බුලත් කාලා අමාරුවක වැටිලා

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
බුලත් කාලා අමාරුවක වැටිලා

මිතුරකු තම උපන් දිනයට මිතුරන් කිහිප දෙනකුට ආරාධනා කළේය. එය මධුවිත සපිරි සාදයක් විය. සවස්වනවිට මිතුරන් කිහිප දෙනෙක් පැමිණියේ වෑන් රථයකිනි. එය පැදවූ මිතුරා මත්පැන් පානය නොකරන්නෙකි. තවත් මිතුරෙක් පැමිණියේ වෙනත් නගරයක සිට තම යතුරු පැදියෙනි. සාදය ආරම්භ විය. මිතුරන් බොහෝ දෙනා මධුවිතින් සන්තර්පණය වුවත් යතුරු පැදියෙන් ආ මිතුරා මත්පැන් පානය කළේ පදමටය.

හේතුව මග දිගට පොලිස් නිලධාරීන් සිටින බැවිනි. මධ්‍යම රාත‍්‍රිය පසුවනතුරු සාදය පැවැත්විණි. අවසානයේදී රාත‍්‍රි ආහාර ලබාගත් මිතුරන් නිවෙස් බලා පිටත්වූහ. යතුරු පැදියෙන් ආ මිතුරා සුළු වේලාවක් නිවැසියන් සමඟ පිළිසඳරේ යෙදී පසුව බුලත් විටක්ද සපමින් යතුරු පැදියේ නැඟී නිවෙස බලා එන්නට විය. ටික දුරක් පැමිණි විටදී ඔහුගේ හිස බ‍්‍රමණය වන්නට විය. රාත‍්‍රි භෝජන ශාලාවක් අසල යතුරු පැදිය නැවැත්වූ හෙතෙම භෝජන ශාලාවේ හිමිකරුට තම අසනීපය පැවසීය. ”සමහර විට බුලත් විට කෑවාම කැරකිල්ල හැදෙනවා” යැයි පැවසූ මුදලාලි ශීතකළ වතුර වීදුරුවක් බොන්නට දී ඇඳි පුටුවක හාන්සි කරවීය. පැයකට පසු පියවි සිහිය ලද තරුණයා, ”මුදලාලිට බොහොම ස්තූතියි.” පවසා යතුරු පැදියට ගොඩ විය.

”මහත්තයා බුලත් විටක් කාලා මත් වුණාම අයිස් වතුර ටිකක් බොන්න. නැත්නම් සීනි ටිකක් කන්න.”

මුදලාලි උපදෙසක් දීමටද අමතක කළේ නැත.


සොහොනට යද්දී යකැදුරු පිස්සු නටලා
තමා විසින් පරීක්‍ෂා කළ පේනයකට අනුව ස්ථීරවම නිවෙසට කොඩිවිනයක් කර ඇති බව දැනගෙන එය කැපීමට එම නිවෙසට ගිය යකැදුරකු ගෙහිමියා හා එක්ව කළ අපූරු කටයුත්තක් පිළිබඳව පසුගියදා දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබිණ.
මේ යකැදුරා කොඩිවිනය කැපීමට නම් තමා සකස් කළ පූජා කට්ටලයක් සොහොනකදී ජීවම් කිරීටම අවශ්‍ය බව ගෙහිමියාට කියා තිබේ. නිවසේ සිට සොහොන් බිම දක්වාම දුම්මල වරම් ගයමින් නට නටා යායුතු බව පැවසූ ඔහු තමාගේ කකුලේ ආබාධයක් නිසා පයින් යා නොහැකි නිසා වාහනයක් සපයන ලෙස කියා තිබේ. ගෙහිමියා අසල්වැසි හිතවතකුගේ වෑන් රථයක් මේ සඳහා සූදානම් කළ අතර ඉන් ගමන ආරම්භ කරත්ම එතුළට නැගගත් යකැදුරා දුම්මල වරම් ගයමින් නටන්නට පටන්ගෙන තිබේ.
මෙය දුටු වෑන් රථයේ රියැදුරාට දෙවියන් සිහිවී ‘‘ ඕක ඇතුළේ ඔය වැඬේ නම් කරන්න එපා.’’ කියා ඔහු බිමට බැස්සවූ අතර මන්තර ගුරුකම් ලත්තැනම ලොප්වුණාලූ.


හුනියම කටින් ගොඩගන්න
යකදුරෙක් දවසක් ගෙදරක කට්ටඩි කමක් කරන්න ආවලු .හුනියම කටින් ගොඩගන්න පොරොන්දු උනාලු ලොකු ගානකට .මෙන්න මිනිහ ගුරුකම කරන්න කලින් දවසේ මහ රෑ ඇවිල්ල ගෙදර කට්ටියට හොරෙන් මොකද්ද වලලන්න .මේක දැකල ගෙදර හිටපු කොලුවෙක් වලලනකල් ඉඳල එක අයින් කරලා අසුචි පොට්ටනියක් එතන වලලුවලු .කට්ටඩිය නියමිත දවසේ ඇවිල්ල දුම්මල වරම අරගෙන අර තැනට අවේසෙන් දුවල අහනවලු අතින්ද කටින්ද කියල .කොල්ලෝ සෙට් එක කිව්වලු කටින් කටින් කියල .කට්ටඩිය හුනියම ගොඩ අරන් වචනයක් වත් කතා නොකර ගේ පැත්තට ගියාලු
 
  • Like
Reactions: [email protected]

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
avatar267406_148.gif


:lol: