Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සන බෞද්ධ කතාවක්

අපගේ ශාස්තෘන් වහන්සේ ගෙවුණු අතීතයෙහි සැඟවී ගිය අසිරිමත් මුනිවරුන්ගේ චරිතාපදානයන් පෙළගස්වා වදාරද්දී නැවත වතාවක් අපට පසේබුදුවරයන් වහන්සේ නමකගේ තොරතුරක් මුණ ගැසෙනවා. පසේබුදුවරුන් ද නිතර පහළ වන්නේ නෑ. උන්වහන්සේලා පවා පහළවන්නේ ඉතාමත්ම කලාතුරකින්. දෙඅසංඛෙය්ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා භව ගමන නිමා කරන පසේබුදුවරුන්ගේ ජීවිත බාහිර ලෝකයන්ට හඳුනාගැනීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. එනිසාම පසේබුදුවරුන්ට අපහාස කොට, ගරහා, හිරිහැර කොට, ඇතැම් විට උන්වහන්සේලාව ඝාතනය කොට නිරයට ගිය ඇතැම් අවාසනාවන්ත පුද්ගලයන් ගැන පවා බුදුරජාණන් වහන්සේ හෙලිදරව් කොට තිබෙනවා.

තනි තනිවම ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ඒ පසේබුදුවරයන් වහන්සේලා ගැන අපට සිත පහදවා ගත හැකිව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ පවසා වදාළ නිසාය. බුද්ධ ශූන්‍ය කල්පවල පවා පසේබුදුවරුන්ගේ තොරතුරු සුලභ නොවේ. බුද්ධ කල්පය පහළ වෙන්නට පෙරාතුව හෙවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නට කලිනුයි පසේබුදුවරුන්ගේ යුගය ඇතිවන්නේ. මෙය ලෝකයේ පවතින සුවිශේෂී ධර්මතාවක්.

අනන්ත සසර පුරාවට විමුක්තිය උදෙසා කෙනෙක් කරනු ලබන අසාමාන්‍ය කැපවීමක ප්‍රතිඵලයක් වශයෙනුයි මෙය හැඳින්විය හැක්කේ. අද අපි කතා කරන්නේ පසේබුදුවරයන් වහන්සේලා තුන් නමක් පිළිබඳවයි.

මිනිස් ආයුෂ වසර විසිදහසක් පැවති යුගයේදී තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ. එකල බුදු සසුනේ පැවිදි වූ ශ්රාවකයින්ද විසි දහසක් අවුරුදු පිළිවෙත් පුරමින් ධර්මයේ හැසිරුණා. එම කාශ්‍යප බුද්ධ ශාසනයෙහි අපූරු යහළුවන් තිදෙනෙක් පැවිදි වුණා. මේ තිදෙනා ඉතාමත්ම සමඟි සම්පන්නයි. පිළිවෙත් සරුයි. ගුණදහමට නැඹුරුයි. මේ සොඳුරු ශ්රමණයන් වහන්සේලා තුන්නම ඉතාමත් සතුටින් ‘ගතපච්චාගත’ නම් වතක් පුරුදු කළා.

ගතපච්චාගත වත පිරීමේදී ඒ සඳහා බලවත්ව සිහිනුවණ පුරුදු කළ යුතුයි. පිඬු සිඟා වඩින විටත්, පෙරළා කුටියට වඩින විටත් නොවෙනස්ව භාවනා අරමුණෙහි සිහිය පවත්වා ගැනීම ගතපච්චාගත වතෙහි ඇති සුවිශේෂී බවයි. එනම් භාවනානුයෝගී එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ගතපච්චාගත වත පුරන කෙනෙක්. එය කරන්නේ මෙහෙමයි. දැන් උන්වහන්සේට පිඬු සිඟා වඩින්නට වෙලාව පැමිණෙනවා. එවිට මනා සිහි නුවණින් යුතුව ප්රත්යවෙක්ෂා කරමින් අඳනය අඳිනවා. ඉණ පටිය බඳිනවා. තනිපට සිවුර පොරවනවා. සඟල සිවුර පොරවනවා. පාත්‍රය සෝදා ප්රත්යවෙක්ෂා කරමින් දෝතට ගන්නවා. කුටියෙන් එළියට වඩින්නට පෙර භාවනා අරමුණ සළකා ගන්නවා. එය මෛත්‍රී භාවනාව හෝ අසුභ භාවනාව හෝ බුද්ධානුස්සති භාවනාව හෝ අනිත්‍යානුපස්සනාව හෝ විය හැකියි. එම භාවනාව සිහි කරමින් කුටියෙන් එළියට පළමු පියවර තබනවා. ඒ මොහොතේ සිට උන්වහන්සේ කරන්නේ බාහිර අරමුණකට සිත විසිරෙන්නට නොදී අර භාවනාවෙහිම සිහිය රඳවා ගැනීමයි.

එසේ පිඬු සිඟා වඩිද්දී මංමාවත්වල විවිධාකාර සතුන් මුණගැසෙනවා. මිනිසුන් මුණගැසෙනවා. කුඩා දරුවන් මුණගැසෙනවා. යානවාහන මුණගැසෙනවා. ඇතැම් විට නොයෙක් කලකෝලාහල, නැටුම්, ගැයුම්, වැයුම් ආදී අරමුණු මෙන්ම සිතෙහි කෙලෙස් ඇවිස්සෙන අරමුණු ද මුණගැහෙනවා. ඒ කිසිවකට තම සිත යා නොදී කුටියෙන් එළියට වඩිද්දී සිහි කළ අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි.

පිඬු සිඟා වඩිද්දී නොයෙක් අයුරේ ආහාරපාන ලැබෙනවා. පිළුණු දේ ලැබෙනවා. වියළි දේ ලැබෙනවා. දියර දේ ලැබෙනවා. ඉතා ප්‍රණීත සුවඳින් යුතු දේ ද ලැබෙනවා. ඒ කිසිවකටත් නොගැටී, නොඇලී අර පටන් ගත් භාවනා අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි.

මේ අයුරින් කුටියෙන් පිටතට වඩිද්දී සිහි කරන ලද්දේ යම් භාවනා අරමුණක් ද, ඒ අරමුණ නොවෙනස්ව පවත්වා ගනිමින් පෙරළා කුටියට පැමිණ තමන් එළියට වඩිද්දී පය තැබූ තැනම පය තබා සිහිය සම්පූර්ණ කිරීම ගතපච්චාගත වතයි.

මෙය කියන, ලියන පමණින් කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. ඇතැම්විට ඉතා උනන්දුවෙන් භාවනා අරමුණ සිහියට ගෙන මෙනෙහි කරමින් පිටත් වෙනවා. ටික දුරක් යද්දී කිසියම් දායකයෙක් ඒ භික්ෂුව සමඟ කතා කරනවා. අර භික්ෂුවත් ඒ කතාවට පැටලෙනවා. භාවනා අරමුණ ගිලිහී යනවා. ඉන්පසු කරන්නේ නැවත බාහිර අරමුණු සමඟ එක්වීමයි. කමටහන අමතක වෙනවා. පෙරළා පැමිණෙද්දී ඇතැම්විට සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. එවිට ගතපච්චාගත වත සම්පූර්ණ වන්නේ නෑ.

තව කෙනෙකුට මෙහෙම වෙනවා. භාවනා අරමුණකින් තොරව පිණ්ඩපාතයේ වඩිනවා. පෙරලා කුටියට වඩිද්දී භාවනා අරමුණ මතක් වෙනවා. ‘බාහිර අරමුණුවලට විසිරුණු සිතින් පිඬු සිඟා ගිය මං දැන්වත් සිහි නුවණින් ආපසු වැඩිය යුතු යැ’යි සිතා කමටහනට සිත යොමු කරනවා. එබඳු ක්‍රමයකින් ගතපච්චාගත වත සම්පූර්ණ වන්නේ නෑ.

යම් කෙනෙක් මුලින් කියූ ආකාරයෙන් ගතපච්චාගත වත සම්පූර්ණ කරත් නම් ඒ තැනැත්තා අද්භූත වූ පිනක් රැස් කරගන්නවා. ඒ තැනැත්තාගේ විමුක්ති සාධනය පිණිස තමාව මෙහෙයවන අදිසි බලවේගය බවට පත්වන්නේ එසේ රැස් කරගත් පිනයි.

ඉතින් කසුප් බුදු සසුනෙහි පැවිදි වූ මේ තිදෙනා වහන්සේ ඉතාමත් ඕනෑකමින් යුතුව ගතපච්චාගත වත සම්පූර්ණ කළා. සමථ විදර්ශනා භාවනා ධර්මයන්හි යෙදුණා. කසුප් බුදු සසුනෙන් මඟපල ලබන්නට මේ තිදෙනාටම අවස්ථාව නැතිවුණා. නමුත් මුන්වහන්සේලා ගතපච්චාගත වත පුරමින් ගත කළ සසුන් ජීවිතය කිසිසේත් අපතේ ගියේ නෑ. තිදෙනා වහන්සේම දෙව්ලොව උපන්නා.

කාශ්‍යප බුද්ධ ශාසනය ක්‍රමක්‍රමයෙන් අතුරුදහන්ව ගියා. බුදු කෙනෙකුගේ ධර්මය නොඇසී ගියා. ආර්ය සත්‍යාවබෝධය පිළිබඳ කථාව නාමමාත්රයකින් හෝ ඉතුරු නොවී අතුරුදහන්ව ගියා. මිනිසුන්ගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් අඩුවුණා. අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වන්නට පෙරාතුව එක්තරා සොඳුරු යුගයක් ලොව උදාවුණා. එනම් පසේබුදුවරුන්ගේ යුගයයි. ඒ පසේබුදුවරුන්ගේ යුගයේදී දෙව්ලොව ඉපිද සිටි අර ශ්රමණයන් වහන්සේලා අතරින් වැඩිමහලූ තැනැත්තා බරණැස් නුවර රජ කුලයේ උපන්නා. අනිත් දෙදෙනා ඈත පිටිසර ප්‍රාදේශීය රජකුලවල උපන්නා.

ප්‍රාදේශීය රජකුලවල උපන් අර කුමාරවරු දෙදෙනා ශිල්ප ශාලාවෙහිදී අඹයහළුවන් බවට පත්වුණා. ඔවුන්ගේ මිත්‍රත්වය ඉතාමත් පි‍්‍රයශීලී දෙයක් වුණා. රජවරුන් බවට පත් වූ පසුත් ඒ දෙදෙනාගේ මිත්‍රත්වය නොවෙනස්ව පැවතුණා. මේ රජවරු දෙදෙනා වරින්වර මුණගැසෙනවා. සාමාන්‍යයෙන් රජවරුන් මුණගැසෙද්දී කෙරෙන්නේ නෘත්‍ය සංදර්ශන පැවැත්වීමයි. නැතහොත් මධුපානෝත්සව පැවැත්වීමයි. අන්තඃපුරාංගනාවන් සේවනය කිරීමයි. නැතහොත් දඩයමේ යාමයි. නමුත් මේ රජවරු දෙදෙනා අර සියලූ රජවරුන්ගෙන් වෙන්ව කැපී පෙනෙනවා. මේ දෙදෙනා එකතු වූ විට භාවනා කරනවා. මෙසේ භාවනා කරගෙන යද්දී දෙදෙනා තුළම ටිකෙන් ටික චිත්ත සමාධිය වැඩුණා.

”ප්‍රිය මිත්රයාණෙනි, අපගේ මේ රාජකීය ජීවිතය මට වැටහෙන්නේ ඉතා නිසරු දෙයක් බවයි. මොහොතක් බලනු මැනැව. බොහෝවිට සෑම රජ කෙනෙක්ම මේ රජකම ලබන්නේ උපතින් ලැබෙන දායාදයක් ලෙසයි. නමුත් මේ රජකම ලැබූ විට ඔවුන් තමන්ගේ කාමභෝගී සුඛ විහරණය වෙනුවෙන් ඒ රාජානුභාවය කැප කරනවා. ඔය අතරේ නොයෙක් යුධ කෝළාහලවල පැටලෙනවා. ඇතැම් විට ප්‍රාදේශීය රාජ්‍යයන් ආක්‍රමණය කරනවා. රාජ්‍ය සීමා පුළුල් කරගන්නවා.

ප්‍රිය මිත්රයාණෙනි, කුමක්ද ඔවුන් සොයන්නේ? අසිපත්වල රුධිරය තවරමින් ජයග්‍රහණයක් උදෙසා ඔවුන් මෙහෙයවන සටන අවසන් වන්නේ මධුපානෝත්සව වලින් හා ස්ත්‍රී ලෝලත්වයෙන් නොවෙයිද?

ප්‍රිය මිත්රයාණෙනි, මා කල්පනා කරමින් සිටින්නේ මේ රාජ්‍යය මාගේ සොයුරාට පවරා දිගටම භාවනාවේ යෙදීමටයි.”

එතකොට අනිත් රජතුමා නෙත් විදහා සතුටින් සිනහසුණා.

”අගෙයි! අගෙයි! ප්‍රිය මිත්රයාණෙනි, සැබැවින්ම පසුගිය දින කිහිපය මුළුල්ලෙහි මාත් සිත සිතා සිටියේ ඔබ සිතූ කරුණුමයි. රාජකීය ජීවිතය තුළ ඇති ආනුභාව සම්පන්න ආටෝපයට වඩා මහත් මානසික වෙහෙසක් එහි තියෙනවා. නමුත් ප්‍රිය සගයාණෙනි, අප දැන් පුරුදු කරන භාවනාවෙන් මොනතරම් ශාන්තියක් අප අත්විඳිනවාද? මට වුණත් එහෙම තමයි. මා බොහෝ විට අස්වැසිල්ලක් ලබන්නේ චිත්ත සමාධිය පුරුදු කිරීමෙනුයි.”

දිනක් මේ රජවරු දෙදෙනා සඳළු තලයෙහි භාවනානුයෝගීව සිටියා. දෙදෙනා තුළම කිසියම් අපූර්ව වූ පරිවර්තනයක් සිදුවෙන්නට පටන් ගත්තා. දෙදෙනාගේම සිත් මැනැවින් එකඟ වී ගියා. දැහැන්ගත වුණා. සතරවෙනි ධ්‍යානය දක්වා සිත වැඞී ගියා. දෙදෙනාම ජීවිතය පිළිබඳව නුවණින් විමසන්නට පටන් ගත්තා. උපත හා මරණය අතර ජීවිතය භවයක් භවයක් පාසා ගැටගසන සියළු රහස් හෙළිදරව් වෙන්නට පටන් ගත්තා. දෙදෙනා තුළම විදර්ශනා ප්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. දෙදෙනාම නිකෙලෙස් බවට පත්වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේලා බවට පත්වුණා. දෙදෙනාම බොහෝ වේලාවක් අරහත්ඵල සුවයෙන් වැඩසිටියා.

ඇමතිවරු පැමිණ රජවරුන්ට යන්නට වේලා ඇතිබව දැනුම් දුන්නා.

”දේවයන් වහන්ස, දැන් රෑ බෝ වුණා. දැන් ඔබවහන්සේලා සිරියහන්ගැබට වඩින්නට වෙලාවයි.”

”පින්වත, අපි රජවරු නොවෙයි. අප තුළ කිසියම් විරාගී ශාන්ත බවක් ඇති වී තිබෙනවා. මේ මාළිගාව අපට දැන් කැප නෑ. සියලූ ලොවින් නිදහස් වූ අසීමිත තෘප්තිමත් බවක් දැන් අපි අත්විඳිනවා. ඇත්තෙන්ම අපි කැමතියි හුදෙකලා බවට.”

”ඈ! දේවයන් වහන්ස, ඒ කියන්නේ ඔබවහන්සේලා ජීවිතය පිළිබඳව කිසියම් අවබෝධයක් ලැබූ බවක්ද?”

”ඔව්! අපට කිසියම් අවබෝධයක් ලැබූ බවක් වැටහෙනවා. ඒ අවබෝධය මේ ලෝකයට අයත් දෙයක් නොවෙයි. මේ ලෝකය ඉක්මවා ගිය දෙයක්. අමුතු හුදෙකලාවක් ඒ අවබෝධය තුළ තියෙනවා. ඒ තුළ කිසි භයක් තැතිගැනීමක් නෑ. අපූර්ව ස්වාධීනත්වයක් තියෙනවා.”

එතකොට තව ඇමතියෙක් විමසුවා,

”දේවයන් වහන්ස, මං අහලා තියෙනවා භය, තැති ගැනීම් නැති මුනිවරයන් වහන්සේලා ගැන. උන්වහන්සේලාට කියන්නේ පච්චේකබුද්ධ කියලයි. හැබැයි දේවයන් වහන්ස, ඔබවහන්සේලාට මෙන් රාජාභරණ පැළඳ, සුවඳ පැනින් නහවා පන්තිවලට පීරූ කෙස් කළඹක් ඒ පසේබුදුවරුන්ට නැහැ. පසේබුදුවරු කියන්නේ ශ්‍රමණ පිරිසක්. කෙස් රැවුල් බාලා, පා සිවුරු ඇතිව කල් ගෙවන ශ්‍රමණ පිරිසක්. දැන් ඔබවහන්සේලා කියන්නේ තමන් වහන්සේලා ඒ ශ්‍රමණයන්ට අයිතියි කියාද?”

එතකොට රජ ඇඳුමින් සැරසී සිටි දෙදෙනාම හිසට අත තිබ්බා. සැණෙකින් කෙස් රැවුල් නොපෙනී ගියා. රජ ඇඳුම් නොපෙනී ගියා. සිවුරු පෙරවුණා. පාත්‍රා අත රැඳුණා. දෙදෙනාම මාළිගයෙන් බැස නොපෙනී ගියා.

මේ පසේබුදුවරයන් වහන්සේලා හිමාලයට වැඩම කළා. පසේබුදුවරුන්ගේ භූමිය වන නන්දමූලක නම් කඳුවලල්ලෙහි ගල් ලෙන් තුළ වැඩසිටියා.

දිනක් මේ පසේබුදුවරයන් වහන්සේලා දෙනම සමවත් සුවයෙන් නැගිට ජීවිතය පිළිබඳව කතා බස් කරන්නට පටන් ගත්තා.

”මං මගේ අතීතය විමසා බැලූවා. මේ අවබෝධය පිණිස පින් රැස්කරගෙන පැමිණි ගමනේදී මං කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදිව පිළිවෙත් පුරා තිබෙනවා. එකල අවුරුදු විසිදහසක් මා මහණදම් පුරා තිබෙනවා. එකල ඔබ මගේ යහළුවෙක්.”

”එය එසේමයි. මාත් මගේ අතීතය විමසා බැලූවා. අපි දෙදෙනා කාශ්‍යප බුදු සසුනේ රැස් කළ පිනක් උපකාර කරගෙන තියෙනවා. හැබැයි, ඒ කසුප් බුදු සසුනෙහි මිත්‍ර සන්ථවයෙන් යුතුව මහණදම් පිරුවේ අප දෙදෙනා පමණක් නොවේ. අපගේ කළණමිතුරු සභාවේ තවත් කෙනෙක් සිටිනවා. ඔහු ගැන ඔබ දුටුවාද?”

”එසේය. මම දිටිමි. දැන් ඔහු තමයි බරණැස රාජ්‍යයෙහි අධිපති රජතුමා. බලන්න ජීවිතයේ වෙනස. එදා කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදි කිස පුරද්දී ඔහු තමයි අපටත් අවවාද අනුශාසනා කරමින් වත්පිළිවෙත් කරන්නට අනුබල දුන් අපගේ වැඩිමහළු ස්වාමීන් වහන්සේ. එදා අප ලද ඒ අනුශාසනාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස දැන් අප විරාගී සුව විඳිනවා. එහෙත් තාම ඔහු රාජ්‍ය පාලනයෙන් සතුටු වෙනවා.”

”එසේය, මාත් අපගේ අතීත මිතුරාණන් තවම හමු නොවීම ගැන විමසා බැලූවා. ඔහු රාජ ඉර්ධියෙන් කුල්මත්ව සිටිනවා. කුසලයෙහි සිත නගාලන්නට වෙහෙසෙන බවක් පෙනෙන්නේ නෑ. නමුත් මා සිතන්නේ අප තුළ ඇති වූ වෙනස ඔහු තුළ ඇතිවීම පිණිස අප සහයෝගය දිය යුතු බවයි. එදා කසුප් බුදු සසුනෙහි පිළිවෙත් පුරන්නට අපව දිරිමත් කළ කරුණු අපට සිහිවෙන හෙයින් අපිත් ඔහුට කෘතගුණ සළකමු.”

ඉතින් දිනක් බරණැස් නුවර රජතුමා සියලූ රාජාභරණයෙන් සැරසී උද්‍යාන ක්‍රීඩාවට පිටත් වුණා. එවිට අහස් කුස වළා අතරින් එක්තරා සෙවණැලි දෙකක ලකුණු පෙනී ගියා. ක්‍රමක්‍රමයෙන් ඉතා පියකරු ශ්රමණයන් වහන්සේලා දෙනමක් මැවී ගියා. ඒ ශ්රමණයන් වහන්සේලා රාජකීය උද්‍යානයේ දොරටුව අසළ පිහිටි සුවිසල් උණ පඳුරු සෙවණේ වැඩසිටියා.

වෙනදාට රජතුමා උද්‍යාන ක්‍රීඩාවට වඩිද්දී ජනතාව ප්‍රීතියෙන් ඔල්වරසන් දෙනවා. නෙත් විදහා බලා සිටිනවා. ගුණ ගයනවා. එහෙත් අද ඊට වෙනස්. අද කරන්නේ රැස් වූ ජනතාව කිසියම් අද්භූත දෙයක් දෙස බලා සිටීමයි. ඇඟිලි දිගු කරමින් පෙන්වීමයි. රජතුමා මෙහෙම හිතුවා.

”අද මොකක්ද මේ වෙනස? මෙවැනි දෙයක් කවදාවත්ම වුණේ නෑ. මාගේ රටවැසියන් තම රජු වෙනුවෙන් නිරන්තරයෙන් යටහත්පහත් බව දක්වනවා. ආදර ගෞරව දක්වනවා. මා දෙසම ඇසිපිය නොහෙලා බලා සිටිනවා. මට ආසිරි පතනවා. අද කුමක්ද මේ සිදුවී තිබෙන්නේ? උද්‍යාන දොරටුව දෙසටමයි මහා ජනකාය නෙත් අයා සිටින්නේ….. අර…. කවුද? ඉතාම පියකරු ශ්රමණයන් වහන්සේලා දෙනමක්. ෂා….! සැබැවින්ම සුන්දරයි! මනස්කාන්තයි!”

රජතුමාට මේ ශ්රමණයන් වහන්සේලා දුටු පමණින් අද්භූත හැඟීම් පහළ වෙන්නට පටන් ගත්තා.

”හරි පුදුමයි! අපි ලස්සන වෙන්න මොනතරම් දේවල් කරනවාද? ගාම්භීර බව පෙන්වන්න මොනතරම් ආභරණ පළඳිනවද? ජනතා ආකර්ශනය ලබන්න මොනතරම් විවිධ විචිත්‍ර ඇඳුම් අඳිනවද? අර ශ්රමණයන් වහන්සේලාට කිසිවක් නැහැ. නමුත් උන්වහන්සේලා තුළ අද්භූත පියකරු බවක් තියෙනවා. අලෞකික සුන්දරත්වයක් තියෙනවා. දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වැනි අපූර්වත්වයක් තියෙනවා.”

රජතුමා ඇතුපිටින් බැස්සේ තමාටත් නොදැනීමයි. රජතුමාගේ සිතෙහි මේ අහසින් වැඩි අද්භූත ශ්රමණයන් වහන්සේලා දෙනම දුටු කෙණෙහි අමුතු ආදරයක් හටගත්තා. ලෙන්ගතු කමක් හටගත්තා. සෙනෙහෙබර හැඟීම් ඇතිවෙන්න පටන් ගත්තා. රජතුමා ඒ ශ්රමණයන් වහන්සේලා ළඟට ගොස් මහත් ආදරෙන් කතා කළා.

”පින්වත් ශ්රමණයන් වහන්ස, ඔබවහන්සේලා දුටු පමණින් මගේ සිතෙහි ගැඹුරු සෙනෙහසක් ඇතිවුණා. පැහැදීමක් ඇතිවුණා. ඔබවහන්සේලාගේ ඉරියව්වල යම්කිසි උදාරත්වයක් පෙනෙනවා. ඇත්තෙන්ම මං කැමතියි ඔබවහන්සේලාගේ නම් දැනගන්න.”

”පින්වත් මහරජතුමනි, අපි ‘නොගැටී සිටින්නමෝ’ යන නම් ඇති අය වෙමු.”

එතකොට රජතුමා සතුටෙන් සිනහසුණා. ප්‍රීතියට පත්වුණා. ඒ නම තුළින් කියැවෙන අරුත දැනගන්න ආසා කළා.

”පින්වත් ශ්රමණයන් වහන්ස, සැබැවින්ම එය අපූරු නමක්. ඒ නම තුළින් කියවෙන අර්ථය දැනගන්නත් මා කැමතියි.”

”පින්වත් මහරජතුමනි, ඒ නමේ ලස්සන අරුතක් තියෙනවා. යම්කිසි දෙයකට ගැටෙන්න නම් එහි ඇලී සිටිය යුතුයි. නොගැටී සිටින්නට නම් නොඇලී සිටිය යුතුයි. පින්වත් මහරජතුමනි, නොඇලී සිටීමමයි එහි ඇති අර්ථය.

පින්වත් මහරජතුමනි, දැන් බලන්න මේ උණ පඳුර දෙස. මේ උණ පඳුර පුරාවට උණ ගසක් ගානේ කඳින් කඳ පවා එකට ඇලී තියෙනවා. වෙලී තියෙනවා. පැටලී තියෙනවා. මේ උණ පඳුරේ අත්තෙන් අත්ත පවා ඒ ඒ අතුවලට එකට වෙලී තියෙනවා. පැටලී තියෙනවා. ඒ වගේම මහරජතුමනි, මේ මුල් දෙස බලන්න. උණ ගසින් උණ ගසට මුල් පවා පැටලී තියෙනවා. වෙලී තියෙනවා. එකතු වී තියෙනවා. එකට සිර වී තියෙනවා.

ඉතින් මහරජතුමනි, අපි සිතමු මෙහෙම. ඔන්න තියුණු කඩුවක් අතින් ගෙන පුරුෂයෙක් එනවා. ඔහු මේ එකට වෙලී පැටලී තියෙන උණ ගසක මුල කපා ඒ ගස පිටතට අදින්නට ගියහොත් මොනතරම් අපහසු වෙයිද?

පින්වත් මහරජතුමනි, අපට සිතෙන්නේ මේ සුවිශාල ලෙස වැඞී එකට පැටලී මුලට මුල පෑස්සී අත්තෙන් අත්ත එකතු වී කඳින් කඳ ගැටී ඇති උණ ගසත් ඔබතුමා වගේමයි කියා. ඔබතුමාටත් මේ උණ පඳුර ලෙසින් වෙලී සිරවී බැඳී පැටලී ඇතුළට පිටත අවුල්ව ගිය ජීවිතයක් නොවෙයිද තිබෙන්නේ?

පින්වත් මහරජතුමනි, මේ බලන්න. කුඩා උණ ගොබයක් තියෙනවා. තවම මේ උණ ගොබය උණ පඳුර අස්සට වැඞී ගොස් සිරවෙලා නැහැ. අත්තෙන් අත්ත පැටලිලා නැහැ. කඳෙන් කඳ පැටලිලා නැහැ. මෙය යම් කෙනෙකුට මුලින් කපා පහසුවෙන් ගලවා ගන්නට පුළුවන් නේද?

පින්වත් මහරජතුමනි, අපිත් රජවරු වෙලා හිටියේ. අපේ රජකම උණ පඳුරේ සිර වූ මහා උණ ගසක් හැටියට නෙවෙයි තිබුණේ. කුඩා උණ ගොබයක් හැටියටයි. අපට ඉතාමත් ලේසියෙන් ඒ උණ ගොබය ගලවා ඉවත් කරගන්න පුළුවන් වුණා. දැන් අපි නිදහස්! අපි අමුතු සුන්දර හුදෙකලාවකයි ජීවත් වෙන්නේ. ඒ නිදහස තුළ සිටින අතරේ තමයි මේ අපි හමුවන්නේ.”

මෙසේ පැවසූ ඒ පසේබුදුවරයන් වහන්සේලා දෙනම රජතුමා බලාසිටියදීම අහසට පැනනැඟුණා. නොපෙනී ගියා. රජතුමා පුදුමයෙන් ගල් ගැසී බලා සිටියා. ඇඟ කිලිපොලා ගියා. ලොමු ඩැහැගත්තා. අද්භූත කම්පනයක් හටගත්තා. උගුර කට වියැළී ගියා. රජතුමා නිහඬව කල්පනා කරන්න පටන් ගත්තා. පෙරළා හැරී ගොස් ඇතු පිට නැග්ගා. උද්‍යාන ක්‍රීඩාවට ගියේ නැහැ. මාළිගාවට පිටත් වුණා.

මේ සිදුවීමෙන් පසු ඒ රජතුමාගේ ජීවිතය බලවත් විපර්යාසයකට පත්වුණා. සඳළුතලයට ගොඩවුණ රජතුමා ඈත අහස දෙස බලාසිටිමින් කල්පනා කරනවා.

”ඔව්! ඇලීමක් නිසාමයි ගැටීමක් හටගන්නේ. ඇලීමක් නැත්නම්, මොනවට ගැටෙන්නද? ඇත්ත! මමත් මේ ඇලීමත්, ගැටීමත් අතර නොවෙයිද සිරවී සිටින්නේ….?”

රජතුමා බිම වාඩි වුණා. පළඟක් බැඳගත්තා. නෙත් පියා ගත්තා. භාවනා කරන්නට පටන් ගත්තා. තමාටත් නොදැනීම සිත යොමු වුණේ ආශ්වාස ප‍්‍රශ්වාසයටයි. ක්‍රමක්‍රමයෙන් රජතුමාගේ සිත සංසිඳෙන්නට පටන් ගත්තා. සමාධිගත වෙන්නට පටන් ගත්තා. සසරේ පුරන ලද පුණ්‍යානුභාවය නිසා ඒ සිත වහා දැහැන්ගත වුණා. ඇලීමත්, ගැටීමත් අතර මේ සිත පවතින්නේ මක්නිසාද කියා රජතුමා විමසන්නට පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් ජීවිතය පිළිබඳව මෙතෙක් නොඇසූ විරූ අවබෝධයක් ඇතිවෙන්නට පටන්ගත්තා. විදර්ශනා ප්‍රඥාව වැඩෙන්නට පටන්ගත්තා. උණ පඳුරක සිරවී ඇති වැඩුණු උණ ගසේත්, පහසුවෙන් ගැලවිය හැකි උණ ගොබයේත් වෙනස වැටහෙන්නට පටන් ගත්තා. දූ පුතුන් කෙරෙහිත්, අඹුදරුවන් කෙරෙහිත් නොඇලී සිටින ප්‍රඥාව මතුවෙන්නට පටන් ගත්තා. නිකෙලෙස් බවට පත්වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා.

රජතුමාගේ මේ වෙනස දැනගත් රජබිසවත්, දරුවනුත් රජතුමා වටකරගත්තා. ආදර බස් දොඩන්න පටන්ගත්තා. දිගටම රාජ්‍යකරණයේ යෙදෙන්න කියලා අයැදින්න පටන් ගත්තා. එතකොට රජතුමා මෙහෙම පිළිතුරු දුන්නා.

”මට දැන් ඒවා කිසිවක් කැප නෑ. මගේ ලෝකය තුළ ඒ කිසිවක් නෑ. මං දැන් අපූරු නිදහසක් භුක්ති විඳිනවා. අද්භූත විරාගී බවකින් මේ සිත පිරී තියෙනවා.”

”ඒ කියන්නේ අර ශ්රමණයන් වහන්සේලා පැවසූ නොඇලෙන, නොගැටෙන අපූර්වත්වය ඔබවහන්සේ තුළත් ඇතිවුණා කියලද? ඔබතුමා රජෙක් නොවැ! රජෙක් තුළ කොහොමද එවැනි දෙයක් ඇතිවෙන්නේ? එවැනි දේ ඇතිවෙන්නේ කෙස් රැවුල් බා, කසාවත් දරා සිටින ශ්රමණයන් වහන්සේලා තුළ නොවේද?”

එතකොට තවමත් රජකෙනෙකුගේ වේශයෙන් සිටින මෙතුමා හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන්ව ගියා. කසාවත් පෙරැවී ගියා. සොඳුරු ශ්රමණයන් වහන්සේ නමක් දිස්වුණා. ඒ පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.

වංසෝ විසාලෝ ව යථා විසත්තෝ

පුත්තේසු දාරේසු ච යා අපේඛා

වංසකලීරෝ ව අසජ්ජමානෝ

ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

”අඹුදරුවන් ගැන මේ හිත බැඳී ඇති ආකාරය පිළිබඳව හරි විදිහට කල්පනා කොට බැලූවොත් එක පඳුරේ පැටලී ගිය සුවිශාල උණ ගසක් වගෙයි. නමුත් උණ ගොබය එහෙම නෑ. එය තිබෙන්නේ කිසිවක නොපැටලී. මං කැමති එයටයි. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත

අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

http://sinhala.mahamevnawa.lk/2013/08/27/pasebudupelahara_4/

[QUOTE="B_i_n_g_o, post: 16683519, member: 431880"] [CENTER][U][SIZE=5]:)ලස්සන බෞද්ධ කතාවක් :)[/SIZE][/U] [LEFT][CENTER][B][SIZE=5]අපගේ ශාස්තෘන් වහන්සේ ගෙවුණු අතීතයෙහි සැඟවී ගිය අසිරිමත් මුනිවරුන්ගේ චරිතාපදානයන් පෙළගස්වා වදාරද්දී නැවත වතාවක් අපට පසේබුදුවරයන් වහන්සේ නමකගේ තොරතුරක් මුණ ගැසෙනවා. පසේබුදුවරුන් ද නිතර පහළ වන්නේ නෑ. උන්වහන්සේලා පවා පහළවන්නේ ඉතාමත්ම කලාතුරකින්. දෙඅසංඛෙය්ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා භව ගමන නිමා කරන පසේබුදුවරුන්ගේ ජීවිත බාහිර ලෝකයන්ට හඳුනාගැනීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. එනිසාම පසේබුදුවරුන්ට අපහාස කොට, ගරහා, හිරිහැර කොට, ඇතැම් විට උන්වහන්සේලාව ඝාතනය කොට නිරයට ගිය ඇතැම් අවාසනාවන්ත පුද්ගලයන් ගැන පවා බුදුරජාණන් වහන්සේ හෙලිදරව් කොට තිබෙනවා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]තනි තනිවම ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ඒ පසේබුදුවරයන් වහන්සේලා ගැන අපට සිත පහදවා ගත හැකිව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ පවසා වදාළ නිසාය. බුද්ධ ශූන්‍ය කල්පවල පවා පසේබුදුවරුන්ගේ තොරතුරු සුලභ නොවේ. බුද්ධ කල්පය පහළ වෙන්නට පෙරාතුව හෙවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නට කලිනුයි පසේබුදුවරුන්ගේ යුගය ඇතිවන්නේ. මෙය ලෝකයේ පවතින සුවිශේෂී ධර්මතාවක්.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]අනන්ත සසර පුරාවට විමුක්තිය උදෙසා කෙනෙක් කරනු ලබන අසාමාන්‍ය කැපවීමක ප්‍රතිඵලයක් වශයෙනුයි මෙය හැඳින්විය හැක්කේ. අද අපි කතා කරන්නේ පසේබුදුවරයන් වහන්සේලා තුන් නමක් පිළිබඳවයි.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]මිනිස් ආයුෂ වසර විසිදහසක් පැවති යුගයේදී තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ. එකල බුදු සසුනේ පැවිදි වූ ශ්රාවකයින්ද විසි දහසක් අවුරුදු පිළිවෙත් පුරමින් ධර්මයේ හැසිරුණා. එම කාශ්‍යප බුද්ධ ශාසනයෙහි අපූරු යහළුවන් තිදෙනෙක් පැවිදි වුණා. මේ තිදෙනා ඉතාමත්ම සමඟි සම්පන්නයි. පිළිවෙත් සරුයි. ගුණදහමට නැඹුරුයි. මේ සොඳුරු ශ්රමණයන් වහන්සේලා තුන්නම ඉතාමත් සතුටින් ‘[B]ගතපච්චාගත[/B]’ නම් වතක් පුරුදු කළා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5][B]ගතපච්චාගත[/B] වත පිරීමේදී ඒ සඳහා බලවත්ව සිහිනුවණ පුරුදු කළ යුතුයි. පිඬු සිඟා වඩින විටත්, පෙරළා කුටියට වඩින විටත් නොවෙනස්ව භාවනා අරමුණෙහි සිහිය පවත්වා ගැනීම ගතපච්චාගත වතෙහි ඇති සුවිශේෂී බවයි. එනම් භාවනානුයෝගී එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ගතපච්චාගත වත පුරන කෙනෙක්. එය කරන්නේ මෙහෙමයි. දැන් උන්වහන්සේට පිඬු සිඟා වඩින්නට වෙලාව පැමිණෙනවා. එවිට මනා සිහි නුවණින් යුතුව ප්රත්යවෙක්ෂා කරමින් අඳනය අඳිනවා. ඉණ පටිය බඳිනවා. තනිපට සිවුර පොරවනවා. සඟල සිවුර පොරවනවා. පාත්‍රය සෝදා ප්රත්යවෙක්ෂා කරමින් දෝතට ගන්නවා. කුටියෙන් එළියට වඩින්නට පෙර භාවනා අරමුණ සළකා ගන්නවා. එය මෛත්‍රී භාවනාව හෝ අසුභ භාවනාව හෝ බුද්ධානුස්සති භාවනාව හෝ අනිත්‍යානුපස්සනාව හෝ විය හැකියි. එම භාවනාව සිහි කරමින් කුටියෙන් එළියට පළමු පියවර තබනවා. ඒ මොහොතේ සිට උන්වහන්සේ කරන්නේ බාහිර අරමුණකට සිත විසිරෙන්නට නොදී අර භාවනාවෙහිම සිහිය රඳවා ගැනීමයි.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]එසේ පිඬු සිඟා වඩිද්දී මංමාවත්වල විවිධාකාර සතුන් මුණගැසෙනවා. මිනිසුන් මුණගැසෙනවා. කුඩා දරුවන් මුණගැසෙනවා. යානවාහන මුණගැසෙනවා. ඇතැම් විට නොයෙක් කලකෝලාහල, නැටුම්, ගැයුම්, වැයුම් ආදී අරමුණු මෙන්ම සිතෙහි කෙලෙස් ඇවිස්සෙන අරමුණු ද මුණගැහෙනවා. ඒ කිසිවකට තම සිත යා නොදී කුටියෙන් එළියට වඩිද්දී සිහි කළ අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]පිඬු සිඟා වඩිද්දී නොයෙක් අයුරේ ආහාරපාන ලැබෙනවා. පිළුණු දේ ලැබෙනවා. වියළි දේ ලැබෙනවා. දියර දේ ලැබෙනවා. ඉතා ප්‍රණීත සුවඳින් යුතු දේ ද ලැබෙනවා. ඒ කිසිවකටත් නොගැටී, නොඇලී අර පටන් ගත් භාවනා අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]මේ අයුරින් කුටියෙන් පිටතට වඩිද්දී සිහි කරන ලද්දේ යම් භාවනා අරමුණක් ද, ඒ අරමුණ නොවෙනස්ව පවත්වා ගනිමින් පෙරළා කුටියට පැමිණ තමන් එළියට වඩිද්දී පය තැබූ තැනම පය තබා සිහිය සම්පූර්ණ කිරීම ගතපච්චාගත වතයි.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]මෙය කියන, ලියන පමණින් කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. ඇතැම්විට ඉතා උනන්දුවෙන් භාවනා අරමුණ සිහියට ගෙන මෙනෙහි කරමින් පිටත් වෙනවා. ටික දුරක් යද්දී කිසියම් දායකයෙක් ඒ භික්ෂුව සමඟ කතා කරනවා. අර භික්ෂුවත් ඒ කතාවට පැටලෙනවා. භාවනා අරමුණ ගිලිහී යනවා. ඉන්පසු කරන්නේ නැවත බාහිර අරමුණු සමඟ එක්වීමයි. කමටහන අමතක වෙනවා. පෙරළා පැමිණෙද්දී ඇතැම්විට සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. එවිට ගතපච්චාගත වත සම්පූර්ණ වන්නේ නෑ.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]තව කෙනෙකුට මෙහෙම වෙනවා. භාවනා අරමුණකින් තොරව පිණ්ඩපාතයේ වඩිනවා. පෙරලා කුටියට වඩිද්දී භාවනා අරමුණ මතක් වෙනවා. ‘බාහිර අරමුණුවලට විසිරුණු සිතින් පිඬු සිඟා ගිය මං දැන්වත් සිහි නුවණින් ආපසු වැඩිය යුතු යැ’යි සිතා කමටහනට සිත යොමු කරනවා. එබඳු ක්‍රමයකින් ගතපච්චාගත වත සම්පූර්ණ වන්නේ නෑ.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]යම් කෙනෙක් මුලින් කියූ ආකාරයෙන් ගතපච්චාගත වත සම්පූර්ණ කරත් නම් ඒ තැනැත්තා අද්භූත වූ පිනක් රැස් කරගන්නවා. ඒ තැනැත්තාගේ විමුක්ති සාධනය පිණිස තමාව මෙහෙයවන අදිසි බලවේගය බවට පත්වන්නේ එසේ රැස් කරගත් පිනයි.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]ඉතින් කසුප් බුදු සසුනෙහි පැවිදි වූ මේ තිදෙනා වහන්සේ ඉතාමත් ඕනෑකමින් යුතුව ගතපච්චාගත වත සම්පූර්ණ කළා. සමථ විදර්ශනා භාවනා ධර්මයන්හි යෙදුණා. කසුප් බුදු සසුනෙන් මඟපල ලබන්නට මේ තිදෙනාටම අවස්ථාව නැතිවුණා. නමුත් මුන්වහන්සේලා ගතපච්චාගත වත පුරමින් ගත කළ සසුන් ජීවිතය කිසිසේත් අපතේ ගියේ නෑ. තිදෙනා වහන්සේම දෙව්ලොව උපන්නා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]කාශ්‍යප බුද්ධ ශාසනය ක්‍රමක්‍රමයෙන් අතුරුදහන්ව ගියා. බුදු කෙනෙකුගේ ධර්මය නොඇසී ගියා. ආර්ය සත්‍යාවබෝධය පිළිබඳ කථාව නාමමාත්රයකින් හෝ ඉතුරු නොවී අතුරුදහන්ව ගියා. මිනිසුන්ගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් අඩුවුණා. අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වන්නට පෙරාතුව එක්තරා සොඳුරු යුගයක් ලොව උදාවුණා. එනම් පසේබුදුවරුන්ගේ යුගයයි. ඒ පසේබුදුවරුන්ගේ යුගයේදී දෙව්ලොව ඉපිද සිටි අර ශ්රමණයන් වහන්සේලා අතරින් වැඩිමහලූ තැනැත්තා බරණැස් නුවර රජ කුලයේ උපන්නා. අනිත් දෙදෙනා ඈත පිටිසර ප්‍රාදේශීය රජකුලවල උපන්නා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]ප්‍රාදේශීය රජකුලවල උපන් අර කුමාරවරු දෙදෙනා ශිල්ප ශාලාවෙහිදී අඹයහළුවන් බවට පත්වුණා. ඔවුන්ගේ මිත්‍රත්වය ඉතාමත් පි‍්‍රයශීලී දෙයක් වුණා. රජවරුන් බවට පත් වූ පසුත් ඒ දෙදෙනාගේ මිත්‍රත්වය නොවෙනස්ව පැවතුණා. මේ රජවරු දෙදෙනා වරින්වර මුණගැසෙනවා. සාමාන්‍යයෙන් රජවරුන් මුණගැසෙද්දී කෙරෙන්නේ නෘත්‍ය සංදර්ශන පැවැත්වීමයි. නැතහොත් මධුපානෝත්සව පැවැත්වීමයි. අන්තඃපුරාංගනාවන් සේවනය කිරීමයි. නැතහොත් දඩයමේ යාමයි. නමුත් මේ රජවරු දෙදෙනා අර සියලූ රජවරුන්ගෙන් වෙන්ව කැපී පෙනෙනවා. මේ දෙදෙනා එකතු වූ විට භාවනා කරනවා. මෙසේ භාවනා කරගෙන යද්දී දෙදෙනා තුළම ටිකෙන් ටික චිත්ත සමාධිය වැඩුණා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”ප්‍රිය මිත්රයාණෙනි, අපගේ මේ රාජකීය ජීවිතය මට වැටහෙන්නේ ඉතා නිසරු දෙයක් බවයි. මොහොතක් බලනු මැනැව. බොහෝවිට සෑම රජ කෙනෙක්ම මේ රජකම ලබන්නේ උපතින් ලැබෙන දායාදයක් ලෙසයි. නමුත් මේ රජකම ලැබූ විට ඔවුන් තමන්ගේ කාමභෝගී සුඛ විහරණය වෙනුවෙන් ඒ රාජානුභාවය කැප කරනවා. ඔය අතරේ නොයෙක් යුධ කෝළාහලවල පැටලෙනවා. ඇතැම් විට ප්‍රාදේශීය රාජ්‍යයන් ආක්‍රමණය කරනවා. රාජ්‍ය සීමා පුළුල් කරගන්නවා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]ප්‍රිය මිත්රයාණෙනි, කුමක්ද ඔවුන් සොයන්නේ? අසිපත්වල රුධිරය තවරමින් ජයග්‍රහණයක් උදෙසා ඔවුන් මෙහෙයවන සටන අවසන් වන්නේ මධුපානෝත්සව වලින් හා ස්ත්‍රී ලෝලත්වයෙන් නොවෙයිද?[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]ප්‍රිය මිත්රයාණෙනි, මා කල්පනා කරමින් සිටින්නේ මේ රාජ්‍යය මාගේ සොයුරාට පවරා දිගටම භාවනාවේ යෙදීමටයි.” එතකොට අනිත් රජතුමා නෙත් විදහා සතුටින් සිනහසුණා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”අගෙයි! අගෙයි! ප්‍රිය මිත්රයාණෙනි, සැබැවින්ම පසුගිය දින කිහිපය මුළුල්ලෙහි මාත් සිත සිතා සිටියේ ඔබ සිතූ කරුණුමයි. රාජකීය ජීවිතය තුළ ඇති ආනුභාව සම්පන්න ආටෝපයට වඩා මහත් මානසික වෙහෙසක් එහි තියෙනවා. නමුත් ප්‍රිය සගයාණෙනි, අප දැන් පුරුදු කරන භාවනාවෙන් මොනතරම් ශාන්තියක් අප අත්විඳිනවාද? මට වුණත් එහෙම තමයි. මා බොහෝ විට අස්වැසිල්ලක් ලබන්නේ චිත්ත සමාධිය පුරුදු කිරීමෙනුයි.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]දිනක් මේ රජවරු දෙදෙනා සඳළු තලයෙහි භාවනානුයෝගීව සිටියා. දෙදෙනා තුළම කිසියම් අපූර්ව වූ පරිවර්තනයක් සිදුවෙන්නට පටන් ගත්තා. දෙදෙනාගේම සිත් මැනැවින් එකඟ වී ගියා. දැහැන්ගත වුණා. සතරවෙනි ධ්‍යානය දක්වා සිත වැඞී ගියා. දෙදෙනාම ජීවිතය පිළිබඳව නුවණින් විමසන්නට පටන් ගත්තා. උපත හා මරණය අතර ජීවිතය භවයක් භවයක් පාසා ගැටගසන සියළු රහස් හෙළිදරව් වෙන්නට පටන් ගත්තා. දෙදෙනා තුළම විදර්ශනා ප්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. දෙදෙනාම නිකෙලෙස් බවට පත්වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේලා බවට පත්වුණා. දෙදෙනාම බොහෝ වේලාවක් අරහත්ඵල සුවයෙන් වැඩසිටියා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]ඇමතිවරු පැමිණ රජවරුන්ට යන්නට වේලා ඇතිබව දැනුම් දුන්නා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”දේවයන් වහන්ස, දැන් රෑ බෝ වුණා. දැන් ඔබවහන්සේලා සිරියහන්ගැබට වඩින්නට වෙලාවයි.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”පින්වත, අපි රජවරු නොවෙයි. අප තුළ කිසියම් විරාගී ශාන්ත බවක් ඇති වී තිබෙනවා. මේ මාළිගාව අපට දැන් කැප නෑ. සියලූ ලොවින් නිදහස් වූ අසීමිත තෘප්තිමත් බවක් දැන් අපි අත්විඳිනවා. ඇත්තෙන්ම අපි කැමතියි හුදෙකලා බවට.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”ඈ! දේවයන් වහන්ස, ඒ කියන්නේ ඔබවහන්සේලා ජීවිතය පිළිබඳව කිසියම් අවබෝධයක් ලැබූ බවක්ද?”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”ඔව්! අපට කිසියම් අවබෝධයක් ලැබූ බවක් වැටහෙනවා. ඒ අවබෝධය මේ ලෝකයට අයත් දෙයක් නොවෙයි. මේ ලෝකය ඉක්මවා ගිය දෙයක්. අමුතු හුදෙකලාවක් ඒ අවබෝධය තුළ තියෙනවා. ඒ තුළ කිසි භයක් තැතිගැනීමක් නෑ. අපූර්ව ස්වාධීනත්වයක් තියෙනවා.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]එතකොට තව ඇමතියෙක් විමසුවා, ”දේවයන් වහන්ස, මං අහලා තියෙනවා භය, තැති ගැනීම් නැති මුනිවරයන් වහන්සේලා ගැන. උන්වහන්සේලාට කියන්නේ පච්චේකබුද්ධ කියලයි. හැබැයි දේවයන් වහන්ස, ඔබවහන්සේලාට මෙන් රාජාභරණ පැළඳ, සුවඳ පැනින් නහවා පන්තිවලට පීරූ කෙස් කළඹක් ඒ පසේබුදුවරුන්ට නැහැ. පසේබුදුවරු කියන්නේ ශ්‍රමණ පිරිසක්. කෙස් රැවුල් බාලා, පා සිවුරු ඇතිව කල් ගෙවන ශ්‍රමණ පිරිසක්. දැන් ඔබවහන්සේලා කියන්නේ තමන් වහන්සේලා ඒ ශ්‍රමණයන්ට අයිතියි කියාද?”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]එතකොට රජ ඇඳුමින් සැරසී සිටි දෙදෙනාම හිසට අත තිබ්බා. සැණෙකින් කෙස් රැවුල් නොපෙනී ගියා. රජ ඇඳුම් නොපෙනී ගියා. සිවුරු පෙරවුණා. පාත්‍රා අත රැඳුණා. දෙදෙනාම මාළිගයෙන් බැස නොපෙනී ගියා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]මේ පසේබුදුවරයන් වහන්සේලා හිමාලයට වැඩම කළා. පසේබුදුවරුන්ගේ භූමිය වන නන්දමූලක නම් කඳුවලල්ලෙහි ගල් ලෙන් තුළ වැඩසිටියා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]දිනක් මේ පසේබුදුවරයන් වහන්සේලා දෙනම සමවත් සුවයෙන් නැගිට ජීවිතය පිළිබඳව කතා බස් කරන්නට පටන් ගත්තා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”මං මගේ අතීතය විමසා බැලූවා. මේ අවබෝධය පිණිස පින් රැස්කරගෙන පැමිණි ගමනේදී මං කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදිව පිළිවෙත් පුරා තිබෙනවා. එකල අවුරුදු විසිදහසක් මා මහණදම් පුරා තිබෙනවා. එකල ඔබ මගේ යහළුවෙක්.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”එය එසේමයි. මාත් මගේ අතීතය විමසා බැලූවා. අපි දෙදෙනා කාශ්‍යප බුදු සසුනේ රැස් කළ පිනක් උපකාර කරගෙන තියෙනවා. හැබැයි, ඒ කසුප් බුදු සසුනෙහි මිත්‍ර සන්ථවයෙන් යුතුව මහණදම් පිරුවේ අප දෙදෙනා පමණක් නොවේ. අපගේ කළණමිතුරු සභාවේ තවත් කෙනෙක් සිටිනවා. ඔහු ගැන ඔබ දුටුවාද?”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”එසේය. මම දිටිමි. දැන් ඔහු තමයි බරණැස රාජ්‍යයෙහි අධිපති රජතුමා. බලන්න ජීවිතයේ වෙනස. එදා කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදි කිස පුරද්දී ඔහු තමයි අපටත් අවවාද අනුශාසනා කරමින් වත්පිළිවෙත් කරන්නට අනුබල දුන් අපගේ වැඩිමහළු ස්වාමීන් වහන්සේ. එදා අප ලද ඒ අනුශාසනාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස දැන් අප විරාගී සුව විඳිනවා. එහෙත් තාම ඔහු රාජ්‍ය පාලනයෙන් සතුටු වෙනවා.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”එසේය, මාත් අපගේ අතීත මිතුරාණන් තවම හමු නොවීම ගැන විමසා බැලූවා. ඔහු රාජ ඉර්ධියෙන් කුල්මත්ව සිටිනවා. කුසලයෙහි සිත නගාලන්නට වෙහෙසෙන බවක් පෙනෙන්නේ නෑ. නමුත් මා සිතන්නේ අප තුළ ඇති වූ වෙනස ඔහු තුළ ඇතිවීම පිණිස අප සහයෝගය දිය යුතු බවයි. එදා කසුප් බුදු සසුනෙහි පිළිවෙත් පුරන්නට අපව දිරිමත් කළ කරුණු අපට සිහිවෙන හෙයින් අපිත් ඔහුට කෘතගුණ සළකමු.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]ඉතින් දිනක් බරණැස් නුවර රජතුමා සියලූ රාජාභරණයෙන් සැරසී උද්‍යාන ක්‍රීඩාවට පිටත් වුණා. එවිට අහස් කුස වළා අතරින් එක්තරා සෙවණැලි දෙකක ලකුණු පෙනී ගියා. ක්‍රමක්‍රමයෙන් ඉතා පියකරු ශ්රමණයන් වහන්සේලා දෙනමක් මැවී ගියා. ඒ ශ්රමණයන් වහන්සේලා රාජකීය උද්‍යානයේ දොරටුව අසළ පිහිටි සුවිසල් උණ පඳුරු සෙවණේ වැඩසිටියා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]වෙනදාට රජතුමා උද්‍යාන ක්‍රීඩාවට වඩිද්දී ජනතාව ප්‍රීතියෙන් ඔල්වරසන් දෙනවා. නෙත් විදහා බලා සිටිනවා. ගුණ ගයනවා. එහෙත් අද ඊට වෙනස්. අද කරන්නේ රැස් වූ ජනතාව කිසියම් අද්භූත දෙයක් දෙස බලා සිටීමයි. ඇඟිලි දිගු කරමින් පෙන්වීමයි. රජතුමා මෙහෙම හිතුවා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”අද මොකක්ද මේ වෙනස? මෙවැනි දෙයක් කවදාවත්ම වුණේ නෑ. මාගේ රටවැසියන් තම රජු වෙනුවෙන් නිරන්තරයෙන් යටහත්පහත් බව දක්වනවා. ආදර ගෞරව දක්වනවා. මා දෙසම ඇසිපිය නොහෙලා බලා සිටිනවා. මට ආසිරි පතනවා. අද කුමක්ද මේ සිදුවී තිබෙන්නේ? උද්‍යාන දොරටුව දෙසටමයි මහා ජනකාය නෙත් අයා සිටින්නේ….. අර…. කවුද? ඉතාම පියකරු ශ්රමණයන් වහන්සේලා දෙනමක්. ෂා….! සැබැවින්ම සුන්දරයි! මනස්කාන්තයි!”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]රජතුමාට මේ ශ්රමණයන් වහන්සේලා දුටු පමණින් අද්භූත හැඟීම් පහළ වෙන්නට පටන් ගත්තා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”හරි පුදුමයි! අපි ලස්සන වෙන්න මොනතරම් දේවල් කරනවාද? ගාම්භීර බව පෙන්වන්න මොනතරම් ආභරණ පළඳිනවද? ජනතා ආකර්ශනය ලබන්න මොනතරම් විවිධ විචිත්‍ර ඇඳුම් අඳිනවද? අර ශ්රමණයන් වහන්සේලාට කිසිවක් නැහැ. නමුත් උන්වහන්සේලා තුළ අද්භූත පියකරු බවක් තියෙනවා. අලෞකික සුන්දරත්වයක් තියෙනවා. දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වැනි අපූර්වත්වයක් තියෙනවා.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]රජතුමා ඇතුපිටින් බැස්සේ තමාටත් නොදැනීමයි. රජතුමාගේ සිතෙහි මේ අහසින් වැඩි අද්භූත ශ්රමණයන් වහන්සේලා දෙනම දුටු කෙණෙහි අමුතු ආදරයක් හටගත්තා. ලෙන්ගතු කමක් හටගත්තා. සෙනෙහෙබර හැඟීම් ඇතිවෙන්න පටන් ගත්තා. රජතුමා ඒ ශ්රමණයන් වහන්සේලා ළඟට ගොස් මහත් ආදරෙන් කතා කළා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”පින්වත් ශ්රමණයන් වහන්ස, ඔබවහන්සේලා දුටු පමණින් මගේ සිතෙහි ගැඹුරු සෙනෙහසක් ඇතිවුණා. පැහැදීමක් ඇතිවුණා. ඔබවහන්සේලාගේ ඉරියව්වල යම්කිසි උදාරත්වයක් පෙනෙනවා. ඇත්තෙන්ම මං කැමතියි ඔබවහන්සේලාගේ නම් දැනගන්න.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”පින්වත් මහරජතුමනි, අපි ‘නොගැටී සිටින්නමෝ’ යන නම් ඇති අය වෙමු.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]එතකොට රජතුමා සතුටෙන් සිනහසුණා. ප්‍රීතියට පත්වුණා. ඒ නම තුළින් කියැවෙන අරුත දැනගන්න ආසා කළා. ”පින්වත් ශ්රමණයන් වහන්ස, සැබැවින්ම එය අපූරු නමක්. ඒ නම තුළින් කියවෙන අර්ථය දැනගන්නත් මා කැමතියි.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”පින්වත් මහරජතුමනි, ඒ නමේ ලස්සන අරුතක් තියෙනවා. යම්කිසි දෙයකට ගැටෙන්න නම් එහි ඇලී සිටිය යුතුයි. නොගැටී සිටින්නට නම් නොඇලී සිටිය යුතුයි. පින්වත් මහරජතුමනි, නොඇලී සිටීමමයි එහි ඇති අර්ථය.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]පින්වත් මහරජතුමනි, දැන් බලන්න මේ උණ පඳුර දෙස. මේ උණ පඳුර පුරාවට උණ ගසක් ගානේ කඳින් කඳ පවා එකට ඇලී තියෙනවා. වෙලී තියෙනවා. පැටලී තියෙනවා. මේ උණ පඳුරේ අත්තෙන් අත්ත පවා ඒ ඒ අතුවලට එකට වෙලී තියෙනවා. පැටලී තියෙනවා. ඒ වගේම මහරජතුමනි, මේ මුල් දෙස බලන්න. උණ ගසින් උණ ගසට මුල් පවා පැටලී තියෙනවා. වෙලී තියෙනවා. එකතු වී තියෙනවා. එකට සිර වී තියෙනවා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]ඉතින් මහරජතුමනි, අපි සිතමු මෙහෙම. ඔන්න තියුණු කඩුවක් අතින් ගෙන පුරුෂයෙක් එනවා. ඔහු මේ එකට වෙලී පැටලී තියෙන උණ ගසක මුල කපා ඒ ගස පිටතට අදින්නට ගියහොත් මොනතරම් අපහසු වෙයිද?[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]පින්වත් මහරජතුමනි, අපට සිතෙන්නේ මේ සුවිශාල ලෙස වැඞී එකට පැටලී මුලට මුල පෑස්සී අත්තෙන් අත්ත එකතු වී කඳින් කඳ ගැටී ඇති උණ ගසත් ඔබතුමා වගේමයි කියා. ඔබතුමාටත් මේ උණ පඳුර ලෙසින් වෙලී සිරවී බැඳී පැටලී ඇතුළට පිටත අවුල්ව ගිය ජීවිතයක් නොවෙයිද තිබෙන්නේ?[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]පින්වත් මහරජතුමනි, මේ බලන්න. කුඩා උණ ගොබයක් තියෙනවා. තවම මේ උණ ගොබය උණ පඳුර අස්සට වැඞී ගොස් සිරවෙලා නැහැ. අත්තෙන් අත්ත පැටලිලා නැහැ. කඳෙන් කඳ පැටලිලා නැහැ. මෙය යම් කෙනෙකුට මුලින් කපා පහසුවෙන් ගලවා ගන්නට පුළුවන් නේද?[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]පින්වත් මහරජතුමනි, අපිත් රජවරු වෙලා හිටියේ. අපේ රජකම උණ පඳුරේ සිර වූ මහා උණ ගසක් හැටියට නෙවෙයි තිබුණේ. කුඩා උණ ගොබයක් හැටියටයි. අපට ඉතාමත් ලේසියෙන් ඒ උණ ගොබය ගලවා ඉවත් කරගන්න පුළුවන් වුණා. දැන් අපි නිදහස්! අපි අමුතු සුන්දර හුදෙකලාවකයි ජීවත් වෙන්නේ. ඒ නිදහස තුළ සිටින අතරේ තමයි මේ අපි හමුවන්නේ.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]මෙසේ පැවසූ ඒ පසේබුදුවරයන් වහන්සේලා දෙනම රජතුමා බලාසිටියදීම අහසට පැනනැඟුණා. නොපෙනී ගියා. රජතුමා පුදුමයෙන් ගල් ගැසී බලා සිටියා. ඇඟ කිලිපොලා ගියා. ලොමු ඩැහැගත්තා. අද්භූත කම්පනයක් හටගත්තා. උගුර කට වියැළී ගියා. රජතුමා නිහඬව කල්පනා කරන්න පටන් ගත්තා. පෙරළා හැරී ගොස් ඇතු පිට නැග්ගා. උද්‍යාන ක්‍රීඩාවට ගියේ නැහැ. මාළිගාවට පිටත් වුණා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]මේ සිදුවීමෙන් පසු ඒ රජතුමාගේ ජීවිතය බලවත් විපර්යාසයකට පත්වුණා. සඳළුතලයට ගොඩවුණ රජතුමා ඈත අහස දෙස බලාසිටිමින් කල්පනා කරනවා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”ඔව්! ඇලීමක් නිසාමයි ගැටීමක් හටගන්නේ. ඇලීමක් නැත්නම්, මොනවට ගැටෙන්නද? ඇත්ත! මමත් මේ ඇලීමත්, ගැටීමත් අතර නොවෙයිද සිරවී සිටින්නේ….?”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]රජතුමා බිම වාඩි වුණා. පළඟක් බැඳගත්තා. නෙත් පියා ගත්තා. භාවනා කරන්නට පටන් ගත්තා. තමාටත් නොදැනීම සිත යොමු වුණේ ආශ්වාස ප‍්‍රශ්වාසයටයි. ක්‍රමක්‍රමයෙන් රජතුමාගේ සිත සංසිඳෙන්නට පටන් ගත්තා. සමාධිගත වෙන්නට පටන් ගත්තා. සසරේ පුරන ලද පුණ්‍යානුභාවය නිසා ඒ සිත වහා දැහැන්ගත වුණා. ඇලීමත්, ගැටීමත් අතර මේ සිත පවතින්නේ මක්නිසාද කියා රජතුමා විමසන්නට පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් ජීවිතය පිළිබඳව මෙතෙක් නොඇසූ විරූ අවබෝධයක් ඇතිවෙන්නට පටන්ගත්තා. විදර්ශනා ප්‍රඥාව වැඩෙන්නට පටන්ගත්තා. උණ පඳුරක සිරවී ඇති වැඩුණු උණ ගසේත්, පහසුවෙන් ගැලවිය හැකි උණ ගොබයේත් වෙනස වැටහෙන්නට පටන් ගත්තා. දූ පුතුන් කෙරෙහිත්, අඹුදරුවන් කෙරෙහිත් නොඇලී සිටින ප්‍රඥාව මතුවෙන්නට පටන් ගත්තා. නිකෙලෙස් බවට පත්වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]රජතුමාගේ මේ වෙනස දැනගත් රජබිසවත්, දරුවනුත් රජතුමා වටකරගත්තා. ආදර බස් දොඩන්න පටන්ගත්තා. දිගටම රාජ්‍යකරණයේ යෙදෙන්න කියලා අයැදින්න පටන් ගත්තා. එතකොට රජතුමා මෙහෙම පිළිතුරු දුන්නා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”මට දැන් ඒවා කිසිවක් කැප නෑ. මගේ ලෝකය තුළ ඒ කිසිවක් නෑ. මං දැන් අපූරු නිදහසක් භුක්ති විඳිනවා. අද්භූත විරාගී බවකින් මේ සිත පිරී තියෙනවා.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]”ඒ කියන්නේ අර ශ්රමණයන් වහන්සේලා පැවසූ නොඇලෙන, නොගැටෙන අපූර්වත්වය ඔබවහන්සේ තුළත් ඇතිවුණා කියලද? ඔබතුමා රජෙක් නොවැ! රජෙක් තුළ කොහොමද එවැනි දෙයක් ඇතිවෙන්නේ? එවැනි දේ ඇතිවෙන්නේ කෙස් රැවුල් බා, කසාවත් දරා සිටින ශ්රමණයන් වහන්සේලා තුළ නොවේද?”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]එතකොට තවමත් රජකෙනෙකුගේ වේශයෙන් සිටින මෙතුමා හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන්ව ගියා. කසාවත් පෙරැවී ගියා. සොඳුරු ශ්රමණයන් වහන්සේ නමක් දිස්වුණා. ඒ පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5][B]වංසෝ විසාලෝ ව යථා විසත්තෝ[/B] [B] පුත්තේසු දාරේසු ච යා අපේඛා[/B][/SIZE] [SIZE=5] [B] වංසකලීරෝ ව අසජ්ජමානෝ[/B][/SIZE] [SIZE=5] [B]ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ[/B][/SIZE][/B] [/CENTER] [CENTER][B][SIZE=5]”අඹුදරුවන් ගැන මේ හිත බැඳී ඇති ආකාරය පිළිබඳව හරි විදිහට කල්පනා කොට බැලූවොත් එක පඳුරේ පැටලී ගිය සුවිශාල උණ ගසක් වගෙයි. නමුත් උණ ගොබය එහෙම නෑ. එය තිබෙන්නේ කිසිවක නොපැටලී. මං කැමති එයටයි. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”[/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5]සාදු! සාදු!! සාදු!!![/SIZE][/B][/CENTER] [RIGHT][B][SIZE=5][I]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත[/I][/SIZE] [SIZE=5][I] අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴[/I][/SIZE][/B] [LEFT][URL]http://sinhala.mahamevnawa.lk/2013/08/27/pasebudupelahara_4/[/URL] [B][SIZE=5][/SIZE][/B][/LEFT][/RIGHT][LEFT][/LEFT] [RIGHT][LEFT][SIZE=5][/SIZE] [/LEFT][/RIGHT][LEFT][/LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom