Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙන්ස් ගේ කාර් එක බිරිද උස්සයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙන්ස් ගේ කාර් එක බිරිද උස්සයි

එලකිරියේ කාර් ගැන බොහෝ තතු කතා වෙනවානේ.

කාල් බෙන්ස් ගේ බෙන්ස් කාර් ගැන නොදන්න කෙනෙක් නැනේ. බෙන්ස් කාර් කරළියට ගේන්න ඔහුගේ බිරිද බර්තා බෙන්ස් ලොකු කැපවීමක් කලා.

එක්වරක් කාර් එකකුත් ඉස්සුවා කියලා දන්නවාද?

බර්තා බෙන්ස්

1888 අගෝස්තු මස ජර්මානු ඉංජිනේරුවෙකු වන කාල් බෙන්ස්ගේ බිරිය බර්තා බෙන්ස් විසින් ඉතිහාසය වෙනස් කරමින් මොටර්රථයක් දිගු දුරක් සාර්ථකව ධාවනය කල පුද්ගලයා බවට පත්විය. මේ සංචාරයේ මහිමයෙන් බෙන්ස් ගේ සොයාගැනිම කරළියට ආ අතර වෘත්තීය සාර්ථකත්වයට ද බලපෑවේය. කාල් බෙන්ස්ටත් නොදන්වා සිදුකල මෙම ඉතිහාසගත ගමන ගැන බොහෝ දෙනා නොදනි.

1849 දී ජර්මනියේ ෆෝත්සයිම් හීදි ධනවත් පවුලක ජන්මලාභය ලැබූ බර්තා රින්ගර් ව්‍යාපාර ඥානයකින් හෙබි කාන්තාවකි. කාල් බෙන්ස් සමග විවාහා විමට පෙර සිටම ඇය දෑවැද්දෙන් කොටසක් බෙන්ස් ගේ යකඩ ගොඩනැගිලි තැනුම් සමාගම වෙත අායෝජනය කලේය. බෙන්ස් සමග විවාහයත් සමග බර්තා හට ආයෝජකයකු ලෙස ක්රියාකිරිමේ නිති බාධා පැමිණියද, ඇගේ දෑවැද්ද බෙන්ස් ගේ සිහින වෙනුවෙන්ම යොදවන ලදි.

බෙන්ස් තම සිහින රථය නිපදවීමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කලේය. බර්තා ද ඔහුට මනා රුකුලක් විය. ඒ අනුව 1885 වසරේදි ඔහුගේ පලමු අශ්වයන් රහිත ප්‍රවාහන රථය නිපදවීය. මෙය තනි සිලින්ඩරයේ, අශ්වබල 2.5 ක රථයකි. මෙයට පේටන්ට් බලපත්රයද ලබාගන්නා ලදි.

කාල් බෙන්ස් විශිෂ්ඨ නිපැයුම්කරුවකු බව සැබැය. නමුදු ඔහු දක්ෂ අලෙවිකරුවකු නොවේ. ඔහුගේ රථයේ මුල් මහජන ප්‍රදර්ශණයන් එතරම් සාර්ථක වූයේ නැත. එක් අවස්තාවකදි පාරෙන් ඉවතට පැන රථය අනතුරකටද ලක්විය. එමෙන්ම එවකට ජර්මනියේ පැවැති වාතාවරණයද කාල් ට හරස් විය. එවක කයිසර්වරයා අශ්ව ලෝලියෙකි. එවකට ගමනාගමනයට බහුලව භාවිතා කල අශ්වයන් එයින් ඉවත්කරනවාටද කයිසර්වරයා කැමැති වූයේ නැත.

නමුත් බර්තා සැම විටම කාල් පසුපස සිටියාය. ඔහු දිරිගැන්වීමට උත්සහ කලාය. කාල් ට තරගයක් වන ජර්මනියේ ඩෙම්ලර් සමග තාක්ෂණික සටනකට ඇය විසින් කාල්ව දිරිමත් කරන ලදි.

අවසන බර්තා රථය අතට ගැනිමට තීරණය කලාය.

කාල් බෙනස් හට දැනුම්දිමකින් තොරව 1888 අගොස්තු මස දිනක ( 5 හෝ 12) ඇය විසින් තම පුතුන් දෙදෙනා වූ ඉයුජින් හා රිචඩ් සමගින් Motorwagen No. 3 රථය රැගෙන නිවසින් පිටත් විය. ගමන ආරම්භයේදි ඇය මෙය ලෝක ඉතිහාසයේ සංධිස්ථානයක් වනු ඇතැයි නොසිතන්නට ඇත.

රථවාහන සදහා සැකසු මාර්ග විරල යුගයක, රළු මාර්ග මතින් ඇගේ සංචාරය වැටි තිබිනි. මෙය සංචාරයකට වඩා ප්‍රදර්ශණයකි. මේ ගමනේදි රියදුරා මෙන්ම කාර්මිකයා වූයේද බර්තා මය. ගමනේදි බොහෝ ගැටලු වලටද ඇය මුහුණ දෙන්නට විය.

ගමනේදි රථයේ තෙල් අවසන් අවසන් විය. අද මෙන් තෙල් පිරවුම්හල් එවකට නැත. විස්ලොක් ග්‍රාමයේ බෙහෙත් ශාලාවකින් ලයිග්රොයින් නම් ද්‍රාවකය මිලදි ගත්තේ රථයේ ඉන්ධන අවශයතාව වෙනුවෙනි. අදටත් පවතින මෙම ඹෟෂධාගාරය, ලොව ප්‍රථම ඉන්ධන පිරවුම්හල බවට ඒ අනුව පත්විය. එමෙන්ම බර්තා විසින් බ්‍රේක්පෑඩ් සවිකලේද මේ ගමනේදිය.

අවසානයේදි සැතපුම් 65 ක් දුරගෙවා බර්තා හා දරුවන් තම ගමනාන්තය වූ මවගේ නිවසට ලගාවිය. බර්තා විසින් තමන් ගමන අවසන් කල බව කාල් ට විදුලි පණිවිඩයක් යැවූවද ඒ වනවිටත් බර්තාගේ ගමන බොහෝ ප්‍රසිද්ධව තිබිනි. කාල් ගේ රථයේ හැකියාව පිලිබදව ඇසින් දුටු සාක්ෂිකරුවන් බොහෝය.

දින තුනකට පසුව බර්තා හා දරු දෙදෙනා නැවතත් ගම්බිම් කරා පිටත් විය. ආපසු ගමනේදි වෙනම මාර්ගයක් භාවිතා කලේ තවත් පිරිසකට රථය පෙන්වීමේ අටියෙනි. සම්පූර්ණ ගමනේදි බර්තා සැතපුම් 120 ඉක්මවූ දුරක් රථය ධාවනය කර තිබු අතර, මෙය එවක මෝටර් රථ ක්ෂේත්රය තුල සිතාගන්නටත් බැරි අගයකි.

බර්තාගේ චාරිකාවෙන් පසුව කාල් බෙන්ස් ගේ රථයේ ඉල්ලුම සිඝ්‍ර ලෙස වැඩිවන්නට විය. නව ඇණවුම් ලැබෙන්නට විය. වසර කිහිපයක ඇවෑමෙන් ලොව දැවැන්තම මෝටර්රථ සමාගම ලෙස බෙන්ස් සමාගම පත්විය.

1888 වසරේදි බර්තා බෙන්ස්ගේ ඉතිහාසගත චාරිකාව යෙදුනු මාර්ගය, Bertha Benz Memorial Route ලෙස මෝටර්රථ ලෝලින් අතර ප්‍රසිද්ධව ඇත.

- රොෂීන් ප්‍රනාන්දු

ජනේලය

[QUOTE="Dr.Rosheen, post: 22004568, member: 560780"] [b]බෙන්ස් ගේ කාර් එක බිරිද උස්සයි[/b] [SIZE="4"][CENTER] එලකිරියේ කාර් ගැන බොහෝ තතු කතා වෙනවානේ. කාල් බෙන්ස් ගේ බෙන්ස් කාර් ගැන නොදන්න කෙනෙක් නැනේ. බෙන්ස් කාර් කරළියට ගේන්න ඔහුගේ බිරිද බර්තා බෙන්ස් ලොකු කැපවීමක් කලා. එක්වරක් කාර් එකකුත් ඉස්සුවා කියලා දන්නවාද? [IMG]http://imgur.com/6Ceap9H.jpg[/IMG] [COLOR="Blue"]බර්තා බෙන්ස්[/COLOR] [/CENTER] 1888 අගෝස්තු මස ජර්මානු ඉංජිනේරුවෙකු වන කාල් බෙන්ස්ගේ බිරිය බර්තා බෙන්ස් විසින් ඉතිහාසය වෙනස් කරමින් මොටර්රථයක් දිගු දුරක් සාර්ථකව ධාවනය කල පුද්ගලයා බවට පත්විය. මේ සංචාරයේ මහිමයෙන් බෙන්ස් ගේ සොයාගැනිම කරළියට ආ අතර වෘත්තීය සාර්ථකත්වයට ද බලපෑවේය. කාල් බෙන්ස්ටත් නොදන්වා සිදුකල මෙම ඉතිහාසගත ගමන ගැන බොහෝ දෙනා නොදනි. 1849 දී ජර්මනියේ ෆෝත්සයිම් හීදි ධනවත් පවුලක ජන්මලාභය ලැබූ බර්තා රින්ගර් ව්‍යාපාර ඥානයකින් හෙබි කාන්තාවකි. කාල් බෙන්ස් සමග විවාහා විමට පෙර සිටම ඇය දෑවැද්දෙන් කොටසක් බෙන්ස් ගේ යකඩ ගොඩනැගිලි තැනුම් සමාගම වෙත අායෝජනය කලේය. බෙන්ස් සමග විවාහයත් සමග බර්තා හට ආයෝජකයකු ලෙස ක්රියාකිරිමේ නිති බාධා පැමිණියද, ඇගේ දෑවැද්ද බෙන්ස් ගේ සිහින වෙනුවෙන්ම යොදවන ලදි. [CENTER][IMG]http://imgur.com/Y8kIFfs.jpg[/IMG][/CENTER] බෙන්ස් තම සිහින රථය නිපදවීමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කලේය. බර්තා ද ඔහුට මනා රුකුලක් විය. ඒ අනුව 1885 වසරේදි ඔහුගේ පලමු අශ්වයන් රහිත ප්‍රවාහන රථය නිපදවීය. මෙය තනි සිලින්ඩරයේ, අශ්වබල 2.5 ක රථයකි. මෙයට පේටන්ට් බලපත්රයද ලබාගන්නා ලදි. කාල් බෙන්ස් විශිෂ්ඨ නිපැයුම්කරුවකු බව සැබැය. නමුදු ඔහු දක්ෂ අලෙවිකරුවකු නොවේ. ඔහුගේ රථයේ මුල් මහජන ප්‍රදර්ශණයන් එතරම් සාර්ථක වූයේ නැත. එක් අවස්තාවකදි පාරෙන් ඉවතට පැන රථය අනතුරකටද ලක්විය. එමෙන්ම එවකට ජර්මනියේ පැවැති වාතාවරණයද කාල් ට හරස් විය. එවක කයිසර්වරයා අශ්ව ලෝලියෙකි. එවකට ගමනාගමනයට බහුලව භාවිතා කල අශ්වයන් එයින් ඉවත්කරනවාටද කයිසර්වරයා කැමැති වූයේ නැත. නමුත් බර්තා සැම විටම කාල් පසුපස සිටියාය. ඔහු දිරිගැන්වීමට උත්සහ කලාය. කාල් ට තරගයක් වන ජර්මනියේ ඩෙම්ලර් සමග තාක්ෂණික සටනකට ඇය විසින් කාල්ව දිරිමත් කරන ලදි. අවසන බර්තා රථය අතට ගැනිමට තීරණය කලාය. කාල් බෙනස් හට දැනුම්දිමකින් තොරව 1888 අගොස්තු මස දිනක ( 5 හෝ 12) ඇය විසින් තම පුතුන් දෙදෙනා වූ ඉයුජින් හා රිචඩ් සමගින් Motorwagen No. 3 රථය රැගෙන නිවසින් පිටත් විය. ගමන ආරම්භයේදි ඇය මෙය ලෝක ඉතිහාසයේ සංධිස්ථානයක් වනු ඇතැයි නොසිතන්නට ඇත. රථවාහන සදහා සැකසු මාර්ග විරල යුගයක, රළු මාර්ග මතින් ඇගේ සංචාරය වැටි තිබිනි. මෙය සංචාරයකට වඩා ප්‍රදර්ශණයකි. මේ ගමනේදි රියදුරා මෙන්ම කාර්මිකයා වූයේද බර්තා මය. ගමනේදි බොහෝ ගැටලු වලටද ඇය මුහුණ දෙන්නට විය. ගමනේදි රථයේ තෙල් අවසන් අවසන් විය. අද මෙන් තෙල් පිරවුම්හල් එවකට නැත. විස්ලොක් ග්‍රාමයේ බෙහෙත් ශාලාවකින් ලයිග්රොයින් නම් ද්‍රාවකය මිලදි ගත්තේ රථයේ ඉන්ධන අවශයතාව වෙනුවෙනි. අදටත් පවතින මෙම ඹෟෂධාගාරය, ලොව ප්‍රථම ඉන්ධන පිරවුම්හල බවට ඒ අනුව පත්විය. එමෙන්ම බර්තා විසින් බ්‍රේක්පෑඩ් සවිකලේද මේ ගමනේදිය. අවසානයේදි සැතපුම් 65 ක් දුරගෙවා බර්තා හා දරුවන් තම ගමනාන්තය වූ මවගේ නිවසට ලගාවිය. බර්තා විසින් තමන් ගමන අවසන් කල බව කාල් ට විදුලි පණිවිඩයක් යැවූවද ඒ වනවිටත් බර්තාගේ ගමන බොහෝ ප්‍රසිද්ධව තිබිනි. කාල් ගේ රථයේ හැකියාව පිලිබදව ඇසින් දුටු සාක්ෂිකරුවන් බොහෝය. දින තුනකට පසුව බර්තා හා දරු දෙදෙනා නැවතත් ගම්බිම් කරා පිටත් විය. ආපසු ගමනේදි වෙනම මාර්ගයක් භාවිතා කලේ තවත් පිරිසකට රථය පෙන්වීමේ අටියෙනි. සම්පූර්ණ ගමනේදි බර්තා සැතපුම් 120 ඉක්මවූ දුරක් රථය ධාවනය කර තිබු අතර, මෙය එවක මෝටර් රථ ක්ෂේත්රය තුල සිතාගන්නටත් බැරි අගයකි. බර්තාගේ චාරිකාවෙන් පසුව කාල් බෙන්ස් ගේ රථයේ ඉල්ලුම සිඝ්‍ර ලෙස වැඩිවන්නට විය. නව ඇණවුම් ලැබෙන්නට විය. වසර කිහිපයක ඇවෑමෙන් ලොව දැවැන්තම මෝටර්රථ සමාගම ලෙස බෙන්ස් සමාගම පත්විය. 1888 වසරේදි බර්තා බෙන්ස්ගේ ඉතිහාසගත චාරිකාව යෙදුනු මාර්ගය, Bertha Benz Memorial Route ලෙස මෝටර්රථ ලෝලින් අතර ප්‍රසිද්ධව ඇත. - රොෂීන් ප්‍රනාන්දු[/SIZE] [COLOR="Red"][SIZE="3"][URL="janeelaya.blogspot.com"]ජනේලය[/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom