Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙල්ට් එක හරියට අඳිනවා නේද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙල්ට් එක හරියට අඳිනවා නේද???

අද්‍යතන පරපුරේ පිරිමි ජනගහනයෙන් 99% ක් පමණ ඉන පටියක් පැළඳීම අරුමයක් නොවේ. අපි කුඩා දරුවන් අවධියේ ඉන පටි පැලැන්දේ මැදි වයසේ හෝ මහලු වයසේ අයවලුන්ය. සරමට උඩින් අඳින විවිධ ආකාරයේ බඳපටි එකල තිබුණි. ඒ කාලයේ කලිසමට බඳපටි පැළඳුවේ සීමිත පිරිසක් පමණි. බඳපටිය කාලීනව වෙනස්වන විලාසිතාවකි. මේ නිසා සෑම පිරිමියකුම මෙන්න මේ අආකාරයේ බඳ පටියක් පැළඳිය යුතුයි නීති පැනවිය නොහැකිය. කෙසේ වෙතත් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, වර්තමානයේ සාමාන්‍ය සමාජ සම්මතයේ ඇති බඳපටි පැළඳීම පිලිබඳවය. බඳපටිය විලාසිතාවක් යයි සිතන්නේනම් හෝ එලෙස පිලිගන්නේනම් ඔබ ඇඳිය යුතු බඳපටි විලාසිතා කොපමණ තිබේද. එය සිතාගන්නටත් අපහසුය. මෙහි දැක්වෙන්නේ එවැනි විලාසිතා බඳපටි කීපයකි. එහෙත් ඒවා දිනපතා පාවිච්චියට සුදුසු නැත. උත්සව හෝ විනෝද ගමන් සඳහා සුදුසුය. අවස්ථාවට සුදුසු බඳපටි තෝරා ගැනීමට බොහෝ දෙනෙකුට හැකියාව ඇතත්, සමහරු අවස්ථාවට නුසුදුසු බඳපටි ද පළඳින බව පෙනෙයි.

බඳපටිය විලාසිතාවක් කරගන්නා අයටනම්, එය කෙබඳු වර්ණයක, කෙබඳු ප්‍රමාණයක, එකක්ද යන්න එතරම් ගැටළුවක් නොවේ. එහෙත්, එදිනෙදා රාජකාරි සහ කාර්යාලයීය කටයුතු සඳහා යනවිට ඔබ පළඳින බඳපටිය, ඔබගේ අනන්‍යතාවයට සුදුසු එකක් වීම අතිශයින් වැදගත් වෙයි. වර්තමාන සමාජයේ සාමාන්‍යයෙන් සම්මත බඳපටිය වන්නේ සෙන්ටි මීටර් 3 ක් (අඟල් 1 1/4 ක්) පමණ පළල, බොහෝවිට කළු පැහැති, (දුඹුරු පාටට ප්‍රිය කරන සෑහෙන පිරිසක්ද ඇත) එමෙන්ම රිදී පැහැති බකල් එකක් සහිත මෝස්තර නැති චාම් බඳ පටියකි. ඒ සඳහා උදාහරණයක් මීළඟ පින්තූරයෙන් දැක්වේ.

මෙහි ඇති බකල් එක මේ ආකාරයම නොවුනත් පටියේ ස්වාභාවයනම් බොහෝ දුරට මේ හා සමාන බව ඔබද පිලිගන්නවා ඇති. බඳ පටියක් පළඳින්නේ කුමකටද? බඳපටියක් පැළඳීම අනිවාර්යද? මීළඟට අප සලකා බැලිය යුත්තේ එයයි.

සමහරෙකුට බඳපටිය විලාසිතාවක් වුවද බඳ පටියක් පැළඳීම මුලින්ම සිදුවී ඇත්තේ ආරක්ෂාව සඳහාය. තමන් අඳින ඇඳුම බඳ ප්‍රදේශයේදී සිරුරට තද කර තබාගැනීම, බඳපටියේ එල්ලාගතහැකි උපකරණ, කුඩා මලු ආදිය ගෙනයාම සහ වැඩ කිරීමේදී ඒවා පහසුවෙන් පාවිච්චි කල හැකි වීම අනෙකුත් ප්රතිලාභ විය. බඳපටිය අනිවාර්ය අංගයක් වුයේ ආරක්ෂක හමුදාවන්ටය. එහෙත් මා එයින් එහාට බඳ පටියේ අතීතයට යාමට අදහස් නොකරමි.

අද වෙළඳපොලේ බඳපටි වර්ග ඕනෑ තරම් මිලදී ගත හැක. මීළඟට මා ඔබේ අවධානය යොමු කරන්නේ බඳ පටි මිලදී ගැනීම පිලිබඳවය. අපි වැඩි දෙනෙක් පොහොසතුන් නොවෙමු. එබැවින් අපට අපේ ආදායමට සරිලන පරිදි එදිනෙදා සියලු වියදම් පාලනය කරගැනීමට සිදුවෙයි. ඒ නිසා බඳ පටියක් සඳහා විශාල මුදලක් යට කිරීම ඵලක් නැති ක්‍රියාවක් බව ඔබ දැනටමත් තීරණය කර ඇති. එහෙත් ඔබ මිලදී ගන්න බඳ පටියක් දිනපතා පාවිච්චි කිරීමේදී, කොපමනකල් පාවිච්චි කලාද යන්න සිතා බලා තිබෙනවාද? සමහරවිට ඔබ බාල බඳපටි තුනක් පාවිච්චි කරන කාලය, එක හොඳ බඳ පටියක් පාවිච්චි කරන කාලයට සමාන වන බව ඔබ දන්නවාද? හොඳ බඳ පටියක් යනු කුමක්ද? කෘත්‍රිම සම් වලින් හෝ රෙක්සින් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සෑදූ බඳ පටියක කල් පැවැත්ම ඉතා කෙටිය. එමෙන්ම එහි හැඩය වෙනස්වීම දුර්වර්ණවීම ඉක්මනින් සිදුවීමට බොහෝවිට ඉඩ තිබේ. හොඳ බඳ පටියක් සෑම විටම ස්වභාවික සම් වලින් නිපදවා ඇත. එහි හැඩය වෙනස්වීම හෝ දුර්වර්ණ වීම සිදුවන්නේ යටත්පිරිසෙයින් අවුරුදු 5 ක් වත් පාවිච්චි කිරීමෙන් අනතුරුවය. සමහරවිට එසේ වන්නේ ඔබ පටිය නඩත්තු නොකිරීම නිසාය. (නඩත්තු කරන්න පටිය බිරිඳක් ද? පසුව කියන්නම්) සාමාන්‍යයෙන් පිටකොටුවේ බඳ පටි මිල රු 150 සිට 400 පමණ වෙයි. ලොකු සාප්පු වල ඊට වඩා ඉහල මිල ගණන් වලට ඇත. රු 15000 ක් පමණ වන, වසර කීපයක වගකීමක්ද සහිත බඳ පටිද ලංකාවේ මිලදී ගැනීමට ඇත. එහෙත් අපටනම් ඒවා සිහිනයක් පමණි. සාමාන්‍යයෙන් මිල අධික වුවත් කල් පවතින බඳ පටි දෙකක් පහත දැක්වෙනවා.

මේ බඳ පටි දෙස හොඳින් බලන්න. ඒවා හොඳ පෙනුමකින් යුක්තයි. බඳ පටිය ටිකක් පිම්බුණ ස්වභාවයෙන් නිපදවා තියනවා. නිර්මාණයේ උසස් බව පැහැදිලිව පෙනෙනවා. ශක්තිමත් බවද බාහිර පෙනුමේම තිබෙනවා. මේ නිසා තමයි සමහරු ටිකක් මිල වැඩි වුනත් මේ වගේ බඳ පටි ගන්න පෙළඹෙන්නේ. මීළඟ පින්තූරයෙන් පෙන්වා ඇත්තේ ඉතා මිල අධික බඳ පටියක්.

අපි දැන් අවධානය යොමු කලයුත්තේ බඳ පටියක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද යන්න පිළිබඳවයි.

මා ඉහතින්ද දක්වා ඇති පරිදි විවිධ අමු ද්‍රව්‍ය යොදවා සකසන ලද බඳ පටි අද වෙළඳපොලේ තිබෙනවා. ඔබටත් මටත් අවශ්‍ය ඉතාම අඩු මිලට ඉතාම හොඳ පෙනුමෙන් යුත් බඳ පටියක් මිලදී ගැනීමටයි. නමුත් බොහෝවිට අපි රැවටෙන්නෙත් එතනදීයි. ප්‍රමිතියෙන් අඩු අමු ද්‍රව්‍ය යොදවා පෙනුමෙන් ඉහල බඳ පටි නිපදවිය හැකියි. දැන් මම කියන්නම් බඳ පටියක් තෝරාගන්නා හැටි. මුලින්ම ඔබ කැමති බඳ පටිය ගෙන ඔබේ ඉන වටා තබා බලන්න. (මෙහෙම කරන්න වෙන්නේ පදික වේදිකාවේ සහ ලාබෙට බඩු විකුණන කඩ වලදී පමණයි. හොඳ බඳ පටියකට ඇසුරුමක් ඇති අතර, බඳ පටියේ දිග සහ පළල ඒ ඇසුරුමේ සඳහන් වෙනවා) ඔබ පටිය තේරීමේදී මුලින්ම එහි දිග ගැන සිතිය යුතුයි. එහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ වම් අතට පහලින් ඉන ප්‍රදේශයේදී අවසන් වන කෙලවරකින් යුත් පටියක් තෝරා ගැනීමටයි. දැන් බොහෝදෙනෙක් අඳින්නේ යන්තම් බකල් එකට අඟල් දෙකක් එහායින් අවසන් වන පටි. එය එතරම් හොඳ පෙනුමක් නෙවෙයි. ඉක්මනින් ඒ ‘නැට්ට කොටස’ ආපස්සට ඇඹරී අවලස්සන පෙනුමක් දෙන්න ඉඩ තියනවා.

ඔබ තෝරාගත් බඳ පටිය ස්වභාවික සම් හෝ කෘත්‍රිම සම් හෝ වෙනත් කෘත්‍රිම අමු ද්‍රව්‍ය වලින් සාදන ලද පටියක් විය හැකියි. ඊළඟට ඔබ කලයුත්තේ පටිය අත් දෙකෙන් අල්ලා දෙපසට ඇද බැලීමයි. එය ඉලාස්ටික් මිශ්‍ර පටියක් නොවන්නේනම් එතරම් ඇදීමක් තිබෙන්නට බැහැ. ඇදීම මිලි මීටර් කීපයක් නම් එතරම් ගණන් ගතයුතු නැහැ. ඉලාස්ටික් ගතියෙන් යුක්තනම් එය දිනපතා පාවිච්චියට සුදුසු නැහැ. ඊළඟට ඔබ බැලිය යුත්තේ ඔබේ කලිසම් වල ඉන වටේ ඇති පටිය හා හැකි තරම් සමාන පළලක් මේ පටියට තිබෙන්නේද යන්නයි. පටිය කලිසමේ පටියට වඩා පළලින් අඩුනම් පෙනුම තරමක් අවලස්සන වෙනවා. ඒ වගේම කලිසමේ ඇති කාදු වලට හුඟක් හිරවී වැටෙන පටියක් නම් එයද අවලස්සනයි. හොඳ හම් පටියක ඇතුළු පැත්තේ රළු හමක් තිබෙන්නට බැහැ. එය ඔප මට්ටම් කර තිබිය යුතුයි. එමෙන්ම හොඳ හම් පටියක දාර දෙක දිගේ මැහුමක් තිබිය යුතුයි. නියම සම් බඳ පටි යනුවෙන් මා මෙහි ඇතුලත් කර ඇති පින්තූරයේ තිබෙන පටි දෙකෙහි ඒ මැස්ම පෙනෙනවා. හොඳින් බලන්න ඔබේ ඇස් වසා දෙන්න හදන්නේ, හම් පටියක් වගේ පෙනෙන කෘත්‍රිම පටියක් විය හැකියි. පටිය ඉතා ඝන එකක් නොවිය යුතුයි. බඩවැල වගේ වැනෙන එකක්ද නොවිය යුතුයි. එදිනෙදා කාර්යාලයීය කටයුතු සඳහා යාමට, සම්මුඛ පරීක්ෂනයකට යාමට, මංගල්‍ය උත්සවයකට යාමට, ආදී සියල්ලටම ගැලපෙන්නේ ඉහත, ‘අද කාලයේ සම්මත බඳ පටිය’ යනුවෙන් දක්වා ඇති ආකාරයේ පටියකුයි. කලුපාට පටි ඕනෑම පාටක කලිසම් වලට ගැලපෙනවා. එහෙත් දුඹුරු පාට පටි එසේ ගැලපෙන්නේ නැති අවස්ථා තිබෙනවා.

ඉතින් අපි දැන් තෝරාගත් පටිය අඳිමු, නැත්නම් පළඳිමු. බහුතරයක් පටිය බඳින්නේ ගාන්චුව වම් අත පැත්තට එන ලෙසයි. ඒ ක්‍රමය තමයි හරි. මොකද කලිසමේ ගොල්ෆිය කියන කොටසේ දාරය තියෙන්නේ වම් පැත්ත උඩටත් දකුණු පැත්ත යටටත් තියන විදිහටයි. එහි විරුද්ධ පැත්ත තියෙන්නේ කාන්තාවන් අඳින කලිසම් වල. හැබැයි ඩෙනිම් කලිසම් වලට ඒ නීතිය අදාළ නැහැ. ඒ නිසා ඔබ දැනට පටිය බඳින්නේ ගාන්චුව දකුණු අත පැත්තට දමා නම් එය වෙනස් කිරීම සුදුසු යයි මා යෝජනා කරනවා. ඔන්න දැන් අපි පටිය කලිසමේ කාදු තුලින් දාලා තද කරන්නයි යන්නේ. කොහොමද ගාන්චුව තුලින් පටිය අදින්නේ? බලන්න මේ පින්තූරය.

දැන් තේරෙනවා නේද වැඩේ. ඔබත් මේ විදිහටද පටිය අදින්නේ? එවිට සිදුවන්නේ පටියේ මතුපිට ගාන්චුවේ දාරයේ තදින් ඇතිල්ලීම නිසා පටිය ඉක්මනින් විනාශයට පත්වීමයි. නිවැරදිව දැමීමට මෙහෙම කරන්න.

1. ගාන්චුව වම් අත්ලට හෙත්තුවනසේ වමතේ මහපට ඇඟිල්ල ඔබේ හිස පැත්තටත් මැද ඇඟිල්ල ඔබේ දෙපතුල් පැත්තටත් සිටිනසේ පටිය අල්ලාගන්න.

2. දකුණු අතින් පින්තූරයේ රතු ඊතලයෙන් පෙන්වන ආකාරයට පටිය ගාන්චුව තුලින් අදින්න.

3. අවශ්‍ය නියමිත සිදුර ළඟාවූ පසු වම් අතේ දබරැගිල්ලෙන් ගාන්චුවේ කටුව ඒ සිදුරට යොමු කරන්න.

4. පටිය ගාන්චුවේ අනික් දාරය තුලින් යවා ක්‍රියාව සම්පූර්ණ කරන්න.

මෙය මුලදී මහා වදයක් ලෙස දැනුනත් ටික දිනකින් හුරුවෙනවා. පටියේ ආරක්ෂාවටයි එහෙම කරන්නේ. විශේෂයෙන්, දැන් තිබෙන කෘත්‍රිම සම් වලින් නිපදවූ පටි, මේ වැරදි ක්‍රමයට දැමීමෙන්, ඉතා ඉක්මනින් හානියට පත්වෙනවා.

හොඳයි අපි ඊළඟට බලමු පටිය ඇන්දාට පසු එය තිබිය යුතු ආකාරය කුමක්ද කියා. පටිය සෑම විටම කලිසමේ ගොල්ෆියේ දාරය සහ කමිසයේ උඩින් තියන පලුවේ (වම් පළුව) ඔබේ දකුණු අත පැත්තට වෙන්නට පිහිටි දාරය සමග එකම රේඛාවක පිහිටනසේ ඇන්දොත්, අමුතු පිළිවෙලක් සහ ලස්සනක් එනවා. එහෙම නැත්නම් පෙනෙන්නේ මෙහෙමයි.

බොහෝ දෙනෙක් නොසිතන දෙයක් තමයි මම ඔබට පෙන්වා දුන්නේ. මෙලෙස කමිසයේ දාරය, පටියේ ගාන්චුව, කලිසමේ ගොල්ෆියේ දාරය එකම රේඛාවක සිටිනසේ ඇඳීම කරන පිරිසක් තමයි යුද සෙබළු. ඔවුන් නිල ඇඳුමේ පමණක් නොව තමන් එදිනෙදා අඳින සාමාන්‍ය ඇඳුමෙත් මේ ක්‍රමය සුරකිනවා. නිවාඩු යාමට කඳවුරෙන් පිටවන සොල්දාදුවන් පිරිසිදු, චාම්, පෙනුමැති, ලෙස ඇඳ සිටිනවාද යන්න ජ්‍යෙෂ්ඨ නිලයන් පරීක්ෂා කරනවා. අපේ සොල්දාදුවා සාඩම්බරව යනවිට අපට ලොකු ආඩම්බරයක්.

දැන් බලන්න ඒ විදිහට ‘අලයින්මන්ට්’ එක තබා (මේ වචනය වාහන රෝද සමපාත කරන බොහෝ තැන්වල ලියා තිබෙන්නේ ‘එලයිමන්ට්’ යනුවෙන්. එය වැරදියි) ඇන්ද විට කොපමණ උදාර (smart) පෙනුමක් එනවාද කියා. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම ඇන්දොත් හොඳයි කියා. උත්සාහ කර වෙනස වටහාගන්න. නොවරදවාම කාන්තා පක්ෂයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙයි. (අත්දැකීමෙන් කියන්නේ)

හොඳයි, අවසාන වශයෙන් මා ඔබට කියා දෙන්නේ පටියක් නඩත්තු කරන හැටියි. අංක එකේ නීතිය තමයි දැන් තිබෙන පටි බොහොමයක් දහඩියට සහ ජලයට ඔරොත්තු දෙන්නේ නැති බව මතක තබාගන්න. ගමනක් ගිහින් දාඩිය දාගෙන ආව ගමන් කමිසයත් බැනියමත් ගලවා වාඩිවී ඉන්නවිට දහඩිය බඩ දිගේ ගලාවිත් පටියට වැටෙනවා. පටියේ අවසානය ඉක්මන් වෙනවා. පුරුදුවෙන්න කමිසය ගලවන ගමන් පටියත් ගලවා තබන්න. දිනපතා වැඩට ගිහින් ආවත් පටිය කලිසමේ තිබියදී කලිසම වීසිකර දමන්න එපා. පහුවදාට තමයි ආය කලිසම හොයන්නේ. එසේ තැබීමෙන් පටිය ඇද වෙනවා. පටිය ගලවා ගාන්චුවෙන් එල්ලා තබන්න පටිය සම්පූර්ණයෙන් දිගහැරී සිටින ලෙස. වැස්සට තෙමුනොත් ලැබෙන පළමු අවස්ථාවේදීම පටිය ගලවා මේසයක් වැනි මතුපිටක තබා විදුලි පංකාවකින් හෝ සාමාන්‍ය සුළඟින් වෙලන්න. ගිනි අව්වේ තබන්න එපා. ඇද වෙනවා. මාසයකට වරක්වත් පටිය සපත්තු පොලිෂ් වලින් පොලිෂ් කල යුතුයි. හප්පේ. . . . . සමහරු දාන පටි කබර හම් වගේ. කවදාවත් පොලිෂ් කරලා නැහැ. කාලයකට වරක් පටිය පැතලි මතුපිටක දිගහැර බලන්න ඇදවී තිබෙනවාද කියා. එසේනම් ගාන්චුව ගලවා (සමහර පටි වල පමණයි) හෝ ගලවන්නට බැරිනම් ගාන්චුව තිබියදීම රූපවාහිනී ඇන්ටෙනාවක් සවිකර ඇති ගැල්වනයිස් කණුවක් වැනි රවුම් කණුවක, පටියේ යට පැත්ත සිටිනසේ තබා කෙළවරවල් දෙකෙන් අල්ලාගෙන, ඔබේ පපුව පැත්තට ඒ කෙළවරවල් දෙක ගෙන, හොඳින් බර වැටෙනසේ සෙමෙන් අතුල්ලන්න. බලනකොට පටි දැමිල්ලත් ලේසි නෑ නේද?

දැනුමට යමක් එකතු උනානම් කොමෙන්ටුවක් කොටලා හොඳයි කියලා හිතෙනව නම් අරවත් දීගෙනම යන්න යාළුවනේ

[QUOTE="Mr.chachi, post: 12643987, member: 375023"] [b]බෙල්ට් එක හරියට අඳිනවා නේද???[/b] [CENTER][URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/belt-from-other-side/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/belt-from-other-side.jpg?w=600[/IMG][/URL] [/CENTER] [B][SIZE=5]අද්‍යතන පරපුරේ පිරිමි ජනගහනයෙන් 99% ක් පමණ ඉන පටියක් පැළඳීම අරුමයක් නොවේ. අපි කුඩා දරුවන් අවධියේ ඉන පටි පැලැන්දේ මැදි වයසේ හෝ මහලු වයසේ අයවලුන්ය. සරමට උඩින් අඳින විවිධ ආකාරයේ බඳපටි එකල තිබුණි. ඒ කාලයේ කලිසමට බඳපටි පැළඳුවේ සීමිත පිරිසක් පමණි. බඳපටිය කාලීනව වෙනස්වන විලාසිතාවකි. මේ නිසා සෑම පිරිමියකුම මෙන්න මේ අආකාරයේ බඳ පටියක් පැළඳිය යුතුයි නීති පැනවිය නොහැකිය. කෙසේ වෙතත් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, වර්තමානයේ සාමාන්‍ය සමාජ සම්මතයේ ඇති බඳපටි පැළඳීම පිලිබඳවය. බඳපටිය විලාසිතාවක් යයි සිතන්නේනම් හෝ එලෙස පිලිගන්නේනම් ඔබ ඇඳිය යුතු බඳපටි විලාසිතා කොපමණ තිබේද. එය සිතාගන්නටත් අපහසුය. මෙහි දැක්වෙන්නේ එවැනි විලාසිතා බඳපටි කීපයකි. එහෙත් ඒවා දිනපතා පාවිච්චියට සුදුසු නැත. උත්සව හෝ විනෝද ගමන් සඳහා සුදුසුය. අවස්ථාවට සුදුසු බඳපටි තෝරා ගැනීමට බොහෝ දෙනෙකුට හැකියාව ඇතත්, සමහරු අවස්ථාවට නුසුදුසු බඳපටි ද පළඳින බව පෙනෙයි.[/SIZE][/B] [CENTER][URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/fancy-belts/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/fancy-belts.jpg?w=254&h=246[/IMG][/URL][/CENTER] [B][SIZE=5]බඳපටිය විලාසිතාවක් කරගන්නා අයටනම්, එය කෙබඳු වර්ණයක, කෙබඳු ප්‍රමාණයක, එකක්ද යන්න එතරම් ගැටළුවක් නොවේ. එහෙත්, එදිනෙදා රාජකාරි සහ කාර්යාලයීය කටයුතු සඳහා යනවිට ඔබ පළඳින බඳපටිය, ඔබගේ අනන්‍යතාවයට සුදුසු එකක් වීම අතිශයින් වැදගත් වෙයි. වර්තමාන සමාජයේ සාමාන්‍යයෙන් සම්මත බඳපටිය වන්නේ සෙන්ටි මීටර් 3 ක් (අඟල් 1 1/4 ක්) පමණ පළල, බොහෝවිට කළු පැහැති, (දුඹුරු පාටට ප්‍රිය කරන සෑහෙන පිරිසක්ද ඇත) එමෙන්ම රිදී පැහැති බකල් එකක් සහිත මෝස්තර නැති චාම් බඳ පටියකි. ඒ සඳහා උදාහරණයක් මීළඟ පින්තූරයෙන් දැක්වේ.[/SIZE][/B] [CENTER][URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/standered-belt/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/standered-belt.jpg?w=264&h=174[/IMG][/URL] [/CENTER] [B][SIZE=5]මෙහි ඇති බකල් එක මේ ආකාරයම නොවුනත් පටියේ ස්වාභාවයනම් බොහෝ දුරට මේ හා සමාන බව ඔබද පිලිගන්නවා ඇති. බඳ පටියක් පළඳින්නේ කුමකටද? බඳපටියක් පැළඳීම අනිවාර්යද? මීළඟට අප සලකා බැලිය යුත්තේ එයයි.[/SIZE][/B] [B][SIZE=5]සමහරෙකුට බඳපටිය විලාසිතාවක් වුවද බඳ පටියක් පැළඳීම මුලින්ම සිදුවී ඇත්තේ ආරක්ෂාව සඳහාය. තමන් අඳින ඇඳුම බඳ ප්‍රදේශයේදී සිරුරට තද කර තබාගැනීම, බඳපටියේ එල්ලාගතහැකි උපකරණ, කුඩා මලු ආදිය ගෙනයාම සහ වැඩ කිරීමේදී ඒවා පහසුවෙන් පාවිච්චි කල හැකි වීම අනෙකුත් ප්රතිලාභ විය. බඳපටිය අනිවාර්ය අංගයක් වුයේ ආරක්ෂක හමුදාවන්ටය. එහෙත් මා එයින් එහාට බඳ පටියේ අතීතයට යාමට අදහස් නොකරමි.[/SIZE][/B] [B][SIZE=5]අද වෙළඳපොලේ බඳපටි වර්ග ඕනෑ තරම් මිලදී ගත හැක. මීළඟට මා ඔබේ අවධානය යොමු කරන්නේ බඳ පටි මිලදී ගැනීම පිලිබඳවය. අපි වැඩි දෙනෙක් පොහොසතුන් නොවෙමු. එබැවින් අපට අපේ ආදායමට සරිලන පරිදි එදිනෙදා සියලු වියදම් පාලනය කරගැනීමට සිදුවෙයි. ඒ නිසා බඳ පටියක් සඳහා විශාල මුදලක් යට කිරීම ඵලක් නැති ක්‍රියාවක් බව ඔබ දැනටමත් තීරණය කර ඇති. එහෙත් ඔබ මිලදී ගන්න බඳ පටියක් දිනපතා පාවිච්චි කිරීමේදී, කොපමනකල් පාවිච්චි කලාද යන්න සිතා බලා තිබෙනවාද? සමහරවිට ඔබ බාල බඳපටි තුනක් පාවිච්චි කරන කාලය, එක හොඳ බඳ පටියක් පාවිච්චි කරන කාලයට සමාන වන බව ඔබ දන්නවාද? හොඳ බඳ පටියක් යනු කුමක්ද? කෘත්‍රිම සම් වලින් හෝ රෙක්සින් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සෑදූ බඳ පටියක කල් පැවැත්ම ඉතා කෙටිය. එමෙන්ම එහි හැඩය වෙනස්වීම දුර්වර්ණවීම ඉක්මනින් සිදුවීමට බොහෝවිට ඉඩ තිබේ. හොඳ බඳ පටියක් සෑම විටම ස්වභාවික සම් වලින් නිපදවා ඇත. එහි හැඩය වෙනස්වීම හෝ දුර්වර්ණ වීම සිදුවන්නේ යටත්පිරිසෙයින් අවුරුදු 5 ක් වත් පාවිච්චි කිරීමෙන් අනතුරුවය. සමහරවිට එසේ වන්නේ ඔබ පටිය නඩත්තු නොකිරීම නිසාය. (නඩත්තු කරන්න පටිය බිරිඳක් ද? පසුව කියන්නම්) සාමාන්‍යයෙන් පිටකොටුවේ බඳ පටි මිල රු 150 සිට 400 පමණ වෙයි. ලොකු සාප්පු වල ඊට වඩා ඉහල මිල ගණන් වලට ඇත. රු 15000 ක් පමණ වන, වසර කීපයක වගකීමක්ද සහිත බඳ පටිද ලංකාවේ මිලදී ගැනීමට ඇත. එහෙත් අපටනම් ඒවා සිහිනයක් පමණි. සාමාන්‍යයෙන් මිල අධික වුවත් කල් පවතින බඳ පටි දෙකක් පහත දැක්වෙනවා.[/SIZE][/B] [CENTER][URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/genuine-leather-belt/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/genuine-leather-belt.jpg?w=242&h=247[/IMG][/URL] [/CENTER] [LEFT][SIZE=5][B]මේ බඳ පටි දෙස හොඳින් බලන්න. ඒවා හොඳ පෙනුමකින් යුක්තයි. බඳ පටිය ටිකක් පිම්බුණ ස්වභාවයෙන් නිපදවා තියනවා. නිර්මාණයේ උසස් බව පැහැදිලිව පෙනෙනවා. ශක්තිමත් බවද බාහිර පෙනුමේම තිබෙනවා. මේ නිසා තමයි සමහරු ටිකක් මිල වැඩි වුනත් මේ වගේ බඳ පටි ගන්න පෙළඹෙන්නේ. මීළඟ පින්තූරයෙන් පෙන්වා ඇත්තේ ඉතා මිල අධික බඳ පටියක්.[/B][/SIZE] [/LEFT] [CENTER] [URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/genuine-leather/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/genuine-leather.jpg?w=252&h=136[/IMG][/URL][/CENTER] [SIZE=5][B]අපි දැන් අවධානය යොමු කලයුත්තේ බඳ පටියක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද යන්න පිළිබඳවයි.[/B][/SIZE] [SIZE=5][B]මා ඉහතින්ද දක්වා ඇති පරිදි විවිධ අමු ද්‍රව්‍ය යොදවා සකසන ලද බඳ පටි අද වෙළඳපොලේ තිබෙනවා. ඔබටත් මටත් අවශ්‍ය ඉතාම අඩු මිලට ඉතාම හොඳ පෙනුමෙන් යුත් බඳ පටියක් මිලදී ගැනීමටයි. නමුත් බොහෝවිට අපි රැවටෙන්නෙත් එතනදීයි. ප්‍රමිතියෙන් අඩු අමු ද්‍රව්‍ය යොදවා පෙනුමෙන් ඉහල බඳ පටි නිපදවිය හැකියි. දැන් මම කියන්නම් බඳ පටියක් තෝරාගන්නා හැටි. මුලින්ම ඔබ කැමති බඳ පටිය ගෙන ඔබේ ඉන වටා තබා බලන්න. (මෙහෙම කරන්න වෙන්නේ පදික වේදිකාවේ සහ ලාබෙට බඩු විකුණන කඩ වලදී පමණයි. හොඳ බඳ පටියකට ඇසුරුමක් ඇති අතර, බඳ පටියේ දිග සහ පළල ඒ ඇසුරුමේ සඳහන් වෙනවා) ඔබ පටිය තේරීමේදී මුලින්ම එහි දිග ගැන සිතිය යුතුයි. එහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ වම් අතට පහලින් ඉන ප්‍රදේශයේදී අවසන් වන කෙලවරකින් යුත් පටියක් තෝරා ගැනීමටයි. දැන් බොහෝදෙනෙක් අඳින්නේ යන්තම් බකල් එකට අඟල් දෙකක් එහායින් අවසන් වන පටි. එය එතරම් හොඳ පෙනුමක් නෙවෙයි. ඉක්මනින් ඒ ‘නැට්ට කොටස’ ආපස්සට ඇඹරී අවලස්සන පෙනුමක් දෙන්න ඉඩ තියනවා.[/B][/SIZE] [CENTER][URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/belt-end/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/belt-end.jpg?w=300&h=242[/IMG][/URL][/CENTER] [SIZE=5][B]ඔබ තෝරාගත් බඳ පටිය ස්වභාවික සම් හෝ කෘත්‍රිම සම් හෝ වෙනත් කෘත්‍රිම අමු ද්‍රව්‍ය වලින් සාදන ලද පටියක් විය හැකියි. ඊළඟට ඔබ කලයුත්තේ පටිය අත් දෙකෙන් අල්ලා දෙපසට ඇද බැලීමයි. එය ඉලාස්ටික් මිශ්‍ර පටියක් නොවන්නේනම් එතරම් ඇදීමක් තිබෙන්නට බැහැ. ඇදීම මිලි මීටර් කීපයක් නම් එතරම් ගණන් ගතයුතු නැහැ. ඉලාස්ටික් ගතියෙන් යුක්තනම් එය දිනපතා පාවිච්චියට සුදුසු නැහැ. ඊළඟට ඔබ බැලිය යුත්තේ ඔබේ කලිසම් වල ඉන වටේ ඇති පටිය හා හැකි තරම් සමාන පළලක් මේ පටියට තිබෙන්නේද යන්නයි. පටිය කලිසමේ පටියට වඩා පළලින් අඩුනම් පෙනුම තරමක් අවලස්සන වෙනවා. ඒ වගේම කලිසමේ ඇති කාදු වලට හුඟක් හිරවී වැටෙන පටියක් නම් එයද අවලස්සනයි. හොඳ හම් පටියක ඇතුළු පැත්තේ රළු හමක් තිබෙන්නට බැහැ. එය ඔප මට්ටම් කර තිබිය යුතුයි. එමෙන්ම හොඳ හම් පටියක දාර දෙක දිගේ මැහුමක් තිබිය යුතුයි. නියම සම් බඳ පටි යනුවෙන් මා මෙහි ඇතුලත් කර ඇති පින්තූරයේ තිබෙන පටි දෙකෙහි ඒ මැස්ම පෙනෙනවා. හොඳින් බලන්න ඔබේ ඇස් වසා දෙන්න හදන්නේ, හම් පටියක් වගේ පෙනෙන කෘත්‍රිම පටියක් විය හැකියි. පටිය ඉතා ඝන එකක් නොවිය යුතුයි. බඩවැල වගේ වැනෙන එකක්ද නොවිය යුතුයි. එදිනෙදා කාර්යාලයීය කටයුතු සඳහා යාමට, සම්මුඛ පරීක්ෂනයකට යාමට, මංගල්‍ය උත්සවයකට යාමට, ආදී සියල්ලටම ගැලපෙන්නේ ඉහත, ‘අද කාලයේ සම්මත බඳ පටිය’ යනුවෙන් දක්වා ඇති ආකාරයේ පටියකුයි. කලුපාට පටි ඕනෑම පාටක කලිසම් වලට ගැලපෙනවා. එහෙත් දුඹුරු පාට පටි එසේ ගැලපෙන්නේ නැති අවස්ථා තිබෙනවා.[/B][/SIZE] [SIZE=5][B]ඉතින් අපි දැන් තෝරාගත් පටිය අඳිමු, නැත්නම් පළඳිමු. බහුතරයක් පටිය බඳින්නේ ගාන්චුව වම් අත පැත්තට එන ලෙසයි. ඒ ක්‍රමය තමයි හරි. මොකද කලිසමේ ගොල්ෆිය කියන කොටසේ දාරය තියෙන්නේ වම් පැත්ත උඩටත් දකුණු පැත්ත යටටත් තියන විදිහටයි. එහි විරුද්ධ පැත්ත තියෙන්නේ කාන්තාවන් අඳින කලිසම් වල. හැබැයි ඩෙනිම් කලිසම් වලට ඒ නීතිය අදාළ නැහැ. ඒ නිසා ඔබ දැනට පටිය බඳින්නේ ගාන්චුව දකුණු අත පැත්තට දමා නම් එය වෙනස් කිරීම සුදුසු යයි මා යෝජනා කරනවා. ඔන්න දැන් අපි පටිය කලිසමේ කාදු තුලින් දාලා තද කරන්නයි යන්නේ. කොහොමද ගාන්චුව තුලින් පටිය අදින්නේ? බලන්න මේ පින්තූරය.[/B][/SIZE] [CENTER][URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/2713vfit512/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/2713vfit512.jpg?w=300&h=255[/IMG][/URL] [/CENTER] [SIZE=5][B]දැන් තේරෙනවා නේද වැඩේ. ඔබත් මේ විදිහටද පටිය අදින්නේ? එවිට සිදුවන්නේ පටියේ මතුපිට ගාන්චුවේ දාරයේ තදින් ඇතිල්ලීම නිසා පටිය ඉක්මනින් විනාශයට පත්වීමයි. නිවැරදිව දැමීමට මෙහෙම කරන්න. 1. ගාන්චුව වම් අත්ලට හෙත්තුවනසේ වමතේ මහපට ඇඟිල්ල ඔබේ හිස පැත්තටත් මැද ඇඟිල්ල ඔබේ දෙපතුල් පැත්තටත් සිටිනසේ පටිය අල්ලාගන්න. 2. දකුණු අතින් පින්තූරයේ රතු ඊතලයෙන් පෙන්වන ආකාරයට පටිය ගාන්චුව තුලින් අදින්න. 3. අවශ්‍ය නියමිත සිදුර ළඟාවූ පසු වම් අතේ දබරැගිල්ලෙන් ගාන්චුවේ කටුව ඒ සිදුරට යොමු කරන්න. 4. පටිය ගාන්චුවේ අනික් දාරය තුලින් යවා ක්‍රියාව සම්පූර්ණ කරන්න. මෙය මුලදී මහා වදයක් ලෙස දැනුනත් ටික දිනකින් හුරුවෙනවා. පටියේ ආරක්ෂාවටයි එහෙම කරන්නේ. විශේෂයෙන්, දැන් තිබෙන කෘත්‍රිම සම් වලින් නිපදවූ පටි, මේ වැරදි ක්‍රමයට දැමීමෙන්, ඉතා ඉක්මනින් හානියට පත්වෙනවා.[/B][/SIZE] [SIZE=5][B]හොඳයි අපි ඊළඟට බලමු පටිය ඇන්දාට පසු එය තිබිය යුතු ආකාරය කුමක්ද කියා. පටිය සෑම විටම කලිසමේ ගොල්ෆියේ දාරය සහ කමිසයේ උඩින් තියන පලුවේ (වම් පළුව) ඔබේ දකුණු අත පැත්තට වෙන්නට පිහිටි දාරය සමග එකම රේඛාවක පිහිටනසේ ඇන්දොත්, අමුතු පිළිවෙලක් සහ ලස්සනක් එනවා. එහෙම නැත්නම් පෙනෙන්නේ මෙහෙමයි.[/B][/SIZE] [CENTER][URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/alignment-1/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/alignment-1.jpg?w=300&h=296[/IMG][/URL][/CENTER] [SIZE=5][B]බොහෝ දෙනෙක් නොසිතන දෙයක් තමයි මම ඔබට පෙන්වා දුන්නේ. මෙලෙස කමිසයේ දාරය, පටියේ ගාන්චුව, කලිසමේ ගොල්ෆියේ දාරය එකම රේඛාවක සිටිනසේ ඇඳීම කරන පිරිසක් තමයි යුද සෙබළු. ඔවුන් නිල ඇඳුමේ පමණක් නොව තමන් එදිනෙදා අඳින සාමාන්‍ය ඇඳුමෙත් මේ ක්‍රමය සුරකිනවා. නිවාඩු යාමට කඳවුරෙන් පිටවන සොල්දාදුවන් පිරිසිදු, චාම්, පෙනුමැති, ලෙස ඇඳ සිටිනවාද යන්න ජ්‍යෙෂ්ඨ නිලයන් පරීක්ෂා කරනවා. අපේ සොල්දාදුවා සාඩම්බරව යනවිට අපට ලොකු ආඩම්බරයක්.[/B][/SIZE] [SIZE=5][B]දැන් බලන්න ඒ විදිහට ‘අලයින්මන්ට්’ එක තබා (මේ වචනය වාහන රෝද සමපාත කරන බොහෝ තැන්වල ලියා තිබෙන්නේ ‘එලයිමන්ට්’ යනුවෙන්. එය වැරදියි) ඇන්ද විට කොපමණ උදාර (smart) පෙනුමක් එනවාද කියා. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම ඇන්දොත් හොඳයි කියා. උත්සාහ කර වෙනස වටහාගන්න. නොවරදවාම කාන්තා පක්ෂයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙයි. (අත්දැකීමෙන් කියන්නේ)[/B][/SIZE] [CENTER][URL="http://jangun.wordpress.com/2012/05/02/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%80/alignment/"][IMG]http://jangun.files.wordpress.com/2012/05/alignment.jpg?w=300&h=284[/IMG][/URL] [/CENTER] [SIZE=5][B]හොඳයි, අවසාන වශයෙන් මා ඔබට කියා දෙන්නේ පටියක් නඩත්තු කරන හැටියි. අංක එකේ නීතිය තමයි දැන් තිබෙන පටි බොහොමයක් දහඩියට සහ ජලයට ඔරොත්තු දෙන්නේ නැති බව මතක තබාගන්න. ගමනක් ගිහින් දාඩිය දාගෙන ආව ගමන් කමිසයත් බැනියමත් ගලවා වාඩිවී ඉන්නවිට දහඩිය බඩ දිගේ ගලාවිත් පටියට වැටෙනවා. පටියේ අවසානය ඉක්මන් වෙනවා. පුරුදුවෙන්න කමිසය ගලවන ගමන් පටියත් ගලවා තබන්න. දිනපතා වැඩට ගිහින් ආවත් පටිය කලිසමේ තිබියදී කලිසම වීසිකර දමන්න එපා. පහුවදාට තමයි ආය කලිසම හොයන්නේ. එසේ තැබීමෙන් පටිය ඇද වෙනවා. පටිය ගලවා ගාන්චුවෙන් එල්ලා තබන්න පටිය සම්පූර්ණයෙන් දිගහැරී සිටින ලෙස. වැස්සට තෙමුනොත් ලැබෙන පළමු අවස්ථාවේදීම පටිය ගලවා මේසයක් වැනි මතුපිටක තබා විදුලි පංකාවකින් හෝ සාමාන්‍ය සුළඟින් වෙලන්න. ගිනි අව්වේ තබන්න එපා. ඇද වෙනවා. මාසයකට වරක්වත් පටිය සපත්තු පොලිෂ් වලින් පොලිෂ් කල යුතුයි. හප්පේ. . . . . සමහරු දාන පටි කබර හම් වගේ. කවදාවත් පොලිෂ් කරලා නැහැ. කාලයකට වරක් පටිය පැතලි මතුපිටක දිගහැර බලන්න ඇදවී තිබෙනවාද කියා. එසේනම් ගාන්චුව ගලවා (සමහර පටි වල පමණයි) හෝ ගලවන්නට බැරිනම් ගාන්චුව තිබියදීම රූපවාහිනී ඇන්ටෙනාවක් සවිකර ඇති ගැල්වනයිස් කණුවක් වැනි රවුම් කණුවක, පටියේ යට පැත්ත සිටිනසේ තබා කෙළවරවල් දෙකෙන් අල්ලාගෙන, ඔබේ පපුව පැත්තට ඒ කෙළවරවල් දෙක ගෙන, හොඳින් බර වැටෙනසේ සෙමෙන් අතුල්ලන්න. බලනකොට පටි දැමිල්ලත් ලේසි නෑ නේද? [SIZE=4][COLOR=Blue]දැනුමට යමක් එකතු උනානම් කොමෙන්ටුවක් කොටලා හොඳයි කියලා හිතෙනව නම් අරවත් දීගෙනම යන්න යාළුවනේ[/COLOR][/SIZE][/B][/SIZE]:cool: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom