බුර්කාව_හෙවත්_සිපිරි_ලෝගුව
බුර්කාව හෙවත් සිපිරි ලෝගුව
මුලධර්මවාදී මුස්ලිම් නිකායන් මුස්ලිම් කාන්තාවන්ගේ මුළු ශරීරයම ආවරණය වන ආකාරයට පලඳවනු ලබන බුර්කාව වැනි ඇඳුම් නූතන මිණුම්දඬුවලට අනුව ශිෂ්ටාචාරයට පටහැණි යමකි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ වඩාත් නිදහස්වාදී සමාජය විසින් මේ වන විට එවැනි ඇඳුම් ප්‍රසිද්ධ සමාජය තුළ පැලඳ සිටිම තහනම් කරමින් පවතී. එවැනි අත්හිටුවීමක් ප්‍රගතිශීලී පියවරක් ලෙසින් පිළිගැනීමට අප විසින් කරුණු දැක්වීම වැදගත් වෙයි.
මීට ඉහතදී සාමාන්‍ය මුස්ලිම් සමාජය තුළ දක්නට නොතිබූ මෙම ප්‍රවණතාවය අද පැතිරෙමින් පවතී. මෙම සිපිරි ලෝගුව (ඛිචදමචඵ පඪඵධද) උගත් මුස්ලිම් සමාජය විසින් එතරම් භාර නොගන්නා තත්ත්වයක් පෙනෙන්නට ඇති මුත් ඔවුන්ගෙන් පවා මේ අරබයා ප්‍රගතිශීලී විවේචනයක් මතුවී ඇති බවක් පෙනෙන්නට නැත.
බුර්කාව පලඳින්නේ මුස්ලිම් ස්ත්‍රීන් නිසා එය ඒ ඒ අයගේ මනාපය හා ආගමික චාරිත්‍රයක් අනුගමනය කරන්නක් ලෙසින් පුද්ගලික නිදහස පිළිබඳ කාරණාවක් ලෙසින් මුස්ලිම් සමාජයෙන් කරුණු ඉදිරිපත් කරනවා විය හැකිය. එවිට ඊට අපේ පැහැදිලි කිරීම / පිළිතුර විය යුත්තේ කුමක්ද?
බුර්කාව අරබයා අපගේ විරෝධය සලකුණු කරන්නේ බුර්කාව විසින් දරා සිටින සංකේත හා ඇඟවුම්වලින් මානව ශිෂ්ටාචාරයේ සාමූහිකත්වයට හරස් කැපීමක් සිදුවන නිසාය. තමන්ගේ පෞද්ගලික තේරීමක් ලෙසින් පොදු සමාජ අවකාශයේ නිරුවතින් කෙනෙකුට හැසිරීමට අවකාශ නොමැත. එමෙන්ම ඉන්දියාවේ සිටින ෙජෙන ආගමිකයකු නිරුවතින් හැසිරීම තුළ පවා ඔහු අනෙක් සමාජය ප්‍රතික්ෂේප නොකරයි.
(මෙවැනි ඇදහිලි ශිෂ්ට සම්පන්න මිණුම් දඬුවලින් හා විචාරශීලී බුද්ධියෙන් බැහැර කිරීම වෙනමම කරුණකි) සංයුක්ත අරුතින් ගත්කල ෙජෙන බැතිමතාගේ නිරුවත් හැසිරීම සෙසු සමාජය කෙරෙහි සංවිධානාත්මක හැඟුවුමක්, ඇණවුමක් නොවේ.
එහෙත් බුර්කාව පැලඳ සිටීමෙන් සෙසු සමාජයට අඟවනුයේ තමන් සෙසු සමාජය සමග ‘පෑහීමකට’ කොහෙත්ම සූදානම් නොමැතිය යන්නය. තමන් අනෙකෙකු විසින් දැකීම පවා වැළක්වීම මේ ඇඳුමේ අපේක්ෂාවයි. එමෙන්ම තමන් සහ සෙසු සමාජය අතර විශාල පරතරයක් පවත්වා ගැනීම මෙවැනි ඇඳුමකින් (ආවරණයකින්) බලාපොරොත්තු වේ. සෙසු සමාජය යනු ‘ස්ත්‍රීන්ට අනතුරු ගෙනෙන අවදානම් සහිත පරිසරයක්’ හෙයින් මෙලෙස ආවරණය කළ යුතුය වැනි අදහසක් ඉන් ප්‍රකාශ වේ නම් එය කනගාටුදායක වැරදි තක්සේරුවකි. (ඇඳුම් ඇඳීමට පෙර සිටි මානවයා අතින් එකල හුන් නිරුවත් ස්ත්‍රීන් අඩම්තේට්ටම්වල ලක් නොවීය.)
සමාජය වඩා ශිෂ්ට වූ විට වඩා මානුෂීය වූ විට ඒ සමාජයෙන් අනෙකෙකුට අගතියක්, අයහපතක් සිදු නොවේ. එනිසා කළ යුත්තේ තනි තනි ස්ත්‍රීන්ගේ හෝ පුරුෂයින් සෙසු සමාජයෙන් වහං වීම / වහං කිරීම නොවේ. සමාජය හුදෙකලා පුද්ගලයන්ගෙන් පිරුණ විට, ඒ හුදෙකලා පුද්ගලයා අසමතුලිත පුද්ගලයකු බවට පත්වේ. එවිට ඒ අසමතුලිත පුද්ගලයන් තුළ කැකෑරෙන ආවේගයන් වඩා ප්‍රචන්ඩ ලෙස මුදා හැරීමක් සිදුවිය හැකිය. එනිසා පොදු වශයෙන් ගත්විට සමාජය සමග සමානුයෝජනය වීමෙන්, සමාජයෙන් තවකෙකුට සිදුවිය හැකි අගතියක් පිළිබඳ අවදානම පහව යයි.
එනිසා කළ යුතු වන්නේ තනි තනි පුද්ගලයා සමාජයෙන් ආවරණය කිරීම නොව සෙසු සමාජය සමග සමානුයෝජනයට ඉඩ හැරීමයි. මානුෂීය සම්බන්ධකම්, හිතවත්කම් ගොඩනැගුණු විට ඒ බැඳීම්වලින් පමණි රැකවරණය තහවුරු වන්නේ.
ගුණාත්මක මානුෂීය දර්ශකවලින් ඉදිරියෙන්ම සිටින ස්කැන්ඩිනේවියානු රටවල ස්ත්‍රී දූෂණ හෝ ස්ත්‍රීන්ට එරෙහි ලිංගික අඩන්තේට්ටම් ඉතා අවම වී ඇත්තේ එරට ස්ත්‍රීන් සෙසු සමාජයෙන් වහං කොට තබාගෙන සිටින නිසා නොව සමාජය අත්පත් කරගෙන සිටින මානවීය වටිනාකම් නිසාය. එවැනි නිදහස් සමාජය තුළ මානව සබඳතා උසස් මට්ටමකින් පවත්වාගෙන යන අතර එමගින් සදාචාරාත්මකවත් නිරෝගී ප්‍රජාවක් ඒ රටවල සිටින නිසාය. ස්ත්‍රී අඩනිරුවත දුටු මතින් කාමෝද්දීපනය වීමේ හෝ ලිංගිකව ප්‍රචණ්ඩ වීමේ අමානුෂික ස්වභාවයක් (සාපේක්ෂව) ඒ රටවල පිරිමින්ට නොමැත.
එනම් ශිෂ්ටත්වය ස්ථාපිත කළ හැක්කේ ස්ත්‍රී ශරීරය වහං කිරීමෙන් නොව සමාජය ශිෂ්ට කිරීමෙනි. කාන්තාවන්ට යම් අවදානමක් පවතින්නේ නම් කළ යුත්තේ ලිංගිකව නිරෝගී නොමැති අනතුරුදායක පුද්ගලයන් හඳුනාගෙන ඒ අය පුනරුත්තාපනය කිරීමයි.
ජීව විද්‍යාත්මක මානයෙන් සැලකූ විට මිනිසා යනු සමාජශීලී සත්ත්වයෙකි. සෙසු සත්ත්ව වර්ගයා පරයමින් විශිෂ්ට, තීක්ෂණ හා ගුණාත්මකව උසස් හර පද්ධති සහිත සංස්කෘතික / ශිෂ්ට සත්ත්ව විශේෂයක් බවට ඔහු පරිණාමය වූයේ සාමූහිකත්වයෙන් සිටීම හේතුවෙනි. පරිණාමයේදී මිනිසාට වේගවත්ව ඉදිරියට යෑමට හැකිවූයේ සාමූහිකත්වය නිසාය. ඒ සාමූහිකත්වය නිසාම සන්නිවේදන අවශ්‍යතාවය මතුවී භාෂාවක් බිහිවී ඒවා වර්ධනය වී ප්‍රකෘතියේ පරිසමාප්ත ජීවියෙකු අද මෙලෙස බිහිවී ඇත.
බුර්කාව වැනි සංකේතවලින් ඒ මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රගතිශීලී සාමූහික ප්‍රවේශයට බාධා පමුණුවයි. සමාජයේ ගුණාත්මක සංවර්ධනයට බාධා පමුණුවයි.
වඩාත් ඉහළ මානුෂීය තලයකදී, විවිධ වෙනස්කම් සහිත මිනිස් ප්‍රජාවන්ට එකට මුණගැසීය හැක්කේ ඒ විවිධ වෙනස්කම් සහිත ප්‍රජාවන් හට හැකි තරම් මුහු වීමට ඉඩ හැරීම තුළිනි. අනෙකාට උදව් කිරීමට, අනෙකා සමග ප්‍රියමනාප ලෙස විසීමට අනෙකා සමග කථාබහ කිරීමට, සිනාසීමට, හෘදයාංගම වීමට ඉඩ හැරීම තුළිනි ලෝකය වඩා උත්කෘෂ්ඨ තැනක් බවට පත්කළ හැක්කේ. බුර්කාව මේ සියලු ඉඩ අහුරාලයි.
කෙසේ මුත් මේ තත්ත්වය වෙනස් කිරීමේ අරගලය බිහිවිය යුත්තේ මුස්ලිම් සමාජය තුළින්මය. මුස්ලිම් බුද්ධිමතුන් අතරින්ය. මීට දශක කිහිපයකට පෙරාතුව නොතිබූ මෙම ආගමික වහන්තරාව ඉරානයේ අන්තවාදී මුල්ලාවරුන් විසින් ගෙන ආ පසුගාමී අභිචාරයකි. මෙම අභියෝගයට එරෙහි අරගලය දියත් කිරීම විසින් ඒ සමාජයේ සෙසු පසුගාමිත්වයන් ඉක්මවා යෑමේ ජවය මුස්ලිම් ප්‍රගතිශීලීන් හට ලබා දෙනු ඇත.
තාරක වරාපිටිය
( උපුටාගැනිමකි )
සංවාදයට විවෘතයි