බුරැ ඇදක් මොකටද? (Re post)

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    බුරැ ඇදක් මොකටද?

    මේක මම කළින් දාපු පොස්ට් එකක් එත් තව සැරයක් කතා කරන්න හිතුනා .

    ඉතින් මට හිතුනා මෙවගේ දෙයක් ගැන කතා කරන්න. මොකක්ද දන්නවද?.. :no: කියන්න එපායැ දැනගන්න

    අපේ හිතවත් පොදු ප්‍රවාහන සේවයේ යනකොට අපි කාටත් විදින්න වෙන කරදරයක් තමා බස් වල කෝච්චියේ ශීට් වල ඉදගත්තම ලග ඉන්න කෙනගෙන් වෙන කරදරේ... බුරු ඇද දිග ඇරගෙන යාම. :angry::angry: ශීට් එකේ ඉන්නෙ මහත කෙනෙක් නම් අනෙත් කෙනා චකබ්ලාස් (ඔය වගෙ කෙනෙක්ට අහු උනම අයේ කියන්න ඕනෙ නැනේ.):growl::growl

    මෙක පුරුශ පාර්ශ්වය විතරක් නෙමේ ස්තිරී පාර්ශවයත් කරන දෙයක්.. හැබැය් එයාලා ඔය වියතක් විතර එකක් ඇදන් යනකොට කීකරු සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ යනවා. හැබැය් දෙකම කකුලට කලිසම බස්සගෙන යන වෙලාවට යන්නෙ බුරු ඇද බාප්පගේ ගෙදරින් ගෙනවා වගේ අයේ කාටවත් ඉඩක් දෙන්නෙ නැ. (අනේ අම්මප ඔය වෙලවට තමා මට හිතෙන්නෙ නාසා එකෙන් ණයට රොකට් එකක් අරගෙන අර බුරු ඇද මැද්දටම යවන්න):P:

    ඒ වගෙම තමා සමහරු මේ දැන් හදෙන් බැස්සා වගේ තඩි බැග් එල්ලාගෙන ඇවිල්ලා රැක්වල දානවා. එවගේ බෙල්ට් පහලට එල්ලිලා වැටෙනවා. වාඩිවෙලා ඉන්න කෙනගෙ මුනේ ඔලුවේ වදිනව. (අම්ම තාත්තා විතරක් නෙවි සිය පව්ලම ආදරයෙන් මතක් වෙනවා දාපු එකාගේ ):lol::lol:

    හිතන්න... ඉතිං ඔයාලා අතිනුත් මෙවගේ වැරදි වෙනවානම් අනෙක් කෙනා පත්වෙන අපහසුතවය ගැන. :(:(


    එහෙනං හැමෝටම සුබ දවසක් කිව්වා.:cool: