Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි?

විද්‍යාවර්ධන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, පණ්ඩිත,

මීගලෑවේ,නන්දරතන හිමි

එක් දිනක් අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වන කූටාගාර ශාලාවේ වැඩ වාසය කළහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයේ පිණ්ඩපාතයේ ගොස් නැවත විහාරයට පැමිණ ආනන්ද තෙරුන් වහන්සේ අමතා ආනන්ද දිවා විහාරය සඳහා අපි වාපාල චේතියට යමු. නිසිදනය ගන්නැයි වදාළහ. එවිට ආනන්ද හාමුදුරුවෝ, එසේ ය. ස්වාමිනී යැයි පිළිතුරු දෙමින් නිසී දනයද රැගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පසින් ගමන් කළහ. බුදුරජාණන් වහන්සේ චාපාල චේතිය සමීපයට වැඩම කොට ආනන්ද හිමියන් විසින් පනවා දුන් ආසනයේ වැඩහිඳ ආනන්ද වේසාලිය රමණීයයි. උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, බහු පුත්තක චේතිය, සාරන්දද චේතිය, චාපාල ආදී චේතියන් රමණීයයි යනුවෙන් ප්‍රකාශ කළහ.

ආනන්ද, කවුරුන් හෝ සතර සෘද්ධි පාද දියුණු කරන ලද නම්, බහුල කරන ලද නම්, කැමැති නම් ඔහුට කල්පයක් හෝ කල්පයට ටිකක් වැඩියෙනුත් මේ ලෝකයේ සිටිය හැකි යි. ආනන්ද තථාගතයන් වහන්සේ විසින් සතර සෘද්ධිපාද වඩන ලදී, බහුල කරන ලදී. තථාගතයන් වහන්සේ කැමැති නම් කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ වැඩ සිටිය හැකි ය. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට මේ කරුණ දක්වන විටදී එය කුමක්දැයි තේරුම් ගැනීමට ආනන්ද හිමියෝ අසමත් වූහ. මාරාවේශ වූවකු මෙන් සිටි ආනන්ද තෙරුන් වහන්සේට, භාග්‍යවතුන් වහන්ස, බහුජන, හිතපිණිස, බහුජන සැප පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, කල්පයක් ජීවත් වන මැනවි. යනුවෙන් බුදුන් වහන්සේට ආයාචනා කිරීමට නොහැකි විය. බුදු හිමියෝ උක්ත කරුණුම අවස්ථා තුනක් තුළදී ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන් ද එම අවස්ථා තුනේම කල්පයක් ඉන්නා ලෙස ආයාචනා නොකළහ. මෙම සිදුවීමෙන්, පසුව බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද දැන් ඔබ යන්න, කල් බලන්න යැයි වදාළ. ස්වාමිනී, එහෙමයි කියා පිළිතුරු දුන් ආනන්ද හාමුදුරුවෝ, බුදුන් වහන්සේට වැඳ ළඟම තිබූ ගසක් යටට වැඩම කළහ.

ආනන්ද හිමියන් මෙසේ ගිය විටම පාපී මාරයා බුදුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය. භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානු මැනවි. දැන් පිරිනිවනට කාලයයි. ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන ඔබ වහන්සේ මා හට මෙසේ ප්‍රකාශ කළා නේද?. එනම් මාරය මාගේ භික්ෂු ශ්‍රාවකයන් ව්‍යක්ත, විනීත, විසාරදව, බහුශ්‍රැතව, ධර්මධරව, ධර්මානු ධර්ම ප්‍රතිපන්නව, ස්වකීය, ආචාර්ය ධර්ම ඉගෙන කියන, දෙසන, පිනවන විවරණය කරන බෙදා දක්වන, පැහැදිලි කරන පිරිසක් වනතුරු, හේතුඵල ධර්මය දෙසන තුරු මම පිරිනිවන් නොපාමි කියා ප්‍රකාශ කළානේද?

ස්වාමිනී, දැන් ඔබ වහන්සේ එසේ සිතූ ලෙසම තම ශ්‍රාවක පිරිස විනීත, විශාරද බහුශ්‍රැත තත්ත්වයට පත්ව ඇති බැවින්, දැන් පිරිනිවන් පෑමට සුදුසුම කාලය පැමිණ ඇත. යනුවෙන් බුදුන් වහන්සේට මාරයා ප්‍රකාශ කළේ ය.

ස්වාමිනී, ඔබ වහන්සේ විසින් මට මෙසේත් කියා තියෙනවා නේද? එනම් මාරය මාගේ උපාසක උපාසිකාවන් ධර්ම දේශනා කරනතුරු මම පිරිනිවන් නොපැමි කියා කීවා නේද? දැන් ඔවුන් එම තත්ත්වයට පත්ව තිබේ. බ්‍රහ්මචරියාව සමෘද්ධිමත්ව පැතිරී බොහෝ දෙනා අතර ප්රකටව, පුළුල්ව දෙව් මිනිසුන් අතර පැතිරෙනතුරු පිරිනිවන් නොපාමි කියා ප්‍රකාශ කළා නේද?. ස්වාමිනී දැන් එය පැතිරී ඇත. පිරිනිවන් පානු මැනවි. දැන් ඔබවහන්සේට පිරිනිවන් පෑමට කාලයයි.

ඉන් පසු පාපී මාරයාට බුදුරදුන් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. එනම්, පාපී, මාරය, ඔබ වෙහෙසෙන්නට එපා. ඉක්මණින් තථාගත පරිනිර්වාණය සිදුවනවා ඇති. මෙයින් මතු තුන්මසක් ගත වූ පසු තමන් වහන්සේ පිරිනිවන් පාන බව බුදුහිමියෝ මාරයාට ප්‍රකාශ කළහ. මෙසේ ප්‍රකාශ කොට අප බුදුරජාණන් වහන්සේ චාපාල චේතියෙහිදී සිහිනුවණින් යුතුව ආයු සංස්කාර අත්හැරියහ. ඒ සමඟ මහාපොළව කම්පාවට පත් විය. අකල් මේඝ ගර්ජන හෙණ පිපිරීම් සහිත මහ වැසි වැසීමට පටන් ගත් බව වැඩිදුරටත් එම සූත්‍රයේ සඳහන් වෙයි. ගස යට සිටි ආනන්ද තෙරුන්ට මෙසේ සිතිණි. අද පොළව ඉතා බිහිසුණු ලෙස කම්පාවට පත් වුණා. අකාලයේ බිය ගෙන දෙන ගර්ජනා සහිත මහ වැසි වැස්සේ කුමක් නිසාදැයි සිතුණි. ආනන්ද හිමියෝ එසේ වීමට හේතුව කුමක්දැයි බුදුරදුන්ගෙන් විමසූහ.

ඊට පිළිතුරු දෙන බුදුන්වහන්සේ මහා භූමිකම්පාවකට හේතුවන කරුණු අටක් ඇති බව ප්‍රකාශ කළහ. මේ මහ පොළොව දියෙහි පිහිටා තිබේ. වතුර පිහිටා ඇත්තේ වාතයෙහි ය. වාතය ආකාශස්ථ යි. ආනන්ද සමහරවිට මහා වාත හමන අවස්ථා ඇතිවෙයි. එසේ හමන වාතයෙන් ජලය කම්පා වෙයි. ජලය කම්පාවීමෙන් පොළොව කම්පා වෙයි. මහා භූමි චලනයක් වීමට මේ ප්‍රථම හේතුවයි. ආනන්ද, සෘද්ධි ඇතිව චිත්තවශීයට පැමිණි ශ්‍රමණයෙක්, බමුණෙක් හෝ දෙවියෙක් සිටියි. ඔහු, පඨවි සංඥාව ස්වල්ප වශයෙන් හෝ වර්ධනය කරන ලද්දේ වෙයි. ආපෝ සංඥාව මහත් ලෙස වඩන ලද්දේ වෙයි. ඔහු පොළව කම්පා කරවයි. ප්‍රකම්පා කරවයි. මෙය මහා භූමිචලනයක් ඇති වීමට දෙවන හේතුවයි.

තුන්වන හේතුව නම් යම් දවසක බෝසතුන් තුසිත දෙව්ලොවින් චුතව සිහියෙන් යුතුව මව්කුසක පිළිසිඳ ගනී නම් එදින මහ පොළොව කම්පා වෙයි. සතර වන හේතුව නම් යම් දිනක බෝසතුන් සිහිනුවණින් යුතුව මව්කුසින් බිහිවෙයි නම් එදාට මේ මහපොළව කම්පා වෙයි. මහාභූමි චලනයක් ඇතිවීමට බලපාන පස්වන හේතුව නම් යම් දවසක බෝධි සත්වයන් වහන්සේ සම්‍යයක් සම්බෝධිය අවබෝධ කර ගනියි නම් එදාට ද මහා පොළව කම්පා වෙයි. භූමි චලනය වීමට බලපාන හයවන හේතුව නම් යම් දවසක බුදුන් වහන්සේ උතුම් ධම්මචක්ක දේශනාව පැවැත්වීමයි. එදාට ද මහ පොළව කම්පා වෙයි. යම් දවසක බුදුන් වහන්සේ ආයු සංස්කාර අත්හරියි නම්, එදාට ද මහ පොළොව කම්පා වෙයි. මෙය භූමි චලනය ඇතිවීමට බලපාන සත්වන හේතුවයි. මහා භූමිචලනයක් ඇතිවීමට බලපාන අටවන හේතුව නම් යම් දවසක බුදුන් වහන්සේ අනුපදිසේස නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පෑමයි.එදාට ද මහ පොළව කම්පා වෙයි. ප්‍රකම්පා වෙයි යනුවෙන් ආනන්ද හිමියන් මහ පොළව කම්පා වීමට හේතු විමසූ විට මෙම කරුණු අට බුදුරදුන් විසින් ප්‍රකාශ කරන ලදී. මෙමඟින් අපට පැහැදිලි වන්නේ භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක් වැඩ, නොසිටීමට හේතු ඇතුව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වන බවයි.

නිවැරදි කිරීම : මෙහි කල්පයක් ලෙස සදහන් වන දෙය පරමායුශ ලෙස වෙනස් විය යුතුය. ගෞතම බුදුන් කල පරමායුශ වසර120කි.

[QUOTE="XibitZ, post: 25218333, member: 132898"] බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි? විද්‍යාවර්ධන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, පණ්ඩිත, මීගලෑවේ,නන්දරතන හිමි එක් දිනක් අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වන කූටාගාර ශාලාවේ වැඩ වාසය කළහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයේ පිණ්ඩපාතයේ ගොස් නැවත විහාරයට පැමිණ ආනන්ද තෙරුන් වහන්සේ අමතා ආනන්ද දිවා විහාරය සඳහා අපි වාපාල චේතියට යමු. නිසිදනය ගන්නැයි වදාළහ. එවිට ආනන්ද හාමුදුරුවෝ, එසේ ය. ස්වාමිනී යැයි පිළිතුරු දෙමින් නිසී දනයද රැගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පසින් ගමන් කළහ. බුදුරජාණන් වහන්සේ චාපාල චේතිය සමීපයට වැඩම කොට ආනන්ද හිමියන් විසින් පනවා දුන් ආසනයේ වැඩහිඳ ආනන්ද වේසාලිය රමණීයයි. උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, බහු පුත්තක චේතිය, සාරන්දද චේතිය, චාපාල ආදී චේතියන් රමණීයයි යනුවෙන් ප්‍රකාශ කළහ. ආනන්ද, කවුරුන් හෝ සතර සෘද්ධි පාද දියුණු කරන ලද නම්, බහුල කරන ලද නම්, කැමැති නම් ඔහුට කල්පයක් හෝ කල්පයට ටිකක් වැඩියෙනුත් මේ ලෝකයේ සිටිය හැකි යි. ආනන්ද තථාගතයන් වහන්සේ විසින් සතර සෘද්ධිපාද වඩන ලදී, බහුල කරන ලදී. තථාගතයන් වහන්සේ කැමැති නම් කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ වැඩ සිටිය හැකි ය. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට මේ කරුණ දක්වන විටදී එය කුමක්දැයි තේරුම් ගැනීමට ආනන්ද හිමියෝ අසමත් වූහ. මාරාවේශ වූවකු මෙන් සිටි ආනන්ද තෙරුන් වහන්සේට, භාග්‍යවතුන් වහන්ස, බහුජන, හිතපිණිස, බහුජන සැප පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, කල්පයක් ජීවත් වන මැනවි. යනුවෙන් බුදුන් වහන්සේට ආයාචනා කිරීමට නොහැකි විය. බුදු හිමියෝ උක්ත කරුණුම අවස්ථා තුනක් තුළදී ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන් ද එම අවස්ථා තුනේම කල්පයක් ඉන්නා ලෙස ආයාචනා නොකළහ. මෙම සිදුවීමෙන්, පසුව බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද දැන් ඔබ යන්න, කල් බලන්න යැයි වදාළ. ස්වාමිනී, එහෙමයි කියා පිළිතුරු දුන් ආනන්ද හාමුදුරුවෝ, බුදුන් වහන්සේට වැඳ ළඟම තිබූ ගසක් යටට වැඩම කළහ. ආනන්ද හිමියන් මෙසේ ගිය විටම පාපී මාරයා බුදුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය. භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානු මැනවි. දැන් පිරිනිවනට කාලයයි. ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන ඔබ වහන්සේ මා හට මෙසේ ප්‍රකාශ කළා නේද?. එනම් මාරය මාගේ භික්ෂු ශ්‍රාවකයන් ව්‍යක්ත, විනීත, විසාරදව, බහුශ්‍රැතව, ධර්මධරව, ධර්මානු ධර්ම ප්‍රතිපන්නව, ස්වකීය, ආචාර්ය ධර්ම ඉගෙන කියන, දෙසන, පිනවන විවරණය කරන බෙදා දක්වන, පැහැදිලි කරන පිරිසක් වනතුරු, හේතුඵල ධර්මය දෙසන තුරු මම පිරිනිවන් නොපාමි කියා ප්‍රකාශ කළානේද? ස්වාමිනී, දැන් ඔබ වහන්සේ එසේ සිතූ ලෙසම තම ශ්‍රාවක පිරිස විනීත, විශාරද බහුශ්‍රැත තත්ත්වයට පත්ව ඇති බැවින්, දැන් පිරිනිවන් පෑමට සුදුසුම කාලය පැමිණ ඇත. යනුවෙන් බුදුන් වහන්සේට මාරයා ප්‍රකාශ කළේ ය. ස්වාමිනී, ඔබ වහන්සේ විසින් මට මෙසේත් කියා තියෙනවා නේද? එනම් මාරය මාගේ උපාසක උපාසිකාවන් ධර්ම දේශනා කරනතුරු මම පිරිනිවන් නොපැමි කියා කීවා නේද? දැන් ඔවුන් එම තත්ත්වයට පත්ව තිබේ. බ්‍රහ්මචරියාව සමෘද්ධිමත්ව පැතිරී බොහෝ දෙනා අතර ප්රකටව, පුළුල්ව දෙව් මිනිසුන් අතර පැතිරෙනතුරු පිරිනිවන් නොපාමි කියා ප්‍රකාශ කළා නේද?. ස්වාමිනී දැන් එය පැතිරී ඇත. පිරිනිවන් පානු මැනවි. දැන් ඔබවහන්සේට පිරිනිවන් පෑමට කාලයයි. ඉන් පසු පාපී මාරයාට බුදුරදුන් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. එනම්, පාපී, මාරය, ඔබ වෙහෙසෙන්නට එපා. ඉක්මණින් තථාගත පරිනිර්වාණය සිදුවනවා ඇති. මෙයින් මතු තුන්මසක් ගත වූ පසු තමන් වහන්සේ පිරිනිවන් පාන බව බුදුහිමියෝ මාරයාට ප්‍රකාශ කළහ. මෙසේ ප්‍රකාශ කොට අප බුදුරජාණන් වහන්සේ චාපාල චේතියෙහිදී සිහිනුවණින් යුතුව ආයු සංස්කාර අත්හැරියහ. ඒ සමඟ මහාපොළව කම්පාවට පත් විය. අකල් මේඝ ගර්ජන හෙණ පිපිරීම් සහිත මහ වැසි වැසීමට පටන් ගත් බව වැඩිදුරටත් එම සූත්‍රයේ සඳහන් වෙයි. ගස යට සිටි ආනන්ද තෙරුන්ට මෙසේ සිතිණි. අද පොළව ඉතා බිහිසුණු ලෙස කම්පාවට පත් වුණා. අකාලයේ බිය ගෙන දෙන ගර්ජනා සහිත මහ වැසි වැස්සේ කුමක් නිසාදැයි සිතුණි. ආනන්ද හිමියෝ එසේ වීමට හේතුව කුමක්දැයි බුදුරදුන්ගෙන් විමසූහ. ඊට පිළිතුරු දෙන බුදුන්වහන්සේ මහා භූමිකම්පාවකට හේතුවන කරුණු අටක් ඇති බව ප්‍රකාශ කළහ. මේ මහ පොළොව දියෙහි පිහිටා තිබේ. වතුර පිහිටා ඇත්තේ වාතයෙහි ය. වාතය ආකාශස්ථ යි. ආනන්ද සමහරවිට මහා වාත හමන අවස්ථා ඇතිවෙයි. එසේ හමන වාතයෙන් ජලය කම්පා වෙයි. ජලය කම්පාවීමෙන් පොළොව කම්පා වෙයි. මහා භූමි චලනයක් වීමට මේ ප්‍රථම හේතුවයි. ආනන්ද, සෘද්ධි ඇතිව චිත්තවශීයට පැමිණි ශ්‍රමණයෙක්, බමුණෙක් හෝ දෙවියෙක් සිටියි. ඔහු, පඨවි සංඥාව ස්වල්ප වශයෙන් හෝ වර්ධනය කරන ලද්දේ වෙයි. ආපෝ සංඥාව මහත් ලෙස වඩන ලද්දේ වෙයි. ඔහු පොළව කම්පා කරවයි. ප්‍රකම්පා කරවයි. මෙය මහා භූමිචලනයක් ඇති වීමට දෙවන හේතුවයි. තුන්වන හේතුව නම් යම් දවසක බෝසතුන් තුසිත දෙව්ලොවින් චුතව සිහියෙන් යුතුව මව්කුසක පිළිසිඳ ගනී නම් එදින මහ පොළොව කම්පා වෙයි. සතර වන හේතුව නම් යම් දිනක බෝසතුන් සිහිනුවණින් යුතුව මව්කුසින් බිහිවෙයි නම් එදාට මේ මහපොළව කම්පා වෙයි. මහාභූමි චලනයක් ඇතිවීමට බලපාන පස්වන හේතුව නම් යම් දවසක බෝධි සත්වයන් වහන්සේ සම්‍යයක් සම්බෝධිය අවබෝධ කර ගනියි නම් එදාට ද මහා පොළව කම්පා වෙයි. භූමි චලනය වීමට බලපාන හයවන හේතුව නම් යම් දවසක බුදුන් වහන්සේ උතුම් ධම්මචක්ක දේශනාව පැවැත්වීමයි. එදාට ද මහ පොළව කම්පා වෙයි. යම් දවසක බුදුන් වහන්සේ ආයු සංස්කාර අත්හරියි නම්, එදාට ද මහ පොළොව කම්පා වෙයි. මෙය භූමි චලනය ඇතිවීමට බලපාන සත්වන හේතුවයි. මහා භූමිචලනයක් ඇතිවීමට බලපාන අටවන හේතුව නම් යම් දවසක බුදුන් වහන්සේ අනුපදිසේස නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පෑමයි.එදාට ද මහ පොළව කම්පා වෙයි. ප්‍රකම්පා වෙයි යනුවෙන් ආනන්ද හිමියන් මහ පොළව කම්පා වීමට හේතු විමසූ විට මෙම කරුණු අට බුදුරදුන් විසින් ප්‍රකාශ කරන ලදී. මෙමඟින් අපට පැහැදිලි වන්නේ භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක් වැඩ, නොසිටීමට හේතු ඇතුව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වන බවයි. [SIZE=5][COLOR=Red]නිවැරදි කිරීම : මෙහි කල්පයක් ලෙස සදහන් වන දෙය පරමායුශ ලෙස වෙනස් විය යුතුය. ගෞතම බුදුන් කල පරමායුශ වසර120කි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom