Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේරේ වැව ඉම කෙම් බිම ගංගාරාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේරේ වැව ඉම කෙම් බිම ගංගාරාමය

බේරේ වැව ඉම කෙම් බිම ගංගාරාමය

ජනක වෙත්තසිංහ

මෙයට ශත වර්ෂයකට එපිට 1885 වසරේදී එක් වගුරු බිම් කඩෙක කුඩා ආරාමයක් ගොඩ නැගෙ යි. ආරාමය හාත්පස විහිදී පැතිරී පැවැතියේ බේරේ වැව යි.

එතැන කුඩා බිම් කඩක් වුව ද අරම කුඩා වුව ද එය මතු දා සදානුස්මරණීය සිහිවටනක් වීමේ පෙර නිමිති පහල කරවමින් මෙම පුණ්‍යක්‍රියාවට අතපැන් වත් කළේ මහා යතිවරයාණන් වහන්සේ නමක් වීම සුවිශේෂී කරුණකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නම් වූ ඒ මහා යතිවර චරිතය සම්බුද්ධ ශාසනයේ ලාංකේය සංඝ සමාජය උදාරත්වයට පත් කළා වූ සංඝ පීතෘවරයෙකි.

උන්වහන්සේගේ දිරියෙන් එසේ ආරම්භ කළ කුඩා ආරාමය අද ශ්‍රී සුමංගල නාමය මෙන්ම නො නැසී පවතින කොළඹ හුනුපිටියේ ගංගාරාමය වශයෙන් කීර්තියට පත් වී තිබෙ යි.

ආරම්භයේ දී ගංගාරාමය තීර්ථයට යා වූ පුළුල් බේරේ වැව අද වන විට වපසරියෙන් කුඩා වී ඇත. එදා ඒ ආරාම ගොඩැල්ලට ගොඩ වැදීමට සිදු වූයේ ඔරු පාරු මතිනි. අද දිනයේ දී අතෝරක් නැතිව යාන වාහන දිවෙන ඇතැම් මාර්ග එදා යටපත් කරගෙන සිටියේ බේරේ වැව මධ්‍යයේ රැළි නැගෙන ජල කඳ මගිනි.

1873 වසරේ දී ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ප්රමුඛත්වයෙන් විද්‍යෝදය පිරිවෙන ආරම්භ වී වසර 12 ක ඇවෑමෙන් ගංගාරාමය ගොඩනැගෙන විට ඒ ඤාණාලෝකයේ අරුනළු ගංගාරාමය වෙත ද පතිත වීමට පටන් ගැනෙ යි. එදා ගංගාරාමය මූලික කර ගනිමින් 1890 දී ඇරැඹි ජිනාලංකාර මුද්‍රණාලය මගින් භික්ෂු අධ්‍යාපනයට මෙන්ම ගිහි සමාජ යහ පැවැත්මට අවැසි සිංහල, පාලි, සංස්කෘත පොත්පත් සමඟ පිටු 1780 කින් සමන්විත පන්සිය පනස් ජාතක පොත ද මුද්‍රණය කෙරෙ යි. මෙම ඤාණ පෝෂණය එතැනින් නො නවති යි. 1954 වසරේ ගංගාරාමයෙන් ඇරඹෙන ශ්‍රී ඥානේශ්වර පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දොර කවුළු විවෘත වන්නේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ය. මෙම පිරිවෙන් අධ්‍යාපනයෙන් පන්නරය ගෙන දැනුමෙන් ධර්මයෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේ දහස් ගණනක් දෙස් විදෙස්හි ධර්ම ප්රචාරයේ නියැලී සිටිති.

1979 වසරේ දී අරම්භ වන ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය එදා කම්මලේ එළිපත්තේ සිට ඉලෙක්ට්‍රොනික ඩිජිටල් අධිතාක්ෂණයේ සඳළු තලය වෙත රන් ඉනිමං බඳින්නේ සැබෑවටම තාරුණ්‍යයට හෙටක් උදෙසා ය. යකඩ තැලෙන කම්මල් වැඩ වෙනුවෙන් තරුණයන් තිදෙනෙකුගෙන් ඇරඹෙන මෙම මධ්‍යස්ථානය අද නවීන කාර්මික තාක්ෂණික ඤාණය ප්රදානය කෙරෙනා පාඨමාලා 50 ක් වෙනුවෙන් තරුණයන් 75,000 කට පමණ විවිධ ප්‍රදේශ ඔස්සේ නොමිලයේ පුහුණුව ලබාදෙයි.

එසේ ශ්‍රී සුමංගල බහුශ්‍රැත ලකුණ සමඟ යා වෙන ගංගාරාමයෙන් වූ ධර්ම, ශාස්ත්‍රීය තාක්ෂණික ශාසන, සමාජ සේවාවන් රැස පහන් තරු පෑ වූ මන්දාකිනියක් බඳු ය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල භික්ෂු උරුමයේ නෑකම සමඟින් ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය දෙවුන්දර ශ්‍රී ජිනරතන නා හිමි ප්රමුඛ පරපුරෙන් පැවත එන ගංගාරාම භික්ෂු පරම්පරාවෙහි වත්මන් නියෝජනය ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් නොහොත් කුදු මහත් කවුරුත් හඳුනන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ය.

හාමුදුරුවන්ගේ නම පොඩි වුව ද මහා ජල තටාංගනයක් අග ඉසුරුමත් කෙම්බිමක් බඳු වූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ කාර්යයන් කුඩා නො වෙ යි. උන්වහන්සේගේ මූලිකත්වයෙන් දැනුදු සිදු කෙරෙනා ශාසනික සමාජ මෙහෙවර දැවැන්ත ය. දරු දැරියන් වෙනුවෙන් ඉංගී්රසි ඇතුළු විවිධ භාෂා අධ්‍යාපනය, භාවනා වැඩසටහන්, කාර්මික විද්‍යාලය, තුන්දහසකට පමණ නොමිලයේ නවාතැන් සැපයෙන කතරගම

විශ්‍රාම ශාලාව, දුගී දුප්පත් ළමයින් පුනරුත්තාපනය කෙරෙනා ගොඩනැගිල්ල, දිළිඳු පවුල් වෙනුවෙන් සෑදුණු ගම්මාන, කාර්මික ආයතන, කෝට්ටේ ආබාධිත හා වැඩිහිටියන් වෙනුවෙන් සෑදු නිවහන, අක්කර දහස් ගණනක රුක්රෝපණ ව්‍යාපෘති, පළතුරු, එලවලු වගා බිම්, පිරිවෙන් වෙනුවෙන් කෙරෙනා ආයෝජන, ආදි මෙවන් ව්‍යාපෘති ආශ්රයෙන් බිහිවන රැකී රක්ෂාදී වූ ශාසනික සමාජ සද්කාරයන් රැසක ශක්තිය ගොඩ නැගෙන්නේ ගංගාරාමයේ ඒ භික්ෂු උරුමයට ආශිර්වාදයක් වන පොඩි හාමුදුරුවන්ගේ සිතක මහා සවියටත් නඟන මහා හඬටත් මේ මහා ව්‍යාපෘති සියල්ල මනාසේ කළමණාකරණය වෙන බැවිනි.

ගංගාරාමයට අයත් සීමා මාලකය බේරේ වැව මධ්‍යයේ කළ බුහුටි වූ ද අපූර්වත්වයෙන් අනූන සුවිශේෂී නිර්මාණයකි. මෙම සීමා මාලකය හා බැඳි ඉතිහාසය සිය වසක් පමණ පැරණි ය. පැරැණි සීමා මාලකය ඉදිව තිබුණේ ලී කණු මත ය. එය 1959 වසරේදී කඩා වැටුණු නිසා නව සීමා මාලකය ගොඩ නැගෙන්නේ 1979 වසරේදි ජෙෆ්රි බාවා නම් විශිෂ්ට ගෘහනිර්මාණ ශිල්පියාණන්ගේ සැළැස්මකට අනුවය. මෙයට බර පැණ දරන්නේ මුස්ලිම් ජාතික මුසාජි යුවළ විසින් තම පුතණුවන් සිහපත් කිරීම සඳහා වීම ද විශේෂත්වයකි. පැරැණි විහාරාරාම සම්ප්රදාය හා මුහු වූ නවමු ආකෘතියකින් සුසැදි ගංගාරාම සීමා මාලකය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ සදානුස්මරණීය, ආගමික සිහිවටනයකි.

කාල පාංශු සේදී යන විට ඔප මට්ටම් වී මතු වූ මැණික් පාශානයක් බඳු වූ අද අප දකින ගංගාරාමය බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් පිරිපුන් මහා කලාගාරයකි. එය දෙස් විදෙස් විවිධ බෞද්ධ සම්ප්රදායන්හි අසහාය සිහිවටනයන් එක් රැස් කළ කෞතුකාගාරයක් බඳුය. ඒ සියල්ල එක්වන්නේ ධාතු මන්දිරය අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරය, බුදු මැදුර, සීමා මාලකය, ඝණ්ඨාකාර චෛත්‍ය දේව මන්දිරය, පුස්තකාලය බෝධින් වහන්සේ ආදි පිහිටි අක්කර 3 1/2ක් පමණ වූ බිමෙක විහාර සංකීර්ණය තුළ ය.

පසෙකින් වන ශෛලමය, දැවමය සහ ලෝහමය බුද්ධ ප්‍රතිමා, බොරෝ බුදුරූ ආකෘතියැති ප්‍රතිමා පෙරහර, යාපහු සම්ප්රදායේ සිංහ ප්‍රතිමා, ථේරවාදි මහායාන,වජ්රයාන ආදි සම්ප්‍රදායන්ට අයත් බුද්ධ, බෝධිසත්ව ප්‍රතිමා, ආදිය ද මෙම කලාකෙත පෝෂණය කරනු ලබයි.

බුරුම, සියම්, ලංකා ත්‍රිපිටක ග්රන්ථ, පැරැණි පුස්කොළ පොත් රැස, මෙන්ම එංගලන්තයේ පාලි ටෙක්ස්ට් සොසයිටි ත්‍රිපිටක ග්රන්ථ ද රන් ආලේපිත කිලෝ 4 1/2 ක් පමණ බරැති “ට්වෙන්ටියත් සෙන්චරි ඉම්ප්‍රෙෂන් ඔෆ් සිලෝන්” නැමැති විශේෂ ග්‍රන්ථය ද ඇතුළුව 4000 ක පමණ ග්රන්ථයන්ගෙන් පුස්තකාලය සෑදී තිබෙ යි.

මෙහි වන ධාතු මන්දිරය තුළ විවිධ කාලයන්හි දී විවිධ ගිහි පැවැදි ප්‍රභූවරුන්ගෙන් ජනාධිපතිවරුන්ගෙන් මෙන්ම විදේශයන්ගෙන් ලැබුණූ සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ ධාතූ®න්ද තැන්පත්ව තිබෙ යි.

සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම ඇත් දළ ගජමුතු දක්ෂිණාවෘත සංඛ, පොසිල, මිල කළ නොහැකි සදාතනික සිහිවටන හරහා දිවෙන ඉතිහාසය 1936 නිෂ්පාදිත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් පරිහරණය කළ එක්ස් කාණ්ඩයේ පැරැණි බෙන්ස් රථය, 1890 නිෂ්පාදිත ලොව පැරැණි මුද්‍රණ යන්ත්‍රය වෙතද අපව කැඳවාගෙන යයි.

ගංගාරාමයේ ගමන මෙතැනින් නොනවතී. හුනුපිටිය, වෑකන්ද, කොම්පඤ්ඤවීදිය, ඩෝසන් වීදිය ආදියේ වූ විවිධ ජාතික විවිධ ආගමික සමාජ විෂමතාවයන් සමනය කරමින් ලෝක බෞද්ධ සංස්කෘතියේ විවිධ හැඩ තල මතු කරමින් ශාස්ත්‍රීය සමාජ සංස්කෘතික විවිධත්වය මුසුවී මේ ගං දිය ගලා බසී. එතැනින් ද නොනැවතී පීඩාවෙන් පෙළෙන වියලි මුඩුබිම් සිසිල් කරමින් මේ ආරාමයේ ගඟ ගලා බසින්නේ ගංගාරාමය නම් වූ නාමය ඉතිහාස ගත කරමිනි.

http://www.lakehouse.lk/budusarana/2013/02/25/tmp.asp?ID=temp01

[QUOTE="uditha2sanjaya, post: 14568772, member: 390671"] [b]බේරේ වැව ඉම කෙම් බිම ගංගාරාමය[/b] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/268086_483715871695748_2061161106_n.jpg[/IMG] [SIZE=6]බේරේ වැව ඉම කෙම් බිම ගංගාරාමය ජනක වෙත්තසිංහ මෙයට ශත වර්ෂයකට එපිට 1885 වසරේදී එක් වගුරු බිම් කඩෙක කුඩා ආරාමයක් ගොඩ නැගෙ යි. ආරාමය හාත්පස විහිදී පැතිරී පැවැතියේ බේරේ වැව යි. එතැන කුඩා බිම් කඩක් වුව ද අරම කුඩා වුව ද එය මතු දා සදානුස්මරණීය සිහිවටනක් වීමේ පෙර නිමිති පහල කරවමින් මෙම පුණ්‍යක්‍රියාවට අතපැන් වත් කළේ මහා යතිවරයාණන් වහන්සේ නමක් වීම සුවිශේෂී කරුණකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නම් වූ ඒ මහා යතිවර චරිතය සම්බුද්ධ ශාසනයේ ලාංකේය සංඝ සමාජය උදාරත්වයට පත් කළා වූ සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේගේ දිරියෙන් එසේ ආරම්භ කළ කුඩා ආරාමය අද ශ්‍රී සුමංගල නාමය මෙන්ම නො නැසී පවතින කොළඹ හුනුපිටියේ ගංගාරාමය වශයෙන් කීර්තියට පත් වී තිබෙ යි. ආරම්භයේ දී ගංගාරාමය තීර්ථයට යා වූ පුළුල් බේරේ වැව අද වන විට වපසරියෙන් කුඩා වී ඇත. එදා ඒ ආරාම ගොඩැල්ලට ගොඩ වැදීමට සිදු වූයේ ඔරු පාරු මතිනි. අද දිනයේ දී අතෝරක් නැතිව යාන වාහන දිවෙන ඇතැම් මාර්ග එදා යටපත් කරගෙන සිටියේ බේරේ වැව මධ්‍යයේ රැළි නැගෙන ජල කඳ මගිනි. 1873 වසරේ දී ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ප්රමුඛත්වයෙන් විද්‍යෝදය පිරිවෙන ආරම්භ වී වසර 12 ක ඇවෑමෙන් ගංගාරාමය ගොඩනැගෙන විට ඒ ඤාණාලෝකයේ අරුනළු ගංගාරාමය වෙත ද පතිත වීමට පටන් ගැනෙ යි. එදා ගංගාරාමය මූලික කර ගනිමින් 1890 දී ඇරැඹි ජිනාලංකාර මුද්‍රණාලය මගින් භික්ෂු අධ්‍යාපනයට මෙන්ම ගිහි සමාජ යහ පැවැත්මට අවැසි සිංහල, පාලි, සංස්කෘත පොත්පත් සමඟ පිටු 1780 කින් සමන්විත පන්සිය පනස් ජාතක පොත ද මුද්‍රණය කෙරෙ යි. මෙම ඤාණ පෝෂණය එතැනින් නො නවති යි. 1954 වසරේ ගංගාරාමයෙන් ඇරඹෙන ශ්‍රී ඥානේශ්වර පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දොර කවුළු විවෘත වන්නේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ය. මෙම පිරිවෙන් අධ්‍යාපනයෙන් පන්නරය ගෙන දැනුමෙන් ධර්මයෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේ දහස් ගණනක් දෙස් විදෙස්හි ධර්ම ප්රචාරයේ නියැලී සිටිති. 1979 වසරේ දී අරම්භ වන ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය එදා කම්මලේ එළිපත්තේ සිට ඉලෙක්ට්‍රොනික ඩිජිටල් අධිතාක්ෂණයේ සඳළු තලය වෙත රන් ඉනිමං බඳින්නේ සැබෑවටම තාරුණ්‍යයට හෙටක් උදෙසා ය. යකඩ තැලෙන කම්මල් වැඩ වෙනුවෙන් තරුණයන් තිදෙනෙකුගෙන් ඇරඹෙන මෙම මධ්‍යස්ථානය අද නවීන කාර්මික තාක්ෂණික ඤාණය ප්රදානය කෙරෙනා පාඨමාලා 50 ක් වෙනුවෙන් තරුණයන් 75,000 කට පමණ විවිධ ප්‍රදේශ ඔස්සේ නොමිලයේ පුහුණුව ලබාදෙයි. එසේ ශ්‍රී සුමංගල බහුශ්‍රැත ලකුණ සමඟ යා වෙන ගංගාරාමයෙන් වූ ධර්ම, ශාස්ත්‍රීය තාක්ෂණික ශාසන, සමාජ සේවාවන් රැස පහන් තරු පෑ වූ මන්දාකිනියක් බඳු ය. හික්කඩුවේ ශ්‍රී සුමංගල භික්ෂු උරුමයේ නෑකම සමඟින් ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය දෙවුන්දර ශ්‍රී ජිනරතන නා හිමි ප්රමුඛ පරපුරෙන් පැවත එන ගංගාරාම භික්ෂු පරම්පරාවෙහි වත්මන් නියෝජනය ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් නොහොත් කුදු මහත් කවුරුත් හඳුනන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ය. හාමුදුරුවන්ගේ නම පොඩි වුව ද මහා ජල තටාංගනයක් අග ඉසුරුමත් කෙම්බිමක් බඳු වූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ කාර්යයන් කුඩා නො වෙ යි. උන්වහන්සේගේ මූලිකත්වයෙන් දැනුදු සිදු කෙරෙනා ශාසනික සමාජ මෙහෙවර දැවැන්ත ය. දරු දැරියන් වෙනුවෙන් ඉංගී්රසි ඇතුළු විවිධ භාෂා අධ්‍යාපනය, භාවනා වැඩසටහන්, කාර්මික විද්‍යාලය, තුන්දහසකට පමණ නොමිලයේ නවාතැන් සැපයෙන කතරගම විශ්‍රාම ශාලාව, දුගී දුප්පත් ළමයින් පුනරුත්තාපනය කෙරෙනා ගොඩනැගිල්ල, දිළිඳු පවුල් වෙනුවෙන් සෑදුණු ගම්මාන, කාර්මික ආයතන, කෝට්ටේ ආබාධිත හා වැඩිහිටියන් වෙනුවෙන් සෑදු නිවහන, අක්කර දහස් ගණනක රුක්රෝපණ ව්‍යාපෘති, පළතුරු, එලවලු වගා බිම්, පිරිවෙන් වෙනුවෙන් කෙරෙනා ආයෝජන, ආදි මෙවන් ව්‍යාපෘති ආශ්රයෙන් බිහිවන රැකී රක්ෂාදී වූ ශාසනික සමාජ සද්කාරයන් රැසක ශක්තිය ගොඩ නැගෙන්නේ ගංගාරාමයේ ඒ භික්ෂු උරුමයට ආශිර්වාදයක් වන පොඩි හාමුදුරුවන්ගේ සිතක මහා සවියටත් නඟන මහා හඬටත් මේ මහා ව්‍යාපෘති සියල්ල මනාසේ කළමණාකරණය වෙන බැවිනි. ගංගාරාමයට අයත් සීමා මාලකය බේරේ වැව මධ්‍යයේ කළ බුහුටි වූ ද අපූර්වත්වයෙන් අනූන සුවිශේෂී නිර්මාණයකි. මෙම සීමා මාලකය හා බැඳි ඉතිහාසය සිය වසක් පමණ පැරණි ය. පැරැණි සීමා මාලකය ඉදිව තිබුණේ ලී කණු මත ය. එය 1959 වසරේදී කඩා වැටුණු නිසා නව සීමා මාලකය ගොඩ නැගෙන්නේ 1979 වසරේදි ජෙෆ්රි බාවා නම් විශිෂ්ට ගෘහනිර්මාණ ශිල්පියාණන්ගේ සැළැස්මකට අනුවය. මෙයට බර පැණ දරන්නේ මුස්ලිම් ජාතික මුසාජි යුවළ විසින් තම පුතණුවන් සිහපත් කිරීම සඳහා වීම ද විශේෂත්වයකි. පැරැණි විහාරාරාම සම්ප්රදාය හා මුහු වූ නවමු ආකෘතියකින් සුසැදි ගංගාරාම සීමා මාලකය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ සදානුස්මරණීය, ආගමික සිහිවටනයකි. කාල පාංශු සේදී යන විට ඔප මට්ටම් වී මතු වූ මැණික් පාශානයක් බඳු වූ අද අප දකින ගංගාරාමය බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් පිරිපුන් මහා කලාගාරයකි. එය දෙස් විදෙස් විවිධ බෞද්ධ සම්ප්රදායන්හි අසහාය සිහිවටනයන් එක් රැස් කළ කෞතුකාගාරයක් බඳුය. ඒ සියල්ල එක්වන්නේ ධාතු මන්දිරය අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරය, බුදු මැදුර, සීමා මාලකය, ඝණ්ඨාකාර චෛත්‍ය දේව මන්දිරය, පුස්තකාලය බෝධින් වහන්සේ ආදි පිහිටි අක්කර 3 1/2ක් පමණ වූ බිමෙක විහාර සංකීර්ණය තුළ ය. පසෙකින් වන ශෛලමය, දැවමය සහ ලෝහමය බුද්ධ ප්‍රතිමා, බොරෝ බුදුරූ ආකෘතියැති ප්‍රතිමා පෙරහර, යාපහු සම්ප්රදායේ සිංහ ප්‍රතිමා, ථේරවාදි මහායාන,වජ්රයාන ආදි සම්ප්‍රදායන්ට අයත් බුද්ධ, බෝධිසත්ව ප්‍රතිමා, ආදිය ද මෙම කලාකෙත පෝෂණය කරනු ලබයි. බුරුම, සියම්, ලංකා ත්‍රිපිටක ග්රන්ථ, පැරැණි පුස්කොළ පොත් රැස, මෙන්ම එංගලන්තයේ පාලි ටෙක්ස්ට් සොසයිටි ත්‍රිපිටක ග්රන්ථ ද රන් ආලේපිත කිලෝ 4 1/2 ක් පමණ බරැති “ට්වෙන්ටියත් සෙන්චරි ඉම්ප්‍රෙෂන් ඔෆ් සිලෝන්” නැමැති විශේෂ ග්‍රන්ථය ද ඇතුළුව 4000 ක පමණ ග්රන්ථයන්ගෙන් පුස්තකාලය සෑදී තිබෙ යි. මෙහි වන ධාතු මන්දිරය තුළ විවිධ කාලයන්හි දී විවිධ ගිහි පැවැදි ප්‍රභූවරුන්ගෙන් ජනාධිපතිවරුන්ගෙන් මෙන්ම විදේශයන්ගෙන් ලැබුණූ සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ ධාතූ®න්ද තැන්පත්ව තිබෙ යි. සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම ඇත් දළ ගජමුතු දක්ෂිණාවෘත සංඛ, පොසිල, මිල කළ නොහැකි සදාතනික සිහිවටන හරහා දිවෙන ඉතිහාසය 1936 නිෂ්පාදිත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් පරිහරණය කළ එක්ස් කාණ්ඩයේ පැරැණි බෙන්ස් රථය, 1890 නිෂ්පාදිත ලොව පැරැණි මුද්‍රණ යන්ත්‍රය වෙතද අපව කැඳවාගෙන යයි. ගංගාරාමයේ ගමන මෙතැනින් නොනවතී. හුනුපිටිය, වෑකන්ද, කොම්පඤ්ඤවීදිය, ඩෝසන් වීදිය ආදියේ වූ විවිධ ජාතික විවිධ ආගමික සමාජ විෂමතාවයන් සමනය කරමින් ලෝක බෞද්ධ සංස්කෘතියේ විවිධ හැඩ තල මතු කරමින් ශාස්ත්‍රීය සමාජ සංස්කෘතික විවිධත්වය මුසුවී මේ ගං දිය ගලා බසී. එතැනින් ද නොනැවතී පීඩාවෙන් පෙළෙන වියලි මුඩුබිම් සිසිල් කරමින් මේ ආරාමයේ ගඟ ගලා බසින්නේ ගංගාරාමය නම් වූ නාමය ඉතිහාස ගත කරමිනි. [URL]http://www.lakehouse.lk/budusarana/2013/02/25/tmp.asp?ID=temp01[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom