Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ දෙන්නගේ යහලුකම බුද්ධාන්තරයක් පරණයි..

ඒ යාලුවෝ දෙන්නා අවසන් වරට හමුවුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ..

එක්කෙනෙක්ගේ නම වුනේ "ජෝතිපාල"..

ඔහු වංශවවත් උසස් කුලයේ සිටු පුත්‍රයෙක්..

අනෙක් කෙනා "ඝටිකාර".

ඔහු තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වුනේ..

"ඝටිකාර"දුප්පත් අඩුකුලේ කුඹල්කරුවෙක්..

ඔහු දෑස් නොපෙනෙන තමන්ගේ දෙමව්පියන් රැකබලාගෙන දැහැමිව ජීවත් වුන කෙනෙක්..

ඝටීකාර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ

"අග්‍ර උපස්ථායක" උනාට, ඔහුගේ අතිජාත මිත්‍රයා වෙච්ච "ජෝතිපාල" කිසි දිනක බුදුරජාණන් වහන්සේ ලගටවත් ගිහින් නෑ..

ඝටීකාර කොච්චර කිව්වත්, ජෝතිපාල බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමති උනේ නෑ..

එක දවසක් මේ යාලුවෝ දෙන්නා නාන්න ගියා..

එදාත් ඝටීකාරට හිතුනා ජෝතිපාලව බුදුරජාණන් වහන්සේ ලගට එක්කන් යන්න..

"මිත්‍රයා අද හොද දවසක්..බුදුරජානන් වහන්සේ වැඩ ඉන්නේත් මේ ලඟමයි..අද අපි යමුද උන් වහන්සේ බැහැ දකින්න..??""

""අනේ යාලුවේ, ඔය "මුඩු ශ්‍රමණයෝ" දැකලා කාටද හරි ගියේ..""

ඔය විදියට තුන් වතාවක්ම කිව්වා..ජෝතිපාල කිව්වේම "ඔය මුඩු ශ්‍රමණයෝ දකින්න යන්න නං බෑ " කියලා..

කොච්චර කිව්වත් ජෝතිපාල අකමැති නිසා අන්තිමේ ඝටිකාර ජෝතිපාලගේ "කෙස් වැටියෙන් "අල්ලා ඇද්දා.. ඇදලා අරගෙන ආයේත් කිව්වා..

"මිත්‍රයා අද නං කොහොම හරි යන්න ඔනී බුදුන් වහන්සේ බැහැ දකින්න.."

එකල සිරිතක් තිබ්බා, අඩුකුලේ අය වංශවත් අයව ස්පර්ශ කරන්නේ නෑ.. යාලුවෝ උනත් ඝටීකාර මීට කලින් ජෝතිපාලව එහෙම ස්පර්ශ කරලා තිබුනේ නෑ..

කවදාවත් තමන්ව ස්පර්ශ නොකරපු ඝටීකාර,

කුල බේදය නොසලකා තමන්ගේ කොන්ඩෙන් ඇදපු එකට ජෝතිපාල කලබල උනා..

"" මේ මොකද මේ යාලුවේ,?? ඔබ කවදාවත් මට මෙහෙම කරලා නෑ..පුදුමයි..අඩුකුලේ උපන් ඔබ අපි වගේ වංශවත් කුලේ කෙනෙක් ස්පර්ශ කරන්න තරං හිතෙනවා නං ඒක ආශ්චර්යක්..මෙකේ මොකක් හරි තියෙනවා..

මිත්‍රය ඔබේ බුදුන් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ..අපි අද එහෙනං යමු උන් වහන්සේ බැහැ දකින්න..""

ඝටිකාරට හරි සතුටුයි..තමන්ගේ අතිජාත මිත්‍රයාට බුදුරජාණන් වහන්සේගේ පහස ලැබෙන්නයි යන්නේ.. දෙන්නා ගිහින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනා..

""ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මේ මගේ මිත්‍රයා ජෝතිපාල..ඔහුට කළ්‍යාණ ධර්මය පවසන්න..""

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජෝතිපාලට ධර්මය කිව්වා..ඔහු ඒ මොහොතෙම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුනා..

යාලුවෝ දෙන්නා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආපහු එන්න පිටත් වුනා..ජෝතිපාල ඝටීකාරගෙන් මෙහෙම ඇහුවා..

""මිත්‍රයා, ඔබ අහන්නෙත් අද මම අහපු බණම නේද?? ඒ බණ කොයි තරම් සුන්දරද?? ඔබට මේ ලාමක ගිහි ගෙදර අතහැරලා පැවිදි වෙන්න හිතෙන්නේ නැද්ද??""

""යාහලුවේ..ඔබ දන්නවානේ මාගේ දෙමව්පියන් අන්ධයි කියලා?? ඒ දෙන්නව රැකබලා ගන්න එපැයි..""

"එහෙනං මිත්‍රය, මා මේ ලාමක ගිහි සැප අතහරිනවා..මා බුදුරජාණන් වහන්සේ ලඟ පැවිදි වෙනවා..""

""සාදු..සාදු..සාදු...ඔබට යහපතක්මයි..""

ජෝතිපාල ගිහි හෙදර හැර ගියා.. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලග පැවිදි වුනා..

ඝටිකාර තමන්ගේ අන්ධ දෙමවිපියන් පෝෂනය කරමින් ගිහි ගෙදර ගතකලා..ඔහු අනාගාමි ගිහි උපාසකයෙක් බවට පත් උනා..

කාලය ගෙවිලා ගියා..කාශ්‍යප බුදුරජාණ වහන්සේ පිරිණිවී ගියා..ඝටිකාර මිය ගිහින් බඹ ලොව "ඝටීකාර" නමින්ම බ්රහ්මරාජයෙක්ව උපන්නා...

එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන කියද්දි "ඔය මුඩු මහණුන්" කියලා බැනපු "ජෝතිපාල"

"සිද්ධාර්ථ" නමින් දඹදිව උපන්නා..

එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලඟ බණ අහපු ඒ සිද්ධාර්ථ කුමාරයාටත් සම්බුද්ධත්වයට පත් වෙන්න ආස කලා..සතර අපායේ වැටෙමින් දුක් විඳින අපිවගෙ සත්වයන්ට සදාකාලික සැප උදා කරදෙන්න ආස කලා..ඔහු තරුණ වයසෙදි ගිහි ගෙදර හැර ගියා..

කන්ථක අශ්වයා සහ චන්න ඇමති එක්ක සිද්ධාර්ථ කුමාරයා අනෝමා ගං තීරයට සැපත් උනා.. කන්ථකවත්,චන්නවත් අතහැර තනියම වනයට පිය නැග්ගා..

සිද්ධාර්ථ කුමාරයාට හිතුනා,

මේ ගිහි වස්ත්‍ර ඉවත් කරලා, කසාවත් හැඳ ගන්න...ඒත් ඉතින් මේ මහා වනයේ කොහෙන්ද කසාවත්??

සිද්ධාර්ථ කුමාරයාගේ මේ අදහස බඹ ලොව කෙනෙක්ට දැනුනා.. ඒ තමයි "ඝටිකාර" බ්‍රහ්ම රාජයා..

එදා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ කාලේ තමන්ගේ යහලුවා වූ ජෝතිපාල සම්බුද්ධත්වය පතා අභිනික්මන් කරලා..

එදා බුදුරජාණන් වහන්සේ දකින්න යමු කියන කොට "ඔය මුඩු ශ්රමණුන් දැකලා කාටද හරි ගියේ"

කියපු කෙනා, මෙන්න දැන් සම්බුද්ධත්වය පිනිස සියල්ල අතහැර යනවා...

අහෝ! මේ සසර..

"ඝටීකාරට" මීට වඩා සතුටක් කොයිද??

තමන්ගේ පෙර ජිවිතේ අතිජාත මිත්‍රයා සම්බුදු වෙන්න යනවා..ඔහු මොහොතක් වත් පමා වුනේ නෑ..සිවුරු පිරිකර රැගෙන අනෝමා ගං තීරයෙ සිද්ධාර්ථ කුමරුන් ඉදිරියේ පහල වුනා..

බුද්ධාන්තරයකට පස්සේ පරණ යහලුවෝ දෙන්නා ආයෙත් මුණ ගැහුනා..

ඝටීකාර අනාගත සම්බුදුවරයාට බොහොම ගෞරවයෙන් සිවුරු පිරිකර පූජා කලා..

සිදුහත් කුමරුන්ගේ ගිහි වස්ත්‍ර ටික තමන් ගත්තා..

ආපහු බ්‍රහ්ම ලෝකයට ගිහින් ඒ වස්ත්‍ර තැන්පත් කරලා "සළුමිණ සෑය" හැදුවා..

වසර හතකට පස්සේ,දෙව් බඹුන්ගේ සාදු කාර මැද සිද්ධාර්ථ කුමාරයා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා..

එදා ඝටීකාර බ්රහ්මරාජයා තරං වෙන කිසිම බ්‍රහ්ම රාජයෙක් සතුටු වෙන්න නැතුව ඇති..

එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මුඩු ශ්‍රමණ වාදයෙන් කතා කරපු කෙනා,කොණ්ඩෙන් ඇදගෙන බුදුන් දකින්න රැගෙන යන්න වුන කෙනා...

මෙදා ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුනා..

සම්බුද්ධත්වයෙන් පස්සේ ඝටීකාර බ්රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ යලිත් මුණගැහෙන්න ආවා..

"ස්වාමීනී, නුඹ වහන්සේට මාව මතකද?? මම ඝටීකාර..වේහලිංග ගමේ නුඹ වහන්සේගේ හොදම යාලුවා වුනේ මමයි.."

"පින්වත් භාර්ගව, එය එසේ ම යි..වේහලිංග ගමේ මාගේ යාහලුවා වූ ඝටීකාර නුඹයි.."

අවසන් සිරුරු දරන ඒ පැරණි යහලුවන් දෙදෙනාගේ අති සුන්දර යළි හමුවීම එසේ සිදුවුනා..

ඒ උත්තමයන් දෙදෙනාම අවසන් සිරුරු දරාගෙනයි හිටියේ..

ඝටීකාර සූත්‍රය ඇසුරෙනි..

[QUOTE="හෙළයෙක්, post: 31571922, member: 503645"] ඒ දෙන්නගේ යහලුකම බුද්ධාන්තරයක් පරණයි.. ඒ යාලුවෝ දෙන්නා අවසන් වරට හමුවුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ.. එක්කෙනෙක්ගේ නම වුනේ "ජෝතිපාල".. ඔහු වංශවවත් උසස් කුලයේ සිටු පුත්‍රයෙක්.. අනෙක් කෙනා "ඝටිකාර". ඔහු තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වුනේ.. "ඝටිකාර"දුප්පත් අඩුකුලේ කුඹල්කරුවෙක්.. ඔහු දෑස් නොපෙනෙන තමන්ගේ දෙමව්පියන් රැකබලාගෙන දැහැමිව ජීවත් වුන කෙනෙක්.. ඝටීකාර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ "අග්‍ර උපස්ථායක" උනාට, ඔහුගේ අතිජාත මිත්‍රයා වෙච්ච "ජෝතිපාල" කිසි දිනක බුදුරජාණන් වහන්සේ ලගටවත් ගිහින් නෑ.. ඝටීකාර කොච්චර කිව්වත්, ජෝතිපාල බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමති උනේ නෑ.. එක දවසක් මේ යාලුවෝ දෙන්නා නාන්න ගියා.. එදාත් ඝටීකාරට හිතුනා ජෝතිපාලව බුදුරජාණන් වහන්සේ ලගට එක්කන් යන්න.. "මිත්‍රයා අද හොද දවසක්..බුදුරජානන් වහන්සේ වැඩ ඉන්නේත් මේ ලඟමයි..අද අපි යමුද උන් වහන්සේ බැහැ දකින්න..??"" ""අනේ යාලුවේ, ඔය "මුඩු ශ්‍රමණයෝ" දැකලා කාටද හරි ගියේ.."" ඔය විදියට තුන් වතාවක්ම කිව්වා..ජෝතිපාල කිව්වේම "ඔය මුඩු ශ්‍රමණයෝ දකින්න යන්න නං බෑ " කියලා.. කොච්චර කිව්වත් ජෝතිපාල අකමැති නිසා අන්තිමේ ඝටිකාර ජෝතිපාලගේ "කෙස් වැටියෙන් "අල්ලා ඇද්දා.. ඇදලා අරගෙන ආයේත් කිව්වා.. "මිත්‍රයා අද නං කොහොම හරි යන්න ඔනී බුදුන් වහන්සේ බැහැ දකින්න.." එකල සිරිතක් තිබ්බා, අඩුකුලේ අය වංශවත් අයව ස්පර්ශ කරන්නේ නෑ.. යාලුවෝ උනත් ඝටීකාර මීට කලින් ජෝතිපාලව එහෙම ස්පර්ශ කරලා තිබුනේ නෑ.. කවදාවත් තමන්ව ස්පර්ශ නොකරපු ඝටීකාර, කුල බේදය නොසලකා තමන්ගේ කොන්ඩෙන් ඇදපු එකට ජෝතිපාල කලබල උනා.. "" මේ මොකද මේ යාලුවේ,?? ඔබ කවදාවත් මට මෙහෙම කරලා නෑ..පුදුමයි..අඩුකුලේ උපන් ඔබ අපි වගේ වංශවත් කුලේ කෙනෙක් ස්පර්ශ කරන්න තරං හිතෙනවා නං ඒක ආශ්චර්යක්..මෙකේ මොකක් හරි තියෙනවා.. මිත්‍රය ඔබේ බුදුන් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ..අපි අද එහෙනං යමු උන් වහන්සේ බැහැ දකින්න.."" ඝටිකාරට හරි සතුටුයි..තමන්ගේ අතිජාත මිත්‍රයාට බුදුරජාණන් වහන්සේගේ පහස ලැබෙන්නයි යන්නේ.. දෙන්නා ගිහින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනා.. ""ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මේ මගේ මිත්‍රයා ජෝතිපාල..ඔහුට කළ්‍යාණ ධර්මය පවසන්න.."" කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජෝතිපාලට ධර්මය කිව්වා..ඔහු ඒ මොහොතෙම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුනා.. යාලුවෝ දෙන්නා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආපහු එන්න පිටත් වුනා..ජෝතිපාල ඝටීකාරගෙන් මෙහෙම ඇහුවා.. ""මිත්‍රයා, ඔබ අහන්නෙත් අද මම අහපු බණම නේද?? ඒ බණ කොයි තරම් සුන්දරද?? ඔබට මේ ලාමක ගිහි ගෙදර අතහැරලා පැවිදි වෙන්න හිතෙන්නේ නැද්ද??"" ""යාහලුවේ..ඔබ දන්නවානේ මාගේ දෙමව්පියන් අන්ධයි කියලා?? ඒ දෙන්නව රැකබලා ගන්න එපැයි.."" "එහෙනං මිත්‍රය, මා මේ ලාමක ගිහි සැප අතහරිනවා..මා බුදුරජාණන් වහන්සේ ලඟ පැවිදි වෙනවා.."" ""සාදු..සාදු..සාදු...ඔබට යහපතක්මයි.."" ජෝතිපාල ගිහි හෙදර හැර ගියා.. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලග පැවිදි වුනා.. ඝටිකාර තමන්ගේ අන්ධ දෙමවිපියන් පෝෂනය කරමින් ගිහි ගෙදර ගතකලා..ඔහු අනාගාමි ගිහි උපාසකයෙක් බවට පත් උනා.. කාලය ගෙවිලා ගියා..කාශ්‍යප බුදුරජාණ වහන්සේ පිරිණිවී ගියා..ඝටිකාර මිය ගිහින් බඹ ලොව "ඝටීකාර" නමින්ම බ්රහ්මරාජයෙක්ව උපන්නා... එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන කියද්දි "ඔය මුඩු මහණුන්" කියලා බැනපු "ජෝතිපාල" "සිද්ධාර්ථ" නමින් දඹදිව උපන්නා.. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලඟ බණ අහපු ඒ සිද්ධාර්ථ කුමාරයාටත් සම්බුද්ධත්වයට පත් වෙන්න ආස කලා..සතර අපායේ වැටෙමින් දුක් විඳින අපිවගෙ සත්වයන්ට සදාකාලික සැප උදා කරදෙන්න ආස කලා..ඔහු තරුණ වයසෙදි ගිහි ගෙදර හැර ගියා.. කන්ථක අශ්වයා සහ චන්න ඇමති එක්ක සිද්ධාර්ථ කුමාරයා අනෝමා ගං තීරයට සැපත් උනා.. කන්ථකවත්,චන්නවත් අතහැර තනියම වනයට පිය නැග්ගා.. සිද්ධාර්ථ කුමාරයාට හිතුනා, මේ ගිහි වස්ත්‍ර ඉවත් කරලා, කසාවත් හැඳ ගන්න...ඒත් ඉතින් මේ මහා වනයේ කොහෙන්ද කසාවත්?? සිද්ධාර්ථ කුමාරයාගේ මේ අදහස බඹ ලොව කෙනෙක්ට දැනුනා.. ඒ තමයි "ඝටිකාර" බ්‍රහ්ම රාජයා.. එදා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ කාලේ තමන්ගේ යහලුවා වූ ජෝතිපාල සම්බුද්ධත්වය පතා අභිනික්මන් කරලා.. එදා බුදුරජාණන් වහන්සේ දකින්න යමු කියන කොට "ඔය මුඩු ශ්රමණුන් දැකලා කාටද හරි ගියේ" කියපු කෙනා, මෙන්න දැන් සම්බුද්ධත්වය පිනිස සියල්ල අතහැර යනවා... අහෝ! මේ සසර.. "ඝටීකාරට" මීට වඩා සතුටක් කොයිද?? තමන්ගේ පෙර ජිවිතේ අතිජාත මිත්‍රයා සම්බුදු වෙන්න යනවා..ඔහු මොහොතක් වත් පමා වුනේ නෑ..සිවුරු පිරිකර රැගෙන අනෝමා ගං තීරයෙ සිද්ධාර්ථ කුමරුන් ඉදිරියේ පහල වුනා.. බුද්ධාන්තරයකට පස්සේ පරණ යහලුවෝ දෙන්නා ආයෙත් මුණ ගැහුනා.. ඝටීකාර අනාගත සම්බුදුවරයාට බොහොම ගෞරවයෙන් සිවුරු පිරිකර පූජා කලා.. සිදුහත් කුමරුන්ගේ ගිහි වස්ත්‍ර ටික තමන් ගත්තා.. ආපහු බ්‍රහ්ම ලෝකයට ගිහින් ඒ වස්ත්‍ර තැන්පත් කරලා "සළුමිණ සෑය" හැදුවා.. වසර හතකට පස්සේ,දෙව් බඹුන්ගේ සාදු කාර මැද සිද්ධාර්ථ කුමාරයා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා.. එදා ඝටීකාර බ්රහ්මරාජයා තරං වෙන කිසිම බ්‍රහ්ම රාජයෙක් සතුටු වෙන්න නැතුව ඇති.. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මුඩු ශ්‍රමණ වාදයෙන් කතා කරපු කෙනා,කොණ්ඩෙන් ඇදගෙන බුදුන් දකින්න රැගෙන යන්න වුන කෙනා... මෙදා ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුනා..🙏🙏🙏 සම්බුද්ධත්වයෙන් පස්සේ ඝටීකාර බ්රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ යලිත් මුණගැහෙන්න ආවා.. "ස්වාමීනී, නුඹ වහන්සේට මාව මතකද?? මම ඝටීකාර..වේහලිංග ගමේ නුඹ වහන්සේගේ හොදම යාලුවා වුනේ මමයි.." "පින්වත් භාර්ගව, එය එසේ ම යි..වේහලිංග ගමේ මාගේ යාහලුවා වූ ඝටීකාර නුඹයි.." අවසන් සිරුරු දරන ඒ පැරණි යහලුවන් දෙදෙනාගේ අති සුන්දර යළි හමුවීම එසේ සිදුවුනා.. ඒ උත්තමයන් දෙදෙනාම අවසන් සිරුරු දරාගෙනයි හිටියේ..🙏🙏🙏 ඝටීකාර සූත්‍රය ඇසුරෙනි.. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom