Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්යය

බුදුරජාණන් වහන්සේගේ සත්ථා ගුණය හැඳින්වීමේදී ප්‍රාතිහාය¸ය පිළිබඳවද හැඳුන්වා ඇත. මෙයද උන්වහන්සේගේ එක් විශේෂ ලක්ෂණයකි. ප්රාතිහාර්යය පිළිබඳ හඳුන්වා ඇති එක් අවස්ථාවක් නම් ම:නි.යේ කේවට්ට සූත්‍රයේ කේවට්ට ගෘහපතියාට ප්රාතිහාර්ය, ආදේශන ප්රාතිහාර්ය, අනුශාසන ප්රාතිහාර්ය යන ප්‍රතිහාය¸ය තුනයි.

බදුරජාණන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අම්බවනයෙහි වැඩවෙසෙද්දී. කේවට්ට නම් ගෘහපතියෙක් උන්වහන්සේ වෙත එලඹ, භික්ෂූන් වන්සේලා ලවා සෘද්ධි ප්‍රතිහාය¸ය දක්වන ලෙස ඉල්ලීමක් කළේය. එවිට නාලන්ද වැස්සෝ බුදුරදුන් හා භික්ෂූන් කෙරෙහි වඩාත් පහදින ලෙසද පැහැදිලි කළේය. බුදුරදුන් එය තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ඉහත සඳහන් ප්රාතිහාර්ය තුන පිළිබඳවද විස්තර කොට අනුශාසනා ප්‍රතිහාය¸ය වඩාත් අගය කොට ඇත.

සෘද්ධි ප්‍රතිහාය¸ය යනු ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් එක්කෙනෙකු බොහෝ දෙනෙකුන් වීම, නොයෙක් වෙස් ගැනීම, නොයෙක් රූපයන් මැවීම, අහසින් ගමන් කිරීම පොළොවෙන් ජලයෙහි මෙන් කිමිදීම. පොළෙවෙහි මෙන් ජලයෙහි ඇවිදීම,, ආදි බොහේ දේ කිරීමයි.

ආදේශන ප්රාතාහාය¸ය යනු අන් අය සිතන දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම, පරසිත් දන්නා නුවණින් අන්‍යයන්ගේ සියලු තොරතුරු ප්‍රකාශ කිරීමයි. මෙයද බුදුරදුන් බැහැර කොට ඇත්තේ “මණිකා” නම් විද්‍යාවක් ඇති බවත් භික්ෂූන් වහන්සේලා අන්‍යයන්ගේ සිත් තුල ඇති දෑ ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේලාද “මණිකා” විද්‍යාව ඉගෙන එකසේ ප්‍රකාශ කරන බව අන්‍ය ජනයා කියනු ඇතැයි එය ප්‍රතික්ෂේප කොට ඇත. බුදුදහමද එයින් හෑල්ලුවට පත්වේ.

අනුශාසනා ප්‍රාතිහාය¸ය යනු : මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්, මේවා දුරුකරව්, මේවා වඩව්, උපදවා ගනිව්, කුසල් කරව්, අකුසල් බැහැර කරව්, පින් කරව්, පව් බැහැර කරව්, ආදී වශයෙන් අනුශාසනා කිරීම අනුශාසනා ප්‍රාතිහාය්‍ය¡යයි. මෙම අනුශාසනා ප්රාතිහාර්ය භික්ෂූනට කරන ලෙස අනුමත කොට ඇත.

සෘද්ධි ප්රාතිහාර්ය

සෘද්ධි ප්රාතිහාර්ය ය “ගන්ධාරී “ විද්‍යාව දන්නා කෙනෙකුට කළ හැකි බැවින් බුදුරදුන් ප්‍රතික්ෂේප කර ඇති අතර අගදේශන ප්රාතිහාර්යයය “මණිකා” විද්‍යාව දත් අයටද කළහැකි බැවින් ප්‍රතික්ෂේප කොට ඇත.

බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල සෘද්ධි ප්රාතිහාර්යය ය ද ඉදිරිපත්කොට ඇති අතර සෘද්ධි බල ඇත්තන් අතුරින් අග තනතුරු ලැබූ මුගලන් හිමි වැනි අයට කරන ලෙසද අනුබල දී ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේලාටම සීමා වූ උන්වහන්සේලාටම කළහැකි ප්‍රාතිහාය¸ය වශයෙන් යමක මහා ප්‍රාතිහාය්‍ය¡ය හැඳින්විය හැකිය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දින හතක් ගියතැන දෙවියන්ට ඇතිවූ සැකය දුරුකිරීමට යමක ප්‍රාතිහාය්‍ය¡ය පවත්වා ඇත. එසේම තීර්ථකයන්ගේ අභියෝගය පිළිගෙන අඹඋයනේදී ද, තම ඤාතීන්ගේ සැකය දුරුකිරීමට කිඹුල්වත් නුවරදීද යමක මහා ප්‍රාතිහාය¸ය පවත්වා ඇති අවස්ථා තුනක් පිළිබඳ බෞද්ධ සාහිත්යයයෙහි සඳහන් වේ. මෙය ලොව්තුරා බුදුවරුන්ට පමණක් ලැබෙන විශේෂ ඤාණයක් වශයෙන් ද සැලකේ. සමාපත්ති දෙකකට එකවිට වේගයෙන් සමවැදීම මෙම පෙළහරේ ස්වභාවය යි.

තේජෝ කසිගයට හා අපෝ කසින සමාපත්ති වලට වේගයෙන් සමවදිමින් ශරීරයෙන් එක් පැත්තකින් ගින්දරත්, අනෙක් පැත්තෙන් ජලයත් පිටකිරීම යමා මහ පෙළහරයි. දෙකක් එකවිට කිරීම මෙහි අර්ථයයි.

ධ්‍යාන ලැබූ පමණින්ම සෘද්ධි ප්‍රාතිහාය්‍ය¡ය පැවැත්විය නොහැකිය. අට්ට සම්පත්ති හා අභිඥා ලබාගත යුතුය. එසේම රහත් වූ පමණින්ද ප්‍රාතිහාය්‍ය¡ය කළ නොහැකිය. සෘද්ධි ප්‍රතිහාය¸ය කළහැකි තත්ත්වයට සමාපත්ති දියුණු කරගත් පුද්ගලයෝම ඒවා කිරීමට සමත් වෙති. එමෙන්ම පංචවශීතාවන්ද දියුණු කරගත යුතුය. එනම් ආවජ්ජන, සමාපජ්ජන අධිෂ්ඨාන, වූට්ඨාන, පච්ච වෙක්ඛණ යනුයි. වසිනා හෙවත් වසී යනු රිසිසේ යටත්කොට ගෙන පවත්වන්නට සමර්ථ බවයි.

1.ආවජ්ජන : යනු කැමති යම්තැනක කැමති යම් ධ්‍යානාංගයක් කැමති තාක් කල් ආවර්ජනය කිරීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන හෙවත් ප්‍රමාද නොවන බවයි. කම්මැලි නොවන බවයි.

2.සමාපජ්න, යනු කැමති යම් තැනක කැමැති යම් ධ්‍යානාංගයකට කැමැති තාක් කල් සමවැදීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන බවයි.

3.අධිෂ්ඨාන යනු කැමැති යම්තැනක කැමැති යම් ධ්‍යානාංගයක් කැමැති තාක් කල් අධිෂ්ඨාන කිරීමෙහි සමර්ථ බවයි. අධිෂ්ඨානයෙහි ලැසි නොවන බවයි.

4.වුට්ඨාන :- යනු කැමති යම්තැනක සමවැදුණු කැමති යම් ධ්යානංගයකින් කැමති කාලයක, වෙලාවක නැගී සිටීමෙහි සමර්ථ බවයි. නැගී සිටීමෙහි ලැසි නොවන බවයි.

5. පච්චවෙක්ඛණ යනු කැමති යම් තැනක කැමති යම් ධ්යානංගයක් කැමති යම් කාලයක් ප්රත්යවේක්ෂා කිරීමෙහි හෙවත් මෙනෙහි කිරීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන බවයි. කම්මැලි නොවන බවයි.

මෙම විස්තරයන්ට අමතරව පංච විධවසී පිළිබඳ විශුද්ධි මාර්ගයෙහි කසින නිර්දේශයෙන් බලාගත හැකිය.

බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා සෘද්ධි ප්රාතිහාර්යන් කළ බව මහා වග්ග පාලියෙහි සඳහන් වේ. බුදුරදුන් උරුවේල කාශ්‍යපගේ අසපුවට වැඩම කොට නවාතැන් ඉල්ලූ විට ගිනිහල් ගෙයි පමණක් ඉඩ ඇති බවත්, එහි චණ්ඩ වූ සෘද්ධි ඇති වහා පැතිරෙණ විෂ ඇති දරුණු විෂ ඇති නාරජෙක් ඇති බවත් ඔහුගෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවත් උරුවේල කාශ්‍යප ප්‍රකාශ කොට සිටියේය. බුදුරදුන් ඒවායින් මට කම් නැති බවත් එහි වැඩ සිටීමට අවසරය පමණක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එවිට අවසර දුන්නේය. උන්වහන්සේ ගිනි හල් ගෙට වැඩම කොට තණ ඇතිරිය එලා කය සෘජුකොට හිඳ පලඟ බැඳ සිහිය එලවා වැඩහුන් සේක. එකල්හි නාග තෙමේ කෝපාවිෂ්ටව විෂ දූමයන් පිටකළේය. බුදුරදුන් ඊටත් වැඩියෙන් විෂ දූමයන් පිට කළ සේක. එකල්හි නාගයා දුමත් සමග ගිනි පිට කෙළේය. භාග්‍යවතුන් වහන්සේද තේජෝ ධාතුවට සමවැද ඊටත් වැඩි ගින්නක් පිට කළ සේක. මෙහිදී ගිනිහල්ගෙය ඇවිල ගන්නාසේ පෙනෙයි. ජටිලයෝ මෙය දැක මනා රූ සපුවත් ඇති මහා ශ්‍රමණතෙමේ සෘද්ධිමත් නාගයාගේ ග්‍රහණයට හසුවී විනාශ වෙතැයි සිතූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රූ ඇවෑමෙන් නාගයාගේ තෙද අභිබවා පාත්‍රයෙහි බහා ගෙනවුත් උරුවේල කාශ්‍යපයා හට දැක්වූහ. එහිදී ඔහු “යමෙක් සිය තෙදින් චණ්ඩ වූ සෘද්ධි ඇති නාරජුගේ හෙද නසන්නේද, ඒ මහා ශ්‍රමණතෙමේ මහත් සෘද්ධි ඇත්තේමය. මහත් ආනුභාව ඇත්තේමය. එහෙත් මා මෙන් රහත් නොවෙම යැයි” සිතීය.

අණතුරුව උරුවේල කාශ්‍යප දමනය කිරීමට විවිධ සෘද්ධි ප්‍රාතිහාය්‍ය¡ය දැක්වූ බවත් ඉන් පසු බුදුරදුන් කෙරෙහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයාකාශ්‍යප යන තුන් බෑ ජටිලයෝම බුදුරඳුන් හා ධර්මය සරණ ගොස් සිය දාහක් පමණ පිරිස සසුන් ගතව රහත් වූ බව මහාවග්ග පාලියෙහි සඳහන් වේ.

තවද සෘද්ධි ප්‍රාතිහාය්‍ය¡යක් පාන්නට සාගත තෙරුන්ට උපදෙස් දුන් අවස්ථාවක් පිළිබඳ මහාවග්ග පාලියෙහි පස්වග චම්මක්ඛන්ධකයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුලු වර්වතයෙහි වැඩවසන අවස්ථාවේ සාගත තෙරුන් උන්වහන්සේට උපස්ථාන කරයි. ඒ අවස්ථාවේ අවට ප්‍රදේශවාසී ගම් ප්‍රධානීන් අසූ දහසක් පමණ බුදුරදුන් බැහැදැකීමට පැමිණියහ.

සාගත තෙරුන් ඔවුන් ඉදිරියට වැඩමකොට කරුණු විචාරා බුදුරදුන් බැහැදැකීමට බව දැන ඔව්න්ට මොහොතක් නවතින්න යැයි කියා එතනම සඳකඩ පහණෙහි ගිලී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මතුවී එම පුවත ප්‍රකාශ කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගෙන” එමෙස් නම් වෙහෙර පිටුපස ආසනයක් පනවන්න යැයි කීහ. සාගත තෙරනුවෝ අසුනක් ගෙන බුදුරදුන් ඉදිරියේ පොළොවෙහි ගිලී අසූදාහසක් ගම් ප්‍රධානීන් ඉදිරියේ ඇති සඳකඩ පහණින් මතු වී අසුන් පැනවූහ. බුදුරදුන් වැඩම කොට අසුන් ගත්හ. සාගත තෙරුන්ගේ සෘද්ධීන් දැකගත් අසූදහසක් ගම් ප්‍රධානීන් බුදුරදුන්ට ආචාර නොකළහ. සාගත තෙරුන් ගැනම සැලකූ®හ. ඒ බව තම සිතින් දැනගත් භාග්‍යවතුන් වහන්සේ සාගත තෙරුන් ඇමතූ®හ. “සාගත බොහෝ වූ පෙළහර දක්වව්” “එසේය ස්වාමීනි” පිළිතුරු දී අහසට නැග අහසෙහි සිට සක්මන්ද කරයි.

සිටීමද කරයි. සයනය ද කරයි. දුම්ද පිට කරයි. දිලිසෙන්නේද වෙයි. අතුරුදහන්ද වෙයි.

ඉන් පසු සාගත තෙරුන් වහන්සේ අහස්කුසින් බැස, පෙළහර දක්වා භාග්‍යවතුන් වහන්සේගේ දෙපාමුල වැඳ වැටී” ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවන සේක. මම ශ්‍රාවක වෙමිය” තුන් වතාවක් ප්‍රකාශ කර සිටියහ. ඉක්බිති අසූදහසක් ගම් ප්‍රධානීන්ගේ එම ආශ්චර්්‍යය දැක පුදුමව භාග්‍යවතුන් වහන්සේ සමාකොට ගෙන උන්වහන්සේට හිසින් වැන්දාහ. භාග්‍යවතුන් වහන්සේ ඔව්න්ට පිළිවෙල ධර්මදේශනා කළ සේක. මෙම පුවතින් දැනගත් හැක්කේ සෘද්ධි ප්‍රාතිහාය්‍ය¡ය පෑමට ඇතැම් අවස්ථාවලදී ශ්රාවකයන්ටද ඉඩදී ඇති බවයි.

තවද චූල පන්ථක කථාපුවතින් උන්වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය¸ය පිළිබඳ සඳහන් වේ. තම ගුරුවරයාද, සහෝදරයාද වූ මහා පන්ථක තෙරුන් චූලපන්ථක හිමියන්ට ගාථාවක් පාඩම් කරවීමට උත්සාහ කිරීමේදී මාස හතරකදී වත් එය පාඩම් කරවීමට නොහැකි විය. අනතුරුව චූලපන්ථක හිමියන්ට සිවුරු හැර ගෙදර යන්න කීහ.

උන්වහන්සේ හඬ හඬා විහාර දොරකඩ සිටියදී බුදුරදුන් විස්තර විචාරා සෘද්ධියෙන් සුදු රෙදිකඩක් මවා “ රජො හරණං, රජෝ හරණං” යනුවෙන් භාවනාවට අරමුණක් දුන්හ. එම අරමුණෙහිම සිත යොදවා භාවනා කරගෙන යන විට සුදු රෙදිකඩ කිලිටි වන ආකාරය දැක ශරීරයට සිත යොමා ශාරීරයේ දෙතිස් කුණපයන් පිළිබඳ විදර්ශන වඩා සිව් කෙලෙසුන් නසා රහත් බව ලැබූහ. අර්ථ, ධර්ම, නිරුක්ති, පිටිභාන යන සිව් පිළිසිිඹියාද ලබූහ. මනෝමය කායයන් මවන්නන් අතුරින් අගතණතුරු ලැබූහ. මනෝමය සෘද්ධි හා සෘද්ධි විධඥාණය ලැබූහ. තමා මෙන් දහසක් දෙනා මැවීමේ හැකියාවක් උන්වහන්සේට තිබිණ.

අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිමතුන් අතරින් අගතනතුරු ලැබූහ. උන්වහන්සේ සෘද්ධියෙන් දෙව්ලොවටත්, නරකය නැමති අපාවලටත් වැඩම කොට ඒවායෙහි කර්මඵල විඳින සත්වයා හා දෙවියන් පිළිබඳ මනුස්සයාට ප්‍රකාශ කරන බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. එසේම මසුරු සිටානන් දමනය කිරීමට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී දමනය කළ අයුරු විස්තර වේ.

තවද අග්‍රශ්‍රාවක වූ සැරියුත් මහරහතන් වහන්සේට කාය දැවිල්ලක් හටගත් අවස්ථාවේ එයට බෙහෙතක් වශයෙන් නෙලුම් අල හා නෙලුඹු දැලි සොයාගෙන ඒමට සිදුවිය.

එහිදී මහ මුගලන් තෙරුණුවෝ වක්කළ අහක් දික් කරන කාලයක් තුළ ජේතවනයෙන් අතුරුදහන්ව මන්දාකිනී පොකුණු ඉවුරෙහි පහළ වී එම බෙහෙත් ගෙනවුත් සාදා දුන්හ. රෝගය සන්සිදුනේය.

තවද කදිරවණරේවත හිමිපාණන් වහන්සේ වැඩ වාසය කළේ ආරන්යයෙහි ය. ගසක් මූුලය, භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ බැහැදැකීමට සිත් පහළ වී ඒ බව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කොට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පෙරටු කොට එම ආරණ්‍යයට වැඩම කළහ. ඒ බව දැනගත් රේවත හිමිපාණෝ බුදුරදුන් ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා පිරිසට වැඩසිටීමට අංග සම්පූර්ණ කිසිම අඩුපාඩුවක් නැති දර්ශණීය ආරාමයක් මැවූහ. දෙවියෝද පැමිණ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂූ පිරිසට ඇප උපස්ථාන කළහ. දන් දුන්හ.

කීප දිනක් වැඩසිට ආපසු වඩින විටදී පෘථජ්ජන භික්ෂූන්ට රේවත තෙරුන් පිළිබඳ කල කිරීමක් ඇති වූහ. උන්වහන්සේ දර්ශනීය ආරාමයක සැපසේ ජීවත් වන බව සිතමින් අවලාද කියන්නට වූහ. මෙය දැනගත් බුදුරදුන් එම භික්ෂූන්ගේ පාත්‍රා හා සිව්රු වැනි භාණ්ඩ අමතක වීමට අදිෂ්ඨාන කළහ.

ඒ අනුව භික්ෂූන්ගේ එක් එක් භාණ්ඩ අමතක වූ බව බුදුරදුන්ට ප්‍රකාශකොට ඒවා ගෙන ඒමට ආපසු රේවත තෙරණුවෝ සිටි තැනට වැඩම කිරීමේදී පෙර පැවති ආරාමය සොයාගැනීමට නොහැකි වූහ. රේවත හිමි ගසක් මුල බවඅන් වඩමින් හුන්හ. ඒ අවස්ථාවේ රේවත හිමියන් එම ආරාමය මවා ඇති එකක් බව අවබෝධ කරගත් භික්ෂූන් රේවත හිමියන්ගෙන් සමාව ගෙන ආපසු වැඩියහ.

මේ ආදී කරුණු අනුව බුදුරජාණන් වහන්සේ සැරියුත්, මුගලන්, රේවත, ආදී කොට ඇති අභිඥාලාභී, අට්ඨසමාපත්ති උපදවා ගත් සෘෂිවරු පවා සෘද්ධි ප්‍රාතිහාය¸ය දක්වා ඇති බව සඳහන් කළ හැකිය.

ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථ කාය¸සාධක සමිතියේ විහාරාධිපති

ශාස්ත්‍රපති පූජ්‍ය

මහඋඩවෙල ඤාණරතන හිමි

අනුශාසනා ප්රාතිහාර්ය

අවවාද අනුශාසනා වශයෙන් එකිනෙකට ප්‍රතිබද්ධ වූ වචන දෙකක් අපට බොහෝ සෙයින් හුරු පුරුදු ය. නමුත් අරුත් වශයෙන් ඒ දෙකෙහි වෙනස් කම් ඇත. අවවාද යනු වරදක් කළ කෙනෙකුට එම වරද නැවත නොකරන ලෙසට දෙනු ලබන කල්‍යාණ උපදේශන වෙත්. අනුශාසනා යනු වරද වීමට පෙරාතුව, වරදකරණයට පුද්ගලයා ගෝචර වීමෙන් වළක්වා ලීම පිණිස , පූර්වභාගයෙහි දෙනු ලබන මාර්ගෝපදේශන වෙත්.

ප්රාතිහාර්ය යන වචනය අසෙන විට ම කිසියම් ආශ්චර්යවත් ,මවිතය දනවන සුලු, ගුප්ත බලයක් සහිත සුවිශේෂී සිද්ධියක් පිළිබඳ අදහසක් අප තුළ ජනිත වෙයි.

මේ අනුව අනුශාසනා ප්රාතිහාර්යය පිළිබඳව වචනාර්ථ සහිත මූලික අදහසක් අපට ඇති කර ගත හැකිය. අනන්ත දුක් විඳිමින් භව ගමනක යෙදෙන සංසාරගත සත්ත්වයා දුකින් මුදා ඔසවා තැබීම පිණිස අනුශාසනා කිරීමේ ආශ්චර්යවත් බලශක්තියක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා තුළ ඇත්තේ ය. එය උන් වහන්සේලා බැහැරින් ආරූඪ කරගත් ගුප්ත බලවේගයක් නොව තමන් විසින්ම භවාන්තරයක් තිස්සේ අනන්ත කැප කිරීම් මගින් උපදවා ගනුලැබූ අත්‍යන්ත ඵලයකි.

සම්මා සම්බුදුවරයෙකු ලොව පහළ වනතුරු මේ හැකියාව සමස්ත විශ්වයෙහි කිසිම බ්‍රාහ්මයෙකුට, දෙවියෙකුට, මනුෂ්‍යයෙකුට පහළ නොවෙන්නේ ම ය. එනිසාම එය ප්රාතිහාර්ය පක්ෂයට ගැනේ. පසේ බුදුවරයාණන් වහන්සේ නමකට ද මේ හැකියාව නැත්තේ ය. මේ ගැන කථා කිරීමට හැකි වන්නේ ද බුද්ධෝත්පාද කාලයක පමණි.

ප්රාතිහාර්ය පක්ෂයෙන් කථා කරන විට, සමෘද්ධි හා ආදේශනා යනුවෙන් දැක් වෙන්නා වූ අනන්ත බලශක්ති ද්වයක් සම්බුදුවරයන් වහන්සේ තුළ ඇතත්, උන්වහන්සේ ඉහත කී අවශ්‍යතා සත්ත්වයා අරබයා ඉටුකරලීම සඳහා අනුගමනය කරන්නේ අනුශාසනා ප්රාතිහාර්ය බල ශක්තිය ය. උන්වහන්සේ අගය කරන්නේ ද වර්ණනාකරන්නේ ද අනුශාසනා ධර්ම සන්නිවේදන පිළිවෙත මිස අනෙකක් නොවන බව බුද්ධ චරිතාප්‍රදානය මගින් මනාව ප්‍රකට වේ.

එහෙත් අනුශාසනයෙහි පිහිටුවීමට උචිත නොවන අවස්ථාවලදීත් , මානයෙන් සැකයෙන් අගතිගාමී සිත් ඇති පිරිස් හමුවේදීත් අන් කිසිවෙකුටත් දමනය කළ නොහැකි සැඩ පරුෂ ගති ඇති සත්ත්වයන් දමනය කිරීම සඳහාත් සෘද්ධි හා ආදේශන ප්රාතිහාර්ය දැක් වූ අවස්ථා කිහිපයක් පමණක් බුදු සිරිතෙහි ඇතුළත්ව දක්නට ඇත.

අභිඥා පාදක ධ්‍යාන මගින් පෑ යමක මහා ප්රාතිහාර්යය, දිව්‍ය මනුෂ්‍ය බ්‍රග්ම සතර අපාගත සත්ත්වයින් එකිනෙකාට පෙනෙන්නට සලස්වන ලෝක විවරණ ආදේශන ප්රාතිහාර්යය වැනි අවස්ථා ඊට උදාහරණ ලෙස දැක් විය හැකිය. මෙහි දී අප සාකච්ඡා කරන්නේ සියලු බුදුවරයන් වහන්සේලා අනු ගමනය කරන, අගය කරන ධර්ම සන්නිවේදන පිළිවෙත වන අනුශාසනා ප්රාතිහාර්ය පක්ෂය ගැන ය.

සම්මා සම්බුදුවරයාණන් වහන්සේ ලොව පහළ වන්නේ වෙනත් බ්රහ්මයෙකුට, දෙවියෙකුට, මනුෂ්‍යයෙකුට කළ නොහැකි බුද්ධ කෘත්‍ය දෙකක් ඉටු කිරීම සඳහා ය. එසේ පහළ වීම ධර්ම නියාම ධර්මතාවයකි. ඉන් පළමු වැන්න, සත්ත්වයා දුගතිගාමී හෙවත් සතර අපාගත නොවී ඔසවා තැබීමට ය.

දෙවැන්න අනවරත භව ගමනක යෙදෙන සංසාරගත සත්ත්වයා එයින් මුදා ලීම හෙවත් භවගමන කෙළෙවර කිරීමෙන් ලබන පරම නිෂ්ටාව වන නිර්වානය ක්ෂාත් සාත් කර ගැනීම සඳහා පවතින ඒකායන මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) විවෘත කර දීමට ය.

පළමුවැන්න උදා කර නොගත් සත්ත්වයාට දෙවැන්න නොයෙදේ. මේ අනුව ලෞකික ලෝකෝත්තර උභය පක්ෂයන් හි අර්ථ සිද්ධිය උදෙසා ධර්මය දේශනා කිරීම සම්මා සම්බුදුවරයාණන් වහන්සේ තුළ ඇති අසම ශක්තියකි. බල ධර්මයකි. එය අනුශාසනා ප්‍රාතිහාර්යයි.

[QUOTE="Gmaduranga, post: 14583184, member: 16681"] [b]බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්යය[/b] [CENTER][IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash3/602781_146907595474328_1994914169_n.jpg[/IMG][/CENTER] [SIZE="4"] බුදුරජාණන් වහන්සේගේ සත්ථා ගුණය හැඳින්වීමේදී ප්‍රාතිහාය¸ය පිළිබඳවද හැඳුන්වා ඇත. මෙයද උන්වහන්සේගේ එක් විශේෂ ලක්ෂණයකි. ප්රාතිහාර්යය පිළිබඳ හඳුන්වා ඇති එක් අවස්ථාවක් නම් ම:නි.යේ කේවට්ට සූත්‍රයේ කේවට්ට ගෘහපතියාට ප්රාතිහාර්ය, ආදේශන ප්රාතිහාර්ය, අනුශාසන ප්රාතිහාර්ය යන ප්‍රතිහාය¸ය තුනයි. බදුරජාණන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අම්බවනයෙහි වැඩවෙසෙද්දී. කේවට්ට නම් ගෘහපතියෙක් උන්වහන්සේ වෙත එලඹ, භික්ෂූන් වන්සේලා ලවා සෘද්ධි ප්‍රතිහාය¸ය දක්වන ලෙස ඉල්ලීමක් කළේය. එවිට නාලන්ද වැස්සෝ බුදුරදුන් හා භික්ෂූන් කෙරෙහි වඩාත් පහදින ලෙසද පැහැදිලි කළේය. බුදුරදුන් එය තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ඉහත සඳහන් ප්රාතිහාර්ය තුන පිළිබඳවද විස්තර කොට අනුශාසනා ප්‍රතිහාය¸ය වඩාත් අගය කොට ඇත. සෘද්ධි ප්‍රතිහාය¸ය යනු ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් එක්කෙනෙකු බොහෝ දෙනෙකුන් වීම, නොයෙක් වෙස් ගැනීම, නොයෙක් රූපයන් මැවීම, අහසින් ගමන් කිරීම පොළොවෙන් ජලයෙහි මෙන් කිමිදීම. පොළෙවෙහි මෙන් ජලයෙහි ඇවිදීම,, ආදි බොහේ දේ කිරීමයි. ආදේශන ප්රාතාහාය¸ය යනු අන් අය සිතන දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම, පරසිත් දන්නා නුවණින් අන්‍යයන්ගේ සියලු තොරතුරු ප්‍රකාශ කිරීමයි. මෙයද බුදුරදුන් බැහැර කොට ඇත්තේ “මණිකා” නම් විද්‍යාවක් ඇති බවත් භික්ෂූන් වහන්සේලා අන්‍යයන්ගේ සිත් තුල ඇති දෑ ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේලාද “මණිකා” විද්‍යාව ඉගෙන එකසේ ප්‍රකාශ කරන බව අන්‍ය ජනයා කියනු ඇතැයි එය ප්‍රතික්ෂේප කොට ඇත. බුදුදහමද එයින් හෑල්ලුවට පත්වේ. අනුශාසනා ප්‍රාතිහාය¸ය යනු : මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්, මේවා දුරුකරව්, මේවා වඩව්, උපදවා ගනිව්, කුසල් කරව්, අකුසල් බැහැර කරව්, පින් කරව්, පව් බැහැර කරව්, ආදී වශයෙන් අනුශාසනා කිරීම අනුශාසනා ප්‍රාතිහාය්‍ය¡යයි. මෙම අනුශාසනා ප්රාතිහාර්ය භික්ෂූනට කරන ලෙස අනුමත කොට ඇත. සෘද්ධි ප්රාතිහාර්ය සෘද්ධි ප්රාතිහාර්ය ය “ගන්ධාරී “ විද්‍යාව දන්නා කෙනෙකුට කළ හැකි බැවින් බුදුරදුන් ප්‍රතික්ෂේප කර ඇති අතර අගදේශන ප්රාතිහාර්යයය “මණිකා” විද්‍යාව දත් අයටද කළහැකි බැවින් ප්‍රතික්ෂේප කොට ඇත. බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල සෘද්ධි ප්රාතිහාර්යය ය ද ඉදිරිපත්කොට ඇති අතර සෘද්ධි බල ඇත්තන් අතුරින් අග තනතුරු ලැබූ මුගලන් හිමි වැනි අයට කරන ලෙසද අනුබල දී ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේලාටම සීමා වූ උන්වහන්සේලාටම කළහැකි ප්‍රාතිහාය¸ය වශයෙන් යමක මහා ප්‍රාතිහාය්‍ය¡ය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දින හතක් ගියතැන දෙවියන්ට ඇතිවූ සැකය දුරුකිරීමට යමක ප්‍රාතිහාය්‍ය¡ය පවත්වා ඇත. එසේම තීර්ථකයන්ගේ අභියෝගය පිළිගෙන අඹඋයනේදී ද, තම ඤාතීන්ගේ සැකය දුරුකිරීමට කිඹුල්වත් නුවරදීද යමක මහා ප්‍රාතිහාය¸ය පවත්වා ඇති අවස්ථා තුනක් පිළිබඳ බෞද්ධ සාහිත්යයයෙහි සඳහන් වේ. මෙය ලොව්තුරා බුදුවරුන්ට පමණක් ලැබෙන විශේෂ ඤාණයක් වශයෙන් ද සැලකේ. සමාපත්ති දෙකකට එකවිට වේගයෙන් සමවැදීම මෙම පෙළහරේ ස්වභාවය යි. තේජෝ කසිගයට හා අපෝ කසින සමාපත්ති වලට වේගයෙන් සමවදිමින් ශරීරයෙන් එක් පැත්තකින් ගින්දරත්, අනෙක් පැත්තෙන් ජලයත් පිටකිරීම යමා මහ පෙළහරයි. දෙකක් එකවිට කිරීම මෙහි අර්ථයයි. ධ්‍යාන ලැබූ පමණින්ම සෘද්ධි ප්‍රාතිහාය්‍ය¡ය පැවැත්විය නොහැකිය. අට්ට සම්පත්ති හා අභිඥා ලබාගත යුතුය. එසේම රහත් වූ පමණින්ද ප්‍රාතිහාය්‍ය¡ය කළ නොහැකිය. සෘද්ධි ප්‍රතිහාය¸ය කළහැකි තත්ත්වයට සමාපත්ති දියුණු කරගත් පුද්ගලයෝම ඒවා කිරීමට සමත් වෙති. එමෙන්ම පංචවශීතාවන්ද දියුණු කරගත යුතුය. එනම් ආවජ්ජන, සමාපජ්ජන අධිෂ්ඨාන, වූට්ඨාන, පච්ච වෙක්ඛණ යනුයි. වසිනා හෙවත් වසී යනු රිසිසේ යටත්කොට ගෙන පවත්වන්නට සමර්ථ බවයි. 1.ආවජ්ජන : යනු කැමති යම්තැනක කැමති යම් ධ්‍යානාංගයක් කැමති තාක් කල් ආවර්ජනය කිරීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන හෙවත් ප්‍රමාද නොවන බවයි. කම්මැලි නොවන බවයි. 2.සමාපජ්න, යනු කැමති යම් තැනක කැමැති යම් ධ්‍යානාංගයකට කැමැති තාක් කල් සමවැදීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන බවයි. 3.අධිෂ්ඨාන යනු කැමැති යම්තැනක කැමැති යම් ධ්‍යානාංගයක් කැමැති තාක් කල් අධිෂ්ඨාන කිරීමෙහි සමර්ථ බවයි. අධිෂ්ඨානයෙහි ලැසි නොවන බවයි. 4.වුට්ඨාන :- යනු කැමති යම්තැනක සමවැදුණු කැමති යම් ධ්යානංගයකින් කැමති කාලයක, වෙලාවක නැගී සිටීමෙහි සමර්ථ බවයි. නැගී සිටීමෙහි ලැසි නොවන බවයි. 5. පච්චවෙක්ඛණ යනු කැමති යම් තැනක කැමති යම් ධ්යානංගයක් කැමති යම් කාලයක් ප්රත්යවේක්ෂා කිරීමෙහි හෙවත් මෙනෙහි කිරීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන බවයි. කම්මැලි නොවන බවයි. මෙම විස්තරයන්ට අමතරව පංච විධවසී පිළිබඳ විශුද්ධි මාර්ගයෙහි කසින නිර්දේශයෙන් බලාගත හැකිය. බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා සෘද්ධි ප්රාතිහාර්යන් කළ බව මහා වග්ග පාලියෙහි සඳහන් වේ. බුදුරදුන් උරුවේල කාශ්‍යපගේ අසපුවට වැඩම කොට නවාතැන් ඉල්ලූ විට ගිනිහල් ගෙයි පමණක් ඉඩ ඇති බවත්, එහි චණ්ඩ වූ සෘද්ධි ඇති වහා පැතිරෙණ විෂ ඇති දරුණු විෂ ඇති නාරජෙක් ඇති බවත් ඔහුගෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවත් උරුවේල කාශ්‍යප ප්‍රකාශ කොට සිටියේය. බුදුරදුන් ඒවායින් මට කම් නැති බවත් එහි වැඩ සිටීමට අවසරය පමණක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය. එවිට අවසර දුන්නේය. උන්වහන්සේ ගිනි හල් ගෙට වැඩම කොට තණ ඇතිරිය එලා කය සෘජුකොට හිඳ පලඟ බැඳ සිහිය එලවා වැඩහුන් සේක. එකල්හි නාග තෙමේ කෝපාවිෂ්ටව විෂ දූමයන් පිටකළේය. බුදුරදුන් ඊටත් වැඩියෙන් විෂ දූමයන් පිට කළ සේක. එකල්හි නාගයා දුමත් සමග ගිනි පිට කෙළේය. භාග්‍යවතුන් වහන්සේද තේජෝ ධාතුවට සමවැද ඊටත් වැඩි ගින්නක් පිට කළ සේක. මෙහිදී ගිනිහල්ගෙය ඇවිල ගන්නාසේ පෙනෙයි. ජටිලයෝ මෙය දැක මනා රූ සපුවත් ඇති මහා ශ්‍රමණතෙමේ සෘද්ධිමත් නාගයාගේ ග්‍රහණයට හසුවී විනාශ වෙතැයි සිතූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රූ ඇවෑමෙන් නාගයාගේ තෙද අභිබවා පාත්‍රයෙහි බහා ගෙනවුත් උරුවේල කාශ්‍යපයා හට දැක්වූහ. එහිදී ඔහු “යමෙක් සිය තෙදින් චණ්ඩ වූ සෘද්ධි ඇති නාරජුගේ හෙද නසන්නේද, ඒ මහා ශ්‍රමණතෙමේ මහත් සෘද්ධි ඇත්තේමය. මහත් ආනුභාව ඇත්තේමය. එහෙත් මා මෙන් රහත් නොවෙම යැයි” සිතීය. අණතුරුව උරුවේල කාශ්‍යප දමනය කිරීමට විවිධ සෘද්ධි ප්‍රාතිහාය්‍ය¡ය දැක්වූ බවත් ඉන් පසු බුදුරදුන් කෙරෙහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයාකාශ්‍යප යන තුන් බෑ ජටිලයෝම බුදුරඳුන් හා ධර්මය සරණ ගොස් සිය දාහක් පමණ පිරිස සසුන් ගතව රහත් වූ බව මහාවග්ග පාලියෙහි සඳහන් වේ. තවද සෘද්ධි ප්‍රාතිහාය්‍ය¡යක් පාන්නට සාගත තෙරුන්ට උපදෙස් දුන් අවස්ථාවක් පිළිබඳ මහාවග්ග පාලියෙහි පස්වග චම්මක්ඛන්ධකයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුලු වර්වතයෙහි වැඩවසන අවස්ථාවේ සාගත තෙරුන් උන්වහන්සේට උපස්ථාන කරයි. ඒ අවස්ථාවේ අවට ප්‍රදේශවාසී ගම් ප්‍රධානීන් අසූ දහසක් පමණ බුදුරදුන් බැහැදැකීමට පැමිණියහ. සාගත තෙරුන් ඔවුන් ඉදිරියට වැඩමකොට කරුණු විචාරා බුදුරදුන් බැහැදැකීමට බව දැන ඔව්න්ට මොහොතක් නවතින්න යැයි කියා එතනම සඳකඩ පහණෙහි ගිලී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මතුවී එම පුවත ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගෙන” එමෙස් නම් වෙහෙර පිටුපස ආසනයක් පනවන්න යැයි කීහ. සාගත තෙරනුවෝ අසුනක් ගෙන බුදුරදුන් ඉදිරියේ පොළොවෙහි ගිලී අසූදාහසක් ගම් ප්‍රධානීන් ඉදිරියේ ඇති සඳකඩ පහණින් මතු වී අසුන් පැනවූහ. බුදුරදුන් වැඩම කොට අසුන් ගත්හ. සාගත තෙරුන්ගේ සෘද්ධීන් දැකගත් අසූදහසක් ගම් ප්‍රධානීන් බුදුරදුන්ට ආචාර නොකළහ. සාගත තෙරුන් ගැනම සැලකූ®හ. ඒ බව තම සිතින් දැනගත් භාග්‍යවතුන් වහන්සේ සාගත තෙරුන් ඇමතූ®හ. “සාගත බොහෝ වූ පෙළහර දක්වව්” “එසේය ස්වාමීනි” පිළිතුරු දී අහසට නැග අහසෙහි සිට සක්මන්ද කරයි. සිටීමද කරයි. සයනය ද කරයි. දුම්ද පිට කරයි. දිලිසෙන්නේද වෙයි. අතුරුදහන්ද වෙයි. ඉන් පසු සාගත තෙරුන් වහන්සේ අහස්කුසින් බැස, පෙළහර දක්වා භාග්‍යවතුන් වහන්සේගේ දෙපාමුල වැඳ වැටී” ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවන සේක. මම ශ්‍රාවක වෙමිය” තුන් වතාවක් ප්‍රකාශ කර සිටියහ. ඉක්බිති අසූදහසක් ගම් ප්‍රධානීන්ගේ එම ආශ්චර්්‍යය දැක පුදුමව භාග්‍යවතුන් වහන්සේ සමාකොට ගෙන උන්වහන්සේට හිසින් වැන්දාහ. භාග්‍යවතුන් වහන්සේ ඔව්න්ට පිළිවෙල ධර්මදේශනා කළ සේක. මෙම පුවතින් දැනගත් හැක්කේ සෘද්ධි ප්‍රාතිහාය්‍ය¡ය පෑමට ඇතැම් අවස්ථාවලදී ශ්රාවකයන්ටද ඉඩදී ඇති බවයි. තවද චූල පන්ථක කථාපුවතින් උන්වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය¸ය පිළිබඳ සඳහන් වේ. තම ගුරුවරයාද, සහෝදරයාද වූ මහා පන්ථක තෙරුන් චූලපන්ථක හිමියන්ට ගාථාවක් පාඩම් කරවීමට උත්සාහ කිරීමේදී මාස හතරකදී වත් එය පාඩම් කරවීමට නොහැකි විය. අනතුරුව චූලපන්ථක හිමියන්ට සිවුරු හැර ගෙදර යන්න කීහ. උන්වහන්සේ හඬ හඬා විහාර දොරකඩ සිටියදී බුදුරදුන් විස්තර විචාරා සෘද්ධියෙන් සුදු රෙදිකඩක් මවා “ රජො හරණං, රජෝ හරණං” යනුවෙන් භාවනාවට අරමුණක් දුන්හ. එම අරමුණෙහිම සිත යොදවා භාවනා කරගෙන යන විට සුදු රෙදිකඩ කිලිටි වන ආකාරය දැක ශරීරයට සිත යොමා ශාරීරයේ දෙතිස් කුණපයන් පිළිබඳ විදර්ශන වඩා සිව් කෙලෙසුන් නසා රහත් බව ලැබූහ. අර්ථ, ධර්ම, නිරුක්ති, පිටිභාන යන සිව් පිළිසිිඹියාද ලබූහ. මනෝමය කායයන් මවන්නන් අතුරින් අගතණතුරු ලැබූහ. මනෝමය සෘද්ධි හා සෘද්ධි විධඥාණය ලැබූහ. තමා මෙන් දහසක් දෙනා මැවීමේ හැකියාවක් උන්වහන්සේට තිබිණ. අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිමතුන් අතරින් අගතනතුරු ලැබූහ. උන්වහන්සේ සෘද්ධියෙන් දෙව්ලොවටත්, නරකය නැමති අපාවලටත් වැඩම කොට ඒවායෙහි කර්මඵල විඳින සත්වයා හා දෙවියන් පිළිබඳ මනුස්සයාට ප්‍රකාශ කරන බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. එසේම මසුරු සිටානන් දමනය කිරීමට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී දමනය කළ අයුරු විස්තර වේ. තවද අග්‍රශ්‍රාවක වූ සැරියුත් මහරහතන් වහන්සේට කාය දැවිල්ලක් හටගත් අවස්ථාවේ එයට බෙහෙතක් වශයෙන් නෙලුම් අල හා නෙලුඹු දැලි සොයාගෙන ඒමට සිදුවිය. එහිදී මහ මුගලන් තෙරුණුවෝ වක්කළ අහක් දික් කරන කාලයක් තුළ ජේතවනයෙන් අතුරුදහන්ව මන්දාකිනී පොකුණු ඉවුරෙහි පහළ වී එම බෙහෙත් ගෙනවුත් සාදා දුන්හ. රෝගය සන්සිදුනේය. තවද කදිරවණරේවත හිමිපාණන් වහන්සේ වැඩ වාසය කළේ ආරන්යයෙහි ය. ගසක් මූුලය, භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ බැහැදැකීමට සිත් පහළ වී ඒ බව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කොට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පෙරටු කොට එම ආරණ්‍යයට වැඩම කළහ. ඒ බව දැනගත් රේවත හිමිපාණෝ බුදුරදුන් ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා පිරිසට වැඩසිටීමට අංග සම්පූර්ණ කිසිම අඩුපාඩුවක් නැති දර්ශණීය ආරාමයක් මැවූහ. දෙවියෝද පැමිණ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂූ පිරිසට ඇප උපස්ථාන කළහ. දන් දුන්හ. කීප දිනක් වැඩසිට ආපසු වඩින විටදී පෘථජ්ජන භික්ෂූන්ට රේවත තෙරුන් පිළිබඳ කල කිරීමක් ඇති වූහ. උන්වහන්සේ දර්ශනීය ආරාමයක සැපසේ ජීවත් වන බව සිතමින් අවලාද කියන්නට වූහ. මෙය දැනගත් බුදුරදුන් එම භික්ෂූන්ගේ පාත්‍රා හා සිව්රු වැනි භාණ්ඩ අමතක වීමට අදිෂ්ඨාන කළහ. ඒ අනුව භික්ෂූන්ගේ එක් එක් භාණ්ඩ අමතක වූ බව බුදුරදුන්ට ප්‍රකාශකොට ඒවා ගෙන ඒමට ආපසු රේවත තෙරණුවෝ සිටි තැනට වැඩම කිරීමේදී පෙර පැවති ආරාමය සොයාගැනීමට නොහැකි වූහ. රේවත හිමි ගසක් මුල බවඅන් වඩමින් හුන්හ. ඒ අවස්ථාවේ රේවත හිමියන් එම ආරාමය මවා ඇති එකක් බව අවබෝධ කරගත් භික්ෂූන් රේවත හිමියන්ගෙන් සමාව ගෙන ආපසු වැඩියහ. මේ ආදී කරුණු අනුව බුදුරජාණන් වහන්සේ සැරියුත්, මුගලන්, රේවත, ආදී කොට ඇති අභිඥාලාභී, අට්ඨසමාපත්ති උපදවා ගත් සෘෂිවරු පවා සෘද්ධි ප්‍රාතිහාය¸ය දක්වා ඇති බව සඳහන් කළ හැකිය. ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථ කාය¸සාධක සමිතියේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මහඋඩවෙල ඤාණරතන හිමි අනුශාසනා ප්රාතිහාර්ය අවවාද අනුශාසනා වශයෙන් එකිනෙකට ප්‍රතිබද්ධ වූ වචන දෙකක් අපට බොහෝ සෙයින් හුරු පුරුදු ය. නමුත් අරුත් වශයෙන් ඒ දෙකෙහි වෙනස් කම් ඇත. අවවාද යනු වරදක් කළ කෙනෙකුට එම වරද නැවත නොකරන ලෙසට දෙනු ලබන කල්‍යාණ උපදේශන වෙත්. අනුශාසනා යනු වරද වීමට පෙරාතුව, වරදකරණයට පුද්ගලයා ගෝචර වීමෙන් වළක්වා ලීම පිණිස , පූර්වභාගයෙහි දෙනු ලබන මාර්ගෝපදේශන වෙත්. ප්රාතිහාර්ය යන වචනය අසෙන විට ම කිසියම් ආශ්චර්යවත් ,මවිතය දනවන සුලු, ගුප්ත බලයක් සහිත සුවිශේෂී සිද්ධියක් පිළිබඳ අදහසක් අප තුළ ජනිත වෙයි. මේ අනුව අනුශාසනා ප්රාතිහාර්යය පිළිබඳව වචනාර්ථ සහිත මූලික අදහසක් අපට ඇති කර ගත හැකිය. අනන්ත දුක් විඳිමින් භව ගමනක යෙදෙන සංසාරගත සත්ත්වයා දුකින් මුදා ඔසවා තැබීම පිණිස අනුශාසනා කිරීමේ ආශ්චර්යවත් බලශක්තියක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා තුළ ඇත්තේ ය. එය උන් වහන්සේලා බැහැරින් ආරූඪ කරගත් ගුප්ත බලවේගයක් නොව තමන් විසින්ම භවාන්තරයක් තිස්සේ අනන්ත කැප කිරීම් මගින් උපදවා ගනුලැබූ අත්‍යන්ත ඵලයකි. සම්මා සම්බුදුවරයෙකු ලොව පහළ වනතුරු මේ හැකියාව සමස්ත විශ්වයෙහි කිසිම බ්‍රාහ්මයෙකුට, දෙවියෙකුට, මනුෂ්‍යයෙකුට පහළ නොවෙන්නේ ම ය. එනිසාම එය ප්රාතිහාර්ය පක්ෂයට ගැනේ. පසේ බුදුවරයාණන් වහන්සේ නමකට ද මේ හැකියාව නැත්තේ ය. මේ ගැන කථා කිරීමට හැකි වන්නේ ද බුද්ධෝත්පාද කාලයක පමණි. ප්රාතිහාර්ය පක්ෂයෙන් කථා කරන විට, සමෘද්ධි හා ආදේශනා යනුවෙන් දැක් වෙන්නා වූ අනන්ත බලශක්ති ද්වයක් සම්බුදුවරයන් වහන්සේ තුළ ඇතත්, උන්වහන්සේ ඉහත කී අවශ්‍යතා සත්ත්වයා අරබයා ඉටුකරලීම සඳහා අනුගමනය කරන්නේ අනුශාසනා ප්රාතිහාර්ය බල ශක්තිය ය. උන්වහන්සේ අගය කරන්නේ ද වර්ණනාකරන්නේ ද අනුශාසනා ධර්ම සන්නිවේදන පිළිවෙත මිස අනෙකක් නොවන බව බුද්ධ චරිතාප්‍රදානය මගින් මනාව ප්‍රකට වේ. එහෙත් අනුශාසනයෙහි පිහිටුවීමට උචිත නොවන අවස්ථාවලදීත් , මානයෙන් සැකයෙන් අගතිගාමී සිත් ඇති පිරිස් හමුවේදීත් අන් කිසිවෙකුටත් දමනය කළ නොහැකි සැඩ පරුෂ ගති ඇති සත්ත්වයන් දමනය කිරීම සඳහාත් සෘද්ධි හා ආදේශන ප්රාතිහාර්ය දැක් වූ අවස්ථා කිහිපයක් පමණක් බුදු සිරිතෙහි ඇතුළත්ව දක්නට ඇත. අභිඥා පාදක ධ්‍යාන මගින් පෑ යමක මහා ප්රාතිහාර්යය, දිව්‍ය මනුෂ්‍ය බ්‍රග්ම සතර අපාගත සත්ත්වයින් එකිනෙකාට පෙනෙන්නට සලස්වන ලෝක විවරණ ආදේශන ප්රාතිහාර්යය වැනි අවස්ථා ඊට උදාහරණ ලෙස දැක් විය හැකිය. මෙහි දී අප සාකච්ඡා කරන්නේ සියලු බුදුවරයන් වහන්සේලා අනු ගමනය කරන, අගය කරන ධර්ම සන්නිවේදන පිළිවෙත වන අනුශාසනා ප්රාතිහාර්ය පක්ෂය ගැන ය. සම්මා සම්බුදුවරයාණන් වහන්සේ ලොව පහළ වන්නේ වෙනත් බ්රහ්මයෙකුට, දෙවියෙකුට, මනුෂ්‍යයෙකුට කළ නොහැකි බුද්ධ කෘත්‍ය දෙකක් ඉටු කිරීම සඳහා ය. එසේ පහළ වීම ධර්ම නියාම ධර්මතාවයකි. ඉන් පළමු වැන්න, සත්ත්වයා දුගතිගාමී හෙවත් සතර අපාගත නොවී ඔසවා තැබීමට ය. දෙවැන්න අනවරත භව ගමනක යෙදෙන සංසාරගත සත්ත්වයා එයින් මුදා ලීම හෙවත් භවගමන කෙළෙවර කිරීමෙන් ලබන පරම නිෂ්ටාව වන නිර්වානය ක්ෂාත් සාත් කර ගැනීම සඳහා පවතින ඒකායන මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) විවෘත කර දීමට ය. පළමුවැන්න උදා කර නොගත් සත්ත්වයාට දෙවැන්න නොයෙදේ. මේ අනුව ලෞකික ලෝකෝත්තර උභය පක්ෂයන් හි අර්ථ සිද්ධිය උදෙසා ධර්මය දේශනා කිරීම සම්මා සම්බුදුවරයාණන් වහන්සේ තුළ ඇති අසම ශක්තියකි. බල ධර්මයකි. එය අනුශාසනා ප්‍රාතිහාර්යයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom