Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධකම රැක ගැනීමට නම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධකම රැක ගැනීමට නම්...

සම්ප්රදාය ආරක්ෂා කර ගනිමින් හොඳ බෞද්ධයන් යැයි අප ගැන සිතා සිටිමු. මේ වන විට කෙතෙක් දුර, සම්ප්රදාය තුළ බෞද්ධකම ආරක්ෂා වී තිබේද? ආගන්තුක අදහස් උදහස් හානිකර අයුරෙන් කෙතෙක් දුරට ආදේශ වී තිබේද? බෞද්ධකමට පටහැනි දෑ, බෞද්ධකම කෙලෙසන දෑ කෙතරම් දුරට අපි නොවිමසාම පුරුදු පුහුණු කරගෙන යමු ද? එක් වරක්වත් අප, අප දෙස ම බලා අපගේ බෞද්ධකම විමසීමට භාජනය කර තිබේ ද?

ඕනෑම ආගමක් අදහන හෝ දහමක් පිළිගන්නා හෝ මිනිසුන් ඒ ආගමේ. දහමේ සුවිශේෂත්වය හෙවත් අනන්‍යතාව හරි හැටි දැන ගත යුතුය. නොඑසේනම් ඒ ආගම හරිහැටි ඇදහීමටවත් ඒ දහම හරිහැටියට පිළිපැදීමටවත් පුළුවන්කමක් නැත.

උපතින්ම කිසියම් ආගමක්, දහමක් උරුම කොට ගන්නා වූ මිනිසුන්ට ස්වකීය ආගමේ හෝ දහමේ හෝ සුවිශේෂත්වය හෙවත් අනන්‍යතාව දැන ගැනීමට විශේෂ උනන්දුවක් බොහෝවිට ඇති නොවේ. ඒ නිසා ම ඒ අය, ස්වකීය ආගම ඇදහීම හෝ දහම පිළිපැදීම හෝ සම්ප්‍රදායානුකූලව, විචාරයෙන් තොරව කරන බව නිතරම පාහේ දක්නට ලැබෙන්නකි. මෙය පාරම්පරික බෞද්ධයන් වන අප රට වැසියන් කෙරෙහිද ප්‍රකට දුර්වලතාවක් බව කිව යුතුව ඇත.අපි උපතින් බෞද්ධයෝ වෙමු. ඒ නිසා බෞද්ධකම කුමක්දැයි සොයාබලා තේරුම් ගැනීමට අපේ වැඩිදෙනෙකුට වුවමනාවක් නැත. ඒ හේතුවෙන් ම අපි පරපුරෙන් පැමිණි අයුරු පුද පූජා එලෙසින්ම කරගෙන යමු. වන්දනාමාන එලෙසින් ම පවත්වමු. සම්ප්රදාය ආරක්ෂා කර ගනිමින් හොඳ බෞද්ධයන් යැයි අප ගැන සිතා සිටිමු. මේ වන විට කෙතෙක් දුර, සම්ප්රදාය තුළ බෞද්ධකම ආරක්ෂා වී තිබේද? ආගන්තුක අදහස් උදහස් හානිකර අයුරෙන් කෙතෙක් දුරට ආදේශ වී තිබේද? බෞද්ධකමට පටහැනි දෑ, බෞද්ධකම කෙලෙසන දෑ කෙතරම් දුරට අපි නොවිමසාම පුරුදු පුහුණු කරගෙන යමු ද? එක් වරක්වත් අප, අප දෙස ම බලා අපගේ බෞද්ධකම විමසීමට භාජනය කර තිබේ ද?

බෞද්ධයකු වශයෙන් ස්වකීය දහමේ අනන්‍යතාව දැක ගැනීමේ විශේෂ වූ අවශ්‍යතාවක් වර්තමානයේ පැන නැඟී ඇති බව පෙනේ. එයට හේතු රාශියෙකි. විද්‍යූත් හා මුද්‍රිත සන්නිවේදන මාධ්‍ය මගින් සියලුම ආගම් දහම් ගැන මෙන් ම කිසිදු ආගමකට දහමකට නැති අදහස් ද නිරන්තරයෙන් ප්‍රචාරය කරනු ලැබේ. එහෙයින් පේ්රක්ෂකයන්, ශ්‍රාවකයන් හා පාඨකයන් ඉදිරියේ මවාපාන අතිසංකීර්ණ සමාජ දර්ශනය මිනිසා මුළාවට පත් කරන්නකි. විවිධ ආගම් අදහන, දහම් පිළිගන්නා විවිධ මිනිස් සමූහයන් සමඟ දිනපතා ජීවිතය එකට ගත කිරීමට අද සිදු ව තිබේ. පාසල, කඩපොළ, කම්හල, ව්‍යාපාරික ස්ථානය සහ නිවාස සංකීර්ණය ආදි වූ මේ හැමතැනම මෙසේ සම්මිශ්‍රණය වූ ජනකායක් වශයෙන් ජීවත්වීමට සිදුව තිබේ. බොහෝ අය නිරන්තරයෙන් කරන විදේශ සංචාර නිසා සමාජයත් සමග වඩාත් සිදුවන සහසම්බන්ධවීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. සංචාරක ක්ෂේත්රයේ මහා පරිමාණ දියුණුව ආගමික හා සංස්කෘතික වශයෙන් ප්‍රතිවිරුද්ධ ජන සමූහයන් පවා සංකලනය කරන්නකි. ජාතීන් ආගම් සහ සංස්කෘතික කණ්ඩායම් අතර එකමුතුකම වැඩිදියුණු කිරීමට යැයි දේශපාලකයන් අනුගමනය කරන උපක්‍රම හැමවිටම විචාරශීලි නොවේ. අදහස් විකෘති කිරීම භාෂාව මඟින් ද සුලබව සිදුවේ. ‘සර්වාගාමික පූජකවරුන්’ වැනි අර්ථශූන්‍ය ව්‍යවහාර අවිචාරවත්ව ප්‍රචාරය කරනු පෙනේ. භාෂාව එක් ආගමික කොටසකගේ උරුමයක් නොවන බව සැබැවි. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයෙන් කිසියම් වචනයකට ලැබී ඇති සුවිශේෂ අර්ථය ආක්‍රමණය කිරීමෙන්ද විකෘති අර්ථ දනවන වදන් භාවිතයට ගැනීමෙන්ද අදහස් කෙරෙන්නේ කුමන අරමුණක් ඉටු කර ගැනීම ද යන්න ගැටලුවකි.

මුදල් ඉපැයීම එක ම අරමුණ කර ගත් විවෘත ආර්ථිකයේ ප්‍රදර්ශන ශාලාව වන සුපිරි වෙළෙඳ සැල බහ තෝරන දරුවාගේ පටන් මරණය පෙනි පෙනී සිටින මහල්ලා දක්වා සැමදෙනා තුළම අතෘප්තිකර ආශාවන් ජනනය කරමින් භාණ්ඩ විකිණීමෙහි නිරත වෙයි. අසංවර ප්‍රචාරණයෙන්, අශික්ෂිත දර්ශනයන්ගෙන් ළදරු සිත්සතන් පවා ඝාතනය, හිංසනය, කෑදරකම, ඊර්ෂ්‍යාව, කාමය සහ ක්රෑරත්වය ආදි දුර්ගුණයන්ගෙන් හැඩගසනු පෙනේ.

මේ සියල්ල සමාජයෙන් තුරන් කළ හැකි නොවේ. ඒවා එසේ කළ යුතු යැයි පැවසීමද මුළාවකි. සමාජය විපරිණාමයට පත්වන විට මෙවැනි දැ සිදුවීම ස්වභාවිකය. ඒ වෙනස්කම් වලින් ඇතැම් දෑ පිළිගත හැකි අතර ඒවා පිළිගත යුතු ද වෙයි. එහෙත් මෙයින් තම සදාචාරවත් දිවිපෙවෙතට හානිකර කුමක්දැයි විමසිලිමත්ව තේරුම් ගත යුතුව ඇත. බෞද්ධයා යනු අවබෝධයෙන් යුතුව ලෝකය දෙස, සමාජය දෙස බලා ස්වාධීන තීරණ ගෙන නිවැරැදි ලෙස ක්‍රියා කිරීමට සමත් පුද්ගලයෙකි. කාලාමයනට එදා බුදුහාමුදුරුවන් දෙසූ දහම අදටත් , සැමකලටමත් වලංගුය. එහි හරය සෑම බෞද්ධයකුගේම සිත තුළට කාවැදි තිබිය යුතු ය.

ඔබ බෞද්ධයකු නම්,

අසනීපයක් වැළැඳුන විට වෛද්‍යවරයකු හමු වී බෙහෙත් ගෙන එය සුව කර ගනු විනා යාඥා කරමින් සිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සැරසීම මෝඩකමක් නොවේ ද? විභාගයෙන් සමත් වීමට නම් විෂය නිර්දේශයට අනුව පාඩම් අධ්‍යයනය කර විභාගයට පෙනී සිටිනු විනා පාඩම් නොකර බෝධි පූජා තබා සාමාර්ථය පැතීම මෝඩකමක් නොවේද? ව්‍යාපාර සාර්ථක කර ගැනීමට සිහි ඇතිව නොපසුබට උත්සාහයෙන් විචාරශීලිව ක්‍රියා කරනු විනා දේව කන්නලව්වල නිරත වීම මුළාවක් නොවන්නේ ද? භවයෙන් නිදහස් වීමට අවශ්‍ය නම්, කය, වචනය සහ සිත සංවර කර ගැනීමට, සීල සමාධි සහ ප්‍රඥා යන ත්රිශික්ෂා පිළිබඳ නිසි ගුරු උපදේශයක් ලබා ඒවා තම තමන් ක්‍රියාවට නංවනු විනා, ඒ ඒ අවස්ථාවල ජනපි‍්‍රයත්වය ලබා ගන්නා දේශකයන් පසුපස අවිචාරවත්ව හඹා යමින් කාලය අපතේ යැවීම සුදුසු වන්නේ ද?

වර්තමාන බෞද්ධයාගේ චර්යා රටාව සම්බන්ධයෙන් මේවා සිතා බැලිය යුතු කරුණුය. ‘අපට පුද පූජාත් වැරැදිද, බෝධි පූජාත් නුසුදුසු ද, වන්දනාමානත් නොකළ යුතු ද,ජනපි‍්‍රය දේශකයන්ටත් සවන් නොදිය යුතුද වැනි ප්‍රශ්න මේ කරුණු කියවන විට ඔබේ සිතට නැඟිය හැකියි. එහෙත් මෙහි එවැන්නක් අදහස් නොවේ.

සැබැවින් ම බෞද්ධයන් බෝධි පූජා පැවැත්විය යුතුය. පුද පූජා පැවැත්විය යුතුය. දෙවියන්ට සහ මළගිය ඥාතින්ට පින් දිය යුතුය. හැකිතාක් ධර්ම දේශනාවන්ට සවන් යොමු කළ යුතු ය. ආගමික කටයුතු ඉටු කළ යුතුය. බෞද්ධ සංස්කෘතික කටයුතුවල නිරත විය යුතුය. එහෙත් ඒ සියල්ලම කළ යුත්තේ බෞද්ධකම කෙලෙසා නොගෙනය. බෞද්ධකම රැකෙන පරිදිය. ඒ අයුරෙන් බෞද්ධකම රැකගෙන ක්‍රියාකිරීම සදහාය, බෞද්ධයාගේ අනන්‍යතාව ගැන අවබෝධයක් ලබා සිටිය යුත්තේ.

සාමය සහ සහජීවනය සඳහා යැයි කියමින් අද බොහෝ දෙනා කරන්නේ අනෙක් ආගම් දහම් පිළිපදින අය අවිචාරවත්ව අනුකරණය කිරීමකි. බුදුදහම තරම් සාමයත්, සහජීවනයත් අගය කරන වෙනත් ආගමක් දහමක් නොමැති බව අමුතුවෙන් ඔප්පු කළ යුතු කරුණක් නොවේ. එහෙත් බුදුදහමෙහි සාමය හා සහජීවනය පිළිබඳ ඉගැන්වීමෙන් අදහස් කෙරෙන්නේ වෙනත් අය කරන දෑ අවිචාරවත්ව අනුකරණය කිරීම නොවේ. බුදුදහම පහළ වූයේ එතෙක් භාරතයෙහි පැතිර පැවැති ආගම් දහම් පිළිබඳ පූර්ණ අධ්‍යයනයක යෙදුණූ කුසල ගවේශකයකුගේ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව විමසා බලන විට බෞද්ධයනට අනන්‍ය වු ප්‍රතිපත්ති මාලාවක් ඇති බව ද එයට අනුකූලව ක්‍රියා කිරීමෙන් විනා බෞද්ධකම නො රැකෙන බව ද අවබෝධ වනු ඇත. එබැවින් අප කළ යුත්තේ නිතරම ආර්ය පර්යේෂණයේ අගය වටහාගනිමින්, බොදු ප්‍රතිපත්තිවලට මුල්තැන දී කටයුතු කිරීමයි. එසේ කටයුතු කිරීමෙන් පමණකි, බෞද්ධකමත් සසුනත් රැකෙනු ඇත්තේ.

ආචාර්ය

ධර්මසේන හෙට්ටිආරච්චි

[QUOTE="මංකොල්ලකාරයා, post: 12363274, member: 396576"] [b]බෞද්ධකම රැක ගැනීමට නම්...[/b] [SIZE=3][B][COLOR=#FF9900]සම්ප්රදාය ආරක්ෂා කර ගනිමින් හොඳ බෞද්ධයන් යැයි අප ගැන සිතා සිටිමු. මේ වන විට කෙතෙක් දුර, සම්ප්රදාය තුළ බෞද්ධකම ආරක්ෂා වී තිබේද? ආගන්තුක අදහස් උදහස් හානිකර අයුරෙන් කෙතෙක් දුරට ආදේශ වී තිබේද? බෞද්ධකමට පටහැනි දෑ, බෞද්ධකම කෙලෙසන දෑ කෙතරම් දුරට අපි නොවිමසාම පුරුදු පුහුණු කරගෙන යමු ද? එක් වරක්වත් අප, අප දෙස ම බලා අපගේ බෞද්ධකම විමසීමට භාජනය කර තිබේ ද?[/COLOR][/B][/SIZE] [SIZE=3] ඕනෑම ආගමක් අදහන හෝ දහමක් පිළිගන්නා හෝ මිනිසුන් ඒ ආගමේ. දහමේ සුවිශේෂත්වය හෙවත් අනන්‍යතාව හරි හැටි දැන ගත යුතුය. නොඑසේනම් ඒ ආගම හරිහැටි ඇදහීමටවත් ඒ දහම හරිහැටියට පිළිපැදීමටවත් පුළුවන්කමක් නැත.[IMG]http://www.lakehouse.lk/budusarana/2012/03/22/z_p07-buddha1.jpg[/IMG][/SIZE] [SIZE=3] උපතින්ම කිසියම් ආගමක්, දහමක් උරුම කොට ගන්නා වූ මිනිසුන්ට ස්වකීය ආගමේ හෝ දහමේ හෝ සුවිශේෂත්වය හෙවත් අනන්‍යතාව දැන ගැනීමට විශේෂ උනන්දුවක් බොහෝවිට ඇති නොවේ. ඒ නිසා ම ඒ අය, ස්වකීය ආගම ඇදහීම හෝ දහම පිළිපැදීම හෝ සම්ප්‍රදායානුකූලව, විචාරයෙන් තොරව කරන බව නිතරම පාහේ දක්නට ලැබෙන්නකි. මෙය පාරම්පරික බෞද්ධයන් වන අප රට වැසියන් කෙරෙහිද ප්‍රකට දුර්වලතාවක් බව කිව යුතුව ඇත.අපි උපතින් බෞද්ධයෝ වෙමු. ඒ නිසා බෞද්ධකම කුමක්දැයි සොයාබලා තේරුම් ගැනීමට අපේ වැඩිදෙනෙකුට වුවමනාවක් නැත. ඒ හේතුවෙන් ම අපි පරපුරෙන් පැමිණි අයුරු පුද පූජා එලෙසින්ම කරගෙන යමු. වන්දනාමාන එලෙසින් ම පවත්වමු. සම්ප්රදාය ආරක්ෂා කර ගනිමින් හොඳ බෞද්ධයන් යැයි අප ගැන සිතා සිටිමු. මේ වන විට කෙතෙක් දුර, සම්ප්රදාය තුළ බෞද්ධකම ආරක්ෂා වී තිබේද? ආගන්තුක අදහස් උදහස් හානිකර අයුරෙන් කෙතෙක් දුරට ආදේශ වී තිබේද? බෞද්ධකමට පටහැනි දෑ, බෞද්ධකම කෙලෙසන දෑ කෙතරම් දුරට අපි නොවිමසාම පුරුදු පුහුණු කරගෙන යමු ද? එක් වරක්වත් අප, අප දෙස ම බලා අපගේ බෞද්ධකම විමසීමට භාජනය කර තිබේ ද?[/SIZE] [SIZE=3] බෞද්ධයකු වශයෙන් ස්වකීය දහමේ අනන්‍යතාව දැක ගැනීමේ විශේෂ වූ අවශ්‍යතාවක් වර්තමානයේ පැන නැඟී ඇති බව පෙනේ. එයට හේතු රාශියෙකි. විද්‍යූත් හා මුද්‍රිත සන්නිවේදන මාධ්‍ය මගින් සියලුම ආගම් දහම් ගැන මෙන් ම කිසිදු ආගමකට දහමකට නැති අදහස් ද නිරන්තරයෙන් ප්‍රචාරය කරනු ලැබේ. එහෙයින් පේ්රක්ෂකයන්, ශ්‍රාවකයන් හා පාඨකයන් ඉදිරියේ මවාපාන අතිසංකීර්ණ සමාජ දර්ශනය මිනිසා මුළාවට පත් කරන්නකි. විවිධ ආගම් අදහන, දහම් පිළිගන්නා විවිධ මිනිස් සමූහයන් සමඟ දිනපතා ජීවිතය එකට ගත කිරීමට අද සිදු ව තිබේ. පාසල, කඩපොළ, කම්හල, ව්‍යාපාරික ස්ථානය සහ නිවාස සංකීර්ණය ආදි වූ මේ හැමතැනම මෙසේ සම්මිශ්‍රණය වූ ජනකායක් වශයෙන් ජීවත්වීමට සිදුව තිබේ. බොහෝ අය නිරන්තරයෙන් කරන විදේශ සංචාර නිසා සමාජයත් සමග වඩාත් සිදුවන සහසම්බන්ධවීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. සංචාරක ක්ෂේත්රයේ මහා පරිමාණ දියුණුව ආගමික හා සංස්කෘතික වශයෙන් ප්‍රතිවිරුද්ධ ජන සමූහයන් පවා සංකලනය කරන්නකි. ජාතීන් ආගම් සහ සංස්කෘතික කණ්ඩායම් අතර එකමුතුකම වැඩිදියුණු කිරීමට යැයි දේශපාලකයන් අනුගමනය කරන උපක්‍රම හැමවිටම විචාරශීලි නොවේ. අදහස් විකෘති කිරීම භාෂාව මඟින් ද සුලබව සිදුවේ. ‘සර්වාගාමික පූජකවරුන්’ වැනි අර්ථශූන්‍ය ව්‍යවහාර අවිචාරවත්ව ප්‍රචාරය කරනු පෙනේ. භාෂාව එක් ආගමික කොටසකගේ උරුමයක් නොවන බව සැබැවි. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයෙන් කිසියම් වචනයකට ලැබී ඇති සුවිශේෂ අර්ථය ආක්‍රමණය කිරීමෙන්ද විකෘති අර්ථ දනවන වදන් භාවිතයට ගැනීමෙන්ද අදහස් කෙරෙන්නේ කුමන අරමුණක් ඉටු කර ගැනීම ද යන්න ගැටලුවකි.[IMG]http://www.lakehouse.lk/budusarana/2012/03/22/z_p07-buddha2.jpg[/IMG][/SIZE] [SIZE=3] මුදල් ඉපැයීම එක ම අරමුණ කර ගත් විවෘත ආර්ථිකයේ ප්‍රදර්ශන ශාලාව වන සුපිරි වෙළෙඳ සැල බහ තෝරන දරුවාගේ පටන් මරණය පෙනි පෙනී සිටින මහල්ලා දක්වා සැමදෙනා තුළම අතෘප්තිකර ආශාවන් ජනනය කරමින් භාණ්ඩ විකිණීමෙහි නිරත වෙයි. අසංවර ප්‍රචාරණයෙන්, අශික්ෂිත දර්ශනයන්ගෙන් ළදරු සිත්සතන් පවා ඝාතනය, හිංසනය, කෑදරකම, ඊර්ෂ්‍යාව, කාමය සහ ක්රෑරත්වය ආදි දුර්ගුණයන්ගෙන් හැඩගසනු පෙනේ.[/SIZE] [SIZE=3] මේ සියල්ල සමාජයෙන් තුරන් කළ හැකි නොවේ. ඒවා එසේ කළ යුතු යැයි පැවසීමද මුළාවකි. සමාජය විපරිණාමයට පත්වන විට මෙවැනි දැ සිදුවීම ස්වභාවිකය. ඒ වෙනස්කම් වලින් ඇතැම් දෑ පිළිගත හැකි අතර ඒවා පිළිගත යුතු ද වෙයි. එහෙත් මෙයින් තම සදාචාරවත් දිවිපෙවෙතට හානිකර කුමක්දැයි විමසිලිමත්ව තේරුම් ගත යුතුව ඇත. බෞද්ධයා යනු අවබෝධයෙන් යුතුව ලෝකය දෙස, සමාජය දෙස බලා ස්වාධීන තීරණ ගෙන නිවැරැදි ලෙස ක්‍රියා කිරීමට සමත් පුද්ගලයෙකි. කාලාමයනට එදා බුදුහාමුදුරුවන් දෙසූ දහම අදටත් , සැමකලටමත් වලංගුය. එහි හරය සෑම බෞද්ධයකුගේම සිත තුළට කාවැදි තිබිය යුතු ය.[/SIZE] [SIZE=3][I][B]ඔබ බෞද්ධයකු නම්,[/B][/I][/SIZE] [SIZE=3] අසනීපයක් වැළැඳුන විට වෛද්‍යවරයකු හමු වී බෙහෙත් ගෙන එය සුව කර ගනු විනා යාඥා කරමින් සිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සැරසීම මෝඩකමක් නොවේ ද? විභාගයෙන් සමත් වීමට නම් විෂය නිර්දේශයට අනුව පාඩම් අධ්‍යයනය කර විභාගයට පෙනී සිටිනු විනා පාඩම් නොකර බෝධි පූජා තබා සාමාර්ථය පැතීම මෝඩකමක් නොවේද? ව්‍යාපාර සාර්ථක කර ගැනීමට සිහි ඇතිව නොපසුබට උත්සාහයෙන් විචාරශීලිව ක්‍රියා කරනු විනා දේව කන්නලව්වල නිරත වීම මුළාවක් නොවන්නේ ද? භවයෙන් නිදහස් වීමට අවශ්‍ය නම්, කය, වචනය සහ සිත සංවර කර ගැනීමට, සීල සමාධි සහ ප්‍රඥා යන ත්රිශික්ෂා පිළිබඳ නිසි ගුරු උපදේශයක් ලබා ඒවා තම තමන් ක්‍රියාවට නංවනු විනා, ඒ ඒ අවස්ථාවල ජනපි‍්‍රයත්වය ලබා ගන්නා දේශකයන් පසුපස අවිචාරවත්ව හඹා යමින් කාලය අපතේ යැවීම සුදුසු වන්නේ ද?[/SIZE] [SIZE=3] වර්තමාන බෞද්ධයාගේ චර්යා රටාව සම්බන්ධයෙන් මේවා සිතා බැලිය යුතු කරුණුය. ‘අපට පුද පූජාත් වැරැදිද, බෝධි පූජාත් නුසුදුසු ද, වන්දනාමානත් නොකළ යුතු ද,ජනපි‍්‍රය දේශකයන්ටත් සවන් නොදිය යුතුද වැනි ප්‍රශ්න මේ කරුණු කියවන විට ඔබේ සිතට නැඟිය හැකියි. එහෙත් මෙහි එවැන්නක් අදහස් නොවේ.[/SIZE] [SIZE=3] සැබැවින් ම බෞද්ධයන් බෝධි පූජා පැවැත්විය යුතුය. පුද පූජා පැවැත්විය යුතුය. දෙවියන්ට සහ මළගිය ඥාතින්ට පින් දිය යුතුය. හැකිතාක් ධර්ම දේශනාවන්ට සවන් යොමු කළ යුතු ය. ආගමික කටයුතු ඉටු කළ යුතුය. බෞද්ධ සංස්කෘතික කටයුතුවල නිරත විය යුතුය. එහෙත් ඒ සියල්ලම කළ යුත්තේ බෞද්ධකම කෙලෙසා නොගෙනය. බෞද්ධකම රැකෙන පරිදිය. ඒ අයුරෙන් බෞද්ධකම රැකගෙන ක්‍රියාකිරීම සදහාය, බෞද්ධයාගේ අනන්‍යතාව ගැන අවබෝධයක් ලබා සිටිය යුත්තේ.[/SIZE] [SIZE=3] සාමය සහ සහජීවනය සඳහා යැයි කියමින් අද බොහෝ දෙනා කරන්නේ අනෙක් ආගම් දහම් පිළිපදින අය අවිචාරවත්ව අනුකරණය කිරීමකි. බුදුදහම තරම් සාමයත්, සහජීවනයත් අගය කරන වෙනත් ආගමක් දහමක් නොමැති බව අමුතුවෙන් ඔප්පු කළ යුතු කරුණක් නොවේ. එහෙත් බුදුදහමෙහි සාමය හා සහජීවනය පිළිබඳ ඉගැන්වීමෙන් අදහස් කෙරෙන්නේ වෙනත් අය කරන දෑ අවිචාරවත්ව අනුකරණය කිරීම නොවේ. බුදුදහම පහළ වූයේ එතෙක් භාරතයෙහි පැතිර පැවැති ආගම් දහම් පිළිබඳ පූර්ණ අධ්‍යයනයක යෙදුණූ කුසල ගවේශකයකුගේ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව විමසා බලන විට බෞද්ධයනට අනන්‍ය වු ප්‍රතිපත්ති මාලාවක් ඇති බව ද එයට අනුකූලව ක්‍රියා කිරීමෙන් විනා බෞද්ධකම නො රැකෙන බව ද අවබෝධ වනු ඇත. එබැවින් අප කළ යුත්තේ නිතරම ආර්ය පර්යේෂණයේ අගය වටහාගනිමින්, බොදු ප්‍රතිපත්තිවලට මුල්තැන දී කටයුතු කිරීමයි. එසේ කටයුතු කිරීමෙන් පමණකි, බෞද්ධකමත් සසුනත් රැකෙනු ඇත්තේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom