Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු ගුණයේ මහා බලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු ගුණයේ මහා බලය

බුදු ගුණයේ මහා බලය දැනගැනීමම ජීවිතයේ එලොව මෙලොව දියුණුව පිණිස පවත්නේය. මේ කාරණය ඔබට අත්දැකීමෙන් සනාථ කර ගැනීම සඳහා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පසුගිය සතියේ බුදු බලය පිළිබඳව කරුණු දක්වා සිටියහ. ඔදවත් තෙදවත් මිනිසා විසින් තනන සමාජය දිළිඳු නොවන්නේය. පරිහානිකර නොවන්නේය. සිංහල ජාතිය ඔදවත් තෙදවත් කළ හැක්කේ එහි මූලික තැනුම් ඒකකය වූ සිංහලයා ඔදවත් තෙදවත් බවට පත් කිරීමෙනි. තිසරණ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් එක් එක් පුද්ගලයා පිරුණා වේද, ජාතිය නිදිගැට හරින්නේ එතැන් සිටය.

එළාර පරාජය කර මුළු දේශයම ඒකීය රාජ්‍යයක් බවට පත් කළ දුටු ගැමුණු මහ රජතුමා, යුද්ධයෙන් පස්සේ, රජ මාලිගාවට වැඩියා. ඒ වෙලාවේ හොඳ සිද්ධියක් වුණා. කඩොල් ඇතා පැනලා ගිහිල්ලා… හැමතැනම හොයනවා, හොයනවා ඇතා නැහැ. ඇතාව හොයාගෙන එන්න කියලා සතර දිශාවට සෙන්පතිවරු පිටත් කළා. නැගෙනහිර දිශාවට ගිය කණ්ඩායම දැක්කා, කඩොල් ඇතා ඒ පළාතේ ආරණ්‍යයකට ගිහිල්ලා ඉන්නවා. කඩොල් ඇතා ආරණ්‍යයක භික්ෂූන් වහන්සේලා දැකලා, සිත පැහැදුණා. වීර, පලු ආදී පළතුරු ගෙනහල්ලා මේ හාමුදුරුවරුන්ට කඩොල් ඇතා පූජා කරනවා, සෙන්පතියා දැක්කා. බොහෝම චණ්ඩ පරුෂ මහා හස්ති රාජයෙක් මේ විදිහට හිලෑ වෙලා ඉන්නවා දැකලා සෙන්පතියා පුදුම වුණා. මේ වගේ තිරිසන් සතෙකුට සංඝයා කෙරෙහි සිත පහදා ගන්න පුළුවන් වුණා නම් මට බැරි ඇයි කියලා, එයත් හිත පහදා ගත්තා. ඊට පස්සේ ඒ සෙන්පතියා, මේ කාරණය දුටු ගැමුණු මහ රජතුමාට දැනුම් දුන්නා. ගිහිල්ලා එක්කගෙන එන්න කියලා මහ රජතුමා සෙනෙවියාට උපදෙස් දුන්නා. උක් හකුරුයි පළතුරුයි සංඝයාට පුජා කරලා, කඩොල් ඇතාව මාලිගාවට එක්ක ගෙන ආවා. මේ කතා පුවත සද්ධර්මාලංකාරයේ තියෙන්නේ. පසු කාලයකදී කඩොල් ඇතා මිය යනවා. මැරිලා, මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනවා. ළමා කාලයේදීම මහණවෙලා, දඹදිව වන්දනාව සඳහා අවස්ථාවක් ලැබිලා එහෙ වන්දනාව සඳහා යනවා. එදා නැවෙන් දඹදිවට යද්දී, පානය සඳහා ගෙන ගිය වතුර මලු මුහුදට පෙරළෙනවා. මේ පිරිසට බොන්න වතුර නැතුව යනවා. තිබහ එන්න එන්නම වැඩිවෙනවා. කරන්න දෙයක් නැහැ… මම මුහුදු වතුර හරි වලදඳනවා… කියලා හිතාගෙන මේ ස්වාමින් වහන්සේ, පාත්තරේ අරගෙන මුහුදෙන් වතුර අරගෙන, වලඳන්න ලැහැස්ති වෙනකොට, ඒකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ, මිරිදිය. අර මුහුදු වතුර ප්‍රසන්න ජලය බවට පත්වෙනවා. ගමන ගිහිල්ලා එනකං ඒ වතුර අවසන් වෙලා නැහැ. ඉවර වෙන්න ඉවර වෙන්න, උනන්න පටන් ගත්තා. ආයෙත් ලංකාවට වැඩම කළහම මේ කාරණය රහතන් වහන්සේ නමකට කියලා තියෙනවා. දුටුගැමුණු රජතුමාගේ කාලයේදී සංඝයා විෂයයෙහි කරන ලද දාන පිංකම් නිසා ලැබුණු දෙයක් කියලා, ඒ කරණය ගැන රහතන් වහන්සේ විසින් පැහැදිලි කර දීලා තියෙනවා.

අපි කියන්නේ ත්‍රිවිධරත්නය කියලා. ඒ කියන්නේ මාණික්‍ය කියන අර්ථයම නෙමෙයි. පසුගිය කාලයේදී එක්තරා අන්‍යාගමික කෙනෙක් රත්නය කියන්නේ මැණික්වලට කියලා, ගර්හා කළා. රත්නය කියන්නේ අගනාම දෙය කියන එක. සක්විති රජකෙනෙකුට රතන හතක් තියෙනවා. චක්‍රවර්ති රත්නය, මාණික්‍යයේ රත්නය, අශ්වරත්නය, හස්ති රත්නය, ස්ත්‍රී රත්නය, පුත්‍ර රත්නය, පරිනායක රත්නය, කියන රත්න හත පිහිටියාට පස්සේ සක්විති රජකම ඔහු කරා ළඟා වෙනවා. ඒ සියල්ලම එකතු කළත් බුද්ධ රත්නය හා සමාන නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සංඛ කියලා සක්විති රජෙක් ඉන්නවා. එතුමා, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා.

රත්න කියන්නේ වටිනාකමෙන් අග්‍ර කියන එක. දැන් බලන්න සුනීත කියන්නෙ කසල ශෝධකයෙක්. ඔහු තමන්ගේ කාර්යය වෙච්ච වසුරු කදත් අරගෙන, පාරේ යන කොට බුදුරජාණන් වහන්සේ දකිනවා. මේ සුනීත කරපු දේ කාණුවට බැස්සා. “බුදුරජාණන් වහන්සේ සුනීත ළඟට වැඩියා. සුනීත පැවිදි වෙනවාද…” කියලා බුදුරජාණන් වහන්සේ සුනීතගෙන් ඇහැව්වා. “ස්වාමීනි… මං වගේ නීච කුලයක කෙනෙක්, කොහොමද පැවිදි වෙන්නේ…” “එන්න, මම පැවිදි කරන්නම් කියලා …” බුදුරජාණන් වහන්සේ සුනීතව පැවිදි කෙරෙව්වා. එදා මිනිස්සුන් විසින් කාරලා කෙල ගහලා, දැක්කහම අහක බලාගත්ත සුනීතගේ ජීවිතයට බුද්ධ බලයෙන් කරපු වෙනස කොහොමද…? දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉදිද්දි, ඡේතවනාරාමයට මහා එළියක් පහත් වෙනවා. සංඝයා බලනවා මේ මොකක්ද කියලා. මහ බ්‍රහ්ම රාජයා ඇවිල්ලා, සුනීත මහ රහතන් වහන්සේගේ දෙපා සිඹ සිඹ, වඳිනවා. සුනීත එදා පැවිදි වුණේ නැත්නම්, මේ වෙනස ජීවිතයට වෙනවාද…?

බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. පළමුවැනි දේශනාවේ ඉඳලාම ප්‍රතිඵල ලැබුණා. පළමුවැනි දේශනාවේදී දිව්‍ය ලෝක විසිදෙකක දෙවිවරු අවබෝධ කරගත්තා. මනුෂ්‍ය ලෝකයෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. එතැන ඉඳලාම ප්‍රතිඵල ලැබුණා.

උන්වහන්සේගේ දෙවැනි දේශනාව තමයි ‘අනාත්ම ලක්ඛණ සූත්‍රය.’ ඒ දේශනාව අහලා අර පස්දෙනාම අරහත්වයට පත්වුණා. ඊට පස්සේ මේ ධර්මය ටික ටික පැතිරෙන්න පටන් ගත්තා. විශාල පිරිස්, දහස් ගණනින් එනවා. ධර්මය අහගෙන ඉන්න කොට අවබෝධ වෙනවා. සැවැත්නුවර විතරක් ඒ කාලේ හත් කෝටියක ජනකායක් ඉඳලා තියෙනවා. ඒකෙන් කෝටි පහක් මාර්ගඵලලාභීන්.

ලංකාවේ සුනාමියක් වුණා. ලක්ෂයක් විතර එකපාර මැරුණනේ. මාර්ගඵලලාභීන් එක්කෙනෙක් සොයාගන්න පුළුවන්ද? බලන්න තත්ත්වය. ශාසනය පිරිහීම කියන්නේ ඒකයි. බුද්ධ ශාසනය බබලනවා කියන්නේ සෝවාන් වූ අය, සකෘදාගාමී වූ අය, ඒ වගේ මාර්ගඵලලාභීන් සිටීමයි. වෙන කිසිම ක්‍රමයකින් බුද්ධ ශාසනය බබලනවා කියලා කියන්න බැහැ.

එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අනිත් අයටත් දේශනා කළා. උන්වහන්සේ ධර්මය දේශනා කළේ හරි සරල පැහැදිලි සුන්දර වචනවලින්. උන්වහන්සේට බ්‍රාහ්මණ අය පවා හරියට ප්‍රශංසා කරලා තියෙනවා. දීඝ නිකායේ එවැනි සූත්‍ර බොහොමයක් හම්බවෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සනට කතා කරන කෙනෙක්.. කවුරුහරි උන්වහන්සේ ළඟට ආවාම උන්වහන්සේ ධර්මයෙන් කතා කරලා එයාව සතුටු කරනවා.. කියලා ඒවායේ සඳහන් වෙනවා.

‘මානත්තද්ධ’ කියලා බමුණෙක් හිටියා. මානත්තද්ධ කියන්නේ එයාට ලැබුණු අන්වර්ථ නාමයක් වෙන්න ඇති. ඒ කියන්නේ කිසි කෙනකුට ගෞරව කරන්නේ නෑ. අම්මට, තාත්තට, යාළුවන්ට, නෑදෑයන්ට, කාටවත් ගෞරව කරන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කිව්වොත් ‘මානත්තද්ධ’ කියන ඒකේ තේරුම ‘මානතදයා’. ‘තද්ධ’ කියන්නේ තද.

මෙයාට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගමට වැඩියා කියලා ආරංචි වුණා. මෙයා කල්පනා කළා ‘හරි, බුදුකෙනෙක් නම් මා එක්ක කතා කරන්නේ නැතැයි. මමත් යනවා බලන්න.’ ඉතින් මෙයත් ගියා. මෙයා ගිහිල්ලා ඉණට අත් දෙක තියාගෙන බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා.

දැන් බුදුරජාණන් වහන්සේ මෙයාව නොදැක්කා වගේ හිටියා. බලන්න ඒ දක්ෂකම. මිනිස්සු ඇවිල්ලා කතා කරනවා, ධර්මය අහනවා.. දැන් මෙයත් අහගෙන ඉන්නවා. මිනිස්සු ඔක්කෝම ගියා. මෙයා හිතුවා ‘මෙයා විශේෂ කෙනෙක් නෙවෙයි. වෙන්න බැහැ’ කියලා. මෙයා යන්න හැරුණා. වැන්ඳේ මුකුත් නෑ. බුදුරජාණන් වහන්සේ මෙයා හැරිලා පියවර දෙකක් විතර යනකම් හිටියා.

බුදුරජාණන් වහන්සේ අහනවා ‘ඔහොමද තමන් ආපු කාරණය ඉෂ්ට කරගෙන යන්නේ?’ බලන්න ඒකෙ ලස්සන? අහපු ගමන් මෙයාට ‘බුදුරජාණන් වහන්සේ මාව දැක්කා’ කියලා තේරුණා. එතැනම ඇදගෙන වැටුණා. බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරිලා උන්වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන බිම දිගාවෙලා ‘ස්වාමීනී, මට තමයි මානතදයා කියන්නේ’ මට තමයි මානතදයා කියන්නේ’ කියලා වඳින්න පටන් ගත්තා. අනිත් කට්ටිය ඔක්කොමත් මොකක්ද මේ සිද්ධිය කියලා බලන්න ළ`ගට පිරුණා. බැලුවහම පුදුමයි. කාගෙවත් කීමක් අහපු නැති, කාටවත් දමනය වුණේ නැති මේ පුද්ගලයා දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කුඩා දරුවෙක් වගේ පෙරළිලා ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ ‘හා හා දැන් ඉතින් නැගිටින්න’ කියලා ධර්මය කිව්වා. ‘බුද්ධ’ කියන්නේ ඒකයි. අවබෝධ කරගත් දේ අනිත් අයට අවබෝධ කරවනවා. මොකක් හරි අවාසනාවකට අපට ඒ යුගය මඟහැරිලා ගියා. මේ අවස්ථාවේදීවත් අපි මඟහැර ගන්නේ නැතුව ධර්මය චුට්ටක් හරි අල්ලා ගනිමු.

ඊළඟ බුදුගුණය තමයි ‘භගවා.’ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන් ආදරෙන් කතා කරපු වචනයක් තමයි, ‘භාග්‍යවතුන් වහන්සේ’ කියලා කියන්නේ. ‘භගවා’ කියන එක ඉන්දියාවේ සමාජයට කොච්චර වැදුණද කියන්නේ, ඉන්දියානුවෝ අදටත් හැම දෙවිවරුන්ටම කියන්නේ ‘භගවාන්’ කියලයි. (භගවාන් කිරුණදෂ්ණ.. භගවාන් ගනේෂ්.. භගවාන් විෂ්ණු..) නමුත් ‘භගවාන්’ කියන්නේ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරපු නමක්. භගවා කියන්නේ මේ සියලු ගුණ දරන්නට තරම් ‘භාග්‍යවන්ත’ වූ නිසයි. රාගාදී සියලු කෙලෙස් නැත්තට නැති කරපු නිසයි. මේ තුන් ලොව එළිය කරන පරවිෂඥාවෙන් යුක්ත නිසයි. මහා කරුණාවෙන් යුතුව මේ ලෝකයට යහපත සැලසූ නිසයි.

ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ මේ බුදුගුණ නවය දන්නේ නැතුව, ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියලා දවස පුරාම ජප කළත් ‘මම මේ සරණ යන්නේ අසවල් අසවල් ගුණ තියෙන කෙනා’ කියලා අපේ හිතට යන්නේ නෑනේ. ඉතින් එහෙනම් අපි මේවා දන්නේ නැත්නම් ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද?

මම තේරුම් ගත්ත දෙයක් තමයි, කෙනකුට ශ්‍රද්ධාව පිහිටියොත් එයාට ශ්‍රද්ධාව ගැන සිහිය තියෙනවා. ඒ කියන්නේ මොනම ප්‍රශ්නයක් සිදුවුණ වෙලාවකවත්, මොනම කරදරයක් සිදුවුණ වෙලාවකවත්, මොනම කලබලයක් සිදුවුණ වෙලාවකවත් එයාගේ කටින් ඒ ශ්රද්ධාවට හානි වෙන වචනයක් පිටවෙන්නේ නෑ. මොකද, එයාට ඒ ශ්‍රද්ධාව පිළිබඳ සිහිය තියෙනවා. ඒක තමයි ශ්රද්ධාවට පැමිණීමේ තියෙන විශේෂත්වය. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ දෙයක් හැටියට හුවාදක්වන්න යන්නේ නෑ. එයා මේ ධර්මය ‘බුදුරජාණන් වහන්සේගේ දෙයක්මයි’ කියලා මතුකරලා දෙනවා. ඒක ශ්‍රද්ධාවන්තයා කරන එකක්මයි.

ශ්‍රද්ධාව නැතිකෙනා ධර්මය ඉගෙන ගෙන ඉවර වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් තම තමන්ගේ මත කියාගෙන යනවා. එහෙම අය ඉන්නවා. ඒ ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙම කරන්නේ නෑ.

Continue----->>>>

[QUOTE="vinuga, post: 25784767, member: 520332"] [SIZE=5]බුදු ගුණයේ මහා බලය බුදු ගුණයේ මහා බලය දැනගැනීමම ජීවිතයේ එලොව මෙලොව දියුණුව පිණිස පවත්නේය. මේ කාරණය ඔබට අත්දැකීමෙන් සනාථ කර ගැනීම සඳහා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පසුගිය සතියේ බුදු බලය පිළිබඳව කරුණු දක්වා සිටියහ. ඔදවත් තෙදවත් මිනිසා විසින් තනන සමාජය දිළිඳු නොවන්නේය. පරිහානිකර නොවන්නේය. සිංහල ජාතිය ඔදවත් තෙදවත් කළ හැක්කේ එහි මූලික තැනුම් ඒකකය වූ සිංහලයා ඔදවත් තෙදවත් බවට පත් කිරීමෙනි. තිසරණ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් එක් එක් පුද්ගලයා පිරුණා වේද, ජාතිය නිදිගැට හරින්නේ එතැන් සිටය. [IMG align="left"]http://www.divaina.com/2016/10/23/n3-3.jpg[/IMG][/SIZE] එළාර පරාජය කර මුළු දේශයම ඒකීය රාජ්‍යයක් බවට පත් කළ දුටු ගැමුණු මහ රජතුමා, යුද්ධයෙන් පස්සේ, රජ මාලිගාවට වැඩියා. ඒ වෙලාවේ හොඳ සිද්ධියක් වුණා. කඩොල් ඇතා පැනලා ගිහිල්ලා… හැමතැනම හොයනවා, හොයනවා ඇතා නැහැ. ඇතාව හොයාගෙන එන්න කියලා සතර දිශාවට සෙන්පතිවරු පිටත් කළා. නැගෙනහිර දිශාවට ගිය කණ්ඩායම දැක්කා, කඩොල් ඇතා ඒ පළාතේ ආරණ්‍යයකට ගිහිල්ලා ඉන්නවා. කඩොල් ඇතා ආරණ්‍යයක භික්ෂූන් වහන්සේලා දැකලා, සිත පැහැදුණා. වීර, පලු ආදී පළතුරු ගෙනහල්ලා මේ හාමුදුරුවරුන්ට කඩොල් ඇතා පූජා කරනවා, සෙන්පතියා දැක්කා. බොහෝම චණ්ඩ පරුෂ මහා හස්ති රාජයෙක් මේ විදිහට හිලෑ වෙලා ඉන්නවා දැකලා සෙන්පතියා පුදුම වුණා. මේ වගේ තිරිසන් සතෙකුට සංඝයා කෙරෙහි සිත පහදා ගන්න පුළුවන් වුණා නම් මට බැරි ඇයි කියලා, එයත් හිත පහදා ගත්තා. ඊට පස්සේ ඒ සෙන්පතියා, මේ කාරණය දුටු ගැමුණු මහ රජතුමාට දැනුම් දුන්නා. ගිහිල්ලා එක්කගෙන එන්න කියලා මහ රජතුමා සෙනෙවියාට උපදෙස් දුන්නා. උක් හකුරුයි පළතුරුයි සංඝයාට පුජා කරලා, කඩොල් ඇතාව මාලිගාවට එක්ක ගෙන ආවා. මේ කතා පුවත සද්ධර්මාලංකාරයේ තියෙන්නේ. පසු කාලයකදී කඩොල් ඇතා මිය යනවා. මැරිලා, මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනවා. ළමා කාලයේදීම මහණවෙලා, දඹදිව වන්දනාව සඳහා අවස්ථාවක් ලැබිලා එහෙ වන්දනාව සඳහා යනවා. එදා නැවෙන් දඹදිවට යද්දී, පානය සඳහා ගෙන ගිය වතුර මලු මුහුදට පෙරළෙනවා. මේ පිරිසට බොන්න වතුර නැතුව යනවා. තිබහ එන්න එන්නම වැඩිවෙනවා. කරන්න දෙයක් නැහැ… මම මුහුදු වතුර හරි වලදඳනවා… කියලා හිතාගෙන මේ ස්වාමින් වහන්සේ, පාත්තරේ අරගෙන මුහුදෙන් වතුර අරගෙන, වලඳන්න ලැහැස්ති වෙනකොට, ඒකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ, මිරිදිය. අර මුහුදු වතුර ප්‍රසන්න ජලය බවට පත්වෙනවා. ගමන ගිහිල්ලා එනකං ඒ වතුර අවසන් වෙලා නැහැ. ඉවර වෙන්න ඉවර වෙන්න, උනන්න පටන් ගත්තා. ආයෙත් ලංකාවට වැඩම කළහම මේ කාරණය රහතන් වහන්සේ නමකට කියලා තියෙනවා. දුටුගැමුණු රජතුමාගේ කාලයේදී සංඝයා විෂයයෙහි කරන ලද දාන පිංකම් නිසා ලැබුණු දෙයක් කියලා, ඒ කරණය ගැන රහතන් වහන්සේ විසින් පැහැදිලි කර දීලා තියෙනවා. [SIZE=5]අපි කියන්නේ ත්‍රිවිධරත්නය කියලා. ඒ කියන්නේ මාණික්‍ය කියන අර්ථයම නෙමෙයි. පසුගිය කාලයේදී එක්තරා අන්‍යාගමික කෙනෙක් රත්නය කියන්නේ මැණික්වලට කියලා, ගර්හා කළා. රත්නය කියන්නේ අගනාම දෙය කියන එක. සක්විති රජකෙනෙකුට රතන හතක් තියෙනවා. චක්‍රවර්ති රත්නය, මාණික්‍යයේ රත්නය, අශ්වරත්නය, හස්ති රත්නය, ස්ත්‍රී රත්නය, පුත්‍ර රත්නය, පරිනායක රත්නය, කියන රත්න හත පිහිටියාට පස්සේ සක්විති රජකම ඔහු කරා ළඟා වෙනවා. ඒ සියල්ලම එකතු කළත් බුද්ධ රත්නය හා සමාන නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සංඛ කියලා සක්විති රජෙක් ඉන්නවා. එතුමා, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. රත්න කියන්නේ වටිනාකමෙන් අග්‍ර කියන එක. දැන් බලන්න සුනීත කියන්නෙ කසල ශෝධකයෙක්. ඔහු තමන්ගේ කාර්යය වෙච්ච වසුරු කදත් අරගෙන, පාරේ යන කොට බුදුරජාණන් වහන්සේ දකිනවා. මේ සුනීත කරපු දේ කාණුවට බැස්සා. “බුදුරජාණන් වහන්සේ සුනීත ළඟට වැඩියා. සුනීත පැවිදි වෙනවාද…” කියලා බුදුරජාණන් වහන්සේ සුනීතගෙන් ඇහැව්වා. “ස්වාමීනි… මං වගේ නීච කුලයක කෙනෙක්, කොහොමද පැවිදි වෙන්නේ…” “එන්න, මම පැවිදි කරන්නම් කියලා …” බුදුරජාණන් වහන්සේ සුනීතව පැවිදි කෙරෙව්වා. එදා මිනිස්සුන් විසින් කාරලා කෙල ගහලා, දැක්කහම අහක බලාගත්ත සුනීතගේ ජීවිතයට බුද්ධ බලයෙන් කරපු වෙනස කොහොමද…? දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉදිද්දි, ඡේතවනාරාමයට මහා එළියක් පහත් වෙනවා. සංඝයා බලනවා මේ මොකක්ද කියලා. මහ බ්‍රහ්ම රාජයා ඇවිල්ලා, සුනීත මහ රහතන් වහන්සේගේ දෙපා සිඹ සිඹ, වඳිනවා. සුනීත එදා පැවිදි වුණේ නැත්නම්, මේ වෙනස ජීවිතයට වෙනවාද…? බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. පළමුවැනි දේශනාවේ ඉඳලාම ප්‍රතිඵල ලැබුණා. පළමුවැනි දේශනාවේදී දිව්‍ය ලෝක විසිදෙකක දෙවිවරු අවබෝධ කරගත්තා. මනුෂ්‍ය ලෝකයෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. එතැන ඉඳලාම ප්‍රතිඵල ලැබුණා. උන්වහන්සේගේ දෙවැනි දේශනාව තමයි ‘අනාත්ම ලක්ඛණ සූත්‍රය.’ ඒ දේශනාව අහලා අර පස්දෙනාම අරහත්වයට පත්වුණා. ඊට පස්සේ මේ ධර්මය ටික ටික පැතිරෙන්න පටන් ගත්තා. විශාල පිරිස්, දහස් ගණනින් එනවා. ධර්මය අහගෙන ඉන්න කොට අවබෝධ වෙනවා. සැවැත්නුවර විතරක් ඒ කාලේ හත් කෝටියක ජනකායක් ඉඳලා තියෙනවා. ඒකෙන් කෝටි පහක් මාර්ගඵලලාභීන්. ලංකාවේ සුනාමියක් වුණා. ලක්ෂයක් විතර එකපාර මැරුණනේ. මාර්ගඵලලාභීන් එක්කෙනෙක් සොයාගන්න පුළුවන්ද? බලන්න තත්ත්වය. ශාසනය පිරිහීම කියන්නේ ඒකයි. බුද්ධ ශාසනය බබලනවා කියන්නේ සෝවාන් වූ අය, සකෘදාගාමී වූ අය, ඒ වගේ මාර්ගඵලලාභීන් සිටීමයි. වෙන කිසිම ක්‍රමයකින් බුද්ධ ශාසනය බබලනවා කියලා කියන්න බැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අනිත් අයටත් දේශනා කළා. උන්වහන්සේ ධර්මය දේශනා කළේ හරි සරල පැහැදිලි සුන්දර වචනවලින්. උන්වහන්සේට බ්‍රාහ්මණ අය පවා හරියට ප්‍රශංසා කරලා තියෙනවා. දීඝ නිකායේ එවැනි සූත්‍ර බොහොමයක් හම්බවෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සනට කතා කරන කෙනෙක්.. කවුරුහරි උන්වහන්සේ ළඟට ආවාම උන්වහන්සේ ධර්මයෙන් කතා කරලා එයාව සතුටු කරනවා.. කියලා ඒවායේ සඳහන් වෙනවා. ‘මානත්තද්ධ’ කියලා බමුණෙක් හිටියා. මානත්තද්ධ කියන්නේ එයාට ලැබුණු අන්වර්ථ නාමයක් වෙන්න ඇති. ඒ කියන්නේ කිසි කෙනකුට ගෞරව කරන්නේ නෑ. අම්මට, තාත්තට, යාළුවන්ට, නෑදෑයන්ට, කාටවත් ගෞරව කරන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කිව්වොත් ‘මානත්තද්ධ’ කියන ඒකේ තේරුම ‘මානතදයා’. ‘තද්ධ’ කියන්නේ තද. මෙයාට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගමට වැඩියා කියලා ආරංචි වුණා. මෙයා කල්පනා කළා ‘හරි, බුදුකෙනෙක් නම් මා එක්ක කතා කරන්නේ නැතැයි. මමත් යනවා බලන්න.’ ඉතින් මෙයත් ගියා. මෙයා ගිහිල්ලා ඉණට අත් දෙක තියාගෙන බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙයාව නොදැක්කා වගේ හිටියා. බලන්න ඒ දක්ෂකම. මිනිස්සු ඇවිල්ලා කතා කරනවා, ධර්මය අහනවා.. දැන් මෙයත් අහගෙන ඉන්නවා. මිනිස්සු ඔක්කෝම ගියා. මෙයා හිතුවා ‘මෙයා විශේෂ කෙනෙක් නෙවෙයි. වෙන්න බැහැ’ කියලා. මෙයා යන්න හැරුණා. වැන්ඳේ මුකුත් නෑ. බුදුරජාණන් වහන්සේ මෙයා හැරිලා පියවර දෙකක් විතර යනකම් හිටියා. බුදුරජාණන් වහන්සේ අහනවා ‘ඔහොමද තමන් ආපු කාරණය ඉෂ්ට කරගෙන යන්නේ?’ බලන්න ඒකෙ ලස්සන? අහපු ගමන් මෙයාට ‘බුදුරජාණන් වහන්සේ මාව දැක්කා’ කියලා තේරුණා. එතැනම ඇදගෙන වැටුණා. බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරිලා උන්වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන බිම දිගාවෙලා ‘ස්වාමීනී, මට තමයි මානතදයා කියන්නේ’ මට තමයි මානතදයා කියන්නේ’ කියලා වඳින්න පටන් ගත්තා. අනිත් කට්ටිය ඔක්කොමත් මොකක්ද මේ සිද්ධිය කියලා බලන්න ළ`ගට පිරුණා. බැලුවහම පුදුමයි. කාගෙවත් කීමක් අහපු නැති, කාටවත් දමනය වුණේ නැති මේ පුද්ගලයා දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කුඩා දරුවෙක් වගේ පෙරළිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ‘හා හා දැන් ඉතින් නැගිටින්න’ කියලා ධර්මය කිව්වා. ‘බුද්ධ’ කියන්නේ ඒකයි. අවබෝධ කරගත් දේ අනිත් අයට අවබෝධ කරවනවා. මොකක් හරි අවාසනාවකට අපට ඒ යුගය මඟහැරිලා ගියා. මේ අවස්ථාවේදීවත් අපි මඟහැර ගන්නේ නැතුව ධර්මය චුට්ටක් හරි අල්ලා ගනිමු. ඊළඟ බුදුගුණය තමයි ‘භගවා.’ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන් ආදරෙන් කතා කරපු වචනයක් තමයි, ‘භාග්‍යවතුන් වහන්සේ’ කියලා කියන්නේ. ‘භගවා’ කියන එක ඉන්දියාවේ සමාජයට කොච්චර වැදුණද කියන්නේ, ඉන්දියානුවෝ අදටත් හැම දෙවිවරුන්ටම කියන්නේ ‘භගවාන්’ කියලයි. (භගවාන් කිරුණදෂ්ණ.. භගවාන් ගනේෂ්.. භගවාන් විෂ්ණු..) නමුත් ‘භගවාන්’ කියන්නේ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරපු නමක්. භගවා කියන්නේ මේ සියලු ගුණ දරන්නට තරම් ‘භාග්‍යවන්ත’ වූ නිසයි. රාගාදී සියලු කෙලෙස් නැත්තට නැති කරපු නිසයි. මේ තුන් ලොව එළිය කරන පරවිෂඥාවෙන් යුක්ත නිසයි. මහා කරුණාවෙන් යුතුව මේ ලෝකයට යහපත සැලසූ නිසයි. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ මේ බුදුගුණ නවය දන්නේ නැතුව, ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියලා දවස පුරාම ජප කළත් ‘මම මේ සරණ යන්නේ අසවල් අසවල් ගුණ තියෙන කෙනා’ කියලා අපේ හිතට යන්නේ නෑනේ. ඉතින් එහෙනම් අපි මේවා දන්නේ නැත්නම් ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද? මම තේරුම් ගත්ත දෙයක් තමයි, කෙනකුට ශ්‍රද්ධාව පිහිටියොත් එයාට ශ්‍රද්ධාව ගැන සිහිය තියෙනවා. ඒ කියන්නේ මොනම ප්‍රශ්නයක් සිදුවුණ වෙලාවකවත්, මොනම කරදරයක් සිදුවුණ වෙලාවකවත්, මොනම කලබලයක් සිදුවුණ වෙලාවකවත් එයාගේ කටින් ඒ ශ්රද්ධාවට හානි වෙන වචනයක් පිටවෙන්නේ නෑ. මොකද, එයාට ඒ ශ්‍රද්ධාව පිළිබඳ සිහිය තියෙනවා. ඒක තමයි ශ්රද්ධාවට පැමිණීමේ තියෙන විශේෂත්වය. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ දෙයක් හැටියට හුවාදක්වන්න යන්නේ නෑ. එයා මේ ධර්මය ‘බුදුරජාණන් වහන්සේගේ දෙයක්මයි’ කියලා මතුකරලා දෙනවා. ඒක ශ්‍රද්ධාවන්තයා කරන එකක්මයි. ශ්‍රද්ධාව නැතිකෙනා ධර්මය ඉගෙන ගෙන ඉවර වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් තම තමන්ගේ මත කියාගෙන යනවා. එහෙම අය ඉන්නවා. ඒ ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙම කරන්නේ නෑ.[/SIZE] Continue----->>>> [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom