Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆ්‍රැන්සිස් ජේ. පයින්

පරිවර්තනය - නාරාවිල පැට්රික්

මේ ලිපිය Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA සඟරාවෙන් උපුටා ගන්නා ලද Youth and the Buddha ලිපියේ පරිවර්තනයකි. එය ෆ්‍රැන්සිස් ජේ. පයින් විසින් 1930 ජනවාරි 09 වැනි දා ලන්ඩන් තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහය යටතේ සසෙක්ස් ශාලාවේදී පවත්වන ලද දේශනයකි.

මේ සැඳෑ සමයේ ඔබ වැනි තරුණ තරුණියන් පිරිසක් රැස්ව සිටින්නේ සිය කැමැත්තෙන් ම බෞද්ධ තරුණ සංවිධානයක් පිහිටුවා ගන්නටයි. මම ඔබට මෙහිදී පබ්බජ්ජා සූත්‍රයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමි. බුදුන් වහන්සේ සිය ලෞකික සැප සම්පත් හැරපියා මහා ගවේෂණයකට සූදානම් වෙමින් සිටියහ. ඒ වන විට උන්වහන්සේ සිටියේ බිම්බිසාර රජුගේ අගනුවර වන රාජගෘහ ආසන්නයේ යි. පණිවිඩකරුවෝ මේ අරුම පුදුම අමුත්තා ගැන කියන්නට වහා දිව ආවෝ ය. ඉක්බිති රජ තෙමේ ද අමුත්තා හමුවන්නට ඉදිරියට ගියේ ය.

ඒ පුවත පබ්බජ්ජා සූත්‍රය සඳහන් කරන්නේ මෙසේයි. “මගධයේ රණදෙටු බිම්බිසාරයෝ අමුත්තා පිළිබඳ පුවත සැලවූ හණික සිය මංගල රථය පාණ්ඩය පර්වතය වෙත මෙහෙය වූහ. ඉක්බිති රියෙන් බැස, පාගමනින් ගොස් වාඩිවී ආචාර සමාචාර පවත්වා මෙසේ කීහ. ඔබ තවම ළාබාල ය, මුදු මොළොක් ය. නොඉක්මවන ලද තරුණ විය ඇත්තෙහි ය. සේනාවක් පෙරමුණෙහි සෙන්පති තනතුරු දරා වැජඹෙන්නට තරම් පෞර්ෂයෙන් හෙබි, උසස් පරපුරකින් පැවත එන රණ දෙටු ලකුණු පළ කරන්නෙහි ය. නායක පෙළක් අතර සියල්ලන්ගේ නායක වන්නට සුදුසු වන්නෙහි ය. ඔබට ඇති තරම් සැප සම්පත් සපයමි. ඒවා පරිහරණය කරනු මැනවි, කිනම් පරපුරකින් පැවත එන්නෙක් ද? කියනු මැනවි.” බුදුන් වහන්සේ නිතර ම තරුණ පිරිස් කෙරෙහි දයාලූ වූහ. උන්වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි ය, නිරවුල් ය, හරවත් ය, කීර්ති ප්‍රශංසාවට සුදුසු ය, තරුණ සිත් තුළ දිරි වඩන ශක්තියෙන් පිරුණේ ය. උන්වහන්සේ සිය ධර්මය දේශනා කරන්නට පටන් ගත් මුල් සමයේ සිදුවූවක් මම ඔබට කියමි. යස නමින් වූ එක්තරා තරුණයෙක් සිටියේ ය. ඔහු පුරුදුව සිටියේ බුදුන් වහන්සේ සත් වසරකට පෙර අත්හැර දමා පැමිණි සුඛෝපභෝගී ජීවිතයට සමාන වූ එකකට ය. එහෙත් ඔහු එහි කලකිරුණේ ය. එහි අනතුරු දුටුවේ ය, බුදුන් වහන්සේ සොයා පැමිණියේ ය. ඒ පාන්දර යාමයයි. බුදුන් වහන්සේ සිටි සේක් සක්මනේ යෙදී භාවනා කරමින් ලෝක ස්වභාවය මෙනෙහි කරමිනි. බුදුන් වහන්සේ කිසි විටෙකක් නිකරුණේ කාලය ගෙවා දමන්නාහු නොවෙත්. උන්වහන්සේගේ සිත සන්සුන් ය, පහන් ය, සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් පිරුණේ ය. උන්වහන්සේ ගෙවුයේ කෙටි නින්දක් පමණි. එහෙත් උන්වහන්සේ ඕනෑ ම විටෙක, ඕනෑ ම කෙනෙකුට ඇහුම්කන් දෙන්නට සූදානමින් සිටියෝ ය. උන්වහන්සේ දයාන්විත බසින් මෙසේ යස ඇමතූ සේක.

“යස නොකළකිරෙන්න, කළකිරෙන්නට තරම් යමක් මෙහි නැත. බිය වන්නට හෝ සැක සිතන්නට කිසිවක් මෙහි නොවේ. මෙහි එන්න, හිඳ ගන්න, මම ඔබට සත්‍යය දේශනා කරමි.”

ගත වූයේ සුළු මොහොතකි. යසගේ පවුලේ සාමාජිකයෝ ද, මිතුරෝ සතර දෙනෙක් ද, වැඩිමනත් පනස් දෙනෙක් ද පැමිණ සිටියෝ ය. ඔවුන්ගේ සිත් ලෞකික බැඳීම් වලින් මිදුණේ ය. ඔවුහු කෙලෙස් බරින් නිදහස් වූහ.

මෙසේ ලෝකයේ පස්වග මහණුන් ඇතුළුව රහත් හැට නමක් ඇති වූ බව පැරැණි ධර්ම ග්‍රන්ථය අපට කියයි. ඉක්බිති බුදුහු තමන්ගේ අමතක නොකළ හැකි දහම් පණිවිඩය පතුරුවා හරිනු පිණිස ඒ රහත් හැටනම පිටත් කර හැරියහ. උන්වහන්සේගේ අවවාදය මෙවැන්නකි.

“මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස, චාරිකාවේ හැසිරෙවු. දෙනමක් එක මඟින් නොයවු. මුල, මැඳ, අග යන තුන් තැන්හි යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, හැම අතින් ම සම්පූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු ශ්‍රේෂ්ඨ චර්යාව ප්‍රකාශ කරවූ.”

මෙසේ ඒ ධර්මදූත ව්‍යාපාරය වසර දෙදහස් පන්සියයකට පෙර පටන් ගෙන නැඟෙනහිර ආසියාව පුරා ව්‍යාප්ත වූයේ ය. අද එය වඩාත් ශක්තිමත් සහ විශ්වසනීය ආකාරයෙන් එකී ධර්මය අසන සියලු දෙනා සුඛිත භාවයට පත් කරමින් පැතිර යයි.

තමන් සතු ඇඳුම් පැළඳුම් සොරා ගත් කාන්තාවක පසු පස හඹා ගිය තිහක් වූ භද්දවග්ගිය කුමාරවරුනට බුදුන් වහන්සේ දුන් අවවාදය ඔබට මතක ඇතැ යි සිතමි. “කුමාරවරුනි, තොප සිතන්නේ කුමක් ද? වඩා හොඳ වන්නේ තොප තිස් දෙනකු එක කාන්තාවක ආගිය අතක් සොයමින් ඇය පසු පස හඹා යෑම ද? නැතහොත් තමන් එක එකකු කරන්නේ කුමක් දැයි සිතා, සොයා බැලීම ද?”

බුදුන් වහන්සේගේ අවවාදයෙහි වැදගත්කම අවබෝධ කර ගත් භද්දවග්ගියයෝ උන්වහන්සේගේ ඉගැන්වීම් කෙතරම් ශ්‍රේෂ්ඨ වූවක් දැයි සතුටට පත් වූහ. තරුණ උපාලි ගෘහපතියා උන්වහන්සේ සොයා ආවේ වාද කොට උන්වහන්සේ පරදවන්නට ය. තරුණ සෝණ කුටිකණ්ණ අනතුරුදායක දුරක් ;ගවා උන්වහන්සේ හමු වන්නට ආවේ මුහුණ බලා සැනසෙන්නට සහ කටහඬ අසා මිහිර විඳ ගන්නට ය.

බුදුන් වහන්සේ කෙරෙහි සිත් ඇද ගන්නා සුළු කිසියම් රහසක් තිබෙන්නට ඇතැයි සිතේ. එනම් හණික තරුණ හදවත් (සිත්) වලට පිවිස ඒවා හඳුනා ගන්නට හැකිවීම සහ නිරන්තරයෙන් ඒවායේ විශිෂ්ට ශක්තිය තේරුම් ගන්නට හැකිවීම යි.

අපේ තරුණ වයස වනාහි අපේ පෞරුෂ්‍යය හෝ චරිතය හැඩ ගැසෙමින් තිබෙන අධිවේගී, තීරණාත්මක සමය යි. එය මරණ තුනක් ඇති මිනිසකුගේ පැණිකෑමක් වැන්නකි. මරණ තුනක් මැද පැණිකෑමෙන් වැළකිය හැකි නම්, මරණය වළක්වා ගත හැකිව තිබියදී, තව දුරටත් පැණියෙහි ගිජු වන්නාට තාරුණ්‍යයෙහි වටිනාකම තේරුම් ගත හැකි වේද? අපේ පුරුෂත්වයේ හෝ ස්ත්රීත්වයේ ඉරණම තීරණය වන්නේ ඔබ සියලු දෙනා විසින් දන්නා පරිදි අපේ තාරුණ්‍යය නම් වූ එළිපත්ත මතදී පියවර ඉදිරියට තබනවා ද, නැතහොත් ආපසු ගන්නවා ද යන නිගමනය අනුවයි. කම්ම නියාමයට අනුව අපේ කායික, වාචික හා මානසික ක්‍රියා අපේ පෞරුෂ්‍යය හැඩ ගැස්වීමේලා අපේ ජීවිතය කෙරෙහි කරන බලපෑම අත්‍යන්තයෙන් බලවත් ය. එබැවින් අප කෙතරම් කල් ඇතිව බුද්ධ දේශනාවට අනුව ජීවිතය දෙස බලන්නට හුරු පුරුදු විය යුතු දැයි සිතා බැලීම වැදගත් ය.

එහිලා ඔබට මංපෙත් දෙකක් විවෘතව ඇතැ යි සිතේ. එකක් නම්, අද බොහෝ දෙනෙකු කරන පරිදි සියලු ආකාර සංයමය ප්‍රතික්ෂේප කර විනෝදාස්වාද සැඬ පහරට පැන ඉවක් බවකින් තොරව ගසා ගෙන යෑම හෝ ඔබේ ජීවිතය ධාර්මික ශික්ෂණයට අනුව හැඩ ගස්වා ගැනී මයි. සැබවින් අප සියලු දෙනා ම වාගේ පළමු කී මංපෙතට යොමු වීමට කෙතරම් සූදානමින් සිටිමු දැයි මම දනිමි. ඒ අතර පසු කී මංපෙතට යොමුවී එය අනුගමනය කිරීමට තරම් සුදුසු බව තහවුරු කිරීමට සෑහෙන ප්‍රබල සාක්කි තිබිය යුතු බව මම දනිමි. ඒ අනුව මට හිතෙන හැටියට නම් බුදුදහම එහිලා පැහැදිලි ලෙස ඉදිරිපත් කළ හැකි එක ම මංපෙත බව පෙනේ. දෙවියන් වහන්සේට ආදරය වන සේකැයි යම් කිසිවකු අපට කියන්නට පුළුවන. එහෙත් අවාසානාවකට මෙන් ඒ සිද්ධාන්තයේ සත්‍යතාව පිළිබඳ සැකය දිනෙන් දින වඩවඩාත් බලවත් වෙමින් පවතින බව පෙනේ. කෙසේ වෙතත් මට පැහැදිලිව පෙනෙන සත්‍යයක් ඇත. ඒ අනුව නූතන තරුණයා කුසලතා පූර්ණ ය, විද්‍යාත්මක ය, විමර්ශනශීලී ය. ඔහුගේ ජීවන ශෛලිය එකී ගුණාත්මක බැවින් සන්නද්ධව සිටී. එහිලා යන්තම් සැකයක් හෝ නැත. දැඩි පරීක්ෂණයකට භාජනය කිරීමට හැකි තරමට වූවත් සුදුසුකම් ඔහුට ඇත.

බුදුන් වහන්සේ තමන් විසූ සමයේත් තාරුණ්‍යයේ යථා ස්වභාවය අද අප දකින්නා සේම පැහැදිලිව දුටහ. කෙනෙකු සිතන පරිදි සිටින්නේ සර්ව බලධර එක ම දෙවි කෙනෙකු හෝ බොහෝ දෙවිවරුන් විය හැකි ය. පැවැත්මේ පාලන ශක්තිය ආදරය වන්නට හෝ නොවන්නට පුළුවන. එහෙත් සියලු සිද්ධාන්ත නිෂ්ක්‍රිය කරන එක් ප්‍රකට සාධකයක් ඇත.

එනම් සනාතන “දුක” පිළිබඳ සාධකයයි. කිසිවකුටත් එසේ නොවෙති යි හෝ එහි පැවැත්මක් නැතැ යි කිය නොහැකි ය. එබැවින් බුදුන් වහන්සේ යහ චරියාව හෙවත් කුසල පාක්ෂික පැවැත්ම සඳහා සිත් කාවදින දිරි ගැන්වීමක් කරති. එනම් දුක නිෂ්ක්‍රීය කරනු පිණිස සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න යනු යි. ලෞකික ආස්වාදයෙහි හිස්බව හෙවත් ශූන්‍යත්වය ගැන සඳහන් කරමින් බර්න්ස් කවියා මෙසේ කියයි. “ආස්වාදයෝ වනාහි රත් පැහැති පොපිමල් වැන්න. පොපිමල තලා පොඩි කළ විට සුන්දරත්වය පලා යෙයි. ගංගා ජලය මත පතිත හිමකැටි මොහොතක් සුදෝ සුදුවට දිස්ව සදහට දියවී යන සේ ය.” තෘෂ්ණාවේ අසීමිත නිදහස විසින් හුදෙක් ක්ෂණිකව ජනිත ශ්‍රාන්තිය (තෙහෙට්ටුව) සහ අනාගත සුඛතාව සහ සන්තුෂ්ටිය පිණිස වූ වුවමනාව යන මේ සියල්ල ධර්මයෙහි හැසිරෙන්නට අප දිරි ගන්වයි. එබැවින් ඉගෙන ගන්න, උගන්වන්න, පිරිවහන්න, ධර්මයෙහි හැසිරෙන්න.

ඔබ ස්ත්‍රී සහ පුරුෂ විසින් වෙනස් වූවත්, තාරුණ්‍යයේ ගුණයක් ලෙස තමන් ස්ථාවර සහ සත්‍යවාදී යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් තාරුණ්‍යයේ ස්වභාවයට ආවේණික හිතුවක්කාරකමින් සත්‍යය නොපිළිගන්නටත් පෙළඹෙන්නට පුළුවන. එසේ වූවත් ඔබ ඉවසිලිමත් වූ පමණට ඔබට යථාර්ථය තේරුම් ගන්නට බැරිකමක් නැත.

අවිද්‍යාත්මක පසුබිමක් තුළ ඔබට සැනසීමක් ලැබිය හැකි නොවේ. කිසි විටෙකත් ඔබ වැරැදි ක්‍රියාවක් කළහොත් එයට සමාවක් ලැබිය නොහැකි ය. ඇත්තට ම හැම ආගමකින් ම ඔබට ඒත්තු ගන්වන විශිෂ්ටතම අවබෝධය වන්නේ, යමකු වරදක් නිවැරැදි යැයි පිළිගන්වන්නට පොළඹවන කල්හි, ඊට වඩා වරදේ වැරැදි ස්වභාවය වැරැදි ලෙස තේරුම් ගන්වන්නට දරන උත්සාහය නිෂ්ක්‍රීය කිරීම යි. යම් සේ ඔබ බුදුන් වහන්සේගේ ශික්ෂණ ක්‍රමය හෝ ප්රත්යක්ෂ අවබෝධය ගැන සිතතොත්, ඔබේ ජීවිතය කෙතරම් සම්මානනීය බවට පත් කර ගත හැකි දැයි සිතන්න.

ඒ අනුව ඔබට පළමුවෙන් ම කරුණාන්විත විය හැකි ය. එවන් ආදර්ශයෙන් හෝ ජීවිතයෙන් තොරවූ කල්හි ඔබේ ආදරය හා අනුකම්පාව ඔබ මඟ හැර යනු ඇත. ඔබ කරුණාන්විත හා දයාන්විත වූ කල්හි මිත්‍රශීලී වනු ඇත. එවිට ඔබ උපකාරක ද, සානුකම්පික ද, අවංක ද, සත්‍යවාදී ද, ගුණවත් ද, ස්ථාවර ද වනු ඇත. එවිට ඔබ ඔබේ උතුම්වූ ධර්මයට ගෞරවයක් වන්නෙහි ය, ඔබේ ගුරුවරයාට (බුදුන් වහන්සේට) සම්මානයක් වන්නෙහි ය.

එකල්හි සමාජ ජීවිතය කෙරෙහි ඔබේ බලපෑම කෙසේ විය හැකි ද? දැන් අපි ;මසේ සිතමු. ඔබ මවුපියන් බවට පත් කල්හි ඔබේ සුරතල් දරු පැටවු සතුටින් ඔබ හමුවන්නට දිව එන්නෝ ය. ඔබේ සැමියා හෝ බිරියහෝ පිට ගොස් ආපසු එන විට ඔබ නැවත දැක ගන්නට පුලපුලා බලා සිටිනු නිසැක ය. ඔබේ නිවහනෙහි සාමය, සමඟිය, සුව පහසුව හා සොම්නස විසින් එය පාලනය කරනු ඇත. එවිට සියල්ලෝ ආශිර්වාද ලද්දෝ වන්නෝ ය. වැඩපොළේදී, කාර්යාලයේදී හෝ කඩාපොළේ දී ඔබ විශ්වසනීයයෙක් ද, ගරු කටයුත්තෙක් ද වන්නෙහි ය. ඇයි ද යත්, ඔබ අවංක ද, සාධාරණ ද, සත්‍යවාදී ද වන හෙයිනි.

ඔබේ දේශපාලන ජීවිතයේ දී, යම් විටක මාතෘභූමිය අසාධාරණයට හා කෘරත්වයට නැඹුරු වූ, කල්හි, ඔබේ අවබෝධ ඥාණයෙන් හා ත්‍යාගශීලීත්වයේ මහිමයෙන් ඉන් වැළකී සිටීමේ පිළිවෙතින් දායකත්වය සපයන්නට ඔබට පුළුවන. එපමණක් නොව ඕනෑ ම විටක, බහුගුණ ශක්තියෙන්, සාධාරණත්වය, අනුකම්පාව, ස්වාධීනත්වය හා සාමය වෙනුවෙන් ඕනෑ ම සදාචාර සම්පන්න ව්‍යාපාරයකට එකඟ විය හැකි ය. රාජ්‍යයක ජනතාව ඒකීභූත වී ඇත්තේ විවිධ පුරවැසි සමූහයකිනි. ඒ පුරවැසි සමූහය අතර ජාති, කුල, ආගම් පමණක් නොව දැන උගත්කම්, ඇති නැතිකම් හෝ නැතිබැරිකම් ආදිය විෂයයෙහි විසමතා තිබෙන්නටත්, හැකි ය. යහගුණ සම්පන්න ස්ත්‍රී පුරුෂ කුලකයකින් සාමකාමී රටක් නිර්මාණය වන්නට පුළුවන. සාධාරණත්වය, ස්වාධීනත්වය හා අනුකම්පාව විෂයයෙහි නිර්භීත වූ බුද්ධ විනය විසින් මෙහෙයවන ලද ටික දෙනෙකුගෙන් වූවත් අපි සංවිධානය වෙමු නම්, අපට කෙතරම් ගෞරවනීය මාතෘභූමියක් ලබා ගත හැකි ද? එකල්හි නැතිබැරි මිනිසුන්ගේ, ලෙඩුන්ගේ, විකලාංගිකයන්ගේ සහ දුකින් පෙළෙන්නන්ගේ අෙඳා්නා හඬක් කවර දාවත් නොඇසෙනු ඇත. ඔබට ඔබේ බල්ලාට, බළලාට, බැටළුවාට, ගවයාට, අශ්වයාට, වර්ණවත් කුරුල්ලාට සහ සුරතලුන් ලෙස සිටින රන්වන් පියාපතින් යුත් සියොතුනට සහනය සලසා සතුටින් සිටින්නට ඉඩ සලසා දිය හැකි ය.

ඔබට විඳින්නට සිදුව ඇති දුක වනාහි දේවියන් වහන්සේගේ කැමැත්ත හෝ සොබාදහමෙහි නීතිය වෙති යි හෝ, ඔබට යහපත් වන්නට හැකි වන්නේ වෙනත් කාගේ හෝ පුණ්‍ය මහිමයෙන් පමණි යි සිතා යාතිකා කරමින් කිසිවකුගේ පිහිට පතන්නට ඔබට නොහැකි ය. එහෙත් ඒ වෙනුවට ඔබට කිසියම් දුකක් විඳින්නට සිදු වී තිබේ නම්, ඒ අනෙකක් නිසා නොව ඔබේ අකුසල පාක්ෂික ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස බව ඔබට හඳුනා ගත හැකි ය. එසේ නම් ඔබ විසින් කළ යුත්තේ ඔබේ වැරැදි නිවැරැදි කර ගැනීම යි. එවිට ඔබ ඔබේ වගකීම පිළිබඳ හැඟීම තහවුරු වීමෙන් ශක්තිමත් වනු ඇත.

අපි එංගලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ දෛනිකව දර්ශනය (ගැඹුරු චින්තනය) වෙත ළඟාවෙමින් සිටිමු. මුල පටන් ම අපට මෙවන් දර්ශනයක් උගන්වන ලද එක ම ගුරුවරයාගේ පණිවිඩය ප්‍රකාශයට පත් කරන්නට අද ඔබට එක්රැස් වන්නට ලැබීම ඔබට හිමිවුනු කෙතරම් ගෞරවනීය වරප්‍රසාදයක් ද? ඔබ වනාහි තමාට තමා මිස අන් ගුරුවරයකු නැති ගුරුවරයාගේ (බුදුන් වහන්සේගේ) ශිෂ්‍යයන් බව ලොවට හඬගා කියන්නට ඔබට හැකි ය. ප්‍රඥාව, දයාව සහ පරිත්‍යාගය යන සියල්ලෙන් පරිපූර්ණ ඒ මහා ගුරුවරයාගේ උපදේශය ආරක්ෂා කර පවත්වාගෙන යන්නට උත්සාහ දරනු මැනවි.

අධෛර්ය නොවන්න. සාමූහිකව බැඳී සිටින්න. ඇයි ද, යත්, සමඟිය ශක්තිය වේ. ඒ ශක්තියෙන් ඔබට විජයග්‍රහණය අත්පත් වනු ඇත.

බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි..

[QUOTE="rocat90, post: 14689267, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/540111_154756918022729_1675132889_n.jpg[/IMG] ෆ්‍රැන්සිස් ජේ. පයින් පරිවර්තනය - නාරාවිල පැට්රික් මේ ලිපිය Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA සඟරාවෙන් උපුටා ගන්නා ලද Youth and the Buddha ලිපියේ පරිවර්තනයකි. එය ෆ්‍රැන්සිස් ජේ. පයින් විසින් 1930 ජනවාරි 09 වැනි දා ලන්ඩන් තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහය යටතේ සසෙක්ස් ශාලාවේදී පවත්වන ලද දේශනයකි. මේ සැඳෑ සමයේ ඔබ වැනි තරුණ තරුණියන් පිරිසක් රැස්ව සිටින්නේ සිය කැමැත්තෙන් ම බෞද්ධ තරුණ සංවිධානයක් පිහිටුවා ගන්නටයි. මම ඔබට මෙහිදී පබ්බජ්ජා සූත්‍රයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමි. බුදුන් වහන්සේ සිය ලෞකික සැප සම්පත් හැරපියා මහා ගවේෂණයකට සූදානම් වෙමින් සිටියහ. ඒ වන විට උන්වහන්සේ සිටියේ බිම්බිසාර රජුගේ අගනුවර වන රාජගෘහ ආසන්නයේ යි. පණිවිඩකරුවෝ මේ අරුම පුදුම අමුත්තා ගැන කියන්නට වහා දිව ආවෝ ය. ඉක්බිති රජ තෙමේ ද අමුත්තා හමුවන්නට ඉදිරියට ගියේ ය. ඒ පුවත පබ්බජ්ජා සූත්‍රය සඳහන් කරන්නේ මෙසේයි. “මගධයේ රණදෙටු බිම්බිසාරයෝ අමුත්තා පිළිබඳ පුවත සැලවූ හණික සිය මංගල රථය පාණ්ඩය පර්වතය වෙත මෙහෙය වූහ. ඉක්බිති රියෙන් බැස, පාගමනින් ගොස් වාඩිවී ආචාර සමාචාර පවත්වා මෙසේ කීහ. ඔබ තවම ළාබාල ය, මුදු මොළොක් ය. නොඉක්මවන ලද තරුණ විය ඇත්තෙහි ය. සේනාවක් පෙරමුණෙහි සෙන්පති තනතුරු දරා වැජඹෙන්නට තරම් පෞර්ෂයෙන් හෙබි, උසස් පරපුරකින් පැවත එන රණ දෙටු ලකුණු පළ කරන්නෙහි ය. නායක පෙළක් අතර සියල්ලන්ගේ නායක වන්නට සුදුසු වන්නෙහි ය. ඔබට ඇති තරම් සැප සම්පත් සපයමි. ඒවා පරිහරණය කරනු මැනවි, කිනම් පරපුරකින් පැවත එන්නෙක් ද? කියනු මැනවි.” බුදුන් වහන්සේ නිතර ම තරුණ පිරිස් කෙරෙහි දයාලූ වූහ. උන්වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි ය, නිරවුල් ය, හරවත් ය, කීර්ති ප්‍රශංසාවට සුදුසු ය, තරුණ සිත් තුළ දිරි වඩන ශක්තියෙන් පිරුණේ ය. උන්වහන්සේ සිය ධර්මය දේශනා කරන්නට පටන් ගත් මුල් සමයේ සිදුවූවක් මම ඔබට කියමි. යස නමින් වූ එක්තරා තරුණයෙක් සිටියේ ය. ඔහු පුරුදුව සිටියේ බුදුන් වහන්සේ සත් වසරකට පෙර අත්හැර දමා පැමිණි සුඛෝපභෝගී ජීවිතයට සමාන වූ එකකට ය. එහෙත් ඔහු එහි කලකිරුණේ ය. එහි අනතුරු දුටුවේ ය, බුදුන් වහන්සේ සොයා පැමිණියේ ය. ඒ පාන්දර යාමයයි. බුදුන් වහන්සේ සිටි සේක් සක්මනේ යෙදී භාවනා කරමින් ලෝක ස්වභාවය මෙනෙහි කරමිනි. බුදුන් වහන්සේ කිසි විටෙකක් නිකරුණේ කාලය ගෙවා දමන්නාහු නොවෙත්. උන්වහන්සේගේ සිත සන්සුන් ය, පහන් ය, සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් පිරුණේ ය. උන්වහන්සේ ගෙවුයේ කෙටි නින්දක් පමණි. එහෙත් උන්වහන්සේ ඕනෑ ම විටෙක, ඕනෑ ම කෙනෙකුට ඇහුම්කන් දෙන්නට සූදානමින් සිටියෝ ය. උන්වහන්සේ දයාන්විත බසින් මෙසේ යස ඇමතූ සේක. “යස නොකළකිරෙන්න, කළකිරෙන්නට තරම් යමක් මෙහි නැත. බිය වන්නට හෝ සැක සිතන්නට කිසිවක් මෙහි නොවේ. මෙහි එන්න, හිඳ ගන්න, මම ඔබට සත්‍යය දේශනා කරමි.” ගත වූයේ සුළු මොහොතකි. යසගේ පවුලේ සාමාජිකයෝ ද, මිතුරෝ සතර දෙනෙක් ද, වැඩිමනත් පනස් දෙනෙක් ද පැමිණ සිටියෝ ය. ඔවුන්ගේ සිත් ලෞකික බැඳීම් වලින් මිදුණේ ය. ඔවුහු කෙලෙස් බරින් නිදහස් වූහ. මෙසේ ලෝකයේ පස්වග මහණුන් ඇතුළුව රහත් හැට නමක් ඇති වූ බව පැරැණි ධර්ම ග්‍රන්ථය අපට කියයි. ඉක්බිති බුදුහු තමන්ගේ අමතක නොකළ හැකි දහම් පණිවිඩය පතුරුවා හරිනු පිණිස ඒ රහත් හැටනම පිටත් කර හැරියහ. උන්වහන්සේගේ අවවාදය මෙවැන්නකි. “මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස, චාරිකාවේ හැසිරෙවු. දෙනමක් එක මඟින් නොයවු. මුල, මැඳ, අග යන තුන් තැන්හි යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, හැම අතින් ම සම්පූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු ශ්‍රේෂ්ඨ චර්යාව ප්‍රකාශ කරවූ.” මෙසේ ඒ ධර්මදූත ව්‍යාපාරය වසර දෙදහස් පන්සියයකට පෙර පටන් ගෙන නැඟෙනහිර ආසියාව පුරා ව්‍යාප්ත වූයේ ය. අද එය වඩාත් ශක්තිමත් සහ විශ්වසනීය ආකාරයෙන් එකී ධර්මය අසන සියලු දෙනා සුඛිත භාවයට පත් කරමින් පැතිර යයි. තමන් සතු ඇඳුම් පැළඳුම් සොරා ගත් කාන්තාවක පසු පස හඹා ගිය තිහක් වූ භද්දවග්ගිය කුමාරවරුනට බුදුන් වහන්සේ දුන් අවවාදය ඔබට මතක ඇතැ යි සිතමි. “කුමාරවරුනි, තොප සිතන්නේ කුමක් ද? වඩා හොඳ වන්නේ තොප තිස් දෙනකු එක කාන්තාවක ආගිය අතක් සොයමින් ඇය පසු පස හඹා යෑම ද? නැතහොත් තමන් එක එකකු කරන්නේ කුමක් දැයි සිතා, සොයා බැලීම ද?” බුදුන් වහන්සේගේ අවවාදයෙහි වැදගත්කම අවබෝධ කර ගත් භද්දවග්ගියයෝ උන්වහන්සේගේ ඉගැන්වීම් කෙතරම් ශ්‍රේෂ්ඨ වූවක් දැයි සතුටට පත් වූහ. තරුණ උපාලි ගෘහපතියා උන්වහන්සේ සොයා ආවේ වාද කොට උන්වහන්සේ පරදවන්නට ය. තරුණ සෝණ කුටිකණ්ණ අනතුරුදායක දුරක් ;ගවා උන්වහන්සේ හමු වන්නට ආවේ මුහුණ බලා සැනසෙන්නට සහ කටහඬ අසා මිහිර විඳ ගන්නට ය. බුදුන් වහන්සේ කෙරෙහි සිත් ඇද ගන්නා සුළු කිසියම් රහසක් තිබෙන්නට ඇතැයි සිතේ. එනම් හණික තරුණ හදවත් (සිත්) වලට පිවිස ඒවා හඳුනා ගන්නට හැකිවීම සහ නිරන්තරයෙන් ඒවායේ විශිෂ්ට ශක්තිය තේරුම් ගන්නට හැකිවීම යි. අපේ තරුණ වයස වනාහි අපේ පෞරුෂ්‍යය හෝ චරිතය හැඩ ගැසෙමින් තිබෙන අධිවේගී, තීරණාත්මක සමය යි. එය මරණ තුනක් ඇති මිනිසකුගේ පැණිකෑමක් වැන්නකි. මරණ තුනක් මැද පැණිකෑමෙන් වැළකිය හැකි නම්, මරණය වළක්වා ගත හැකිව තිබියදී, තව දුරටත් පැණියෙහි ගිජු වන්නාට තාරුණ්‍යයෙහි වටිනාකම තේරුම් ගත හැකි වේද? අපේ පුරුෂත්වයේ හෝ ස්ත්රීත්වයේ ඉරණම තීරණය වන්නේ ඔබ සියලු දෙනා විසින් දන්නා පරිදි අපේ තාරුණ්‍යය නම් වූ එළිපත්ත මතදී පියවර ඉදිරියට තබනවා ද, නැතහොත් ආපසු ගන්නවා ද යන නිගමනය අනුවයි. කම්ම නියාමයට අනුව අපේ කායික, වාචික හා මානසික ක්‍රියා අපේ පෞරුෂ්‍යය හැඩ ගැස්වීමේලා අපේ ජීවිතය කෙරෙහි කරන බලපෑම අත්‍යන්තයෙන් බලවත් ය. එබැවින් අප කෙතරම් කල් ඇතිව බුද්ධ දේශනාවට අනුව ජීවිතය දෙස බලන්නට හුරු පුරුදු විය යුතු දැයි සිතා බැලීම වැදගත් ය. එහිලා ඔබට මංපෙත් දෙකක් විවෘතව ඇතැ යි සිතේ. එකක් නම්, අද බොහෝ දෙනෙකු කරන පරිදි සියලු ආකාර සංයමය ප්‍රතික්ෂේප කර විනෝදාස්වාද සැඬ පහරට පැන ඉවක් බවකින් තොරව ගසා ගෙන යෑම හෝ ඔබේ ජීවිතය ධාර්මික ශික්ෂණයට අනුව හැඩ ගස්වා ගැනී මයි. සැබවින් අප සියලු දෙනා ම වාගේ පළමු කී මංපෙතට යොමු වීමට කෙතරම් සූදානමින් සිටිමු දැයි මම දනිමි. ඒ අතර පසු කී මංපෙතට යොමුවී එය අනුගමනය කිරීමට තරම් සුදුසු බව තහවුරු කිරීමට සෑහෙන ප්‍රබල සාක්කි තිබිය යුතු බව මම දනිමි. ඒ අනුව මට හිතෙන හැටියට නම් බුදුදහම එහිලා පැහැදිලි ලෙස ඉදිරිපත් කළ හැකි එක ම මංපෙත බව පෙනේ. දෙවියන් වහන්සේට ආදරය වන සේකැයි යම් කිසිවකු අපට කියන්නට පුළුවන. එහෙත් අවාසානාවකට මෙන් ඒ සිද්ධාන්තයේ සත්‍යතාව පිළිබඳ සැකය දිනෙන් දින වඩවඩාත් බලවත් වෙමින් පවතින බව පෙනේ. කෙසේ වෙතත් මට පැහැදිලිව පෙනෙන සත්‍යයක් ඇත. ඒ අනුව නූතන තරුණයා කුසලතා පූර්ණ ය, විද්‍යාත්මක ය, විමර්ශනශීලී ය. ඔහුගේ ජීවන ශෛලිය එකී ගුණාත්මක බැවින් සන්නද්ධව සිටී. එහිලා යන්තම් සැකයක් හෝ නැත. දැඩි පරීක්ෂණයකට භාජනය කිරීමට හැකි තරමට වූවත් සුදුසුකම් ඔහුට ඇත. බුදුන් වහන්සේ තමන් විසූ සමයේත් තාරුණ්‍යයේ යථා ස්වභාවය අද අප දකින්නා සේම පැහැදිලිව දුටහ. කෙනෙකු සිතන පරිදි සිටින්නේ සර්ව බලධර එක ම දෙවි කෙනෙකු හෝ බොහෝ දෙවිවරුන් විය හැකි ය. පැවැත්මේ පාලන ශක්තිය ආදරය වන්නට හෝ නොවන්නට පුළුවන. එහෙත් සියලු සිද්ධාන්ත නිෂ්ක්‍රිය කරන එක් ප්‍රකට සාධකයක් ඇත. එනම් සනාතන “දුක” පිළිබඳ සාධකයයි. කිසිවකුටත් එසේ නොවෙති යි හෝ එහි පැවැත්මක් නැතැ යි කිය නොහැකි ය. එබැවින් බුදුන් වහන්සේ යහ චරියාව හෙවත් කුසල පාක්ෂික පැවැත්ම සඳහා සිත් කාවදින දිරි ගැන්වීමක් කරති. එනම් දුක නිෂ්ක්‍රීය කරනු පිණිස සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න යනු යි. ලෞකික ආස්වාදයෙහි හිස්බව හෙවත් ශූන්‍යත්වය ගැන සඳහන් කරමින් බර්න්ස් කවියා මෙසේ කියයි. “ආස්වාදයෝ වනාහි රත් පැහැති පොපිමල් වැන්න. පොපිමල තලා පොඩි කළ විට සුන්දරත්වය පලා යෙයි. ගංගා ජලය මත පතිත හිමකැටි මොහොතක් සුදෝ සුදුවට දිස්ව සදහට දියවී යන සේ ය.” තෘෂ්ණාවේ අසීමිත නිදහස විසින් හුදෙක් ක්ෂණිකව ජනිත ශ්‍රාන්තිය (තෙහෙට්ටුව) සහ අනාගත සුඛතාව සහ සන්තුෂ්ටිය පිණිස වූ වුවමනාව යන මේ සියල්ල ධර්මයෙහි හැසිරෙන්නට අප දිරි ගන්වයි. එබැවින් ඉගෙන ගන්න, උගන්වන්න, පිරිවහන්න, ධර්මයෙහි හැසිරෙන්න. ඔබ ස්ත්‍රී සහ පුරුෂ විසින් වෙනස් වූවත්, තාරුණ්‍යයේ ගුණයක් ලෙස තමන් ස්ථාවර සහ සත්‍යවාදී යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් තාරුණ්‍යයේ ස්වභාවයට ආවේණික හිතුවක්කාරකමින් සත්‍යය නොපිළිගන්නටත් පෙළඹෙන්නට පුළුවන. එසේ වූවත් ඔබ ඉවසිලිමත් වූ පමණට ඔබට යථාර්ථය තේරුම් ගන්නට බැරිකමක් නැත. අවිද්‍යාත්මක පසුබිමක් තුළ ඔබට සැනසීමක් ලැබිය හැකි නොවේ. කිසි විටෙකත් ඔබ වැරැදි ක්‍රියාවක් කළහොත් එයට සමාවක් ලැබිය නොහැකි ය. ඇත්තට ම හැම ආගමකින් ම ඔබට ඒත්තු ගන්වන විශිෂ්ටතම අවබෝධය වන්නේ, යමකු වරදක් නිවැරැදි යැයි පිළිගන්වන්නට පොළඹවන කල්හි, ඊට වඩා වරදේ වැරැදි ස්වභාවය වැරැදි ලෙස තේරුම් ගන්වන්නට දරන උත්සාහය නිෂ්ක්‍රීය කිරීම යි. යම් සේ ඔබ බුදුන් වහන්සේගේ ශික්ෂණ ක්‍රමය හෝ ප්රත්යක්ෂ අවබෝධය ගැන සිතතොත්, ඔබේ ජීවිතය කෙතරම් සම්මානනීය බවට පත් කර ගත හැකි දැයි සිතන්න. ඒ අනුව ඔබට පළමුවෙන් ම කරුණාන්විත විය හැකි ය. එවන් ආදර්ශයෙන් හෝ ජීවිතයෙන් තොරවූ කල්හි ඔබේ ආදරය හා අනුකම්පාව ඔබ මඟ හැර යනු ඇත. ඔබ කරුණාන්විත හා දයාන්විත වූ කල්හි මිත්‍රශීලී වනු ඇත. එවිට ඔබ උපකාරක ද, සානුකම්පික ද, අවංක ද, සත්‍යවාදී ද, ගුණවත් ද, ස්ථාවර ද වනු ඇත. එවිට ඔබ ඔබේ උතුම්වූ ධර්මයට ගෞරවයක් වන්නෙහි ය, ඔබේ ගුරුවරයාට (බුදුන් වහන්සේට) සම්මානයක් වන්නෙහි ය. එකල්හි සමාජ ජීවිතය කෙරෙහි ඔබේ බලපෑම කෙසේ විය හැකි ද? දැන් අපි ;මසේ සිතමු. ඔබ මවුපියන් බවට පත් කල්හි ඔබේ සුරතල් දරු පැටවු සතුටින් ඔබ හමුවන්නට දිව එන්නෝ ය. ඔබේ සැමියා හෝ බිරියහෝ පිට ගොස් ආපසු එන විට ඔබ නැවත දැක ගන්නට පුලපුලා බලා සිටිනු නිසැක ය. ඔබේ නිවහනෙහි සාමය, සමඟිය, සුව පහසුව හා සොම්නස විසින් එය පාලනය කරනු ඇත. එවිට සියල්ලෝ ආශිර්වාද ලද්දෝ වන්නෝ ය. වැඩපොළේදී, කාර්යාලයේදී හෝ කඩාපොළේ දී ඔබ විශ්වසනීයයෙක් ද, ගරු කටයුත්තෙක් ද වන්නෙහි ය. ඇයි ද යත්, ඔබ අවංක ද, සාධාරණ ද, සත්‍යවාදී ද වන හෙයිනි. ඔබේ දේශපාලන ජීවිතයේ දී, යම් විටක මාතෘභූමිය අසාධාරණයට හා කෘරත්වයට නැඹුරු වූ, කල්හි, ඔබේ අවබෝධ ඥාණයෙන් හා ත්‍යාගශීලීත්වයේ මහිමයෙන් ඉන් වැළකී සිටීමේ පිළිවෙතින් දායකත්වය සපයන්නට ඔබට පුළුවන. එපමණක් නොව ඕනෑ ම විටක, බහුගුණ ශක්තියෙන්, සාධාරණත්වය, අනුකම්පාව, ස්වාධීනත්වය හා සාමය වෙනුවෙන් ඕනෑ ම සදාචාර සම්පන්න ව්‍යාපාරයකට එකඟ විය හැකි ය. රාජ්‍යයක ජනතාව ඒකීභූත වී ඇත්තේ විවිධ පුරවැසි සමූහයකිනි. ඒ පුරවැසි සමූහය අතර ජාති, කුල, ආගම් පමණක් නොව දැන උගත්කම්, ඇති නැතිකම් හෝ නැතිබැරිකම් ආදිය විෂයයෙහි විසමතා තිබෙන්නටත්, හැකි ය. යහගුණ සම්පන්න ස්ත්‍රී පුරුෂ කුලකයකින් සාමකාමී රටක් නිර්මාණය වන්නට පුළුවන. සාධාරණත්වය, ස්වාධීනත්වය හා අනුකම්පාව විෂයයෙහි නිර්භීත වූ බුද්ධ විනය විසින් මෙහෙයවන ලද ටික දෙනෙකුගෙන් වූවත් අපි සංවිධානය වෙමු නම්, අපට කෙතරම් ගෞරවනීය මාතෘභූමියක් ලබා ගත හැකි ද? එකල්හි නැතිබැරි මිනිසුන්ගේ, ලෙඩුන්ගේ, විකලාංගිකයන්ගේ සහ දුකින් පෙළෙන්නන්ගේ අෙඳා්නා හඬක් කවර දාවත් නොඇසෙනු ඇත. ඔබට ඔබේ බල්ලාට, බළලාට, බැටළුවාට, ගවයාට, අශ්වයාට, වර්ණවත් කුරුල්ලාට සහ සුරතලුන් ලෙස සිටින රන්වන් පියාපතින් යුත් සියොතුනට සහනය සලසා සතුටින් සිටින්නට ඉඩ සලසා දිය හැකි ය. ඔබට විඳින්නට සිදුව ඇති දුක වනාහි දේවියන් වහන්සේගේ කැමැත්ත හෝ සොබාදහමෙහි නීතිය වෙති යි හෝ, ඔබට යහපත් වන්නට හැකි වන්නේ වෙනත් කාගේ හෝ පුණ්‍ය මහිමයෙන් පමණි යි සිතා යාතිකා කරමින් කිසිවකුගේ පිහිට පතන්නට ඔබට නොහැකි ය. එහෙත් ඒ වෙනුවට ඔබට කිසියම් දුකක් විඳින්නට සිදු වී තිබේ නම්, ඒ අනෙකක් නිසා නොව ඔබේ අකුසල පාක්ෂික ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස බව ඔබට හඳුනා ගත හැකි ය. එසේ නම් ඔබ විසින් කළ යුත්තේ ඔබේ වැරැදි නිවැරැදි කර ගැනීම යි. එවිට ඔබ ඔබේ වගකීම පිළිබඳ හැඟීම තහවුරු වීමෙන් ශක්තිමත් වනු ඇත. අපි එංගලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ දෛනිකව දර්ශනය (ගැඹුරු චින්තනය) වෙත ළඟාවෙමින් සිටිමු. මුල පටන් ම අපට මෙවන් දර්ශනයක් උගන්වන ලද එක ම ගුරුවරයාගේ පණිවිඩය ප්‍රකාශයට පත් කරන්නට අද ඔබට එක්රැස් වන්නට ලැබීම ඔබට හිමිවුනු කෙතරම් ගෞරවනීය වරප්‍රසාදයක් ද? ඔබ වනාහි තමාට තමා මිස අන් ගුරුවරයකු නැති ගුරුවරයාගේ (බුදුන් වහන්සේගේ) ශිෂ්‍යයන් බව ලොවට හඬගා කියන්නට ඔබට හැකි ය. ප්‍රඥාව, දයාව සහ පරිත්‍යාගය යන සියල්ලෙන් පරිපූර්ණ ඒ මහා ගුරුවරයාගේ උපදේශය ආරක්ෂා කර පවත්වාගෙන යන්නට උත්සාහ දරනු මැනවි. අධෛර්ය නොවන්න. සාමූහිකව බැඳී සිටින්න. ඇයි ද, යත්, සමඟිය ශක්තිය වේ. ඒ ශක්තියෙන් ඔබට විජයග්‍රහණය අත්පත් වනු ඇත. බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom