Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරුකාරයෙකු හඳුනාගන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරුකාරයෙකු හඳුනාගන්නේ මෙහෙමයි

බොරුකාරයෙකු හඳුනාගන්නේ මෙහෙමයි

තිසර අරවින්ද රතුවිතාන

බොරු කියන විට නාසය දිගු වන පිනෝකියෝ චරිතය

මිනිස්සු බොරු කියති. බොරු කරති. ජීවීන් අතරින් මිනිසා 'බොරුවට' අතිදක්ෂය.

ඇතැමුන් කළ වරදක් වසා ගැනීමට බොරු කියන අතර තවත් අය එක බොරුවක් වසා ගැනීමට බොරු දහසක් කියති.

බැරි ම තැන වරද පිළිගන්නා අවස්ථා ද නැත්තේ නොවේ. නමුත් ඇතැමුන් 'බොරුවට' මුහුණ දෙන්නේ හොඳ ආත්ම විශ්වාසයකිනි.

කෙනෙකු යමක් පවසද්දී එය 'බොරුවක්' බවට පහසුවෙන් අනුමාන කළ හැකි වන නමුත් තවෙකෙක් 'ඇඟට නොදැනී' බොරු කියති.

ඇතැමුන් 'ගල් පැලෙන බොරු' කියති. තවෙකෙක් කියන බොරු 'අතේ පත්තු' වෙයි. ඇතැම් බොරු 'ගලේ පැහැරූ බළලා' සිහිපත් කරයි. ඇතැම් බොරු හාස්‍යය උපදවන්නේ 'පුහුල් හොරා කරෙන් දැනෙන" බැවිනි. ඒ සිංහල ජනවහරයි.

බොරු කියන්නේ ඇයි?

"සිදුවූ වැරද්දක් වසා ගැනීමට, අතපසුවීම් වසන් කර ගැනීමට, රැකියාවේ වාසි සහ ආර්ථික වාසි තකා, තවත් කෙනෙකු රිදවීමට, පවතින සම්බන්ධතා ආරක්ෂා කර ගැනීමට ආදී" හේතු රාශියක් නිසා මිනිසුන් බොරු කීමට පෙළඹෙන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය.

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර

ඇතැම් උදවිය යහපත් චේතනාවෙන් සාවද්‍ය ප්‍රකාශයක් කරන අවස්ථා ද පවතින බවත් ඉන් කිසිවෙකුට හානි ගෙන නොදෙන බවත් වෛද්‍යවරිය සිහිපත් කළාය.

"නමුත් ව්යථීක මුසාවාදය (Pathological Lying) කියන දේ රෝගී තත්වයක්. බොරු කීම රෝගී තත්වයක් වන අවස්ථාවක්. ඒ පුද්ගලයන්ගේ පෞරුෂත්වය පිළිබඳ රෝග ගොඩක් තියෙනවා. Borderline Personalities සහ Narcissistic Personality Disorder වගේ පෞර්ෂත්වය පිළිබඳ රෝග."

"සමහරු පුරුද්දක් විදියට බොරු කියනවා. ඒකට කියන්නේ compulsive lying කියල. ඔවුන්ට එය පාලනය කර ගන්න බැහැ." කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය.

බොරුකාරයාගේ පෞරුෂත්වය

"බොරු කියනකොට අපේ මොළයේ ඉදිරිපස තියෙන 'ප්රිෆ්රන්ටල් කෝටෙක්ස්' (Prefrontal Cortex) කියන කොටසේ වෙනස් වීම් සිදුවන බව සොයාගෙන තියෙනවා"

එවැනි පුද්ගලයන් බොහෝ විට තම ජීවිතය පිළිබඳව කනස්සල්ලෙන් පසුවන උදවිය බවත්, අනෙක් අය ඉදිරියේ තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා නිරන්තරයෙන් බොරු කියන බවත් වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.

"යම් දෙයකට අසත්‍ය තොරතුරක් දුන්නම ඒක වසන් කර ගන්න තව අසත්‍ය තොරතුරු ගොඩක් දෙනවා. එතනදී තමන්ගේ පෞරුෂත්වයට හානි වෙනවා."

"බොරු කියනකොට අපේ මොළයේ ඉදිරිපස තියෙන 'ප්රිෆ්රන්ටල් කෝටෙක්ස්' (Prefrontal Cortex) කියන කොටසේ වෙනස් වීම් සිදුවන බව සොයාගෙන තියෙනවා. එතනින් තමයි තමන්ගේ පෞරුෂත්වය පිළිබිඹු වෙන්නේ." ඇය පැහැදිලි කළාය.

ඇමිග්ඩලා

මිනිස් මොළයේ පවතින ඇමිග්ඩෙලා නමැති කොටසේ සංවේදීතාව සහ බොරු කීම අතර සම්බන්ධතාවක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරිය පවසන්නීය.

"බොරු කියන තරමට අපේ මොළයේ තිබෙන ඇමිග්ඩලා (Amygdala) කියන කොටසේ සංවේදීතාවය අඩු වෙනවා. බොරුවක් කිව්වම බිය, ලැජ්ජාව, පසුතැවීම, දුක වගේ හැඟීම් අපට ඇති වෙනවා. නමුත් ඇමිග්ඩෙලා කියන කොටසේ සංවේදීතාව අඩු වුනාම ඒ හැඟීම් අපට දැනෙන එක අඩු වෙලා යනවා."

"බොරු කියන්න සහජ දක්ෂතාවයක් සහිත පුද්ගලයන් ඉන්නවා. ඒක පළපුරුද්දකින් කරන්න පුළුවන් දෙයක්; ඇඟට පතට නොදැනී. ශරීරයේ කිසිම වෙනසක් සිදු නොවෙන්න පුළුවන්. කිසිම උපකරණයකට හසු වෙන්නේ නැහැ. ඇමිග්ඩලාවේ සංවේදීතාවය අඩු වීම නිසා."

සත්‍යවාදී වීම දරුවන්ට කුඩා කළ සිටම දෙමාපියන් විසින් හුරු පුරුදු කරනු ලැබිය යුතු දෙයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර අවධාරණය කළාය.

කෙසේ නමුත් 'බොරුකාරයන්' හඳුනාගත හැකි බව විශේෂඥ මතයයි.

යමෙකු බොරුවක් කියන බව දැන ගන්නේ කෙසේද?

'බොරුකාරයෙකු' හඳුනා ගන්නේ කෙසේදැයි මහාචාර්ය රිචඩ් වයිස්මන් මෙසේ විස්තර කළේය

මානසික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රිචඩ් වයිස්මන් බ්‍රිතාන්‍යය තුළ සිදු කළ සමීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල පුදුම එළවන සුළුය.

මහාචාර්ය වයිස්මන් සිදු කළ එක් පරීක්ෂණයක් මෙසේය. තමන් කැමතිම චිත්‍රපටය ගැන දෙවරක් කතා කරන ලෙස එක්තරා මාධ්‍යවේදියෙකුට ආරාධනා කළේය. එම අවස්ථා දෙකම වීඩියෝ ගත කරන ලදී.

ඉන් එක් වීඩියෝ පටයක ඇත්තේ සත්‍ය වශයෙන්ම ඔහු කැමතිම චිත්‍රපටය ගැන කෙරෙන විස්තරයයි. අනෙක් වීඩියෝ පටයේ ඇත්තේ තමන් කැමතිම චිත්‍රපටය ලෙස හුවා දක්වමින් ප්‍රකාශ කරන බොරු සම්භාරයකි.

මෙම වීඩියෝ පට දෙකම සජීවී රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ විකාශනය කිරීමෙන් අනතුරුව නරඹන්නන් ගෙන් ඉල්ලීමක් කළේය.

එම පුද්ගලයා 'ඇත්ත' කතා කරන වීඩියෝ පටය කුමක් දැයි අනුමාන කර දුරකථනය ඔස්සේ දැනුම් දෙන ලෙස මහාචාර්යවරයා ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එම වීඩියෝවෙන් ලබා ගත් හඬ පට දෙකම ගුවන් විදුලිය ඔස්සේ ද ප්‍රචාරය කෙරුණි. ගුවන් විදුලි ශ්‍රාවකයන්ගෙන් ද ඉහත කී ඉල්ලීම කරන ලදී.

එමෙන්ම, අදාළ පුද්ගලයා අවස්ථා දෙකෙහි ම කළ ප්‍රකාශය ලේඛනගත කොට පුවත් පතක පළ කෙරුණි. 'බොරු කියන' වීඩියෝව සහ 'ඇත්ත කියන' වීඩියෝව තෝරන ලෙස පාඨකයන්ට ද ආරාධනා කළේය.

අනතුරුව, ලැබුණු දත්ත විශ්ලේෂණය කෙරුණි.

"බොරුකාරයෙක් අල්ල ගන්න ඕනෙනම් ඔවුන් දෙස බලන්න එපා"

යමෙකු බොරුවක් පවසන අවස්ථාවක දී එය අනුමාන කර ගැනීම සඳහා අප විසින් සාමාන්‍ය ජීවිතයේ දී භාවිත කරනු ලබන 'ඉඟි' පිළිබඳව යම් වැටහීමක් ලබා ගැනීමට මහාචාර්ය වයිස්මන් ට සහ ඔහුගේ පර්යේෂක කණ්ඩායමට එමගින් හැකි විය.

සමීක්ෂණය අවසානයේ, 'බොරුකාරයෙකු' හඳුනා ගන්නේ කෙසේදැයි මහාචාර්ය රිචඩ් වයිස්මන් මෙසේ විස්තර කළේය.

1. බොරුකාරයා දෙස බලන්න එපා; ඔහුට සවන් දෙන්න.

"හඬ පටයට සවන් දීමෙන් සහ අදාළ ලේඛනය කියවීමෙන් බොරුකාරයා හඳුනා ගැනීමට වැඩි පිරිසක් සමත් වී ඇති බව සමීක්ෂණයෙන් පෙනී ගොස් තිබෙනවා. වීඩියෝ පට දෙක රූපවාහිනිය ඔස්සේ නැරඹූ පිරිසට එය අසීරු වෙලා තියෙනවා."

"මේකට හේතුව, ඇසට දකින 'ඉඟි' නිසා ඔහු කියන දේ අපට හරිහැටි ග්‍රහණය කරගැනීමට නොහැකි වීමයි. දක්ෂ බොරුකාරයන්ට පුළුවන් තමන්ගේ ප්රකාශනයට වඩා ලෙහෙසියෙන් තමන්ගේ ඉරියව් සහ අභිනයන් (body language) හොඳින් පාලනය කරන්න."

"ඒ නිසා, බොරුකාරයෙක් අල්ල ගන්න ඕනෙනම් ඔවුන් දෙස බලන්න එපා. ඔවුන් කියන දෙයට සහ එය කියන ආකාරයට සවන් දෙන්න."

2. තමන් පිළිබඳව සඳහන් කිරීම අඩු වෙයි

"මුසාවක් දොඩන විට 'තමන්' යන අර්ථය දෙන වදන් අතහැර දමා කතා කිරීමට ඔවුන් වග බලා ගන්නවා. ඒ නිසා 'මම', 'මට' හෝ 'මගේ' යන ආදී වචන හැලෙනවා."

3. බොරුව අඩුවෙන්

"කියන දේ සම්පූර්ණයෙන් නොකියා අඩුවෙන් කියන්න බොරුකාරයා පෙළඹෙනවා. සමහර විට තමන් කෙරෙහි පැමිණිය හැකි අවදානම අවම කරගැනීම සඳහා එසේ කරනවා විය හැකියි."

(ඉහත සඳහන් කළ වීඩියෝ පට දෙක ගත් කල, තමන් කැමතිම චිත්‍රපටය ලෙස හුවා දක්වමින් අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කරන වීඩියෝව කෙටි ය. සත්‍ය ප්‍රකාශය දෙගුණයකින් දිගු විය.)

4. පිළිතුර පමා වීම

"ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ගන්නවා. මිනිස්සු බොරු කියන විට, ප්රශ්නයේ අවසානයත් පිළිතුරේ ආරම්භයත් අතර නිහඬ කාලයක් තියෙනවා."

5. බොරුකාරයාගේ භාවාත්මක බව

"බොරු කීමේදී භාවාත්මක බව (යමක් හදවතින් ම පවසන බව දැනීම) අඩු වෙනවා."

6. සමීපතමයන් සහ ආදරණීයයන් ගැන කල්පනාකාරී වන්න

ඔබ මුළා කිරීමට වැඩි හැකියාවක් ඇත්තේ ඔබේ සමීපතමයන් සහ ආදරණීයයන්ට බව මහාචාර්ය රිචඩ් වයිස්මන් පෙන්වා දෙයි.

"අවුරුදු 20ක් විතර ආශ්‍රය කරන කෙනෙක් බොරුවක් කියනකොට අල්ල ගන්න හරිම ලේසියි කියල හිතෙන්න පුළුවන්. ඒත් යථාර්ථය ඊට වෙනස්. සමීප බව වැඩි වන තරමට හසු නොවන විදියට බොරු කියන්න ලෙහෙසියි."

ඒ බොරුව සහ බොරුකාරයා හඳුනා ගැනීම සඳහා මහාචාර්ය රිචඩ් වයිස්මන් ඉදිරිපත් කළ කරුණු හයයි.

[QUOTE="Target Hoona, post: 24839938, member: 558749"] [b]බොරුකාරයෙකු හඳුනාගන්නේ මෙහෙමයි[/b] [COLOR="DimGray"][SIZE="5"][B][SIZE="6"][COLOR="DarkRed"]බොරුකාරයෙකු හඳුනාගන්නේ මෙහෙමයි[/COLOR][/SIZE][/B] තිසර අරවින්ද රතුවිතාන බොරු කියන විට නාසය දිගු වන පිනෝකියෝ චරිතය මිනිස්සු බොරු කියති. බොරු කරති. ජීවීන් අතරින් මිනිසා 'බොරුවට' අතිදක්ෂය. ඇතැමුන් කළ වරදක් වසා ගැනීමට බොරු කියන අතර තවත් අය එක බොරුවක් වසා ගැනීමට බොරු දහසක් කියති. බැරි ම තැන වරද පිළිගන්නා අවස්ථා ද නැත්තේ නොවේ. නමුත් ඇතැමුන් 'බොරුවට' මුහුණ දෙන්නේ හොඳ ආත්ම විශ්වාසයකිනි. කෙනෙකු යමක් පවසද්දී එය 'බොරුවක්' බවට පහසුවෙන් අනුමාන කළ හැකි වන නමුත් තවෙකෙක් 'ඇඟට නොදැනී' බොරු කියති. ඇතැමුන් 'ගල් පැලෙන බොරු' කියති. තවෙකෙක් කියන බොරු 'අතේ පත්තු' වෙයි. ඇතැම් බොරු 'ගලේ පැහැරූ බළලා' සිහිපත් කරයි. ඇතැම් බොරු හාස්‍යය උපදවන්නේ 'පුහුල් හොරා කරෙන් දැනෙන" බැවිනි. ඒ සිංහල ජනවහරයි. [B]බොරු කියන්නේ ඇයි?[/B] "සිදුවූ වැරද්දක් වසා ගැනීමට, අතපසුවීම් වසන් කර ගැනීමට, රැකියාවේ වාසි සහ ආර්ථික වාසි තකා, තවත් කෙනෙකු රිදවීමට, පවතින සම්බන්ධතා ආරක්ෂා කර ගැනීමට ආදී" හේතු රාශියක් නිසා මිනිසුන් බොරු කීමට පෙළඹෙන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය. මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ඇතැම් උදවිය යහපත් චේතනාවෙන් සාවද්‍ය ප්‍රකාශයක් කරන අවස්ථා ද පවතින බවත් ඉන් කිසිවෙකුට හානි ගෙන නොදෙන බවත් වෛද්‍යවරිය සිහිපත් කළාය. "නමුත් ව්යථීක මුසාවාදය (Pathological Lying) කියන දේ රෝගී තත්වයක්. බොරු කීම රෝගී තත්වයක් වන අවස්ථාවක්. ඒ පුද්ගලයන්ගේ පෞරුෂත්වය පිළිබඳ රෝග ගොඩක් තියෙනවා. Borderline Personalities සහ Narcissistic Personality Disorder වගේ පෞර්ෂත්වය පිළිබඳ රෝග." "සමහරු පුරුද්දක් විදියට බොරු කියනවා. ඒකට කියන්නේ compulsive lying කියල. ඔවුන්ට එය පාලනය කර ගන්න බැහැ." කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය. [B]බොරුකාරයාගේ පෞරුෂත්වය[/B] "බොරු කියනකොට අපේ මොළයේ ඉදිරිපස තියෙන 'ප්රිෆ්රන්ටල් කෝටෙක්ස්' (Prefrontal Cortex) කියන කොටසේ වෙනස් වීම් සිදුවන බව සොයාගෙන තියෙනවා" එවැනි පුද්ගලයන් බොහෝ විට තම ජීවිතය පිළිබඳව කනස්සල්ලෙන් පසුවන උදවිය බවත්, අනෙක් අය ඉදිරියේ තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා නිරන්තරයෙන් බොරු කියන බවත් වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය. "යම් දෙයකට අසත්‍ය තොරතුරක් දුන්නම ඒක වසන් කර ගන්න තව අසත්‍ය තොරතුරු ගොඩක් දෙනවා. එතනදී තමන්ගේ පෞරුෂත්වයට හානි වෙනවා." "බොරු කියනකොට අපේ මොළයේ ඉදිරිපස තියෙන 'ප්රිෆ්රන්ටල් කෝටෙක්ස්' (Prefrontal Cortex) කියන කොටසේ වෙනස් වීම් සිදුවන බව සොයාගෙන තියෙනවා. එතනින් තමයි තමන්ගේ පෞරුෂත්වය පිළිබිඹු වෙන්නේ." ඇය පැහැදිලි කළාය. [B] ඇමිග්ඩලා[/B] මිනිස් මොළයේ පවතින ඇමිග්ඩෙලා නමැති කොටසේ සංවේදීතාව සහ බොරු කීම අතර සම්බන්ධතාවක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරිය පවසන්නීය. "බොරු කියන තරමට අපේ මොළයේ තිබෙන ඇමිග්ඩලා (Amygdala) කියන කොටසේ සංවේදීතාවය අඩු වෙනවා. බොරුවක් කිව්වම බිය, ලැජ්ජාව, පසුතැවීම, දුක වගේ හැඟීම් අපට ඇති වෙනවා. නමුත් ඇමිග්ඩෙලා කියන කොටසේ සංවේදීතාව අඩු වුනාම ඒ හැඟීම් අපට දැනෙන එක අඩු වෙලා යනවා." "බොරු කියන්න සහජ දක්ෂතාවයක් සහිත පුද්ගලයන් ඉන්නවා. ඒක පළපුරුද්දකින් කරන්න පුළුවන් දෙයක්; ඇඟට පතට නොදැනී. ශරීරයේ කිසිම වෙනසක් සිදු නොවෙන්න පුළුවන්. කිසිම උපකරණයකට හසු වෙන්නේ නැහැ. ඇමිග්ඩලාවේ සංවේදීතාවය අඩු වීම නිසා." සත්‍යවාදී වීම දරුවන්ට කුඩා කළ සිටම දෙමාපියන් විසින් හුරු පුරුදු කරනු ලැබිය යුතු දෙයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර අවධාරණය කළාය. කෙසේ නමුත් 'බොරුකාරයන්' හඳුනාගත හැකි බව විශේෂඥ මතයයි. [B]යමෙකු බොරුවක් කියන බව දැන ගන්නේ කෙසේද?[/B] 'බොරුකාරයෙකු' හඳුනා ගන්නේ කෙසේදැයි මහාචාර්ය රිචඩ් වයිස්මන් මෙසේ විස්තර කළේය මානසික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රිචඩ් වයිස්මන් බ්‍රිතාන්‍යය තුළ සිදු කළ සමීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල පුදුම එළවන සුළුය. මහාචාර්ය වයිස්මන් සිදු කළ එක් පරීක්ෂණයක් මෙසේය. තමන් කැමතිම චිත්‍රපටය ගැන දෙවරක් කතා කරන ලෙස එක්තරා මාධ්‍යවේදියෙකුට ආරාධනා කළේය. එම අවස්ථා දෙකම වීඩියෝ ගත කරන ලදී. ඉන් එක් වීඩියෝ පටයක ඇත්තේ සත්‍ය වශයෙන්ම ඔහු කැමතිම චිත්‍රපටය ගැන කෙරෙන විස්තරයයි. අනෙක් වීඩියෝ පටයේ ඇත්තේ තමන් කැමතිම චිත්‍රපටය ලෙස හුවා දක්වමින් ප්‍රකාශ කරන බොරු සම්භාරයකි. මෙම වීඩියෝ පට දෙකම සජීවී රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ විකාශනය කිරීමෙන් අනතුරුව නරඹන්නන් ගෙන් ඉල්ලීමක් කළේය. එම පුද්ගලයා 'ඇත්ත' කතා කරන වීඩියෝ පටය කුමක් දැයි අනුමාන කර දුරකථනය ඔස්සේ දැනුම් දෙන ලෙස මහාචාර්යවරයා ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය. එම වීඩියෝවෙන් ලබා ගත් හඬ පට දෙකම ගුවන් විදුලිය ඔස්සේ ද ප්‍රචාරය කෙරුණි. ගුවන් විදුලි ශ්‍රාවකයන්ගෙන් ද ඉහත කී ඉල්ලීම කරන ලදී. එමෙන්ම, අදාළ පුද්ගලයා අවස්ථා දෙකෙහි ම කළ ප්‍රකාශය ලේඛනගත කොට පුවත් පතක පළ කෙරුණි. 'බොරු කියන' වීඩියෝව සහ 'ඇත්ත කියන' වීඩියෝව තෝරන ලෙස පාඨකයන්ට ද ආරාධනා කළේය. අනතුරුව, ලැබුණු දත්ත විශ්ලේෂණය කෙරුණි. "බොරුකාරයෙක් අල්ල ගන්න ඕනෙනම් ඔවුන් දෙස බලන්න එපා" යමෙකු බොරුවක් පවසන අවස්ථාවක දී එය අනුමාන කර ගැනීම සඳහා අප විසින් සාමාන්‍ය ජීවිතයේ දී භාවිත කරනු ලබන 'ඉඟි' පිළිබඳව යම් වැටහීමක් ලබා ගැනීමට මහාචාර්ය වයිස්මන් ට සහ ඔහුගේ පර්යේෂක කණ්ඩායමට එමගින් හැකි විය. සමීක්ෂණය අවසානයේ, 'බොරුකාරයෙකු' හඳුනා ගන්නේ කෙසේදැයි මහාචාර්ය රිචඩ් වයිස්මන් මෙසේ විස්තර කළේය. 1. බොරුකාරයා දෙස බලන්න එපා; ඔහුට සවන් දෙන්න. "හඬ පටයට සවන් දීමෙන් සහ අදාළ ලේඛනය කියවීමෙන් බොරුකාරයා හඳුනා ගැනීමට වැඩි පිරිසක් සමත් වී ඇති බව සමීක්ෂණයෙන් පෙනී ගොස් තිබෙනවා. වීඩියෝ පට දෙක රූපවාහිනිය ඔස්සේ නැරඹූ පිරිසට එය අසීරු වෙලා තියෙනවා." "මේකට හේතුව, ඇසට දකින 'ඉඟි' නිසා ඔහු කියන දේ අපට හරිහැටි ග්‍රහණය කරගැනීමට නොහැකි වීමයි. දක්ෂ බොරුකාරයන්ට පුළුවන් තමන්ගේ ප්රකාශනයට වඩා ලෙහෙසියෙන් තමන්ගේ ඉරියව් සහ අභිනයන් (body language) හොඳින් පාලනය කරන්න." "ඒ නිසා, බොරුකාරයෙක් අල්ල ගන්න ඕනෙනම් ඔවුන් දෙස බලන්න එපා. ඔවුන් කියන දෙයට සහ එය කියන ආකාරයට සවන් දෙන්න." 2. තමන් පිළිබඳව සඳහන් කිරීම අඩු වෙයි "මුසාවක් දොඩන විට 'තමන්' යන අර්ථය දෙන වදන් අතහැර දමා කතා කිරීමට ඔවුන් වග බලා ගන්නවා. ඒ නිසා 'මම', 'මට' හෝ 'මගේ' යන ආදී වචන හැලෙනවා." 3. බොරුව අඩුවෙන් "කියන දේ සම්පූර්ණයෙන් නොකියා අඩුවෙන් කියන්න බොරුකාරයා පෙළඹෙනවා. සමහර විට තමන් කෙරෙහි පැමිණිය හැකි අවදානම අවම කරගැනීම සඳහා එසේ කරනවා විය හැකියි." (ඉහත සඳහන් කළ වීඩියෝ පට දෙක ගත් කල, තමන් කැමතිම චිත්‍රපටය ලෙස හුවා දක්වමින් අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කරන වීඩියෝව කෙටි ය. සත්‍ය ප්‍රකාශය දෙගුණයකින් දිගු විය.) 4. පිළිතුර පමා වීම "ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ගන්නවා. මිනිස්සු බොරු කියන විට, ප්රශ්නයේ අවසානයත් පිළිතුරේ ආරම්භයත් අතර නිහඬ කාලයක් තියෙනවා." 5. බොරුකාරයාගේ භාවාත්මක බව "බොරු කීමේදී භාවාත්මක බව (යමක් හදවතින් ම පවසන බව දැනීම) අඩු වෙනවා." 6. සමීපතමයන් සහ ආදරණීයයන් ගැන කල්පනාකාරී වන්න ඔබ මුළා කිරීමට වැඩි හැකියාවක් ඇත්තේ ඔබේ සමීපතමයන් සහ ආදරණීයයන්ට බව මහාචාර්ය රිචඩ් වයිස්මන් පෙන්වා දෙයි. "අවුරුදු 20ක් විතර ආශ්‍රය කරන කෙනෙක් බොරුවක් කියනකොට අල්ල ගන්න හරිම ලේසියි කියල හිතෙන්න පුළුවන්. ඒත් යථාර්ථය ඊට වෙනස්. සමීප බව වැඩි වන තරමට හසු නොවන විදියට බොරු කියන්න ලෙහෙසියි." ඒ බොරුව සහ බොරුකාරයා හඳුනා ගැනීම සඳහා මහාචාර්ය රිචඩ් වයිස්මන් ඉදිරිපත් කළ කරුණු හයයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom