බොරු කඩු කෞතුකාගාරයට.ඇත්ත කඩු මරාට

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
බොරු කඩු කෞතුකාගාරයට.ඇත්ත කඩු මරාට

පැහැරගෙන ගිය කඩු (replica) බොරු කඩු බවට පත්වීමේ ආශ්චර්ය ලබන සතියේ ………

March 20, 2012 2:02 am 11 comments
Share this Article

Author:

EDITOR
Colombo_Museum.gif
කොළඹ ජාතික කෞතුකාගාරය ඉකුත් (16) රාත‍්‍රී කොල්ලකා එහි තිබූ පෞරාණික කඩු පැහැරගෙන ගොස් අදට දින තුනක් ගතවී ඇත. මෙම සිදුවීම පිටුපස බඩුත් හාමුදුරුවන්ගේ හොරත් හාමුදුරුවන්ගේ වැනි අපූර්ව නාට්‍ය මාලාවක් සිදුවන බව LANKALEAKS වෙත වාර්තා වේ සිදුවීම සැකෙවින් මෙසේය.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය මේ වනවිට දකුණු ඉන්දියාවේ කෝවිලක සිරියක් ගෙන ඇත කිසිම නිල රාජකාරී කටයුත්තක් සිදු නොවන අතර එය මුලූමනින්ම ජනාධිපතිවරයාගේ බලිතොවිල් සිදුකරන ස්ථානයක් බවට පත්වී තිබේ. මේ වනවිට එහි ඉන්දීය පූජකවරුන් පිරිසක් අඛන්ඩ දේවපූජාවක් දින ගණනක් තිස්සේ සිදුකරමින් සිටී.
එම ඉන්දීය පූජකයින් අතරින් එක් පූජකයෙකු පසුගිය බ‍්‍රහස්පතින්දා (15) පස්වරුවේ ජනාධිපති ආරක්ෂක නිලධාරියෙකු සමග කෞතුකාගාර නැරඹීමට ගොස් ඇත. එදින දහවල් සිට ජාතික කෞතුකාගාරයේ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීයව තිබී ඇති බවද වාර්තා වේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනයන් හි කෞතුකාගාර විවෘතව තබන බැවින් සිකුරාදා දිනවල කෞතුකාගාරය වසා තබයි. මෙම සොරකම සිදුවී ඇත්තේ එසේ කෞතුකාගාර වසාතැබූ දිනයේදීය.
ශ‍්‍රී ලංකාවේ කැසිනෝ රජා ලෙස විරුදාවලිය ලත්, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ධම්මික පෙරේරා මහතා විසින් කෞතුකාගාරය ඉදිරිපිට දැවැන්ත මාලිගාවක් ඉදිකරමින් තිබෙන අතර සෑම මොහොතකම එහි ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් සිටින අතරම බොහෝ අවස්ථාවලදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින්ද එම ගොඩනැගිල්ලට යන එන බව වාර්තා වේ.
එසේම කෞතුකාගාරය අවට ප‍්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් නිරන්තරයෙන්ම ක‍්‍රියාත්මක වේ. එසේ තිබියදී 16 වනදා රාත‍්‍රී, කිසියම් පිරිසක් එහි ප‍්‍රධාන රහස් දොරටුවෙන් ඇතුලූවී මෙවැනි සොරකමක් කිරීම විශ්මයට කරුණක් බවත්, එම අවස්ථාව වනවිට එහි තිබූ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීය කර තිබීමද මෙහිදී සැලකිල්ලට ගතයුතු බවත්, මාධ්‍ය වේදීන්ගේ මතයයී.
කෞතුකාරගෙයන් සොරාගත් බඩුභාන්ඩ අතර මහනුවර යුගයට අයත් පෞරාණික කඩු අටක්, අසිපත් මිට හතරක් හා රන්කාසි තොගයක්ද මුද්‍රාව සහිත මුදුවක් ඇතුළු කෞතුක භාණ්ඩ රාශියක්ද වනබව එම පොලිස් පරීක්ෂණ වලදී තහවුරුවී ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවතින ජන්මාන්තර මාරක ග්‍රහ අපල දුරු කිරීම සදහා දුටුගැමුණු රජතුමාගේ අසිපත සෙවීම නාමල් මන්ත්‍රී වරයා විසින් කලකට ඉහතදී ආරම්බ කොට ඇතී කටයුත්තකී මෙසේ අසිපත් සොයා යන අතරතුර කෞතුකාගාරය තුල තැන්පත් කොට තිබු කඩු 12 පිළිබද වාර්තාවී ඇත. සමහරකුගේ මතය වුයේ සිංහල රාජ්‍යත්වයේ නිල අභාරණයක් ලෙස දුටුගැමුණු රජුගේ කඩුව කාලයාගේ ඇවෑමෙන් රාජසිංහ රජු සතු වූ බවයී. එබැව්න් එය තහවුරු කර ගැනීම සදහා අතී විශේෂ කාර්ය බලකා සෙබළු හයදෙනකු මිට මසකට පෙර කොලඹට ගෙන්වා සියලු කටයුතු සංවිදානය කොට ඇත්තේ DIG R.W.M.C රණවන විසිනි ගොටාභය රාජපක්ෂ මහතා විසින් සියලු අනුමැතිය ලැබුණු පසු කඩු සොරකම් කිරීමේ මෙහෙයුම සිදුකොට ඇත. මේ වනවිට අවශ්‍ය එක කඩුවක් පමණක් බව අවබෝද කොට ඇති නාමල් රාජපක්ෂ අවශ්‍ය කඩුව උදෙසා (REPLICA ) අනුරු එසේත් නැතිනම් බොරු කඩුවක් තැනීමේ කටයුතු අවසන් කොට ඇත. තොරතුරු වලට අනුව එළබෙන සතියේ විශේෂ පොලිස් කණ්ඩායමක මෙහෙයුමකදී සියලු බඩු නැවත සොයාගැනීමටත් පසුව රාජසිංහ රජුගේ කඩුව සදහා පමණක් බොරු කඩුව තැන්පත් කිරීමට නියමිතයී. යම් ලෙසකින් වර්තමාන කාර්යමණ්ඩලයට හදුනාගත හැකි විය හැකි බැවින් හදුනා ගැනීමට අදාල සියලු කාර්ය මණ්ඩලය විශේෂ නියෝගයක් පරිදි මාරු කිරීමට නියමිතව ඇත. සියලු තොරතුරු අනුව මෙම නාට්‍ය ලගදීම ඔබ සැමට දැක බලා ගත හැකි වනු ඇත.

 

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
දැන් පිටකෝට්ටේ සංඝ ඝාතනයට ආන්ඩුව සෑහෙන ලෙස බලපෑම් එල්ල කරනවා කියලා මාධ්‍ය වාර්තා පලවෙමින් තියෙනවා. මේ කඩු වලට දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා හුඟක් මාධ්‍යන් තුල විස්තර තියෙනවා
 
  • Like
Reactions: sudeewa

Similar threads