Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු හැදියාව යි අව්‍යාජ චරිතය යි

‘කුහ’, ‘කුහක’ යන වදන් පාලියෙහි මෙන්ම සංස්කෘතයෙහිත් භාවිත වනවා. නැතිගුණ පෙන්වන්නා, වංචාකාරයා, මායාවෙන් අනුන් රවටන්නා, ව්‍යාජ ඇවැතුම් පැවැතුම් ඇත්තා යන අදහස් මේ වදන තුළ ගැබ්ව තිබෙනවා. කුහකයාගේ ස්වභාව වන්නේ තමා තුළ සැබැවින්ම නැති, එසේ නැති බවද පැහැදිලිවම දන්නා, උසස් ගුණ ධර්ම තමා තුළ ඇතැයි පෙන්වීමයි. එමඟින් ලෝකයා රැවටීමත්, වංචාකිරීමත්, එසේ කොට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසාදිය ලැබීමත් කුහකයාගේ සැටියයි.

“සමෙහි පැහැයෙන් හෝ බාහිර හැඩරුවෙන් හෝ මිනිසුන් තේරුම්ගත නොහැකිය. දුටු සැණින් (හුදෙක් බාහිර පෙනුමට, පැවැත්මට මුළා වී) යමකු විශ්වාස නොකළ යුතු ය. කවර හෙයින්දයත් අසංයත වූ මනා හැදියාවක් නැත්තෝ සංයත වූ මනා හැදියාව ඇත්තවුන් සේ ලොව හැසිරෙත්” යනුවෙන් බුදුරදුන් දේශනා කළේ අනුන් රවටාලීමේ අටියෙන් බාහිර වශයෙන්, පිටතින් පමණක් මවාගත් ගතිගුණ සහිතව හැසිරෙන රැවැටිලිකාර පිරිස් ගැනයි.

සංයුක්ත නිකායේ, සන්තජටිල සූත්‍රයෙහි මෙසේ දැක්වෙනවා.

“මැටියෙන් තැනූ කුණ්ඩලාභරණවලත් නොවටිනා ලෝහයෙන් තැනූ කාසිවලත් පිටතින් පමණක් රන් පැහැය තවරා ඒ නොවටිනා දෑ වටිනා රන් නිමැවුම් සේ පෙන්වන්නේ යම් සේද, එසේම පිටතින් පමණක් තවුස්බව, හැදියාව පෙන්වන්නෝ ලොව රවටමින් හැසිරෙති. ඔවුහු ඇතුළතින් අශුද්ධ වන අතර බාහිරින් පමණක් යහපත්කම පෙන්වති.”

ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ ගාථාවක් මෙසේයි.

න නග්ගචරියා න ජටා න පංකා

නානාසකා ථණ්ඩිලසායිකා වා

රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං

සොධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං

මෙයින් අර්ථවත් කළේ, නිරුවත්ව හැසිරීම, ජටා දැරීම, ඇඟමඩ තවරාගෙන සිටීම, නිසිපරිදි අහර නොගැනීම, බිම වැතිර සිටීම, ඇඟ දූවිලි දැලි පතුරු ඇතිවනතෙක් නොනාසිටීම සහ උක්කුටිකයෙන් හිදීම යනාදී කිසිදු තාපස ව්‍රතයකින් අධ්‍යාත්මික දියුණුව ඇති නොවන බවයි.

ගිහි හෝ පැවිදි හෝ කවරකු වුවත් සිය ශ්‍රාවකයකු විවෘත චරිතයකින් තොර වංචනික කුහකයකු වනු දැක්ම බුදුරජාණන් වහන්සේ කවර විටෙකත් අපේක්ෂා කළේ නැහැ.

“උත්තාන” යනු ප්‍රකට බවයි; විවෘත බවයි. සඟවාගත් වංචනික අදහස්වලින් තොරව අව්‍යාජ හා චරිතවත් පුද්ගලයන් ලෙස ශ්‍රාවකයන් ක්‍රියා කරනු දැක්ම බුදුරදුන්ගේ අපේක්ෂාව වුණා.

භික්ෂු විනය තුළ, කුහකත්වයෙන් ක්‍රියා කිරීම වළක්වාලනු පිණිස වඩාත් දැඩි වූ ශික්ෂා ප්රඥප්ති පනවා තිබෙනවා. ඒ අනුව පාරාජිකා සතරක් ක්‍රියාත්මක වනවා. ඒ මෛථුන ධම්ම, අදත්තාදාන, මනුස්ස විග්ගහ, උත්තරිය මනුස්ස ධම්ම යන පාරාජිකා සතරයි. මෙයින් පළමුවැනි දෙවැනි හා තෙවැනි පාරාජිකයන්ට වඩා අර්ථයෙන් මෙන්ම ස්වරූපයෙන් ද සිව්වැනි පාරාජිකාව සුවිශේෂී වනවා.

එහි ප්රමුඛ අපේක්ෂාව වී ඇත්තේ උපසපන් භික්ෂුව සෙසු ගිහි, පැවිද්දන් රවටමින් වංචාසහගත ලෙස, නැති ගුණ තමා වෙත ඇතැයි දැක්වීම වළක්වාලීමයි. එනම්, භික්ෂුව අවංක හා විවෘත චරිතයක් ඇත්තකු කිරීමයි. ඒ තුළින් කුහකත්වය ඇති පුද්ගලයාට උසස් තත්ත්වයක් ලැබීම වැළැකෙනවා. ඇතැම් කුහක භික්ෂූන් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සිව්පසය ලබා ගැනීමේ අටියෙන් නැති ගුණ හැඟවීමටත් සෙස්සන් රැවැටීමටත් පෙළඹීමද මෙයින් වැළැකෙනවා.

බුදුන් වදාළ ආර්ය මාර්ග සංඛ්‍යාත නිවන් මඟ අංග අටෙකින් යුක්ත වෙනවා. පැවිදි, ගිහි දෙපක්ෂයටම පොදු වූ එකී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පස්වැන්න සම්මා ආජීවයයි. සැරියුත් හිමියෝ එය අරුත් ගන්වමින්, “මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිතං කප්පේති” යනුවෙන් සච්ච විභංග සූත්‍රයෙහි දැක්වූයේ, මිථ්‍යා ආජීවයෙන් තොරව සම්‍යක් ආජිවයෙන් දිවිය පවත්වාගෙන යෑමේ වැදගත්කමයි. එනම් සාවද්‍ය ඉපැයීම් වලින් තොරව ධර්මානුකූලව, නිවැරැදිව උපයාගෙන දිවිපැවැත්වීම සිදුකළ යුතු බවයි. එය පැවිදි, ගිහි උභය පක්ෂයටම සාධාරණයි.

ගිහියකුට අදාළ සම්මා ආජීවය වන්නේ දැහැමි රැකියා මාර්ගයකින් ජීවත්වීමයි. එනම් සතුන්, මස් මාංශ, අවි ආයුධ, වස විස හා මත්පැන් ආදිය වෙළෙඳාම් කිරීම වැනි අදැහැමි දිවි පැවැතුම්වලින් වැළැකී ධාර්මික ආදායම් මාර්ගයකින් උපයා ජීවත්වීමයි. ශ්‍රමණ දිවියට කැප වන සේ සිවුපසය ලැබීම පැවිද්දාට අදාළ සම්මා ආජීවයයි. කූඨ, වංචනික ක්‍රියා මගින් දායකාදීන් රැවැටීම භික්ෂූවක් නොකළ යුත්තක්. බෞද්ධ පොතපතෙහි නොයෙක් අවස්ථාවන්හි කුහක භික්ෂුවරයන් ගැන දක්වා තිබෙනවා. විභංගට්ඨ කථාවේ එවැනි භික්ෂූන් කිහිප දෙනකු පිළිබඳ සඳහන් වනවා. අරහත් මගඵල ලබා නැතිවම තමා රහත් යැයි උපාසකවරුන් වංචාවෙන් නොමඟ යවා ප්‍රසාදය දිනාගත් ‘චාටි අරහන්ත’ ඉන් එක් භික්ෂුවක්.

තමන්ගේ අසපුවේ කුටිය ඇතුළත මහ සැලියක් තබාගත් ඔහු උපාසකවරුන් දුරින් එනු දකිනවිට එයට රිංගනවා. මිනිසුන් භික්ෂුව කොහේ දැයි සොයන විට, ඇතුළු ගැබ සිටින බව කී විටත් ඒ තුළ සිටින බවක් මිනිසුන්ට පෙනෙන්නෙ නැහැ. ඔවුන් පිටතට ඇවිත් භික්ෂුව ඇතුළු ගැබ නැති බව කියන විට, ඇතුළු ගැබ සිටින භික්ෂුව එය අසා සැලියෙන් නික්ම අසුනේ හිඳගන්නවා.

භික්ෂුව කුටියේ සිටිනු දකින උපාසකවරු පුදුමයට පත්වෙනවා. පැවිද්දෝ නම් තමන් කැමැති තැනකට යන නිසා ඔබලාට මා නොපෙනුනේ යැයි පවසන භික්ෂුව තමන් රහත්බව හඟවනවා. නැති ගුණ පෙන්වා මිනිසුන් වංචාවෙන් රවටන මේ භික්ෂුව හඳුන්වන්නේ කුහකයකු ලෙසයි.

තවත් එවැනිම භික්ෂුවක් පර්වත මුදුනක පන්සලක වාසය කළා. වක්රාකාර වූ මාර්ගයක් ඔස්සේයි ඒ පන්සලට යන්න පුළුවන්. සෘජුව පිහිටා තිබෙන ඒ පර්වතයට කෙළින්ම ළඟාවෙන්න නොහැකියි. එනිසා භික්ෂුව බැහැදැකීමට ජනයා පැමිණෙන්නේ දූර මාර්ගයෙන්. තමන් හමුවට පැමිණෙන පිරිස ආපසු යන අතර භික්ෂුව පර්වතයෙහි වූ නුග ගසක මුල්වල ආධාරයෙන් පහළට බසිනවා. දායකයන් මෙය නොදැන තමන්ට පෙර පර්වත පාමුලට පැමිණ සිටින භික්ෂුව දැකීමෙන් විමතියට පත්වෙනවා. භික්ෂුව තමන් රහත් බව අඟවනවා. මේ භික්ෂුවත් කුහක ගතිවලින් යුක්තයි.

බුද්ධඝෝෂ හිමියන් කුහක චර්යාවන් පිළිබඳ දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරනවා. සතර සංවර ශීලයේ තෙවැන්න වූ ආජීව පාරිශුද්ධි ශීලයට විවරණ සපයන උන්වහන්සේ සම්මා ආජීවය බිඳවැටීම වළක්වනු සඳහා, එනම් ආජීව පාරිශුද්ධිය ඇති කිරීමට භික්ෂූන් සඳහා බුදුරදුන් පනවා ඇති ශික්ෂා හයක් උපුටා දක්වනවා.

1. පාරාජිකාපත්තීන් අතර උත්තරිමනුස්ස ධම්ම පාරාජිකාව.

2. සංඝාදිසේසාපත්තීන් අතර දැක්වෙන, උපසපන් භික්ෂුවක විසින් ස්ත්‍රී, පුරුෂ දෙදෙනකුගේ එක්වීම පිණිස වන පණිවුඩ එකිනෙකා වෙත ගෙන යනු ලැබීමේ වරදකාරී ක්‍රියාව.

3. ඵුල්ලච්චය ආපත්තීන් අතර, තමා රහත් යැයි අනියමින් (වක්‍රලෙස) දායකයනට කීමෙන් වන ඇවැත.

4. පචිති ඇවැත් අතර, තමා නොගිලන්ව සිටිමින් ගිලන් යැයි කියා දායකයන් රවටා කිරි ආදී ප්‍රණීත දේ ගෙන්වාගෙන වැළැඳීමෙන් වන ඇවැත.

5. පාටිදේසනීය ඇවැත් අතර, ඉහත කී පරිදි රැවැටීමෙන් භික්ෂුණියකට වන ඇවැත

6. දුක්කටාපත්ති අතර, උපසපන් භික්ෂුණියක ඉහත කී පරිදි සූප ව්යංජනාදිය ගෙන්වාගෙන වැළැඳීමෙන් වන ඇවැත.

මෙලෙස සඳහන් කළ සියලු කරුණු පැවිද්දකු තුළ ඇතිවිය හැකි කුහක ගතිපැවැතුම් වලට අදාළයි. එලෙසම ගිහියකු තුළත් නැතිගුණ හඟවා ලෝකයා රැවැටීම නම් වූ කුහකත්වය ඇතිවෙන්න පුළුවන්.

පාලි අට්ඨකථාවලත් කුහකබවට නිදසුන් සඳහන් වනවා. ජාතකට්ඨ කථාවේ එන කුහක ජාතකයේ පෙර බරණැස විසූ එක් කුහක තවුසකු පිළිබඳ අපූරු පුවතක් කියැවෙනවා. ජටාධරයකුට පැහැදුණු එක් කෙළෙඹි පුත්‍රයෙක් වනයේ පන්සලක් කරවා ඔහුට මිහිරි ආහාරපානාදියෙන් සංග්‍රහ කරනවා. තමන් තුළ නැති ගුණ පෙන්වමින් මේ තවුසාද සිව්පසය ලබාගන්නවා. එනිසා ඔහුත් කුහකයෙක් වනවා.

විවෘත චරිතයකින් යුතුව අව්‍යාජ ගතිපැවැතුම් ඇතිව ක්‍රියා කිරීම බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්ෂණයක්. එය ලෝකයට ලබාදුන් ශ්‍රේෂ්ඨතම ආදර්ශයක්. කුහක ගතිපැවැතුම් නැති ශ්‍රේෂ්ඨ ආචාර්යවරයාණන් වූ ලොව්තුරු බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවක ශික්ෂාකාමී මහා සංඝරත්නයත් ලොවටම ආදර්ශයක්. එනිසා දහම් මඟ යන නියම බෞද්ධයකු කවර අයුරකින්වත් තමන් තුළ කුහකකම රැඳෙන්නට ඉඩ තබන්නේ නැහැ. බුදුදහම නිබඳව අගය කරන්නේ විවෘත, අව්‍යාජ හා චරිතවත් ඇත්තන් ලෙස පැවිදි, ගිහි දෙපිරිසම කටයුතු කිරීමයි

දේවාලේගම මේධානන්ද හිමි

[QUOTE="rocat90, post: 14676003, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash4/269377_588183684544675_1451776895_n.jpg[/IMG] බොදු හැදියාව යි අව්‍යාජ චරිතය යි ‘කුහ’, ‘කුහක’ යන වදන් පාලියෙහි මෙන්ම සංස්කෘතයෙහිත් භාවිත වනවා. නැතිගුණ පෙන්වන්නා, වංචාකාරයා, මායාවෙන් අනුන් රවටන්නා, ව්‍යාජ ඇවැතුම් පැවැතුම් ඇත්තා යන අදහස් මේ වදන තුළ ගැබ්ව තිබෙනවා. කුහකයාගේ ස්වභාව වන්නේ තමා තුළ සැබැවින්ම නැති, එසේ නැති බවද පැහැදිලිවම දන්නා, උසස් ගුණ ධර්ම තමා තුළ ඇතැයි පෙන්වීමයි. එමඟින් ලෝකයා රැවටීමත්, වංචාකිරීමත්, එසේ කොට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසාදිය ලැබීමත් කුහකයාගේ සැටියයි. “සමෙහි පැහැයෙන් හෝ බාහිර හැඩරුවෙන් හෝ මිනිසුන් තේරුම්ගත නොහැකිය. දුටු සැණින් (හුදෙක් බාහිර පෙනුමට, පැවැත්මට මුළා වී) යමකු විශ්වාස නොකළ යුතු ය. කවර හෙයින්දයත් අසංයත වූ මනා හැදියාවක් නැත්තෝ සංයත වූ මනා හැදියාව ඇත්තවුන් සේ ලොව හැසිරෙත්” යනුවෙන් බුදුරදුන් දේශනා කළේ අනුන් රවටාලීමේ අටියෙන් බාහිර වශයෙන්, පිටතින් පමණක් මවාගත් ගතිගුණ සහිතව හැසිරෙන රැවැටිලිකාර පිරිස් ගැනයි. සංයුක්ත නිකායේ, සන්තජටිල සූත්‍රයෙහි මෙසේ දැක්වෙනවා. “මැටියෙන් තැනූ කුණ්ඩලාභරණවලත් නොවටිනා ලෝහයෙන් තැනූ කාසිවලත් පිටතින් පමණක් රන් පැහැය තවරා ඒ නොවටිනා දෑ වටිනා රන් නිමැවුම් සේ පෙන්වන්නේ යම් සේද, එසේම පිටතින් පමණක් තවුස්බව, හැදියාව පෙන්වන්නෝ ලොව රවටමින් හැසිරෙති. ඔවුහු ඇතුළතින් අශුද්ධ වන අතර බාහිරින් පමණක් යහපත්කම පෙන්වති.” ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ ගාථාවක් මෙසේයි. න නග්ගචරියා න ජටා න පංකා නානාසකා ථණ්ඩිලසායිකා වා රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං සොධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං මෙයින් අර්ථවත් කළේ, නිරුවත්ව හැසිරීම, ජටා දැරීම, ඇඟමඩ තවරාගෙන සිටීම, නිසිපරිදි අහර නොගැනීම, බිම වැතිර සිටීම, ඇඟ දූවිලි දැලි පතුරු ඇතිවනතෙක් නොනාසිටීම සහ උක්කුටිකයෙන් හිදීම යනාදී කිසිදු තාපස ව්‍රතයකින් අධ්‍යාත්මික දියුණුව ඇති නොවන බවයි. ගිහි හෝ පැවිදි හෝ කවරකු වුවත් සිය ශ්‍රාවකයකු විවෘත චරිතයකින් තොර වංචනික කුහකයකු වනු දැක්ම බුදුරජාණන් වහන්සේ කවර විටෙකත් අපේක්ෂා කළේ නැහැ. “උත්තාන” යනු ප්‍රකට බවයි; විවෘත බවයි. සඟවාගත් වංචනික අදහස්වලින් තොරව අව්‍යාජ හා චරිතවත් පුද්ගලයන් ලෙස ශ්‍රාවකයන් ක්‍රියා කරනු දැක්ම බුදුරදුන්ගේ අපේක්ෂාව වුණා. භික්ෂු විනය තුළ, කුහකත්වයෙන් ක්‍රියා කිරීම වළක්වාලනු පිණිස වඩාත් දැඩි වූ ශික්ෂා ප්රඥප්ති පනවා තිබෙනවා. ඒ අනුව පාරාජිකා සතරක් ක්‍රියාත්මක වනවා. ඒ මෛථුන ධම්ම, අදත්තාදාන, මනුස්ස විග්ගහ, උත්තරිය මනුස්ස ධම්ම යන පාරාජිකා සතරයි. මෙයින් පළමුවැනි දෙවැනි හා තෙවැනි පාරාජිකයන්ට වඩා අර්ථයෙන් මෙන්ම ස්වරූපයෙන් ද සිව්වැනි පාරාජිකාව සුවිශේෂී වනවා. එහි ප්රමුඛ අපේක්ෂාව වී ඇත්තේ උපසපන් භික්ෂුව සෙසු ගිහි, පැවිද්දන් රවටමින් වංචාසහගත ලෙස, නැති ගුණ තමා වෙත ඇතැයි දැක්වීම වළක්වාලීමයි. එනම්, භික්ෂුව අවංක හා විවෘත චරිතයක් ඇත්තකු කිරීමයි. ඒ තුළින් කුහකත්වය ඇති පුද්ගලයාට උසස් තත්ත්වයක් ලැබීම වැළැකෙනවා. ඇතැම් කුහක භික්ෂූන් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සිව්පසය ලබා ගැනීමේ අටියෙන් නැති ගුණ හැඟවීමටත් සෙස්සන් රැවැටීමටත් පෙළඹීමද මෙයින් වැළැකෙනවා. බුදුන් වදාළ ආර්ය මාර්ග සංඛ්‍යාත නිවන් මඟ අංග අටෙකින් යුක්ත වෙනවා. පැවිදි, ගිහි දෙපක්ෂයටම පොදු වූ එකී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පස්වැන්න සම්මා ආජීවයයි. සැරියුත් හිමියෝ එය අරුත් ගන්වමින්, “මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිතං කප්පේති” යනුවෙන් සච්ච විභංග සූත්‍රයෙහි දැක්වූයේ, මිථ්‍යා ආජීවයෙන් තොරව සම්‍යක් ආජිවයෙන් දිවිය පවත්වාගෙන යෑමේ වැදගත්කමයි. එනම් සාවද්‍ය ඉපැයීම් වලින් තොරව ධර්මානුකූලව, නිවැරැදිව උපයාගෙන දිවිපැවැත්වීම සිදුකළ යුතු බවයි. එය පැවිදි, ගිහි උභය පක්ෂයටම සාධාරණයි. ගිහියකුට අදාළ සම්මා ආජීවය වන්නේ දැහැමි රැකියා මාර්ගයකින් ජීවත්වීමයි. එනම් සතුන්, මස් මාංශ, අවි ආයුධ, වස විස හා මත්පැන් ආදිය වෙළෙඳාම් කිරීම වැනි අදැහැමි දිවි පැවැතුම්වලින් වැළැකී ධාර්මික ආදායම් මාර්ගයකින් උපයා ජීවත්වීමයි. ශ්‍රමණ දිවියට කැප වන සේ සිවුපසය ලැබීම පැවිද්දාට අදාළ සම්මා ආජීවයයි. කූඨ, වංචනික ක්‍රියා මගින් දායකාදීන් රැවැටීම භික්ෂූවක් නොකළ යුත්තක්. බෞද්ධ පොතපතෙහි නොයෙක් අවස්ථාවන්හි කුහක භික්ෂුවරයන් ගැන දක්වා තිබෙනවා. විභංගට්ඨ කථාවේ එවැනි භික්ෂූන් කිහිප දෙනකු පිළිබඳ සඳහන් වනවා. අරහත් මගඵල ලබා නැතිවම තමා රහත් යැයි උපාසකවරුන් වංචාවෙන් නොමඟ යවා ප්‍රසාදය දිනාගත් ‘චාටි අරහන්ත’ ඉන් එක් භික්ෂුවක්. තමන්ගේ අසපුවේ කුටිය ඇතුළත මහ සැලියක් තබාගත් ඔහු උපාසකවරුන් දුරින් එනු දකිනවිට එයට රිංගනවා. මිනිසුන් භික්ෂුව කොහේ දැයි සොයන විට, ඇතුළු ගැබ සිටින බව කී විටත් ඒ තුළ සිටින බවක් මිනිසුන්ට පෙනෙන්නෙ නැහැ. ඔවුන් පිටතට ඇවිත් භික්ෂුව ඇතුළු ගැබ නැති බව කියන විට, ඇතුළු ගැබ සිටින භික්ෂුව එය අසා සැලියෙන් නික්ම අසුනේ හිඳගන්නවා. භික්ෂුව කුටියේ සිටිනු දකින උපාසකවරු පුදුමයට පත්වෙනවා. පැවිද්දෝ නම් තමන් කැමැති තැනකට යන නිසා ඔබලාට මා නොපෙනුනේ යැයි පවසන භික්ෂුව තමන් රහත්බව හඟවනවා. නැති ගුණ පෙන්වා මිනිසුන් වංචාවෙන් රවටන මේ භික්ෂුව හඳුන්වන්නේ කුහකයකු ලෙසයි. තවත් එවැනිම භික්ෂුවක් පර්වත මුදුනක පන්සලක වාසය කළා. වක්රාකාර වූ මාර්ගයක් ඔස්සේයි ඒ පන්සලට යන්න පුළුවන්. සෘජුව පිහිටා තිබෙන ඒ පර්වතයට කෙළින්ම ළඟාවෙන්න නොහැකියි. එනිසා භික්ෂුව බැහැදැකීමට ජනයා පැමිණෙන්නේ දූර මාර්ගයෙන්. තමන් හමුවට පැමිණෙන පිරිස ආපසු යන අතර භික්ෂුව පර්වතයෙහි වූ නුග ගසක මුල්වල ආධාරයෙන් පහළට බසිනවා. දායකයන් මෙය නොදැන තමන්ට පෙර පර්වත පාමුලට පැමිණ සිටින භික්ෂුව දැකීමෙන් විමතියට පත්වෙනවා. භික්ෂුව තමන් රහත් බව අඟවනවා. මේ භික්ෂුවත් කුහක ගතිවලින් යුක්තයි. බුද්ධඝෝෂ හිමියන් කුහක චර්යාවන් පිළිබඳ දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරනවා. සතර සංවර ශීලයේ තෙවැන්න වූ ආජීව පාරිශුද්ධි ශීලයට විවරණ සපයන උන්වහන්සේ සම්මා ආජීවය බිඳවැටීම වළක්වනු සඳහා, එනම් ආජීව පාරිශුද්ධිය ඇති කිරීමට භික්ෂූන් සඳහා බුදුරදුන් පනවා ඇති ශික්ෂා හයක් උපුටා දක්වනවා. 1. පාරාජිකාපත්තීන් අතර උත්තරිමනුස්ස ධම්ම පාරාජිකාව. 2. සංඝාදිසේසාපත්තීන් අතර දැක්වෙන, උපසපන් භික්ෂුවක විසින් ස්ත්‍රී, පුරුෂ දෙදෙනකුගේ එක්වීම පිණිස වන පණිවුඩ එකිනෙකා වෙත ගෙන යනු ලැබීමේ වරදකාරී ක්‍රියාව. 3. ඵුල්ලච්චය ආපත්තීන් අතර, තමා රහත් යැයි අනියමින් (වක්‍රලෙස) දායකයනට කීමෙන් වන ඇවැත. 4. පචිති ඇවැත් අතර, තමා නොගිලන්ව සිටිමින් ගිලන් යැයි කියා දායකයන් රවටා කිරි ආදී ප්‍රණීත දේ ගෙන්වාගෙන වැළැඳීමෙන් වන ඇවැත. 5. පාටිදේසනීය ඇවැත් අතර, ඉහත කී පරිදි රැවැටීමෙන් භික්ෂුණියකට වන ඇවැත 6. දුක්කටාපත්ති අතර, උපසපන් භික්ෂුණියක ඉහත කී පරිදි සූප ව්යංජනාදිය ගෙන්වාගෙන වැළැඳීමෙන් වන ඇවැත. මෙලෙස සඳහන් කළ සියලු කරුණු පැවිද්දකු තුළ ඇතිවිය හැකි කුහක ගතිපැවැතුම් වලට අදාළයි. එලෙසම ගිහියකු තුළත් නැතිගුණ හඟවා ලෝකයා රැවැටීම නම් වූ කුහකත්වය ඇතිවෙන්න පුළුවන්. පාලි අට්ඨකථාවලත් කුහකබවට නිදසුන් සඳහන් වනවා. ජාතකට්ඨ කථාවේ එන කුහක ජාතකයේ පෙර බරණැස විසූ එක් කුහක තවුසකු පිළිබඳ අපූරු පුවතක් කියැවෙනවා. ජටාධරයකුට පැහැදුණු එක් කෙළෙඹි පුත්‍රයෙක් වනයේ පන්සලක් කරවා ඔහුට මිහිරි ආහාරපානාදියෙන් සංග්‍රහ කරනවා. තමන් තුළ නැති ගුණ පෙන්වමින් මේ තවුසාද සිව්පසය ලබාගන්නවා. එනිසා ඔහුත් කුහකයෙක් වනවා. විවෘත චරිතයකින් යුතුව අව්‍යාජ ගතිපැවැතුම් ඇතිව ක්‍රියා කිරීම බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්ෂණයක්. එය ලෝකයට ලබාදුන් ශ්‍රේෂ්ඨතම ආදර්ශයක්. කුහක ගතිපැවැතුම් නැති ශ්‍රේෂ්ඨ ආචාර්යවරයාණන් වූ ලොව්තුරු බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවක ශික්ෂාකාමී මහා සංඝරත්නයත් ලොවටම ආදර්ශයක්. එනිසා දහම් මඟ යන නියම බෞද්ධයකු කවර අයුරකින්වත් තමන් තුළ කුහකකම රැඳෙන්නට ඉඩ තබන්නේ නැහැ. බුදුදහම නිබඳව අගය කරන්නේ විවෘත, අව්‍යාජ හා චරිතවත් ඇත්තන් ලෙස පැවිදි, ගිහි දෙපිරිසම කටයුතු කිරීමයි දේවාලේගම මේධානන්ද හිමි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom