Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම පුබ්බෙ නිවාසානුස්සති ඥාණය එහෙමත් නැත්තම් සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දැකීමේ නුවණ ත් එකතුවෙලා තමයි උන්වහන්සේ අතීතයේ වැඩ විසූ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර ලෝකයට හෙළිදරව් කළේ.

ඔයාලා දන්නවනේ මේ යුගය හඳුන්වන්නෙ මහා භද්‍ර කල්පය කියලා. ඒකට හේතුව උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක් මේ යුගයේ පහළ වෙන නිසයි. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වූවේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දහ වෙද්දී කෝණාගම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සක්ව තමයි තිබුණේ. එහෙත් මේ වනවිට මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවම වී ගෙන යන බව පැහැදිලියි. දැන් කාලේ ඉතින් පරමායුෂ 60-70ක් විතර නේ.

ජම්බුද්වීපය හෙවත් …ඉන්දියාවේ පමණයි මේ උතුමන් වහන්සේලා පහළ වෙන්නෙ. එයිනුත් ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලය ඉතා වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය තමයි මධ්‍ය මණ්ඩලය. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේ ම යි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට ‘ කේතුමතී ‘ නාමයෙන් හැඳින්වෙනවා. ඒ කේතුමතී නගරයේ තමයි මෛත්‍රී බුදුරජුන් පහළ වන්නේ. හැබැයි ඉතින් ඒකට තව ගොඩක් කල් තියෙනවනේ. ඒ නිසා කවුරුහරි කියනවා/හිතනවා නම් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියලා බැහැර කරන්නෝන ඒ අදහස. මොකද දන්නවද, අපි ඒ කාලේ වෙද්දි මොන විදියේ උපතක ඉඳීද දන්නෙ නැහැනේ. තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙලා දුගතියේ හිටියොත් එහෙම??? මීට කලින් තිබුණ බුද්ධ ශාසන වලත් අපි ඉන්න ඇතිනේ. ඒත් අපිට ධර්මය අවබෝධ වුණේ නැහැනේ. ඉතින් අපි කොහොමද නොදකින අනාගතයක් ගැන විශ්වාස කරන්නෙ. ඒ නිසා මේ ආත්මයේදී ම පටන් ගන්න අවබෝධය ලබන්න, කල් දාන්න එපා. මාතෘකාවෙන් පිට පැන්නද මන්දා මම....

සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකර ගත් ශ්‍රාවක පිරිස් බිහිවන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ ම විතරයි. ඒ වගේම බුදු සසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුනුත් ලොව පහළ වෙනවා, උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ හෙවත් ‘පසේබුදුරජාණන් වහන්සේලා' යනුවෙන්. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනත් ජීවමානව පවතින යුගයක නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නම් ලෝකයේ නැති කාලයකයි. නමුත් උන්වහන්සේලා සාමාන්‍ය මිනිසුන් හා ගැටීමක් නැහැ. පිටතින් බලා කෙනෙකුට හඳුනාගන්නත් බැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහලවෙන්නට සුළු කලකට කලින් ‘මාතංග‘ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව දැනගත්තම උන්වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කරනවා.

ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවූ ජේතවනාරාමයෙයි. ධර්ම භාණ්ඩාගාරික වුණ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සෙ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්නකොට මේ වගේ අදහසක් ඇතිවුණා. "බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන වගේ ම උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ ජීවිත ගැන අපට බොහෝ කරුණු කියාදීලා තියෙනවා, නමුත් පසේබුදුරජාණන් වහන්සේලා ගැන වැඩිය කරුණු වදාරලා නැතිනිසා ඒ ගැන විමසන්න ඕන" කියලා. මෙහෙම හිතුව ආනන්ද ස්වාමින් වහන්සෙ, භාවනාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා පසේබුදුරජාණන් වහන්සේලා ගැන විමසනවා. ඒ වෙලාවෙදි තමයි කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබුණ මේ කාරණා ඉස්මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ විසින් ඛග්ගවිසාණ සූත්‍රය දේශනා කරන්නෙ. පාලියෙන් ඛග්ග කියලා කියන්නෙ කඩුවට, විසාණ කියලා කියන්නෙ අඟ ට. කඩුවක් වගේ අඟක් තියෙන නිසා ම කඟවේණාට ඛග්ගවිසාණ කියලා කියනවා. කඟවේණා කියලා කියන්නෙ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණා වගේ හුදෙකලාවේ හැසිරුණ පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ දේශනාවෙන් විස්තර වෙනවා. මේ උතුම් දේශනාව අඩංගු වෙන්නෙ සුත්ත නිපාතයේ. ගාථා හැටගණනකින් සහ ඒ හැම එකකටම අයත් වුණ නිධාන කථාවකින් සුන්දර වූ පසේබුදුරජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන විස්තර වෙනවා. ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගාථාවන් තමයි ඒ. (ඒ ගැන කියවන්න පහළින් සබැඳිය දාන්නම් ).

ඛග්ගවිසාණ සූත්‍රයේදී වගේ ම ඉසිගිලි සූත්රයේදිත් මේ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර වශයෙන් සඳහන් වෙනවා. අහලා තියෙනවා නේද ඉසිගිලි සූත්‍රය. පිරිත් පොතේ තියෙනවා ඔන්න. මේ ඉසිගිලි සූත්‍රය, ඉසිගිලි පර්වතය මුල්කරගෙනයි දේශනා කරන්නේ. පසේබුදුවරයන් වහන්සේලා වැඩි වශයෙන් වැඩ සිටිය තැනක් තමයි මේ ඉසිගිලි පව්ව. ඒ කාලේ මිනිසුන් දකිනවා ඉසිවරුන්(පසේබුදුවරයන් වහන්සේලා ) පර්වතය තරණය කරනවා, නමුත් ඊටපස්සෙ දකින්න නැහැ. ඒ නිසා මේ මිනිස්සු හිතුවා මේ පර්වතය නම් ඉසිවරුන් ගිලගන්න එකක් තමයි කියලා. ඒ නිසා පර්වතය ඉසිගිලි නමින් හඳුන්වන්න පටන්ගත්තා. මේ ඉසිගිලි සූත්‍ර දේශනාවේදී පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් ගැන නම් වලින් ම විස්තර වෙනවා.

අටුවාවේ තිබෙන විස්තර අනුව මේ පසේබුදුවරුන් වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ “ගන්ධමාන” නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි “මංජුසක” නම් විශාල වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසටයි. එම මල “රන්මල්” ලෙස හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් වෙවෙයි. මේක කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයක්. මේවා වර්ණවත් රන් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳි ද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට තමයි අනෙක් පසේබුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බව. ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා දෙව්දතුන් තමන්ගේ සියළු පව් නිරයේදී ගෙවා දැමීමෙන් අනතුරුව අවසානයේ පසේ බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පානවා කියලා. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක් මෙන් මෙවැනි බද්ධ වෛරයක් ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක් අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක් අපාගතව සිට ඉන් මිදී මිනිස් ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්ඨිස්සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය"

uputaganima-http://yeslahiru.blogspot.com/2012/08/blog-post_31.html

[QUOTE="apjayasooriya, post: 22305246, member: 359851"] දුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම පුබ්බෙ නිවාසානුස්සති ඥාණය එහෙමත් නැත්තම් සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දැකීමේ නුවණ ත් එකතුවෙලා තමයි උන්වහන්සේ අතීතයේ වැඩ විසූ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර ලෝකයට හෙළිදරව් කළේ. ඔයාලා දන්නවනේ මේ යුගය හඳුන්වන්නෙ මහා භද්‍ර කල්පය කියලා. ඒකට හේතුව උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක් මේ යුගයේ පහළ වෙන නිසයි. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වූවේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දහ වෙද්දී කෝණාගම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සක්ව තමයි තිබුණේ. එහෙත් මේ වනවිට මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවම වී ගෙන යන බව පැහැදිලියි. දැන් කාලේ ඉතින් පරමායුෂ 60-70ක් විතර නේ. ජම්බුද්වීපය හෙවත් …ඉන්දියාවේ පමණයි මේ උතුමන් වහන්සේලා පහළ වෙන්නෙ. එයිනුත් ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලය ඉතා වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය තමයි මධ්‍ය මණ්ඩලය. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේ ම යි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට ‘ කේතුමතී ‘ නාමයෙන් හැඳින්වෙනවා. ඒ කේතුමතී නගරයේ තමයි මෛත්‍රී බුදුරජුන් පහළ වන්නේ. හැබැයි ඉතින් ඒකට තව ගොඩක් කල් තියෙනවනේ. ඒ නිසා කවුරුහරි කියනවා/හිතනවා නම් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියලා බැහැර කරන්නෝන ඒ අදහස. මොකද දන්නවද, අපි ඒ කාලේ වෙද්දි මොන විදියේ උපතක ඉඳීද දන්නෙ නැහැනේ. තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙලා දුගතියේ හිටියොත් එහෙම??? මීට කලින් තිබුණ බුද්ධ ශාසන වලත් අපි ඉන්න ඇතිනේ. ඒත් අපිට ධර්මය අවබෝධ වුණේ නැහැනේ. ඉතින් අපි කොහොමද නොදකින අනාගතයක් ගැන විශ්වාස කරන්නෙ. ඒ නිසා මේ ආත්මයේදී ම පටන් ගන්න අවබෝධය ලබන්න, කල් දාන්න එපා. මාතෘකාවෙන් පිට පැන්නද මන්දා මම.... සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකර ගත් ශ්‍රාවක පිරිස් බිහිවන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ ම විතරයි. ඒ වගේම බුදු සසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුනුත් ලොව පහළ වෙනවා, උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ හෙවත් ‘පසේබුදුරජාණන් වහන්සේලා' යනුවෙන්. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනත් ජීවමානව පවතින යුගයක නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නම් ලෝකයේ නැති කාලයකයි. නමුත් උන්වහන්සේලා සාමාන්‍ය මිනිසුන් හා ගැටීමක් නැහැ. පිටතින් බලා කෙනෙකුට හඳුනාගන්නත් බැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහලවෙන්නට සුළු කලකට කලින් ‘මාතංග‘ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව දැනගත්තම උන්වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කරනවා. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවූ ජේතවනාරාමයෙයි. ධර්ම භාණ්ඩාගාරික වුණ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සෙ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්නකොට මේ වගේ අදහසක් ඇතිවුණා. "බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන වගේ ම උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ ජීවිත ගැන අපට බොහෝ කරුණු කියාදීලා තියෙනවා, නමුත් පසේබුදුරජාණන් වහන්සේලා ගැන වැඩිය කරුණු වදාරලා නැතිනිසා ඒ ගැන විමසන්න ඕන" කියලා. මෙහෙම හිතුව ආනන්ද ස්වාමින් වහන්සෙ, භාවනාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා පසේබුදුරජාණන් වහන්සේලා ගැන විමසනවා. ඒ වෙලාවෙදි තමයි කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබුණ මේ කාරණා ඉස්මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ විසින් ඛග්ගවිසාණ සූත්‍රය දේශනා කරන්නෙ. පාලියෙන් ඛග්ග කියලා කියන්නෙ කඩුවට, විසාණ කියලා කියන්නෙ අඟ ට. කඩුවක් වගේ අඟක් තියෙන නිසා ම කඟවේණාට ඛග්ගවිසාණ කියලා කියනවා. කඟවේණා කියලා කියන්නෙ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණා වගේ හුදෙකලාවේ හැසිරුණ පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ දේශනාවෙන් විස්තර වෙනවා. මේ උතුම් දේශනාව අඩංගු වෙන්නෙ සුත්ත නිපාතයේ. ගාථා හැටගණනකින් සහ ඒ හැම එකකටම අයත් වුණ නිධාන කථාවකින් සුන්දර වූ පසේබුදුරජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන විස්තර වෙනවා. ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගාථාවන් තමයි ඒ. (ඒ ගැන කියවන්න පහළින් සබැඳිය දාන්නම් ). ඛග්ගවිසාණ සූත්‍රයේදී වගේ ම ඉසිගිලි සූත්රයේදිත් මේ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර වශයෙන් සඳහන් වෙනවා. අහලා තියෙනවා නේද ඉසිගිලි සූත්‍රය. පිරිත් පොතේ තියෙනවා ඔන්න. මේ ඉසිගිලි සූත්‍රය, ඉසිගිලි පර්වතය මුල්කරගෙනයි දේශනා කරන්නේ. පසේබුදුවරයන් වහන්සේලා වැඩි වශයෙන් වැඩ සිටිය තැනක් තමයි මේ ඉසිගිලි පව්ව. ඒ කාලේ මිනිසුන් දකිනවා ඉසිවරුන්(පසේබුදුවරයන් වහන්සේලා ) පර්වතය තරණය කරනවා, නමුත් ඊටපස්සෙ දකින්න නැහැ. ඒ නිසා මේ මිනිස්සු හිතුවා මේ පර්වතය නම් ඉසිවරුන් ගිලගන්න එකක් තමයි කියලා. ඒ නිසා පර්වතය ඉසිගිලි නමින් හඳුන්වන්න පටන්ගත්තා. මේ ඉසිගිලි සූත්‍ර දේශනාවේදී පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් ගැන නම් වලින් ම විස්තර වෙනවා. අටුවාවේ තිබෙන විස්තර අනුව මේ පසේබුදුවරුන් වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ “ගන්ධමාන” නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි “මංජුසක” නම් විශාල වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසටයි. එම මල “රන්මල්” ලෙස හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් වෙවෙයි. මේක කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයක්. මේවා වර්ණවත් රන් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳි ද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට තමයි අනෙක් පසේබුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බව. ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා දෙව්දතුන් තමන්ගේ සියළු පව් නිරයේදී ගෙවා දැමීමෙන් අනතුරුව අවසානයේ පසේ බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පානවා කියලා. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක් මෙන් මෙවැනි බද්ධ වෛරයක් ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක් අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක් අපාගතව සිට ඉන් මිදී මිනිස් ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්ඨිස්සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය" uputaganima-http://yeslahiru.blogspot.com/2012/08/blog-post_31.html [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom