Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා කස්සප මහ රහතන් වහන්සේ මේ ගෞතම බුදු සසුන ආලෝකවත් කළ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ රූපයත් රන්වන් පාටයි. සමහරුන්ට එක්වරම බුදුරජාණන් වහන්සේගේ රූපයත් මහා කස්සප තෙරුන් වහන්සේගේ රූපයත් වෙන් කොට හඳුනාගන්නට බැරුව යනවා. ඒ තරම්ම ලස්සනයි.

මහා කස්සප මහරහතන් වහන්සේ නිතර හුදකලාවේ වැඩසිටියේ. පිරිස් පරිහරණයට කැමැත්තක් තිබුනෙ නෑ. තමන්ගේ පාඩුවේ වැඩසිටියා. කෙලෙස් තවන ගුණධර්ම රාශියක් උන්වහන්සේ තුළ තිබුනා. එනිසාම මහා කස්සප රහතන් වහන්සේ ධුතාංගධාරීන් අතර අග්‍ර වුනා. උන්වහන්සේ තුන් සිවුරෙන් ජීවත් වුනා. පාංශුකූල චීවරයෙන් සතුටු වුනා. පිණ්ඩපාතයෙන් සතුටු වුනා. මහා වනාන්තරයේ වැඩසිටියා. මෙවැනි ධුතාංග ගුණ රාශියක් උන්වහන්සේ තුළ තිබුනා. මහා කස්සප මහරහතන් වහන්සේ ගැන දෙවිවරුන් ඉතාමත් සතුටට පත්වුනා. උන්වහන්සේට දෙවිවරුන් මහත් ආදරයක් දැක්වූවා. ඇතැම් අවස්ථාවලදී මිනිස් වෙස් ගෙන දෙවිවරුන් උන්වහන්සේට උපස්ථාන කළා. ඇතැම් අවස්ථාවන් හීදී මිනිස් වෙස් ගත් දෙවිවරුන් උන්වහන්සේට දන් පැන් පූජා කළා.

මේ දිනවල මහා කස්සප රහතන් වහන්සේ රජගහ නුවර කඳු මුදුනක තිබුන ‘පුලිල’ කියන ගල් ලෙනේ වැඩ සිටියා. ඇතැම් දිනවලදී මහා කස්සප රහතන් වහන්සේ පිණ්ඩපාතයෙන් පසු සෙමෙන් සෙමෙන් ගල් කන්දට වඩිනවා. ගල් ලෙන තුළ වැඩ ඉන්නවා. තමන් වහන්සේ තුළ තිබෙන චුතූපපාත ඤාණයෙන් ලෝක සත්වයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත්, කර්මානුරූපව උපදින ආකාරයත්, නුවණින් විමසා බලනවා. මේ ලෝක සත්වයන්ගේ දුක් දොම්නස් ඉතාමත් පැහැදිලිව උන්වහන්සේට පෙනෙනවා.

එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩසිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දිනවල මහා කස්සප තෙරුන් වැඩ සිටින්නේ කොහේදැයි දිවැස් නුවණින් බලා වදාළා. ඒ වෙලාවෙ මහා කස්සප මහරහතන් වහන්සේ චුතූපපාත ඤාණයෙන් ලෝක සත්වයන් දෙස බල බලා සිටියා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යපයන් වහන්සේ වැඩ සිටිය තැනට ආලෝකයක් පතුරුවා හැරියා. මහා කස්සප තෙරුන් චුතූපපාත ඤාණයෙන් මිදිලා අර ආලෝකය දෙසට සිත යොමු කළා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ මහා කස්සපයන් වහන්සේ චුතූපපාත ඤාණයෙන් ලොව බැලීම ගැන ප්‍රශංසා කොට වදාළා. ”පින්වත් කස්සප, දැන් ඔබට මේ ජීවිතයේ යථා ස්වභාවය හොඳින් පේනවා. සත්වයන් දුක්ඛිත උපතක් කරා යන්නේ තම තමා විසින් කරන ලද කර්මයන්ට අනුවයි. ඒ වගේම සත්වයන් සුගතිය කරා යන්නෙත් තම තමා විසින් කරන ලද කර්මයන්ට අනුවයි. මේ නිසා මේ සත්වයන්ගේ සසර ගමනේ ඇති කර්මානුරූප ජීවිත යාත්‍රාවේ අවසානයක් පෙනෙන්නේ නෑ. ඔවුන් ප්‍රමාදය තුළ සිටීම නිසයි සසරෙන් එතෙර විය නොහැකිව දුක, ශෝකය පිරී ගිය ඉපදීම කරාම යන්නේ.” මහා කස්සපයන් වහන්සේට මෙලෙසින් ධර්ම කථාව පවත්වා වදාළ බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේදී මෙම ගාථා රත්නය වදාළා.

8. පමාදං අප්පමාදේන – යදා නූදති පණ්ඩිතෝ

පඤ්ඤා පාසාදමාරුය්හ - අසෝකෝ සෝකිනිං පජං

පබ්බතට්ඨෝව භුම්මට්ඨේ - ධීරෝ බාලේ අවෙක්ඛති

ප්‍රමාද බව දුරු කරමින් – නුවණැති පින්වතා ලොවේ

අප්‍රමාද බවෙන් යුතුව – ප්‍රාසාදය මුදුනට යයි

ප්‍රඥාවෙන් නිමවන ලද – ඒ මත හිඳිනා මුනිඳා

සෝක රහිත සිතින් යුතුව – බලයි සෝක පිරි ජනයා

කඳු මුදුනක සිටින කෙනෙක් – බිම සිටි අය බලන විලස

මහ නුවණැති මුනිවරයා – බලයි බාල ජනයා දෙස

පින්වතුනේ, පින්වත් දරුවනේ, ප්‍රමාදයත්, අප්රමාදයත් ගැන දැන් ඔබ දන්නවා. මෙම ගාථාවෙහි පණ්ඩිතයා කියන්නේ රහතන් වහන්සේටයි. නුවණින් යුතු කෙනාටයි. ඒ රහතන් වහන්සේ ප්‍රමාද බැහැර කළ අප්‍රමාදය තුළින් ජීවිතය ජය ගත් කෙනෙක්. උන්වහන්සේ ප්‍රාසාදයකට නගිනවා. ඒ ප්‍රාසාදය ප්‍රඥාවෙන් කරපු එකක්. ප්‍රඥාවෙන් කරන ලද ප්‍රාසාදය කියන්නේ චුතූපපාත ඤාණයටයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, සම්මා දිට්ඨියෙන් යුක්තව, සීලයෙහි පිහිටන නුවණැත්තා සමාධිය දියුණු කරනවා. ධ්‍යාන වඩනවා. ඊට පස්සේ ඒ තමන්ගේ දියුණු කරපු සිත, සියුම් කරන ලද සිත, නොවෙනස් වන පරිදි ධ්‍යානයෙන් පදම් කරන ලද සිත විශිෂ්ට වූ ඤාණයක් පිණිස යොමු කරනවා. එතකොට අභිඥා පහළ වෙනවා. ඒ අභිඥාවන්වලට පාදක වන්නේ සමාධිමත් සිතක උපදවා ගත් ප්රඥාවයි.

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උන්වහන්සේගේ ශ්‍රාවක වූ ඇතැම් රහතන් වහන්සේලා අභිඥා හයක් ලබාගෙන තිබෙනවා. එයට ‘ෂඞ් අභිඥා’ කියල කියනවා. එය අයිති වන්නේ ප්රඥාවටයි. එම අභිඥා හය මේවාය.

1. ඉද්ධිවිධ ඤාණය - මෙම ඤාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්රාතිහාර්ය පාන්න පුළුවන්. එනම්, ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනෙක් වුනත් මවන්න පුළුවන්. ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවන්. කාටවත් නොපෙනී යන්න පුළුවන්. බිත්ති, තාප්ප, කඳුවල නොවැදී ඒවා හරහට වුනත් ඉර්ධියෙන් යන්න පුළුවන්. ජලය මත ඇවිදගෙන යන්න පුළුවන්. ගංගාවක කිමිදී ගිලෙනවා වගේ මහ පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවෙන්න පුළුවන්. කුරුල්ලෙක් අහසේ පියාසර කරනවා වගේ භාවනා ඉරියව්වෙන් අහස පුරා යන්න පුළුවන්. මෙවැනි මහා පුදුම දේවල් කිරීමට දක්ෂතාවය ඇතිවෙන ඤාණයට කියන්නේ ඉද්ධිවිධ ඤාණය කියලයි.

2. දිබ්බසෝත ඤාණය - මේ කියන්නේ දිව්‍ය ශ්‍රවණය ඇති කරගැනීමයි. මෙම ඤාණය ලැබූ කෙනෙකුට ලෝකයෙහි මිනිසුන්ගේ කතා බහ පමණක් නොවෙයි දෙව්ලොව දෙවියන්ගේ කතා බහක් පවා ඇසීමේ හැකියාව ලැබෙනවා. දුර ළඟ භේදයක් නෑ. ඕනම දුරක කතා කරන දෙයක් ළඟ ඉන්නවා වගේ අහන්නට පුළුවන්. මෙම හැකියාව ඇති කරවන ඤාණය දිබ්බසෝත ඤාණයයි.

3. පරචිත්තවිජානන ඤාණය - මෙම ඤාණය ලැබූ කෙනෙකුට ඕනම කෙනෙක් සිතන දේ දැනගන්න පුළුවන්. සිතේ එක එක ස්වභාවයන් ඇතිවෙනවා. සමහර අවස්ථා වලදී ආසාව ඇතිවෙනවා. සමහර අවස්ථාවලදී ඒ ආසාව නෑ. සමහර විට තරහ ඇතිවෙනවා. සමහර විට ඒ තරහ නෑ. සමහර අවස්ථාවලදී සිත හැකිලෙනවා. වැඩකට යොදවන්නට බැහැ. එවිට නිදිමත හැදෙනවා. සමහර විට සිත විසිරෙනවා. එතකොටත් වැඩකට යොදවන්නට අමාරුයි. මෙවැනි නොයෙක් ආකාරයෙන් සිතේ ඇතිවෙන වෙනස්කම් මෙම ඤාණය ලැබූ කෙනාට එක් සැණින්ම දැනගන්න පුළුවන්. වෙන කෙනෙක් හිතන දේ, කල්පනා කරන දේ, සැලසුම් කරන දේ, මේ කෙනාට තේරෙන එක මෙම ඤාණයේ ඇති විශේෂත්වයයි.

4. පුබ්බේනිවාසානුස්සති ඤාණය - මෙම ඤාණය ලැබූ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවන්. තමන් සංසාරයේ කවර ආකාරයේ ජීවිත ගෙවා තිබෙනවාද, කවර ආකාරයේ කෑම බීම අනුභව කොට තිබෙනවාද, කවර ආකාරයේ සැප දුක් විඳ තිබෙනවාද කියල බලන්න පුළුවන්. යම් කෙනෙක් ගමකට යනවා. ඒ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ආපහු හැරිලා කලින් හිටිය ගමට එනවා. ඇවිදින් කල්පනා කරනවා. ”මම අසවල් ගමට ගියා. අසවල් අය මුණ ගැහුනා. අසවල් අසවල් කෑම කෑවා. අසවල් සැප දුක් ලැබුනා. ඊට පස්සේ මම එතනින් අසවල් ගමට ගියා. එතනදි අසවල් පුද්ගලයන් මුණගැසුනා. අසවල් දේවල් කෑවා. මේ මේ සැප දුක් වින්ඳා. එතනින් අසවල් තැනට ගියා. අසවල් තැනට ගියා. ආපහු මෙතනට ආවා” කියල සිතන්න පුළුවන්. මේක ඤාණයක්. මේ ඤාණයට පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ කියලා සිංහලෙන් කියනවා. සමහරුන්ට කල්ප ගණන් ආපස්සට දකින්නට පුළුවන්. සමහරුන්ට ජීවිත දෙතුන් දාහක් ආපස්සට දකින්න පුළුවන්. සමහරුන්ට ජීවිත ලක්ෂ ගණනක් ආපස්සට දකින්නට පුළුවන්. පුබ්බේනිවාසානුස්සති ඤාණය උපදවා ගැනීමෙන් තමයි මෙම හපන්කම කරන්නට පුළුවන් වන්නේ.

5. චුතූපපාත ඤාණය - මෙම ඤාණය ලැබූ කෙනෙකුට සත්වයන් චුත වෙන ආකාරය දකින්න පුළුවන්. ඒ චුත වූ සත්වයන් උපදින ආකාරයත් දකින්න පුළුවන්. සත්වයන් චුත වීමේදී ඒ ඒ කෙනා විසින් තම තමන්ගේ සිත, කය, වචනය මෙහෙයවා කරන ලද කර්මානුරූපව තමයි චුත වෙන්නෙ. ඔහු ජීවත්ව සිටියදී කරන ලද කර්මයන්ට අනුව ඔහුගේ විඤ්ඤාණය සකස් වෙනවා. ඒ කර්මානුරූපව සකස් වූ විඤ්ඤාණය තමයි චුත වෙන්නෙ. ඉතින් ඒ කර්මානුරූපව සකස් වුන විඤ්ඤාණය විපාක දීමට සුදුසු පරිසරය ඇති තැනකට යැවෙනවා. ඒ සිදුවන්නේ තනිකරම කර්මානුරූපවයි. භවය කියන්නේ ඒකටයි. ඒ භවයට අනුව ඒ විඤ්ඤාණය පිහිටලා නාමරූප වැඩෙනවා. සමහරු අණ්ඩජ යෝනියේ උපදිනවා. ඒ කියන්නේ බිත්තර ඇතුළෙ උපදිනවා. සමහරු ජලාබුජ යෝනියේ උපදිනවා. ඒ කියන්නේ මව්කුසේ උපදිනවා. ක්ෂීරපායී සතුන් බොහෝ දෙනෙක් උපදින්නේ මව්කුසේ. සමහරුන් සංසේදජ යෝනියේ උපදිනවා. ඒ කියන්නේ තෙත් පරිසරයේ උපදිනවා. සමහරුන් ඕපපාතිකව උපදිනවා. ඒ කියන්නේ කලින් කියූ යෝනි තුනෙන් තොරව උපදිනවා. කර්මානුරූපව පහළ වෙනවා. චුතූපපාත ඤාණය ලැබූ කෙනෙකුට මේ සෑම උප්පත්ති අවස්ථාවක්ම දැකගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළේ කඳු මුදුනකට නැගගත් කෙනෙක් පහළ තිබෙන ගම දෙස බලනව වගේ කියලයි. කෙනෙක් කඳු මුදුනකට නගිනවා. පහළ ගම දෙස බලනවා. ගමේ ඈතින් ඈත ගෙවල් තියෙනවා. සමහරු ගෙවල් ඇතුළෙ ඉන්නවා. සමහරු ඒ ගෙවල් වලින් පිටත් වෙනවා. සමහරු පාරෙ ඇවිදිනවා. චුතූපපාත ඤාණය ලැබූ කෙනා කන්ද උඩට නැගගත්ත කෙනා වගේ. ඔහු පහළ බලද්දී දකින දෙයට සමාන දෙයක් නුවණින් දකිනවා. ඒ සත්වයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත්, කර්මානුරූපව උපදින ආකාරයත්.

6. ආසවක්ඛය ඤාණය - මෙම ඤාණය ලැබූ කෙනාට තමයි රහතන් වහන්සේ කියන්නෙ. මේ ඤාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම තුළින්. ආස්‍රව කියන්නේ කෙලෙස්වලටයි. මෙම ආස්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තිබෙනවා. බැලූ බැල්මට පේන්නෙ නැහැ. නමුත් මෙම ආස්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මග සකස් වෙනවා. ආස්‍රව වර්ග තුනක් ගැන දේශනාවල සඳහන් වෙනවා. එනම්,

● කාම ආස්‍රව – කාමයන් පිළිබඳව ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දෙය.

● භව ආස්‍රව – විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දෙය.

● අවිජ්ජා ආස්‍රව – අනවබෝධය කරාම, ආර්ය සත්‍යය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තරව සකස් වී ඇති දෙය.

මෙම ආස්‍රවයන් සම්පූර්ණයෙන්ම නැතිවීම ආසවක්ඛය ඤාණයයි. ඒ ඤාණය ගැනත් බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළා. එනම්, කන්දක් තිබෙනවා. එම කන්ද මුදුනේ පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර ඉතාමත් පැහැදිලියි. ඇස් පෙනෙන කෙනෙක් කඳු මුදුනට නගිනවා. අර පොකුණ දෙස බලනවා. එතකොට ඔහුට ඉතාම හොඳින් පෑදී ඇති ජලය ඇති ඒ පොකුණේ ඇති සෑම දෙයක්ම පෙනෙනවා. ඒ කියන්නේ පොකුණේ අඩිය පෙනෙනවා. පිහිනන මසුන් පෙනෙනවා. කැට කැබිලිති පෙනෙනවා. සෑම දෙයක්ම පෙනෙනවා. ඒ වගේ ආසවක්ඛය ඤාණය ලබන කෙනාට ආස්‍රවයන් තම සිතේ පවතින ආකාරය පෙනෙනවා. එම ආස්‍රවයන් හටගැනීමට හේතු වන කරුණුත් පෙනෙනවා. එම ආස්‍රවයන් නැතිවීමත් පෙනෙනවා. ඒ සඳහා ප්‍රඥාව දියුණු කරන ආකාරයත් පෙනෙනවා. එතකොට ක්‍රම ක්‍රමයෙන් ඒ ආස්‍රවයන් ගෙවිලා යනවා. නැතිවෙලා යනවා. ප්‍රඥාව දියුණු කිරීමෙන්ම ආස්‍රවයන් සකස් වෙන හේතුව ප්රහාණය වෙනවා. ආස්‍රවයන් ක්ෂය වුණාට පස්සෙ, ආස්‍රවයන් ක්ෂය වී ගිය බව දකිනවා. එය ආසවක්ඛය ඤාණයයි.

මෙම ඤාණයන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට සාමාන්‍ය ජීවිතය තුළදී ලැබීම අතිශයින්ම දුෂ්කරයි. සිදුවිය නොහැකි දෙයක්. නමුත් යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කළොත්, අන්න ඒ තැනැත්තා පමණක් මෙම විශේෂ ඤාණය ලබාගැනීමට සමර්ථ වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙම විශිෂ්ට වූ ඤාණයන් ගැන හඳුන්වා දෙන්නේ විද්‍යාව යනුවෙනි. එම විද්‍යාව තුළ අතීත ජීවිත දකිනා නුවණ ඇතුළත් වෙනවා. එය හඳුන්වන්නේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය නමින්. කර්මානුරූපව සත්වයන් චුත වෙන උපදින ආකාරය දකිනා නුවණ චුතූපපාත ඤාණය නමින් හඳුන්වනවා. කෙලෙස් ප්රහාණය වන ආකාරයට දක්නා නුවණ ආසවක්ඛය ඤාණය නමින් හඳුන්වනවා. මෙම ඤාණ තුන බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දුන්නේ ත්‍රිවිද්‍යාව වශයෙනි. යම් කෙනෙකුට මෙම ත්‍රිවිද්‍යාව උපදවා ගත හැකි නම් ඔහු අවබෝධය සම්පූර්ණ කළ කෙනෙක් බවට පත්වෙනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

[QUOTE="KPZ, post: 16659697, member: 351617"] [SIZE=3][COLOR=Teal]මහා කස්සප මහ රහතන් වහන්සේ මේ ගෞතම බුදු සසුන ආලෝකවත් කළ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ රූපයත් රන්වන් පාටයි. සමහරුන්ට එක්වරම බුදුරජාණන් වහන්සේගේ රූපයත් මහා කස්සප තෙරුන් වහන්සේගේ රූපයත් වෙන් කොට හඳුනාගන්නට බැරුව යනවා. ඒ තරම්ම ලස්සනයි.[/COLOR][/SIZE][COLOR=Teal] [SIZE=3][IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/05/2_5.jpg[/IMG][/SIZE] [SIZE=3]මහා කස්සප මහරහතන් වහන්සේ නිතර හුදකලාවේ වැඩසිටියේ. පිරිස් පරිහරණයට කැමැත්තක් තිබුනෙ නෑ. තමන්ගේ පාඩුවේ වැඩසිටියා. කෙලෙස් තවන ගුණධර්ම රාශියක් උන්වහන්සේ තුළ තිබුනා. එනිසාම මහා කස්සප රහතන් වහන්සේ ධුතාංගධාරීන් අතර අග්‍ර වුනා. උන්වහන්සේ තුන් සිවුරෙන් ජීවත් වුනා. පාංශුකූල චීවරයෙන් සතුටු වුනා. පිණ්ඩපාතයෙන් සතුටු වුනා. මහා වනාන්තරයේ වැඩසිටියා. මෙවැනි ධුතාංග ගුණ රාශියක් උන්වහන්සේ තුළ තිබුනා. මහා කස්සප මහරහතන් වහන්සේ ගැන දෙවිවරුන් ඉතාමත් සතුටට පත්වුනා. උන්වහන්සේට දෙවිවරුන් මහත් ආදරයක් දැක්වූවා. ඇතැම් අවස්ථාවලදී මිනිස් වෙස් ගෙන දෙවිවරුන් උන්වහන්සේට උපස්ථාන කළා. ඇතැම් අවස්ථාවන් හීදී මිනිස් වෙස් ගත් දෙවිවරුන් උන්වහන්සේට දන් පැන් පූජා කළා.[/SIZE] [SIZE=3]මේ දිනවල මහා කස්සප රහතන් වහන්සේ රජගහ නුවර කඳු මුදුනක තිබුන [B]‘පුලිල’[/B] කියන ගල් ලෙනේ වැඩ සිටියා. ඇතැම් දිනවලදී මහා කස්සප රහතන් වහන්සේ පිණ්ඩපාතයෙන් පසු සෙමෙන් සෙමෙන් ගල් කන්දට වඩිනවා. ගල් ලෙන තුළ වැඩ ඉන්නවා. තමන් වහන්සේ තුළ තිබෙන චුතූපපාත ඤාණයෙන් ලෝක සත්වයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත්, කර්මානුරූපව උපදින ආකාරයත්, නුවණින් විමසා බලනවා. මේ ලෝක සත්වයන්ගේ දුක් දොම්නස් ඉතාමත් පැහැදිලිව උන්වහන්සේට පෙනෙනවා.[/SIZE] [SIZE=3]එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩසිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දිනවල මහා කස්සප තෙරුන් වැඩ සිටින්නේ කොහේදැයි දිවැස් නුවණින් බලා වදාළා. ඒ වෙලාවෙ මහා කස්සප මහරහතන් වහන්සේ චුතූපපාත ඤාණයෙන් ලෝක සත්වයන් දෙස බල බලා සිටියා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යපයන් වහන්සේ වැඩ සිටිය තැනට ආලෝකයක් පතුරුවා හැරියා. මහා කස්සප තෙරුන් චුතූපපාත ඤාණයෙන් මිදිලා අර ආලෝකය දෙසට සිත යොමු කළා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ මහා කස්සපයන් වහන්සේ චුතූපපාත ඤාණයෙන් ලොව බැලීම ගැන ප්‍රශංසා කොට වදාළා. ”පින්වත් කස්සප, දැන් ඔබට මේ ජීවිතයේ යථා ස්වභාවය හොඳින් පේනවා. සත්වයන් දුක්ඛිත උපතක් කරා යන්නේ තම තමා විසින් කරන ලද කර්මයන්ට අනුවයි. ඒ වගේම සත්වයන් සුගතිය කරා යන්නෙත් තම තමා විසින් කරන ලද කර්මයන්ට අනුවයි. මේ නිසා මේ සත්වයන්ගේ සසර ගමනේ ඇති කර්මානුරූප ජීවිත යාත්‍රාවේ අවසානයක් පෙනෙන්නේ නෑ. ඔවුන් ප්‍රමාදය තුළ සිටීම නිසයි සසරෙන් එතෙර විය නොහැකිව දුක, ශෝකය පිරී ගිය ඉපදීම කරාම යන්නේ.” මහා කස්සපයන් වහන්සේට මෙලෙසින් ධර්ම කථාව පවත්වා වදාළ බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේදී මෙම ගාථා රත්නය වදාළා.[/SIZE] [SIZE=3][B] [COLOR=DarkRed]8. පමාදං අප්පමාදේන – යදා නූදති පණ්ඩිතෝ[/COLOR][/B][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=3][B] පඤ්ඤා පාසාදමාරුය්හ - අසෝකෝ සෝකිනිං පජං[/B] [/SIZE] [SIZE=3][B] පබ්බතට්ඨෝව භුම්මට්ඨේ - ධීරෝ බාලේ අවෙක්ඛති [/B][/SIZE] [SIZE=3][I]ප්‍රමාද බව දුරු කරමින් – නුවණැති පින්වතා ලොවේ[/I] [/SIZE] [SIZE=3][I] අප්‍රමාද බවෙන් යුතුව – ප්‍රාසාදය මුදුනට යයි[/I] [/SIZE] [SIZE=3][I] ප්‍රඥාවෙන් නිමවන ලද – ඒ මත හිඳිනා මුනිඳා[/I] [/SIZE] [SIZE=3][I] සෝක රහිත සිතින් යුතුව – බලයි සෝක පිරි ජනයා[/I] [/SIZE] [SIZE=3][I] කඳු මුදුනක සිටින කෙනෙක් – බිම සිටි අය බලන විලස[/I] [/SIZE] [/COLOR][SIZE=3][I][COLOR=DarkRed] මහ නුවණැති මුනිවරයා – බලයි බාල ජනයා දෙස [/COLOR] [/I][/SIZE] [SIZE=3]පින්වතුනේ, පින්වත් දරුවනේ, ප්‍රමාදයත්, අප්රමාදයත් ගැන දැන් ඔබ දන්නවා. මෙම ගාථාවෙහි පණ්ඩිතයා කියන්නේ රහතන් වහන්සේටයි. නුවණින් යුතු කෙනාටයි. ඒ රහතන් වහන්සේ ප්‍රමාද බැහැර කළ අප්‍රමාදය තුළින් ජීවිතය ජය ගත් කෙනෙක්. උන්වහන්සේ ප්‍රාසාදයකට නගිනවා. ඒ ප්‍රාසාදය ප්‍රඥාවෙන් කරපු එකක්. ප්‍රඥාවෙන් කරන ලද ප්‍රාසාදය කියන්නේ චුතූපපාත ඤාණයටයි.[/SIZE] [SIZE=3]පින්වතුනේ, පින්වත් දරුවනේ, සම්මා දිට්ඨියෙන් යුක්තව, සීලයෙහි පිහිටන නුවණැත්තා සමාධිය දියුණු කරනවා. ධ්‍යාන වඩනවා. ඊට පස්සේ ඒ තමන්ගේ දියුණු කරපු සිත, සියුම් කරන ලද සිත, නොවෙනස් වන පරිදි ධ්‍යානයෙන් පදම් කරන ලද සිත විශිෂ්ට වූ ඤාණයක් පිණිස යොමු කරනවා. එතකොට අභිඥා පහළ වෙනවා. ඒ අභිඥාවන්වලට පාදක වන්නේ සමාධිමත් සිතක උපදවා ගත් ප්රඥාවයි.[/SIZE] [SIZE=3]බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උන්වහන්සේගේ ශ්‍රාවක වූ ඇතැම් රහතන් වහන්සේලා අභිඥා හයක් ලබාගෙන තිබෙනවා. එයට [COLOR=DarkRed][B]‘ෂඞ් අභිඥා’[/B][/COLOR] කියල කියනවා. එය අයිති වන්නේ ප්රඥාවටයි. එම අභිඥා හය මේවාය.[/SIZE] [SIZE=3][B] [COLOR=DarkRed]1. ඉද්ධිවිධ ඤාණය [/COLOR]-[/B] මෙම ඤාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්රාතිහාර්ය පාන්න පුළුවන්. එනම්, ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනෙක් වුනත් මවන්න පුළුවන්. ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවන්. කාටවත් නොපෙනී යන්න පුළුවන්. බිත්ති, තාප්ප, කඳුවල නොවැදී ඒවා හරහට වුනත් ඉර්ධියෙන් යන්න පුළුවන්. ජලය මත ඇවිදගෙන යන්න පුළුවන්. ගංගාවක කිමිදී ගිලෙනවා වගේ මහ පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවෙන්න පුළුවන්. කුරුල්ලෙක් අහසේ පියාසර කරනවා වගේ භාවනා ඉරියව්වෙන් අහස පුරා යන්න පුළුවන්. මෙවැනි මහා පුදුම දේවල් කිරීමට දක්ෂතාවය ඇතිවෙන ඤාණයට කියන්නේ ඉද්ධිවිධ ඤාණය කියලයි.[/SIZE] [SIZE=3][B] [COLOR=DarkRed]2. දිබ්බසෝත ඤාණය[/COLOR] -[/B] මේ කියන්නේ දිව්‍ය ශ්‍රවණය ඇති කරගැනීමයි. මෙම ඤාණය ලැබූ කෙනෙකුට ලෝකයෙහි මිනිසුන්ගේ කතා බහ පමණක් නොවෙයි දෙව්ලොව දෙවියන්ගේ කතා බහක් පවා ඇසීමේ හැකියාව ලැබෙනවා. දුර ළඟ භේදයක් නෑ. ඕනම දුරක කතා කරන දෙයක් ළඟ ඉන්නවා වගේ අහන්නට පුළුවන්. මෙම හැකියාව ඇති කරවන ඤාණය දිබ්බසෝත ඤාණයයි.[/SIZE] [SIZE=3][B] [COLOR=DarkRed]3. පරචිත්තවිජානන ඤාණය[/COLOR] -[/B] මෙම ඤාණය ලැබූ කෙනෙකුට ඕනම කෙනෙක් සිතන දේ දැනගන්න පුළුවන්. සිතේ එක එක ස්වභාවයන් ඇතිවෙනවා. සමහර අවස්ථා වලදී ආසාව ඇතිවෙනවා. සමහර අවස්ථාවලදී ඒ ආසාව නෑ. සමහර විට තරහ ඇතිවෙනවා. සමහර විට ඒ තරහ නෑ. සමහර අවස්ථාවලදී සිත හැකිලෙනවා. වැඩකට යොදවන්නට බැහැ. එවිට නිදිමත හැදෙනවා. සමහර විට සිත විසිරෙනවා. එතකොටත් වැඩකට යොදවන්නට අමාරුයි. මෙවැනි නොයෙක් ආකාරයෙන් සිතේ ඇතිවෙන වෙනස්කම් මෙම ඤාණය ලැබූ කෙනාට එක් සැණින්ම දැනගන්න පුළුවන්. වෙන කෙනෙක් හිතන දේ, කල්පනා කරන දේ, සැලසුම් කරන දේ, මේ කෙනාට තේරෙන එක මෙම ඤාණයේ ඇති විශේෂත්වයයි.[/SIZE] [SIZE=3][B] [COLOR=DarkRed]4. පුබ්බේනිවාසානුස්සති ඤාණය[/COLOR] -[/B] මෙම ඤාණය ලැබූ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවන්. තමන් සංසාරයේ කවර ආකාරයේ ජීවිත ගෙවා තිබෙනවාද, කවර ආකාරයේ කෑම බීම අනුභව කොට තිබෙනවාද, කවර ආකාරයේ සැප දුක් විඳ තිබෙනවාද කියල බලන්න පුළුවන්. යම් කෙනෙක් ගමකට යනවා. ඒ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ආපහු හැරිලා කලින් හිටිය ගමට එනවා. ඇවිදින් කල්පනා කරනවා. [B]”මම අසවල් ගමට ගියා. අසවල් අය මුණ ගැහුනා. අසවල් අසවල් කෑම කෑවා. අසවල් සැප දුක් ලැබුනා. ඊට පස්සේ මම එතනින් අසවල් ගමට ගියා. එතනදි අසවල් පුද්ගලයන් මුණගැසුනා. අසවල් දේවල් කෑවා. මේ මේ සැප දුක් වින්ඳා. එතනින් අසවල් තැනට ගියා. අසවල් තැනට ගියා. ආපහු මෙතනට ආවා”[/B] කියල සිතන්න පුළුවන්. මේක ඤාණයක්. මේ ඤාණයට පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ කියලා සිංහලෙන් කියනවා. සමහරුන්ට කල්ප ගණන් ආපස්සට දකින්නට පුළුවන්. සමහරුන්ට ජීවිත දෙතුන් දාහක් ආපස්සට දකින්න පුළුවන්. සමහරුන්ට ජීවිත ලක්ෂ ගණනක් ආපස්සට දකින්නට පුළුවන්. පුබ්බේනිවාසානුස්සති ඤාණය උපදවා ගැනීමෙන් තමයි මෙම හපන්කම කරන්නට පුළුවන් වන්නේ.[/SIZE] [SIZE=3][B] [COLOR=DarkRed]5. චුතූපපාත ඤාණය[/COLOR] -[/B] මෙම ඤාණය ලැබූ කෙනෙකුට සත්වයන් චුත වෙන ආකාරය දකින්න පුළුවන්. ඒ චුත වූ සත්වයන් උපදින ආකාරයත් දකින්න පුළුවන්. සත්වයන් චුත වීමේදී ඒ ඒ කෙනා විසින් තම තමන්ගේ සිත, කය, වචනය මෙහෙයවා කරන ලද කර්මානුරූපව තමයි චුත වෙන්නෙ. ඔහු ජීවත්ව සිටියදී කරන ලද කර්මයන්ට අනුව ඔහුගේ විඤ්ඤාණය සකස් වෙනවා. ඒ කර්මානුරූපව සකස් වූ විඤ්ඤාණය තමයි චුත වෙන්නෙ. ඉතින් ඒ කර්මානුරූපව සකස් වුන විඤ්ඤාණය විපාක දීමට සුදුසු පරිසරය ඇති තැනකට යැවෙනවා. ඒ සිදුවන්නේ තනිකරම කර්මානුරූපවයි. භවය කියන්නේ ඒකටයි. ඒ භවයට අනුව ඒ විඤ්ඤාණය පිහිටලා නාමරූප වැඩෙනවා. සමහරු අණ්ඩජ යෝනියේ උපදිනවා. ඒ කියන්නේ බිත්තර ඇතුළෙ උපදිනවා. සමහරු ජලාබුජ යෝනියේ උපදිනවා. ඒ කියන්නේ මව්කුසේ උපදිනවා. ක්ෂීරපායී සතුන් බොහෝ දෙනෙක් උපදින්නේ මව්කුසේ. සමහරුන් සංසේදජ යෝනියේ උපදිනවා. ඒ කියන්නේ තෙත් පරිසරයේ උපදිනවා. සමහරුන් ඕපපාතිකව උපදිනවා. ඒ කියන්නේ කලින් කියූ යෝනි තුනෙන් තොරව උපදිනවා. කර්මානුරූපව පහළ වෙනවා. චුතූපපාත ඤාණය ලැබූ කෙනෙකුට මේ සෑම උප්පත්ති අවස්ථාවක්ම දැකගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළේ කඳු මුදුනකට නැගගත් කෙනෙක් පහළ තිබෙන ගම දෙස බලනව වගේ කියලයි. කෙනෙක් කඳු මුදුනකට නගිනවා. පහළ ගම දෙස බලනවා. ගමේ ඈතින් ඈත ගෙවල් තියෙනවා. සමහරු ගෙවල් ඇතුළෙ ඉන්නවා. සමහරු ඒ ගෙවල් වලින් පිටත් වෙනවා. සමහරු පාරෙ ඇවිදිනවා. චුතූපපාත ඤාණය ලැබූ කෙනා කන්ද උඩට නැගගත්ත කෙනා වගේ. ඔහු පහළ බලද්දී දකින දෙයට සමාන දෙයක් නුවණින් දකිනවා. ඒ සත්වයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත්, කර්මානුරූපව උපදින ආකාරයත්.[/SIZE] [SIZE=3][B] [COLOR=DarkRed]6. ආසවක්ඛය ඤාණය[/COLOR] -[/B] මෙම ඤාණය ලැබූ කෙනාට තමයි රහතන් වහන්සේ කියන්නෙ. මේ ඤාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම තුළින්. ආස්‍රව කියන්නේ කෙලෙස්වලටයි. මෙම ආස්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තිබෙනවා. බැලූ බැල්මට පේන්නෙ නැහැ. නමුත් මෙම ආස්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මග සකස් වෙනවා. ආස්‍රව වර්ග තුනක් ගැන දේශනාවල සඳහන් වෙනවා. එනම්,[/SIZE] [SIZE=3] [COLOR=DarkRed]● [B]කාම ආස්‍රව[/B][/COLOR] – කාමයන් පිළිබඳව ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දෙය. [/SIZE] [SIZE=3] [COLOR=DarkRed]● [B]භව ආස්‍රව[/B][/COLOR] – විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දෙය. [/SIZE] [SIZE=3] [COLOR=DarkRed]● [B]අවිජ්ජා ආස්‍රව[/B][/COLOR] – අනවබෝධය කරාම, ආර්ය සත්‍යය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තරව සකස් වී ඇති දෙය.[/SIZE] [SIZE=3]මෙම ආස්‍රවයන් සම්පූර්ණයෙන්ම නැතිවීම ආසවක්ඛය ඤාණයයි. ඒ ඤාණය ගැනත් බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළා. එනම්, කන්දක් තිබෙනවා. එම කන්ද මුදුනේ පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර ඉතාමත් පැහැදිලියි. ඇස් පෙනෙන කෙනෙක් කඳු මුදුනට නගිනවා. අර පොකුණ දෙස බලනවා. එතකොට ඔහුට ඉතාම හොඳින් පෑදී ඇති ජලය ඇති ඒ පොකුණේ ඇති සෑම දෙයක්ම පෙනෙනවා. ඒ කියන්නේ පොකුණේ අඩිය පෙනෙනවා. පිහිනන මසුන් පෙනෙනවා. කැට කැබිලිති පෙනෙනවා. සෑම දෙයක්ම පෙනෙනවා. ඒ වගේ ආසවක්ඛය ඤාණය ලබන කෙනාට ආස්‍රවයන් තම සිතේ පවතින ආකාරය පෙනෙනවා. එම ආස්‍රවයන් හටගැනීමට හේතු වන කරුණුත් පෙනෙනවා. එම ආස්‍රවයන් නැතිවීමත් පෙනෙනවා. ඒ සඳහා ප්‍රඥාව දියුණු කරන ආකාරයත් පෙනෙනවා. එතකොට ක්‍රම ක්‍රමයෙන් ඒ ආස්‍රවයන් ගෙවිලා යනවා. නැතිවෙලා යනවා. ප්‍රඥාව දියුණු කිරීමෙන්ම ආස්‍රවයන් සකස් වෙන හේතුව ප්රහාණය වෙනවා. ආස්‍රවයන් ක්ෂය වුණාට පස්සෙ, ආස්‍රවයන් ක්ෂය වී ගිය බව දකිනවා. එය ආසවක්ඛය ඤාණයයි.[/SIZE] [SIZE=3]මෙම ඤාණයන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට සාමාන්‍ය ජීවිතය තුළදී ලැබීම අතිශයින්ම දුෂ්කරයි. සිදුවිය නොහැකි දෙයක්. නමුත් යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කළොත්, අන්න ඒ තැනැත්තා පමණක් මෙම විශේෂ ඤාණය ලබාගැනීමට සමර්ථ වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙම විශිෂ්ට වූ ඤාණයන් ගැන හඳුන්වා දෙන්නේ විද්‍යාව යනුවෙනි. එම විද්‍යාව තුළ අතීත ජීවිත දකිනා නුවණ ඇතුළත් වෙනවා. එය හඳුන්වන්නේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය නමින්. කර්මානුරූපව සත්වයන් චුත වෙන උපදින ආකාරය දකිනා නුවණ චුතූපපාත ඤාණය නමින් හඳුන්වනවා. කෙලෙස් ප්රහාණය වන ආකාරයට දක්නා නුවණ ආසවක්ඛය ඤාණය නමින් හඳුන්වනවා. මෙම ඤාණ තුන බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දුන්නේ ත්‍රිවිද්‍යාව වශයෙනි. යම් කෙනෙකුට මෙම ත්‍රිවිද්‍යාව උපදවා ගත හැකි නම් ඔහු අවබෝධය සම්පූර්ණ කළ කෙනෙක් බවට පත්වෙනවා.[/SIZE] [/COLOR][RIGHT][COLOR=Teal] [SIZE=3] [COLOR=DarkOrange][I]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ![/I][/COLOR][/SIZE][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom