බොරතෙල් මිල වැඩිවෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බොරතෙල් මිල වැඩිවෙයි

    බොරතෙල් මිල වැඩිවෙයි - මෙරට ඉන්ධන මිල ගැන තීන්දුවත් අද

    මෙරට ඉන්ධන මිල ගණන් අද (10) මධ්‍යම රාති‍්‍රයේ සිට යළි සංශෝධනය වීමට නියමිතයි. ඒ, මාසිකව කි‍්‍රයාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රයට අනුවයි.

    මිල සූත‍්‍රයට අනුව සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය වනවා. අද පස්වරු 6.00ට මුදල් අමාත්‍යාංශයේදී ඉන්ධන මිල සූත‍්‍ර කමිටුව රැස්වී ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණය කරනු ඇති.

    එහිදී ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල සහ අමෙරිකානු ඩොලරයේ අගය ප‍්‍රධාන වශයෙන් සලකා බලනු ඇති.

    ඒ අනුව ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගණන් සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. ඉකුත් මාසයට සාපේක්ෂව මේ වනවිට බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එහිදී අනාවරණ වුණේ.

    ඉකුත් මස 10 වැනිදා අමෙරිකානු ඩොලර් 68කට පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 70ක් ලෙසයි. කෙසේවෙතත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් සමයේදී ඉහළ ගියා. ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් 182.54ක්ව පැවැති අමෙරිකානු ඩොලරයේ අගය ඊයේ (09) වනවිට සටහන් වූයේ රුපියල් 174.72ක් ලෙසයි. ආර්ථික දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල ඉකුත් සඳුදා වනවිට සියයට 4.5 කින් අධිප‍්‍රමාණය වී තිබුණා.

    මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙරට ඉන්ධන මිල අද මධ්‍යම රාති‍්‍රයේ සංශෝධනය වන්නේ කෙසේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ පවතින තත්ත්වය අනුව බොහෝ විට ඉන්ධන මිලෙහි වැඩිවීමක් සිදු නොවනු ඇති බවයි. බොහෝවිට පවතින මිල ගණන්ම කි‍්‍රයාත්මක වීමක් හෝ ඉන්ධන මිල අඩුවිමක් සිදුවිය හැකි බව ඔහු කියා සිටියා.

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය උදාවන බැවින් ඉන්ධන මිල වැඩිවීමක් සිදු නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. උත්සව සමයේදී ඉන්ධන මිල වැඩි නොකරන බවට ආණ්ඩුවේ බලධාරීන් ද මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.



    4713e95052bb3358848059772c9976bf938b0ae9.png
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොච්චර වැඩි උනත් මරාගෙ කාලේ තිබ්බ ගණන් වලට වඩා වැඩි උනේ නැහැනේ මේ අාණ්ඩුව අාවට පස්සේ..:P