Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිස කෙස් වැවී තිබීම ද සම්බාධ සහිත ය. කෙස් වැවීමෙන් සිදුවන හිරිහැර දහ තුනක් පිළිබඳ ‘මිලින්ද ප්රශ්නයේ ‘ සඳහන් වෙයි. හිස කෙස් නොමැති විට පහසුවක් දැනෙයි. භික්ෂූන් වහන්සේට මෙය තදින් බලපායි. කෙස් වවාගෙන සිටීම භික්ෂු ආකල්ප වලට නොගැලපෙයි. එය පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස හේතු නොවෙයි. පැහැදුණු අය පවා කළකිරීමට හේතුවෙයි. දෙ අඟලක් වැවී ම අනුදැන ඇතත්, එසේ වවාගෙන සිටීම අප්‍රසන්න ය. මෙහි සඳහන් අඟල් වල දිග ප්‍රමාණ පිළිබඳ නිවැරැදි තීරණයකට එළැඹිය යුතුය. රැවුල පිළිබඳ ද එවැනිම ශික්ෂා පද පනවා ඇත.

පිරිසුදු භාවය මිනිසා තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයකි. ඇතැම් තිරිසන් සත්තු , පක්ෂීහු පවා කිසියම් ප්‍රමාණයකට පිරිසුදු වීමේ ක්‍රියා මාර්ග අනුගමනය කරති. මිනිසුන් අවධානය යොමු කළ යුතු පිරිසුදුකම දෙආකාරය. එනම්, ශාරීරික පිරිසුදු භාවය හා මානසික පිරිසුදුභාවයයි. බුදු දහමෙහි මෙම දෙආකාර පිරිසුදුකම පිළිබඳ යම් යම් නීතිරීති උපදෙස් පෙන්වා ඇත. මානසික පිරිසුදු භාවයේ උච්චතම අවස්ථාව නම් සතර මඟ, සතර ඵල පිළිවෙළින් උතුම් නිර්වාණය අවබෝධ කැර ගැනීමයි. එතෙක් සිතෙහි අපිරිසිදුභාවය ඉවත්ව නොයයි. රාග, දේවේෂ, මෝහ වැනි නරක සිතිවිලි නිසා සිත කිළිටි කරයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා වැනි සිතිවිලි නිසා නිවන ආවරණය කැරෙයි. මානසික පවිත්‍රතාවය නැති මිනිසා සම්පූර්ණ මිනිසකු වශයෙන් සැළකිය නොහැකිය. මනුෂ්‍ය යන්නෙහි අර්ථය ද (මනං උස්සති මනුස්සො) මනසෙන් උසස් සත්ත්වයා යන්න යි. වඩා උසස් වනනේ මනසෙහි පිරිසුදු භාවයයි.

පුද්ගල පිරිසුදු භාවය මෙන්ම බාහිර පිරිසුදුතාව ද බෙහෙවින් වැදගත් ය. නිවාස, ආරාම ඇතුළත මෙන්ම අවට පරිසරය ද පිරිසුදුව තබා ගත යුතුªය. පරිසරයෙහි අපවිත්‍රතාව නිසා සෞඛ්‍ය ගැටලු රැසක් පැන නගියි. විශේෂයෙන් ඩෙංගු, මැලේරියා, පාචනය, වැනි රෝග පහසුවෙන් ව්‍යාප්ත වන්නේ පරිසරය පිළිබඳ මිනිසාගේ නොසැළකිල්ල නිසා බව පෙනෙයි. නිවාස මෙන්ම අවට පරිසරයත්, පරිහරණය කරන භාණ්ඩ, ඇඳුම්, පැළඳුම්, කොට්ට, මෙට්ට, ඇතිරිලි වැනි සියලු දෑ පිරිසුදුව තබා ගැනීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. පිරිසුදුකම පිළිබඳ යම් යම් ශික්ෂා පද පවා පනවා ඇත. වත් පිළිවෙත් වශයෙන් හඳුන්වන්නේ ද මෙම කරුණුම ය.

වත්තං න පරිපූරෙන්තො

න සීලං පරිපූරති

අසුද්ධ සීලෝ දුප්පඤ්ඤො

චිත්තේකග්ගං න වින්දති

වත් සම්පූර්ණ නොකරන පුද්ගලයාගේ ශීලය ද සම්පූර්ණ නොවෙයි. සිල් නැති, නුවණ නැති පුද්ගලයාගේ සිතෙහි එකඟ බවක් ද නැත්තේ ය. (වත්තක්ඛන්ධකය) භික්ෂූවක් නම් තම වාසස්ථානය වශයෙන් තෝරාගත් ස්ථානය පිළිබඳ සැළකිලිමත් විය යුතුය. පළමුව එය මිනිස් වාසයට සුදුසු ස්ථානයක්දැයි පිරික්සිය යුතු ය. පෙර කිසිවකු වාසය නොකළ ස්ථානයක් නම් පරීක්ෂා කොට එහි ඇතුළු විය යුතු ය. එම ස්ථානය අපවිත්‍ර වී ඇත්නම්, පිරිසුදු කළ යුතුය. මිදුලෙහි කසළ ඇත්නම් ඇමද පිරිසුදු කළ යුතුය. වැසිකිළිය අපවිත්‍ර වී ඇත්නම් සෝදා පිරිසුදු කළ යුතුය. ජලය නොමැති නම් ජලය තැබිය යුතුය. යම්කිසි ආවාසයක වාසය කරන භික්ෂුව එහි තිබෙන සියලු භාණ්ඩ පිරිසුදු කළ යුතුය. මිදුල්, දාන ශාලා, වැසිකිළි, කැසිකිලි, පිරිසුදු කළ යුතු ය. සෑ මළු බෝ මළු ඇමද කසළ ඉවත් කළ යුතු ය. ඇතැම් ස්ථානවලත්, නිවාස වලත් මෙම කටයුතු නිසි පරිදි සිදු නොවන බව දැනගත හැකිය. භික්ෂූන් වහන්සේ සඳහා මෙම වත් පිළිවෙත් නියම කොට ඇතත් ගිහි පින්වතුන්ට ද මේවා අනුගමනය කිරීම ඉතා සුදුසු ය. වැසිකිළියේ දී අනුගහනය කළ යුතු ක්‍රියා පටිපාටිය විශේෂයෙන් වැදගත් ය. ඇතැම් ස්ථාන වල වැසිකිළිය ආසන්නයට යෑමට පව නොහැකි අයුරින් අපිරිසුදුව තිබෙන අයුරු දැකගත හැකි ය. නියමිත ස්ථානයෙන් බැහැර මළ මුත්‍ර නොකළ යුතුය. එසේම වැසිකිලිය සෑම තැනම කෙළ නොගැසිය යුතුය. තමන් අතින් වැසිකිළිය අපවිත්‍ර වුවහොත් එය වෙනත් අයකුට පිරිසුදු කිරීමට ඉඩ නොතබා තමන් විසින්ම පිරිසුදු කිරීම උසස් ගුණයකි. ඇතුළත මෙන්ම පිටත ද අපවිත්‍ර වී ඇත්නම් පිරිසුදු කිරීම නිහතමානී ගුණයකි.

කුස්සිය නොහොත් දාන ශාලාව පිරිසුදුව තිබීම, බෙහෙවින්ම වැදගත් ය. ඇතැම් විහාරස්ථානවල මෙන්ම, නිවාස වල ද බාහිර පෙනුම ඉතා අලංකාරව පවතියි. එහෙත් අභ්‍යන්තරය නොහොත් කුස්සිය හෝ දාන ශාලාව, අපිරිසුදු තත්ත්වයේ තිබෙනු දැකිය හැකිය. ඇතැම් විට මිහිපිට අපාය සිහි ගන්වයි. දින ගණන් ගත වූ පිළුණු ගඳ හමන හට්ටි මුට්ටි පිඟන් කෝප්ප ආදියත්, කැරපොත්තන්, මැස්සන්, මීයන් වැනි සතුන් නිසාත්, පිළිකුල් සහගත ය. මේ නිසා උදරාබාධ වැනි අසනීප වලට ඉතා පහසුවෙන් ගොදුරු වෙයි. එබැවින් ඒවා නිසි පරිදි පිරිසුදු කළ යුතු බවට බුදු හිමියෝ පෙන්වා දුන්හ. අපිරිසුදුකම නිසා බොහෝ දෙනාගේ ගර්හාවට ලක් වෙයි.

ආහාර ගැනීමේදී ද පිරිසුදු බව පිළිබඳ සැළකිලිමත් විය යුතු බව ප්රාතිමෝක්ෂයට අයත් සේඛියා ශික්ෂා පද වලින් පැහැදිලි වෙයි. ‘න සිත්ථාවතාරනං භඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා’ බත්හුලු විසුරුවමින් ආහාර නොගත යුතු ය. ‘න සාමිසේන හත්ථේන පාණියථාලතං පටිග්ගභෙස්සාමි’ ඉඳුල් තැවරුණු අතින් පැන් බඳුන් නොඇල්විය යුතුය. ‘න සසිත්ථනං පත්තධෝවනං අන්තරඝරේ ඡඩ්ඩෙස්සාමි’ බත්හුලු සහිත පාත්‍ර සේදූ ජලය ඇතුළු ගමෙහි නොදැමිය යුතු ය. මෙවැනි ශික්ෂා පද භික්ෂූන් වහන්සේ උදෙසා පැනවීමෙන් බුදුහිමියන් බලාපොරොත්තු වූයේ පුද්ගල පිරිසුදුතාව මගින් මුළු මහත් සමාජයේම ආරක්ෂාවයි. මෙකල බොහෝ දෙනා ආහාර වැනි දෑ ඔතාගෙන යන කඩදාසි, පොලිතින් වැනි දේ නොසැළකිල්ලෙන් ඉවත දමති. එයින් පරිසරයේ පිරිසුදුතාවට හානි සිදුවෙයි. ‘න හරිතේ අගිලානෝ උච්චාරංවා, පස්සාවංචා ඛේලංවා කරිස්සාමිනි….’ නො මළ තණ ආදියෙහි මළ මුත්‍රා නොකළ යුතුය. ජීවන් වන ගසක මුලක් උඩට වුව ද කෙළ ගැසීම, මළ මුත්‍ර කිරීම නොකළ යුතු ය. පරිභෝකයට සුදුස ජලයෙහි කෙල ගැසීම, මළ මුත්‍ර හෙළීම නොකළ යුතු ය. ජලය පෙරා පානය කළ යුතු බවට බුදු හිමියෝ අනුදැන වදාළහ. අපිරිසුදු ජලය පානය කිරීම නිසා පහසුවෙන් ලෙඩ රෝග බෝවෙයි. අට පිරිකර සඳහා පෙරහන් කඩක් ද ඇතුළත් කර ඇත්තේ, එම හේතුව නිසායි. අද මෙන් දත් පිරිසුදු කිරීම සඳහා විවිධ දන්තාලේප නොතිබුණු අතීත යුගයේ දත් පිරිසුදු කිරීමට ‘ දැහැටි’ ප්‍රයෝජනයට ගැනිණි. ඇතැම් විට ස්වාභාවික ඖෂධ වර්ග ප්‍රයෝජනයට ගන්නා ලදී. ඖෂධීය ගුණයෙන් යුත් කරඳ මුල්, කුඹුක් මුල්, පිල මුල්, බෝඹු කෝටු වැනි දෑ ගන්නා ලදී. දැහැටියක්, වියතක දිගින් යුතු විය. එහි එක් කෙළවරක් හොඳින් තලා බුරුසුවක් අයුරෙන් සකස් කැර ගැනිණි. අනෙක් කෙළවර උල් කැර ගන්නා ලදී. වර්තමානයේ දැහැටි වෙනුවට යන්ත්‍රානුසාරයෙන් උල් කැර ගන්නා, ඉඳි කටු වැනි කූ®රු විශේෂයක්, භික්ෂූන් වහන්සේට ඇතැම් පින්වත්හු පිළිගන්වති.

උදෑසන දැහැටි වැළඳීම අනිවාර්ය පිළිවෙතත් විය. එය මුඛ සෞඛ්‍යයට හිතකර වෙයි. එසේ නොකිරීමෙන් දෝෂ පහක් සිදු වේ. එනම්, ‘අචක්ඛුස්සං , මුඛං දුග්ගන්ධං හෝති, රස හරණියෝන විසුජ්ජන්ති , පිත්තං සෙම්හං හත්තං පරියෝනන්ධති, හත්තමස්ස නච්ඡාදේති…’(අං නිකාය දන්තකට්ඨ සූත්‍රය ) දැහැටි නොවැළදීම ඇස් වලට අහිතකර ය. මුව දුගඳ වෙයි. රස නහර පිරිසුදු නොවෙයි. පිත් , සෙම් , බත අහුරවාලයි. ආහාර අපි‍්‍රය වෙයි. මෙම දෝෂ පහ සිදු වෙයි.

දත් වල කසට බැඳී තිබීම ඉතා අශෝභනය. කසට බැදීමට එක් ප්‍රධාන හේතුවක් නම්, දුම් පානය සහ නිතර බුලත් විට සැපීමයි. දුම් පානය ශරීර සෞඛ්‍යයට අහිතකර ය. එය තමන්ට මෙන්ම, අවට සිටින්නවුන්ට ද හානියක් ගෙන දෙයි.ආර්ථිකයට ද විශේෂ වශයෙන් බලපායි. අපගේ රටෙහි පමණක් වසරකට විසි දහසක් පමණ දුම් පානය නිසා මිය යයි. එසේම දිනකට මිය යන හැට දෙනා වෙනුවට අලුතෙන් හැත්තෑවක් අසූවක් අතර ප්‍රමාණයක් එකතු වන බව ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් නිකුත් කැර තිබෙන වාර්තා මගින් පෙන්වා දෙයි. මෙම තත්ත්වය නිසා, හෘදයාබාධ, සහ පිළිකා රෝග වලට ගොදුරු වන සංඛ්‍යාව සීඝ්රයෙන් වැඩි වේ. එම තත්ත්වය ඇතිවීමට පෙර ලිංගික බෙලහීනත්වය, නිතර තරහ එන ගතිය , අප්‍රසන්න අවලක්ෂණ පෙනුම, විශේෂයෙන් තොල් කළු පැහැ වීම, හම රැළි වැටීම, ඇස් කහ පැහැ වීම, වයසට වඩා මහලු පෙනුම, මුඛ දුර්ගන්ධය ඇති වීම වැනි අනිටු ප්‍රතිඵල අත් විඳීමට සිදු වේ. එදිනෙදා පෞද්ගලික කටයුතු වලට පවා දුම්පානය අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත් කැරගෙන සිටිති. ඇතැමුන්ට ආහාර ගැනීම, තේ පානය, වැසිකිළි යාම, චිත්‍රපටයක නාට්‍යයක රස විඳීම පවා දුම් පානයෙන් තොරව කළ නොහැකිය. ඇතැම් දෙනා සිද්ධස්ථාන වල දී හොර රහසේ මෙන්ම ප්‍රසිද්ධියේ ද දුම් පානය කරනු දැකිය හැකිය. එය ‘දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පණත ‘ යටතේ රුපියල් දෙදහසක දඩයක් හෝ වසරක සිර දඩුවමක් හෝ එම දඬුවම් දෙකම හෝ ලැබිය යුතු බරපතල වරදකි. මේ පිළිබඳ ගරුතර මහා සංඝ රත්නයේ ද අවධානය යොමු කිරීම වැදගත් බව ගෞරවයෙන් පෙන්වා දෙමි.

අධික ලෙස බුලත් විට සැපීම ද මුඛය අවලක්ෂණ වීමට හේතුවකි. ඇතැම් අය එළුවන් සේ නිතර බුලත් විට සපති. ඇතැම් භික්ෂූන් වහන්සේ දාන ශාලාවට වඩින විට ද බුලත් විටකින් මුව පුරවා ගනිති. දිනකට බුලත් විට දෙක තුනකට වඩා සැපීම සුදුසු නොවේ. නිතර බුලත් විට සැපීම නිසා, දත් දුර්වර්ණ වීමත් හකු පිළිකා වලට පහසුවෙන් ගොදුරු වීමත් සිදු වෙයි.

හිස කෙස් වැවී තිබීම ද සම්බාධ සහිත ය. කෙස් වැවීමෙන් සිදුවන හිරිහැර දහ තුනක් පිළිබඳ ‘මිලින්ද ප්රශ්නයේ ‘ සඳහන් වෙයි. හිස කෙස් නොමැති විට පහසුවක් දැනෙයි. භික්ෂූන් වහන්සේට මෙය තදින් බලපායි. කෙස් වවාගෙන සිටීම භික්ෂු ආකල්ප වලට නොගැලපෙයි. එය පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස හේතු නොවෙයි. පැහැදුණු අය පවා කළකිරීමට හේතුවෙයි. ‘ න භික්ඛවේ දීඝා කේසා ධාරේතබ්බා . යෝ ධාරෙය්ය ආපත්ති දුක්ඛටස්ස ‘ ‘අනුජානාමි භික්ඛවේ දූමාසිකංවා , ද්වංගුලංවා ‘ (චූලවග්ගය) මහණෙනි, දික් හිසකෙස් නොදැරිය යුතු ය. යමෙක් දරයි නම්, ඔහුට දුක්ඛටාපත්ති සිදු වෙයි. දෙමසකට වරක් හෝ දෙඅඟලක් වැවුණු කල, හිස කෙස් කැපීම අනු දනිමි’ මෙහි දෙ අඟලක් වැවී ම අනුදැන ඇතත්, එසේ වවාගෙන සිටීම අප්‍රසන්න ය. මෙහි සඳහන් අඟල් වල දිග ප්‍රමාණ පිළිබඳ නිවැරැදි තීරණයකට එළැඹිය යුතුය. රැවුල පිළිබඳ ද එවැනිම ශික්ෂා පද පනවා ඇත.

[QUOTE="rocat90, post: 14675966, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash4/484169_588942094468834_1365885232_n.jpg[/IMG] හිස කෙස් වැවී තිබීම ද සම්බාධ සහිත ය. කෙස් වැවීමෙන් සිදුවන හිරිහැර දහ තුනක් පිළිබඳ ‘මිලින්ද ප්රශ්නයේ ‘ සඳහන් වෙයි. හිස කෙස් නොමැති විට පහසුවක් දැනෙයි. භික්ෂූන් වහන්සේට මෙය තදින් බලපායි. කෙස් වවාගෙන සිටීම භික්ෂු ආකල්ප වලට නොගැලපෙයි. එය පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස හේතු නොවෙයි. පැහැදුණු අය පවා කළකිරීමට හේතුවෙයි. දෙ අඟලක් වැවී ම අනුදැන ඇතත්, එසේ වවාගෙන සිටීම අප්‍රසන්න ය. මෙහි සඳහන් අඟල් වල දිග ප්‍රමාණ පිළිබඳ නිවැරැදි තීරණයකට එළැඹිය යුතුය. රැවුල පිළිබඳ ද එවැනිම ශික්ෂා පද පනවා ඇත. පිරිසුදු භාවය මිනිසා තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයකි. ඇතැම් තිරිසන් සත්තු , පක්ෂීහු පවා කිසියම් ප්‍රමාණයකට පිරිසුදු වීමේ ක්‍රියා මාර්ග අනුගමනය කරති. මිනිසුන් අවධානය යොමු කළ යුතු පිරිසුදුකම දෙආකාරය. එනම්, ශාරීරික පිරිසුදු භාවය හා මානසික පිරිසුදුභාවයයි. බුදු දහමෙහි මෙම දෙආකාර පිරිසුදුකම පිළිබඳ යම් යම් නීතිරීති උපදෙස් පෙන්වා ඇත. මානසික පිරිසුදු භාවයේ උච්චතම අවස්ථාව නම් සතර මඟ, සතර ඵල පිළිවෙළින් උතුම් නිර්වාණය අවබෝධ කැර ගැනීමයි. එතෙක් සිතෙහි අපිරිසිදුභාවය ඉවත්ව නොයයි. රාග, දේවේෂ, මෝහ වැනි නරක සිතිවිලි නිසා සිත කිළිටි කරයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා වැනි සිතිවිලි නිසා නිවන ආවරණය කැරෙයි. මානසික පවිත්‍රතාවය නැති මිනිසා සම්පූර්ණ මිනිසකු වශයෙන් සැළකිය නොහැකිය. මනුෂ්‍ය යන්නෙහි අර්ථය ද (මනං උස්සති මනුස්සො) මනසෙන් උසස් සත්ත්වයා යන්න යි. වඩා උසස් වනනේ මනසෙහි පිරිසුදු භාවයයි. පුද්ගල පිරිසුදු භාවය මෙන්ම බාහිර පිරිසුදුතාව ද බෙහෙවින් වැදගත් ය. නිවාස, ආරාම ඇතුළත මෙන්ම අවට පරිසරය ද පිරිසුදුව තබා ගත යුතුªය. පරිසරයෙහි අපවිත්‍රතාව නිසා සෞඛ්‍ය ගැටලු රැසක් පැන නගියි. විශේෂයෙන් ඩෙංගු, මැලේරියා, පාචනය, වැනි රෝග පහසුවෙන් ව්‍යාප්ත වන්නේ පරිසරය පිළිබඳ මිනිසාගේ නොසැළකිල්ල නිසා බව පෙනෙයි. නිවාස මෙන්ම අවට පරිසරයත්, පරිහරණය කරන භාණ්ඩ, ඇඳුම්, පැළඳුම්, කොට්ට, මෙට්ට, ඇතිරිලි වැනි සියලු දෑ පිරිසුදුව තබා ගැනීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. පිරිසුදුකම පිළිබඳ යම් යම් ශික්ෂා පද පවා පනවා ඇත. වත් පිළිවෙත් වශයෙන් හඳුන්වන්නේ ද මෙම කරුණුම ය. වත්තං න පරිපූරෙන්තො න සීලං පරිපූරති අසුද්ධ සීලෝ දුප්පඤ්ඤො චිත්තේකග්ගං න වින්දති වත් සම්පූර්ණ නොකරන පුද්ගලයාගේ ශීලය ද සම්පූර්ණ නොවෙයි. සිල් නැති, නුවණ නැති පුද්ගලයාගේ සිතෙහි එකඟ බවක් ද නැත්තේ ය. (වත්තක්ඛන්ධකය) භික්ෂූවක් නම් තම වාසස්ථානය වශයෙන් තෝරාගත් ස්ථානය පිළිබඳ සැළකිලිමත් විය යුතුය. පළමුව එය මිනිස් වාසයට සුදුසු ස්ථානයක්දැයි පිරික්සිය යුතු ය. පෙර කිසිවකු වාසය නොකළ ස්ථානයක් නම් පරීක්ෂා කොට එහි ඇතුළු විය යුතු ය. එම ස්ථානය අපවිත්‍ර වී ඇත්නම්, පිරිසුදු කළ යුතුය. මිදුලෙහි කසළ ඇත්නම් ඇමද පිරිසුදු කළ යුතුය. වැසිකිළිය අපවිත්‍ර වී ඇත්නම් සෝදා පිරිසුදු කළ යුතුය. ජලය නොමැති නම් ජලය තැබිය යුතුය. යම්කිසි ආවාසයක වාසය කරන භික්ෂුව එහි තිබෙන සියලු භාණ්ඩ පිරිසුදු කළ යුතුය. මිදුල්, දාන ශාලා, වැසිකිළි, කැසිකිලි, පිරිසුදු කළ යුතු ය. සෑ මළු බෝ මළු ඇමද කසළ ඉවත් කළ යුතු ය. ඇතැම් ස්ථානවලත්, නිවාස වලත් මෙම කටයුතු නිසි පරිදි සිදු නොවන බව දැනගත හැකිය. භික්ෂූන් වහන්සේ සඳහා මෙම වත් පිළිවෙත් නියම කොට ඇතත් ගිහි පින්වතුන්ට ද මේවා අනුගමනය කිරීම ඉතා සුදුසු ය. වැසිකිළියේ දී අනුගහනය කළ යුතු ක්‍රියා පටිපාටිය විශේෂයෙන් වැදගත් ය. ඇතැම් ස්ථාන වල වැසිකිළිය ආසන්නයට යෑමට පව නොහැකි අයුරින් අපිරිසුදුව තිබෙන අයුරු දැකගත හැකි ය. නියමිත ස්ථානයෙන් බැහැර මළ මුත්‍ර නොකළ යුතුය. එසේම වැසිකිලිය සෑම තැනම කෙළ නොගැසිය යුතුය. තමන් අතින් වැසිකිළිය අපවිත්‍ර වුවහොත් එය වෙනත් අයකුට පිරිසුදු කිරීමට ඉඩ නොතබා තමන් විසින්ම පිරිසුදු කිරීම උසස් ගුණයකි. ඇතුළත මෙන්ම පිටත ද අපවිත්‍ර වී ඇත්නම් පිරිසුදු කිරීම නිහතමානී ගුණයකි. කුස්සිය නොහොත් දාන ශාලාව පිරිසුදුව තිබීම, බෙහෙවින්ම වැදගත් ය. ඇතැම් විහාරස්ථානවල මෙන්ම, නිවාස වල ද බාහිර පෙනුම ඉතා අලංකාරව පවතියි. එහෙත් අභ්‍යන්තරය නොහොත් කුස්සිය හෝ දාන ශාලාව, අපිරිසුදු තත්ත්වයේ තිබෙනු දැකිය හැකිය. ඇතැම් විට මිහිපිට අපාය සිහි ගන්වයි. දින ගණන් ගත වූ පිළුණු ගඳ හමන හට්ටි මුට්ටි පිඟන් කෝප්ප ආදියත්, කැරපොත්තන්, මැස්සන්, මීයන් වැනි සතුන් නිසාත්, පිළිකුල් සහගත ය. මේ නිසා උදරාබාධ වැනි අසනීප වලට ඉතා පහසුවෙන් ගොදුරු වෙයි. එබැවින් ඒවා නිසි පරිදි පිරිසුදු කළ යුතු බවට බුදු හිමියෝ පෙන්වා දුන්හ. අපිරිසුදුකම නිසා බොහෝ දෙනාගේ ගර්හාවට ලක් වෙයි. ආහාර ගැනීමේදී ද පිරිසුදු බව පිළිබඳ සැළකිලිමත් විය යුතු බව ප්රාතිමෝක්ෂයට අයත් සේඛියා ශික්ෂා පද වලින් පැහැදිලි වෙයි. ‘න සිත්ථාවතාරනං භඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා’ බත්හුලු විසුරුවමින් ආහාර නොගත යුතු ය. ‘න සාමිසේන හත්ථේන පාණියථාලතං පටිග්ගභෙස්සාමි’ ඉඳුල් තැවරුණු අතින් පැන් බඳුන් නොඇල්විය යුතුය. ‘න සසිත්ථනං පත්තධෝවනං අන්තරඝරේ ඡඩ්ඩෙස්සාමි’ බත්හුලු සහිත පාත්‍ර සේදූ ජලය ඇතුළු ගමෙහි නොදැමිය යුතු ය. මෙවැනි ශික්ෂා පද භික්ෂූන් වහන්සේ උදෙසා පැනවීමෙන් බුදුහිමියන් බලාපොරොත්තු වූයේ පුද්ගල පිරිසුදුතාව මගින් මුළු මහත් සමාජයේම ආරක්ෂාවයි. මෙකල බොහෝ දෙනා ආහාර වැනි දෑ ඔතාගෙන යන කඩදාසි, පොලිතින් වැනි දේ නොසැළකිල්ලෙන් ඉවත දමති. එයින් පරිසරයේ පිරිසුදුතාවට හානි සිදුවෙයි. ‘න හරිතේ අගිලානෝ උච්චාරංවා, පස්සාවංචා ඛේලංවා කරිස්සාමිනි….’ නො මළ තණ ආදියෙහි මළ මුත්‍රා නොකළ යුතුය. ජීවන් වන ගසක මුලක් උඩට වුව ද කෙළ ගැසීම, මළ මුත්‍ර කිරීම නොකළ යුතු ය. පරිභෝකයට සුදුස ජලයෙහි කෙල ගැසීම, මළ මුත්‍ර හෙළීම නොකළ යුතු ය. ජලය පෙරා පානය කළ යුතු බවට බුදු හිමියෝ අනුදැන වදාළහ. අපිරිසුදු ජලය පානය කිරීම නිසා පහසුවෙන් ලෙඩ රෝග බෝවෙයි. අට පිරිකර සඳහා පෙරහන් කඩක් ද ඇතුළත් කර ඇත්තේ, එම හේතුව නිසායි. අද මෙන් දත් පිරිසුදු කිරීම සඳහා විවිධ දන්තාලේප නොතිබුණු අතීත යුගයේ දත් පිරිසුදු කිරීමට ‘ දැහැටි’ ප්‍රයෝජනයට ගැනිණි. ඇතැම් විට ස්වාභාවික ඖෂධ වර්ග ප්‍රයෝජනයට ගන්නා ලදී. ඖෂධීය ගුණයෙන් යුත් කරඳ මුල්, කුඹුක් මුල්, පිල මුල්, බෝඹු කෝටු වැනි දෑ ගන්නා ලදී. දැහැටියක්, වියතක දිගින් යුතු විය. එහි එක් කෙළවරක් හොඳින් තලා බුරුසුවක් අයුරෙන් සකස් කැර ගැනිණි. අනෙක් කෙළවර උල් කැර ගන්නා ලදී. වර්තමානයේ දැහැටි වෙනුවට යන්ත්‍රානුසාරයෙන් උල් කැර ගන්නා, ඉඳි කටු වැනි කූ®රු විශේෂයක්, භික්ෂූන් වහන්සේට ඇතැම් පින්වත්හු පිළිගන්වති. උදෑසන දැහැටි වැළඳීම අනිවාර්ය පිළිවෙතත් විය. එය මුඛ සෞඛ්‍යයට හිතකර වෙයි. එසේ නොකිරීමෙන් දෝෂ පහක් සිදු වේ. එනම්, ‘අචක්ඛුස්සං , මුඛං දුග්ගන්ධං හෝති, රස හරණියෝන විසුජ්ජන්ති , පිත්තං සෙම්හං හත්තං පරියෝනන්ධති, හත්තමස්ස නච්ඡාදේති…’(අං නිකාය දන්තකට්ඨ සූත්‍රය ) දැහැටි නොවැළදීම ඇස් වලට අහිතකර ය. මුව දුගඳ වෙයි. රස නහර පිරිසුදු නොවෙයි. පිත් , සෙම් , බත අහුරවාලයි. ආහාර අපි‍්‍රය වෙයි. මෙම දෝෂ පහ සිදු වෙයි. දත් වල කසට බැඳී තිබීම ඉතා අශෝභනය. කසට බැදීමට එක් ප්‍රධාන හේතුවක් නම්, දුම් පානය සහ නිතර බුලත් විට සැපීමයි. දුම් පානය ශරීර සෞඛ්‍යයට අහිතකර ය. එය තමන්ට මෙන්ම, අවට සිටින්නවුන්ට ද හානියක් ගෙන දෙයි.ආර්ථිකයට ද විශේෂ වශයෙන් බලපායි. අපගේ රටෙහි පමණක් වසරකට විසි දහසක් පමණ දුම් පානය නිසා මිය යයි. එසේම දිනකට මිය යන හැට දෙනා වෙනුවට අලුතෙන් හැත්තෑවක් අසූවක් අතර ප්‍රමාණයක් එකතු වන බව ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් නිකුත් කැර තිබෙන වාර්තා මගින් පෙන්වා දෙයි. මෙම තත්ත්වය නිසා, හෘදයාබාධ, සහ පිළිකා රෝග වලට ගොදුරු වන සංඛ්‍යාව සීඝ්රයෙන් වැඩි වේ. එම තත්ත්වය ඇතිවීමට පෙර ලිංගික බෙලහීනත්වය, නිතර තරහ එන ගතිය , අප්‍රසන්න අවලක්ෂණ පෙනුම, විශේෂයෙන් තොල් කළු පැහැ වීම, හම රැළි වැටීම, ඇස් කහ පැහැ වීම, වයසට වඩා මහලු පෙනුම, මුඛ දුර්ගන්ධය ඇති වීම වැනි අනිටු ප්‍රතිඵල අත් විඳීමට සිදු වේ. එදිනෙදා පෞද්ගලික කටයුතු වලට පවා දුම්පානය අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත් කැරගෙන සිටිති. ඇතැමුන්ට ආහාර ගැනීම, තේ පානය, වැසිකිළි යාම, චිත්‍රපටයක නාට්‍යයක රස විඳීම පවා දුම් පානයෙන් තොරව කළ නොහැකිය. ඇතැම් දෙනා සිද්ධස්ථාන වල දී හොර රහසේ මෙන්ම ප්‍රසිද්ධියේ ද දුම් පානය කරනු දැකිය හැකිය. එය ‘දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පණත ‘ යටතේ රුපියල් දෙදහසක දඩයක් හෝ වසරක සිර දඩුවමක් හෝ එම දඬුවම් දෙකම හෝ ලැබිය යුතු බරපතල වරදකි. මේ පිළිබඳ ගරුතර මහා සංඝ රත්නයේ ද අවධානය යොමු කිරීම වැදගත් බව ගෞරවයෙන් පෙන්වා දෙමි. අධික ලෙස බුලත් විට සැපීම ද මුඛය අවලක්ෂණ වීමට හේතුවකි. ඇතැම් අය එළුවන් සේ නිතර බුලත් විට සපති. ඇතැම් භික්ෂූන් වහන්සේ දාන ශාලාවට වඩින විට ද බුලත් විටකින් මුව පුරවා ගනිති. දිනකට බුලත් විට දෙක තුනකට වඩා සැපීම සුදුසු නොවේ. නිතර බුලත් විට සැපීම නිසා, දත් දුර්වර්ණ වීමත් හකු පිළිකා වලට පහසුවෙන් ගොදුරු වීමත් සිදු වෙයි. හිස කෙස් වැවී තිබීම ද සම්බාධ සහිත ය. කෙස් වැවීමෙන් සිදුවන හිරිහැර දහ තුනක් පිළිබඳ ‘මිලින්ද ප්රශ්නයේ ‘ සඳහන් වෙයි. හිස කෙස් නොමැති විට පහසුවක් දැනෙයි. භික්ෂූන් වහන්සේට මෙය තදින් බලපායි. කෙස් වවාගෙන සිටීම භික්ෂු ආකල්ප වලට නොගැලපෙයි. එය පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස හේතු නොවෙයි. පැහැදුණු අය පවා කළකිරීමට හේතුවෙයි. ‘ න භික්ඛවේ දීඝා කේසා ධාරේතබ්බා . යෝ ධාරෙය්ය ආපත්ති දුක්ඛටස්ස ‘ ‘අනුජානාමි භික්ඛවේ දූමාසිකංවා , ද්වංගුලංවා ‘ (චූලවග්ගය) මහණෙනි, දික් හිසකෙස් නොදැරිය යුතු ය. යමෙක් දරයි නම්, ඔහුට දුක්ඛටාපත්ති සිදු වෙයි. දෙමසකට වරක් හෝ දෙඅඟලක් වැවුණු කල, හිස කෙස් කැපීම අනු දනිමි’ මෙහි දෙ අඟලක් වැවී ම අනුදැන ඇතත්, එසේ වවාගෙන සිටීම අප්‍රසන්න ය. මෙහි සඳහන් අඟල් වල දිග ප්‍රමාණ පිළිබඳ නිවැරැදි තීරණයකට එළැඹිය යුතුය. රැවුල පිළිබඳ ද එවැනිම ශික්ෂා පද පනවා ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom