Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු රදුන් පිළිතුරු නුදුන් ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු රදුන් පිළිතුරු නුදුන් ප්‍රශ්න

අවුල් සහගත දෘෂ්ටීන්ගෙන් මතු වූ ඇතැම් ප්‍රශ්නවලට බුදුරදුහු පිළිතුරු නුදුන්හ. ඒ ‘අව්‍යාකත ප්‍රශ්න’ පිළිබඳ ව ලියැවෙන ලිපි පෙළෙහි තවත් පියවරකි.

චින්තනය මිනිසාට ආවේණික වූ විශේෂ ගුණයක් වන අතර චින්තනය මිනිසා අන් සියලු සත්ත්වයන්ට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට හේතු කාරක වන බව ද බුදු දහමේ පිළිගැනීම යි. කුතූහලය අවදි කරවීමට ද චින්තනය පාදක වන අතර ඒ හේතු කොටගෙන ආදියේ පටන් ම මිනිසා තමා පිළිබඳවත් තමා ජීවත් වන බාහිර ලෝකය හා අවකාශය පිළිබඳවත් විමසා බැලීමට උත්සුක විය. මෙසේ කුතූහලය විසින් පොලඹවනු ලැබුණු මිනිසා ප්‍රකෘති ලෝකයේ පවත්නා ද්‍රව්‍යමය සම්පත් තමාගේ අභිමතාර්ථය පරිදි අවශ්‍යතා පරිදි සකසාගනිමින් නව නිර්මාණ හා නිෂ්පාදන බිහි කරමින් භෞතික ලෝකයෙන් ඔබ්බෙහි පවත්නා යම් යම් දේ පිළිබඳ ව සෙවීමට පෙලඹිණි. පාර භෞතික විශ්වාස, චින්තන හා සිද්ධාන්ත ඇතුළත් ආගම් හා දර්ශන බිහි වූයේ ද මේ ක්රියාවලියෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

මිනිස් චින්තනයේ පහළ වන සෑම ප්‍රශ්නයකට ම විසඳුමක් ඇතැ යි යන්න මිනිසාගේ විශ්වාසය යි. ප්රශ්නවල ස්වභාවය නොතකා ඒවාට විසඳුම් සොයන්නේ මේ විශ්වාසය මත පිහිටා ය. මිනිස් අනුභූතිය ඉක්මවා ගියා වූ එසේ ම අද දක්වා නිශ්චිත විසඳුමක් නොලැබූ විචාරකයන් විසින් පාරභෞතික ක්ෂේත්රයෙහිලා හඳුන්වනු ලබන ප්‍රශ්න විශේෂයක් වෙයි. බෞද්ධ නිකාය ග්‍රන්ථවල මේ ප්‍රශ්න හැඳින්වෙන්නේ ‘අව්‍යාකත’ යනුවෙනි.

මෙම ලිපියේ අරමුණ වන්නේ මේ අව්‍යාකත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම නො ව, මේ පිළිබඳ ව බුදුදහමේ ආකල්පය පරීක්ෂා කිරීම යි. අප විමසීමට ලක් කරන අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව තත්කාලීන ආගමිකයන් අතර, චින්තකයන් අතර මහත් නොසන්සුන් බවක් තිබූ බව ද පැහැදිලි වේ. විවිධ අවස්ථාවලදී බුදුරදුන් හමුවට පැමිණි පුද්ගලයෝ උන් වහන්සේගෙන් මේ පිළිබඳ ව පිළිතුරු අපේක්ෂා කළහ. එවන් බොහෝ අවස්ථාවන්හිදී බුදුන් වහන්සේ මේ ප්‍රශ්න ‘අව්‍යාකත’ වශයෙන් සලකා ඍජු පිළිතුරක් නොදුන් බව නිකාය ග්රන්ථයන්ගෙන් සනාථ වේ.

නිකාය ග්රන්ථයන්හි දැක්වෙන ‘අව්‍යාකත’ ප්‍රශ්න පිළිබඳ ව සාම්ප්‍රදායික බෞද්ධයෝ එතරම් සැලකිල්ලක් නො දක්වති. නැත හොත් ඒ පිළිබඳ ව කිසිදු අවධානයක් නො කරති; බුදුන් වහන්සේ සර්වඥ ය යන්න අවිවාදයෙන් පිළිගන්නා බැවින් ඒ ගැන තර්ක නොකොට, විමසීමක් නොකොට, ‘අව්‍යාකත ප්‍රශ්න’ පිළිබඳ මාතෘකාව පසෙකින් තබති. එහෙත් ආකාරවතී ශ්‍රද්ධාව මත පිහිටා, බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ඇයි ද යන්න මනා ඉවසීමකින් යුතු ව පරීක්ෂා කළ යුතු ය. පුද්ගලයා හා විශ්වය පිළිබඳ මතු කරන මෙම ප්‍රශ්නාවලිය පිළිබඳ ව බුදුන් වහන්සේගේ නිශ්ශබ්දතාවට හේතූන් වටහාගැනීම මගින් බුදු දහමේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට එය මනා පිටුවහලක් වනු ඇත.

‘අව්‍යාකත’ යනුවෙන් සලකා බුදුන් වහන්සේ මේ ප්‍රශ්න සමූහයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ඇයි ද යන කරුණ ගැන බෞද්ධයන් එතරම් සැලකිල්ලක් නොදැක්වුව ද පෙර අපර දෙදිග උගතුන් ඒ ගැන විවිධ අදහස් දක්වා ඇත. බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදත් නිසා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ බව ඇතැම් විචාරකයකුගේ මතය විය. බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දැන සිටි අතර, එහෙත් ඒවා මිනිසාගේ විමුක්තියට අදාළ නොවන බැවින් නිශ්ශබ්ද වූ බව තවත් කෙනකුගේ අදහස විය. මෙසේ අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ බුදුරදුන්ගේ නිහඬ වීම ගැන විචාරකයන් දැක්වූ විවිධ අදහස් පිළිබඳ ව අවධානය යොමු කරමින් පූර්ණ විමර්ශනයක් කිරීම අපගේ බලාපොරොත්තුව යි.

මේ ප්‍රශ්න පිළිබඳ ව බෞද්ධ ආකල්පය පරීක්ෂා කිරීමේදී අපගේ විශේෂ අවධානය යොමු වන්නේ ආදි බෞද්ධ ඉගැන්වීම් අඩංගු පාලි නිකාය ග්රන්ථයන් කෙරෙහි ය. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය යන නිකාය ග්රන්ථ සතර, ප්‍රධාන වශයෙන් ආදි බෞද්ධ දර්ශනය නිරූපණය කරන බව පොදු පිළිගැනීම වේ. එසේ වුව ද ඛුද්දක නිකායට අයත් ‘සුත්තනිපාත’ වැනි ග්රන්ථයන් කෙරෙහි ද අපගේ අවධානය යොමු කැරේ. පසුකාලීන නිකාය සම්ප්‍රදායන් විසින් ද අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව සාකච්ඡා කර ඇත.

විශේෂයෙන් මහායාන සම්ප්‍රදායට අයත් මාධ්‍යමිකයන් විසින් පටිච්ච සමුප්පාදයේ තාර්කිත පදනම් උපයෝගි කරගනිමින් මේ අව්‍යාකත දෘෂ්ටි ඛණ්ඩනය කිරීමට උත්සාහ දරන ලදි. කෙසේ වුව ද පසුකාලීන ව සංවර්ධන වූ බෞද්ධ මතවලට වඩා ආදි බුද්ධ දේශනා කේන්ද්‍ර කරගනිමින් මේ පිළිබඳ ව විමසීම වැදගත් වනු ඇත. නිකාය ග්රන්ථයන්හි මේ අව්‍යාකත ප්‍රශ්න 10ක් දක්නට ලැබේ.

1. සස්සතෝ ලෝකෝ? - ලෝකය සදාකාලික ද?

2. අසස්සතෝ ලෝකෝ? - ලෝකය සදාකාලික නො වේ ද?

3. අන්තවා ලෝකෝ? - ලෝකය අන්තවත් එකක් ද?

4. අනන්තවා ලෝකෝ? - ලෝකය අන්තයක් නැති එකක් ද?

5. තං ජීවං තං ශරීරං? - ජීවය ම ශරීරය වේ ද?

6. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං? - ජීවය හා ශරීරය දෙකක්ද?

7. හෝති තථාගතෝ පරම්මරණා? - තථාගතයෝ මරණින් පසු වේද?

8. න හෝති තථාගතෝ පරම්මරණා? - තථාගතයෝ මරණින් පසු නො වේ ද?

9. හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණා? - තථාගතයෝ මරණින් පසු වේ හා නොවේද?

10. නේව හෝති නනහෝති තථාගතෝ පරම්මරණා - තථාගතයෝ මරණින් පසු නොම වේ හා නොම නොවේද?

බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට නිශ්ශබ්ද වූ බොහෝ අවස්ථාවන් හමු වේ. ටී. ආර්. සී. මූර්ති මහතා සිය කෘතියේ දැක්වෙන පරිදි ථේරවාදයෙන් පරිබාහිර වූ සම්ප්‍රදායන් අතර මේ අව්‍යාකත ප්‍රශ්න 14ක් වශයෙන් දක්වා ඇත. මෙසේ එක් වී ඇති අව්‍යාකත ප්‍රශ්න සතර ලෙස ඔහු දක්වන්නේ:

1. ලෝකය ශාස්වත හා අශාස්වත ද?

2. ලෝකය ශාස්වතත් නොවන අශාස්වතත් නොවන දෙයක් ද?

3. ලෝකය අන්තවත් හා අනන්තවත් දෙයක් ද?

4. ලෝකය අන්තවත් නොවත අනන්තවත් නොවන දෙයක් ද?

ථේරවාද නිකාය සම්ප්රදායේ දැක්වෙන්නේ අව්‍යාකත 10ක් පමණක් බව කේ. ඇන්. ජයතිලක මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ බෞද්ධ සංස්කෘත ග්රන්ථයන්ට අනුව ද පාලි නිකාය ග්රන්ථයන්ට අනුව ද දැක්වෙන්නේ අව්‍යාකත ප්‍රශ්න දහයක් පමණක් බව යි. මෙම සෙසු අව්‍යාකත ප්‍රශ්න සතර පාලි ග්රන්ථයන්හි සඳහන් නොවුණ ද ඒවා ද ‘අව්‍යාකත’ වශයෙන් සැලකීම වරදක් නොවන බව අපේ හැඟීම යි. මක් නිසා ද යත්: ලෝකය ගැන ඇති එබඳු ප්‍රශ්න චතුෂ්කෝටික පදනමෙන් යුක්ත නිසා බෞද්ධ දෘෂ්ටි කෝණය අනුව ඒවා ද ‘අව්‍යාකත’ වේ. බුදුන් වහන්සේ මෙලෙස චතුෂ්කෝටික ප්‍රශ්න ‘අව්‍යාකත’ වශයෙන් ප්‍රතික්ෂේප කළ අවස්ථා ද අපට හමු වෙයි. අචේල කස්සප සූත්‍රයෙහි දුක පිළිබඳ එබඳු ප්‍රශ්න සතරක් නගා ඇත:

1. දුක ස්වයංකත ද?

2. දුක පරංකත ද?

3. දුක ස්වයංකත හා පරංකත ද?

4. දුක ස්වයංකතක් නොවන පරංකතත් නොවන දෙයක් ද?

බුදුන් වහන්සේ විසින් මෙහිදී එම ප්‍රශ්න සතරට දෙන ලද්දේ “එසේ නොකියව“ යන පිළිතුර ය. එයින් පෙනී යන්නේ චතුෂ්කොටිය බැහැර කළ බව යි. ඉහත දැක්වුණු මත ප්‍රතික්ෂේප කරන බුදුහු දුක ප්‍රතීත්‍ය සමුත්පන්න බව ප්‍රකාශ කළහ. අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව බෞද්ධ ආකල්ප විමසීමේදී, බුදුන් වහන්සේ චතුෂ්කෝටික ප්‍රශ්න කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීම ද ප්‍රයෝජනවත් වනු ඇත.

ඉහත සඳහන් ප්‍රශ්න අව්‍යාකත වශයෙන් සලකා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ බුදුන් වහන්සේ පමණක් නොවන බව පැහැදිලි ව දක්නට ඇති කරුණකි. ලෝකයේ නිත්‍යත්වය හා අනිත්‍යත්වය ගැනත් අන්තය අනන්තය ගැනත් උගතුන් වාද විවාද කරතත් මේවාට චතුෂ්කෝටික ව පිළිතුරු සෙවිය නොහැකි බව මහාවීර නැත හොත් නිගණ්ඨනාත පුත්ත ශාස්තෘවරයා ද පවසා ඇත. ඔහු සාමාන්‍ය ඥානයෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි බවත්, කේවලත්වයට හෙවත් පරම තත්ත්වයට පත් වීමෙන් පිළිතුරු ලැබිය හැකි බවත් පවසයි. එසේ වුව ද පොදුවේ ශ්‍රමණ සම්ප්‍රදායන් අතර, මේ ප්‍රශ්න පිළිබඳ ව උදාසීන ආකල්පයක් තිබූ බව දක්නට ලැබේ. බුදුන් වහන්සේ අව්‍යාකත ප්‍රශ්නවලට දැක්වූ ආකල්පය හා මේ සෙසු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ආකල්ප සසඳා බැලීම ද වැදගත් වේ.

අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව ආදියේ පටන් ම විවිධ චින්තකයන් අතර, විශේෂයෙන් බුද්ධකාලීන ශ්‍රමණ - බ්‍රාහ්මණ සම්ප්රදාය දෙක අතර, පැවති මේ ගැටුම නිකාය ග්රන්ථයන්ගෙන් හෙළි වේ. උදාන පාලියෙහි දැක්වෙන මේ පාඨවලින් ඒ බව සනාථ වේ. ශාශ්වත, උච්ඡේද වැනි දෘෂ්ටීන්ට අදාළ වූ ප්‍රශ්න පිළිබඳ ව ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් විසින් ද අනෙකුත් සාමාන්‍ය ජනතාව විසින් ද නොයෙක් වර බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරන ලදි. අව්‍යාකත ප්‍රශ්න රාමුවට අයත් නොවන අවස්ථාවන්හිදී බුදුන් වහන්සේ විශ්ලේෂණාත්මක ව හා විස්තරාත්මක ව මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු දුන් බව පැහැදිලි ය. විශේෂයෙන් මේ ප්රශ්නවල ඇති සාවද්‍ය පදනම පෙන්වා දී ඇත.

‘අව්‍යාකත’ ප්‍රශ්න ‘ඨපනීය’ ප්‍රශ්න යනුවෙන් ද නිකායයන්හි හැඳින්වේ. මෙහිලා ‘අව්‍යාකත’ හා ‘ඨපනීය’ යන වචනාර්ථයන් පැහැදිලි කරගැනීම අවශ්‍ය වේ. මජ්ඣිම නිකායේ චූලමාලුංක්ය සූත්‍රයේ දැක්වෙන “යානිමානි දිට්ඨිගතානි අව්යාකතානි ඨපිතානි පටික්ඛිත්තානි” යන පාඨය “එවැනි අව්‍යාකත ප්‍රශ්න විස්තර කිරීම ප්‍රතික්ෂේප කර ඇත; නොසලකා හැර ඇත” යනුවෙන් හෝනර් මෙණෙවිය (MLS II 97 - Middle Length Sayings) පරිවර්තනය කර ඇතැ යි කේ. ඇන්. ජයතිලක මහතා සිය කෘතියෙන් දක්වා තිබේ. ජයතිලක මහතා මෙම පරිවර්තනයට එකඟ වනමුත්, එහි මෙබඳු අදහසක් ද තිබිය හැකි ය. එනම්, “නිරර්ථක බව පෙන්නා පැත්තකින් තැබූ අර්ථය යි.” ඔහු තවදුරටත් “ඨපිත, පටික්ඛිත්ත” යන වචන දෙකෙහි “පැත්තකින් තැබූ” යන අර්ථයට වඩා ගැඹුරු බවක් ඇති බව කියයි. “ඨපිත පටික්ඛිත්ත” යන්නෙහි අර්ථය “කරුණු දක්වා ප්‍රතික්ෂේප කරන ලදී” වශයෙන් ගත හැකි ය යි අදහස් කරයි.

කේ. ඇන්. ජයතිලක මහතා මේ සඳහා උද්ධෘත පාඨ දෙකක් දක්වා ඇත. “සබ්බානිස්ස තානි නූඤ්ඤානි හොන්ති චත්තානි චත්තානි මුත්තානි පනීනානි පටිනිස්සට්ඨානි” (A.II.41) එසේ ම අංගුත්තර නිකායේ v. 31. P.T.S උදාන පාඨයට අනුව මෙහි දැක්වෙන ‘හොන්ති’ යන්නට පසු ව ‘පනූඤ්ඤානි’ යන්න යෙදී ඇති බවත්, අංගුත්තර නිකායේ V.31 හා අංගුත්තර නිකායේ II.41 යන දෙපළෙහි “ඨපිතානි” “පටික්ඛිත්තානි” යන වචන දෙක නොයෙදීමත් විශේෂ කරුණක් ලෙස දක්වයි. එසේ වීම පාලි ක්‍රමයට අනුව අසාමාන්‍ය ය.

‘ඨපනීය’ යන වචනයෙහි ඇත්තේ ‘ඨාපනා’ (ස්ථාපනා) කිසියම් න්‍යායික සත්‍යයක් පෙන්නුම් කරන වචනාර්ථයක් බව චරක සංහිතාව උපයෝගී කරගනිමින් කේ. ඇන්. ජයතිලක මහතා දක්වයි. තර්ක උදාහරණ භාවිතාවෙන් නිගමනයන් පදනම් කරගෙන අප යම් ප්‍රස්තුතයක් ඔප්පු කරන අර්ථය ‘ඨපිත’ යන්නෙහි ඇත. මෙම ස්ථාපන ප්රස්තුතය පැහැදිලි කිරීමට චරක සංහිතාව උපයෝගී කරගන්නේ ‘නිත්යඞ පුරුෂඞ’ (නිත්‍ය පුරුෂ) සංකල්පය යි. ශාස්වත ආත්මය - නිත්‍ය පුරුෂ සංකල්පය ඨපනීය, ස්ථාපන යනුවෙන් පිළිගත් න්‍යායික ප්‍රස්තුතයක් බව මින් පෙනේ. කේ. ඇන්. ජයතිලක මහතා පෙන්වා දුන් මේ ඨපනීය පිළිබඳ ව විස්තරය අප සලකන්නා වූ ‘පැත්තකින් තැබූ’ යන අර්ථයට වඩා තාර්කික ප්‍රස්තුතයක් වූ බව වටහාගත යුතුය.

ගුණපාල මලලසේකර මහතා අව්‍යාකත යනු නිරාකරණය නොකළ යන අර්ථය දක්වන්නක් බව සඳහන් කරයි. පිළිතුරු නොදුන්, එසේ ම පිළිතුරු දිය නොහැකි යන අර්ථයෙන් අව්‍යාකත හැඳින්වෙන බව ටී. ආර්. වී. මූර්ති මහතාගේ පිළිගැනීම යි. චන්දිම විජේබණ්ඩාර මහතා අව්‍යාකත යන්නෙහි පිළිතුරු නොදුන් යන අර්ථය සමහරු පිළිතුරු දිය නොහැකි යනුවෙන් වරදවා තේරුම් කරන බව දක්වයි. මෙහිදී විජේබණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කරන්නේ අව්‍යාකත පිළිබඳ අඥේයවාදී අර්ථය යි. කේ. ඇන්. ජයතිලක මහතා ද පිළිතුරු දිය නොහැකි යන්න නියම පරිවර්තනයක් නොවන බව දක්වා ඇත.

‘ව්‍යාකරෝති’ යනු ක්‍රියා පදය යි. ‘ව්යාකත’ යනු අතීත කර්මකාරක කෘදන්තයකි. ව්‍යාකරෝති යන්න භාවිත වන්නේ ප්‍රශ්නයකට පිළිතුරු දීම යන අර්ථයෙනි. ඇසූ විට පිළිතුරු දිය නොහැකි යන අර්ථය ‘අව්‍යාකත’ යන්නට යෝග්‍ය බව කේ. ඇන්. ජයතිලක මහතා නිගමනය කරයි. මක් නිසා ද යත්: බුදුන් වහන්සේ මේ අව්‍යාකත ප්රශ්නවල ස්වභාවය, එහි වරද හා ඒවායෙහි ආදීනව ද දක්වා තිබෙන නිසා ය. එම ප්රශ්නවල ස්වභාවය වන්නේ කිසියම් පිළිතුරක් දීමෙන් පරස්පර විරෝධී අන්තයන්ට අයත් නිගමන ගැනෙන බැවින්, ඇසූ විට පිළිතුරු නොදුන් යන අර්ථය ඊට වඩා යෝග්‍ය වනු ඇත. කේ. ඇන්. ජයතිලක මහතා “ඇසූ විට පිළිතුරු දිය නොහැකි” යනුවෙන් දැක්වූ අර්ථය ද සංශෝධනය කරමින්. “ඇසූ විට පිළිතුරු නොදුන්” යන අර්ථය දැක්වීම සුදුසු බව අපගේ යෝජනාව යි.

බුදු දහමෙහි ප්‍රශ්න විසර්ජන ක්‍රම සතරක් ඇති බව අංගුත්තර නිකායේ දැක්වේ. “චත්තාරි මානි භික්ඛවේ පඤ්හෝව්යාකරණානි” එනම්:

1. ඇසූ විට එකවර පිළිතුරු දෙන ප්‍රශ්න (පඤ්හෝ ඒකංස ව්යාකරණියෝ)

2. ප්රතිප්රශ්න නගා එමගින් පිළිතුරු දෙන ප්‍රශ්න (පඤ්හෝ පටිපුච්ඡා ව්යාකරණියෝ)

3. පිළිතුරු නොදී අත්හරින ප්‍රශ්න (පඤ්හෝ ඨපනීසෝ ව්යාකරණියෝ)

4. විග්රහාත්මක ව පිළිතුරු දෙන ප්‍රශ්න - (පඤ්හෝ විභජ්ජ ව්යාකරණීයෝ)

මෙසේ ප්‍රශ්න වර්ග කොට දක්වන බුදු දහම පිළිතුරු දීමට දක්ෂ පුද්ගලයා ඒ ප්රශ්නවල ස්වභාවය අනුව පිළිතුරු දෙන බවත්, ගැඹුරු ම ප්‍රශ්න ඔහු විසඳන්නේ අර්ථවත් බව හා අනර්ථවත් බව පිළිබඳ විශේෂ අවධානයකින් බවත් පැහැදිලි කරයි. ප්‍රශ්න විසර්ජනයකින් බුදු දහම මිනිසාගේ අර්ථ සිද්ධීන් පිළිබඳ ව උපයෝගීතා පදනමක පිහිටා සිටින බව මෙයින් පැහැදිලි වේ. මෙසේ ප්‍රශ්න වර්ග සතරක් කොට බෙදා දැක්වුව ද ඒ ඒ ප්‍රශ්න හඳුනාගැනීමට අවශ්‍ය වූ විවරණයක් සකසා නොතිබීම බලවත් පාඩුවකි. අංගුත්තර නිකායේ වෙනත් තැනක මේ ප්‍රශ්න සතර ම මෙසේ තවත් අයුරකින් දක්වා ඇත. මේ ස්ථාන දෙකෙහි ‘ඨපනීය’ ‘ඨාපයෝ’ යනුවෙන් සඳහන් කරන ලද්දේ අව්‍යාකත ප්‍රශ්න යි.

අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව බුදුන් වහන්සේ ඒකංසික ව පිළිතුරු නුදුන් බව පොට්ඨපාද සූත්‍රයෙන් පෙන්නුම් කැරේ. එහිදී බුදුන් වහන්සේ තමන් ඒකංසිකවත් අනේකංසිකවත් ධර්මය දේශනා කරන අතර, මේ අව්‍යාකත ධර්ම අනේකංසික ධර්ම ලෙස හඳුන්වන බව ද පැහැදිලි කළහ. එකංසික ධර්ම ලෙස, එකහෙළා පිළිතුරු දෙන ධර්මය වූයේ දුක පිළිබඳ සත්‍යය යි. එනම් බුදු දහමේ පරමාර්ථයට අදාළ වූ ධර්මය යි.

“පොට්ඨපාදය, මා විසින් ඒකංසික වශයෙන් ද අනේකංසික වශයෙන් ද, ධර්මය දේශනා කරන ලදි. එකංසික ධර්මය දේශනාවක් වශයෙන් පනවන ලද්දේ මෙය දුක ය. දුකට හේතුව ය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ආදිය යි. අනේකංසික ධර්මය ලෙස පනවන ලද්දේ සස්සතෝ ලොකො, අසස්සතෝ ලෝකෝ යනාදියයි.”

‘රීස් ඩේවිඩ්ස්’ මහතා ඒකංසික යන්න certain යනුවෙන් ද අනේකංසික යන්න uncertain යනුවෙන් ද පරිවර්තනය කරයි. එසේ ම, definite, indefinite යනුවෙන් දැක්වූ ඔහුගේ දෙවැනි පරිවර්තනය එකාංසික හා අනෙකාංසික වචනවලට දෙවැනි පරිවර්තනය එකාංසික හා අනෙකාංසික වචනවලට වඩාත් ගැළැපෙන පරිවර්තනය ලෙස ජයතිලක මහතා පෙන්වා දෙයි. යමක් ඇත හෝ නැත යනුවෙන් කීමට නොහැකි අවස්ථාවන්හිදී යෝග්‍ය වචනය බවත්, එයින් ඥාන වීමංසාත්මක අර්ථයක් පැහැදිලි වන බවත් ඔහුගේ පිළිගැනීම යි.

මේ අනේකාංසික ධර්මය, ජෛන ධර්මයෙහි එන අනේකාන්ත වාදයට සමාන නො වේ. අස්ති-නාස්ති වැනි අන්ත දෙකක් එක් වී අනේකාන්ත වාදය නම් කැරෙන බව එම වචනය පිළිබඳ විශ්ලේෂණයෙන් පැහැදිලි වනු ඇත. අන+එක+අංශ+ඉක “අනේකාංසික” වන අතර අන්+ඒක+අන්ත “අනේකාන්න” වෙයි. අන්ත යනු නිෂ්ටාව යි. අංග යනු කොටස යි. අන්ත කිහිපයක් එකතුª වී සෑදෙන අනේකාන්ත වාදය බුදු දහම නො පිළිගනී. මේ අව්‍යාකත ප්‍රශ්න බුදු සමය විවිධ අවස්ථාවන්හිදී විග්රහ කර ඇතත්, එකංශික ව පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරයි. එබැවින් ඒවා අනේකාංසික ධර්ම ලෙස බුදු දහම සලකයි.

- මහාචාර්ය, පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි

ධර්ම දාන කියලා බුකියේ පේජ් එකකින් උපුටා ගත්තේ..

[QUOTE="priyanka_hdp, post: 22634184, member: 3689"] [b]බුදු රදුන් පිළිතුරු නුදුන් ප්‍රශ්න[/b] [SIZE="4"][COLOR="Blue"] අවුල් සහගත දෘෂ්ටීන්ගෙන් මතු වූ ඇතැම් ප්‍රශ්නවලට බුදුරදුහු පිළිතුරු නුදුන්හ. ඒ ‘අව්‍යාකත ප්‍රශ්න’ පිළිබඳ ව ලියැවෙන ලිපි පෙළෙහි තවත් පියවරකි. චින්තනය මිනිසාට ආවේණික වූ විශේෂ ගුණයක් වන අතර චින්තනය මිනිසා අන් සියලු සත්ත්වයන්ට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට හේතු කාරක වන බව ද බුදු දහමේ පිළිගැනීම යි. කුතූහලය අවදි කරවීමට ද චින්තනය පාදක වන අතර ඒ හේතු කොටගෙන ආදියේ පටන් ම මිනිසා තමා පිළිබඳවත් තමා ජීවත් වන බාහිර ලෝකය හා අවකාශය පිළිබඳවත් විමසා බැලීමට උත්සුක විය. මෙසේ කුතූහලය විසින් පොලඹවනු ලැබුණු මිනිසා ප්‍රකෘති ලෝකයේ පවත්නා ද්‍රව්‍යමය සම්පත් තමාගේ අභිමතාර්ථය පරිදි අවශ්‍යතා පරිදි සකසාගනිමින් නව නිර්මාණ හා නිෂ්පාදන බිහි කරමින් භෞතික ලෝකයෙන් ඔබ්බෙහි පවත්නා යම් යම් දේ පිළිබඳ ව සෙවීමට පෙලඹිණි. පාර භෞතික විශ්වාස, චින්තන හා සිද්ධාන්ත ඇතුළත් ආගම් හා දර්ශන බිහි වූයේ ද මේ ක්රියාවලියෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මිනිස් චින්තනයේ පහළ වන සෑම ප්‍රශ්නයකට ම විසඳුමක් ඇතැ යි යන්න මිනිසාගේ විශ්වාසය යි. ප්රශ්නවල ස්වභාවය නොතකා ඒවාට විසඳුම් සොයන්නේ මේ විශ්වාසය මත පිහිටා ය. මිනිස් අනුභූතිය ඉක්මවා ගියා වූ එසේ ම අද දක්වා නිශ්චිත විසඳුමක් නොලැබූ විචාරකයන් විසින් පාරභෞතික ක්ෂේත්රයෙහිලා හඳුන්වනු ලබන ප්‍රශ්න විශේෂයක් වෙයි. බෞද්ධ නිකාය ග්‍රන්ථවල මේ ප්‍රශ්න හැඳින්වෙන්නේ ‘අව්‍යාකත’ යනුවෙනි. මෙම ලිපියේ අරමුණ වන්නේ මේ අව්‍යාකත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම නො ව, මේ පිළිබඳ ව බුදුදහමේ ආකල්පය පරීක්ෂා කිරීම යි. අප විමසීමට ලක් කරන අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව තත්කාලීන ආගමිකයන් අතර, චින්තකයන් අතර මහත් නොසන්සුන් බවක් තිබූ බව ද පැහැදිලි වේ. විවිධ අවස්ථාවලදී බුදුරදුන් හමුවට පැමිණි පුද්ගලයෝ උන් වහන්සේගෙන් මේ පිළිබඳ ව පිළිතුරු අපේක්ෂා කළහ. එවන් බොහෝ අවස්ථාවන්හිදී බුදුන් වහන්සේ මේ ප්‍රශ්න ‘අව්‍යාකත’ වශයෙන් සලකා ඍජු පිළිතුරක් නොදුන් බව නිකාය ග්රන්ථයන්ගෙන් සනාථ වේ. නිකාය ග්රන්ථයන්හි දැක්වෙන ‘අව්‍යාකත’ ප්‍රශ්න පිළිබඳ ව සාම්ප්‍රදායික බෞද්ධයෝ එතරම් සැලකිල්ලක් නො දක්වති. නැත හොත් ඒ පිළිබඳ ව කිසිදු අවධානයක් නො කරති; බුදුන් වහන්සේ සර්වඥ ය යන්න අවිවාදයෙන් පිළිගන්නා බැවින් ඒ ගැන තර්ක නොකොට, විමසීමක් නොකොට, ‘අව්‍යාකත ප්‍රශ්න’ පිළිබඳ මාතෘකාව පසෙකින් තබති. එහෙත් ආකාරවතී ශ්‍රද්ධාව මත පිහිටා, බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ඇයි ද යන්න මනා ඉවසීමකින් යුතු ව පරීක්ෂා කළ යුතු ය. පුද්ගලයා හා විශ්වය පිළිබඳ මතු කරන මෙම ප්‍රශ්නාවලිය පිළිබඳ ව බුදුන් වහන්සේගේ නිශ්ශබ්දතාවට හේතූන් වටහාගැනීම මගින් බුදු දහමේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට එය මනා පිටුවහලක් වනු ඇත. ‘අව්‍යාකත’ යනුවෙන් සලකා බුදුන් වහන්සේ මේ ප්‍රශ්න සමූහයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ඇයි ද යන කරුණ ගැන බෞද්ධයන් එතරම් සැලකිල්ලක් නොදැක්වුව ද පෙර අපර දෙදිග උගතුන් ඒ ගැන විවිධ අදහස් දක්වා ඇත. බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදත් නිසා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ බව ඇතැම් විචාරකයකුගේ මතය විය. බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දැන සිටි අතර, එහෙත් ඒවා මිනිසාගේ විමුක්තියට අදාළ නොවන බැවින් නිශ්ශබ්ද වූ බව තවත් කෙනකුගේ අදහස විය. මෙසේ අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ බුදුරදුන්ගේ නිහඬ වීම ගැන විචාරකයන් දැක්වූ විවිධ අදහස් පිළිබඳ ව අවධානය යොමු කරමින් පූර්ණ විමර්ශනයක් කිරීම අපගේ බලාපොරොත්තුව යි. මේ ප්‍රශ්න පිළිබඳ ව බෞද්ධ ආකල්පය පරීක්ෂා කිරීමේදී අපගේ විශේෂ අවධානය යොමු වන්නේ ආදි බෞද්ධ ඉගැන්වීම් අඩංගු පාලි නිකාය ග්රන්ථයන් කෙරෙහි ය. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය යන නිකාය ග්රන්ථ සතර, ප්‍රධාන වශයෙන් ආදි බෞද්ධ දර්ශනය නිරූපණය කරන බව පොදු පිළිගැනීම වේ. එසේ වුව ද ඛුද්දක නිකායට අයත් ‘සුත්තනිපාත’ වැනි ග්රන්ථයන් කෙරෙහි ද අපගේ අවධානය යොමු කැරේ. පසුකාලීන නිකාය සම්ප්‍රදායන් විසින් ද අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව සාකච්ඡා කර ඇත. විශේෂයෙන් මහායාන සම්ප්‍රදායට අයත් මාධ්‍යමිකයන් විසින් පටිච්ච සමුප්පාදයේ තාර්කිත පදනම් උපයෝගි කරගනිමින් මේ අව්‍යාකත දෘෂ්ටි ඛණ්ඩනය කිරීමට උත්සාහ දරන ලදි. කෙසේ වුව ද පසුකාලීන ව සංවර්ධන වූ බෞද්ධ මතවලට වඩා ආදි බුද්ධ දේශනා කේන්ද්‍ර කරගනිමින් මේ පිළිබඳ ව විමසීම වැදගත් වනු ඇත. නිකාය ග්රන්ථයන්හි මේ අව්‍යාකත ප්‍රශ්න 10ක් දක්නට ලැබේ. 1. සස්සතෝ ලෝකෝ? - ලෝකය සදාකාලික ද? 2. අසස්සතෝ ලෝකෝ? - ලෝකය සදාකාලික නො වේ ද? 3. අන්තවා ලෝකෝ? - ලෝකය අන්තවත් එකක් ද? 4. අනන්තවා ලෝකෝ? - ලෝකය අන්තයක් නැති එකක් ද? 5. තං ජීවං තං ශරීරං? - ජීවය ම ශරීරය වේ ද? 6. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං? - ජීවය හා ශරීරය දෙකක්ද? 7. හෝති තථාගතෝ පරම්මරණා? - තථාගතයෝ මරණින් පසු වේද? 8. න හෝති තථාගතෝ පරම්මරණා? - තථාගතයෝ මරණින් පසු නො වේ ද? 9. හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණා? - තථාගතයෝ මරණින් පසු වේ හා නොවේද? 10. නේව හෝති නනහෝති තථාගතෝ පරම්මරණා - තථාගතයෝ මරණින් පසු නොම වේ හා නොම නොවේද? බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට නිශ්ශබ්ද වූ බොහෝ අවස්ථාවන් හමු වේ. ටී. ආර්. සී. මූර්ති මහතා සිය කෘතියේ දැක්වෙන පරිදි ථේරවාදයෙන් පරිබාහිර වූ සම්ප්‍රදායන් අතර මේ අව්‍යාකත ප්‍රශ්න 14ක් වශයෙන් දක්වා ඇත. මෙසේ එක් වී ඇති අව්‍යාකත ප්‍රශ්න සතර ලෙස ඔහු දක්වන්නේ: 1. ලෝකය ශාස්වත හා අශාස්වත ද? 2. ලෝකය ශාස්වතත් නොවන අශාස්වතත් නොවන දෙයක් ද? 3. ලෝකය අන්තවත් හා අනන්තවත් දෙයක් ද? 4. ලෝකය අන්තවත් නොවත අනන්තවත් නොවන දෙයක් ද? ථේරවාද නිකාය සම්ප්රදායේ දැක්වෙන්නේ අව්‍යාකත 10ක් පමණක් බව කේ. ඇන්. ජයතිලක මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ බෞද්ධ සංස්කෘත ග්රන්ථයන්ට අනුව ද පාලි නිකාය ග්රන්ථයන්ට අනුව ද දැක්වෙන්නේ අව්‍යාකත ප්‍රශ්න දහයක් පමණක් බව යි. මෙම සෙසු අව්‍යාකත ප්‍රශ්න සතර පාලි ග්රන්ථයන්හි සඳහන් නොවුණ ද ඒවා ද ‘අව්‍යාකත’ වශයෙන් සැලකීම වරදක් නොවන බව අපේ හැඟීම යි. මක් නිසා ද යත්: ලෝකය ගැන ඇති එබඳු ප්‍රශ්න චතුෂ්කෝටික පදනමෙන් යුක්ත නිසා බෞද්ධ දෘෂ්ටි කෝණය අනුව ඒවා ද ‘අව්‍යාකත’ වේ. බුදුන් වහන්සේ මෙලෙස චතුෂ්කෝටික ප්‍රශ්න ‘අව්‍යාකත’ වශයෙන් ප්‍රතික්ෂේප කළ අවස්ථා ද අපට හමු වෙයි. අචේල කස්සප සූත්‍රයෙහි දුක පිළිබඳ එබඳු ප්‍රශ්න සතරක් නගා ඇත: 1. දුක ස්වයංකත ද? 2. දුක පරංකත ද? 3. දුක ස්වයංකත හා පරංකත ද? 4. දුක ස්වයංකතක් නොවන පරංකතත් නොවන දෙයක් ද? බුදුන් වහන්සේ විසින් මෙහිදී එම ප්‍රශ්න සතරට දෙන ලද්දේ “එසේ නොකියව“ යන පිළිතුර ය. එයින් පෙනී යන්නේ චතුෂ්කොටිය බැහැර කළ බව යි. ඉහත දැක්වුණු මත ප්‍රතික්ෂේප කරන බුදුහු දුක ප්‍රතීත්‍ය සමුත්පන්න බව ප්‍රකාශ කළහ. අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව බෞද්ධ ආකල්ප විමසීමේදී, බුදුන් වහන්සේ චතුෂ්කෝටික ප්‍රශ්න කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීම ද ප්‍රයෝජනවත් වනු ඇත. ඉහත සඳහන් ප්‍රශ්න අව්‍යාකත වශයෙන් සලකා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ බුදුන් වහන්සේ පමණක් නොවන බව පැහැදිලි ව දක්නට ඇති කරුණකි. ලෝකයේ නිත්‍යත්වය හා අනිත්‍යත්වය ගැනත් අන්තය අනන්තය ගැනත් උගතුන් වාද විවාද කරතත් මේවාට චතුෂ්කෝටික ව පිළිතුරු සෙවිය නොහැකි බව මහාවීර නැත හොත් නිගණ්ඨනාත පුත්ත ශාස්තෘවරයා ද පවසා ඇත. ඔහු සාමාන්‍ය ඥානයෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි බවත්, කේවලත්වයට හෙවත් පරම තත්ත්වයට පත් වීමෙන් පිළිතුරු ලැබිය හැකි බවත් පවසයි. එසේ වුව ද පොදුවේ ශ්‍රමණ සම්ප්‍රදායන් අතර, මේ ප්‍රශ්න පිළිබඳ ව උදාසීන ආකල්පයක් තිබූ බව දක්නට ලැබේ. බුදුන් වහන්සේ අව්‍යාකත ප්‍රශ්නවලට දැක්වූ ආකල්පය හා මේ සෙසු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ආකල්ප සසඳා බැලීම ද වැදගත් වේ. අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව ආදියේ පටන් ම විවිධ චින්තකයන් අතර, විශේෂයෙන් බුද්ධකාලීන ශ්‍රමණ - බ්‍රාහ්මණ සම්ප්රදාය දෙක අතර, පැවති මේ ගැටුම නිකාය ග්රන්ථයන්ගෙන් හෙළි වේ. උදාන පාලියෙහි දැක්වෙන මේ පාඨවලින් ඒ බව සනාථ වේ. ශාශ්වත, උච්ඡේද වැනි දෘෂ්ටීන්ට අදාළ වූ ප්‍රශ්න පිළිබඳ ව ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් විසින් ද අනෙකුත් සාමාන්‍ය ජනතාව විසින් ද නොයෙක් වර බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරන ලදි. අව්‍යාකත ප්‍රශ්න රාමුවට අයත් නොවන අවස්ථාවන්හිදී බුදුන් වහන්සේ විශ්ලේෂණාත්මක ව හා විස්තරාත්මක ව මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු දුන් බව පැහැදිලි ය. විශේෂයෙන් මේ ප්රශ්නවල ඇති සාවද්‍ය පදනම පෙන්වා දී ඇත. ‘අව්‍යාකත’ ප්‍රශ්න ‘ඨපනීය’ ප්‍රශ්න යනුවෙන් ද නිකායයන්හි හැඳින්වේ. මෙහිලා ‘අව්‍යාකත’ හා ‘ඨපනීය’ යන වචනාර්ථයන් පැහැදිලි කරගැනීම අවශ්‍ය වේ. මජ්ඣිම නිකායේ චූලමාලුංක්ය සූත්‍රයේ දැක්වෙන “යානිමානි දිට්ඨිගතානි අව්යාකතානි ඨපිතානි පටික්ඛිත්තානි” යන පාඨය “එවැනි අව්‍යාකත ප්‍රශ්න විස්තර කිරීම ප්‍රතික්ෂේප කර ඇත; නොසලකා හැර ඇත” යනුවෙන් හෝනර් මෙණෙවිය (MLS II 97 - Middle Length Sayings) පරිවර්තනය කර ඇතැ යි කේ. ඇන්. ජයතිලක මහතා සිය කෘතියෙන් දක්වා තිබේ. ජයතිලක මහතා මෙම පරිවර්තනයට එකඟ වනමුත්, එහි මෙබඳු අදහසක් ද තිබිය හැකි ය. එනම්, “නිරර්ථක බව පෙන්නා පැත්තකින් තැබූ අර්ථය යි.” ඔහු තවදුරටත් “ඨපිත, පටික්ඛිත්ත” යන වචන දෙකෙහි “පැත්තකින් තැබූ” යන අර්ථයට වඩා ගැඹුරු බවක් ඇති බව කියයි. “ඨපිත පටික්ඛිත්ත” යන්නෙහි අර්ථය “කරුණු දක්වා ප්‍රතික්ෂේප කරන ලදී” වශයෙන් ගත හැකි ය යි අදහස් කරයි. කේ. ඇන්. ජයතිලක මහතා මේ සඳහා උද්ධෘත පාඨ දෙකක් දක්වා ඇත. “සබ්බානිස්ස තානි නූඤ්ඤානි හොන්ති චත්තානි චත්තානි මුත්තානි පනීනානි පටිනිස්සට්ඨානි” (A.II.41) එසේ ම අංගුත්තර නිකායේ v. 31. P.T.S උදාන පාඨයට අනුව මෙහි දැක්වෙන ‘හොන්ති’ යන්නට පසු ව ‘පනූඤ්ඤානි’ යන්න යෙදී ඇති බවත්, අංගුත්තර නිකායේ V.31 හා අංගුත්තර නිකායේ II.41 යන දෙපළෙහි “ඨපිතානි” “පටික්ඛිත්තානි” යන වචන දෙක නොයෙදීමත් විශේෂ කරුණක් ලෙස දක්වයි. එසේ වීම පාලි ක්‍රමයට අනුව අසාමාන්‍ය ය. ‘ඨපනීය’ යන වචනයෙහි ඇත්තේ ‘ඨාපනා’ (ස්ථාපනා) කිසියම් න්‍යායික සත්‍යයක් පෙන්නුම් කරන වචනාර්ථයක් බව චරක සංහිතාව උපයෝගී කරගනිමින් කේ. ඇන්. ජයතිලක මහතා දක්වයි. තර්ක උදාහරණ භාවිතාවෙන් නිගමනයන් පදනම් කරගෙන අප යම් ප්‍රස්තුතයක් ඔප්පු කරන අර්ථය ‘ඨපිත’ යන්නෙහි ඇත. මෙම ස්ථාපන ප්රස්තුතය පැහැදිලි කිරීමට චරක සංහිතාව උපයෝගී කරගන්නේ ‘නිත්යඞ පුරුෂඞ’ (නිත්‍ය පුරුෂ) සංකල්පය යි. ශාස්වත ආත්මය - නිත්‍ය පුරුෂ සංකල්පය ඨපනීය, ස්ථාපන යනුවෙන් පිළිගත් න්‍යායික ප්‍රස්තුතයක් බව මින් පෙනේ. කේ. ඇන්. ජයතිලක මහතා පෙන්වා දුන් මේ ඨපනීය පිළිබඳ ව විස්තරය අප සලකන්නා වූ ‘පැත්තකින් තැබූ’ යන අර්ථයට වඩා තාර්කික ප්‍රස්තුතයක් වූ බව වටහාගත යුතුය. ගුණපාල මලලසේකර මහතා අව්‍යාකත යනු නිරාකරණය නොකළ යන අර්ථය දක්වන්නක් බව සඳහන් කරයි. පිළිතුරු නොදුන්, එසේ ම පිළිතුරු දිය නොහැකි යන අර්ථයෙන් අව්‍යාකත හැඳින්වෙන බව ටී. ආර්. වී. මූර්ති මහතාගේ පිළිගැනීම යි. චන්දිම විජේබණ්ඩාර මහතා අව්‍යාකත යන්නෙහි පිළිතුරු නොදුන් යන අර්ථය සමහරු පිළිතුරු දිය නොහැකි යනුවෙන් වරදවා තේරුම් කරන බව දක්වයි. මෙහිදී විජේබණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කරන්නේ අව්‍යාකත පිළිබඳ අඥේයවාදී අර්ථය යි. කේ. ඇන්. ජයතිලක මහතා ද පිළිතුරු දිය නොහැකි යන්න නියම පරිවර්තනයක් නොවන බව දක්වා ඇත. ‘ව්‍යාකරෝති’ යනු ක්‍රියා පදය යි. ‘ව්යාකත’ යනු අතීත කර්මකාරක කෘදන්තයකි. ව්‍යාකරෝති යන්න භාවිත වන්නේ ප්‍රශ්නයකට පිළිතුරු දීම යන අර්ථයෙනි. ඇසූ විට පිළිතුරු දිය නොහැකි යන අර්ථය ‘අව්‍යාකත’ යන්නට යෝග්‍ය බව කේ. ඇන්. ජයතිලක මහතා නිගමනය කරයි. මක් නිසා ද යත්: බුදුන් වහන්සේ මේ අව්‍යාකත ප්රශ්නවල ස්වභාවය, එහි වරද හා ඒවායෙහි ආදීනව ද දක්වා තිබෙන නිසා ය. එම ප්රශ්නවල ස්වභාවය වන්නේ කිසියම් පිළිතුරක් දීමෙන් පරස්පර විරෝධී අන්තයන්ට අයත් නිගමන ගැනෙන බැවින්, ඇසූ විට පිළිතුරු නොදුන් යන අර්ථය ඊට වඩා යෝග්‍ය වනු ඇත. කේ. ඇන්. ජයතිලක මහතා “ඇසූ විට පිළිතුරු දිය නොහැකි” යනුවෙන් දැක්වූ අර්ථය ද සංශෝධනය කරමින්. “ඇසූ විට පිළිතුරු නොදුන්” යන අර්ථය දැක්වීම සුදුසු බව අපගේ යෝජනාව යි. බුදු දහමෙහි ප්‍රශ්න විසර්ජන ක්‍රම සතරක් ඇති බව අංගුත්තර නිකායේ දැක්වේ. “චත්තාරි මානි භික්ඛවේ පඤ්හෝව්යාකරණානි” එනම්: 1. ඇසූ විට එකවර පිළිතුරු දෙන ප්‍රශ්න (පඤ්හෝ ඒකංස ව්යාකරණියෝ) 2. ප්රතිප්රශ්න නගා එමගින් පිළිතුරු දෙන ප්‍රශ්න (පඤ්හෝ පටිපුච්ඡා ව්යාකරණියෝ) 3. පිළිතුරු නොදී අත්හරින ප්‍රශ්න (පඤ්හෝ ඨපනීසෝ ව්යාකරණියෝ) 4. විග්රහාත්මක ව පිළිතුරු දෙන ප්‍රශ්න - (පඤ්හෝ විභජ්ජ ව්යාකරණීයෝ) මෙසේ ප්‍රශ්න වර්ග කොට දක්වන බුදු දහම පිළිතුරු දීමට දක්ෂ පුද්ගලයා ඒ ප්රශ්නවල ස්වභාවය අනුව පිළිතුරු දෙන බවත්, ගැඹුරු ම ප්‍රශ්න ඔහු විසඳන්නේ අර්ථවත් බව හා අනර්ථවත් බව පිළිබඳ විශේෂ අවධානයකින් බවත් පැහැදිලි කරයි. ප්‍රශ්න විසර්ජනයකින් බුදු දහම මිනිසාගේ අර්ථ සිද්ධීන් පිළිබඳ ව උපයෝගීතා පදනමක පිහිටා සිටින බව මෙයින් පැහැදිලි වේ. මෙසේ ප්‍රශ්න වර්ග සතරක් කොට බෙදා දැක්වුව ද ඒ ඒ ප්‍රශ්න හඳුනාගැනීමට අවශ්‍ය වූ විවරණයක් සකසා නොතිබීම බලවත් පාඩුවකි. අංගුත්තර නිකායේ වෙනත් තැනක මේ ප්‍රශ්න සතර ම මෙසේ තවත් අයුරකින් දක්වා ඇත. මේ ස්ථාන දෙකෙහි ‘ඨපනීය’ ‘ඨාපයෝ’ යනුවෙන් සඳහන් කරන ලද්දේ අව්‍යාකත ප්‍රශ්න යි. අව්‍යාකත ප්‍රශ්න පිළිබඳ ව බුදුන් වහන්සේ ඒකංසික ව පිළිතුරු නුදුන් බව පොට්ඨපාද සූත්‍රයෙන් පෙන්නුම් කැරේ. එහිදී බුදුන් වහන්සේ තමන් ඒකංසිකවත් අනේකංසිකවත් ධර්මය දේශනා කරන අතර, මේ අව්‍යාකත ධර්ම අනේකංසික ධර්ම ලෙස හඳුන්වන බව ද පැහැදිලි කළහ. එකංසික ධර්ම ලෙස, එකහෙළා පිළිතුරු දෙන ධර්මය වූයේ දුක පිළිබඳ සත්‍යය යි. එනම් බුදු දහමේ පරමාර්ථයට අදාළ වූ ධර්මය යි. “පොට්ඨපාදය, මා විසින් ඒකංසික වශයෙන් ද අනේකංසික වශයෙන් ද, ධර්මය දේශනා කරන ලදි. එකංසික ධර්මය දේශනාවක් වශයෙන් පනවන ලද්දේ මෙය දුක ය. දුකට හේතුව ය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ආදිය යි. අනේකංසික ධර්මය ලෙස පනවන ලද්දේ සස්සතෝ ලොකො, අසස්සතෝ ලෝකෝ යනාදියයි.” ‘රීස් ඩේවිඩ්ස්’ මහතා ඒකංසික යන්න certain යනුවෙන් ද අනේකංසික යන්න uncertain යනුවෙන් ද පරිවර්තනය කරයි. එසේ ම, definite, indefinite යනුවෙන් දැක්වූ ඔහුගේ දෙවැනි පරිවර්තනය එකාංසික හා අනෙකාංසික වචනවලට දෙවැනි පරිවර්තනය එකාංසික හා අනෙකාංසික වචනවලට වඩාත් ගැළැපෙන පරිවර්තනය ලෙස ජයතිලක මහතා පෙන්වා දෙයි. යමක් ඇත හෝ නැත යනුවෙන් කීමට නොහැකි අවස්ථාවන්හිදී යෝග්‍ය වචනය බවත්, එයින් ඥාන වීමංසාත්මක අර්ථයක් පැහැදිලි වන බවත් ඔහුගේ පිළිගැනීම යි. මේ අනේකාංසික ධර්මය, ජෛන ධර්මයෙහි එන අනේකාන්ත වාදයට සමාන නො වේ. අස්ති-නාස්ති වැනි අන්ත දෙකක් එක් වී අනේකාන්ත වාදය නම් කැරෙන බව එම වචනය පිළිබඳ විශ්ලේෂණයෙන් පැහැදිලි වනු ඇත. අන+එක+අංශ+ඉක “අනේකාංසික” වන අතර අන්+ඒක+අන්ත “අනේකාන්න” වෙයි. අන්ත යනු නිෂ්ටාව යි. අංග යනු කොටස යි. අන්ත කිහිපයක් එකතුª වී සෑදෙන අනේකාන්ත වාදය බුදු දහම නො පිළිගනී. මේ අව්‍යාකත ප්‍රශ්න බුදු සමය විවිධ අවස්ථාවන්හිදී විග්රහ කර ඇතත්, එකංශික ව පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරයි. එබැවින් ඒවා අනේකාංසික ධර්ම ලෙස බුදු දහම සලකයි. - මහාචාර්ය, පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි ධර්ම දාන කියලා බුකියේ පේජ් එකකින් උපුටා ගත්තේ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom