Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්යය

සියල්ල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ශාස්තෲවරයෙකි, ගුරුවරයෙකි, මාර්ගෝපදේශකයෙකි, අනුශාසකවරයෙකි, (සත්ථා දේව මනුස්සානං) ඉහත කී අපේක්ෂා එකක්වත් බාහිර හෝ අභ්‍යන්තර සෘද්ධිමය බලයකින් ඉටු කරගත නොහැකි බව උන්වහන්සේගේ ම භාෂිතයෙන් දැක්වෙන්නේ “තුම්හේ හි කිත්තං ආතප්පං - අක්ඛාතාරෝ තථාගත’’ යනුවෙනි. බුදුවරු මග පෙන්වන්නෝ පමණක් වෙත් තමන්ගේ විමුක්තිය තමා තුළින්ම තමා විසින්ම උපදවා ගත යුතුවෙයි.

ඒ සඳහා අනුගමනය කළ යුතු ඒකායන මාර්ගය සීල සමාධි ප්‍රඥා යන ත්‍රී ශික්ෂාවෙන් සමන්නාගත ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ නිසා සියලු බුදුවරයාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ ‘’සබ්බ පාපස්ස - අකරණං ......’’ ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන සියලු වැරැදි ක්‍රියාවන් අපහරණය කිරීමත් ස්වකීය උභය විමුක්තිය පිණිස කුසල් දහම් වඩා ගැනීමත් , සත්‍යාවබෝධයෙන් අනුෂය ආසය කෙළෙස් කිළිටි විද්වංශනය කොට චිත්ත පාරිශුද්ධිය ලබා ගැනීමත් යන කාරණා වෙත්. එම ප්‍රාති මෝක්ෂ දේශනාවේ ම තුන් වැනි ගාථාවෙන් ද ප්‍රකාශ කරනු ලබන්නේ, උපවාද නොකිරීම (අනුපවාදෝ), හිංසනයෙන් වැළකීම (අනුපඝාතෝ) , ප්රාතිමෝක්ෂ සීල රක්ෂණය (පාතිමොක්ඛේ ච සංවරෝ), භෝජනයෙහි මාත්‍රඥතාවය දැනීම (මත්තඤ්ඤුතාච භත්තස්මිං) විවේක සෙනසුනක වැසීම (පන්තංච සේනාසනං) , අෂ්ට සමාපත්තීන් වැඩීමෙහි වීර්ය වන්ත වීම (අධි චිත්තේ ච ආයෝගෝ) බුදු වරුන්ගේ අනුශාසනය බව යි.

උන් වහන්සේගේ අනුශාසනය අකාලිකය. ප්‍රකාශ කළ ධර්මයක් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වන නිසා උන් වහන්සේ තථාගත වෙත්. එයද උන්වහන්සේ ගේ අනුශාසනා බල ශක්තියකි.

තවද උන්වහන්සේ දේශනා කළ ආර්යධර්මය මනුෂ්‍යයා ගේ විධිමත් අවබෝධය පිණිස, ගුරු මුෂ්ටි නොතබා, ත්‍රිකෝටි කළ්‍යාණ පාරිශුද්ධත්වයෙන් යුතුව මනා කොට අර්ථ ධර්ම නිරුක්ති වශයෙන් බෙදා දක්වා වදාරා ඇත. එය උන්වහන්සේගේ භගවා ගුණයේ විශිෂ්ටත්වයයි. එසේ දේශනා කළ නිසා අවබෝධ භාග්‍යය ලැබූ අප්‍රමාණ දෙව් මිනිස් සමූහයා සංසාර නිරෝධන ක්ෂාක්සාත් කර ගත්හ. උන් වහන්සේ ගේ අනුශාසනා ප්රාතිහාර්ය බල ශක්තියේ මහත්භාවය එපමණකින්ම තේරුම් ගත හැකි ය.

ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවී ශත වර්ෂ විසි පහක් ඉක්මවා ගිය මෙකලද ඒ ප්රාතිහාර්ය බල ශක්තිය එලෙසම පවතී. ත්‍රිපිටක ධර්මය ලෙස පවතින්නේ ඒ අනුශාසනා ප්රාතිහාර්ය ඵලයයි. එහෙත් එය මත සිට අතුරු ප්රාතිහාර්ය පාමින් තම අභිමතයන්ට අනුව ඒ පෙළ දහමට විවිධ අර්ථ කථන දෙන අයද අද දක්නට ලැබේ.

බුද්ධානුශාසනා තුළ පුද්ගලාවබෝධය පිණිස පෙළ ගැසුනු විශ්මිත ක්‍රමවේදයක් ඇත. බුද්ධ කාලයේ උපන් උද්ඝටිතඤ්ඤු අය උන්වහන්සේගේ දහම් කරුණක් ඇසූ පමණින් ම මගඑල ලාභීහු වූහ. ධර්ම භාග්‍යය ලත් අනෙක් අය උන්වහන්සේ ධර්මානුශාසනා පරිදි ප්‍රතිපදාවෙහි පිහිටා, අවසානයේ ත්රිලක්ෂණ සංඛ්‍යාත අවබෝධයද , ඉදප්පච්චයතා න්‍යාය ධර්මය අනුව වූ පටිච්ච සමුප්පාද ධර්මාවබෝධය ද ලබා අධිගමන ලාභීන් වූහ.

එවැනි බොහෝ අය වෙත බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අනුපිළිවෙළින් දාන කථා, සීල කථා, සග්ග කථා, ආදීනව කථා, නෙක්ඛම්ම කථා ආදී නය පිළිවෙළකටය. අවසානයේ සාමුක්කංසික ගැඹුරු දේශනා කොට අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීමට අනුශාසනා කළහ. බුදු මග සිත ප්‍රධාන කොට දේශිත දහමකි. සථ්යාවබෝධය පිණිස පුද්ගලයාගේ සන්තානය අනු පිළිවෙළකට සකස් කිරීම සම්මා සම්බුදුවරයෙකුට සුවිශේෂ බල ශක්තියකි.

බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඒහි පස්සිකය. ඕපනයිකය. එහි ඒකාධිකාරී හෝ විධායක ලක්ෂණ නැත. මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන සතර මහෝපදේශ මගින්ද ඒ බව මනාව ප්‍රකට කරයි.

ඛුද්දක නිකාය ගත ධම්ම පදය කියවන විට පුද්ගලයාට ධර්මය අවබෝධ කරවීම පිණිස අප ජීවත් වන පරිසරයෙන් උපමා රූපක ගෙන දක්වා ඇති ආකාරය විශ්මය ජනකය. ගෞතම බුදුරජාණන් වහන්සේ හතලිස් පස් වසරක් පුරා කළ අනුපමේය මෙහෙවර තුළින් සැබැවින්ම ප්‍රකට වන්නේ උන්වහන්සේ ගේ අනුශාසනා ප්රාතිහාර්යම ය. දුප්පත් පොහොසත්, කුලීන , කුලහීන ආදී සියලු ලෞකික තත්ත්වයන්ගෙන් බුද්ධානුශාසනා නිරපේක්ෂය.

ඒ . එම්. පේ‍්‍රමරත්න

විශ්‍රාමික ගුරු උපදේශක

ආදේශනා ප්රාතිහාර්ය

බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්ය තුන් ආකාරය. එනම්. සෘධි ප්රාතිහාර්ය, අදේශනා ප්රාතිහාර්ය හා අනුශාසනා ප්රාතිහාර්ය යයි. මෙකී ප්රාතිහාර්යයන් පිළිබඳව මේ ආකාරයෙන්ම දන්වා වදාළ දේශනා සූත්‍ර පිටකයෙහි නෙයෙක් තැන් වලදි අපට හමුවෙයි.

දිනක් තථාගතයන් වහන්සේ සංගාරව නම් බමුණෙකුට වදාළ දේශනාවක් අපට අංගුත්තර නිකායෙහි හමුවෙයි. එහි දී මෙම ප්රාතිහාර්යන් පිළිබඳ දක්වා වඳාළ ආකාරය ඉතා පැහැදිළිය.

තීණිඛො ඉමානි, බ්‍රාහ්මණ පාටිහාරියානි, තනමානි තීණි, ඉද්ධිපාටිහාරියං, ආදෙසනා පාටිහාරියං, අනුසාසනා පාටිහාරියං, බ්‍රාහ්මණය මේ ප්‍රාති හාර්යයන් ඇත්තේ තුනකි. ඒවා නම් සෘධි ප්රාතිහාර්ය, අදේශනා ප්රාතිහාර්ය හා අනුසාසනා ප්‍රාතිහාර්යයි’’ යනු මෙහි අදහසයි.

මෙකී ‘’ආදෙසනා පාටිහාරියං’’ යන වචනය පැහැදිලි කරන අටුවාචාරීන් වහන්සේ එය මෙසේ සඳහන් කරති.

පරිස්ස චිත්ත ද්වාරං භුත්වා තතනං ආදේශනා පාටිහාරියං’ අනුන්ගේ සිතහි ඇති දෙය දැන කීම ආදේශනා ප්‍රාතිහාර්යයි.

තථාගතයන් වහන්සේලාගේ ආදේශනා ප්රාතිහාර්ය සම්බුද්ධත්වයත් සමඟ ලැබෙන්නා වූ දෙයකි. ඇතැම් බාහිර ශාසනික වු අභිඥාලාභී උතුමන්ටද මේ හැකියාව ලබා ගත හැකි බැවින් බුදුවරුන්ගේ මෙකී ප්රාතිහාර්ය ස්‍රාවක සාධාරණය අනුන්ගේ සිත බලා කීම ආකාර කීපයකට කළ හැකි බව බුද්ධ දේශනාවෙහිම සඳහන්ව ඇත. නිමිති බලා උපකල්පනයෙන් කීම එක ක්රමයකි. මේ කාරණය සඳහා උදාහරණ කතාවක් මෙසේ ය. දිනක් රජකෙනෙක් තමන්ගේ දැතෙහි මුතු ඇට තුනක් සඟවාගන විත් පුරෝහිත බමුණා අමතා තමන්ගේ අතේ ඇති දේ ප්‍රකාශ කරන්න යැයි ඉල්ලා සිටියේ ය.

එනවිට එම බමුණා වට පිට බැලූ විට හූනෙකු විසින් මැස්සෙකු අල්ලාගන්නට ගත් වෑයමත් අවසානයේ දී මැස්සා මිදී පලාගිය හැටිත් දැක ‘මිදුණා’ යැයි යන අදහස ඇති ‘මුත්තා මහාරාජ’ යනුවෙන් පිළිතුරු දුන්නේ ය. පාළි භාෂාවෙන් ‘මුත්තා’ යන පදයෙන් ‘මිදුණා’ යන තේරුමත් ‘මුතුය’ යන තේරුමත් ඇත. එවිට රජු පෙරලා ඇසුවේ මුතු ඇට කීයක් ඇති දැයි කියාය. එවිට පුරෝහිත බමුණා නැවත වට පිට බැලූ විට කුකුළෙකු තුන් විටක් හඬ නැගීය ‘මහරජ තුණයි’ යනු වෙන් බමුණු තෙම උත්තර දුන්නේ ය. නිමිත බලා කීම මේ ආකාරය.

තවද ඇතැම් කෙනෙක් මිනිසුන්ගේ හෝ නොමිනිසුන්ගේ (පීසාච, රජත ආදී) හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසන අනුන්ගේ සිතෙහි ඇති දෙය කියති. දේව දත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේටත් සසුනටත් හානිකර කුමන්ත්‍රණයක් කිරීමට සිතූ විට උන් වහන්සේට එතුවක් පැවැති සෘද්ධි බල අතුරුදන්ව ගියේ ය. එම කාරණය දැනගත් දෙවිකෙනෙක් මේ ප්‍රවෘත්තිය මුගළන් හිමියන්ට සැළකර සිටියේ ය.

තවද නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේට දෙවියන්ගෙන් යම් යම් ප්‍රවෘති ලැබුණේය . දෙවියන් හා සබඳතා පැවැත්විය හැකි උතුමන්ට මෙම හැකියාව ලැබේ.

යම් කෙනෙකුගේ සිතෙහි ඇතිවන විතර්කයන්ගේ ශබ්දය අසා ඒ අනුව සිතෙහි ඇත්තේ කුමක් දැයි කීම තවත් ක්රමයකි. මෙයත් කළ හැක්කේ සිත දියුණු කළ කෙනෙකුටමය. ඉතා තියුණු සමාධියකින් හෙබි කෙනෙකු මෙවැනි දේ කිරීමේ හැකියාව ලබති.

තවද මේ ක්රමයන් හැර අවිතර්ක අවිචාර සමාධියට සමවැදුනු කෙනෙකුගේ සිත තමසිතින් පිරිසිඳ දැන කීමද ආදේශනා ප්‍රාතිහාර්යයයි. තථාගතයන් වහන්සේලා කෙනෙකුගේ ධ්‍යාන සිතක ඇති ගති ලක්ෂණ විණිවිද දකිති. මුගලන් ස්වාමීන් වහන්සේ වරක් ධ්‍යානයකට සමවැදුණාහ. එමෙන්ම ඒ අවස්ථාවෙහි තමන්ට ඇසුණු කුඤ්ච නාදයක් ද විය. මෙකි කාරණා දෙක න්‍යායාත්මකව පරස්පරය.

ධ්‍යානයට සම වැදි ඇති නම් මෙවැනි දෙයක් ඇසුනේ කෙසේ දැයි භික්ෂුහු විමසිළිමත් වුහ. එවිට ඒ කාරණය පැහැදිළි කරන බුදු රජාණන් වහන්සේ මුගලන් තෙරුන්ගේ ඒ සමාධිය දුර්වලව පැවැති බව දේශනා කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේලා ධ්‍යාන සිතක ඇති බල - දුබල කම් මනාකොට දැකීමේ හැකියාවෙන් යුත්තාහ.

කෙසේ නමුදු මෙම ආදේශනා ප්රාතිහාර්යයයෙහි දොස් දකිමින් එය උසස් දෙයක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එහිදී උන්වහන්සේ පැහැදිළි කරන්නේ ඇතැම් අශ්රද්ධාවන්ත කෙනෙක් මේ ප්රාතිහාර්ය දැක එය ‘’මණිකා’’ නම් ශ්‍රාස්ත්‍රයක් නිසා ලැබූ දෙයක් බව හඟිනු ඇති බවය. මෙම දේශනය දැක බුදුරජාණන් වහස්සේ මෙම ප්රාතිහාර්යයද බැහැර කළ සේක.

කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රාතිහාර්යයෙන් බොහෝ දෙනාට ධර්මාවබෝධයට මඟ පෑදු ආකාරයද ත්‍රිපිටක ධර්මය තුළ අපට හමුවේ. ඒ අතර ඉතාම විශ්මිත සිදු වීමක් වන්නේ බුද්දක නිකායේ සුත්ත නිපාතය නම් ග්රන්ථයෙහි ඇති පරායන වර්ගයේ ප්‍රවෘතියයි. වයසින් අවුරුදු එකසිය විස්සක් වූ ඛාවරීනම් බමුණුකෙනෙකු භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වය විමසා බැලීම සඳහා තම ප්‍රධාන ශිෂ්‍ය තාපසතුමාට ප්‍රශ්න පහක් උගැන්වූයේ ය. එම ප්‍රශ්න අසන්නට යැයි කියා දුන්නේ වචනයෙන් නොව හිතෙන් ය. පසුව එය පිළිගත් ශිෂ්‍ය තාපස පූජිත නම් සෘෂිතුමා බුදන්හමුවෙහි එම ප්‍රශ්න මනසින්ම විමසූ විට බුදුරජාණන් වහන්සේ වචනයෙන් පිළිතුරු දුන් සේක .

ඒ ප්‍රශ්න මේවාය .

1. අවි ආචාරියන් වහන්සේගේ වයස කොපමණ ද ?

2. ඔහුගේ ගෝත්‍රය කුමක්ද ?

3.ඔහුගේ ශරීරයෙහි පිහිටා ඇති මහාපුරිස ලක්ෂණ මොනවාද ?

4. ඔහු කොපමණ වේද මන්තර හදාරා ඇත් ද ?

5. ශිෂ්‍යයන් කොපමණකට උගන්වනවාද ?

බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්න අජිතගේ මනසෙහි ඇති බව දැන ඊට ගැලපෙන පිළිතුරු ලබා දුන්සේක.

ඔබගේ ගුරුවරයා වයසින් අවුරුදු එකසිය විස්සකි. ඔහු ගෝත්‍රයෙන් බාවරී ගෝත්‍රයට අයත්ය. ඔහුගේ ගතෙහි මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබේ. තුන් වේදයෙහි පරතෙරට ගොස් ඇත. ශිෂ්‍යයන් පන්සිය දෙනෙකුට උගන්වයි’’

මේ කාරණයෙන් බුදුරජාණන් වහන්සේලා තුළ පවතින පරිච්ත්ත විජානන ඤාණය කෙතරම් ප්‍රභල දැයි සිතාගත හැකිය. බුදුරජාණන් වහන්සේලා මෙලෙස විනිවිද දකින්නේ මිනිසෙත් සත්ත්වයෙන් තුළ ඇති චිත්ත ප්‍රවෘතිය පමණක් නොවේ.

උන්වහන්සේලාට දෙවියන් බඹුන් වැනි ඕනෑම සත්ත්වයෙකුගේ මනස තම මනසින් දැකිය හැකිය. මේ හැකියාව නිසාද බුදුවරුන්ගේ දේශනාවන විවිධාකාර වී ඇත. ඒ ඒ පුද්ගලයන්ගේ මනෝභාවයන් දන්නා බුදුරජාණන් වහස්සේ ඒ ඒ පුද්ගලයාට හෝ පිරිසට ගැලපෙන පරිදි දේශනාව හැඩ ගස්වති. එනිසා එකම ධර්ම කාරණය ඇතුළත් දේශනා විවිධාකාර උපමා වලින් සැරසී ඇති ආකාරය අපට හමුවෙයි.

ඉහතින් සඳහන් කළ ප්රාතිහාර්යයන් අතුරින් අනුශාසනා ප්‍රාතිහාර්යයම උතුම් බව බුදු රජාණන් වහනසේ දේශනා කළ සේක. මෙතරම් සෘධි බල ඇති මෙතරම් පැහැදිළිව අනුන් සිත විනිවිද දකින ප්‍රඥාවක් ඇති බුදුවරු ඒවා පිළිබඳ එතරම් තැකීමක් නොකිරීම පිළිබඳව එක අතකින් අපට හැගී යන්නේ උන්වහන්සේලාගේ අධිගම අල්පේච්ඡ තාවයයි. ඒ නිසා විවිධාකාර මායාකාරී වූද , ප්‍රෝඩාකාරී වූද මිත්‍යාවන් පසුපස හබායන අය භාග්‍යවතුන් වහන්සේගේ මේ ආකල්ප මනාව සිතට ගත යුතුව ඇත. ලෝකයේ ඇති දුර්ලභ වූ සියළු දේ මිනිසාට ආශ්චර්යයකි.

කවුරුන් හෝ තුළ පවත්නා සෘධි බල ආදී දෙයට අප වහ වැටෙන්නේ එබැවිනි. එනමුදු වඩා වැදගත් දෙය හා වටිනාදෙය වන්නේ ජීවිතාව බෝධය ලබා ගැනීමයි. ඒ සඳහා සම්මාසම්බුදුවරු විශ්වාසය තබන්නේත් බහුල කොට යොදාගන්නේත් අනුශාසනා ප්‍රාතිහාර්යයි. තමන් අතකින් එය තථාගතයන් වහන්සේලාගේ බුද්ධ කෘත්‍යයද වන්නේ ය.

- වතුපොල සුගතවංශ හිමි

විහාරාධිකාරි

මහාබෝධි විහාරය

කොක්කාවිල

Source: FB

[QUOTE="Gmaduranga, post: 14583190, member: 16681"] [b]බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්යය[/b] [SIZE="4"] සියල්ල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ශාස්තෲවරයෙකි, ගුරුවරයෙකි, මාර්ගෝපදේශකයෙකි, අනුශාසකවරයෙකි, (සත්ථා දේව මනුස්සානං) ඉහත කී අපේක්ෂා එකක්වත් බාහිර හෝ අභ්‍යන්තර සෘද්ධිමය බලයකින් ඉටු කරගත නොහැකි බව උන්වහන්සේගේ ම භාෂිතයෙන් දැක්වෙන්නේ “තුම්හේ හි කිත්තං ආතප්පං - අක්ඛාතාරෝ තථාගත’’ යනුවෙනි. බුදුවරු මග පෙන්වන්නෝ පමණක් වෙත් තමන්ගේ විමුක්තිය තමා තුළින්ම තමා විසින්ම උපදවා ගත යුතුවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු ඒකායන මාර්ගය සීල සමාධි ප්‍රඥා යන ත්‍රී ශික්ෂාවෙන් සමන්නාගත ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ නිසා සියලු බුදුවරයාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ ‘’සබ්බ පාපස්ස - අකරණං ......’’ ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන සියලු වැරැදි ක්‍රියාවන් අපහරණය කිරීමත් ස්වකීය උභය විමුක්තිය පිණිස කුසල් දහම් වඩා ගැනීමත් , සත්‍යාවබෝධයෙන් අනුෂය ආසය කෙළෙස් කිළිටි විද්වංශනය කොට චිත්ත පාරිශුද්ධිය ලබා ගැනීමත් යන කාරණා වෙත්. එම ප්‍රාති මෝක්ෂ දේශනාවේ ම තුන් වැනි ගාථාවෙන් ද ප්‍රකාශ කරනු ලබන්නේ, උපවාද නොකිරීම (අනුපවාදෝ), හිංසනයෙන් වැළකීම (අනුපඝාතෝ) , ප්රාතිමෝක්ෂ සීල රක්ෂණය (පාතිමොක්ඛේ ච සංවරෝ), භෝජනයෙහි මාත්‍රඥතාවය දැනීම (මත්තඤ්ඤුතාච භත්තස්මිං) විවේක සෙනසුනක වැසීම (පන්තංච සේනාසනං) , අෂ්ට සමාපත්තීන් වැඩීමෙහි වීර්ය වන්ත වීම (අධි චිත්තේ ච ආයෝගෝ) බුදු වරුන්ගේ අනුශාසනය බව යි. උන් වහන්සේගේ අනුශාසනය අකාලිකය. ප්‍රකාශ කළ ධර්මයක් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වන නිසා උන් වහන්සේ තථාගත වෙත්. එයද උන්වහන්සේ ගේ අනුශාසනා බල ශක්තියකි. තවද උන්වහන්සේ දේශනා කළ ආර්යධර්මය මනුෂ්‍යයා ගේ විධිමත් අවබෝධය පිණිස, ගුරු මුෂ්ටි නොතබා, ත්‍රිකෝටි කළ්‍යාණ පාරිශුද්ධත්වයෙන් යුතුව මනා කොට අර්ථ ධර්ම නිරුක්ති වශයෙන් බෙදා දක්වා වදාරා ඇත. එය උන්වහන්සේගේ භගවා ගුණයේ විශිෂ්ටත්වයයි. එසේ දේශනා කළ නිසා අවබෝධ භාග්‍යය ලැබූ අප්‍රමාණ දෙව් මිනිස් සමූහයා සංසාර නිරෝධන ක්ෂාක්සාත් කර ගත්හ. උන් වහන්සේ ගේ අනුශාසනා ප්රාතිහාර්ය බල ශක්තියේ මහත්භාවය එපමණකින්ම තේරුම් ගත හැකි ය. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවී ශත වර්ෂ විසි පහක් ඉක්මවා ගිය මෙකලද ඒ ප්රාතිහාර්ය බල ශක්තිය එලෙසම පවතී. ත්‍රිපිටක ධර්මය ලෙස පවතින්නේ ඒ අනුශාසනා ප්රාතිහාර්ය ඵලයයි. එහෙත් එය මත සිට අතුරු ප්රාතිහාර්ය පාමින් තම අභිමතයන්ට අනුව ඒ පෙළ දහමට විවිධ අර්ථ කථන දෙන අයද අද දක්නට ලැබේ. බුද්ධානුශාසනා තුළ පුද්ගලාවබෝධය පිණිස පෙළ ගැසුනු විශ්මිත ක්‍රමවේදයක් ඇත. බුද්ධ කාලයේ උපන් උද්ඝටිතඤ්ඤු අය උන්වහන්සේගේ දහම් කරුණක් ඇසූ පමණින් ම මගඑල ලාභීහු වූහ. ධර්ම භාග්‍යය ලත් අනෙක් අය උන්වහන්සේ ධර්මානුශාසනා පරිදි ප්‍රතිපදාවෙහි පිහිටා, අවසානයේ ත්රිලක්ෂණ සංඛ්‍යාත අවබෝධයද , ඉදප්පච්චයතා න්‍යාය ධර්මය අනුව වූ පටිච්ච සමුප්පාද ධර්මාවබෝධය ද ලබා අධිගමන ලාභීන් වූහ. එවැනි බොහෝ අය වෙත බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අනුපිළිවෙළින් දාන කථා, සීල කථා, සග්ග කථා, ආදීනව කථා, නෙක්ඛම්ම කථා ආදී නය පිළිවෙළකටය. අවසානයේ සාමුක්කංසික ගැඹුරු දේශනා කොට අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීමට අනුශාසනා කළහ. බුදු මග සිත ප්‍රධාන කොට දේශිත දහමකි. සථ්යාවබෝධය පිණිස පුද්ගලයාගේ සන්තානය අනු පිළිවෙළකට සකස් කිරීම සම්මා සම්බුදුවරයෙකුට සුවිශේෂ බල ශක්තියකි. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඒහි පස්සිකය. ඕපනයිකය. එහි ඒකාධිකාරී හෝ විධායක ලක්ෂණ නැත. මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන සතර මහෝපදේශ මගින්ද ඒ බව මනාව ප්‍රකට කරයි. ඛුද්දක නිකාය ගත ධම්ම පදය කියවන විට පුද්ගලයාට ධර්මය අවබෝධ කරවීම පිණිස අප ජීවත් වන පරිසරයෙන් උපමා රූපක ගෙන දක්වා ඇති ආකාරය විශ්මය ජනකය. ගෞතම බුදුරජාණන් වහන්සේ හතලිස් පස් වසරක් පුරා කළ අනුපමේය මෙහෙවර තුළින් සැබැවින්ම ප්‍රකට වන්නේ උන්වහන්සේ ගේ අනුශාසනා ප්රාතිහාර්යම ය. දුප්පත් පොහොසත්, කුලීන , කුලහීන ආදී සියලු ලෞකික තත්ත්වයන්ගෙන් බුද්ධානුශාසනා නිරපේක්ෂය. ඒ . එම්. පේ‍්‍රමරත්න විශ්‍රාමික ගුරු උපදේශක ආදේශනා ප්රාතිහාර්ය බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්ය තුන් ආකාරය. එනම්. සෘධි ප්රාතිහාර්ය, අදේශනා ප්රාතිහාර්ය හා අනුශාසනා ප්රාතිහාර්ය යයි. මෙකී ප්රාතිහාර්යයන් පිළිබඳව මේ ආකාරයෙන්ම දන්වා වදාළ දේශනා සූත්‍ර පිටකයෙහි නෙයෙක් තැන් වලදි අපට හමුවෙයි. දිනක් තථාගතයන් වහන්සේ සංගාරව නම් බමුණෙකුට වදාළ දේශනාවක් අපට අංගුත්තර නිකායෙහි හමුවෙයි. එහි දී මෙම ප්රාතිහාර්යන් පිළිබඳ දක්වා වඳාළ ආකාරය ඉතා පැහැදිළිය. තීණිඛො ඉමානි, බ්‍රාහ්මණ පාටිහාරියානි, තනමානි තීණි, ඉද්ධිපාටිහාරියං, ආදෙසනා පාටිහාරියං, අනුසාසනා පාටිහාරියං, බ්‍රාහ්මණය මේ ප්‍රාති හාර්යයන් ඇත්තේ තුනකි. ඒවා නම් සෘධි ප්රාතිහාර්ය, අදේශනා ප්රාතිහාර්ය හා අනුසාසනා ප්‍රාතිහාර්යයි’’ යනු මෙහි අදහසයි. මෙකී ‘’ආදෙසනා පාටිහාරියං’’ යන වචනය පැහැදිලි කරන අටුවාචාරීන් වහන්සේ එය මෙසේ සඳහන් කරති. පරිස්ස චිත්ත ද්වාරං භුත්වා තතනං ආදේශනා පාටිහාරියං’ අනුන්ගේ සිතහි ඇති දෙය දැන කීම ආදේශනා ප්‍රාතිහාර්යයි. තථාගතයන් වහන්සේලාගේ ආදේශනා ප්රාතිහාර්ය සම්බුද්ධත්වයත් සමඟ ලැබෙන්නා වූ දෙයකි. ඇතැම් බාහිර ශාසනික වු අභිඥාලාභී උතුමන්ටද මේ හැකියාව ලබා ගත හැකි බැවින් බුදුවරුන්ගේ මෙකී ප්රාතිහාර්ය ස්‍රාවක සාධාරණය අනුන්ගේ සිත බලා කීම ආකාර කීපයකට කළ හැකි බව බුද්ධ දේශනාවෙහිම සඳහන්ව ඇත. නිමිති බලා උපකල්පනයෙන් කීම එක ක්රමයකි. මේ කාරණය සඳහා උදාහරණ කතාවක් මෙසේ ය. දිනක් රජකෙනෙක් තමන්ගේ දැතෙහි මුතු ඇට තුනක් සඟවාගන විත් පුරෝහිත බමුණා අමතා තමන්ගේ අතේ ඇති දේ ප්‍රකාශ කරන්න යැයි ඉල්ලා සිටියේ ය. එනවිට එම බමුණා වට පිට බැලූ විට හූනෙකු විසින් මැස්සෙකු අල්ලාගන්නට ගත් වෑයමත් අවසානයේ දී මැස්සා මිදී පලාගිය හැටිත් දැක ‘මිදුණා’ යැයි යන අදහස ඇති ‘මුත්තා මහාරාජ’ යනුවෙන් පිළිතුරු දුන්නේ ය. පාළි භාෂාවෙන් ‘මුත්තා’ යන පදයෙන් ‘මිදුණා’ යන තේරුමත් ‘මුතුය’ යන තේරුමත් ඇත. එවිට රජු පෙරලා ඇසුවේ මුතු ඇට කීයක් ඇති දැයි කියාය. එවිට පුරෝහිත බමුණා නැවත වට පිට බැලූ විට කුකුළෙකු තුන් විටක් හඬ නැගීය ‘මහරජ තුණයි’ යනු වෙන් බමුණු තෙම උත්තර දුන්නේ ය. නිමිත බලා කීම මේ ආකාරය. තවද ඇතැම් කෙනෙක් මිනිසුන්ගේ හෝ නොමිනිසුන්ගේ (පීසාච, රජත ආදී) හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසන අනුන්ගේ සිතෙහි ඇති දෙය කියති. දේව දත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේටත් සසුනටත් හානිකර කුමන්ත්‍රණයක් කිරීමට සිතූ විට උන් වහන්සේට එතුවක් පැවැති සෘද්ධි බල අතුරුදන්ව ගියේ ය. එම කාරණය දැනගත් දෙවිකෙනෙක් මේ ප්‍රවෘත්තිය මුගළන් හිමියන්ට සැළකර සිටියේ ය. තවද නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේට දෙවියන්ගෙන් යම් යම් ප්‍රවෘති ලැබුණේය . දෙවියන් හා සබඳතා පැවැත්විය හැකි උතුමන්ට මෙම හැකියාව ලැබේ. යම් කෙනෙකුගේ සිතෙහි ඇතිවන විතර්කයන්ගේ ශබ්දය අසා ඒ අනුව සිතෙහි ඇත්තේ කුමක් දැයි කීම තවත් ක්රමයකි. මෙයත් කළ හැක්කේ සිත දියුණු කළ කෙනෙකුටමය. ඉතා තියුණු සමාධියකින් හෙබි කෙනෙකු මෙවැනි දේ කිරීමේ හැකියාව ලබති. තවද මේ ක්රමයන් හැර අවිතර්ක අවිචාර සමාධියට සමවැදුනු කෙනෙකුගේ සිත තමසිතින් පිරිසිඳ දැන කීමද ආදේශනා ප්‍රාතිහාර්යයයි. තථාගතයන් වහන්සේලා කෙනෙකුගේ ධ්‍යාන සිතක ඇති ගති ලක්ෂණ විණිවිද දකිති. මුගලන් ස්වාමීන් වහන්සේ වරක් ධ්‍යානයකට සමවැදුණාහ. එමෙන්ම ඒ අවස්ථාවෙහි තමන්ට ඇසුණු කුඤ්ච නාදයක් ද විය. මෙකි කාරණා දෙක න්‍යායාත්මකව පරස්පරය. ධ්‍යානයට සම වැදි ඇති නම් මෙවැනි දෙයක් ඇසුනේ කෙසේ දැයි භික්ෂුහු විමසිළිමත් වුහ. එවිට ඒ කාරණය පැහැදිළි කරන බුදු රජාණන් වහන්සේ මුගලන් තෙරුන්ගේ ඒ සමාධිය දුර්වලව පැවැති බව දේශනා කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේලා ධ්‍යාන සිතක ඇති බල - දුබල කම් මනාකොට දැකීමේ හැකියාවෙන් යුත්තාහ. කෙසේ නමුදු මෙම ආදේශනා ප්රාතිහාර්යයයෙහි දොස් දකිමින් එය උසස් දෙයක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එහිදී උන්වහන්සේ පැහැදිළි කරන්නේ ඇතැම් අශ්රද්ධාවන්ත කෙනෙක් මේ ප්රාතිහාර්ය දැක එය ‘’මණිකා’’ නම් ශ්‍රාස්ත්‍රයක් නිසා ලැබූ දෙයක් බව හඟිනු ඇති බවය. මෙම දේශනය දැක බුදුරජාණන් වහස්සේ මෙම ප්රාතිහාර්යයද බැහැර කළ සේක. කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රාතිහාර්යයෙන් බොහෝ දෙනාට ධර්මාවබෝධයට මඟ පෑදු ආකාරයද ත්‍රිපිටක ධර්මය තුළ අපට හමුවේ. ඒ අතර ඉතාම විශ්මිත සිදු වීමක් වන්නේ බුද්දක නිකායේ සුත්ත නිපාතය නම් ග්රන්ථයෙහි ඇති පරායන වර්ගයේ ප්‍රවෘතියයි. වයසින් අවුරුදු එකසිය විස්සක් වූ ඛාවරීනම් බමුණුකෙනෙකු භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වය විමසා බැලීම සඳහා තම ප්‍රධාන ශිෂ්‍ය තාපසතුමාට ප්‍රශ්න පහක් උගැන්වූයේ ය. එම ප්‍රශ්න අසන්නට යැයි කියා දුන්නේ වචනයෙන් නොව හිතෙන් ය. පසුව එය පිළිගත් ශිෂ්‍ය තාපස පූජිත නම් සෘෂිතුමා බුදන්හමුවෙහි එම ප්‍රශ්න මනසින්ම විමසූ විට බුදුරජාණන් වහන්සේ වචනයෙන් පිළිතුරු දුන් සේක . ඒ ප්‍රශ්න මේවාය . 1. අවි ආචාරියන් වහන්සේගේ වයස කොපමණ ද ? 2. ඔහුගේ ගෝත්‍රය කුමක්ද ? 3.ඔහුගේ ශරීරයෙහි පිහිටා ඇති මහාපුරිස ලක්ෂණ මොනවාද ? 4. ඔහු කොපමණ වේද මන්තර හදාරා ඇත් ද ? 5. ශිෂ්‍යයන් කොපමණකට උගන්වනවාද ? බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්න අජිතගේ මනසෙහි ඇති බව දැන ඊට ගැලපෙන පිළිතුරු ලබා දුන්සේක. ඔබගේ ගුරුවරයා වයසින් අවුරුදු එකසිය විස්සකි. ඔහු ගෝත්‍රයෙන් බාවරී ගෝත්‍රයට අයත්ය. ඔහුගේ ගතෙහි මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබේ. තුන් වේදයෙහි පරතෙරට ගොස් ඇත. ශිෂ්‍යයන් පන්සිය දෙනෙකුට උගන්වයි’’ මේ කාරණයෙන් බුදුරජාණන් වහන්සේලා තුළ පවතින පරිච්ත්ත විජානන ඤාණය කෙතරම් ප්‍රභල දැයි සිතාගත හැකිය. බුදුරජාණන් වහන්සේලා මෙලෙස විනිවිද දකින්නේ මිනිසෙත් සත්ත්වයෙන් තුළ ඇති චිත්ත ප්‍රවෘතිය පමණක් නොවේ. උන්වහන්සේලාට දෙවියන් බඹුන් වැනි ඕනෑම සත්ත්වයෙකුගේ මනස තම මනසින් දැකිය හැකිය. මේ හැකියාව නිසාද බුදුවරුන්ගේ දේශනාවන විවිධාකාර වී ඇත. ඒ ඒ පුද්ගලයන්ගේ මනෝභාවයන් දන්නා බුදුරජාණන් වහස්සේ ඒ ඒ පුද්ගලයාට හෝ පිරිසට ගැලපෙන පරිදි දේශනාව හැඩ ගස්වති. එනිසා එකම ධර්ම කාරණය ඇතුළත් දේශනා විවිධාකාර උපමා වලින් සැරසී ඇති ආකාරය අපට හමුවෙයි. ඉහතින් සඳහන් කළ ප්රාතිහාර්යයන් අතුරින් අනුශාසනා ප්‍රාතිහාර්යයම උතුම් බව බුදු රජාණන් වහනසේ දේශනා කළ සේක. මෙතරම් සෘධි බල ඇති මෙතරම් පැහැදිළිව අනුන් සිත විනිවිද දකින ප්‍රඥාවක් ඇති බුදුවරු ඒවා පිළිබඳ එතරම් තැකීමක් නොකිරීම පිළිබඳව එක අතකින් අපට හැගී යන්නේ උන්වහන්සේලාගේ අධිගම අල්පේච්ඡ තාවයයි. ඒ නිසා විවිධාකාර මායාකාරී වූද , ප්‍රෝඩාකාරී වූද මිත්‍යාවන් පසුපස හබායන අය භාග්‍යවතුන් වහන්සේගේ මේ ආකල්ප මනාව සිතට ගත යුතුව ඇත. ලෝකයේ ඇති දුර්ලභ වූ සියළු දේ මිනිසාට ආශ්චර්යයකි. කවුරුන් හෝ තුළ පවත්නා සෘධි බල ආදී දෙයට අප වහ වැටෙන්නේ එබැවිනි. එනමුදු වඩා වැදගත් දෙය හා වටිනාදෙය වන්නේ ජීවිතාව බෝධය ලබා ගැනීමයි. ඒ සඳහා සම්මාසම්බුදුවරු විශ්වාසය තබන්නේත් බහුල කොට යොදාගන්නේත් අනුශාසනා ප්‍රාතිහාර්යයි. තමන් අතකින් එය තථාගතයන් වහන්සේලාගේ බුද්ධ කෘත්‍යයද වන්නේ ය. - වතුපොල සුගතවංශ හිමි විහාරාධිකාරි මහාබෝධි විහාරය කොක්කාවිල [/SIZE] [SIZE="5"]Source: [URL="http://www.facebook.com/"]FB[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom