බූස්ටර් එන්නත පිළිබඳව ලංකාවේ මිත්‍යා මත

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113


    කොවිඩ්-19: බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?​


    vaccine vial hands heart

    ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

    මේ දිනවල ලොව පුරා නැවතත් කොරෝනා රැල්ලක් හිස ඔසවා ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වෛරසයට ඇති එකම විසදුම ලෙස විශේෂඥයින් පවසන්නේ එන්නත ලබාගැනීමයි. බොහෝ දෙනෙක් කොව්ඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාව (තෙවැනි එන්නත් මාත්‍රාව) ලබාගෙන ඇතත්, තවත් පිරිසක් බූස්ටර් එන්නත ලබාගැනීමට මැලිකමක් දක්වති.

    ශ්‍රී ලංකාවේ බූස්ටර් එන්නත ලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නත යි. පළමු සහ දෙවන එන්නත ලහි ලහියේ ලබා ගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථානවල දිගු පෝලීම් දක්නට ලැබුණත්, බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා එවැනි උනන්දුවක් මේ දිනවල දක්නට නොලැබේ.විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ, ඇතැම් වැරදි සහ මිත්‍යා මත හේතුවෙන් එම මැලිකම පවතින බව යි.

    කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍ය මතය නම් සෑම අයෙකුම නොපමාව බූස්ටර් එන්නත ලබා ගැනීම ඉතා වැදගත් යන්න යි.

    බූස්ටර් එන්නත් මාත්‍රාව ගන්න අවශ්‍යම ද?​

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසා සිටියේ, "බූස්ටර් මාත්‍රාවක් ගන්න අවශ්‍යම ද? ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එහෙනම් ඇයි මේ බූස්ටර් මාත්‍රාවක් නිර්දේශ කරන්නේ, එහෙම නැත්නම් ගන්න අවශ්‍යම ද කියලා." මිනිසුන් අතර මතයක් ඇති බවයි.

    වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ කොරෝනා මැඩලන එන්නත් වලින් ජනතාවගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිය වැඩි කරන බවයි.

    "කොවිඩ්-19 මාත්‍රා දෙකම ගත්තම මාස කිහිපයක දී අපේ ප්‍රතිදේහ හීනි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. නව ප්‍රභේද ආපුහාම ඒ ප්‍රභේදවලට ඒ ප්‍රතිදේහ සමහරක් වෙලාවට මඳි වෙන්න පුළුවන්. ඉතින් මේ බූස්ටර් මාත්‍රාව මඟින් අපේ ප්‍රතිදේහ නංවාලීමත්, අපි නැවත නැවත නිරාවරණයවීමේ දී අපිට එයට ආරක්ෂාවක් ඇතිවීමත් බලාපොරාත්තු වෙනවා. ඔබ බූස්ටර් මාත්‍රාවට සුදුසුකම් ලබා ඇති පුද්ගලයෙක් නම් ළඟම ඇති කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගිහිල්ලා එය නොවරදවාම ගන්න," වෛද්‍ය ජයමහ ප්‍රකාශ කළේ ය.
    මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාවට පළමු හා දෙවන මාත්‍රාව ලෙස මාත්‍රා දෙකක්, ඉන්දියාවේ හා ජපානයේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් අස්ට්‍රාසේනිකා, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම්, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V, ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වලින් ලබා දී ඇති අතර බුස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදෙයි.

    චීන එන්නත් පළමුව අරන් ෆයිසර් එන්නත බූස්ටර් එන්නත ලෙස ලබා ගන්න පුළුවන් ද?​

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියේ වෙනස් වර්ගවල එන්නත් ලබාගැනීම වඩාත් හොඳ බව යි.

    "ලෝකයේ පර්යේෂණ කරලා හොයාගෙන තියෙන දෙයක් තමා මික්ස් ඇන්ඩ් මැච් කරහාම පස්සේ, ඒකෙන් ලැබෙන ප්‍රතිශක්තිය හොඳයි කියලා කියන්නේ, එකම වර්ගයෙන් ගහනවාට වැඩිය," ඔහු පැවසුවේ ය.මේ අතර, එන්නත් ලබා ගත් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ, එන්නත ලබා ගැනීම නිසා තමාට විවිධාකාරයේ අතුරු ආබාධයන්ට මුහුණදීමට සිදුව ඇති බව යි.

    "මම එන්නත් දෙකම ගත්තා. දෙවනි එක අරගෙන මාස තුනක් පමණ වෙනවා දැන් මගේ විදපු අතේ වැළමිට ලඟ වේදනාවක් එනවා. සමහර වෙලාවට අත නවාගෙන ඉන්නත් බැහැ රිදෙනවා," එක් අයෙකු ප්‍රකාශ කර තිබුණි.

    කෙසේවෙතත් ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටින්නේ මේ ලක්ෂණ කෙටිකාලීන බව යි.
    "මේ දක්වා විශාල පිරිසකට බූස්ටර් එන්නත දීලා තියෙනවා නේ. මේ දක්වා වාර්තා වෙලා තියෙන අතුරු ආබාධ ඇඟපත රිදෙන ඒවා සහ උණ ගන්න ඒවා වගේ කෙටිකාලීන ඒවා විතර යි. මරණ වාර්තා වී නැහැ. වැඩි ආරක්ෂාවක් ලැබෙන්න නම් බූස්ටර් එන්නත ගත යුතු යි," ඔහු අවධාරණය කළේ ය.

    ඔබ ලබා ගන්න ඕනෙ කුමන බූස්ටර් එන්නත ද?​

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ, ගත යුතු බූස්ටර් මාත්‍රාව පිළිබඳ යම් අයෙකුට ගැටලුවක් පැවතිය හැකි බව යි.
    පළමු හා දෙවන මාත්‍රා දෙක කුමන එන්නත් වර්ගයකින් ලබා ගත්ත ද, ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව ලෙස ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

    විශේෂඥ බටුවන්තුඩාව පවසා සිටියේ සියලු දිස්ත්‍රික්කවල සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් බූස්ටර් එන්නත ලබා දෙන අතර, පළමු මාත්‍රා දෙක පිළිබඳ බියවීමකින් තොරව බූස්ටර් එන්නත ලබාගත හැකි බව යි.
    කොවිඩ් වළක්වාගත හැකි හොඳම අවිය එන්නත්කරණය බව ද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

    Vaccine centers in Sri Lanka

    ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES


    පළමු හා දෙවන මාත්‍රා දෙක කුමන එන්නත් වර්ගයකින් ලබා ගත්ත ද, ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව ලෙස ලබාගත හැකි ය

    ලක්ෂ 50කට ආසන්න පිරිසක් බූස්ටර් එන්නත ලබාගනියි​

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව ජනවාරි 20 වැනිදා වනවිට මෙරට කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත් පුද්ගල සංඛ්‍යාව හතලිස් අටලක්ෂය ඉක්මව යි (4,829,720).

    දිනය බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව

    ජනවාරි 15 වැනිදා 60847
    ජනවාරි 16 වැනිදා 38869
    ජනවාරි 17 වැනිදා 23717
    ජනවාරි 18 වැනිදා 33667
    ජනවාරි 19 වැනිදා 30533
    ජනවාරි 20 වැනිදා 26796

    ප්‍රතිශක්තිකරන ක්‍රියාවලියේ ප්‍රගතිය


    ජනවාරි 20 වැනිදා වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 599,363කි. සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 568,829කි. පුද්ලයින් 15,255ක් කොවිඩ් ආසාදිතව මියගොස් තිබේ. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 15,279 කි.

    ලොවපුරා තත්ත්වය සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාව සතුටුදායක තත්ත්වයක​

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව මේ වන විට සතුටුදායක තත්ත්වයක සිටින බව යි.මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩකටයුතු මෙන්ම පාසල් ද සාමාන්‍යකරණයෙන් පවත්වාගෙන යාමට හැකිවී ඇතැ යි ද ඇය කියා සිටියා ය.

    කෙසේවෙතත්, ලොවපුරා අධික ලෙස කොවිඩ් පැතිරෙමින් පවතින බව පවසන ඇය, යුරෝපය, ඇමෙරිකාව, සහ ඕස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය අධික ලෙස පැතිර යමින් ඇති අතර එක්සත් ජනපදයෙන් දිනකට මිලියනයක් පමණ රෝගීන් වර්තාවන බව පෙන්වා දෙයි.

    "ඩෙල්ටා එක්ක සංසන්දනය කිරීමේ දී ඔමික්‍රෝන්වලින් ඇති වෙන රෝග ලක්ෂණ හා මියයන සංඛ්‍යාව අඩු යි. නමුත් ඩෙල්ටාවලට වඩා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා," මහාචාර්යවරිය සඳහන් කළා ය.

    "ඩෙල්ටා ප්‍රභේදය නිසා විශාල ව්‍යසනයක් වුණා ශ්‍රී ලංකාවේ. දැන් ඔමික්‍රොන් ප්‍රභේදය ලොව පුරා පැතිර යමින් විශාල බලපෑමක් කරමින් තිබෙනවා," මහාචාර්ය මලවිගේ පවසා සිටියා ය.

    ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ ඔමික්‍රෝන ප්‍රභේදය නිසා එංගලන්තය, එක්සත් ජනපදය ඇතුළු රටවල විශාල පිරිසක් මියයමින් සිටින බව යි.කෙසේ වෙතත්, එක්සත් ජනපදය වැනි රටවල දිනකට 1500- 2000ක් පමණ මියයන බැවින්, එන්නත් ලබාගත්ත ද රෝගය පැතිරෙන, මරණ වාර්තා වෙන බැවින් බූස්ටර් එන්නතේ මෙන්ම එන්නත්කරණයේ වැදගත්කම ද ගැන යමෙකුට ප්‍රශ්න කළ හැකිබව ඇය ප්‍රකාශ කරයි.

    "කොවිඩ් හැදුනාම බරපතල රෝගී තත්ත්වයට පත්වෙන්නේ සහ මියයන්නේ වයසක අය සහ වෙනත් රෝගාබාධ තියෙන අය. අමෙරිකාවේ දත්ත අරන් බැලුවම අවුරුදු 65ට වැඩි 12.5%ක් එක එන්නතක් හෝ ලබාගෙන නැහැ," ඇය පැවැසුවා ය.

    "අමෙරිකාවේ එන්නත්කරණය කරගත හැකි මිලියන 85ක ජනගහනයක් එන්නත්කරණය කරගෙන නැති නිසා ඔමික්‍රෝන් ප්‍රභේදය තදබල ලෙස පැතිර යනවා. දැඩි සත්කාර පිරීගෙන යනවා. යුරෝපයෙත් එහෙම යි. ඒ අය එන්නත් විරෝධී අය. අමෙරිකාව එක්ක බැලුවම ලංකාව එන්නත්කරණයනේ ඊට වඩා ඉහළ තැනක ඉන්නේ. බූස්ටර් එන්නතත් එක්ක ගත්තාහම ඉන්නේත් ඊට සමාන හෝ ඉස්සරහින් ඉන්නේ."

    "අවුරුදු 65ට වැඩි අය තමා වැඩියෙන් මියයන්නේ සහ දැඩි රෝග ලක්ෂණ ඇති වෙන්නේ. එන්නත් දෙකක්ග ගැහුවම ඔමික්‍රොන් නිසා රෝහල්ගතවීමේ සම්භාවිතාව 50%කින් අඩුවෙනවා. ඒක හොඳ ආරංචියක්. බූස්ටර් ඩොස් එකක්, ඒ කියන්නේ එන්නත් මාත්‍රා තුනක්, ගැහුවාම 65ට වැඩි අය රෝහල්ගත කිරීමේ සම්භාවිතාව 90%කින් අඩුවෙනවා. 10%ක ප්‍රතිශතයක් තමා තියෙන්නේ රෝහල්ගතවීමට. බූස්ටර් එන්නත ලබා ගත්තොත් රෝහල් පිරීයාම සහ රෝහල්ගතවීම අඩු යි. අපට එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන්. අද මේ ඉන්නවා වගේ ඉන්න ලැබෙනවා," මහාචාර්යවරිය වැඩිදුරටත් පැවසුවා ය.

    BBC
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    pitiye appu dead 😅
    අාපෝ මතක් කරන්න ඵපා බං ඔය පිස්සව..උෟ මේකේ උන් කීදෙනෙක් බය කරල වැක්සීන් ගහන ඵක නතර කරන්න අැද්ද..අර තාමත් ත්‍රෙඩ් දාන්නෙ උෟ කියපුව ඔළුවේ තියන් සමහර උන්..ගැහුව කට්ටියටත් මතක් වෙන්නේ දැන් උෟ දාපුවා..ඒ තරම් ඔළුවටම වැදිල ඒ කියපු දේවල්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    Gahaganna one ehenam
    මම ගැහුවේ ඊයේ..අත රිදෙන ඵකත් දැන් අඩුයි..පැනඩෝල් 2ක් ගැහුව ඊයෙ රෑ.බය නැතුව ගහගන්න.කට කථා වලට අහුවෙන්න ඵපා..අපේ මාම කෙනෙක් නැති වුනා ඔය කට කථා විශ්වාස කරල වැක්සීන් ඵකක්වත් ගහගන්නෙ නැතුව බයේ ඉඳල.වෙන ලෙඩ තිබ්බෙත් නෑ.පවුලටම කොරෝන හැදුන..ඵයා විතරයි වැක්සීන් අරන් හිටියෙ නැත්තේ.අනික් අය වැක්සීන් අරන් හිටපු නිසා දැන් හොඳට ඉන්නව.ඩෙල්ටා ලංකාවට අාපුම කාලේ තමා ඵයාලට හැදුනේ.
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,069
    113
    Colombo
    මම ගැහුවේ ඊයේ..අත රිදෙන ඵකත් දැන් අඩුයි..පැනඩෝල් 2ක් ගැහුව ඊයෙ රෑ.බය නැතුව ගහගන්න.කට කථා වලට අහුවෙන්න ඵපා..අපේ මාම කෙනෙක් නැති වුනා ඔය කට කථා විශ්වාස කරල වැක්සීන් ඵකක්වත් ගහගන්නෙ නැතුව බයේ ඉඳල.වෙන ලෙඩ තිබ්බෙත් නෑ.පවුලටම කොරෝන හැදුන..ඵයා විතරයි වැක්සීන් අරන් හිටියෙ නැත්තේ.අනික් අය වැක්සීන් අරන් හිටපු නිසා දැන් හොඳට ඉන්නව.ඩෙල්ටා ලංකාවට අාපුම කාලේ තමා ඵයාලට හැදුනේ.
    Kalin Gahuwe Sinaphorm neda 1st & 2nd
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    Kalin Gahuwe Sinaphorm neda 1st & 2nd
    ඔව්..අරාබි රටවල් වලත් ඵහෙම තමා ගහල තියෙන්නේ..WHO approve කරලා ඵහෙම ගහන ඵක OK කියලා..අපේ ගෙදර ඔක්කොම බූස්ටර් ඵක ගහල ඉන්නේ..කිසිම අවුලක් නෑ..සයිනොෆාම් 2 ගහපුවහමනම් side effects අාව.බූස්ටර් ඵකට අත රිදෙන ඵක විතරයි..ඒක ඉතිං නෝර්මල් නේ.මේ වීඩියෝ ඵකත් බලන්න..හොඳ පැහැදිලි කිරීමක් කරනව වැක්සීන් ඵක ගැන..

     
    • Like
    Reactions: buddikagayan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    මිනිස්සු එහේට මෙහේට ඇද ඇද හිටියනේ. නැත්තන් හමුදාව ලෑස්ති වෙලා හිටියේ ලන්කාවටම උනත් එක දවසින් කෙලලා දාන්න. මන් ගියපු වෙලාවෙත් කියව කියව හිටියා කෝ නෑනේ කට්ටිය මෙහෙමමන් වැඩක් නෑනේ ගගා. උන්ට නිකන් සික් එක වගේ එකදිගට පෝලින් කරලා දේන්න නැතිවාම. අන්තිමට බඩු ටිකත් අරන් ගියා හැරි හැරි හිටපු උන්ට තාම නෑ.
    හරියට සේට් උනානම් වෙලහට ලන්කාවටම ගහලා ඉවරයි. අනික ලබන මාසේ වෙනකොට කොහොමත් ලන්කාවම positive වෙලා ඉවර වෙයි.
    ගහන එකක් අද හෙටම ගහගනිල්ලා. වයසක අයටනම් දැනුනේවත් නැතිගාන positive උනා කියලා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    මිනිස්සු එහේට මෙහේට ඇද ඇද හිටියනේ. නැත්තන් හමුදාව ලෑස්ති වෙලා හිටියේ ලන්කාවටම උනත් එක දවසින් කෙලලා දාන්න. මන් ගියපු වෙලාවෙත් කියව කියව හිටියා කෝ නෑනේ කට්ටිය මෙහෙමමන් වැඩක් නෑනේ ගගා. උන්ට නිකන් සික් එක වගේ එකදිගට පෝලින් කරලා දේන්න නැතිවාම. අන්තිමට බඩු ටිකත් අරන් ගියා හැරි හැරි හිටපු උන්ට තාම නෑ.
    හරියට සේට් උනානම් වෙලහට ලන්කාවටම ගහලා ඉවරයි. අනික ලබන මාසේ වෙනකොට කොහොමත් ලන්කාවම positive වෙලා ඉවර වෙයි.
    ගහන එකක් අද හෙටම ගහගනිල්ලා. වයසක අයටනම් දැනුනේවත් නැතිගාන positive උනා කියලා.
    කියල වැඩක් නෑ..මම දන්න රට ඉන්න ඵකෙක්ගෙන් අැහුව වැක්සීන් ගහගන්නෙ නැද්ද කියල උෟ කියනව උෟට high blood pressure තියෙනවලු..ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්න ඕන කිය කිය හිටියේ ඒ දවස්වල..😁
     
    • Haha
    Reactions: kasun090354t

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මිනිස්සු එහේට මෙහේට ඇද ඇද හිටියනේ. නැත්තන් හමුදාව ලෑස්ති වෙලා හිටියේ ලන්කාවටම උනත් එක දවසින් කෙලලා දාන්න. මන් ගියපු වෙලාවෙත් කියව කියව හිටියා කෝ නෑනේ කට්ටිය මෙහෙමමන් වැඩක් නෑනේ ගගා. උන්ට නිකන් සික් එක වගේ එකදිගට පෝලින් කරලා දේන්න නැතිවාම. අන්තිමට බඩු ටිකත් අරන් ගියා හැරි හැරි හිටපු උන්ට තාම නෑ.
    හරියට සේට් උනානම් වෙලහට ලන්කාවටම ගහලා ඉවරයි. අනික ලබන මාසේ වෙනකොට කොහොමත් ලන්කාවම positive වෙලා ඉවර වෙයි.
    ගහන එකක් අද හෙටම ගහගනිල්ලා. වයසක අයටනම් දැනුනේවත් නැතිගාන positive උනා කියලා.
    ow ape diha seramala vaccine 3 gehuwa...... podi ekata 1 dose ekai ne ekath gehuwa.... boru baila nethuwa seramala vaccine karaganna eka thama hodama de