Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
භාවනා පුහුණුවට වෙහෙස වන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය නිරන්තර අරගලයක් සේ පෙනේ. එය දැවැන්ත බාධක ජයගැනීමට කරන ඉතා දැඩි උත්සාහයකි. මෙවන් අතෘප්තිකර තත්ත්වයක් සඳහා තිබෙන විසඳුම කුමක්ද? “මෙහෙම වුණා නම්” යන රෝග ලක්ෂණය අප කෙරෙන් පෙන්නුම් කරයි. “ මට බොහෝ මුදල් තිබුණා නම්, මට සතුටෙන් ඉන්න තිබුණා.” “ මට සැබෑවටම ආදරය කරන අයෙක් මුණගැසුනා නම්,” “මගේ බර රාත්තල් විස්සක් අඩුකරගත හැකිවුණා නම්” , “ මට නාන්න උණු දිය තිබුණා නම් “ මට වර්ණ රූපවාහිනියක් තිබුණා නම් “ , “ මම මීට වඩා සිත් ඇදගන්නා සුලු නම්” යන කෙළවරක් නැති ” තිබුණා නම්” ආදියෙන් අපගේ ජීවිත පිරී පවතියි. මෙවන් සිතිවිලි පැමිණෙන්නේ කොහේ සිට ද? විශේෂයෙන් ඒ පිළිබඳ අපට කළ හැක්කේ කුමක් ද? මේවා මතු වන්නේ අපගේ සිත තුළ පැලපදියම් වී තිබෙන පුරුදුවලින්ය. සියුම් නමුත් ගැඹුරින් හා හාත්පස පැතිරී පවතින මානසික පුරුදු සමූහයකි. අප විසින් ටිකින් ටික පටලවා ගත් මේ ගැටය , ලිහාගත හැක්කේද එසේමය. වරෙකට එක කැබැල්ල බැගිනි. අපගේ දැනුවත් බව වැඩිදියුණු කර, එක එක් කැබැල්ල, මතුකරගෙන ආලෝකය කරා ගෙන ඒමට හැකිවනු ඇත. යටිසිතේ ඇති, අප නොදකින දේ උඩු සිත කරා , සෙමෙන්, වරකට එක බැගින්, ගෙන ආ හැකියි.

අපගේ අත්දැකීම්වල හරය වන්නේ වෙනස් වීමය. වෙනස්වීම නිරන්තරයෙන් ම සිදුවෙයි. මොහොතින් මොහොත ජීවිතය ගලායන බැවින්, කිසිවිටෙකත් එය එක සේ නොවෙයි. මේ අනවරත විශ්වයේ හරය වන්නේ අනවරත වෙනස්වීමයි. ඔබගේ සිතේ හටගන්නා සිතිවිල්ලක් තත්පර බාගයකින් මැකී යයි. වෙනත් සිතිවිල්ල පැමිණ එය ද සැණෙකින් ඉවත්ව යයි. හඬක් ඇසී මොහොතකින් නිශ්ශබ්දතාවයක් උදාවෙයි. දෑස් විවර කළ විට පෙනෙන මුළු මහත් ලෝකය ඇසිපිය හෙළන ක්ෂණයකින් නොපෙනී යයි. විවිධ පුද්ගලයෝ ඔබගේ ජීවිතයට ඇතුළු වී පිටවී යති. යහළුවෝ ඔබගෙන් ඉවත් වී යති. නෑදැයෝ මරණයට පත් වෙති. ඔබගේ වස්තුව වැඩිවී, අඩුවී නැතිවී යයි. දේවල් හිමිවීම් මෙන්ම අහිමිවීම් ද එලෙසින්ම ඇතිවෙයි. වෙනස්වීම නොකඩවා සිද්ධවෙයි. මේ මොහොත කලින් මොහොතකට හෝ ඊළඟ මොහොතකට හෝ සමාන නොවෙයි.

මෙහි කිසි වැරැද්දක් නැත. ඒ විශ්වයේ ස්වභාවයයි. නමුත් මෙම නිරන්තර “ගලායෑමට” අසාමාන්‍ය අන්දමේ ප්‍රතිචාර සමූහයක් දැක්වීමට මිනිස් සංස්කෘතිය අපට උගන්වා ඇත. අපි අත්දැකීම් වර්ග කරමු. සෑම දැකීමක් ම හා අවසානයක් නොමැති මේ විපර්යාස ප්‍රවාහය හොඳ නරක හා මධ්‍යස්ථ යන මානසික කූඩු තුළ සිරකිරීමට අපි උත්සාහ දරමු. ස්ථීර හා හුරුපුරුදු මානසික ප්‍රතිචාර සමූහයකට අනුව අපි එම කාණ්ඩ තේරුම් ගනිමු. අප උත්සාහ කරන්නේ හොඳ යැයි ලේබලය ඇලවූ දැකීම ළඟ කාලය නවතා ලීමටයි. අපි එම සිතිවිල්ල ඩැහැගෙන,ආදරයෙන් වැළඳගෙන බේරීයාමට ඉඩ නොදී තබා ගැනීමට ප්රයත්න දරමු. අසමත්වූ විට, එම සිතිවිල්ල ජනිත කළ අත්දැකීම නැවත නැවත විඳීම සඳහා අවශ්‍ය සියල්ලක්ම කිරීමටද අපි පසුබට නොවෙමු. “ඇලීම “ යනුවෙන් හැඳින්වෙන්නේ මෙම මානසික පුරුද්දයි.

අනෙක් පස ඇත්තේ “ නරක” ලේබලය සහිත කූඩුවයි. යමක් නරක යැයි දකින විට, අපි එය පසෙකට තල්ලු කරමු. ප්‍රතික්ෂේප කර එසේ නොවේ යැයි පවසා කෙලෙසක හෝ එය ඉවත දැමීමට උත්සාහ කරමු. අප සටන් කරන්නේ අපගේම අත්දැකීම් සමඟයි. අපි අප වෙතින්ම පළායමු. එසේ කිරීමේ මානසික පුරුද්ද “ගැටීම” කියා හඳුන්වමු. මේ ප්‍රතිචාර දෙක අතර තිබෙන්නේ මධ්‍යස්ථ කූඩුවයි. හොඳ හෝ නරක නොවන උදාසීන, ඇල්මැරුණු හා නීරස අත්දැකීම දමන්නේ මේ තුළටයි. මධ්‍යස්ථ අත්දැකීම අසුරා තැබූ අපගේ අවධානය යොමුවන්නේ කෙළවරක් නැති ආශාවන් හා ද්වේශයන් වෙතටයි. මේ හේතුවෙන් මධ්‍යස්ථ අත්දැකීම්වලට හිමි විය යුතු අවධානය නොලැබී යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ “ නොසලකා හැරීම” නැමති මානසික පුරුද්දය. මෙවන් උන්මත්තක වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලය කෙළවරක් නැත, වෙහෙසකර ධාවන තරගයකි. ආශාවන් ලුහුබඳින, වේදනාවලින් පලා යන මේ ගමනේ දී, අප ලබන අත්දැකීම්වලින් සියයට අනූවක්ම නොසලකා හැරීම සිදුවෙයි. පසුව, ජීවිතය මෙතරම් නීරස මන්ද කියා ළතවෙයි. අවසාන වශයෙන් කිව හැක්කේ මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන බවය.

කෙතරම් වෙහෙස දරා විනෝදය හා සාර්ථකත්වය හඹා ගියද, ජයගත නොහැකි අවස්ථා එමට ඇත. සමහර අවස්ථාවලදී කොතරම් වේගයෙන් වේදනාවලින් පලා ගිය ද ඔබ එයට හසුවීමට පුළුවන. ඒ අතරතුර යටිගිරියෙන් කෑ ගැසීමට සිතෙන තරමට ජීවිතය නීරස විය හැකියි. විවිධ මත හා විවේචනවලින් අපේ සිත පිරී පවතියි. අපිම මවා ගන්නා බිත්ති අතර සිරවී අපේම රුචි අරුචිකම් නමැති උගුලට හසුවී දුක් විඳිමු.

“ දුක” යන්න බෞද්ධ චින්තනයේ පුළුල් තේරුමක් ඇති වදනකි. ඉමහත් වැදගත් කමකින් යුත් එම වදන හොඳින් වටහා ගත යුතුයි. පාලි බසින් “ දුක්ඛ” යන්නෙන් ශාරීරික වේදනාව පමණක්ම අදහස් නොකරයි. සිතෙහි වෙහෙසකාරි බව, හා සෑම මානසික අත්දැකීමකම කොටසක් වන සියුම් හා ගැඹුරු අතෘප්තකාරි හැඟීමක් මින් අදහස් කරයි. ජීවිතයේ මූලික හරය “ දුක” බව බුදුරජාණන් වහන්සේ පැවසූ සේක. මෙය බැලූ බැල්මට අශෝභන මෙන්ම අශුභවාදි ප්‍රකාශයක් ලෙස දිස්වෙයි. එය සත්‍යයෙන් තොර යයිද ඇතැම් විට සිතිය හැකිය. ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අප සිටින්නේ පී‍්‍රතියෙනි. එසේ නොවෙයිද? නැත. එය එසේ නොවෙයි. එලෙස පෙනෙනවා පමණි. ඔබ මහත් සොම්නසින් හා තෘප්තියකින් ගෙවන අවස්ථාවක් දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලන්න. ඊට යටින් පැතිර පවතින සියුම් ආතතිය එවිට ඔබට දැක ගැනීමට පුළුවන. ඒ කොතරම්ම ප්‍රමෝදමත් මොහොතක් වුවද අවසාන වන බව චතමෙන් ගොඩ නැඟුන අප්රසාදයයි. ඔබගේ දිනාගැනීම් කෙතරම් විශාල වුවද, එයින් කොටසක් හෝ ඔබට අහිමිව යනු ඇත. ඉදිරි කාලය ඒවා රැක ගැනීමට හා තවත් වැඩිකර ගැනීමේ උපාය මාර්ග සෙවීමට වැය කිරීමට ඔබට සිදුවනු ඇත. අවසානයේදී ඔබ මරණයට පත්විය යුතුය. ඔබට සියල්ල අහිමි වෙයි. ඒ සියලු දේ අස්ථීර අල්පකාලික බැවිනි. එය කනසල්ලට හේතුවක් නේද? වාසනාවකට එය එසේ නොවේ. කොහෙත්ම නැත. එහි කනස්සලු බවක් පෙනෙන්නේ ඔබ ඒ දෙස සාමාන්‍යයෙන් පවතින අතෘප්තිකාරි දෘෂ්ටියකින් බැලූ විටයි. විශ්වය දෙස බැලිය හැකි හාත්පසින්ම වෙනස් දෘෂ්ටියක් එයට යටින් ඇත. එනම්, කාලය නවතාලීමට උත්සාහ නොකරන, ගලා එන අපගේ අත්දැකීම් ග්‍රහණය කිරීමට හෝ නවතාලීමට හෝ නොසලකා හැරීමට උත්සාහ නොකරන මානසික ක්‍රියාකාරී මට්ටමකි. එය හොඳ සහ නරක ඉකමවාලූ මෙන්ම තෘප්තිය හා වේදනාවට එපිටින් පවතින, චමත්කාර අයුරින් ලොව දැකිය හැකි මානසික මට්ටමකි. එය අප තුළ වර්ධනය කරගත හැකි කුශලතාවයකි. පහසු නැති මුත් එය ඔබට ඉගෙන ගත හැකියි.

සතුට හා සාමකාමි බව සැබැවින්ම මනුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන ඉල්ලකයන් වේ. අප සැමදෙනා සොයන්නේ මෙයයි. තට්ටු ගණනින් වූ මතුපිට අරමුණුවලින් වැසී ඇති බැවින් මෙම මූලික ඉලක්ක අපට නොපෙනෙයි. ආහාර, මුදල්, ලිංගික ආස්වාදය, වස්තුව, නම්බුව හා ගෞරවය පසුපස හඹා යන අපට, සතුට යන්න හුදෙක්ම සංකල්පයක් පමණි. “ බලන්න , මම හරිම ප්‍රායෝගිකයි.ඇති තරම් මුදල් ඇත්නම් මට සතුට මිලට ගන්න පුළුවන්.” අවාසනාවකට මෙය අසාර්ථක ආකල්පයකි. සුපරීක්ෂාකාරි ලෙස බලන කල, සෑම අරමුණක්ම හුදෙක් මතුපිටින් පමණක් පවතින බව ඔබ දකියි. ඔබට ආහාර අවශ්‍යයි. මක්නිසාද? කුසගින්න නිසා, ඔබට කුසගිනියි. ඉතින් මොකද? ආහාර ගත් විට කුසගින්න නිවී හොඳ හැඟීමක් දැනෙයි. අහා! “හොඳ හැඟීමක් ” අත්දැකීම සැබෑ අරමුණය. අප සැබැවින්ම සොයන්නේ මතුපිටින් පවතින අරමුණු නොවේ. ඒවා ඉලක්කය කරායන උපායමාර්ග පමණි. අප ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වන්නේ ආශාව සපුරා ගැනීමෙන් පසු ඇතිවන සැනසිලිදායක හැඟීමයි. සහනය, විවේකය මෙන්ම ආතතියෙන් මිදීමයි. දැඩි ආසාවේ කෙළවර ඇති සාමය හා සතුටයි.

කුමක්ද මේ සතුට? අපට අවශ්‍ය සෑම දෙයක්ම ලබා ගැනීම, සෑම දෙයකම පාලනය තමා අතට ගැනීම හා සීසර්ගේ භූමිකාව රඟපාමින් සිතුමනාපයට මුළු ලෝකයම නැටවීමට හැකිවීම අප බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන පරිපූර්ණ සතුටයි. නමුත් එලෙස සිදුවන්නේ නැත. ලෝක ඉතිහාසයේ සඳහන් මෙවැනි අසීමිත බලයක් දැරූ පුද්ගලයින් දෙස බලන්න.

ඔවුන් සතුටින් සිටි පුද්ගලයින් නොවේ. ඔවුන් තමන් සමග සාමයෙන් නොසිටිය බව සහතික කළ හැකියි. ඒ ඇයි? මුළු ලොවම මුළුමනින්ම පාලනය කිරීම ඔවුන්ගේ තිබුණු බලවත් ආශාව නමුත් එය ඉෂ්ට නොවීමයි. මුළු මිනිස් සංහතියම පාලනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුව ද සමහර පුද්ගලයින් එම පාලනයට නතුවීම ප්‍රතික්ෂේප කරන ලදී. ග්‍රහලෝක හා තාරකා පාලනය කිරීමට ඔවුන්ට නොහැකි විය. ඔවුහුද සාමාන්‍ය පරිදි රෝගී වූහ. මිය ගියහ.

අප ආශා කරන සියලු දේ දිනා ගැනීම කිසිදාක කළ නොහැකියි. නමුත් වාසනාවකට මෙන් එයට විකල්පයක් ඇත. හිත පාලනය කිරීම තුළින් ආශාවෙන් හා ද්වේශයෙන් සැදුන මේ චක්‍රයෙන් මිදීමට අපට හැකියාව ඇත. ආශාවන්හි නොඇලී සිටීමට ඉගෙන ගෙන, එම ආශාවන් හඳුනාගෙන, ඒවායේ පාලනයට හසු නොවී සිටීමට ඔබට පුළුවන. ඔබව පාගා, ඔබගේ සිරුර මතින් ගමන් කිරීමට මුළුලෝකයටම ඉඩ හැරීමක් මින් අදහස් නොකෙරෙයි. එය බාහිරින් සාමාන්‍ය ලෙස පෙනෙන ජීවිතයක් නමුදු, සම්පුර්ණයෙන්ම නව දෘෂ්ටියක් ඇතිව ගත් කරන්නකි. ඔබ සාමාන්‍ය පුද්ගලයකු කරන සියලු කටයුතුවල නිරතවන නමුත් ආශාවන්ගේ පීඩාකාරී වහල් භාවයෙන් නිදහස් වී ඇත.

[QUOTE="mensoft2003, post: 10941969, member: 49361"] [SIZE="3"]ජීවිතය නිරන්තර අරගලයක් සේ පෙනේ. එය දැවැන්ත බාධක ජයගැනීමට කරන ඉතා දැඩි උත්සාහයකි. මෙවන් අතෘප්තිකර තත්ත්වයක් සඳහා තිබෙන විසඳුම කුමක්ද? “මෙහෙම වුණා නම්” යන රෝග ලක්ෂණය අප කෙරෙන් පෙන්නුම් කරයි. “ මට බොහෝ මුදල් තිබුණා නම්, මට සතුටෙන් ඉන්න තිබුණා.” “ මට සැබෑවටම ආදරය කරන අයෙක් මුණගැසුනා නම්,” “මගේ බර රාත්තල් විස්සක් අඩුකරගත හැකිවුණා නම්” , “ මට නාන්න උණු දිය තිබුණා නම් “ මට වර්ණ රූපවාහිනියක් තිබුණා නම් “ , “ මම මීට වඩා සිත් ඇදගන්නා සුලු නම්” යන කෙළවරක් නැති ” තිබුණා නම්” ආදියෙන් අපගේ ජීවිත පිරී පවතියි. මෙවන් සිතිවිලි පැමිණෙන්නේ කොහේ සිට ද? විශේෂයෙන් ඒ පිළිබඳ අපට කළ හැක්කේ කුමක් ද? මේවා මතු වන්නේ අපගේ සිත තුළ පැලපදියම් වී තිබෙන පුරුදුවලින්ය. සියුම් නමුත් ගැඹුරින් හා හාත්පස පැතිරී පවතින මානසික පුරුදු සමූහයකි. අප විසින් ටිකින් ටික පටලවා ගත් මේ ගැටය , ලිහාගත හැක්කේද එසේමය. වරෙකට එක කැබැල්ල බැගිනි. අපගේ දැනුවත් බව වැඩිදියුණු කර, එක එක් කැබැල්ල, මතුකරගෙන ආලෝකය කරා ගෙන ඒමට හැකිවනු ඇත. යටිසිතේ ඇති, අප නොදකින දේ උඩු සිත කරා , සෙමෙන්, වරකට එක බැගින්, ගෙන ආ හැකියි. අපගේ අත්දැකීම්වල හරය වන්නේ වෙනස් වීමය. වෙනස්වීම නිරන්තරයෙන් ම සිදුවෙයි. මොහොතින් මොහොත ජීවිතය ගලායන බැවින්, කිසිවිටෙකත් එය එක සේ නොවෙයි. මේ අනවරත විශ්වයේ හරය වන්නේ අනවරත වෙනස්වීමයි. ඔබගේ සිතේ හටගන්නා සිතිවිල්ලක් තත්පර බාගයකින් මැකී යයි. වෙනත් සිතිවිල්ල පැමිණ එය ද සැණෙකින් ඉවත්ව යයි. හඬක් ඇසී මොහොතකින් නිශ්ශබ්දතාවයක් උදාවෙයි. දෑස් විවර කළ විට පෙනෙන මුළු මහත් ලෝකය ඇසිපිය හෙළන ක්ෂණයකින් නොපෙනී යයි. විවිධ පුද්ගලයෝ ඔබගේ ජීවිතයට ඇතුළු වී පිටවී යති. යහළුවෝ ඔබගෙන් ඉවත් වී යති. නෑදැයෝ මරණයට පත් වෙති. ඔබගේ වස්තුව වැඩිවී, අඩුවී නැතිවී යයි. දේවල් හිමිවීම් මෙන්ම අහිමිවීම් ද එලෙසින්ම ඇතිවෙයි. වෙනස්වීම නොකඩවා සිද්ධවෙයි. මේ මොහොත කලින් මොහොතකට හෝ ඊළඟ මොහොතකට හෝ සමාන නොවෙයි. මෙහි කිසි වැරැද්දක් නැත. ඒ විශ්වයේ ස්වභාවයයි. නමුත් මෙම නිරන්තර “ගලායෑමට” අසාමාන්‍ය අන්දමේ ප්‍රතිචාර සමූහයක් දැක්වීමට මිනිස් සංස්කෘතිය අපට උගන්වා ඇත. අපි අත්දැකීම් වර්ග කරමු. සෑම දැකීමක් ම හා අවසානයක් නොමැති මේ විපර්යාස ප්‍රවාහය හොඳ නරක හා මධ්‍යස්ථ යන මානසික කූඩු තුළ සිරකිරීමට අපි උත්සාහ දරමු. ස්ථීර හා හුරුපුරුදු මානසික ප්‍රතිචාර සමූහයකට අනුව අපි එම කාණ්ඩ තේරුම් ගනිමු. අප උත්සාහ කරන්නේ හොඳ යැයි ලේබලය ඇලවූ දැකීම ළඟ කාලය නවතා ලීමටයි. අපි එම සිතිවිල්ල ඩැහැගෙන,ආදරයෙන් වැළඳගෙන බේරීයාමට ඉඩ නොදී තබා ගැනීමට ප්රයත්න දරමු. අසමත්වූ විට, එම සිතිවිල්ල ජනිත කළ අත්දැකීම නැවත නැවත විඳීම සඳහා අවශ්‍ය සියල්ලක්ම කිරීමටද අපි පසුබට නොවෙමු. “ඇලීම “ යනුවෙන් හැඳින්වෙන්නේ මෙම මානසික පුරුද්දයි. අනෙක් පස ඇත්තේ “ නරක” ලේබලය සහිත කූඩුවයි. යමක් නරක යැයි දකින විට, අපි එය පසෙකට තල්ලු කරමු. ප්‍රතික්ෂේප කර එසේ නොවේ යැයි පවසා කෙලෙසක හෝ එය ඉවත දැමීමට උත්සාහ කරමු. අප සටන් කරන්නේ අපගේම අත්දැකීම් සමඟයි. අපි අප වෙතින්ම පළායමු. එසේ කිරීමේ මානසික පුරුද්ද “ගැටීම” කියා හඳුන්වමු. මේ ප්‍රතිචාර දෙක අතර තිබෙන්නේ මධ්‍යස්ථ කූඩුවයි. හොඳ හෝ නරක නොවන උදාසීන, ඇල්මැරුණු හා නීරස අත්දැකීම දමන්නේ මේ තුළටයි. මධ්‍යස්ථ අත්දැකීම අසුරා තැබූ අපගේ අවධානය යොමුවන්නේ කෙළවරක් නැති ආශාවන් හා ද්වේශයන් වෙතටයි. මේ හේතුවෙන් මධ්‍යස්ථ අත්දැකීම්වලට හිමි විය යුතු අවධානය නොලැබී යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ “ නොසලකා හැරීම” නැමති මානසික පුරුද්දය. මෙවන් උන්මත්තක වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලය කෙළවරක් නැත, වෙහෙසකර ධාවන තරගයකි. ආශාවන් ලුහුබඳින, වේදනාවලින් පලා යන මේ ගමනේ දී, අප ලබන අත්දැකීම්වලින් සියයට අනූවක්ම නොසලකා හැරීම සිදුවෙයි. පසුව, ජීවිතය මෙතරම් නීරස මන්ද කියා ළතවෙයි. අවසාන වශයෙන් කිව හැක්කේ මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන බවය. කෙතරම් වෙහෙස දරා විනෝදය හා සාර්ථකත්වය හඹා ගියද, ජයගත නොහැකි අවස්ථා එමට ඇත. සමහර අවස්ථාවලදී කොතරම් වේගයෙන් වේදනාවලින් පලා ගිය ද ඔබ එයට හසුවීමට පුළුවන. ඒ අතරතුර යටිගිරියෙන් කෑ ගැසීමට සිතෙන තරමට ජීවිතය නීරස විය හැකියි. විවිධ මත හා විවේචනවලින් අපේ සිත පිරී පවතියි. අපිම මවා ගන්නා බිත්ති අතර සිරවී අපේම රුචි අරුචිකම් නමැති උගුලට හසුවී දුක් විඳිමු. “ දුක” යන්න බෞද්ධ චින්තනයේ පුළුල් තේරුමක් ඇති වදනකි. ඉමහත් වැදගත් කමකින් යුත් එම වදන හොඳින් වටහා ගත යුතුයි. පාලි බසින් “ දුක්ඛ” යන්නෙන් ශාරීරික වේදනාව පමණක්ම අදහස් නොකරයි. සිතෙහි වෙහෙසකාරි බව, හා සෑම මානසික අත්දැකීමකම කොටසක් වන සියුම් හා ගැඹුරු අතෘප්තකාරි හැඟීමක් මින් අදහස් කරයි. ජීවිතයේ මූලික හරය “ දුක” බව බුදුරජාණන් වහන්සේ පැවසූ සේක. මෙය බැලූ බැල්මට අශෝභන මෙන්ම අශුභවාදි ප්‍රකාශයක් ලෙස දිස්වෙයි. එය සත්‍යයෙන් තොර යයිද ඇතැම් විට සිතිය හැකිය. ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අප සිටින්නේ පී‍්‍රතියෙනි. එසේ නොවෙයිද? නැත. එය එසේ නොවෙයි. එලෙස පෙනෙනවා පමණි. ඔබ මහත් සොම්නසින් හා තෘප්තියකින් ගෙවන අවස්ථාවක් දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලන්න. ඊට යටින් පැතිර පවතින සියුම් ආතතිය එවිට ඔබට දැක ගැනීමට පුළුවන. ඒ කොතරම්ම ප්‍රමෝදමත් මොහොතක් වුවද අවසාන වන බව චතමෙන් ගොඩ නැඟුන අප්රසාදයයි. ඔබගේ දිනාගැනීම් කෙතරම් විශාල වුවද, එයින් කොටසක් හෝ ඔබට අහිමිව යනු ඇත. ඉදිරි කාලය ඒවා රැක ගැනීමට හා තවත් වැඩිකර ගැනීමේ උපාය මාර්ග සෙවීමට වැය කිරීමට ඔබට සිදුවනු ඇත. අවසානයේදී ඔබ මරණයට පත්විය යුතුය. ඔබට සියල්ල අහිමි වෙයි. ඒ සියලු දේ අස්ථීර අල්පකාලික බැවිනි. එය කනසල්ලට හේතුවක් නේද? වාසනාවකට එය එසේ නොවේ. කොහෙත්ම නැත. එහි කනස්සලු බවක් පෙනෙන්නේ ඔබ ඒ දෙස සාමාන්‍යයෙන් පවතින අතෘප්තිකාරි දෘෂ්ටියකින් බැලූ විටයි. විශ්වය දෙස බැලිය හැකි හාත්පසින්ම වෙනස් දෘෂ්ටියක් එයට යටින් ඇත. එනම්, කාලය නවතාලීමට උත්සාහ නොකරන, ගලා එන අපගේ අත්දැකීම් ග්‍රහණය කිරීමට හෝ නවතාලීමට හෝ නොසලකා හැරීමට උත්සාහ නොකරන මානසික ක්‍රියාකාරී මට්ටමකි. එය හොඳ සහ නරක ඉකමවාලූ මෙන්ම තෘප්තිය හා වේදනාවට එපිටින් පවතින, චමත්කාර අයුරින් ලොව දැකිය හැකි මානසික මට්ටමකි. එය අප තුළ වර්ධනය කරගත හැකි කුශලතාවයකි. පහසු නැති මුත් එය ඔබට ඉගෙන ගත හැකියි. සතුට හා සාමකාමි බව සැබැවින්ම මනුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන ඉල්ලකයන් වේ. අප සැමදෙනා සොයන්නේ මෙයයි. තට්ටු ගණනින් වූ මතුපිට අරමුණුවලින් වැසී ඇති බැවින් මෙම මූලික ඉලක්ක අපට නොපෙනෙයි. ආහාර, මුදල්, ලිංගික ආස්වාදය, වස්තුව, නම්බුව හා ගෞරවය පසුපස හඹා යන අපට, සතුට යන්න හුදෙක්ම සංකල්පයක් පමණි. “ බලන්න , මම හරිම ප්‍රායෝගිකයි.ඇති තරම් මුදල් ඇත්නම් මට සතුට මිලට ගන්න පුළුවන්.” අවාසනාවකට මෙය අසාර්ථක ආකල්පයකි. සුපරීක්ෂාකාරි ලෙස බලන කල, සෑම අරමුණක්ම හුදෙක් මතුපිටින් පමණක් පවතින බව ඔබ දකියි. ඔබට ආහාර අවශ්‍යයි. මක්නිසාද? කුසගින්න නිසා, ඔබට කුසගිනියි. ඉතින් මොකද? ආහාර ගත් විට කුසගින්න නිවී හොඳ හැඟීමක් දැනෙයි. අහා! “හොඳ හැඟීමක් ” අත්දැකීම සැබෑ අරමුණය. අප සැබැවින්ම සොයන්නේ මතුපිටින් පවතින අරමුණු නොවේ. ඒවා ඉලක්කය කරායන උපායමාර්ග පමණි. අප ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වන්නේ ආශාව සපුරා ගැනීමෙන් පසු ඇතිවන සැනසිලිදායක හැඟීමයි. සහනය, විවේකය මෙන්ම ආතතියෙන් මිදීමයි. දැඩි ආසාවේ කෙළවර ඇති සාමය හා සතුටයි. කුමක්ද මේ සතුට? අපට අවශ්‍ය සෑම දෙයක්ම ලබා ගැනීම, සෑම දෙයකම පාලනය තමා අතට ගැනීම හා සීසර්ගේ භූමිකාව රඟපාමින් සිතුමනාපයට මුළු ලෝකයම නැටවීමට හැකිවීම අප බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන පරිපූර්ණ සතුටයි. නමුත් එලෙස සිදුවන්නේ නැත. ලෝක ඉතිහාසයේ සඳහන් මෙවැනි අසීමිත බලයක් දැරූ පුද්ගලයින් දෙස බලන්න. ඔවුන් සතුටින් සිටි පුද්ගලයින් නොවේ. ඔවුන් තමන් සමග සාමයෙන් නොසිටිය බව සහතික කළ හැකියි. ඒ ඇයි? මුළු ලොවම මුළුමනින්ම පාලනය කිරීම ඔවුන්ගේ තිබුණු බලවත් ආශාව නමුත් එය ඉෂ්ට නොවීමයි. මුළු මිනිස් සංහතියම පාලනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුව ද සමහර පුද්ගලයින් එම පාලනයට නතුවීම ප්‍රතික්ෂේප කරන ලදී. ග්‍රහලෝක හා තාරකා පාලනය කිරීමට ඔවුන්ට නොහැකි විය. ඔවුහුද සාමාන්‍ය පරිදි රෝගී වූහ. මිය ගියහ. අප ආශා කරන සියලු දේ දිනා ගැනීම කිසිදාක කළ නොහැකියි. නමුත් වාසනාවකට මෙන් එයට විකල්පයක් ඇත. හිත පාලනය කිරීම තුළින් ආශාවෙන් හා ද්වේශයෙන් සැදුන මේ චක්‍රයෙන් මිදීමට අපට හැකියාව ඇත. ආශාවන්හි නොඇලී සිටීමට ඉගෙන ගෙන, එම ආශාවන් හඳුනාගෙන, ඒවායේ පාලනයට හසු නොවී සිටීමට ඔබට පුළුවන. ඔබව පාගා, ඔබගේ සිරුර මතින් ගමන් කිරීමට මුළුලෝකයටම ඉඩ හැරීමක් මින් අදහස් නොකෙරෙයි. එය බාහිරින් සාමාන්‍ය ලෙස පෙනෙන ජීවිතයක් නමුදු, සම්පුර්ණයෙන්ම නව දෘෂ්ටියක් ඇතිව ගත් කරන්නකි. ඔබ සාමාන්‍ය පුද්ගලයකු කරන සියලු කටයුතුවල නිරතවන නමුත් ආශාවන්ගේ පීඩාකාරී වහල් භාවයෙන් නිදහස් වී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom