Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු සස්නෙහි මෝනෙය්‍ය වත ගැන?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක් බුදුසසුනක් තුළ එක් භික්ෂුවකට පමණක්

පූරණය කළ හැකි මෝනෙය්‍ය වත

ගුණපාල කාරියවසම්

ඒ ඒ බුද්ධ ශාසන තුළ විශේෂ හැකියාවන් ඇති විශේෂ ප්‍රාර්ථනාවන් සිදුකර ඇති භික්ෂුන් වහන්සේලා අනෙකුත් භික්ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබති. ගරු සම්මාන ලබති. ගෞතම බුදුසසුන තුළ එසේ අග තනතුරු ලැබූ පිරිස අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා ලෙස ප්‍රසිද්ධය. කාලාන්තරයක් තිස්සේ කරන ලද පින්කම්වල මහිමය හා උන්වහන්සේලා කරන ලද ප්‍රාර්ථනා මත මෙම තනතුරු ලැබී ඇති බව එම චරිත කථා කියවීමෙන් පෙනේ.

එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගනයට අයත් නොවන, එක් බුද්ධ ශාසනයක් තුළ එක් භික්ෂුවකට පමණක් පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක් පූරණය කළ භික්ෂුවක් ගැන ගෞතම බුද්ධ ශාසනයේ සඳහන්ය. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්ෂුන් වහන්සේයි. එක් බුදු සසුනෙක එක් භික්ෂුවක් පමණක් මෙම වත පූරණය කරනු ලබන අතර එය ඉතා ඉහළින්ම නියම ආකාරයෙන් පුරණු ලබන එම භික්ෂුවගේ ආයු කාලය මාස හතකට පමණක් සීමාවේ. මධ්‍යම වශයෙන් පුරන්නේ නම් සත් වසකට වඩා ජීවත්විය නොහැක. ලිහිල් ලෙස සම්පූර්ණ කරන භික්ෂුවගේ ආයු කාලය වසර දහසයකට සීමා වේ.

අප ගෞතම බුදුන් දවස මේ මෝනෙය්‍ය වත ඉතා ඉහළින් පූරණය කරනු ලැබූ නාලක භික්ෂුන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළවූ 'පියුමතුරා' බුදුන් දවස එක් ශ්‍රාවකයකු මේ මෝනෙය්‍ය වත පුරනු දැක පැහැදී අධිෂ්ඨානයක් ඇතිකර ගත් අයෙකි. 'කවදා හෝ අනාගතයේ ලොව පහළ වන බුදු කෙනකුන් ඉදිරියේ මේ මෝනෙය්‍ය වත විමසා එය පිරීමට පෙරුම් පුරා ගෙන එනු ලබන මහ පින් ඇති උත්තමයෙකි. ඒ අනුව එම ප්‍රාර්ථනාවත් සමඟ නොයෙකුත් පින්දහම් කරමින් කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් ගෞතම බුදුන් දවස 'අසිත' තාපසතුමාගේ නැගෙණියගේ පුතකු ලෙස උපත ලැබූහ.

සුදොවුන් රජතුමාගේ බිසව වන 'මහාමායා' දේවියට පුත් කුමරකු ලැබුණු බව සැලවී තව්තිසා දෙව්ලොව ධ්‍යාන සුවයෙන් කාලය ගත කළ අසිත තාපස තුමා වහා සුදොවුන් රජුගේ මාළිගයට පැමිණ එම කුමරා එතුමා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ පින්වත් කුමරාගේ දෙපා තාපසතුමාගේ නළල් තලයේ ස්පර්ශවූ කතා පුවත අපි අසා ඇත්තෙමු. එහිදී එතුමා කුමරුට වැඳ සිනාසුනු අයුරුත්, කඳුළුසැලූ අයුරුත් ඔබ අසා ඇත. කුමරා බුදුවන නිසා සතුටුවූ නමුත් බුදුන් දැකීමට තමන්ට ආයුෂ නැති බව දැක හැඬූහ. එහෙත් තම ඥතිවරයකු හෝ බුදුන් දැකීමට වාසනාව ඇතිදොයි බලනුයේ තම නැගෙණියගේ පුත් කුමරා සිටින බව දැක ඔහු සොයා පිටත් වූහ. නාලක දැන් තරුණ වියට පාතබා ඇත.

'පුත, නාලක, සුදොවුන් රජ මාලිගයේ පින්වත් කුමරකු උපත ලබා ඇත. හෙතෙම අදින් වසර තිස්පහක් ඉක්මවූ පසු බුදුවන්නේය. එම බුදුන් දැකීමට හෝ බණ ඇසීමට මට පින් නැත. ඔබට ඒ පින තිබේ. ඒනිසා අදම බුදුන් දැකීමේ අරමුණ ඇතිව පැවිදි වන්න' යෑයි කීහ. තම මාමා තමාට උතුම් ලාභයක් ලබා දෙන්නේ යෑයි සිතා එයට කැමැත්ත පළ කළහ.

අසිත තාපසතුමා තම බෑණවුවන් වූ නාලක කුමාරයා තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කර දරුව ඉදින් කවදා හෝ 'බුද්ධ' යන වචනය ඔබට ඇසුනහොත් ඒ බුදුන්වහන්සේ කොයි සිටිනවාදැයි විමසා බලා උන්වහන්සේ හමුවීමට යන්න' යෑයිද කීහ.

අසූහත් කෝටියක් මාපිය උරුමයන් තමන් වෙත ලැබෙන මහා ධනස්කන්ධය අතහැර දමා බුදුන් දකිනු කැමැති නාලක කුමරා තම මාමා වන අසිත තාපසතුමාටත් , මව්පියන්ටත් වැඳ 'හිමාළය' වනයට පිවිසයේය.

කලක් ගතවිය. එදා සුදොවුන් රජ මාලිගයේ උපන් පින්වත් කුමරා හෙවත් සිද්ධාර්ථ බෝධි සත්වයෝ ගිහිගෙය හැරදමා දුෂ්කර ක්‍රියා කොට එයද හැරදමා මැදුම් පිළිවෙත පිවිස සව් කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වූහ. දම්සක් පැවතුම් සූත්‍රය දෙසීමෙන් පසු එය ඇසූ දෙවියෝ ඉමහත් සතුටට පත්ව බුදුන් උදෙසා වනගතවී කාලය ගත කරන නාලක තාපසතුමා වෙත ගොස් 'ස්වාමීනි, බුදුන්වහන්සේ ලොව පහළවී ධර්මය දේශනා කරන' බව පැවැසූහ.

කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි අරමුණ ඉටුවී ඇති බවත්, මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුන් හමුවේදී ප්‍රාර්ථනා කළ තම ප්‍රාර්ථනයක් එක්වරම සිහිපත්වී බුදුරජාණන් වහන්සේ හමුවීමට ගොස් 'මෝනෙය්‍ය ප්‍රතිපදාව' ගැන විමසීම සඳහා වහා පිටත් විය. ඒ අනුව දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන සත් දිනක් ගතවූ දින බරණැස ඉසිපතනාරාමයේදී බුදුන්වහන්සේ හමුවූහ. තමන් වහන්සේගේ ශාසනයේ මෝනෙය්‍ය ප්‍රතිපදාව පූරණය කිරීමට පියුමතුරා බුදුන් සමයේ සිට කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම්පුරාගෙන භික්ෂුව පැමිණෙන බව කල්තියා බුදුනුවණින් දැනගෙන සිටි අප බුදුන්වහනසේ ඊට සූදානම්ව වැඩ සිටියහ.

තම කුසල් බලයෙන් බුදුන්වහන්සේ නිසැකවම හඳුනාගත් නාලක තවුස් තෙමේ බුදුන් වහන්සේගෙන් 'මෝනෙය්‍ය වත පිරීමට අවශ්‍ය කරුණු විමසා සිටියහ. බුදුන් වහන්සේ ඊට සුදුසුකම් එය පූරණය කළ යුතු ආකාරය හා එහි බැරෑරුම්කම විස්තර කළහ. එය ඒ ආකාරයෙන්ම පූරණය කරන බවට පොරොන්දු වූ නාලක තාපස තෙමේ බුදුන්ට වැඳ නික්ම ගියහ.

ප්‍රථම වරට හා අවසාන වරට බුදුන්වහන්සේ දැක බුදුන් වැඳ, බණ ඇසූ උන්වහන්සේට නැවත බුදුන් දැකීමේ ආශාවත්, බුදුන් වැඳීමේ ආශාවත්, බුදුන්ගෙන් ධර්මය ඇසීමේ ආශාවත් පහළ නොවීය. එමෙන්ම නැවත මෝනෙය්යවත ගැන කරුණු විචාරීමේ ආශාවද ඇති නොවීය. වනයට පිවිසි හෙතෙම එක් වනයක එක් රුකක් මුල දින දෙකක් ගත නොකළහ. එක් නිවසකට එක් ගමකට දින දෙකක් පිඬුසිඟා නොවැඩියහ. කිසිම දෙයක් දෙවරක් දැකීමේ, දෙවරක් ඇසීමේ, දෙවරක් හඳුනා ගැනීමේ, ස්පර්ශ කිරීමේ ආශාවක් ඇති නොවීය. ගසින් ගසට, ගුහාවෙන් ගුහාවට වනයෙන් වනයට, ගමින් ගමට යමින් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළ උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා රහත්බව ලැබූහ.

බුදුන්වහන්සේගේ උපදෙස් මත මේ මෝනෙය්‍ය වත ඉතා උසස් අයුරින් පිරූ උන්වහන්සේට දැන් තමාගේ ආයු කාලය අවසන් වීමට ආසන්න බව අවබෝධ විය. ඒ අනුව හොඳින් ජල ස්නානය කර, සිවුරු පොරවා බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන දිශාව මෙනෙහි කර පසඟ පිහිටුවා වැඳ ඒ අසළ පිහිටි ගල් තලාවට හේත්තුවී බුදුන් වහන්සේ වැඩ සිටින දිශාවට දොහොත් මුදුන් තබාගෙන සිටගත්තේ පිරිනිවන් පා වදාළහ.

බුදුරජාණන් වහන්සේ නාලක රහතන් වහන්සේ ඉතා උසස් ලෙස තමන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මෝනෙය්‍ය ප්‍රතිපදාව සත් මසක් තිස්සේ පූරණය කොට පිරිනිවන් පෑ බව බුදු නුවණින් දැක භික්ෂුන් වහන්සේ සමඟ එම වනයට වැඩම කළහ. අනතුරුව උන්වහන්සේගේ සිරුර ආදාහනය කර, ධාතූන් වහන්සේලා රැගෙනවිත් චෛත්‍යයක් ඉදි කළහ. ගෞතම බුදු සසුනේ පිරිනිවන් පෑ ප්‍රථම රහතන් වහන්සේ මේ මෝනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේය.

මේ පිළිබඳ වැඩිදුර කරුණු සුත්ත නිපාතයේ නාලක සූත්‍රය කියවා බලා දැනගත හැකිය

http://www.divaina.com/images/bud23jan/bud7.html

[QUOTE="Hipapotemas, post: 22579220, member: 385626"] [SIZE="4"][SIZE="6"][B]එක් බුදුසසුනක් තුළ එක් භික්ෂුවකට පමණක් පූරණය කළ හැකි මෝනෙය්‍ය වත[/B][/SIZE] ගුණපාල කාරියවසම් ඒ ඒ බුද්ධ ශාසන තුළ විශේෂ හැකියාවන් ඇති විශේෂ ප්‍රාර්ථනාවන් සිදුකර ඇති භික්ෂුන් වහන්සේලා අනෙකුත් භික්ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබති. ගරු සම්මාන ලබති. ගෞතම බුදුසසුන තුළ එසේ අග තනතුරු ලැබූ පිරිස අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා ලෙස ප්‍රසිද්ධය. කාලාන්තරයක් තිස්සේ කරන ලද පින්කම්වල මහිමය හා උන්වහන්සේලා කරන ලද ප්‍රාර්ථනා මත මෙම තනතුරු ලැබී ඇති බව එම චරිත කථා කියවීමෙන් පෙනේ. එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගනයට අයත් නොවන, එක් බුද්ධ ශාසනයක් තුළ එක් භික්ෂුවකට පමණක් පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක් පූරණය කළ භික්ෂුවක් ගැන ගෞතම බුද්ධ ශාසනයේ සඳහන්ය. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්ෂුන් වහන්සේයි. එක් බුදු සසුනෙක එක් භික්ෂුවක් පමණක් මෙම වත පූරණය කරනු ලබන අතර එය ඉතා ඉහළින්ම නියම ආකාරයෙන් පුරණු ලබන එම භික්ෂුවගේ ආයු කාලය මාස හතකට පමණක් සීමාවේ. මධ්‍යම වශයෙන් පුරන්නේ නම් සත් වසකට වඩා ජීවත්විය නොහැක. ලිහිල් ලෙස සම්පූර්ණ කරන භික්ෂුවගේ ආයු කාලය වසර දහසයකට සීමා වේ. අප ගෞතම බුදුන් දවස මේ මෝනෙය්‍ය වත ඉතා ඉහළින් පූරණය කරනු ලැබූ නාලක භික්ෂුන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළවූ 'පියුමතුරා' බුදුන් දවස එක් ශ්‍රාවකයකු මේ මෝනෙය්‍ය වත පුරනු දැක පැහැදී අධිෂ්ඨානයක් ඇතිකර ගත් අයෙකි. 'කවදා හෝ අනාගතයේ ලොව පහළ වන බුදු කෙනකුන් ඉදිරියේ මේ මෝනෙය්‍ය වත විමසා එය පිරීමට පෙරුම් පුරා ගෙන එනු ලබන මහ පින් ඇති උත්තමයෙකි. ඒ අනුව එම ප්‍රාර්ථනාවත් සමඟ නොයෙකුත් පින්දහම් කරමින් කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් ගෞතම බුදුන් දවස 'අසිත' තාපසතුමාගේ නැගෙණියගේ පුතකු ලෙස උපත ලැබූහ. සුදොවුන් රජතුමාගේ බිසව වන 'මහාමායා' දේවියට පුත් කුමරකු ලැබුණු බව සැලවී තව්තිසා දෙව්ලොව ධ්‍යාන සුවයෙන් කාලය ගත කළ අසිත තාපස තුමා වහා සුදොවුන් රජුගේ මාළිගයට පැමිණ එම කුමරා එතුමා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ පින්වත් කුමරාගේ දෙපා තාපසතුමාගේ නළල් තලයේ ස්පර්ශවූ කතා පුවත අපි අසා ඇත්තෙමු. එහිදී එතුමා කුමරුට වැඳ සිනාසුනු අයුරුත්, කඳුළුසැලූ අයුරුත් ඔබ අසා ඇත. කුමරා බුදුවන නිසා සතුටුවූ නමුත් බුදුන් දැකීමට තමන්ට ආයුෂ නැති බව දැක හැඬූහ. එහෙත් තම ඥතිවරයකු හෝ බුදුන් දැකීමට වාසනාව ඇතිදොයි බලනුයේ තම නැගෙණියගේ පුත් කුමරා සිටින බව දැක ඔහු සොයා පිටත් වූහ. නාලක දැන් තරුණ වියට පාතබා ඇත. 'පුත, නාලක, සුදොවුන් රජ මාලිගයේ පින්වත් කුමරකු උපත ලබා ඇත. හෙතෙම අදින් වසර තිස්පහක් ඉක්මවූ පසු බුදුවන්නේය. එම බුදුන් දැකීමට හෝ බණ ඇසීමට මට පින් නැත. ඔබට ඒ පින තිබේ. ඒනිසා අදම බුදුන් දැකීමේ අරමුණ ඇතිව පැවිදි වන්න' යෑයි කීහ. තම මාමා තමාට උතුම් ලාභයක් ලබා දෙන්නේ යෑයි සිතා එයට කැමැත්ත පළ කළහ. අසිත තාපසතුමා තම බෑණවුවන් වූ නාලක කුමාරයා තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කර දරුව ඉදින් කවදා හෝ 'බුද්ධ' යන වචනය ඔබට ඇසුනහොත් ඒ බුදුන්වහන්සේ කොයි සිටිනවාදැයි විමසා බලා උන්වහන්සේ හමුවීමට යන්න' යෑයිද කීහ. අසූහත් කෝටියක් මාපිය උරුමයන් තමන් වෙත ලැබෙන මහා ධනස්කන්ධය අතහැර දමා බුදුන් දකිනු කැමැති නාලක කුමරා තම මාමා වන අසිත තාපසතුමාටත් , මව්පියන්ටත් වැඳ 'හිමාළය' වනයට පිවිසයේය. කලක් ගතවිය. එදා සුදොවුන් රජ මාලිගයේ උපන් පින්වත් කුමරා හෙවත් සිද්ධාර්ථ බෝධි සත්වයෝ ගිහිගෙය හැරදමා දුෂ්කර ක්‍රියා කොට එයද හැරදමා මැදුම් පිළිවෙත පිවිස සව් කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වූහ. දම්සක් පැවතුම් සූත්‍රය දෙසීමෙන් පසු එය ඇසූ දෙවියෝ ඉමහත් සතුටට පත්ව බුදුන් උදෙසා වනගතවී කාලය ගත කරන නාලක තාපසතුමා වෙත ගොස් 'ස්වාමීනි, බුදුන්වහන්සේ ලොව පහළවී ධර්මය දේශනා කරන' බව පැවැසූහ. කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි අරමුණ ඉටුවී ඇති බවත්, මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුන් හමුවේදී ප්‍රාර්ථනා කළ තම ප්‍රාර්ථනයක් එක්වරම සිහිපත්වී බුදුරජාණන් වහන්සේ හමුවීමට ගොස් 'මෝනෙය්‍ය ප්‍රතිපදාව' ගැන විමසීම සඳහා වහා පිටත් විය. ඒ අනුව දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන සත් දිනක් ගතවූ දින බරණැස ඉසිපතනාරාමයේදී බුදුන්වහන්සේ හමුවූහ. තමන් වහන්සේගේ ශාසනයේ මෝනෙය්‍ය ප්‍රතිපදාව පූරණය කිරීමට පියුමතුරා බුදුන් සමයේ සිට කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම්පුරාගෙන භික්ෂුව පැමිණෙන බව කල්තියා බුදුනුවණින් දැනගෙන සිටි අප බුදුන්වහනසේ ඊට සූදානම්ව වැඩ සිටියහ. තම කුසල් බලයෙන් බුදුන්වහන්සේ නිසැකවම හඳුනාගත් නාලක තවුස් තෙමේ බුදුන් වහන්සේගෙන් 'මෝනෙය්‍ය වත පිරීමට අවශ්‍ය කරුණු විමසා සිටියහ. බුදුන් වහන්සේ ඊට සුදුසුකම් එය පූරණය කළ යුතු ආකාරය හා එහි බැරෑරුම්කම විස්තර කළහ. එය ඒ ආකාරයෙන්ම පූරණය කරන බවට පොරොන්දු වූ නාලක තාපස තෙමේ බුදුන්ට වැඳ නික්ම ගියහ. ප්‍රථම වරට හා අවසාන වරට බුදුන්වහන්සේ දැක බුදුන් වැඳ, බණ ඇසූ උන්වහන්සේට නැවත බුදුන් දැකීමේ ආශාවත්, බුදුන් වැඳීමේ ආශාවත්, බුදුන්ගෙන් ධර්මය ඇසීමේ ආශාවත් පහළ නොවීය. එමෙන්ම නැවත මෝනෙය්යවත ගැන කරුණු විචාරීමේ ආශාවද ඇති නොවීය. වනයට පිවිසි හෙතෙම එක් වනයක එක් රුකක් මුල දින දෙකක් ගත නොකළහ. එක් නිවසකට එක් ගමකට දින දෙකක් පිඬුසිඟා නොවැඩියහ. කිසිම දෙයක් දෙවරක් දැකීමේ, දෙවරක් ඇසීමේ, දෙවරක් හඳුනා ගැනීමේ, ස්පර්ශ කිරීමේ ආශාවක් ඇති නොවීය. ගසින් ගසට, ගුහාවෙන් ගුහාවට වනයෙන් වනයට, ගමින් ගමට යමින් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළ උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා රහත්බව ලැබූහ. බුදුන්වහන්සේගේ උපදෙස් මත මේ මෝනෙය්‍ය වත ඉතා උසස් අයුරින් පිරූ උන්වහන්සේට දැන් තමාගේ ආයු කාලය අවසන් වීමට ආසන්න බව අවබෝධ විය. ඒ අනුව හොඳින් ජල ස්නානය කර, සිවුරු පොරවා බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන දිශාව මෙනෙහි කර පසඟ පිහිටුවා වැඳ ඒ අසළ පිහිටි ගල් තලාවට හේත්තුවී බුදුන් වහන්සේ වැඩ සිටින දිශාවට දොහොත් මුදුන් තබාගෙන සිටගත්තේ පිරිනිවන් පා වදාළහ. බුදුරජාණන් වහන්සේ නාලක රහතන් වහන්සේ ඉතා උසස් ලෙස තමන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මෝනෙය්‍ය ප්‍රතිපදාව සත් මසක් තිස්සේ පූරණය කොට පිරිනිවන් පෑ බව බුදු නුවණින් දැක භික්ෂුන් වහන්සේ සමඟ එම වනයට වැඩම කළහ. අනතුරුව උන්වහන්සේගේ සිරුර ආදාහනය කර, ධාතූන් වහන්සේලා රැගෙනවිත් චෛත්‍යයක් ඉදි කළහ. ගෞතම බුදු සසුනේ පිරිනිවන් පෑ ප්‍රථම රහතන් වහන්සේ මේ මෝනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේය. මේ පිළිබඳ වැඩිදුර කරුණු සුත්ත නිපාතයේ නාලක සූත්‍රය කියවා බලා දැනගත හැකිය [url]http://www.divaina.com/images/bud23jan/bud7.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom