Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිද්දියෙන් අගතියට පත් ඉන්දිකයා සහ මා මිතුරා වටකොට පස්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නට අපේ එවුන් ලක ලැහැස්ති වූයේ සියල්ලෝම බෝඩිමේ තාප්පය අසලින් වාඩි වූවායින් පසුවය. සිද්දියේ අගමුල කිසිවෙකුත් නොදැන සිටියත් සිද්දියට කඩු හරඹයට මුලිකවූ ඉන්දිකයාත් , ඉන්දිකයාගේ අනුගාමිකයා වූ මා මිතුරාත් ගැන ඊට වැඩි යමක් මා දන්නා බැවින් කිසිවක් කථා නොකර සිටීමට මා වගබලා ගත්තද මා මිතුරා නියපොතු කමින් මා දිහා හොර ඇහෙන් බලමින් ඇඹරෙමින් සිටියේ තිත්ත කසාය මුට්ටියක් බලෙන් පොවන ලද ගොළුවකු සේමය.

බෝඩිමේ සාමාජිකයින් සියල්ලන් විසින්ම ඉන්දිකයා ඇස්වසනු ලදුව යන්තම් සන්තම් ප්රශ්නය සමතයකට පත්වූ පසුව ඉන්දිකයා මා මිතුරාද සමග බෝඩිමෙන් නික්ම යන්නට මොටෝ සයිකලයට ගොඩවූ මොහොතේ එතෙක් වෙලා මාගේ හදවත දවාලූ ප්‍රශනය මම ඉන්දිකයා හමුවේ තැබුවෙමි..

ඈ බන්.. දැන් උඹලෑ පවුලේ මිනිස්සු විරසක වෙලාද බන්..

ඒ කිව්වේ.. මට ටිකක් පැහැදිලි කරහන් මොකක් ගැනද උඹ මේ කියන්නේ..

මම අහන්නේ උඹයි උඹේ බාප්පාගේ පුත්තුයි විරසක වෙලාද ..

මා මිතුරාද තිත්ත කසාය බිවූ ගොළුවකු සේ මොටෝසයිකලයේ පසුපස අසුනේ වාඩිවී සිටිමින් නියපොතු කමින් මා දෙස හොරැහින් බලමින් සිටියි..

බොට පිස්සුද යකෝ.. අපේ බාප්පල අපි කිසම අවුලක් නැහැ..

එතකොට බොගේ බාප්පයි බාප්පගේ පුත්තුයි කඩුවක් අරගෙන බොට කොටන්න ආවේ පිස්සුවටද..

බොට පිස්සුද යකෝ.. මගේ බාප්පෙක් කොහෙද මට කොටන්න ආවේ..

ඒ කියන්නේ දැන් වසන්තය උඹේ බාප්පාගේ පුතා නෙවෙයි..

බොට පිස්සු හැදිලද යකෝ.. ඌ කොහොමද මගේ බාපගේ පුතා වෙන්නේ.. උගේ නම වසන්ත කියල දන්නෙත් අද බන් මම..

එහෙනම් උඹ දැන් මාසෙකට විතර කලින් හල්වතුරට තකහනියක් ඇවිත් මට කිව්වේ මම බොලෑ බාප්පාගේ දූ ශ්‍යාමලී පස්සේ යනවා කියල.. මතකද උඹ කිව්වෙ බාප්පා මහා නපුරු එකා, ශ්‍යාමලී පස්සේ යනවනම් ඒක නවත්තපන් කියල..

ඔව්.. මම කිව්වා තමයි.. ඉතින්..

එතකොට දැන් පැය භාගෙකට කලින් බොට කඩුවෙන් කොටන්න ආවේ එදා කියපු බාප්පාගේ පුතා වසන්ත තමයි බොල ..

හහ් ..

මා කියූ දෙයින් එලෝ මෙලෝ නැතිවූ ඉන්දිකයා විනාඩියක් පමණ මා දිහා දෑස් විදහා බලා සිටියායින් අනතුරුව හැරුනේ පිටුපස අසුනේ වාඩිවී නියපොතු කමින් සිටි මා මිතුරා දෙසටයි..

බැහැපන් මගෙන් මැරුන් නොකා..

යමන් බන්.. මුගේ මේ විකාර අහන්නේ නැතුව අපි යමන්..

මා මිතුරා ප්‍රශ්නයෙන් පැන යාමට උත්සහ කලේ එලෙසයි..

මම දැන් තොට එකපාරක් කිව්වනේ.. බැහැපන් මගෙන් මැරුම් නොකා..

මා මිතුරාද මොටෝවෙන් බැස්සේ ඉන්දිකයා වෙත විරිත්තමින්ය..

බල්ලෝ.. තෝ දැනගනින් මීට පස්සේ කෙල්ලෙක් පස්සේ යනකොට තෝ එක්ක යන එකාටවත් කියපන් මේ යන්නේ අහවල් කෙල්ල පස්සේ කියලා.. බලහන් දැන් මේ පීචං වෙන්නේ මමනේ තෝ නිසා.. තෝ මහා #$%#&$^#@&$%$#%%$&#%@%$ බල්ලෝ ..

මා මිතුරාට සිංහල සංස්කෘත වලින් ඇමැතූ ඉන්දිකයා මා දිහාට හැරුණි..

මේ කාලකන්නියා කඩු කොටයක් අරන් පාරට පනිනකම් මම දන්නේ නැහැ බන් මූ මොකාද කියලා.. මෙන්න මේ බල්ලාගේ කීමට තමයි එදා ඇවිත් උඹව බය කරේ.. බැලුවාම මූ ගහල තියෙන්නේ ත්‍රිබල් ගේම් එකක්.. උඹ ශ්‍යාමලී පස්සේ යාවි කියන බයට මා ලව්වා උඹව බය කරලා මටත් නොකියම මාව එක්කන් ගිහින් තියෙන්නේ ශ්‍යාමලී පස්සේ.. හපොයි මට ගහන්න ඕන බූ වල්ලකින් බන් මු වගේ එකෙක් ආස්සරේ කරනවට .. මම දන්නේ නැහැ බන් ඒ කෙල්ලගේ නම ශ්‍යාමලී කියලා..

සිද්දිය එලෙසින් නිමාවට පත්වුවත් මාගේ අඹ යාලුවා ශ්‍යාමලීගේ සිද්දිය ගැන අද වනතුරු කසිදු දෙයක් කතා කර නොමැත. කරන්නට යෙදුනාවූ ත්‍රිබල් ගේම් එක දුටු මට පිහිටවන්නාවූ දෙවි කෙනෙක් මා ඉදිරිපිටදීම මා මිතුරාගේ ත්‍රිබල් ගේම් එක අනුකම්පා විරහිතව කුජීත කර දැමුයේ ඒ ආකාරයෙනි. එවන් ඩබල් ගේම් කිහිපයකින් අනතුරුව එක් දරු පියෙක් වී සිටියි..

රහස් පරීක්ෂක සේවා, රොයිටර් සේවා හා ෂර්ලොක් හෝම්ස් සේවා වල ඒකාබද්ධ මෙහෙයුම් සිය දහස් ගණනකින් අනතුරුව තඩියාගේ, ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි ප්‍රේම වුර්තාන්තයද නිමාවුයේ තඩියාගේ දෙමාපිය ප්‍රමුක ඥාති පිරිවරට ඉනිමක ජයක් අත්කර දෙමින්ය. ප්‍රේම වුර්තාන්තයෙන් ශෝකයටපත් තඩියා තවත් ප්‍රේම වුර්තාන්තයකට ආරම්භය සනිටුහන් කලත් සුපුරුදු පරිදිම එයටද දෙමාපිය, ඥාති පිරිවර විරුද්දවූ නියායෙන් සියල්ල අත්හැර විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගියේය. එහිද ගොස් නිකම් නොසිටි තඩියා කුවේටයෙන්ද පෙම්වතියක් සොයාගත්තේ කොටන කුකුළාට කොයි කොටුවත් එකයි කියන්නාක් සේය . එදත්, අදත් , හෙටත් සත්‍ය ප්‍රේමයේ සලකුණක් වූ තඩියාට කුවේටයේ හමුවූ පෙම්වතිය විවාහ කරගැනීමට දෙමාපිය ආශිර්වාදය හිමිවූ අතර අද වනවිට එක්දරු පියෙක් වශයෙන් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරමින් සිටියද එම පෙම්වතියද සෙන්ටිමෙන්ටල් කරදීමට අප වෙහෙසවූ ආකාරය ගැන වෙනම පොස්ට් එකකින් ලිවිය යුතුය..

උසස්පෙළ විභාගයට ඔන්න මෙන්න තිබියදී අපගේ අවරගණයේ ක්‍රියාවක් ඥානාගෙ දෙමාපියන්ට අතටම මාට්ටු කර දීමට ඒකාබද්ධ රහස් පරීක්ෂක සේවා සාර්ථකව සමත් වූ අතර, එම ක්‍රියාවට දඬුවමක් ලෙස, අපගේ දුක සහ සතුටඑක ලෙසින් විඳගත්තා වූ බෝඩිම සදහටම වසා දැමීමට ඥානාට සිදුවිණි.

ඥානාගෙ දෙමාපියන් බෝඩිමට පැමිණ කොට්ටා පැදුරු සමගින් ඥානා කුදලාගෙන මයිනරයේ පසුපස අසුනට බලහත්කාරයෙන් නංවාගෙන බෝඩිමට සමුදී යනු දුටු මට එදා මතකයට නැගුනු දේ අදද එලෙසම මතකයේ සටහන්වී ඇත . එනම් අඹ යාලුවෝ ටෙලි නාට්ටියේ සුනිල් නොහොත් සුදු ආප්පෝ බලහත්කාරයෙන් කොළඹ පාසලකට ඇතුලත් කිරීමට රැගෙන යන අවස්ථාවේ මයිනරයේ පසුපස වීදුරුවෙන් නිමල් දෙස බලා සිටි ආකාරයයි..ඥානාද එලෙසම බෝඩිමේ සගයන් දෙස මයිනරයේ පසුපස වීදුරුවෙන් බලා සිටි ආකාරය ඉතාමත් දුක හිතෙනා සුළුය...

අනේ බෝඩිමේ කතා ඉවරයි කියලා හිතුවට ඉවර නෑ .. තව තියෙනවෝ ...

ඉතිහාසය දෙස බලා සිනාසෙන්නට උත්සහ කලද එම සිනහව පසුපසින්ම පැමිණෙන දුක්ඛදායී සිතුවිල්ල නම් බෝඩිමේ සිද්දීන් සියල්ලටම සෘජුව සම්භන්ධ වූ ඉස්කෝලේ ආච්චීද, ඥානාගෙ පියාද, තඩියාගේ පියාද මේ වනවිට ජීවතුන් අතර නොසිටීමයි. අපව යහමග යැවීමට දිවා රෑ නොබලා වෙහෙසවූ පුද්ගලයින් වශයෙන් ඉස්කෝලේ ආච්චීටද, ඥානාගෙ පියාටද, තඩියාගේ පියාටද නිර්වාන සම්පත්තියම ලැබේවා ...

මෙය මා විසින්ම මාගේ බ්ලොගයට ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න..

[QUOTE="polwattacom, post: 19223337, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]සිද්දියෙන් අගතියට පත් ඉන්දිකයා සහ මා මිතුරා වටකොට පස්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නට අපේ එවුන් ලක ලැහැස්ති වූයේ සියල්ලෝම බෝඩිමේ තාප්පය අසලින් වාඩි වූවායින් පසුවය. සිද්දියේ අගමුල කිසිවෙකුත් නොදැන සිටියත් සිද්දියට කඩු හරඹයට මුලිකවූ ඉන්දිකයාත් , ඉන්දිකයාගේ අනුගාමිකයා වූ මා මිතුරාත් ගැන ඊට වැඩි යමක් මා දන්නා බැවින් කිසිවක් කථා නොකර සිටීමට මා වගබලා ගත්තද මා මිතුරා නියපොතු කමින් මා දිහා හොර ඇහෙන් බලමින් ඇඹරෙමින් සිටියේ තිත්ත කසාය මුට්ටියක් බලෙන් පොවන ලද ගොළුවකු සේමය. බෝඩිමේ සාමාජිකයින් සියල්ලන් විසින්ම ඉන්දිකයා ඇස්වසනු ලදුව යන්තම් සන්තම් ප්රශ්නය සමතයකට පත්වූ පසුව ඉන්දිකයා මා මිතුරාද සමග බෝඩිමෙන් නික්ම යන්නට මොටෝ සයිකලයට ගොඩවූ මොහොතේ එතෙක් වෙලා මාගේ හදවත දවාලූ ප්‍රශනය මම ඉන්දිකයා හමුවේ තැබුවෙමි.. ඈ බන්.. දැන් උඹලෑ පවුලේ මිනිස්සු විරසක වෙලාද බන්.. ඒ කිව්වේ.. මට ටිකක් පැහැදිලි කරහන් මොකක් ගැනද උඹ මේ කියන්නේ.. මම අහන්නේ උඹයි උඹේ බාප්පාගේ පුත්තුයි විරසක වෙලාද .. මා මිතුරාද තිත්ත කසාය බිවූ ගොළුවකු සේ මොටෝසයිකලයේ පසුපස අසුනේ වාඩිවී සිටිමින් නියපොතු කමින් මා දෙස හොරැහින් බලමින් සිටියි.. බොට පිස්සුද යකෝ.. අපේ බාප්පල අපි කිසම අවුලක් නැහැ.. එතකොට බොගේ බාප්පයි බාප්පගේ පුත්තුයි කඩුවක් අරගෙන බොට කොටන්න ආවේ පිස්සුවටද.. බොට පිස්සුද යකෝ.. මගේ බාප්පෙක් කොහෙද මට කොටන්න ආවේ.. ඒ කියන්නේ දැන් වසන්තය උඹේ බාප්පාගේ පුතා නෙවෙයි.. බොට පිස්සු හැදිලද යකෝ.. ඌ කොහොමද මගේ බාපගේ පුතා වෙන්නේ.. උගේ නම වසන්ත කියල දන්නෙත් අද බන් මම.. එහෙනම් උඹ දැන් මාසෙකට විතර කලින් හල්වතුරට තකහනියක් ඇවිත් මට කිව්වේ මම බොලෑ බාප්පාගේ දූ ශ්‍යාමලී පස්සේ යනවා කියල.. මතකද උඹ කිව්වෙ බාප්පා මහා නපුරු එකා, ශ්‍යාමලී පස්සේ යනවනම් ඒක නවත්තපන් කියල.. ඔව්.. මම කිව්වා තමයි.. ඉතින්.. එතකොට දැන් පැය භාගෙකට කලින් බොට කඩුවෙන් කොටන්න ආවේ එදා කියපු බාප්පාගේ පුතා වසන්ත තමයි බොල .. හහ් .. මා කියූ දෙයින් එලෝ මෙලෝ නැතිවූ ඉන්දිකයා විනාඩියක් පමණ මා දිහා දෑස් විදහා බලා සිටියායින් අනතුරුව හැරුනේ පිටුපස අසුනේ වාඩිවී නියපොතු කමින් සිටි මා මිතුරා දෙසටයි.. බැහැපන් මගෙන් මැරුන් නොකා.. යමන් බන්.. මුගේ මේ විකාර අහන්නේ නැතුව අපි යමන්.. මා මිතුරා ප්‍රශ්නයෙන් පැන යාමට උත්සහ කලේ එලෙසයි.. මම දැන් තොට එකපාරක් කිව්වනේ.. බැහැපන් මගෙන් මැරුම් නොකා.. මා මිතුරාද මොටෝවෙන් බැස්සේ ඉන්දිකයා වෙත විරිත්තමින්ය.. බල්ලෝ.. තෝ දැනගනින් මීට පස්සේ කෙල්ලෙක් පස්සේ යනකොට තෝ එක්ක යන එකාටවත් කියපන් මේ යන්නේ අහවල් කෙල්ල පස්සේ කියලා.. බලහන් දැන් මේ පීචං වෙන්නේ මමනේ තෝ නිසා.. තෝ මහා #$%#&$^#@&$%$#%%$&#%@%$ බල්ලෝ .. මා මිතුරාට සිංහල සංස්කෘත වලින් ඇමැතූ ඉන්දිකයා මා දිහාට හැරුණි.. මේ කාලකන්නියා කඩු කොටයක් අරන් පාරට පනිනකම් මම දන්නේ නැහැ බන් මූ මොකාද කියලා.. මෙන්න මේ බල්ලාගේ කීමට තමයි එදා ඇවිත් උඹව බය කරේ.. බැලුවාම මූ ගහල තියෙන්නේ ත්‍රිබල් ගේම් එකක්.. උඹ ශ්‍යාමලී පස්සේ යාවි කියන බයට මා ලව්වා උඹව බය කරලා මටත් නොකියම මාව එක්කන් ගිහින් තියෙන්නේ ශ්‍යාමලී පස්සේ.. හපොයි මට ගහන්න ඕන බූ වල්ලකින් බන් මු වගේ එකෙක් ආස්සරේ කරනවට .. මම දන්නේ නැහැ බන් ඒ කෙල්ලගේ නම ශ්‍යාමලී කියලා.. සිද්දිය එලෙසින් නිමාවට පත්වුවත් මාගේ අඹ යාලුවා ශ්‍යාමලීගේ සිද්දිය ගැන අද වනතුරු කසිදු දෙයක් කතා කර නොමැත. කරන්නට යෙදුනාවූ ත්‍රිබල් ගේම් එක දුටු මට පිහිටවන්නාවූ දෙවි කෙනෙක් මා ඉදිරිපිටදීම මා මිතුරාගේ ත්‍රිබල් ගේම් එක අනුකම්පා විරහිතව කුජීත කර දැමුයේ ඒ ආකාරයෙනි. එවන් ඩබල් ගේම් කිහිපයකින් අනතුරුව එක් දරු පියෙක් වී සිටියි.. රහස් පරීක්ෂක සේවා, රොයිටර් සේවා හා ෂර්ලොක් හෝම්ස් සේවා වල ඒකාබද්ධ මෙහෙයුම් සිය දහස් ගණනකින් අනතුරුව තඩියාගේ, ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි ප්‍රේම වුර්තාන්තයද නිමාවුයේ තඩියාගේ දෙමාපිය ප්‍රමුක ඥාති පිරිවරට ඉනිමක ජයක් අත්කර දෙමින්ය. ප්‍රේම වුර්තාන්තයෙන් ශෝකයටපත් තඩියා තවත් ප්‍රේම වුර්තාන්තයකට ආරම්භය සනිටුහන් කලත් සුපුරුදු පරිදිම එයටද දෙමාපිය, ඥාති පිරිවර විරුද්දවූ නියායෙන් සියල්ල අත්හැර විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගියේය. එහිද ගොස් නිකම් නොසිටි තඩියා කුවේටයෙන්ද පෙම්වතියක් සොයාගත්තේ කොටන කුකුළාට කොයි කොටුවත් එකයි කියන්නාක් සේය . එදත්, අදත් , හෙටත් සත්‍ය ප්‍රේමයේ සලකුණක් වූ තඩියාට කුවේටයේ හමුවූ පෙම්වතිය විවාහ කරගැනීමට දෙමාපිය ආශිර්වාදය හිමිවූ අතර අද වනවිට එක්දරු පියෙක් වශයෙන් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරමින් සිටියද එම පෙම්වතියද සෙන්ටිමෙන්ටල් කරදීමට අප වෙහෙසවූ ආකාරය ගැන වෙනම පොස්ට් එකකින් ලිවිය යුතුය.. උසස්පෙළ විභාගයට ඔන්න මෙන්න තිබියදී අපගේ අවරගණයේ ක්‍රියාවක් ඥානාගෙ දෙමාපියන්ට අතටම මාට්ටු කර දීමට ඒකාබද්ධ රහස් පරීක්ෂක සේවා සාර්ථකව සමත් වූ අතර, එම ක්‍රියාවට දඬුවමක් ලෙස, අපගේ දුක සහ සතුටඑක ලෙසින් විඳගත්තා වූ බෝඩිම සදහටම වසා දැමීමට ඥානාට සිදුවිණි. ඥානාගෙ දෙමාපියන් බෝඩිමට පැමිණ කොට්ටා පැදුරු සමගින් ඥානා කුදලාගෙන මයිනරයේ පසුපස අසුනට බලහත්කාරයෙන් නංවාගෙන බෝඩිමට සමුදී යනු දුටු මට එදා මතකයට නැගුනු දේ අදද එලෙසම මතකයේ සටහන්වී ඇත . එනම් අඹ යාලුවෝ ටෙලි නාට්ටියේ සුනිල් නොහොත් සුදු ආප්පෝ බලහත්කාරයෙන් කොළඹ පාසලකට ඇතුලත් කිරීමට රැගෙන යන අවස්ථාවේ මයිනරයේ පසුපස වීදුරුවෙන් නිමල් දෙස බලා සිටි ආකාරයයි..ඥානාද එලෙසම බෝඩිමේ සගයන් දෙස මයිනරයේ පසුපස වීදුරුවෙන් බලා සිටි ආකාරය ඉතාමත් දුක හිතෙනා සුළුය... අනේ බෝඩිමේ කතා ඉවරයි කියලා හිතුවට ඉවර නෑ .. තව තියෙනවෝ ... """"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""" ඉතිහාසය දෙස බලා සිනාසෙන්නට උත්සහ කලද එම සිනහව පසුපසින්ම පැමිණෙන දුක්ඛදායී සිතුවිල්ල නම් බෝඩිමේ සිද්දීන් සියල්ලටම සෘජුව සම්භන්ධ වූ ඉස්කෝලේ ආච්චීද, ඥානාගෙ පියාද, තඩියාගේ පියාද මේ වනවිට ජීවතුන් අතර නොසිටීමයි. අපව යහමග යැවීමට දිවා රෑ නොබලා වෙහෙසවූ පුද්ගලයින් වශයෙන් ඉස්කෝලේ ආච්චීටද, ඥානාගෙ පියාටද, තඩියාගේ පියාටද නිර්වාන සම්පත්තියම ලැබේවා ...[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]මෙය මා විසින්ම මාගේ බ්ලොගයට ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom