Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුහාමුදරුවන් ඉපදුන ගමන් ඇවිද්දද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන දේවල් ගැන මගේ අත්දැකීමක් බ්ලොග් අඩවියක පිළිතුරක් හැටියට ලිව්වා. ඒකේ යම් කොටසක් හෝ මේ පොස්ට් එකට අදාළ වේ යයි හිතනවා. ඒක පහතින් පල කරනවා.

sam perera December 20, 2018 at 2:18 AM

සෝභිත හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා. 1976-79 වසර හතර මම උසස් පෙළ ඉගෙන ගත් කාලයයි. සෑම පසළොස්වක දිනකට ආසන්නම පාසල් දිනයේදී අපිට ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඒක පැවැත්වෙන්නේ ඉංගිරිස් භාෂාවෙනුයි.

සිංහලෙන් වත් මලාට බණ අහන්නේ නැති අපි, මේකට මේන් හෝල් එකට යන්නේ අපේ උප විදුහල්පති 'කටයා' මහතාට බයේ මිසක්, බණ අහලා, සසර සයුරෙන් එතෙර වෙන අදහසින් නොවෙයි. (පාසැල Royal College කියලත් කිව යුතුයිනේ.)

ඉහත වකවානුවේ එක්තරා බණ දිනක අපේ විදුහල්පති පීරිස් මහතා, හාමුදුරුවන් හඳුන්වා දීම ""සිංහලෙන්"" සිදු කළා. සිංහලෙන් කිවිසුමක්, ඈනුමක් වත් අරින්නේ නැති එතුමාට 'සිංහල තෙරියා ඉල්ලේ' කියලයි අපි ඔක්කොම ඒ වනතෙක් හිතාගෙන හිටියේ. හාමුදුරුවන්ගේ නම "නාග විහාර වාසී , මාදොළුවාවේ සෝභිත" කියලයි කිව්වේ.

අපි හැමෝම මේ වෙච්ච දේ (ප්‍රින්සිපල් සිංහලෙන් කතා කරපු එක ) අදහාගන්න බැරුව පුදුම වෙලා ඉන්නකොට සෝභිත හාමුදුරුවෝත් (සිංහලෙන්) බණට කියාපු දේවල් ඊටත් වඩා පුදුමයි. වයස පනස් හතකට කිට්ටු මගේ ජීවිත කාලයේදී, බණකට අහපු එකම වචනයක් හරි මතකයේ තියනවානම් ඒ එදා සෝභිත හිමි කියාපු දේවල් කිහිපයක් තමයි.

එතුමා කිව්වා බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ආකාරයට සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙදී ඇවිදීම, කථා කිරීම ඇත්තටම වෙන්න පුලුවන්ද?? උපන් ගමන් හයියෙන් ඇඬුවා කිව්වානම් විශ්වාස කරන්න පුලුවන්. වයස විසි අටක් වෙලත් සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් දැකලා නැද්ද ? ඔච්චර එකේ යශෝධරා දේවියට හෙම්බිරිස්සාවක් වත් (ඒක ටිකක් බරට උච්චාරණය කලාම අපි වාගේම එහි අරුත තේරුම් ගත්ත ගුරු මණ්ඩලයේ ගුරුවරියන් මුහුණ වහගත්තාත් තාම මතකයි) හැදිලා නැද්ද ?? ඕවා නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා ඇස් ඇස් සී වත් පාස් වෙන්න පුලුවන්ද? ආදී වශයෙන්.

මේ උදාහරණ ගෙනාවේ බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන අතිශයෝක්තියන් (උපන් වෙලාවේ කතා කිරීම, ඇවිදීම, සතර පෙර නිමිති වැනි දේවල්) විශ්වාස නොකර, බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් පමණක් විශ්වාස කරන්න, පිළිපදින්න කියා කීමටයි. මගේ ජීවිතයේදී අහපු ප්‍රීතිමත්ම ධර්ම දේශනාව ඒකයි. ඒ දිනය දක්වා, බණ අහන්න මේන් හෝල් එකට ගියේ මරන්න ගෙනියන හරක් වගේ උනත්, එදායින් පසු නැවත එවැනි බණක් අහන්න ලැබේවි කියලා අපි කලින්ම හෝල් එකට ගිහිං ඉස්සරහා පුටු අල්ලා ගත්තා උනත්, ඉන් පසු කිසිදිනෙක එවැනි බණක් තියා සිංහල භාෂාවෙන් වත් බණක් අහන්න ලැබුනේ නැහැ . සෝභිත හිමිපාණන්ට නිවන් සුව පතමි .

[QUOTE="1sam, post: 28897256, member: 557062"] බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන දේවල් ගැන මගේ අත්දැකීමක් බ්ලොග් අඩවියක පිළිතුරක් හැටියට ලිව්වා. ඒකේ යම් කොටසක් හෝ මේ පොස්ට් එකට අදාළ වේ යයි හිතනවා. ඒක පහතින් පල කරනවා. sam perera December 20, 2018 at 2:18 AM සෝභිත හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා. 1976-79 වසර හතර මම උසස් පෙළ ඉගෙන ගත් කාලයයි. සෑම පසළොස්වක දිනකට ආසන්නම පාසල් දිනයේදී අපිට ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඒක පැවැත්වෙන්නේ ඉංගිරිස් භාෂාවෙනුයි. සිංහලෙන් වත් මලාට බණ අහන්නේ නැති අපි, මේකට මේන් හෝල් එකට යන්නේ අපේ උප විදුහල්පති 'කටයා' මහතාට බයේ මිසක්, බණ අහලා, සසර සයුරෙන් එතෙර වෙන අදහසින් නොවෙයි. (පාසැල Royal College කියලත් කිව යුතුයිනේ.) ඉහත වකවානුවේ එක්තරා බණ දිනක අපේ විදුහල්පති පීරිස් මහතා, හාමුදුරුවන් හඳුන්වා දීම ""සිංහලෙන්"" සිදු කළා. සිංහලෙන් කිවිසුමක්, ඈනුමක් වත් අරින්නේ නැති එතුමාට 'සිංහල තෙරියා ඉල්ලේ' කියලයි අපි ඔක්කොම ඒ වනතෙක් හිතාගෙන හිටියේ. හාමුදුරුවන්ගේ නම "නාග විහාර වාසී , මාදොළුවාවේ සෝභිත" කියලයි කිව්වේ. අපි හැමෝම මේ වෙච්ච දේ (ප්‍රින්සිපල් සිංහලෙන් කතා කරපු එක ) අදහාගන්න බැරුව පුදුම වෙලා ඉන්නකොට සෝභිත හාමුදුරුවෝත් (සිංහලෙන්) බණට කියාපු දේවල් ඊටත් වඩා පුදුමයි. වයස පනස් හතකට කිට්ටු මගේ ජීවිත කාලයේදී, බණකට අහපු එකම වචනයක් හරි මතකයේ තියනවානම් ඒ එදා සෝභිත හිමි කියාපු දේවල් කිහිපයක් තමයි. එතුමා කිව්වා බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ආකාරයට සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙදී ඇවිදීම, කථා කිරීම ඇත්තටම වෙන්න පුලුවන්ද?? උපන් ගමන් හයියෙන් ඇඬුවා කිව්වානම් විශ්වාස කරන්න පුලුවන්. වයස විසි අටක් වෙලත් සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් දැකලා නැද්ද ? ඔච්චර එකේ යශෝධරා දේවියට හෙම්බිරිස්සාවක් වත් (ඒක ටිකක් බරට උච්චාරණය කලාම අපි වාගේම එහි අරුත තේරුම් ගත්ත ගුරු මණ්ඩලයේ ගුරුවරියන් මුහුණ වහගත්තාත් තාම මතකයි) හැදිලා නැද්ද ?? ඕවා නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා ඇස් ඇස් සී වත් පාස් වෙන්න පුලුවන්ද? ආදී වශයෙන්. මේ උදාහරණ ගෙනාවේ බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන අතිශයෝක්තියන් (උපන් වෙලාවේ කතා කිරීම, ඇවිදීම, සතර පෙර නිමිති වැනි දේවල්) විශ්වාස නොකර, බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් පමණක් විශ්වාස කරන්න, පිළිපදින්න කියා කීමටයි. මගේ ජීවිතයේදී අහපු ප්‍රීතිමත්ම ධර්ම දේශනාව ඒකයි. ඒ දිනය දක්වා, බණ අහන්න මේන් හෝල් එකට ගියේ මරන්න ගෙනියන හරක් වගේ උනත්, එදායින් පසු නැවත එවැනි බණක් අහන්න ලැබේවි කියලා අපි කලින්ම හෝල් එකට ගිහිං ඉස්සරහා පුටු අල්ලා ගත්තා උනත්, ඉන් පසු කිසිදිනෙක එවැනි බණක් තියා සිංහල භාෂාවෙන් වත් බණක් අහන්න ලැබුනේ නැහැ . සෝභිත හිමිපාණන්ට නිවන් සුව පතමි . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom