Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි

වසර 27 කට පෙර අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි

මීට වසර 27 කට පෙර අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේත්, අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරස්ථානයේත් විහාරාධිපතිවරයාණෝ වූහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවිය ද හෙබැවූ උන්වහන්සේ “බෙල්ලන්විල නායක හාමුදුරුවෝ” නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියහ. අප නාහිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතය වර්තමාන භික්ෂු පරපුරට ආදර්ශවත් විශිෂ්ට ගති ලක්ෂණයන්ගෙන් හෙබි එකකි. භික්ෂුවක තුළ තිබිය යුතු මනා පෞරුෂය පිළිබඳව මෙබඳු පරමාදර්ශි චරිත දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

බෙල්ලන්විල විහාරස්ථානයේ වත්මන් දියුණුවේ නිර්මාතෘවරයාණෝ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ බව නොරහසකි. පරම්පරා ගණනකදී සම්පූර්ණ කළ යුතු කාර්යයන් සමූහයක් උන්වහන්සේ තම ජීවිත කාලය තුළදී සම්පූර්ණ කිරීම සැබැවින්ම විශ්මයජනකය. සකලාංග සම්පූර්ණව සම්භාවනීය විහාරස්ථානයක් බවට උන්වහන්සේ බෙල්ලන්විල විහාරය පත්කළහ.

සෝමරතන මාහිමිපාණන් වහන්සේ තරම් සාමාන්‍ය ජනතාවගේ දුක් දොම්නස් දැනුන හිමිනමක් එම යුගයේ සිටියේදැයි සිතිය නොහැකි තරම්ය. අපේ අත්දැකීමේ හැටියට උන්වහන්සේ මිනිස්කම් සපිරි උදාර සංඝ පීතෘ වරයන් වහන්සේ නමකි.

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසර විසිහතක් සම්පූර්ණ වී ඇත. මෙම කාලය තුළ එදා නාහිමිපාණන් වහන්සේ තුළින් අපට දක්නට හැකි වූ පුණ්‍යමහිමයත්, උන්වහන්සේගේ අදෘෂ්‍යමාන ආශිර්වාදයත් බෙල්ලන්විල පුණ්‍ය භූමිය පුරා අදත් ඉතිර පැතිර ඇති බව සඳහන් කළ යුතුය. එදා උන්වහන්සේ තුළ තිබු පුද්ගලයන් තේරුම් ගැනීමේ හැකියාවත්, මනා කළමනාකාරිත්වයත්, දුරදක්නා නුවණත් සැබවින්ම පුදුම සහගතය.

බෙල්ලන්විල ඇසළ මහා පෙරහර ද, අපේ නාහිමිපාණන් වහන්සේගේ නිර්මාණයකි. එය මෙරට ජාතික මට්ටමේ පෙරහරක් බවට පත් කළා මතු නොව එයට අවශ්‍ය සියලු අංගෝපාංගයන් ද උන්වහන්සේ විසින් මැනවින් සකස් කර තබන්නට යෙදිණි. අපේ නාහිමිපාණන් වහන්සේ විහාරස්ථානය දියුණු කිරීමෙන්, ඇසළ පෙරහර නිර්මාණය කිරීමෙන් ඇති කළ මේ නවෝදය එසේම පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේ මනා සංවිධානයකින් යුතුව අනාගතය දෙස බලා සැලැසුම් කළ ක්‍රමවේදයක් දක්නට ලැබේ.

එහි ජීවමාන සාධක ලෙස වර්තමාන විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් දැක්විය හැකිය. උන්වහන්සේලා ගෙවී ගිය කාලය පුරාම නාහිමිපාණන් විසින් ගොඩනඟා ආරක්ෂා කළ බෙල්ලන්විල විහාරස්ථානය පිළිබඳ කීර්තිරාවය දිනෙන් දින ප්‍රවර්ධනය කොට ඇත.

විහාරස්ථානයේ කටයුතු ද කාලානුරූපව විධිමත් කොට තිබේ. බෙල්ලන්විල රාජමහා විහාරය, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ පාර්ශ්ව මූලස්ථානයකි. එදා එහි ප්‍රධාන සංඝනායක ධූරය හොබවන ලද්දේ ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේය.

සෝමරතන නාහිමිපාණන් වහන්සේ විද්‍යොදය පිරිවෙනෙහි ආදි ශිෂ්‍යවරයන් වහන්සේ නමකි. අද එම පිරිවෙන මුල් කොට ආරම්භ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි කුලපති ධූරය ද මහාචාර්ය විමලරතන අනු නාහිමිපාණන් වහන්සේ විසින් හෙබවීම සැබැවින්ම දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණය වෙනුවෙන් බෙල්ලන්විල විහාරස්ථානයේදී අගෝස්තු මස 11 වැනි දින සිට අනුස්මරණ ධර්ම දේශනා මාලාවක් ද පැවැත්වෙන අතර වාර්ෂික ඇසළ පෙරහර පූජෝත්සවයේ ආරම්භය වන්නේද එයයි. මේ සියලු පිං බෙලෙන් බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති,

අතපත්තුකන්දේ ආනන්ද ස්ථවිර

[QUOTE="Lewke, post: 17001074, member: 510552"] [b]බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි[/b] [SIZE="3"][CENTER][B][SIZE="4"]වසර 27 කට පෙර අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි[/SIZE][/B] [IMG]http://www.silumina.lk/2011/08/07/bellanwila-somarathana-himi.jpg[/IMG] [/CENTER] මීට වසර 27 කට පෙර අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේත්, අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරස්ථානයේත් විහාරාධිපතිවරයාණෝ වූහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවිය ද හෙබැවූ උන්වහන්සේ “බෙල්ලන්විල නායක හාමුදුරුවෝ” නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියහ. අප නාහිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතය වර්තමාන භික්ෂු පරපුරට ආදර්ශවත් විශිෂ්ට ගති ලක්ෂණයන්ගෙන් හෙබි එකකි. භික්ෂුවක තුළ තිබිය යුතු මනා පෞරුෂය පිළිබඳව මෙබඳු පරමාදර්ශි චරිත දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බෙල්ලන්විල විහාරස්ථානයේ වත්මන් දියුණුවේ නිර්මාතෘවරයාණෝ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ බව නොරහසකි. පරම්පරා ගණනකදී සම්පූර්ණ කළ යුතු කාර්යයන් සමූහයක් උන්වහන්සේ තම ජීවිත කාලය තුළදී සම්පූර්ණ කිරීම සැබැවින්ම විශ්මයජනකය. සකලාංග සම්පූර්ණව සම්භාවනීය විහාරස්ථානයක් බවට උන්වහන්සේ බෙල්ලන්විල විහාරය පත්කළහ. සෝමරතන මාහිමිපාණන් වහන්සේ තරම් සාමාන්‍ය ජනතාවගේ දුක් දොම්නස් දැනුන හිමිනමක් එම යුගයේ සිටියේදැයි සිතිය නොහැකි තරම්ය. අපේ අත්දැකීමේ හැටියට උන්වහන්සේ මිනිස්කම් සපිරි උදාර සංඝ පීතෘ වරයන් වහන්සේ නමකි. බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසර විසිහතක් සම්පූර්ණ වී ඇත. මෙම කාලය තුළ එදා නාහිමිපාණන් වහන්සේ තුළින් අපට දක්නට හැකි වූ පුණ්‍යමහිමයත්, උන්වහන්සේගේ අදෘෂ්‍යමාන ආශිර්වාදයත් බෙල්ලන්විල පුණ්‍ය භූමිය පුරා අදත් ඉතිර පැතිර ඇති බව සඳහන් කළ යුතුය. එදා උන්වහන්සේ තුළ තිබු පුද්ගලයන් තේරුම් ගැනීමේ හැකියාවත්, මනා කළමනාකාරිත්වයත්, දුරදක්නා නුවණත් සැබවින්ම පුදුම සහගතය. බෙල්ලන්විල ඇසළ මහා පෙරහර ද, අපේ නාහිමිපාණන් වහන්සේගේ නිර්මාණයකි. එය මෙරට ජාතික මට්ටමේ පෙරහරක් බවට පත් කළා මතු නොව එයට අවශ්‍ය සියලු අංගෝපාංගයන් ද උන්වහන්සේ විසින් මැනවින් සකස් කර තබන්නට යෙදිණි. අපේ නාහිමිපාණන් වහන්සේ විහාරස්ථානය දියුණු කිරීමෙන්, ඇසළ පෙරහර නිර්මාණය කිරීමෙන් ඇති කළ මේ නවෝදය එසේම පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේ මනා සංවිධානයකින් යුතුව අනාගතය දෙස බලා සැලැසුම් කළ ක්‍රමවේදයක් දක්නට ලැබේ. එහි ජීවමාන සාධක ලෙස වර්තමාන විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් දැක්විය හැකිය. උන්වහන්සේලා ගෙවී ගිය කාලය පුරාම නාහිමිපාණන් විසින් ගොඩනඟා ආරක්ෂා කළ බෙල්ලන්විල විහාරස්ථානය පිළිබඳ කීර්තිරාවය දිනෙන් දින ප්‍රවර්ධනය කොට ඇත. විහාරස්ථානයේ කටයුතු ද කාලානුරූපව විධිමත් කොට තිබේ. බෙල්ලන්විල රාජමහා විහාරය, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ පාර්ශ්ව මූලස්ථානයකි. එදා එහි ප්‍රධාන සංඝනායක ධූරය හොබවන ලද්දේ ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේය. සෝමරතන නාහිමිපාණන් වහන්සේ විද්‍යොදය පිරිවෙනෙහි ආදි ශිෂ්‍යවරයන් වහන්සේ නමකි. අද එම පිරිවෙන මුල් කොට ආරම්භ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි කුලපති ධූරය ද මහාචාර්ය විමලරතන අනු නාහිමිපාණන් වහන්සේ විසින් හෙබවීම සැබැවින්ම දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකිය හැකිය. බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණය වෙනුවෙන් බෙල්ලන්විල විහාරස්ථානයේදී අගෝස්තු මස 11 වැනි දින සිට අනුස්මරණ ධර්ම දේශනා මාලාවක් ද පැවැත්වෙන අතර වාර්ෂික ඇසළ පෙරහර පූජෝත්සවයේ ආරම්භය වන්නේද එයයි. මේ සියලු පිං බෙලෙන් බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.[/SIZE] [RIGHT]කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති, අතපත්තුකන්දේ ආනන්ද ස්ථවිර [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom