Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්ෂයක් ඇතිවිය. මේ රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්ෂය, මඟ හැරීම පිණිස පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි ‘කොතුහලික’ නම් පුරුෂයෙකු තමාගේ බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ සියලු මුදල් විය පැහැදම් විය. දින කීපයක් ගතවෙද්දී ඉවසා විඳදරා ගැනීමට අමාරු තරමේ කුසගින්නෙන් ඔවුහු පෙළි සිටියහ.

ගමන් අපහසුතාවයක්, ඉසිලිය නොහැකි තරමේ කුසගින්නත් තුළින් ගමන් කරන පුරුෂයා සිය බිරිය අමතා මෙසේ පැවසීය. අපට ගමන් විඩාවයි. කුස ගින්නයි. දරුවාත් රැගෙන මේ ගමන යා නොහැකි යි. දරුවා මඟ දමා යමු. සැමියාගේ මෙම අදහසට බිරිඳ විරුද්ධ වූවා ය. අවසනදී ඔවුන් දෙදෙනාම එක් නිගමනයකට එළැඹුණි. ඒ දෙදෙනා මාරුවෙන් මාරුවට දරුවා වඩාගෙන යෑමය.

මවගේ අතින් පියාගේ අතටත්, පියාගේ අතින් මවගේ අතටත් වශයෙන් වරින් වර මව්පියන්ගේ අතට මාරුවන දරුවාට ගමන් විඩාවත්, කුසගින්නත් නිසා පියාගේ අතේ දී නින්ද ගියේ ය. මේ අවස්ථාව දරුවා හැරදමා යෑමට හොඳයැයි කල්පනා කළ කොතුහලික තම බිරිඳ ඉදිරියෙන් ගමන් ගැනීමට සලස්වා ගසක් යට කොළරොඩු ගොඩක් උඩින් දරුවා තබා තමන් ද ගමන් ගත්තේ ය. සෑහෙන දුරක් ගමන්ගත් බිරිඳ තම පුරුෂයාගේ අතින් දරුවා ගැනීමට ආපසු හැරී බලද්දී පුරුෂයා අත දරුවා නොමැති නිසා මහත්සේ විලාප තබන්නට පටන් ගත්තේ ය. දරුවා නොමැතිව තමන් කොහේවත් නොයන බව විලාප තබමින් බිරිඳ පැවසීම නිසා තමා දරුවා හැරදමා පැමිණි ස්ථානයට වහාම දිවගිය ‘කොතුහලික’ දරුවා රැගෙන බිරිඳ සිටි ස්ථානයට පැමිණියේ ය. කුසගින්න සහ වෙහෙසකාරී තත්ත්වය මත දරුවා ඒ වන විට මරණයට පත් වී සිටියේ ය. එතෙක් ආදරයෙන් රැකගත් දරුවාගේ මෘත දේහය මහමඟ දමා ඔවුන් දෙදෙනා යළි කොසබෑ නුවර දක්වා ගමන් කරන්නට පටන් ගත්හ.

කොතුහලික සහ බිරිඳ මෙසේ ගමන් ගනිද්දී එක් ගොවිපල් ගෙදරකට (ගවයින් ඇතිකරන නිවසකට) පැමිණියෝ ය. මෙදින මේ නිවසෙහි උත්සවයකි. ඒ තමන් කිරි ලබා ගන්නා ගවදෙනුන් නාවා, ආහාර පානාදිය සපයා ඔවුන් වෙනුවෙන් කරනු ලබන ඉමහත් පුද සත්කාරයකි.

මෙම ගොපළු ගෙදර එක්තරා පසේ බුදු නම දන් වැළඳීම පිණිස නිරතුරුව වඩිති. මේ ගොපළු ගෙදරට මෙදින ද එම පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියහ. පසේ බුදුරදුන් සඳහා දානය පිරිනැමීමෙන් අනතුරුව ගොපළුතෙමේ පැමිණි ආගන්තුක අඹු සැමි යුවළට ගිතෙල් සමඟ කිරිබත් කෑමට දුන්නේ ය. බිරිඳ සිය සැමියාට ඇති ගෞරවය නිසා ආගන්තුක නිවසකදී ලැබුණ ගිතෙල් සහ කිරිබත් පළමුව ඔහුට කෑමට සැලැස්සුවා ය. දින ගණනක් ආහාර අහේනියට ගොදුරුව සිටි කොතුහලික රසවත් කිරිබත සහ ගිතෙල් නොසෑහෙන සේ ගිල දැමුවේ ය. ගොපළු තෙමේ ආහාර ගන්නා අවස්ථාවේ දී ගෙදර සිටි බැල්ලට ද කිරිබත් සහ ගිතෙල් කෑමට දුන්නේ ය. මේ පිළිබඳව තණ්හාදික චිත්තයක් ඇතිකරගත් කොතුහලික “මේ බැල්ල මෙවන් රසවත් ආහාර ලැබීමට පින්කර ඇත්තියක්” යැයි කල්පනා කළේ ය. එම ආහාර දිරවා ගැනීමට නොහැකිව කෝතුහලික පමණට වඩා ආහාර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට එදින රාත්‍රි මරණයට පත්විය.

කොතුහලිකගේ මරණාසන්න චේතනාවේ ප්‍රතිඵලයක් හැටියට එම බැල්ලගේ කුස බලු පැටියකු වී උපන්නේ ය. කොතුහලිකගේ බිරිඳ සිය සැමියාගේ දේහය ආදාහනය කර එම නිවසෙහිම සේවය කරමින් සිටියා ය. තමන් කරන ලද සේවයට සහල් නැළියක් උපයාගත් කොතුහලිකගේ බිරිඳ එයින් දානයක් උයා පසේ බුදුරදුන්ට පුද දී මියගිය තම සැමියාට පුණ්‍යානුමෝදනා සිදු කළාය. පසේ බුදුරදුන් උපස්ථාන කර පින් රැස්කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව කල්පනා කළ කොතුහලිකගේ බිරිඳ එම නිවසෙහිම නතර වී සිටියා ය. නිවසේ සිටි බැල්ල කල්ගතවීමෙන් බලු පැටවෙකු වැදුවා ය. බලු පැටවා නොබෝ දිනකින් වැඩී ගියේ ය. පසේ බුදුරදුන් ගොපළු ගෙදරට දානයට වඩින සෑම දිනයකම මෙම සුනඛයාට බත් පිඩක් දීමට අමතක නොකළහ. එහෙයින් එම බල්ලා බුදුවරයාණන් කෙරෙහි දැඩිසේ හිතෛෂීකමක් දැක්වීය.

වනාන්තරගත අරණක වැඩ වාසය කරන පසේ බුදුවරයාට දිනකට දෙවරක් වතාවත් කිරීම පිණිස ගොපළුතැන යන සෑම අවස්ථාවකම නිවසේ සිටින මෙම සුනඛයා ද ඔහු සමඟ යන්නේ ය. වන සතුන් ඇති ගමන් මඟකින් යෑමට ඒමට ඇති නිසා මුගුරකින් ගස්කොළන් වලට තට්ටු කරමින් ශබ්ද නංවමින් යන මෙම ගමන ඉතාමත් බියකරු බව සුනඛයා ද අවබෝධ කරගෙන සිටියේ ය.

තමන්ට පැමිණීමට නොහැකි දිනට, තමන් ඇතිදැඩි කරන මෙම සුනඛයා එවා දානයට බුදුරදුන් කැඳවාගෙන ඒමට හැකිබව ගොපළු තෙමේ පසේ බුදුවරයාට දැනුම් දුන්හ. පසේ බුදුරදුන් ද ගොපල්ලාගේ එම ආරාධනාව සතුටින් පිළිගත්හ. මෙසේ දින කීපයක් ගතවෙද්දී ගොපල්ලා තමන්ගේ සුනඛයා අමතා මෙසේ කීය.

“අද දහවල් දානයට පසේ බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන එන්න. තොප යන්න” යැයි ගොපල්ලා පැවසූ සැනින් සුනඛයා පිටත්විය. කටුක ගමන් මඟේ දී තමන්ගේ ස්වාමියා (ගෙහිමියා - ගොපල්ලා) ගස් කොළන් වලට පහරදී වනසතුන් පලවා හරින ස්ථාන දැනගෙන සිටි සුනඛයා එම ස්ථාන වලදී මහත් හඬනඟා බුරමින් වනසතුන්, පලවා හරිමින් ගමන් කරන්නේ ය. මෙසේ ගමන් කර පසේ බුදුවරයා වැඩ වාසය කරන පන්සලට ගොස් තුන් වරක් ශබ්ද නගා බුරමින් තමන් ආ බව දැනුම් දී සිටියි. නියමිත වේලාව එළඹී බුදුරදුන් දානයට වඩින අවස්ථාව වනතෙක්ම ආවාස කුටිය සමීපයට වී සිටින සුනඛයා බුදුවරයා දානයට පිටත්වීමට මඟට බසිද්දී ඌ ඉදිරියෙන් ගමන්ගනී. වන සතුන් ගැවසෙන ස්ථාන වලදී ශබ්ද නගා බුරමින් යන මේ සුනඛයා පරීක්ෂා කරනු පිණිස පසේ බුදුරදුන් සමහර තැනකදී වෙනත් අතුරු මාර්ගයකට හැරෙන්නට සැරසෙති. මාර්ගය වැරැදී යැයි සිතන සුනඛයා එවන් අවස්ථාවලදී පසේ බුදුවරයාගේ සිවුරු පොට කටින් අල්ලා නියමිත මාර්ගයට පමුණුවනු ලබයි. මෙම චර්යාව නිතරම සිදුවෙද්දී සුනඛයා පසේ බුදුරදුන් කෙරෙහි අසීමිත ස්නේහයකින් කල්ගත කළේ ය.

මෙසේ කාලයක් ගතවෙද්දී බුදුවරයාගේ සිවුර දිරාපත් වී ගියේ ය. එය දැකීමෙන් පසුව ගොපල්ලා විසින් සිවුරක් සකස් කර ගැනීම පිණිස පසේ බුදුවරයාට වස්ත්‍රයක් පූජා කරනු ලැබීය. තනි මට සිවුරක් සකස් කර ගැනීමට දින දීපයක් ගතවන බැවින් ඒ සඳහා සුදුසු ස්ථානයකට යා යුතු බව පසේ බුදුවරයා ගොපළු තැනට දැනුම් දී සිටියහ. මේ කතාව නිවසේ ඇති කළ සුනඛයා අසා සිටියේ ය. ගොපළු තැනගෙන් සමුගත් පසේ බුදුවරයා සුනඛයා දෙස බලා සෘද්ධියෙන් අහසට නැගී ‘ගන්ධ මාදන’ පර්වතය බලා වැඩියහ. අහසින් වඩිනා බුදුරදුන් දෙස බලා සිටි සුනඛයා බුදුරදුන් නොපෙනෙන තෙක් බලා සිටිමින් තෙවරක් බුරා හදවත පැළී මිය ගියේ ය.

එම සුනඛයා මරණින් මතු තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලැබුවේ ය. දෙවඟනන් දහසක් පිරිවරා දිව්‍ය සම්පත් ලබමින් සිටියි. කනට කොඳුරා කතා කරන විට එම හඬ දොළොස් යොදුනක් දුරට පැතිරී යන්නේ ය. පියවිහඬ දස දහසක් යොදුන් දුරට පැතිරී යන්නේ ය. ඒ නිසාම මෙම දිව්‍ය පුත්‍රයාට “ඝෝෂක” යන නාමය පට බැඳුනේ ය. පසේ බුදුවරයාට ස්නේහ වන්තව ගෞරවාන්විතව කටයුතු කිරීමේ කුඩා කුශලයෙන් මේ තරම් දිව්‍ය සම්පත් විඳීමට හේතුවූයේ පහන් සිතින් කුඩා වූ හෝ පුණ්‍ය කර්මයක් මහත්ඵල මහානිසංස වලට හේතු සාධක වන බව සනාථ කරමිනි.

[QUOTE="B_i_n_g_o, post: 22307862, member: 431880"] [SIZE="4"][B]දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්ෂයක් ඇතිවිය. මේ රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්ෂය, මඟ හැරීම පිණිස පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි ‘කොතුහලික’ නම් පුරුෂයෙකු තමාගේ බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ සියලු මුදල් විය පැහැදම් විය. දින කීපයක් ගතවෙද්දී ඉවසා විඳදරා ගැනීමට අමාරු තරමේ කුසගින්නෙන් ඔවුහු පෙළි සිටියහ. ගමන් අපහසුතාවයක්, ඉසිලිය නොහැකි තරමේ කුසගින්නත් තුළින් ගමන් කරන පුරුෂයා සිය බිරිය අමතා මෙසේ පැවසීය. අපට ගමන් විඩාවයි. කුස ගින්නයි. දරුවාත් රැගෙන මේ ගමන යා නොහැකි යි. දරුවා මඟ දමා යමු. සැමියාගේ මෙම අදහසට බිරිඳ විරුද්ධ වූවා ය. අවසනදී ඔවුන් දෙදෙනාම එක් නිගමනයකට එළැඹුණි. ඒ දෙදෙනා මාරුවෙන් මාරුවට දරුවා වඩාගෙන යෑමය. මවගේ අතින් පියාගේ අතටත්, පියාගේ අතින් මවගේ අතටත් වශයෙන් වරින් වර මව්පියන්ගේ අතට මාරුවන දරුවාට ගමන් විඩාවත්, කුසගින්නත් නිසා පියාගේ අතේ දී නින්ද ගියේ ය. මේ අවස්ථාව දරුවා හැරදමා යෑමට හොඳයැයි කල්පනා කළ කොතුහලික තම බිරිඳ ඉදිරියෙන් ගමන් ගැනීමට සලස්වා ගසක් යට කොළරොඩු ගොඩක් උඩින් දරුවා තබා තමන් ද ගමන් ගත්තේ ය. සෑහෙන දුරක් ගමන්ගත් බිරිඳ තම පුරුෂයාගේ අතින් දරුවා ගැනීමට ආපසු හැරී බලද්දී පුරුෂයා අත දරුවා නොමැති නිසා මහත්සේ විලාප තබන්නට පටන් ගත්තේ ය. දරුවා නොමැතිව තමන් කොහේවත් නොයන බව විලාප තබමින් බිරිඳ පැවසීම නිසා තමා දරුවා හැරදමා පැමිණි ස්ථානයට වහාම දිවගිය ‘කොතුහලික’ දරුවා රැගෙන බිරිඳ සිටි ස්ථානයට පැමිණියේ ය. කුසගින්න සහ වෙහෙසකාරී තත්ත්වය මත දරුවා ඒ වන විට මරණයට පත් වී සිටියේ ය. එතෙක් ආදරයෙන් රැකගත් දරුවාගේ මෘත දේහය මහමඟ දමා ඔවුන් දෙදෙනා යළි කොසබෑ නුවර දක්වා ගමන් කරන්නට පටන් ගත්හ. කොතුහලික සහ බිරිඳ මෙසේ ගමන් ගනිද්දී එක් ගොවිපල් ගෙදරකට (ගවයින් ඇතිකරන නිවසකට) පැමිණියෝ ය. මෙදින මේ නිවසෙහි උත්සවයකි. ඒ තමන් කිරි ලබා ගන්නා ගවදෙනුන් නාවා, ආහාර පානාදිය සපයා ඔවුන් වෙනුවෙන් කරනු ලබන ඉමහත් පුද සත්කාරයකි. මෙම ගොපළු ගෙදර එක්තරා පසේ බුදු නම දන් වැළඳීම පිණිස නිරතුරුව වඩිති. මේ ගොපළු ගෙදරට මෙදින ද එම පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියහ. පසේ බුදුරදුන් සඳහා දානය පිරිනැමීමෙන් අනතුරුව ගොපළුතෙමේ පැමිණි ආගන්තුක අඹු සැමි යුවළට ගිතෙල් සමඟ කිරිබත් කෑමට දුන්නේ ය. බිරිඳ සිය සැමියාට ඇති ගෞරවය නිසා ආගන්තුක නිවසකදී ලැබුණ ගිතෙල් සහ කිරිබත් පළමුව ඔහුට කෑමට සැලැස්සුවා ය. දින ගණනක් ආහාර අහේනියට ගොදුරුව සිටි කොතුහලික රසවත් කිරිබත සහ ගිතෙල් නොසෑහෙන සේ ගිල දැමුවේ ය. ගොපළු තෙමේ ආහාර ගන්නා අවස්ථාවේ දී ගෙදර සිටි බැල්ලට ද කිරිබත් සහ ගිතෙල් කෑමට දුන්නේ ය. මේ පිළිබඳව තණ්හාදික චිත්තයක් ඇතිකරගත් කොතුහලික “මේ බැල්ල මෙවන් රසවත් ආහාර ලැබීමට පින්කර ඇත්තියක්” යැයි කල්පනා කළේ ය. එම ආහාර දිරවා ගැනීමට නොහැකිව කෝතුහලික පමණට වඩා ආහාර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට එදින රාත්‍රි මරණයට පත්විය. කොතුහලිකගේ මරණාසන්න චේතනාවේ ප්‍රතිඵලයක් හැටියට එම බැල්ලගේ කුස බලු පැටියකු වී උපන්නේ ය. කොතුහලිකගේ බිරිඳ සිය සැමියාගේ දේහය ආදාහනය කර එම නිවසෙහිම සේවය කරමින් සිටියා ය. තමන් කරන ලද සේවයට සහල් නැළියක් උපයාගත් කොතුහලිකගේ බිරිඳ එයින් දානයක් උයා පසේ බුදුරදුන්ට පුද දී මියගිය තම සැමියාට පුණ්‍යානුමෝදනා සිදු කළාය. පසේ බුදුරදුන් උපස්ථාන කර පින් රැස්කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව කල්පනා කළ කොතුහලිකගේ බිරිඳ එම නිවසෙහිම නතර වී සිටියා ය. නිවසේ සිටි බැල්ල කල්ගතවීමෙන් බලු පැටවෙකු වැදුවා ය. බලු පැටවා නොබෝ දිනකින් වැඩී ගියේ ය. පසේ බුදුරදුන් ගොපළු ගෙදරට දානයට වඩින සෑම දිනයකම මෙම සුනඛයාට බත් පිඩක් දීමට අමතක නොකළහ. එහෙයින් එම බල්ලා බුදුවරයාණන් කෙරෙහි දැඩිසේ හිතෛෂීකමක් දැක්වීය. වනාන්තරගත අරණක වැඩ වාසය කරන පසේ බුදුවරයාට දිනකට දෙවරක් වතාවත් කිරීම පිණිස ගොපළුතැන යන සෑම අවස්ථාවකම නිවසේ සිටින මෙම සුනඛයා ද ඔහු සමඟ යන්නේ ය. වන සතුන් ඇති ගමන් මඟකින් යෑමට ඒමට ඇති නිසා මුගුරකින් ගස්කොළන් වලට තට්ටු කරමින් ශබ්ද නංවමින් යන මෙම ගමන ඉතාමත් බියකරු බව සුනඛයා ද අවබෝධ කරගෙන සිටියේ ය. තමන්ට පැමිණීමට නොහැකි දිනට, තමන් ඇතිදැඩි කරන මෙම සුනඛයා එවා දානයට බුදුරදුන් කැඳවාගෙන ඒමට හැකිබව ගොපළු තෙමේ පසේ බුදුවරයාට දැනුම් දුන්හ. පසේ බුදුරදුන් ද ගොපල්ලාගේ එම ආරාධනාව සතුටින් පිළිගත්හ. මෙසේ දින කීපයක් ගතවෙද්දී ගොපල්ලා තමන්ගේ සුනඛයා අමතා මෙසේ කීය. “අද දහවල් දානයට පසේ බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන එන්න. තොප යන්න” යැයි ගොපල්ලා පැවසූ සැනින් සුනඛයා පිටත්විය. කටුක ගමන් මඟේ දී තමන්ගේ ස්වාමියා (ගෙහිමියා - ගොපල්ලා) ගස් කොළන් වලට පහරදී වනසතුන් පලවා හරින ස්ථාන දැනගෙන සිටි සුනඛයා එම ස්ථාන වලදී මහත් හඬනඟා බුරමින් වනසතුන්, පලවා හරිමින් ගමන් කරන්නේ ය. මෙසේ ගමන් කර පසේ බුදුවරයා වැඩ වාසය කරන පන්සලට ගොස් තුන් වරක් ශබ්ද නගා බුරමින් තමන් ආ බව දැනුම් දී සිටියි. නියමිත වේලාව එළඹී බුදුරදුන් දානයට වඩින අවස්ථාව වනතෙක්ම ආවාස කුටිය සමීපයට වී සිටින සුනඛයා බුදුවරයා දානයට පිටත්වීමට මඟට බසිද්දී ඌ ඉදිරියෙන් ගමන්ගනී. වන සතුන් ගැවසෙන ස්ථාන වලදී ශබ්ද නගා බුරමින් යන මේ සුනඛයා පරීක්ෂා කරනු පිණිස පසේ බුදුරදුන් සමහර තැනකදී වෙනත් අතුරු මාර්ගයකට හැරෙන්නට සැරසෙති. මාර්ගය වැරැදී යැයි සිතන සුනඛයා එවන් අවස්ථාවලදී පසේ බුදුවරයාගේ සිවුරු පොට කටින් අල්ලා නියමිත මාර්ගයට පමුණුවනු ලබයි. මෙම චර්යාව නිතරම සිදුවෙද්දී සුනඛයා පසේ බුදුරදුන් කෙරෙහි අසීමිත ස්නේහයකින් කල්ගත කළේ ය. මෙසේ කාලයක් ගතවෙද්දී බුදුවරයාගේ සිවුර දිරාපත් වී ගියේ ය. එය දැකීමෙන් පසුව ගොපල්ලා විසින් සිවුරක් සකස් කර ගැනීම පිණිස පසේ බුදුවරයාට වස්ත්‍රයක් පූජා කරනු ලැබීය. තනි මට සිවුරක් සකස් කර ගැනීමට දින දීපයක් ගතවන බැවින් ඒ සඳහා සුදුසු ස්ථානයකට යා යුතු බව පසේ බුදුවරයා ගොපළු තැනට දැනුම් දී සිටියහ. මේ කතාව නිවසේ ඇති කළ සුනඛයා අසා සිටියේ ය. ගොපළු තැනගෙන් සමුගත් පසේ බුදුවරයා සුනඛයා දෙස බලා සෘද්ධියෙන් අහසට නැගී ‘ගන්ධ මාදන’ පර්වතය බලා වැඩියහ. අහසින් වඩිනා බුදුරදුන් දෙස බලා සිටි සුනඛයා බුදුරදුන් නොපෙනෙන තෙක් බලා සිටිමින් තෙවරක් බුරා හදවත පැළී මිය ගියේ ය. එම සුනඛයා මරණින් මතු තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලැබුවේ ය. දෙවඟනන් දහසක් පිරිවරා දිව්‍ය සම්පත් ලබමින් සිටියි. කනට කොඳුරා කතා කරන විට එම හඬ දොළොස් යොදුනක් දුරට පැතිරී යන්නේ ය. පියවිහඬ දස දහසක් යොදුන් දුරට පැතිරී යන්නේ ය. ඒ නිසාම මෙම දිව්‍ය පුත්‍රයාට “ඝෝෂක” යන නාමය පට බැඳුනේ ය. පසේ බුදුවරයාට ස්නේහ වන්තව ගෞරවාන්විතව කටයුතු කිරීමේ කුඩා කුශලයෙන් මේ තරම් දිව්‍ය සම්පත් විඳීමට හේතුවූයේ පහන් සිතින් කුඩා වූ හෝ පුණ්‍ය කර්මයක් මහත්ඵල මහානිසංස වලට හේතු සාධක වන බව සනාථ කරමිනි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom