Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරෝබුදුර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013 වසරේ ජූලි 07 වැනිදා ලෝකවාසී බෞද්ධයන් බලවත් කම්පාවට පත්වූයේ බුද්ධගයාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසාය. ලොව පුරා වෙසෙන කෝටි 35 කට අධික බෞද්ධයන්ගේ පූජනීයම ස්ථානය වන බුද්ධගයාවට ප්‍රහාර එල්ල කළේ ඉන්දීය මුජහිඩීන්වරුන් විසිනි. මේ ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන් කණ්ඩායම පසුව අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක බලධාරීන් සමත් විය. මුස්ලිම් අන්තවාදය නිසාම ඉන්දියාවෙන් බුද්ධාගම අතුගෑවුණු බව අමුතුවෙන් කිව යුතු නැත. අපට බුද්ධගයා ප්‍රහාරය ගැන යළි සිහිකරන්නට සිදුවූයේ සුන්නි වහාබ්වාදී ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එස්. සංවිධානය බොරොබුදුර් බෞද්ධ විහාරය පුපුරවාදමන බවට ෆේස් බුක් සමාජ ජාලය හරහා කර ඇති තර්ජනය නිසාය. ඉන්දීය මුජහිඩීන්වරුන් හා සැලකීමේදී ඉරාකයේ හා සිරියාවේ විශාල ප්‍රදේශයක බලය අල්ලාගෙන සිටින අයි.එස්.අයි.එස්. වරුන් අහසට පොළොව මෙනි. වර්තමානයේ ලොව බලවත්ම මෙන්ම ධනවත්ම මුස්ලිම් අන්තවාදී සංවිධානය වන්නේ මෙයයි. එසේ නම් නමවැනි ශතවර්ෂයේ ඉදිකළ ලොව විශාලතම බෞද්ධ විහාරයට ප්‍රහාරයක් එල්ල කරන බවට කරන මේ තර්ජනය සුළුකොට තැකිය නොහැක.

සයිලෙන්ද්ර රාජවංශය රජකරන කාලයේ ඉදිවුණු මෙම විහාරය මහායාන බෞද්ධ විහාරයකි. එහි බුදු පිළිම 504 ක් ඉදිකර ඇත. මේ පිළිම ගුප්ත සම්ප්‍රදායට අනුව නිර්මාණය කර ඇති අතර 14 වැනි සියවසේ දී ජාවා හි පැවැති හින්දු රාජ්‍ය බිඳ වැටීමත් සමඟ මෙම බෞද්ධ විහාරයද අභාවයට ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. පසුව ජාවාවරු මුස්ලිම් ආගම වැළඳගත්හ.

අද ලෝකයේ ලොකුම මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉන්දුනීසියාව යි. එහි වෙසෙන මුස්ලිම් ජනගහනය මිලියන 225 කි. දූපත් 13466 කින් සමන්විත ඉන්දුනීසියාවේ වෙසෙන සම්පූර්ණ ජනගහනය මිලියන 238 කි. එය ලෝකයේ ජනගහනය බහුලම රටවල් අතරින් සිව්වැනි ස්ථානය ලබයි. අපේ මේ බොරෝබුදුර් විහාරය පිහිටා ඇත්තේද ලොව ලොකුම මුස්ලිම් රාජ්‍යයේය. එසේ නම් මේ තර්ජනය සරදමක් නොවේ.

අගෝස්තු 15 වැනිදා, "We Are Islamic State" නම් වූ ෆේස්බුක් පිටුවක "God willing (Borobudur) will be demolished by Islamic

caliphate mujahidin" යනුවෙන් සඳහන් කර තිබිණි. එසේනම් දෙවියන්ගේ කැමැත්ත අනුව මේ ලොව ලොකුම බෞද්ධ විහාරය විනාශ කිරීමට අබු බකර් බැග්ඩැඩිගේ උන්මත්තක රැළ සූදානම් වන්නේද? මධ්‍යම ජාවාහි පොලිස් ප්‍රධානියා මෙම තර්ජනය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කර ඇති අතර බෞද්ධ විහාරයේ ආරක්ෂාව තරකර ඇත. එසේම හමුදා භට පිරිස්ද පොලිසියේ සහායට කැඳවා ඇති බව ජාකර්තා පෝස්ට් පුවත්පත ප්‍රකාශ කරයි. 1985 දී මෙම බෞද්ධ විහාරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් බොරෝබුදුර් විහාරයේ ස්ථූප නවයකට හානි සිදුවිය. මෙම ප්‍රහාරයට වගකිව යුතු මුස්ලිම් අන්තවාදී තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර එක් අයකු ජීවිතාන්තය දක්වාම සිරගත කරන ලදී. පසුව මොවුනට ජනාධිපති සමාව හිමිවිය. එසේ ජනාධිපති සමාව ලබාදුන්නේ ඇයිද යන්න වෙනම කථා කළ යුත්තකි.

2013 සිටම බොරෝබුදුර් විහාරයේ ආරක්ෂාව තරකර තිබුණේ ජාකර්තා නුවර පිහිටි මහායාන පන්සලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟය. බුරුමයේ බෞද්ධ - මුස්ලිම් ගැටුම් ඇතිවූ පසු ඉන්දුනීසියාවේ වෙසෙන මුස්ලිම් අන්තවාදී සංවිධාන ප්‍රකාශ කළේ බුරුම බෞද්ධයන්ට එරෙහිව ජිහාඩ් යුද්ධයක් ඇරඹිය යුතු බවයි.

කවරක් නමුත් ඉන්දුනීසියානු බලධාරීන් මුස්ලිම් අන්තවාදයට හිස එසවීමට ඉඩ ලබාදෙන්නේ නැත. නැත්නම් මේ රාජ්‍යයද පකිස්තානය මෙන් අසාර්ථක රාජ්‍යයක් වීමට ඉඩ තිබිණි. එරට ජනපති සුසිලෝ බැග්ඩැඩි යුදයානෝ පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහිව සමස්ත ලෝකයම එක්විය යුතු බවත් මේ සංවිධානය මුස්ලිම් ආගමේ හරය විනාශ කරන බවත්ය. අන්තවාදය පරාජය කිරීමට සෑම රාජ්‍ය නායකයකුම ඉදිරිපත් විය යුතු බව හෙතෙම අවධාරණය කර තිබිණි. ඔහු මේ ප්‍රකාශය කර තිබුණේ ඇමරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆොලී ගෙල කපා මරාදමන වීඩියෝව මාධ්‍යයට නිකුත් වීමෙන් පසුවය.

ජනපති යුදයානෝ මෙසේද පවසා තිබිණි. අපි නම් මේ අන්තවාදයට කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඉන්දුනීසියාවේ මොවුනට කිසිම ඉඩක් නැහැ. ඇත්තටම ඉන්දුනීසියාව මුස්ලිම් රාජ්‍යයක් නොවේ. අපි සෑම ආගමකටම ගරු කරනවා. අයි.එස්.අයි.එස්. සංවිධානය අනුගමනය කරන දර්ශනය මුස්ලිම් ආගමේ නම් නැහැ" ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රාජ්‍යයේ ජනපති මෙලෙස එඩිතරව අදහස් දැක්වීම අගය කළ යුතුය. යුදයානෝ ජනපතිතුමා සුන්නි වහාබ්වාදය ප්‍රතික්ෂේප කරන බව පැහැදිළිය.

අබුබකර් බැග්ඩැඩි නම් මේ උමතු ත්රස්තවාදියා ප්‍රකාශ කරන්නේ ලොව සියලු මුස්ලිම්වරුන්ගේ නායකයා තමා බවය. ලොව වෙසෙන මුස්ලිම්වරු කෝටි 160 කට මොහුට අණදිය හැකිද? මොහු ෂියාවරුන්ද මරා දැමිය යුතු බව කියයි. මොවුනගේ අණ පවතින ප්‍රදේශවල මුස්ලිම් නොවී යක්ෂ ප්‍රේතයකුට හෝ වාසය කළ නොහැක. සැබවින්ම මෙය මානව ශිෂ්ටාචාරයටම ප්රශ්නයකි. එහෙත් කිසිම මුස්ලිම් රාජ්‍ය නායකයකු මේ අන්තවාදය විවේචනය කළේ නැත. එය විවේචනය කිරීමට ශක්තියක් හා ධෛර්යය තිබුණේ ඉන්දුනීසියානු ජනපතිවරයාට පමණි. එනිසාම ඔහු බොරෝබුදුර් විහාරය ආරක්ෂා කිරීමට උපරිම කැපවන බව අපේ විශ්වාසයයි.

දැන් ඇමරිකාව අබුබකර් බැග්ඩැඩිගේ සහචරයින්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා බ්‍රිතාන්‍යයේද සහය ඉල්ලා ඇත. ජේම්ස් ෆොලීගේ බෙල්ල කපා මරා දැමූ ජිහාඩ් අන්තවාදියාද බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව හෙළිවීම නිසා ලන්ඩන් ආණ්ඩුවද රත් වී ඇත. 2011 මාර්තු මාසයේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක් ඇතිවීම ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව බෙහෙවින් සතුටුවිය. සිරියා විපක්ෂ කණ්ඩායම් වලට ඩොලර් මිලියන ගණනින් සැපයීමටද සී.අයි.ඒ. සංවිධානය ක්‍රියාකළේය. එක් අවස්ථාවකදී අසාද් පාලනයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමටද ඔබාමා තීරණය කර තිබුණද ජනපති පුටින් එයට තරයේ විරුද්ධවීම නිසා මේ ක්‍රියාමාර්ගය අද අත්හිටුවිණි. නමුත් දැන් ඔබාමා පාලනය අයි.එස්.අයි.එස්.වරුන් මර්දනය කිරීම සඳහා ජනපති අසාද්ගෙන් උදව් ලබා ගැනීමට සූදානම් වන බව පැවසේ. දැනටමත් සිරියානු අහසේද ඇමරිකානු ෙඩ්‍රාන් ප්‍රහාරක යානා ක්‍රියාත්මක වේ. එදා අල් නුෂ්රා කණ්ඩායම බෂාර් අල් අසාද්ට බැට දෙනවිට ඇමරිකාව අත්පුඩි තැලුවේය. නමුත් ජෙම්ස් ෆොලීගේ බෙල්ල කැපෙන විට ඔබාමාටත් දහඩිය දමන්නට විය.

අබුබකර් බැග්ඩැඩිගේ ව්‍යාපාරය නිසා ඇමරිකාවේ දෙබිඩි පිළිවෙතද හෙළිවිය. කවරක් වෙතත් අයි.එස්.අයි.එස්. සංවිධානය මර්දනය කිරීමට ඇමරිකාව ගන්නා පියවරට කිසිවකුට එරෙහි විය නොහැක. එය ශිෂ්ට මනුෂ්‍ය සමාජය ආරක්ෂා කිරීමට ගන්නා පියවරකි. එසේ නොවන්නේ නම් මුළුමහත් ලෝකයම විශාල අවුලකට ඇදවැටීම වැළැක්විය නොහැක. එමෙන්ම විශිෂ්ට බෞද්ධ උරුමය විනාශ කිරීමට කිසිම අන්තවාදියකුට ඉඩදිය යුතු නැත. මන්ද බොරෝබුදුර් විහාරය ලෝක උරුමයකි. එය ශිෂ්ටාචාරයේ සංකේතයකි.

- චතුර පමුණුව

දිවයින

[QUOTE="Truth Hurts, post: 17079539, member: 477372"] [CENTER][IMG]http://shedexpedition.com/wp-content/uploads/2012/11/Borobudur-Temple-1-480x384.jpg[/IMG][/CENTER] [COLOR="DarkSlateGray"][SIZE="3"]2013 වසරේ ජූලි 07 වැනිදා ලෝකවාසී බෞද්ධයන් බලවත් කම්පාවට පත්වූයේ බුද්ධගයාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසාය. ලොව පුරා වෙසෙන කෝටි 35 කට අධික බෞද්ධයන්ගේ පූජනීයම ස්ථානය වන බුද්ධගයාවට ප්‍රහාර එල්ල කළේ ඉන්දීය මුජහිඩීන්වරුන් විසිනි. මේ ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන් කණ්ඩායම පසුව අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක බලධාරීන් සමත් විය. මුස්ලිම් අන්තවාදය නිසාම ඉන්දියාවෙන් බුද්ධාගම අතුගෑවුණු බව අමුතුවෙන් කිව යුතු නැත. අපට බුද්ධගයා ප්‍රහාරය ගැන යළි සිහිකරන්නට සිදුවූයේ සුන්නි වහාබ්වාදී ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එස්. සංවිධානය බොරොබුදුර් බෞද්ධ විහාරය පුපුරවාදමන බවට ෆේස් බුක් සමාජ ජාලය හරහා කර ඇති තර්ජනය නිසාය. ඉන්දීය මුජහිඩීන්වරුන් හා සැලකීමේදී ඉරාකයේ හා සිරියාවේ විශාල ප්‍රදේශයක බලය අල්ලාගෙන සිටින අයි.එස්.අයි.එස්. වරුන් අහසට පොළොව මෙනි. වර්තමානයේ ලොව බලවත්ම මෙන්ම ධනවත්ම මුස්ලිම් අන්තවාදී සංවිධානය වන්නේ මෙයයි. එසේ නම් නමවැනි ශතවර්ෂයේ ඉදිකළ ලොව විශාලතම බෞද්ධ විහාරයට ප්‍රහාරයක් එල්ල කරන බවට කරන මේ තර්ජනය සුළුකොට තැකිය නොහැක. සයිලෙන්ද්ර රාජවංශය රජකරන කාලයේ ඉදිවුණු මෙම විහාරය මහායාන බෞද්ධ විහාරයකි. එහි බුදු පිළිම 504 ක් ඉදිකර ඇත. මේ පිළිම ගුප්ත සම්ප්‍රදායට අනුව නිර්මාණය කර ඇති අතර 14 වැනි සියවසේ දී ජාවා හි පැවැති හින්දු රාජ්‍ය බිඳ වැටීමත් සමඟ මෙම බෞද්ධ විහාරයද අභාවයට ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. පසුව ජාවාවරු මුස්ලිම් ආගම වැළඳගත්හ. අද ලෝකයේ ලොකුම මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉන්දුනීසියාව යි. එහි වෙසෙන මුස්ලිම් ජනගහනය මිලියන 225 කි. දූපත් 13466 කින් සමන්විත ඉන්දුනීසියාවේ වෙසෙන සම්පූර්ණ ජනගහනය මිලියන 238 කි. එය ලෝකයේ ජනගහනය බහුලම රටවල් අතරින් සිව්වැනි ස්ථානය ලබයි. අපේ මේ බොරෝබුදුර් විහාරය පිහිටා ඇත්තේද ලොව ලොකුම මුස්ලිම් රාජ්‍යයේය. එසේ නම් මේ තර්ජනය සරදමක් නොවේ. අගෝස්තු 15 වැනිදා, "We Are Islamic State" නම් වූ ෆේස්බුක් පිටුවක "God willing (Borobudur) will be demolished by Islamic caliphate mujahidin" යනුවෙන් සඳහන් කර තිබිණි. එසේනම් දෙවියන්ගේ කැමැත්ත අනුව මේ ලොව ලොකුම බෞද්ධ විහාරය විනාශ කිරීමට අබු බකර් බැග්ඩැඩිගේ උන්මත්තක රැළ සූදානම් වන්නේද? මධ්‍යම ජාවාහි පොලිස් ප්‍රධානියා මෙම තර්ජනය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කර ඇති අතර බෞද්ධ විහාරයේ ආරක්ෂාව තරකර ඇත. එසේම හමුදා භට පිරිස්ද පොලිසියේ සහායට කැඳවා ඇති බව ජාකර්තා පෝස්ට් පුවත්පත ප්‍රකාශ කරයි. 1985 දී මෙම බෞද්ධ විහාරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් බොරෝබුදුර් විහාරයේ ස්ථූප නවයකට හානි සිදුවිය. මෙම ප්‍රහාරයට වගකිව යුතු මුස්ලිම් අන්තවාදී තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර එක් අයකු ජීවිතාන්තය දක්වාම සිරගත කරන ලදී. පසුව මොවුනට ජනාධිපති සමාව හිමිවිය. එසේ ජනාධිපති සමාව ලබාදුන්නේ ඇයිද යන්න වෙනම කථා කළ යුත්තකි. 2013 සිටම බොරෝබුදුර් විහාරයේ ආරක්ෂාව තරකර තිබුණේ ජාකර්තා නුවර පිහිටි මහායාන පන්සලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟය. බුරුමයේ බෞද්ධ - මුස්ලිම් ගැටුම් ඇතිවූ පසු ඉන්දුනීසියාවේ වෙසෙන මුස්ලිම් අන්තවාදී සංවිධාන ප්‍රකාශ කළේ බුරුම බෞද්ධයන්ට එරෙහිව ජිහාඩ් යුද්ධයක් ඇරඹිය යුතු බවයි. කවරක් නමුත් ඉන්දුනීසියානු බලධාරීන් මුස්ලිම් අන්තවාදයට හිස එසවීමට ඉඩ ලබාදෙන්නේ නැත. නැත්නම් මේ රාජ්‍යයද පකිස්තානය මෙන් අසාර්ථක රාජ්‍යයක් වීමට ඉඩ තිබිණි. එරට ජනපති සුසිලෝ බැග්ඩැඩි යුදයානෝ පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහිව සමස්ත ලෝකයම එක්විය යුතු බවත් මේ සංවිධානය මුස්ලිම් ආගමේ හරය විනාශ කරන බවත්ය. අන්තවාදය පරාජය කිරීමට සෑම රාජ්‍ය නායකයකුම ඉදිරිපත් විය යුතු බව හෙතෙම අවධාරණය කර තිබිණි. ඔහු මේ ප්‍රකාශය කර තිබුණේ ඇමරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆොලී ගෙල කපා මරාදමන වීඩියෝව මාධ්‍යයට නිකුත් වීමෙන් පසුවය. ජනපති යුදයානෝ මෙසේද පවසා තිබිණි. අපි නම් මේ අන්තවාදයට කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඉන්දුනීසියාවේ මොවුනට කිසිම ඉඩක් නැහැ. ඇත්තටම ඉන්දුනීසියාව මුස්ලිම් රාජ්‍යයක් නොවේ. අපි සෑම ආගමකටම ගරු කරනවා. අයි.එස්.අයි.එස්. සංවිධානය අනුගමනය කරන දර්ශනය මුස්ලිම් ආගමේ නම් නැහැ" ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රාජ්‍යයේ ජනපති මෙලෙස එඩිතරව අදහස් දැක්වීම අගය කළ යුතුය. යුදයානෝ ජනපතිතුමා සුන්නි වහාබ්වාදය ප්‍රතික්ෂේප කරන බව පැහැදිළිය. අබුබකර් බැග්ඩැඩි නම් මේ උමතු ත්රස්තවාදියා ප්‍රකාශ කරන්නේ ලොව සියලු මුස්ලිම්වරුන්ගේ නායකයා තමා බවය. ලොව වෙසෙන මුස්ලිම්වරු කෝටි 160 කට මොහුට අණදිය හැකිද? මොහු ෂියාවරුන්ද මරා දැමිය යුතු බව කියයි. මොවුනගේ අණ පවතින ප්‍රදේශවල මුස්ලිම් නොවී යක්ෂ ප්‍රේතයකුට හෝ වාසය කළ නොහැක. සැබවින්ම මෙය මානව ශිෂ්ටාචාරයටම ප්රශ්නයකි. එහෙත් කිසිම මුස්ලිම් රාජ්‍ය නායකයකු මේ අන්තවාදය විවේචනය කළේ නැත. එය විවේචනය කිරීමට ශක්තියක් හා ධෛර්යය තිබුණේ ඉන්දුනීසියානු ජනපතිවරයාට පමණි. එනිසාම ඔහු බොරෝබුදුර් විහාරය ආරක්ෂා කිරීමට උපරිම කැපවන බව අපේ විශ්වාසයයි. දැන් ඇමරිකාව අබුබකර් බැග්ඩැඩිගේ සහචරයින්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා බ්‍රිතාන්‍යයේද සහය ඉල්ලා ඇත. ජේම්ස් ෆොලීගේ බෙල්ල කපා මරා දැමූ ජිහාඩ් අන්තවාදියාද බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව හෙළිවීම නිසා ලන්ඩන් ආණ්ඩුවද රත් වී ඇත. 2011 මාර්තු මාසයේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක් ඇතිවීම ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව බෙහෙවින් සතුටුවිය. සිරියා විපක්ෂ කණ්ඩායම් වලට ඩොලර් මිලියන ගණනින් සැපයීමටද සී.අයි.ඒ. සංවිධානය ක්‍රියාකළේය. එක් අවස්ථාවකදී අසාද් පාලනයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමටද ඔබාමා තීරණය කර තිබුණද ජනපති පුටින් එයට තරයේ විරුද්ධවීම නිසා මේ ක්‍රියාමාර්ගය අද අත්හිටුවිණි. නමුත් දැන් ඔබාමා පාලනය අයි.එස්.අයි.එස්.වරුන් මර්දනය කිරීම සඳහා ජනපති අසාද්ගෙන් උදව් ලබා ගැනීමට සූදානම් වන බව පැවසේ. දැනටමත් සිරියානු අහසේද ඇමරිකානු ෙඩ්‍රාන් ප්‍රහාරක යානා ක්‍රියාත්මක වේ. එදා අල් නුෂ්රා කණ්ඩායම බෂාර් අල් අසාද්ට බැට දෙනවිට ඇමරිකාව අත්පුඩි තැලුවේය. නමුත් ජෙම්ස් ෆොලීගේ බෙල්ල කැපෙන විට ඔබාමාටත් දහඩිය දමන්නට විය. අබුබකර් බැග්ඩැඩිගේ ව්‍යාපාරය නිසා ඇමරිකාවේ දෙබිඩි පිළිවෙතද හෙළිවිය. කවරක් වෙතත් අයි.එස්.අයි.එස්. සංවිධානය මර්දනය කිරීමට ඇමරිකාව ගන්නා පියවරට කිසිවකුට එරෙහි විය නොහැක. එය ශිෂ්ට මනුෂ්‍ය සමාජය ආරක්ෂා කිරීමට ගන්නා පියවරකි. එසේ නොවන්නේ නම් මුළුමහත් ලෝකයම විශාල අවුලකට ඇදවැටීම වැළැක්විය නොහැක. එමෙන්ම විශිෂ්ට බෞද්ධ උරුමය විනාශ කිරීමට කිසිම අන්තවාදියකුට ඉඩදිය යුතු නැත. මන්ද බොරෝබුදුර් විහාරය ලෝක උරුමයකි. එය ශිෂ්ටාචාරයේ සංකේතයකි. [CENTER][IMG]http://shedexpedition.com/wp-content/uploads/2012/11/Borobudur-Temple-6-480x322.jpg[/IMG] [IMG]http://shedexpedition.com/wp-content/uploads/2012/11/Borobudur-Temple-5-480x360.jpg[/IMG] [IMG]http://shedexpedition.com/wp-content/uploads/2012/11/Borobudur-Temple-4-480x359.jpg[/IMG] [IMG]http://shedexpedition.com/wp-content/uploads/2012/11/Borobudur-Temple-3-480x301.jpg[/IMG] [IMG]http://shedexpedition.com/wp-content/uploads/2012/11/Borobudur-Temple-2-480x292.jpg[/IMG] [IMG]http://shedexpedition.com/wp-content/uploads/2012/11/Borobudur-Temple-7-457x480.jpg[/IMG] [IMG]http://shedexpedition.com/wp-content/uploads/2012/12/10042010063-480x360.jpg[/IMG] [/CENTER] - චතුර පමුණුව දිවයින[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom