Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු සිරිතේ අවසන් දවස...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු සිරිතේ අවසන් දවස...

ලෝකාර්ථචර්යාව උදෙසාම සම්‍යක් සම්බුද්ධත්වයට පත් ගෞතම ශාක්‍යමුනින්ද්‍රයාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ ධර්ම දේශනා කරමින් සුවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් නිවන් පුරයට යවා වදාරා පිරිනිවනට වැඩමවීමේ උදාර මංගල්‍යය යෙදෙන්නේ වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනයටය. දවසේ පැය විසිහතරෙන් දෙපැයක් පමණක් කායික විවේකය සඳහා වැය කරමින් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ක්‍රියාකළ බුදුරදුන් මෙයට වසර දෙදහස් පන්සිය පනස් පහකට ඉහත ගතකළ අවසන් දිනය මෙනෙහි කිරීම උන්වහන්සේ පිළිබඳ ගෞරවය, භක්තිය හා විශ්මය ඇතිකිරීමට හේතු වන්නකි. මහා පරිනිබ්බාණ සූත්‍රය ඇසුරින් බුදුරදුන්ගේ ජීවිතයේ අවසන් දිනය ගතවුණු අන්දම විමසා බැලීම අගනා වෙසක් සිතිවිල්ලක් වනු නොඅනුමානය.

බුදුරජාණන් වහන්සේ, පිරිනිවන් පා වදාළ වෙසක් පසළොස්වක දිනට පෙර දිනයේ වැඩ සිටියේ පාවානුවර චුන්දකර්මාර පුත්‍රගේ අඹ උයනේය. චුන්ද එහි ගොස් බුදුන් වැඳ බණ අසා පසුදින දනට තම නිවසට වඩින්නට ආරාධනා කළේය. ඒ අනුව බුදුහු මහසඟන පිරිවරා ඔහුගේ නිවසට වැඩම කළහ. බුදුරදුන් සඳහා විශේෂයෙන් පිළියෙළ කළ සූකරමද්දව නම් ආහාරයත් සමග චුන්දකර්මාරපුත්ර ප්‍රණීත ඛාද්යභොද්යයන්ගෙන් බුදුරදුන් ඇතුළු මහසඟන පිදීය. වළඳා අවසන බුදුහු සූකරමද්දවයේ ඉතිරි කොටස සෙස්සන්ට අපථ්යවන බැවින් වළ දමන ලෙස නියම කළහ.

දන් වැළදීමෙන් පසු බුදුරදුන්ට ලොහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) නම් රෝගය වැළඳුනේය. දැඩි වේදනාකාරී වුවත් බුදුහු සිහියෙන් හා නුවණින් ඉවසා වදාළ සේක. රෝගීව සිටිමින්ම උන්වහන්සේ ‘කුසිනාරාවට යමු’ යි අනඳ හිමියන්ට පැවසූහ. අතරමඟදී ක්ලාන්තභාවය නිසා බුදුරජාණන් වහන්සේ මඟින් ඉවත්ව අනඳ හිමියන් ලවා සඟල සිවුර සිවුගුණ කොට නමා අතුරා එහි වැදහොත් සේක. පිපාසයක් දැනුනෙන් පැන් ගෙනෙන ලෙස අනඳ හිමියන්ට නියම කළහ. ආසන්නයේ පැවති කුඩා දොළ පාරක ජලය කරත්ත පන්සියයක් යාම නිසා කැළඹී බොර වී තිබුණු බැවින් තුන්වරක් දක්වා ඉල්ලා සිටිය ද අනඳහිමියෝ පැන් ගෙන ඒමට මැළිවූහ. බුදුරදුන් තෙවනවරද නියමකළ පසු දොළ පාරවෙත ගිය අනඳ හිමියන් ජටුයේ ඉතා නොකැලඹුණු පිරිසුදු ජලය එහි ගලායන බවය. අනඳ හිමියෝ පැන් ගෙනවුත් බුදුරදුන්ට පිරිනැමූහ.

මේ අතර කුසිනාරා නුවර සිට එන පුක්කුස නම් මල්ල රටවැසියෙක් මඟ අසල වැඩහුන් බුදුරදුන් වෙත පැමිණියේ ය. ආලාරකාලාම තවුසාගේ ශ්‍රාවකයකු වූ ඔහු එම තවුසා කරත්ත පන්සියයක් තමන් අබියසින් ගමන් කරද්දීත් ඒ බව නොදැන සිටි බවත් ඔහුගේ ශාන්ත විහරණය අසිරිමත් බවත් බුදුරදුන් සමග පැවසීය.

බුදුහු ආතුමාහිදී අකුණු ගසා ගොනුන් හා මිනිසුන් මියයන තරම් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව පවතිද්දී ඒ කිසිවක් නොදැන තමන් වහන්සේ ගතකළ සන්සුන් විලාසය ගැන ප්‍රකාශ කළහ. ඒ අසා පැහැදී තෙරුවන් සරණ ගිය ඔහු රන්වන් වස්ත්‍ර යුගලයක් බුදුරදුන්ට හා අනඳ හිමියන්ට පිදීය. ඔහු ඉවත්ව ගිය පසු අනඳහිමියෝ එම වස්ත්‍රයෙන් බුදුරදුන් ඇන්දවූහ. රන්වන් සළුවෙන් සැරසුණු බුදුහු ගිනි අඟුරක් මෙන් දීප්තිමත් වූහ.

ඉදිරියේ ඇති කුකුත්ථා නදිය වෙත පැමිණි බුදුහු ගඟට බැස නහා පැන් වළඳා සමීපයේ වූ අඹවනය වෙත වැඩම කළහ. එහිදී චුන්ද තෙරුන් අමතා ක්ලාන්ත බවක් දැනෙන හෙයින් සඟල සිවුර එළා සැතපෙන්නට සලස්වන මෙන් වදාළහ. චුන්දකමාර පුත්‍රයාගේ දානය වළඳා බුදුරදුන් පිරිනිවියේ යැයි ඔහුගේ සිතේ විපිළිසර භාවයක් ඇතිවී නම් එය දුරුකරන ලෙසත් අභිසම්බෝධියට පැමිණීමට පෙර වැළඳු සුජාතාවගේ කිරිපිඬු දානයත් අනුපාධිදිශේෂ පරිනිර්වාණයට පෙර වැළඳු චුන්දගේ දානයක් එකසේ මහත්ඵල මහානිශංස වන බවත් අනඳ හිමියන් අමතා වදාළහ.

එතැනින් ඉවත්ව ‘හිරඤ්ඤවතී නදියෙන් ඔබ කුසිනාරානුවර උපවත්තන සල් උයන වෙත යමු’ යි තථාගතයන් වහන්සේ අනඳ හිමියන්ට පැවසූහ. එහි වැඩම කළ බුදුරදුන් සඳහා සල්රුක් දෙකක් අතර ඇඳක් පනවා හිස උතුරු දෙසට පිහිටන සේ බුදුරදුන්ට සැතපීමට සලසන ලදී.

එම අවස්ථාවේහි බුදුරදුන්ට පවන් සලමින් සිටි උපවාණ තෙරුන්ට එතැනින් ඉවත්වන ලෙස බුදුහු නියම කළහ. එසේ කළේ මන්දැයි අනඳ හිමියන් විසින් අසන ලදුව බුදුරදුන් වදාළේ අපමණ දෙව් බඹුන් පිරිසක් පැමිණ සිටින බවත් මහේසාක්ය උපවාණ තෙරුන් නිසා බුදුරදුන් වෙත ළංවිය නොහැකිව ඔවුන් ආඩාපාලි කියමින් සිටින බවයි.

බුදුහු අනඳ හිමියන් අමතා බුදුරදුන් උපන් බුදු වූ පළමුව දම් දෙසූ හා පිරිනිවන් පෑ තැන් සංවේදනීය ස්ථාන බවත් ඒ තැන් බලා සංවේග උපදවා පුදපූජා පැවැත්වීමෙන් සැදැහැවතුනට මහත්ඵල මහානිශංස ලැබෙන බවත් දේශනා කළහ. අනතුරුව ස්ත්‍රීන් කෙරේ භික්ෂූන් කෙසේ පිළිපැදිය යුතුදැයි අනඳ තෙරුන් ඇසූ පැනයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ ඔවුන් හා කතා කිරීම පැහැර නොහැරිය හැකිනම් සිහිනුවණින් පිළිපැදිය යුතු බවය.

පිරිනිවීමෙන් පසු තථාගත ශරීරය පිළිබඳව කටයුතු කිරීමට සැදැහැවත් ක්ෂත්රිය බ්‍රාහ්මණාදි ගිහි පඬිවරුන් සිටින බැවින් ඒ පිළිබඳව තමන් වෙහෙස නොවිය යුතු බව අනඳ හිමියන්ට පවසා සිටියහ. බුද්ධ ශරීරය පිළිබඳව පැවතිය යුත්තේ සක්විති රජකෙනකුගේ ශරීරයට සමාන අයුරින් බවත් බුදුහු අනඳ හිමියන් අමතා වදාළහ.

ආදාහනයෙන් පසු ධාතු නිධන් කොට ස්ථූප ඉදිකිරීමෙන් සැදැහැවතුන් පින් රැස්කරගනු ඇති බැව් වදාළ බුදුහු එබඳු ථූපාරහ පුද්ගලයෝ සිව් දෙනෙක් වෙති’ යි ද පෙන්වා දුන්හ.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පාති’යි සොවට පත් අනඳ හිමියන් හඬා වැලපෙති’යි ඇසූ බුදුහු අනද හිමියන් කැඳවා අවවාද කළහ. සියලු පි‍්‍රය දෙයින් වෙන් වන්නට සිදුවන බවත් බුදුරදුන්ගේ වුවද ශරීරය විනාශ නොවී නොපවතී යැයි ද වදාරා අනඳ තෙරුන් දිගු කලක් මෛත්‍රී සහගතව තමන් වහන්සේට උපස්ථාන කළ බවත් නොපමාව බවුන් වඩා රහත්වන ලෙසත් වදාළහ. අනඳ තෙරුන් නුවණැතිව නිසිකල් බලා සිව් පිරිස හා රජමැති ඇමැතියන් සේම තිර්ථකාදීන් ද තමන් වහන්සේ වෙත පැමිණවී යැයි ද සක්විති කෙනෙකුට සමාන ආශ්චර්යාද්භූත කරුණු හතරක් අනඳ හිමියන් කෙරේ විද්‍යමාන වන්නේ යැයිද පෙන්වා දුන්හ.

කුඩා නගරයක් වූ කුසිනාරාවේ පිරිනිවන් නොපාන ලෙසත් රජගහ සාවත්ථි ආදි මහා නගරවල සැදැහැවත් ක්ෂත්රිය බ්‍රාහ්මණාදි ගිහි සැදැහැතියන් සිටින බැවින් එවැනි නගරයක පිරිනිවන් පානා ලෙස අනඳ හිමියෝ ආරාධනා කළහ. එසේ නොපවසන ලෙසත් කුසනාරාව වූ කලී සුදර්ශන නම් සක්විති රජෙකුගේ අග්රරාජධානියව පැවැති බවත් සඳහන් කරමින් බුදුහු මහා සුදස්සන සූත්‍රය දේශනා කළහ. මල්ල රජදරුවන්ට පිරිනිවන් පෑමේ පණිවිඩය දන්වන ලෙස බුදුන් වහන්සේ අනඳ හිමියන් පිටත් කළහ. මේ වනවිට කිසියම් කටයුත්තක් උදෙසා සන්ථාගාර ශාලාවෙහි රැස්වහුන් මල්ල රජදරුවන් වෙත වැඩම කළ අනඳ හිමි ඒ බව ඔවුන්ට දැනුම් දුන්නේය. බලවත් සංවේගයට පත් මල්ල රජ පවුල්වල ස්ත්රින් පුරුෂයෝ අවසන් වරට බුදුන් දැකීමට පැමිණියහ. අනඳ හිමියෝ ඔවුන් පවුල් වශයෙන් වෙන් වෙන්ව ගෙන බුදුරදුනට හඳුන්වා දෙමින් වන්දනා කරවූහ. රැයේ පළමුයාමය තුළදීම එය නිමාකරගත හැකිවිය.

මේ අතර මල්ලරට විසූ සුභද්‍ර නම් පරිබ්‍රාජකයෙක් බුදුරදුන්ගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණියේ ය. අනඳ හිමියෝ බුදුරදුන්ට වෙහෙසවන්නේ යැයි සිතා අවසර නුදුන්හ. එහෙත් සුභද්‍ර තෙවරක්ම කළ උත්සාහය බුදුරදුන්ට දැන ගන්නට ලැබී ඔහුට තමන් වහන්සේ වෙත පැමිණීමට ඉඩදෙන ලෙස අනඳ හිමියන්ට වදාළහ. ඔහුට දැනගන්නට අවශ්‍ය වූයේ නියම ශ්‍රමණයා සිටින්නේ කවර ශාසනයකද යන්නයි. යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතීනම් එහි පළමු දෙවන, තෙවන හා සිව්වන ශ්රමණයන් සිටින බව දේශනා කළහ. පැහැදී තෙරුවන් සරණ ගිය සුභද්‍ර පැවිදි වී පසුව රහත් විය. ඒ දිවමන් බුදුරදුන්ගේ අවසාන ශ්‍රාවකයායි.තමන් වහන්සේගේ ඇවෑමෙන් දේශනා කළ ධර්මය ශාස්තෘවරයා වශයෙන් සලකන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. නවක භික්ෂූන් හා ස්ථවිර භික්ෂූන් ඔවුනොවුන් ඇමතිය යුතු ආකාරයද පෙන්වා දුන්හ. අවශ්‍ය වන්නේ නම් භික්ෂූ සංඝයාට ඛුද්දානුඛුද්දක ශික්ෂාපද නොතකා ක්‍රියාකළ හැකියැයි දේශනා කළේ ද ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩය පැනවූයේ ද මේ අවස්ථාවේදී ය.බුදුරදුන් වටා රැස්ව හුන් පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ අමතා බුදුපියාණන් වහන්සේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ යම් සැකයක් ඇත්නම් ප්‍රශ්න කරන ලෙස නියම කළහ. එහෙත් එකද භික්ෂුවක් ප්‍රශ්න විචාළේ නැත. එම භික්ෂූන් වහන්සේලාගේ ‘බුද්ධ ගෞරවය අසිරිමත්’ යැයි අනඳ හිමියන් පැවසූ විට බුදුරදුන් වදාළේ එම භික්ෂූන්ගෙන් සෝවාන් ඵලයටවත් නොපැමිණි කිසිවකු නොමැති බැවින් ඔවුන් තුළ තෙරුවන් කෙරෙහි විමතියක් නැති බවයි.මී ළගට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවසන් අවවාදය වශයෙන් ප්‍රකාශ කළ වචන සමූහය වූයේ ‘’හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’’ යන්නයි. මහණෙනි, මම ඔබ අමතමි. සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. අප්‍රමාදව කුසල් දහම් සම්පාදනය කරන්න යනු එහි අදහසයි.

එසේ පැවසූ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ද්විතිය, තෘතිය, චතුර්ථ ධ්‍යානයන්ට ද ආකාසානඤචායතන, විඤ්ඤානඤචායතන ආකිඤඤ්ඤචායතන හා නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අෂ්ට සමාපත්තින්ට පිළිවෙළින් සම වැදී අනතුරුව සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට සම වැදුනහ. එවිට බුදුරදුන් පිරිනිවිසේකැයි අනඳ හිමියෝ ප්‍රකාශ කළහ. එහෙත් තවමත් පිරිනිවීම සිදු නොවිනැයි අනුරුද්ධ මහරහතන් වහන්සේ පවසා සිටියහ. බුදුරජාණන් වහන්සේ යළිත් සඤ්ඤාවෙදයික නිරෝධයෙන් නැගී සිට නෙවසඤ්ඤානාසඤ්ඤායතනාදී ප්‍රතිලොම පිළිවෙළින් නැගී සිටිමින් ප්‍රථම ධ්‍යානයට සම වැදුනහ. ඉන් නැගී යළිත් ප්‍රථම ද්විතිය, තෘතිය, චතුත්ථ සමාපත්තින්ට සමවැදුනහ. චතුර්ථධ්‍යානයෙන් නැගී වදාළ බුදුරජාණන් වහන්සේ අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

ඔබ සැමට තෙරුවන් සරණයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

path to nirwana from f.b.

[QUOTE="Iron Monger, post: 16765128, member: 349634"] [b]බුදු සිරිතේ අවසන් දවස...[/b] [IMG]https://scontent-b-mxp.xx.fbcdn.net/hphotos-xpa1/l/t1.0-9/p720x720/10436685_677586412308684_765611772867943597_n.jpg[/IMG] [SIZE=5] ලෝකාර්ථචර්යාව උදෙසාම සම්‍යක් සම්බුද්ධත්වයට පත් ගෞතම ශාක්‍යමුනින්ද්‍රයාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ ධර්ම දේශනා කරමින් සුවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් නිවන් පුරයට යවා වදාරා පිරිනිවනට වැඩමවීමේ උදාර මංගල්‍යය යෙදෙන්නේ වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනයටය. දවසේ පැය විසිහතරෙන් දෙපැයක් පමණක් කායික විවේකය සඳහා වැය කරමින් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ක්‍රියාකළ බුදුරදුන් මෙයට වසර දෙදහස් පන්සිය පනස් පහකට ඉහත ගතකළ අවසන් දිනය මෙනෙහි කිරීම උන්වහන්සේ පිළිබඳ ගෞරවය, භක්තිය හා විශ්මය ඇතිකිරීමට හේතු වන්නකි. මහා පරිනිබ්බාණ සූත්‍රය ඇසුරින් බුදුරදුන්ගේ ජීවිතයේ අවසන් දිනය ගතවුණු අන්දම විමසා බැලීම අගනා වෙසක් සිතිවිල්ලක් වනු නොඅනුමානය. බුදුරජාණන් වහන්සේ, පිරිනිවන් පා වදාළ වෙසක් පසළොස්වක දිනට පෙර දිනයේ වැඩ සිටියේ පාවානුවර චුන්දකර්මාර පුත්‍රගේ අඹ උයනේය. චුන්ද එහි ගොස් බුදුන් වැඳ බණ අසා පසුදින දනට තම නිවසට වඩින්නට ආරාධනා කළේය. ඒ අනුව බුදුහු මහසඟන පිරිවරා ඔහුගේ නිවසට වැඩම කළහ. බුදුරදුන් සඳහා විශේෂයෙන් පිළියෙළ කළ සූකරමද්දව නම් ආහාරයත් සමග චුන්දකර්මාරපුත්ර ප්‍රණීත ඛාද්යභොද්යයන්ගෙන් බුදුරදුන් ඇතුළු මහසඟන පිදීය. වළඳා අවසන බුදුහු සූකරමද්දවයේ ඉතිරි කොටස සෙස්සන්ට අපථ්යවන බැවින් වළ දමන ලෙස නියම කළහ. දන් වැළදීමෙන් පසු බුදුරදුන්ට ලොහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) නම් රෝගය වැළඳුනේය. දැඩි වේදනාකාරී වුවත් බුදුහු සිහියෙන් හා නුවණින් ඉවසා වදාළ සේක. රෝගීව සිටිමින්ම උන්වහන්සේ ‘කුසිනාරාවට යමු’ යි අනඳ හිමියන්ට පැවසූහ. අතරමඟදී ක්ලාන්තභාවය නිසා බුදුරජාණන් වහන්සේ මඟින් ඉවත්ව අනඳ හිමියන් ලවා සඟල සිවුර සිවුගුණ කොට නමා අතුරා එහි වැදහොත් සේක. පිපාසයක් දැනුනෙන් පැන් ගෙනෙන ලෙස අනඳ හිමියන්ට නියම කළහ. ආසන්නයේ පැවති කුඩා දොළ පාරක ජලය කරත්ත පන්සියයක් යාම නිසා කැළඹී බොර වී තිබුණු බැවින් තුන්වරක් දක්වා ඉල්ලා සිටිය ද අනඳහිමියෝ පැන් ගෙන ඒමට මැළිවූහ. බුදුරදුන් තෙවනවරද නියමකළ පසු දොළ පාරවෙත ගිය අනඳ හිමියන් ජටුයේ ඉතා නොකැලඹුණු පිරිසුදු ජලය එහි ගලායන බවය. අනඳ හිමියෝ පැන් ගෙනවුත් බුදුරදුන්ට පිරිනැමූහ. මේ අතර කුසිනාරා නුවර සිට එන පුක්කුස නම් මල්ල රටවැසියෙක් මඟ අසල වැඩහුන් බුදුරදුන් වෙත පැමිණියේ ය. ආලාරකාලාම තවුසාගේ ශ්‍රාවකයකු වූ ඔහු එම තවුසා කරත්ත පන්සියයක් තමන් අබියසින් ගමන් කරද්දීත් ඒ බව නොදැන සිටි බවත් ඔහුගේ ශාන්ත විහරණය අසිරිමත් බවත් බුදුරදුන් සමග පැවසීය. බුදුහු ආතුමාහිදී අකුණු ගසා ගොනුන් හා මිනිසුන් මියයන තරම් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව පවතිද්දී ඒ කිසිවක් නොදැන තමන් වහන්සේ ගතකළ සන්සුන් විලාසය ගැන ප්‍රකාශ කළහ. ඒ අසා පැහැදී තෙරුවන් සරණ ගිය ඔහු රන්වන් වස්ත්‍ර යුගලයක් බුදුරදුන්ට හා අනඳ හිමියන්ට පිදීය. ඔහු ඉවත්ව ගිය පසු අනඳහිමියෝ එම වස්ත්‍රයෙන් බුදුරදුන් ඇන්දවූහ. රන්වන් සළුවෙන් සැරසුණු බුදුහු ගිනි අඟුරක් මෙන් දීප්තිමත් වූහ. ඉදිරියේ ඇති කුකුත්ථා නදිය වෙත පැමිණි බුදුහු ගඟට බැස නහා පැන් වළඳා සමීපයේ වූ අඹවනය වෙත වැඩම කළහ. එහිදී චුන්ද තෙරුන් අමතා ක්ලාන්ත බවක් දැනෙන හෙයින් සඟල සිවුර එළා සැතපෙන්නට සලස්වන මෙන් වදාළහ. චුන්දකමාර පුත්‍රයාගේ දානය වළඳා බුදුරදුන් පිරිනිවියේ යැයි ඔහුගේ සිතේ විපිළිසර භාවයක් ඇතිවී නම් එය දුරුකරන ලෙසත් අභිසම්බෝධියට පැමිණීමට පෙර වැළඳු සුජාතාවගේ කිරිපිඬු දානයත් අනුපාධිදිශේෂ පරිනිර්වාණයට පෙර වැළඳු චුන්දගේ දානයක් එකසේ මහත්ඵල මහානිශංස වන බවත් අනඳ හිමියන් අමතා වදාළහ. එතැනින් ඉවත්ව ‘හිරඤ්ඤවතී නදියෙන් ඔබ කුසිනාරානුවර උපවත්තන සල් උයන වෙත යමු’ යි තථාගතයන් වහන්සේ අනඳ හිමියන්ට පැවසූහ. එහි වැඩම කළ බුදුරදුන් සඳහා සල්රුක් දෙකක් අතර ඇඳක් පනවා හිස උතුරු දෙසට පිහිටන සේ බුදුරදුන්ට සැතපීමට සලසන ලදී. එම අවස්ථාවේහි බුදුරදුන්ට පවන් සලමින් සිටි උපවාණ තෙරුන්ට එතැනින් ඉවත්වන ලෙස බුදුහු නියම කළහ. එසේ කළේ මන්දැයි අනඳ හිමියන් විසින් අසන ලදුව බුදුරදුන් වදාළේ අපමණ දෙව් බඹුන් පිරිසක් පැමිණ සිටින බවත් මහේසාක්ය උපවාණ තෙරුන් නිසා බුදුරදුන් වෙත ළංවිය නොහැකිව ඔවුන් ආඩාපාලි කියමින් සිටින බවයි. බුදුහු අනඳ හිමියන් අමතා බුදුරදුන් උපන් බුදු වූ පළමුව දම් දෙසූ හා පිරිනිවන් පෑ තැන් සංවේදනීය ස්ථාන බවත් ඒ තැන් බලා සංවේග උපදවා පුදපූජා පැවැත්වීමෙන් සැදැහැවතුනට මහත්ඵල මහානිශංස ලැබෙන බවත් දේශනා කළහ. අනතුරුව ස්ත්‍රීන් කෙරේ භික්ෂූන් කෙසේ පිළිපැදිය යුතුදැයි අනඳ තෙරුන් ඇසූ පැනයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ ඔවුන් හා කතා කිරීම පැහැර නොහැරිය හැකිනම් සිහිනුවණින් පිළිපැදිය යුතු බවය. පිරිනිවීමෙන් පසු තථාගත ශරීරය පිළිබඳව කටයුතු කිරීමට සැදැහැවත් ක්ෂත්රිය බ්‍රාහ්මණාදි ගිහි පඬිවරුන් සිටින බැවින් ඒ පිළිබඳව තමන් වෙහෙස නොවිය යුතු බව අනඳ හිමියන්ට පවසා සිටියහ. බුද්ධ ශරීරය පිළිබඳව පැවතිය යුත්තේ සක්විති රජකෙනකුගේ ශරීරයට සමාන අයුරින් බවත් බුදුහු අනඳ හිමියන් අමතා වදාළහ. ආදාහනයෙන් පසු ධාතු නිධන් කොට ස්ථූප ඉදිකිරීමෙන් සැදැහැවතුන් පින් රැස්කරගනු ඇති බැව් වදාළ බුදුහු එබඳු ථූපාරහ පුද්ගලයෝ සිව් දෙනෙක් වෙති’ යි ද පෙන්වා දුන්හ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාති’යි සොවට පත් අනඳ හිමියන් හඬා වැලපෙති’යි ඇසූ බුදුහු අනද හිමියන් කැඳවා අවවාද කළහ. සියලු පි‍්‍රය දෙයින් වෙන් වන්නට සිදුවන බවත් බුදුරදුන්ගේ වුවද ශරීරය විනාශ නොවී නොපවතී යැයි ද වදාරා අනඳ තෙරුන් දිගු කලක් මෛත්‍රී සහගතව තමන් වහන්සේට උපස්ථාන කළ බවත් නොපමාව බවුන් වඩා රහත්වන ලෙසත් වදාළහ. අනඳ තෙරුන් නුවණැතිව නිසිකල් බලා සිව් පිරිස හා රජමැති ඇමැතියන් සේම තිර්ථකාදීන් ද තමන් වහන්සේ වෙත පැමිණවී යැයි ද සක්විති කෙනෙකුට සමාන ආශ්චර්යාද්භූත කරුණු හතරක් අනඳ හිමියන් කෙරේ විද්‍යමාන වන්නේ යැයිද පෙන්වා දුන්හ. කුඩා නගරයක් වූ කුසිනාරාවේ පිරිනිවන් නොපාන ලෙසත් රජගහ සාවත්ථි ආදි මහා නගරවල සැදැහැවත් ක්ෂත්රිය බ්‍රාහ්මණාදි ගිහි සැදැහැතියන් සිටින බැවින් එවැනි නගරයක පිරිනිවන් පානා ලෙස අනඳ හිමියෝ ආරාධනා කළහ. එසේ නොපවසන ලෙසත් කුසනාරාව වූ කලී සුදර්ශන නම් සක්විති රජෙකුගේ අග්රරාජධානියව පැවැති බවත් සඳහන් කරමින් බුදුහු මහා සුදස්සන සූත්‍රය දේශනා කළහ. මල්ල රජදරුවන්ට පිරිනිවන් පෑමේ පණිවිඩය දන්වන ලෙස බුදුන් වහන්සේ අනඳ හිමියන් පිටත් කළහ. මේ වනවිට කිසියම් කටයුත්තක් උදෙසා සන්ථාගාර ශාලාවෙහි රැස්වහුන් මල්ල රජදරුවන් වෙත වැඩම කළ අනඳ හිමි ඒ බව ඔවුන්ට දැනුම් දුන්නේය. බලවත් සංවේගයට පත් මල්ල රජ පවුල්වල ස්ත්රින් පුරුෂයෝ අවසන් වරට බුදුන් දැකීමට පැමිණියහ. අනඳ හිමියෝ ඔවුන් පවුල් වශයෙන් වෙන් වෙන්ව ගෙන බුදුරදුනට හඳුන්වා දෙමින් වන්දනා කරවූහ. රැයේ පළමුයාමය තුළදීම එය නිමාකරගත හැකිවිය. මේ අතර මල්ලරට විසූ සුභද්‍ර නම් පරිබ්‍රාජකයෙක් බුදුරදුන්ගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණියේ ය. අනඳ හිමියෝ බුදුරදුන්ට වෙහෙසවන්නේ යැයි සිතා අවසර නුදුන්හ. එහෙත් සුභද්‍ර තෙවරක්ම කළ උත්සාහය බුදුරදුන්ට දැන ගන්නට ලැබී ඔහුට තමන් වහන්සේ වෙත පැමිණීමට ඉඩදෙන ලෙස අනඳ හිමියන්ට වදාළහ. ඔහුට දැනගන්නට අවශ්‍ය වූයේ නියම ශ්‍රමණයා සිටින්නේ කවර ශාසනයකද යන්නයි. යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතීනම් එහි පළමු දෙවන, තෙවන හා සිව්වන ශ්රමණයන් සිටින බව දේශනා කළහ. පැහැදී තෙරුවන් සරණ ගිය සුභද්‍ර පැවිදි වී පසුව රහත් විය. ඒ දිවමන් බුදුරදුන්ගේ අවසාන ශ්‍රාවකයායි.තමන් වහන්සේගේ ඇවෑමෙන් දේශනා කළ ධර්මය ශාස්තෘවරයා වශයෙන් සලකන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. නවක භික්ෂූන් හා ස්ථවිර භික්ෂූන් ඔවුනොවුන් ඇමතිය යුතු ආකාරයද පෙන්වා දුන්හ. අවශ්‍ය වන්නේ නම් භික්ෂූ සංඝයාට ඛුද්දානුඛුද්දක ශික්ෂාපද නොතකා ක්‍රියාකළ හැකියැයි දේශනා කළේ ද ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩය පැනවූයේ ද මේ අවස්ථාවේදී ය.බුදුරදුන් වටා රැස්ව හුන් පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ අමතා බුදුපියාණන් වහන්සේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ යම් සැකයක් ඇත්නම් ප්‍රශ්න කරන ලෙස නියම කළහ. එහෙත් එකද භික්ෂුවක් ප්‍රශ්න විචාළේ නැත. එම භික්ෂූන් වහන්සේලාගේ ‘බුද්ධ ගෞරවය අසිරිමත්’ යැයි අනඳ හිමියන් පැවසූ විට බුදුරදුන් වදාළේ එම භික්ෂූන්ගෙන් සෝවාන් ඵලයටවත් නොපැමිණි කිසිවකු නොමැති බැවින් ඔවුන් තුළ තෙරුවන් කෙරෙහි විමතියක් නැති බවයි.මී ළගට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවසන් අවවාදය වශයෙන් ප්‍රකාශ කළ වචන සමූහය වූයේ ‘’හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’’ යන්නයි. මහණෙනි, මම ඔබ අමතමි. සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. අප්‍රමාදව කුසල් දහම් සම්පාදනය කරන්න යනු එහි අදහසයි. එසේ පැවසූ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ද්විතිය, තෘතිය, චතුර්ථ ධ්‍යානයන්ට ද ආකාසානඤචායතන, විඤ්ඤානඤචායතන ආකිඤඤ්ඤචායතන හා නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අෂ්ට සමාපත්තින්ට පිළිවෙළින් සම වැදී අනතුරුව සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට සම වැදුනහ. එවිට බුදුරදුන් පිරිනිවිසේකැයි අනඳ හිමියෝ ප්‍රකාශ කළහ. එහෙත් තවමත් පිරිනිවීම සිදු නොවිනැයි අනුරුද්ධ මහරහතන් වහන්සේ පවසා සිටියහ. බුදුරජාණන් වහන්සේ යළිත් සඤ්ඤාවෙදයික නිරෝධයෙන් නැගී සිට නෙවසඤ්ඤානාසඤ්ඤායතනාදී ප්‍රතිලොම පිළිවෙළින් නැගී සිටිමින් ප්‍රථම ධ්‍යානයට සම වැදුනහ. ඉන් නැගී යළිත් ප්‍රථම ද්විතිය, තෘතිය, චතුත්ථ සමාපත්තින්ට සමවැදුනහ. චතුර්ථධ්‍යානයෙන් නැගී වදාළ බුදුරජාණන් වහන්සේ අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඔබ සැමට තෙරුවන් සරණයි! සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! [SIZE=2][SIZE=2]path to nirwana from f.b.[/SIZE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom