Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
භාවනාව දුෂ්කර වන්නේ තම සිත පාලනය කළ යුතු බැවිනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාව දුෂ්කර වන්නේ තම සිත පාලනය කළ යුතු බැවිනි. නිදැල්ලේ දුව පැන ඇවිදින වඳුරෙක් හීලෑ කිරීමට දුෂ්කර වන්නාක් මෙනි. භාවනාව තුළින් තම සිත හඳුනා ගනිති. සිතේ තත්ත්වය නම් නිශ්චල ඒකාකාරීව සිටීමට නොව උතුරන වතුරෙන් පිලිස්සෙන විට කෑකෝගසමින් දුවන්නාක් මෙන් ඒ මේ අරමුණෙන් දුවපැන ඇවිදීමයි. මේ සිත හඳුනා ගත් පසු එය හීලෑ කිරීමට යම්කිසි අරමුණක රඳවා ගත යුතුයි.

සිත තම ආශ්වාස ප්රාශ්වාසය මත රඳවා ගැනීම ඉතා හොඳ භාවනාවකි. යම්කිසි සුදුසු වචනයක් නැවත නැවත සිහි කිරීමත් හොඳ ක්රමයකි. බුද්ධො බුද්ධෝ... ධම්මෝ... සංඝෝ... ලෝමා... නඛා... දන්තා... තචෝ... ආදී වචන මෙනෙහි කිරීමත්... ඉදිරියට පසුපසට මෙනෙහි කිරීම හෝ සජ්ඣායනා කිරීම සුදුසු කර්මස්ථාන වෙත්. මරණානුස්සතිය හෝ අන්කිසි බෞද්ධ භාවනා අරමුණු ඉතා යෝග්‍ය වේ. සතුට හා සැනසීම සිතේ නිසල සංසුන් බව ශාන්ත බව මෙම භාවනා වලින් ඇති කෙරේ.

මෙම නිසල සන්සුන් භාවයට සමාධිය යි කියනු ලැබේ. සමාධියට පත් වූ විට මුලින් පුරුදු කළ කර්මස්ථාන අවශ්‍ය නැත. සමාධි සිතේ ගම්‍යතාවය ශක්තිය තුළින් එම සංසුන් නිසල බව පවත්වති. එවිට මුල් අරමුණු තාවකාලික අත්හැර මේ සමාධි සුවය භුක්ති විඳී. සිත සමාධියෙන් ඉවත් වූ පසු නැවත කර්මස්ථානයෙහි පිහිටා සමාධිගත විය හැකිය. මෙසේ සිත බොහෝ වේලා සමාධි සුවයෙන් පසුවන විට සිතේ දුක බය සැක ආදී නොයෙකුත් කෙලෙස් සංසිඳී යයි. වීර්ය වඩමින් නැවත නැවත සමාධියෙහි පිහිටීම නිසා සිත පාලනය වේ. සතිය පිහිටුවයි.

වර්තමානයෙහි සිත රඳා ගත හැකිවේ. තම කාර්යය කෙරෙහි සම්පූර්ණ අවධානය ඇති බැවින් සිත ශක්තිමත් ය. වැඩ කාර්යක්ෂමය. නිවැරදිය. නිරවුල්ය. තමන්ටත් අනුන්ටත් ප්‍රීතිය තෘප්තිය ගෙන දේ. මුලින් සිත පාලනය කර ගැනීමට නොහැකි වුවද දැන් භාවනාවට මහත් උනන්දුවක් ඇති වේ. එබැවින් ඉක්මනින් සිත කර්මස්ථානයක යෙදී සමාධිගත වේ.

සමාධියට පත් වූ විට සිත කිසි කලෙක අමතක නොවෙන පරිදි සන්සුන් වේ. ප්‍රීති සුඛ ඇති වේ.

භාවනාව ගැන කතා කරන විට ඔබට මහත් අසහනයක් බැරිකමක් දැනේ. එබැවින් එය පුරුදු කිරීමට නො කැමැති වේ. ඔබ මෙසේ සිතයි.

"මගේ ඉරණම මෙයයි. මට කවදාවත් භාවනා කළ නොහැකියි. මගේ ගෙදර දොරේ සහ වැඩපළේ කාර්යබහුලය. සමාජ වගකීම ඇත. දරු මුනුපුරන් රැකබලා ගත යුතුය. භාවනාවක රැඳී ඇස් පියාගෙන කාලය ගත කරන විට මේ වැඩ කරන්නේ කවුද?. අපට හාමතේ මැරෙන්න වෙයි . "

මෙසේ සිත වටිනා අවස්ථාවක් පැහැර හරි. මෙවැනි අදහස් යටි සිතේ තැන්පත් වී ඇත. ඒ නිසා මෙතෙක් කල් දුකින් මිදීමට නොහැකි විය. අනාගතයේදීත් මෙසේම සිතනවා ඇත. ඊට ප්‍රතිකර්ම දැන්ම කළ යුතුය. භාවනාව යනු අප සිතේ අනන්ත සසර පටන් තිබූ අසහන දුක් පීඩා අප මැඩගෙන සිටි කෙලෙස් යටපත් කර ජයග්‍රහණය කිරීමයි.

දෛනික ජීවිතයේ කරන අනිකුත් ක්‍රියා මෙන් භාවනාව ගැන සිතිය යුතුයි. උණුසුම් වැඩි වූ විට ස්නානය කරමු. ශීත වැඩිවූ විට උණුසුම් ඇඳුම් අදිමු. කුසගිනි ඇතිවූ විට ආහාර ගනිමු. අසනීපයක දී බෙහෙත් ගනිමු. මේ සෑම දෙයකින්ම මිනිසා දුක මගහරවා ගනී. එය අවශ්‍ය නොවේ , කරදර වැඩියි ආදී වශයෙන් සිතමින් අත් නො හරිති . සෑම කෙනෙක්ම මේ පිණිස උනන්දුවෙති. සතුන් පවා ආහාර සොයමින් මහත් වීර්යයක් දරති. දිනපතා මෙය සිදුවේ. භාවනාව මෙවැනිම කාර්යකි . මෙය තම සිත සන්සුන් කරගන්නා ක්රමයකි. සිත යනු සියලුම අනිත් ක්රියාකාරීත්වයන් පාලනය කරන ඉන්ද්රිය බැවින් සිත සෑම දෙයට මූලික වේ.

සෑම අවස්ථාවකදීම වගකීම ගන්නේ ප්‍රතිචාර දක්වන්නෙ සිතයි. කුමන දෙයක් වුවද සිත උනන්දු වී එය ග්‍රහණය කරයි. හොඳ හෝ නරක හරි හෝ වැරදි සෑම දෙයක්ම සිතට එල්ල වෙයි. සමහරවිට ඉවසන්ට බැරි දුක් පීඩා වුවද සිතට උසුලන්නට වේ. මේ සිතට කර කියා ගන්නට ක්‍රමයක් නැති වුවද ඉවසිය යුතුය. එම පීඩාව නැවත නැවතත් මතකයෙන් ආරෝපණය වේ. කෑම කන්ට හෝ නිදන්ට වුවද නොහැකි වන තරමට සිත මේ බර උසුලයි. එහෙත් සිත අතහැරීමක් බැරිකමක් නොපායි. ශාරීරික ව්‍යායාමයේ දී දුර්වල වූ විට විවේක ගත හැකිය . එහෙත් සිතේ ක්‍රියාකාරිත්වයට කිසි නිදහසක් නැත. නින්ද යනතුරු එම පීඩාව විදිති . එවිටත් සිත ක්‍රියාත්මක වේ. යටි සිතේ නොයෙක් දේ කරකැවෙයි. එහි සීමාව ඉක්මවා ක්‍රියා කරමින් සිහින මවයි.

මෙසේ සෑම මොහොතේ ම සිත ඉසිලිය නොහැකි අවිවේකයකින් අතෘප්තියකින් කල් ගෙවයි. එහි අසීමිත ක්‍රියාකාරිත්වය නිසා ඉසිලිය නොහැකි දරුණු තත්වයකට පත්වේ. මේ බව සිත නොදනී. නිතරම මෙසේ පීඩා විඳිමින් යුධ වදින නිසා සිතට "යුධ භටයා" යැයි කීම වටි. එන හැමදේම ග්‍රහණය කරමින් ප්‍රතිචාර දක්වයි. පොර බදියි. මොනයම් සිතිවිලි කන්දරාවක් වුවද ඒ සියලු සිතිවිලි වලට මුහුණ දේ. අත් නොහරී. කිසිවක් අත් නොහරී. අභියෝග දක්වයි. සිතේ කෙලෙස් සහ මමත්වය විශේෂයෙන් උනන්දු වෙයි. පුදුම යුධ භටයෙකි. ජීවිතය ඇති තාක් කල් මේ යුද්ධය ගෙන යයි. ඉන් මිදීමක් නැත. සිත තුළ ඇති අසීමිත ආශාවන් මෙසේ ජයග්‍රහණය කරන්නේ ධර්මයට ප්රතිවිරුද්ධවය. ඉන් ලැබෙන සතුට ධර්මය පරාජය කිරීමෙනි. අධර්මය රජ කිරීමෙනි. ලෞකික සැප සම්පත් කෙතරම් ඇතත් ධර්මය නැති බැවින් ඉන් ලබන සතුට කිසිම සෑහීමකට පත් නොකරයි. සිත තුළින් තවත් ආසාවල් පැන නගින බැවිනි.

බුද්ධාදී මහා ප්‍රාඥයන් වහන්සේලා මේ තත්ත්වය හඳුනාගෙන ධර්මය වදාරා ඇත. ධර්මය නැති විට තම ආසාවල් මුදුන්පත් කර ගැනීමට කොපමණ දේ ලැබුණත් තෘප්තියක් නැත. ධර්මය නැති තැන හෝදා පාළු නාස්තියක් දැකිය හැකිය. බොහෝ දේ රැස් කළත් ඉන් කිසි සැනසීමක් නැත.

[QUOTE="asliyanage, post: 30377578, member: 8764"] භාවනාව දුෂ්කර වන්නේ තම සිත පාලනය කළ යුතු බැවිනි. නිදැල්ලේ දුව පැන ඇවිදින වඳුරෙක් හීලෑ කිරීමට දුෂ්කර වන්නාක් මෙනි. භාවනාව තුළින් තම සිත හඳුනා ගනිති. සිතේ තත්ත්වය නම් නිශ්චල ඒකාකාරීව සිටීමට නොව උතුරන වතුරෙන් පිලිස්සෙන විට කෑකෝගසමින් දුවන්නාක් මෙන් ඒ මේ අරමුණෙන් දුවපැන ඇවිදීමයි. මේ සිත හඳුනා ගත් පසු එය හීලෑ කිරීමට යම්කිසි අරමුණක රඳවා ගත යුතුයි. සිත තම ආශ්වාස ප්රාශ්වාසය මත රඳවා ගැනීම ඉතා හොඳ භාවනාවකි. යම්කිසි සුදුසු වචනයක් නැවත නැවත සිහි කිරීමත් හොඳ ක්රමයකි. බුද්ධො බුද්ධෝ... ධම්මෝ... සංඝෝ... ලෝමා... නඛා... දන්තා... තචෝ... ආදී වචන මෙනෙහි කිරීමත්... ඉදිරියට පසුපසට මෙනෙහි කිරීම හෝ සජ්ඣායනා කිරීම සුදුසු කර්මස්ථාන වෙත්. මරණානුස්සතිය හෝ අන්කිසි බෞද්ධ භාවනා අරමුණු ඉතා යෝග්‍ය වේ. සතුට හා සැනසීම සිතේ නිසල සංසුන් බව ශාන්ත බව මෙම භාවනා වලින් ඇති කෙරේ. මෙම නිසල සන්සුන් භාවයට සමාධිය යි කියනු ලැබේ. සමාධියට පත් වූ විට මුලින් පුරුදු කළ කර්මස්ථාන අවශ්‍ය නැත. සමාධි සිතේ ගම්‍යතාවය ශක්තිය තුළින් එම සංසුන් නිසල බව පවත්වති. එවිට මුල් අරමුණු තාවකාලික අත්හැර මේ සමාධි සුවය භුක්ති විඳී. සිත සමාධියෙන් ඉවත් වූ පසු නැවත කර්මස්ථානයෙහි පිහිටා සමාධිගත විය හැකිය. මෙසේ සිත බොහෝ වේලා සමාධි සුවයෙන් පසුවන විට සිතේ දුක බය සැක ආදී නොයෙකුත් කෙලෙස් සංසිඳී යයි. වීර්ය වඩමින් නැවත නැවත සමාධියෙහි පිහිටීම නිසා සිත පාලනය වේ. සතිය පිහිටුවයි. වර්තමානයෙහි සිත රඳා ගත හැකිවේ. තම කාර්යය කෙරෙහි සම්පූර්ණ අවධානය ඇති බැවින් සිත ශක්තිමත් ය. වැඩ කාර්යක්ෂමය. නිවැරදිය. නිරවුල්ය. තමන්ටත් අනුන්ටත් ප්‍රීතිය තෘප්තිය ගෙන දේ. මුලින් සිත පාලනය කර ගැනීමට නොහැකි වුවද දැන් භාවනාවට මහත් උනන්දුවක් ඇති වේ. එබැවින් ඉක්මනින් සිත කර්මස්ථානයක යෙදී සමාධිගත වේ. සමාධියට පත් වූ විට සිත කිසි කලෙක අමතක නොවෙන පරිදි සන්සුන් වේ. ප්‍රීති සුඛ ඇති වේ. භාවනාව ගැන කතා කරන විට ඔබට මහත් අසහනයක් බැරිකමක් දැනේ. එබැවින් එය පුරුදු කිරීමට නො කැමැති වේ. ඔබ මෙසේ සිතයි. "මගේ ඉරණම මෙයයි. මට කවදාවත් භාවනා කළ නොහැකියි. මගේ ගෙදර දොරේ සහ වැඩපළේ කාර්යබහුලය. සමාජ වගකීම ඇත. දරු මුනුපුරන් රැකබලා ගත යුතුය. භාවනාවක රැඳී ඇස් පියාගෙන කාලය ගත කරන විට මේ වැඩ කරන්නේ කවුද?. අපට හාමතේ මැරෙන්න වෙයි . " මෙසේ සිත වටිනා අවස්ථාවක් පැහැර හරි. මෙවැනි අදහස් යටි සිතේ තැන්පත් වී ඇත. ඒ නිසා මෙතෙක් කල් දුකින් මිදීමට නොහැකි විය. අනාගතයේදීත් මෙසේම සිතනවා ඇත. ඊට ප්‍රතිකර්ම දැන්ම කළ යුතුය. භාවනාව යනු අප සිතේ අනන්ත සසර පටන් තිබූ අසහන දුක් පීඩා අප මැඩගෙන සිටි කෙලෙස් යටපත් කර ජයග්‍රහණය කිරීමයි. දෛනික ජීවිතයේ කරන අනිකුත් ක්‍රියා මෙන් භාවනාව ගැන සිතිය යුතුයි. උණුසුම් වැඩි වූ විට ස්නානය කරමු. ශීත වැඩිවූ විට උණුසුම් ඇඳුම් අදිමු. කුසගිනි ඇතිවූ විට ආහාර ගනිමු. අසනීපයක දී බෙහෙත් ගනිමු. මේ සෑම දෙයකින්ම මිනිසා දුක මගහරවා ගනී. එය අවශ්‍ය නොවේ , කරදර වැඩියි ආදී වශයෙන් සිතමින් අත් නො හරිති . සෑම කෙනෙක්ම මේ පිණිස උනන්දුවෙති. සතුන් පවා ආහාර සොයමින් මහත් වීර්යයක් දරති. දිනපතා මෙය සිදුවේ. භාවනාව මෙවැනිම කාර්යකි . මෙය තම සිත සන්සුන් කරගන්නා ක්රමයකි. සිත යනු සියලුම අනිත් ක්රියාකාරීත්වයන් පාලනය කරන ඉන්ද්රිය බැවින් සිත සෑම දෙයට මූලික වේ. සෑම අවස්ථාවකදීම වගකීම ගන්නේ ප්‍රතිචාර දක්වන්නෙ සිතයි. කුමන දෙයක් වුවද සිත උනන්දු වී එය ග්‍රහණය කරයි. හොඳ හෝ නරක හරි හෝ වැරදි සෑම දෙයක්ම සිතට එල්ල වෙයි. සමහරවිට ඉවසන්ට බැරි දුක් පීඩා වුවද සිතට උසුලන්නට වේ. මේ සිතට කර කියා ගන්නට ක්‍රමයක් නැති වුවද ඉවසිය යුතුය. එම පීඩාව නැවත නැවතත් මතකයෙන් ආරෝපණය වේ. කෑම කන්ට හෝ නිදන්ට වුවද නොහැකි වන තරමට සිත මේ බර උසුලයි. එහෙත් සිත අතහැරීමක් බැරිකමක් නොපායි. ශාරීරික ව්‍යායාමයේ දී දුර්වල වූ විට විවේක ගත හැකිය . එහෙත් සිතේ ක්‍රියාකාරිත්වයට කිසි නිදහසක් නැත. නින්ද යනතුරු එම පීඩාව විදිති . එවිටත් සිත ක්‍රියාත්මක වේ. යටි සිතේ නොයෙක් දේ කරකැවෙයි. එහි සීමාව ඉක්මවා ක්‍රියා කරමින් සිහින මවයි. මෙසේ සෑම මොහොතේ ම සිත ඉසිලිය නොහැකි අවිවේකයකින් අතෘප්තියකින් කල් ගෙවයි. එහි අසීමිත ක්‍රියාකාරිත්වය නිසා ඉසිලිය නොහැකි දරුණු තත්වයකට පත්වේ. මේ බව සිත නොදනී. නිතරම මෙසේ පීඩා විඳිමින් යුධ වදින නිසා සිතට "යුධ භටයා" යැයි කීම වටි. එන හැමදේම ග්‍රහණය කරමින් ප්‍රතිචාර දක්වයි. පොර බදියි. මොනයම් සිතිවිලි කන්දරාවක් වුවද ඒ සියලු සිතිවිලි වලට මුහුණ දේ. අත් නොහරී. කිසිවක් අත් නොහරී. අභියෝග දක්වයි. සිතේ කෙලෙස් සහ මමත්වය විශේෂයෙන් උනන්දු වෙයි. පුදුම යුධ භටයෙකි. ජීවිතය ඇති තාක් කල් මේ යුද්ධය ගෙන යයි. ඉන් මිදීමක් නැත. සිත තුළ ඇති අසීමිත ආශාවන් මෙසේ ජයග්‍රහණය කරන්නේ ධර්මයට ප්රතිවිරුද්ධවය. ඉන් ලැබෙන සතුට ධර්මය පරාජය කිරීමෙනි. අධර්මය රජ කිරීමෙනි. ලෞකික සැප සම්පත් කෙතරම් ඇතත් ධර්මය නැති බැවින් ඉන් ලබන සතුට කිසිම සෑහීමකට පත් නොකරයි. සිත තුළින් තවත් ආසාවල් පැන නගින බැවිනි. බුද්ධාදී මහා ප්‍රාඥයන් වහන්සේලා මේ තත්ත්වය හඳුනාගෙන ධර්මය වදාරා ඇත. ධර්මය නැති විට තම ආසාවල් මුදුන්පත් කර ගැනීමට කොපමණ දේ ලැබුණත් තෘප්තියක් නැත. ධර්මය නැති තැන හෝදා පාළු නාස්තියක් දැකිය හැකිය. බොහෝ දේ රැස් කළත් ඉන් කිසි සැනසීමක් නැත. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom