Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටපිරිකර හා දොළොස් පිරිකර ගැන ඔබ දන්නවාද?

වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ් අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි

ඈත අතීතයේ පටන් ම මිනිසා විසින් දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, දැකීම නිවැරැදි කර ගැනීම යන දසවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරගෙන එනු ලබයි. ඒවා අතරින් බොහෝ දෙනෙක් වැඩි නැඹුරුතාවක් දක්වා ඇත්තේ ද දන්දීම කෙරෙහිය. එයට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ දන්දීමට බොහෝ දෙනා දක්වන රුචිකත්වයයි. එහෙත් දන්දීම සෑම පුද්ගලයකුට ම සිදුකළ නොහැකිය. සසරේ දන්දී පුරුදු පුහුණු වූ අයට එසේ දන්දීම සිදුකළ හැකිය. ‘දානය’ යන්නෙන් කියවෙන්නේ දීම, පරිත්‍යාගය අත්හැරීම යනාදී තේරුම් ය. කෙනකු විසින් දන්දිය යුත්තේ තමන්ට වඩා ගුණ නුවණින් වැඩි සිල්වත් පුද්ගලයකුටය. දුගී මගී යාචකයන්ට මෙන් ම සතුන්ට දෙන්නා වූ ආහාර පාන වස්ත්‍ර ආදිය ද දානයක් බව කිව හැකිය. එහෙත් මෙවැනි දාන වර්ග එම පුද්ගලයන් කෙරෙහි හෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දෙන්නා වූ දානයක් වන්නේය. එවැනි දාන බුදු දහමේ පෙන්වා දී ඇත්තේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නා වූ දානයන් හැටියටය. මෙසේ දෙන්නා වූ දානයට වඩා සිල්වත්, ගුණවත් කෙනකුට දෙන්නා වූ දානය උසස් වන්නේය. ආනිසංස දායක වන්නේ ය. බුදු දහම තුළ මෙවැනි දාන පූජා බුද්ධියෙන් දෙන්නා වූ දාන ලෙස හඳුන්වා තිබේ. පූජා බුද්ධියෙන් දානයක් දෙන විට දෙන තැනැත්තා කෙරෙහි යටහත් පහත් භාවය දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම කරමින් එම දානය පිළිගන්වයි. කෙසේ වෙතත් දානයක් පූජා කිරීමෙන් අනතුරුව අප විසින් අපට වාසිදායක අන්දමින් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ බලාපොරොත්තු වන්නේ නම් විය යුත්තේ එයින් ලැබෙන ආනිසංස මොනවාද යන්න පිළිබඳ ව සිතීම පමණි. එසේ නොවන්නේ්නම් එය දානයකට වඩා මුදලාලිකමක් වන බව කිව හැකිය. මුදලාලි කෙනෙක් අපට යම් දෙයක් දෙන්නේ අපෙන් මුදල් රැගෙනය.

මජ්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ දාන වර්ග 14 ක් පිළිබඳ පෙන්වා දෙන අතර එයිනුත් වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි. බොහෝ අවස්ථාවලදී අටපිරිකර පූජාව පමණක් සිදුකරන අවස්ථාවන්ද දක්නට ලැබේ. දොළොස් පිරිකර පූජාව ද ඇතැම් අවස්ථාවන්වලදී සිදු කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම අටපිරිකර හා දොළොස් පිරිකරට අයත් වන්නේ මොනවාද යන්න පිළිබඳ ව නිසියාකාරව නොදන්නා වූ පිරිස් ද වෙති. ඒ අනුව මෙහිදී අටපිරිකර හා දොළොස් පිරිකර මොනවාද යන්න විමසා බලමු.

තීණි චීචරානි, පත්තෝ, දන්තකට්ඨච්ඡේදනවාසි, ඒකාසූචි, කාය බන්ධනං, පරිස්සාවනන්ති.

මෙහි ‘තීණි චීවරානි’ යනු තුන් සිවුරයි. තුන් සිවුර යනුවෙන් හඳුන්වනු ලබන්නේ දෙපට සිවුර, තනිපට සිවුර හා අඳන කඩයයි. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය බුදුන් විසින් අනුදැන වදාරා තිබේ. ගිජ්ජකූට පර්වතයට නැඟ මගධ ක්ෂේත්රය දිස්වන්නේ යම් ආකාරයකටද ඒ අයුරින් සිවුර නිර්මාණ විය යුතු බව පෙන්වා දී තිබේ. දෙපට සිවුර සාදා නිමකර ඇත්තේ සිවුරු දෙකක් නියමානුකූලව ගෙන එකක් වන සේ මැසීමෙනි. එය භික්ෂූන් පරිහරණය කරනු ලබන්නේ උතුරු සළුව වශයෙනි. තනිපට සිවුර ඒකාංශ කොට හෝ දෙවුර වැසෙන සේ පෙරවීම සඳහා යොදාගනු ලබයි. අඳනකඩය දෙදණ වැසෙන සේ ඉනවටා පෙරවීම සඳහා යොදාගනු ලබයි. ඒ අනුව මෙම තුන් සිවුර පිණ්ඩපාත චාරිකාවේ වඩින විට හා උපසම්පදා, පොහොය කිරීම් ආදි විනය කර්ම සිදු කරන අවස්ථාවන්හි පෙරවීමට ගන්නා අතර එම අවස්ථාවන්හිදී තුන් සිවුරෙන් යුක්ත වියයුතු බව ද පෙන්වා දී තිබේ. ඒ අනුව අටපිරිකරට අයත් පූජා භාණ්ඩ අතරින් තුනක් මෙයින් කියවේ.

‘පත්තෝ’ යනු පාත්‍රයයි. පාත්‍රය භික්ෂූන්ගේ පරිහරණයට ගනු ලබන්නේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ පිඬු ලබාගෙන ඒවා වැළඳීම සඳහාය. පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන විට ඉහතින් සඳහන් කළ තුන් සිවුර මෙන් ම පාත්‍රය ද රැගෙන යා යුතුය. එසේම උපසම්පදා විනය කර්ම සිදු කිරීමේදී ද පාත්‍රය අනිවාර්ය භාණ්ඩයක් වෙයි. අටපිරිකරෙහි අඩංගු සියලු දෑ එම අවස්ථාවට ද අවශ්‍ය නිසා පාත්‍රය සුදු රෙදි කඩකින් ඔතා නොගැලවෙන සේ නූල් වලින් වියා එය උපසම්පදාපේක්ෂකයාගේ කර වටා ගැටගසා විනය කර්මය සිදු කරයි.

‘දන්තකට්ඨ’ යනුවෙන් ගැනෙන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ දත් මදින දැහැට්ට යන්නයි. ‘ඡේදනවාසි’ යනු සිඳින හෙවත් කපන වෑය හෙවත් පිහිය යන්නයි. අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ සඳහන් වන අන්දමට මුල් කාලයේ මෙබඳු උපකරණයක් අටපිරිකරයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ. දත් මැදීම සඳහා වර්තමානයේ මෙන් නවීන උපකරණ නොමැති වීම නිසා දැහැටි කූරු සාදා ගැනීම පිණිස මෙවැනි උපකරණයක අවශ්‍යතාව තිබූ නිසා මෙය අටපිරිකරයට ඇතුළත් කර ඇතැයි සිතිය හැකිය. එහෙත් වර්මතානයේ දක්නට ලැබෙන අටපිරි කෙරෙහි ඇත්තේ දැලි පිහියකි. එය භික්ෂූන්ගේ හිස රැවුල් බෑම සඳහා උපකාරි වේ. ඒ අනුව මුල් කාලයේ තිබූ එම උපකරණය හිස රැවුල් බෑම සඳහා ද උපයෝගි කර ගන්නට ඇතැයි සිතිය හැකිය. දැලි පිහියද නිර්මාණය වී ඇත්තේ සුදු යකඩයක් තියුණු ආකාරයෙන් මුවහත් තැබීමෙනි. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන අටපිරිකරවල දක්නට ලැබෙන්නේ තලයක් පමණි. එය ප්‍රයෝජනයට ගතහැකි නොවන අයුරින් සකසා තිබීම ද කනගාටුවට කරුණකි.

‘එකාසූචි’ යනු එක් ඉදිකට්ටක් යන තේරුම දෙන වචනයයි. අද දක්නට ලැබෙන අටපිරිකරය තුළ ඉදිකට්ට මෙන්ම නූල් පන්දුවක් ද තිබේ. මුල් කාලයේ මේ සඳහා භාවිතා කර ඇත්තේ නොයෙක් වර්ගයේ කෙඳිය. ඒවා තමන්ට අවශ්‍ය පරිදි සපයා ගත් බැවින් මුල් යුගයේ තිබූ අටපිරිකරවලට එය ඇතුළත් වී නොමැති බව කිව හැකිය.

‘කාය බන්ධනං’ යනු අඳනකඩය ඇඳ එය ලිහිල් නොවන සේ ඉනවටා බැඳීමට ගන්නා වූ රෙදි කැබැල්ලය. මෙය ද සිවුරු පටියකින් නිමවා තිබේ. ඒ අනුව වර්තමානයේ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා විවිධ පටි වර්ග දක්නට ලැබුණත් අටපිරිකර තුළ ඉනවටා බැඳීමට ගන්නා පටිය තවමත් සිවුරු කැබැල්ලකින් සකස් වී ඇති සැටි දැක ගත හැකිය.‘පරිස්සාවන’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පෙරහන් කඩයයි. මෙය භික්ෂූන්ගේ පරිහරණයට යෝග්‍ය වන්නේ තමන් පානය කිරීමට ගන්නා වූ පැන් පළමුවෙන් පෙරා ගැනීමටය. ජලයේ ඇසට නොපෙනෙන නොයෙක් ජීවි සත්තු සිටිති. එම සතුන් පැන් සමග පෙවීම නැතිකර ගැනීම සඳහා පෙරහන් කඩයක් පාවිච්චි කළ යුතු බව බුදුරජුන් විසින් ද අනුදැන වදාරා ඇත.

මෙයින් ප්‍රතිඵල දෙකක් අත්වේ. එකක් නම් කුඩා ජීවින් ශරීර තුළට නොයාම නිසා තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව යහපත් වීමය. අනෙක් කරුණ වන්නේ එම ජීවින්ගේ ප්‍රාණය තොර නොවීමෙන් ප්‍රාණඝාත අකුසලය ඇති නොවීමය. ඉහතින් සඳහන් වූ පිරිකර අටෙහි වැදගත්කම මේ ආකාරයෙන් වුවත් දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට මෙයින් ප්‍රයෝජන දෙකක් අත්වන බව කියවෙයි. මෙම පිරිකර අට ම ශරීරයේ ආරක්ෂාවට මෙන්ම කුසෙහි ආරක්ෂාව පිණිස ද වෙයි. ඒ කෙසේද යත් තුන් සිවුර හැඳ පොරවා හැසිරෙන කාලයේ ශරීරය ආරක්ෂා කරයි. තමා ළඟ පෙරහන්කඩය නැති විටෙක සිවුරු කොණින් පැන් පෙරා පානය කිරීමෙන් කුස ආරක්ෂා කෙරෙයි.

පාත්‍රය, නාන අවස්ථාවේ පැන් උඩට ඔසවා ගැනීමට උපකාරී වීමෙන් ශරීරය පෝෂණය කරයි. ආහාර ගෙන වළදන අවස්ථාවේ කුස පෝෂණය කරයි. වෑය දත් මදින වේලාවේ මෙන් ම ඇඳ පුටු ආදි හිඳිනා අසුන් සකස් කිරීමේදී ශරීරයට පහසුවක් වෙයි. උක් ආදී ආහාර සුද්දකර කෑමට ගැනීමෙන් කුස පෝෂණය වෙයි. ඉදිකට්ට සිවුර මසන වේලේ ශරීර පහසුව පිණිස වෙයි. කැවුම් හා කුඩා ඇට වර්ග ඇති පලතුරු විද ආහාරයට ගැනීමේ දී ඉදිකට්ට අවශ්‍ය වෙයි. එය කුසට ආහාරයක් වීම නිසා කුස පෝෂණය වේ. ඉණ බඳින පටිය බැඳගත් පසු ශරීරයට පහසුවක් වෙයි. එයම කෑමට ගන්නා උක් බැඳගැනීම සඳහා ද ගත හැකිය. පෙරහන් කඩය පැන් පෙරන අවස්ථාවේ ශරීර පෝෂණයත් බොන අවස්ථාවේ කුසෙහි පෝෂණයත් ඇතිවේ. මෙය අටුවා කරු විසින් දක්වා ඇති පරිදි අටපිරිකරෙහි ඇති ප්‍රයෝජනයන්ය. මෙම පිරිකර අටෙහි එකතුවෙන් සකස් කරන ලද අටපිරිකර දන් දෙන බොහෝ අවස්ථාවලදී පිළිගන්වන අයුරු දක්නට ලැබේ. එහෙත් දොළොස් පිරිකරට අයත් වන පූජා භාණ්ඩ පිරිනැමීම දක්නට ලැබෙන්නේ මඳ වශයෙනි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ද දැනගෙන සිටීම ඉතා අගනේ ය. ඒ අනුව දොළොස් පිරිකරට අයත් පූජා භාණ්ඩ නව පිරිකර, දස පිරිකර, එකොළොස් පිරිකර හා දොළොස් පිරිකර වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.

නව පිරිකර

‘නව පරික්ඛාරිකස්ස පන සෙය්යං පවිසන්තස්ස තත්‍රට්ඨක පච්චත්ථරණං වා කුණ්ඩිකා වා වට්ටති’ දීඝ නිකාය අටුවාවේ ඉහතින් සඳහන් වන පාඨයට අනුව කියවෙන්නේ ‘නව පිරිකරවලට සැතපීම සඳහා යහනට පිවිසෙන්නා වූ භික්ෂුවට ඇඳෙහි එළා ගැනීමට ‘ඇතිරිල්ලක්’ හෝ කෙණ්ඩියක් සුදුසු බවය. මෙහිදී කෙණ්ඩිය මුල් කාලයේ තාපසයන්ගේ් අතෙහි නිතර රැඳුන එකක් නිසා භික්ෂුවගේ පරිහරණය සඳහා ද මෙය සුදුසු බව පෙන්වා දී තිබේ. එයින් පැන් ගෙනවිත් තබාගෙන පරිහරණයට ගත හැකිය. එහෙත් නවීන සමාජය තුළ මෙවැනි භාණ්ඩයක් භික්ෂූන්ගේ් පරිහරණයෙහි නැත. එහෙත් භාවනානුයෝගීව වැඩ සිටින අය මෙය පරිහරණය කරන බව ද දැක හැකිය.

දස පිරිකර

‘දස පරික්ඛාරිකස්ස නිසීදස චම්මකණ්ඩං වට්ටති’ දස වැදෑරුම් පිරිකරවලට භික්ෂූන් වහන්සේ හිඳ ගැනීමට සම් කඩක් පූජා කළ යුතුය. මෙය වර්තමානයේ භික්ෂූන් වහන්සේලා පරිහරණය කරනු ලබන පත්කඩයයි. එය වන්දනාමාන කිරීමේදී හා භාවනායෝගීව එක්තැන් ව සිටින අවස්ථාවන්වලදී බිම එළා ගැනීම සඳහා භාවිත කරයි.

එකොළොස් පිරිකර

‘එකාදස පරික්ඛාරිකස්ස කත්තර යට්ඨි වා තෙළනාලිකා වා වට්ටති’ එකොළොස් පිරිකරයට සැරයටියක් හෝ තෙල් බෝතලයක් හෝ සුදුසුය. මෙහි සැරයටියේ වුවමනාව කුමක් ද යන්න පැහැදිලිය. මුල් යුගයේ සිටි ඇතැම් තාපසයන් මෙන් ම පසුකාලීනව ඉන්දියාවේ සිටි හින්දු පූජකයෝද මෙවැනි සැරයටියක් සකසාගෙන ගමන් කරති. හින්දු පූජකයන් බොහෝ වේලාවට මේ සඳහා යොදා ගත්තේ ඔවුනගේ ආගමික සංකේතයක් වන ත්‍රිශුලයයි. භික්ෂුන්ගේ් පරිහරණය වූයේ ලීයකින් සකස් කරගත් සැරයටියකි. එය අද වෛවර්ණ වී ඇති අයුරු දැකගත හැකිය. තෙල් බෝතලයක් ඇතුළත් වූයේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැත. එහෙත් ඉන්දියාවේ දැඩි සීතල ඇති කාලවලදී ඇතැමුන් තෙල් ඇඟෙහි තවරාගෙන සීතල දුරුකර ගන්නා අයුරු අද ද දක්නට ලැබේ. ඒ අනුව මෙයද දොළොස් පිරිකරට ඇතුළත් වූයේ ඒ අරමුණින් ම විය හැකිය.

දොළොස් පිරිකර

‘ද්වාදස පරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහණං වා වට්ටති’ දොළොස් පිරිකරයට කුඩයක් හෝ පාවහන් යුවලක් සුදුසුය. කුඩය අව්වෙන් හා වැස්සෙන් ආවරණය වීම සඳහා යොදා ගැනේ. පාවහන් පැළඳගෙන යාමක් මුල් කාලයේ නොතිබුණත් පසුකාලීනව එහි අවශ්‍යතාව පැණ නැගුණු බැවින් දොළොස් පිරිකරට මෙය ද සුදුසු වන්නේ යැයි පසුකාලීනව සිටි භික්ෂූන් සිතන්නට ඇත.

මේ ආකාරයට දන් දෙන අවස්ථාවේ පූජා කරන්නා වූ අටපිරිකරට හා දොළොස් පිරිකරට අයත් පූජා ද්‍රව්‍ය මෙනම් යැයි පෙන්වා දිය හැකිය.

වැලිවිට සොරත හිමි

( බුදුසරණ අන්තර්ජාල කලාපය )

[QUOTE="rocat90, post: 14676076, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/150483_586353874727656_506454463_n.jpg[/IMG] අටපිරිකර හා දොළොස් පිරිකර ගැන ඔබ දන්නවාද? වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ් අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි ඈත අතීතයේ පටන් ම මිනිසා විසින් දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, දැකීම නිවැරැදි කර ගැනීම යන දසවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරගෙන එනු ලබයි. ඒවා අතරින් බොහෝ දෙනෙක් වැඩි නැඹුරුතාවක් දක්වා ඇත්තේ ද දන්දීම කෙරෙහිය. එයට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ දන්දීමට බොහෝ දෙනා දක්වන රුචිකත්වයයි. එහෙත් දන්දීම සෑම පුද්ගලයකුට ම සිදුකළ නොහැකිය. සසරේ දන්දී පුරුදු පුහුණු වූ අයට එසේ දන්දීම සිදුකළ හැකිය. ‘දානය’ යන්නෙන් කියවෙන්නේ දීම, පරිත්‍යාගය අත්හැරීම යනාදී තේරුම් ය. කෙනකු විසින් දන්දිය යුත්තේ තමන්ට වඩා ගුණ නුවණින් වැඩි සිල්වත් පුද්ගලයකුටය. දුගී මගී යාචකයන්ට මෙන් ම සතුන්ට දෙන්නා වූ ආහාර පාන වස්ත්‍ර ආදිය ද දානයක් බව කිව හැකිය. එහෙත් මෙවැනි දාන වර්ග එම පුද්ගලයන් කෙරෙහි හෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දෙන්නා වූ දානයක් වන්නේය. එවැනි දාන බුදු දහමේ පෙන්වා දී ඇත්තේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නා වූ දානයන් හැටියටය. මෙසේ දෙන්නා වූ දානයට වඩා සිල්වත්, ගුණවත් කෙනකුට දෙන්නා වූ දානය උසස් වන්නේය. ආනිසංස දායක වන්නේ ය. බුදු දහම තුළ මෙවැනි දාන පූජා බුද්ධියෙන් දෙන්නා වූ දාන ලෙස හඳුන්වා තිබේ. පූජා බුද්ධියෙන් දානයක් දෙන විට දෙන තැනැත්තා කෙරෙහි යටහත් පහත් භාවය දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම කරමින් එම දානය පිළිගන්වයි. කෙසේ වෙතත් දානයක් පූජා කිරීමෙන් අනතුරුව අප විසින් අපට වාසිදායක අන්දමින් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ බලාපොරොත්තු වන්නේ නම් විය යුත්තේ එයින් ලැබෙන ආනිසංස මොනවාද යන්න පිළිබඳ ව සිතීම පමණි. එසේ නොවන්නේ්නම් එය දානයකට වඩා මුදලාලිකමක් වන බව කිව හැකිය. මුදලාලි කෙනෙක් අපට යම් දෙයක් දෙන්නේ අපෙන් මුදල් රැගෙනය. මජ්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ දාන වර්ග 14 ක් පිළිබඳ පෙන්වා දෙන අතර එයිනුත් වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි. බොහෝ අවස්ථාවලදී අටපිරිකර පූජාව පමණක් සිදුකරන අවස්ථාවන්ද දක්නට ලැබේ. දොළොස් පිරිකර පූජාව ද ඇතැම් අවස්ථාවන්වලදී සිදු කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම අටපිරිකර හා දොළොස් පිරිකරට අයත් වන්නේ මොනවාද යන්න පිළිබඳ ව නිසියාකාරව නොදන්නා වූ පිරිස් ද වෙති. ඒ අනුව මෙහිදී අටපිරිකර හා දොළොස් පිරිකර මොනවාද යන්න විමසා බලමු. තීණි චීචරානි, පත්තෝ, දන්තකට්ඨච්ඡේදනවාසි, ඒකාසූචි, කාය බන්ධනං, පරිස්සාවනන්ති. මෙහි ‘තීණි චීවරානි’ යනු තුන් සිවුරයි. තුන් සිවුර යනුවෙන් හඳුන්වනු ලබන්නේ දෙපට සිවුර, තනිපට සිවුර හා අඳන කඩයයි. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය බුදුන් විසින් අනුදැන වදාරා තිබේ. ගිජ්ජකූට පර්වතයට නැඟ මගධ ක්ෂේත්රය දිස්වන්නේ යම් ආකාරයකටද ඒ අයුරින් සිවුර නිර්මාණ විය යුතු බව පෙන්වා දී තිබේ. දෙපට සිවුර සාදා නිමකර ඇත්තේ සිවුරු දෙකක් නියමානුකූලව ගෙන එකක් වන සේ මැසීමෙනි. එය භික්ෂූන් පරිහරණය කරනු ලබන්නේ උතුරු සළුව වශයෙනි. තනිපට සිවුර ඒකාංශ කොට හෝ දෙවුර වැසෙන සේ පෙරවීම සඳහා යොදාගනු ලබයි. අඳනකඩය දෙදණ වැසෙන සේ ඉනවටා පෙරවීම සඳහා යොදාගනු ලබයි. ඒ අනුව මෙම තුන් සිවුර පිණ්ඩපාත චාරිකාවේ වඩින විට හා උපසම්පදා, පොහොය කිරීම් ආදි විනය කර්ම සිදු කරන අවස්ථාවන්හි පෙරවීමට ගන්නා අතර එම අවස්ථාවන්හිදී තුන් සිවුරෙන් යුක්ත වියයුතු බව ද පෙන්වා දී තිබේ. ඒ අනුව අටපිරිකරට අයත් පූජා භාණ්ඩ අතරින් තුනක් මෙයින් කියවේ. ‘පත්තෝ’ යනු පාත්‍රයයි. පාත්‍රය භික්ෂූන්ගේ පරිහරණයට ගනු ලබන්නේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ පිඬු ලබාගෙන ඒවා වැළඳීම සඳහාය. පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන විට ඉහතින් සඳහන් කළ තුන් සිවුර මෙන් ම පාත්‍රය ද රැගෙන යා යුතුය. එසේම උපසම්පදා විනය කර්ම සිදු කිරීමේදී ද පාත්‍රය අනිවාර්ය භාණ්ඩයක් වෙයි. අටපිරිකරෙහි අඩංගු සියලු දෑ එම අවස්ථාවට ද අවශ්‍ය නිසා පාත්‍රය සුදු රෙදි කඩකින් ඔතා නොගැලවෙන සේ නූල් වලින් වියා එය උපසම්පදාපේක්ෂකයාගේ කර වටා ගැටගසා විනය කර්මය සිදු කරයි. ‘දන්තකට්ඨ’ යනුවෙන් ගැනෙන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ දත් මදින දැහැට්ට යන්නයි. ‘ඡේදනවාසි’ යනු සිඳින හෙවත් කපන වෑය හෙවත් පිහිය යන්නයි. අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ සඳහන් වන අන්දමට මුල් කාලයේ මෙබඳු උපකරණයක් අටපිරිකරයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ. දත් මැදීම සඳහා වර්තමානයේ මෙන් නවීන උපකරණ නොමැති වීම නිසා දැහැටි කූරු සාදා ගැනීම පිණිස මෙවැනි උපකරණයක අවශ්‍යතාව තිබූ නිසා මෙය අටපිරිකරයට ඇතුළත් කර ඇතැයි සිතිය හැකිය. එහෙත් වර්මතානයේ දක්නට ලැබෙන අටපිරි කෙරෙහි ඇත්තේ දැලි පිහියකි. එය භික්ෂූන්ගේ හිස රැවුල් බෑම සඳහා උපකාරි වේ. ඒ අනුව මුල් කාලයේ තිබූ එම උපකරණය හිස රැවුල් බෑම සඳහා ද උපයෝගි කර ගන්නට ඇතැයි සිතිය හැකිය. දැලි පිහියද නිර්මාණය වී ඇත්තේ සුදු යකඩයක් තියුණු ආකාරයෙන් මුවහත් තැබීමෙනි. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන අටපිරිකරවල දක්නට ලැබෙන්නේ තලයක් පමණි. එය ප්‍රයෝජනයට ගතහැකි නොවන අයුරින් සකසා තිබීම ද කනගාටුවට කරුණකි. ‘එකාසූචි’ යනු එක් ඉදිකට්ටක් යන තේරුම දෙන වචනයයි. අද දක්නට ලැබෙන අටපිරිකරය තුළ ඉදිකට්ට මෙන්ම නූල් පන්දුවක් ද තිබේ. මුල් කාලයේ මේ සඳහා භාවිතා කර ඇත්තේ නොයෙක් වර්ගයේ කෙඳිය. ඒවා තමන්ට අවශ්‍ය පරිදි සපයා ගත් බැවින් මුල් යුගයේ තිබූ අටපිරිකරවලට එය ඇතුළත් වී නොමැති බව කිව හැකිය. ‘කාය බන්ධනං’ යනු අඳනකඩය ඇඳ එය ලිහිල් නොවන සේ ඉනවටා බැඳීමට ගන්නා වූ රෙදි කැබැල්ලය. මෙය ද සිවුරු පටියකින් නිමවා තිබේ. ඒ අනුව වර්තමානයේ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා විවිධ පටි වර්ග දක්නට ලැබුණත් අටපිරිකර තුළ ඉනවටා බැඳීමට ගන්නා පටිය තවමත් සිවුරු කැබැල්ලකින් සකස් වී ඇති සැටි දැක ගත හැකිය.‘පරිස්සාවන’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පෙරහන් කඩයයි. මෙය භික්ෂූන්ගේ පරිහරණයට යෝග්‍ය වන්නේ තමන් පානය කිරීමට ගන්නා වූ පැන් පළමුවෙන් පෙරා ගැනීමටය. ජලයේ ඇසට නොපෙනෙන නොයෙක් ජීවි සත්තු සිටිති. එම සතුන් පැන් සමග පෙවීම නැතිකර ගැනීම සඳහා පෙරහන් කඩයක් පාවිච්චි කළ යුතු බව බුදුරජුන් විසින් ද අනුදැන වදාරා ඇත. මෙයින් ප්‍රතිඵල දෙකක් අත්වේ. එකක් නම් කුඩා ජීවින් ශරීර තුළට නොයාම නිසා තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව යහපත් වීමය. අනෙක් කරුණ වන්නේ එම ජීවින්ගේ ප්‍රාණය තොර නොවීමෙන් ප්‍රාණඝාත අකුසලය ඇති නොවීමය. ඉහතින් සඳහන් වූ පිරිකර අටෙහි වැදගත්කම මේ ආකාරයෙන් වුවත් දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට මෙයින් ප්‍රයෝජන දෙකක් අත්වන බව කියවෙයි. මෙම පිරිකර අට ම ශරීරයේ ආරක්ෂාවට මෙන්ම කුසෙහි ආරක්ෂාව පිණිස ද වෙයි. ඒ කෙසේද යත් තුන් සිවුර හැඳ පොරවා හැසිරෙන කාලයේ ශරීරය ආරක්ෂා කරයි. තමා ළඟ පෙරහන්කඩය නැති විටෙක සිවුරු කොණින් පැන් පෙරා පානය කිරීමෙන් කුස ආරක්ෂා කෙරෙයි. පාත්‍රය, නාන අවස්ථාවේ පැන් උඩට ඔසවා ගැනීමට උපකාරී වීමෙන් ශරීරය පෝෂණය කරයි. ආහාර ගෙන වළදන අවස්ථාවේ කුස පෝෂණය කරයි. වෑය දත් මදින වේලාවේ මෙන් ම ඇඳ පුටු ආදි හිඳිනා අසුන් සකස් කිරීමේදී ශරීරයට පහසුවක් වෙයි. උක් ආදී ආහාර සුද්දකර කෑමට ගැනීමෙන් කුස පෝෂණය වෙයි. ඉදිකට්ට සිවුර මසන වේලේ ශරීර පහසුව පිණිස වෙයි. කැවුම් හා කුඩා ඇට වර්ග ඇති පලතුරු විද ආහාරයට ගැනීමේ දී ඉදිකට්ට අවශ්‍ය වෙයි. එය කුසට ආහාරයක් වීම නිසා කුස පෝෂණය වේ. ඉණ බඳින පටිය බැඳගත් පසු ශරීරයට පහසුවක් වෙයි. එයම කෑමට ගන්නා උක් බැඳගැනීම සඳහා ද ගත හැකිය. පෙරහන් කඩය පැන් පෙරන අවස්ථාවේ ශරීර පෝෂණයත් බොන අවස්ථාවේ කුසෙහි පෝෂණයත් ඇතිවේ. මෙය අටුවා කරු විසින් දක්වා ඇති පරිදි අටපිරිකරෙහි ඇති ප්‍රයෝජනයන්ය. මෙම පිරිකර අටෙහි එකතුවෙන් සකස් කරන ලද අටපිරිකර දන් දෙන බොහෝ අවස්ථාවලදී පිළිගන්වන අයුරු දක්නට ලැබේ. එහෙත් දොළොස් පිරිකරට අයත් වන පූජා භාණ්ඩ පිරිනැමීම දක්නට ලැබෙන්නේ මඳ වශයෙනි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ද දැනගෙන සිටීම ඉතා අගනේ ය. ඒ අනුව දොළොස් පිරිකරට අයත් පූජා භාණ්ඩ නව පිරිකර, දස පිරිකර, එකොළොස් පිරිකර හා දොළොස් පිරිකර වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ. නව පිරිකර ‘නව පරික්ඛාරිකස්ස පන සෙය්යං පවිසන්තස්ස තත්‍රට්ඨක පච්චත්ථරණං වා කුණ්ඩිකා වා වට්ටති’ දීඝ නිකාය අටුවාවේ ඉහතින් සඳහන් වන පාඨයට අනුව කියවෙන්නේ ‘නව පිරිකරවලට සැතපීම සඳහා යහනට පිවිසෙන්නා වූ භික්ෂුවට ඇඳෙහි එළා ගැනීමට ‘ඇතිරිල්ලක්’ හෝ කෙණ්ඩියක් සුදුසු බවය. මෙහිදී කෙණ්ඩිය මුල් කාලයේ තාපසයන්ගේ් අතෙහි නිතර රැඳුන එකක් නිසා භික්ෂුවගේ පරිහරණය සඳහා ද මෙය සුදුසු බව පෙන්වා දී තිබේ. එයින් පැන් ගෙනවිත් තබාගෙන පරිහරණයට ගත හැකිය. එහෙත් නවීන සමාජය තුළ මෙවැනි භාණ්ඩයක් භික්ෂූන්ගේ් පරිහරණයෙහි නැත. එහෙත් භාවනානුයෝගීව වැඩ සිටින අය මෙය පරිහරණය කරන බව ද දැක හැකිය. දස පිරිකර ‘දස පරික්ඛාරිකස්ස නිසීදස චම්මකණ්ඩං වට්ටති’ දස වැදෑරුම් පිරිකරවලට භික්ෂූන් වහන්සේ හිඳ ගැනීමට සම් කඩක් පූජා කළ යුතුය. මෙය වර්තමානයේ භික්ෂූන් වහන්සේලා පරිහරණය කරනු ලබන පත්කඩයයි. එය වන්දනාමාන කිරීමේදී හා භාවනායෝගීව එක්තැන් ව සිටින අවස්ථාවන්වලදී බිම එළා ගැනීම සඳහා භාවිත කරයි. එකොළොස් පිරිකර ‘එකාදස පරික්ඛාරිකස්ස කත්තර යට්ඨි වා තෙළනාලිකා වා වට්ටති’ එකොළොස් පිරිකරයට සැරයටියක් හෝ තෙල් බෝතලයක් හෝ සුදුසුය. මෙහි සැරයටියේ වුවමනාව කුමක් ද යන්න පැහැදිලිය. මුල් යුගයේ සිටි ඇතැම් තාපසයන් මෙන් ම පසුකාලීනව ඉන්දියාවේ සිටි හින්දු පූජකයෝද මෙවැනි සැරයටියක් සකසාගෙන ගමන් කරති. හින්දු පූජකයන් බොහෝ වේලාවට මේ සඳහා යොදා ගත්තේ ඔවුනගේ ආගමික සංකේතයක් වන ත්‍රිශුලයයි. භික්ෂුන්ගේ් පරිහරණය වූයේ ලීයකින් සකස් කරගත් සැරයටියකි. එය අද වෛවර්ණ වී ඇති අයුරු දැකගත හැකිය. තෙල් බෝතලයක් ඇතුළත් වූයේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැත. එහෙත් ඉන්දියාවේ දැඩි සීතල ඇති කාලවලදී ඇතැමුන් තෙල් ඇඟෙහි තවරාගෙන සීතල දුරුකර ගන්නා අයුරු අද ද දක්නට ලැබේ. ඒ අනුව මෙයද දොළොස් පිරිකරට ඇතුළත් වූයේ ඒ අරමුණින් ම විය හැකිය. දොළොස් පිරිකර ‘ද්වාදස පරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහණං වා වට්ටති’ දොළොස් පිරිකරයට කුඩයක් හෝ පාවහන් යුවලක් සුදුසුය. කුඩය අව්වෙන් හා වැස්සෙන් ආවරණය වීම සඳහා යොදා ගැනේ. පාවහන් පැළඳගෙන යාමක් මුල් කාලයේ නොතිබුණත් පසුකාලීනව එහි අවශ්‍යතාව පැණ නැගුණු බැවින් දොළොස් පිරිකරට මෙය ද සුදුසු වන්නේ යැයි පසුකාලීනව සිටි භික්ෂූන් සිතන්නට ඇත. මේ ආකාරයට දන් දෙන අවස්ථාවේ පූජා කරන්නා වූ අටපිරිකරට හා දොළොස් පිරිකරට අයත් පූජා ද්‍රව්‍ය මෙනම් යැයි පෙන්වා දිය හැකිය. වැලිවිට සොරත හිමි ( බුදුසරණ අන්තර්ජාල කලාපය ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom