope of Buddha's tooth, where offerings are made in the same way as to the flat-bone of his skull."[/I] [U]SIMHALA (CEYLON) – Chapter XXXVIII[/U] [I]"In the city there has been reared also the vihara of Buddha's tooth, on which, as well as on the other, the seven precious substances have been employed." "The tooth of Buddha is always brought forth in the middle of the third month."[/I] මේ අනුව ඉන්දියාවේ දී දළදා වහන්සේලා දැක බලා ගන්නා ෆා හියන් භික්ෂුව නැව් නැග ලංකාවට පැමිණ ලංකාවේදී ද දළදා වහන්සේ නමක් දැක බලා ගනී. චීන වන්දනාකරුවකු වන සුන් යුන් (Song Yun) ද දළදා වහන්සේ නමක් ඉන්දියාවේ දී පූජා කරනු ලැබූවෙකි. එකී වාර්තා පිළිබඳව සඳහන්වන කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය වන Mission of Sung Yun and Hwei Sang to obtain Buddhist Books in the West, translated from the 5th section of the History of the Temples of Lo-Yang හිදී මේ පිළිබඳව මෙසේ දැක් වේ. [U]Na-Kie (Nagarahara)[/U] [I]"In the city of Na-kie is a tooth of Buddha and also some of his hair, both of which are contained in precious caskets; morning and evening religious offerings are made to them."[/I] මොහු ලංකාවට පැමිණ නැත. ක්‍රි.ව. 490 – 589 කාලයේ විසූ නරේන්ද්රයසස් (Narendrayasas) ද බුදුරජාණන්වහන්සේගේ දළදාවහන්සේ නමක් දැක තිබේ. ඒ නගරාහාර නැත්නම් ජලාල්බාද්හිදී ය. මේ බව Continued Biographies of Eminent Monks (續高僧傳 Xù gāosēng zhuàn), Daoxuan, Narendrayasas and the "Final Dharma", Kuwayama Shoshin, from Buddhism and Buddhist Art of the Tang, edited by Ku Cheng Mei, 2005 කෘතිවල සඳහන් වේ. චීන වන්දනාකරුවකු වූ දාරොන් ([B]Daorong[/B]) ද බුදුරජාණන්වහන්සේගේ දළදාවහන්සේ නමක් දැක තිබේ. A Record of Buddhist Monasteries in Lo-Yang, Yang Hsuan Chih, translated by Wang Yi Tung, 1984, Princeton University Press පරිවර්තන කෘතියේ දී ඒ බව සඳහන් වන්නේ මෙලෙසිනි. [U]Na-Ka-Lo-Ho (Nagarahara)[/U] [I]"At Na-ka-lo-ho there is a piece of bone from the top of the Buddha's skull..., four inches round and yellowish-white in colour, hollow underneath, to receive a man's finger, and in appearance like a wasp nest." "in the city itself, they stopped at another sanctuary, where some teeth and hair of the Buddha were kept in a jeweled reliquary"[/I] මොහුද ලංකාවට පැමිණ නැත. හ්‍යුත් සියං ගැන නොදන්නා කෙනෙක් නැත. උන්වහන්සේ විසින් දළදාවහන්සේලා කීප නමක් ගැන විස්තර කර තිබේ. මේ පිළිබඳව ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ ඉංග්‍රීසි පරිවර්තනය වන Buddhist Records of the Western World, Xuan Zang, translated by Samuel Beal කෘතියේ දී දැක්වෙන්නේ මේ ආකාරයෙනි. [U]Po-Ho (Balkh, Baktria)[/U] Navasangharama convent: [I]"Again, there is a tooth of the Buddha about an inch long, and about eight or nine tenths of an inch in breath. Its colour is yellowish white; it is pure and shining."[/I] [U]Fan-Yen-Na (Bamiyan)[/U] [I]"There is a sangharama here with a tooth of the Buddha, also the tooth of a Pratyeka Buddha"[/I] [U]Kia-Pi-Shi (Kapisa)[/U] [I]"To the north-west of the capital there is a large river on the southern bank of which, in a convent of an old king, there is a milk-tooth of Sakya Bodhisattva; it is an inch in length."[/I] [U]Na-Kie-Lo-Ho (Nagarahara)[/U] [I]"Within the city is the ruined foundation of a great stupa. Tradition says that it once contained a tooth of Buddha, and that it was high and of great magnificence. Now it has no tooth, but only the ancient foundations remain."[/I] [U]Kia-Shi-Mi-Lo (Kasmir)[/U] Adhishthana, [I]"is a sangharama with about 300 priests in it. In the stupa is a tooth of Buddha in length about one inch and a half, of a yellowish-white colour; on religious days it emits a bright light."[/I] [U]Kie-Jo-Kio-She-Kwo (Kanyakubja)[/U] [I]"In a precious casket in the vihara is a tooth of Buddha, about one and half inches in length, very bright, and of different colours at morning and night."[/I] මොහු ලංකාවට පැමිණ නැතත් ලංකාව ගැන අසා දැනගත් කරුණු තම චරිතාපදානයට ඇතුළත් කර තිබේ. මෙහි දැක්වෙන ස්ථාන පිහිටා ඇත්තේ ලංකාවේ යැයි කීමට එක්තරා පිරිසක් උත්සාහ දරන අතර ඒ පිළිබඳව විචාර බුද්ධියෙන් යුතුව අවබෝධ කර ගැනීම පාඨක ඔබට අයිති කරුණකි. දැනට දැක ගත හැකි බුදුරජාණන්වහන්සේගේ නිසැක දළදා වහන්සේලා පිළිබඳව ද මෙහි සඳහන් නොකළහොත් ලිපිය සම්පූර්ණ නොවේ. ලංකාවේ දළදා මාළිගාවේ වැඩ වාසය කරන දළදා වහන්සේ සලකන්නේ නිසැක දළදා වහන්සේ නමක් ලෙසිනි. මීට අමතරව චීනයේ ([B]Beijing Lingguang Monastery (Badachu, Beijing, China)[/B]පන්සලේ වැඩ සිටින දළදා වහන්සේ ද නිසැක දළදා වහන්සේ නමක් ලෙසින් සලකයි. මෙකී දළදා වහන්සේ ලෝකයේ විවිධ රට වලට වැඩම කරවා තිබේ. මේ පිළිබඳව වැඩි විස්තර [I]Relics of the Buddha[/I], John S. Strong, Princeton University Press කෘතියෙන් කියැවිය හැක. මෙම දළදා වහන්සේ ක්‍රි.ව.11 වන සියවසේදී පමණ ඉන්දියාවෙන් චීනයට වැඩමවා තිබේ. ඇමුණුමේ එහි ඡායාරූපයක් දක්වා ඇත. [ATTACH type="full"]230301[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom