Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
භාවනා පුහුණුවට වෙහෙස වන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට යමක් උවමනා කරන නමුදු එය ලුහුබැඳ හඹා යාමට අවශ්‍ය නොවෙයි. ඔබ යම් දෙයක් නිසා බියට පත් වූ විට, බියෙන් වෙව්ලමින් එතැනම ගල්ගැසී සිටීමට අවශ්‍ය නැත. මෙවැනි මානසික ශික්ෂණයක් දියුණු කර ගැනීම පහසු කාර්යයක් නොවෙයි. එයට වසර ගණනාවක් ගත විය හැකියි. සෑම දෙයක්ම තම පාලනයට නතුකර ගැනීම කිසිදිනෙක කළ නොහැක්කකි. එබැවින් උත්සාහයෙන් ඉටුකර ගත හැකි දේ කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයකට වඩා වටින්නේය.

අප කුමක් ගැන ද කතා කළේ? සාමය සහ සතුට! අප ශිෂ්ටාචාරය කියා කියන්නේ මෙයට අදාළ සියල්ලට නොවේද? අපි අහසට උස ගොඩනැගිලි හා අධිවේගී මාර්ග තනමු. වැටුප් සහිත නිවාඩු, රූපවාහිනි යන්ත්‍ර නොමිලේ වෛද්‍ය සේවා හා ලෙඩ නිවාඩු, සමාජ ආරක්ෂාව හා සුභසාධන සේවා ආදිය අපට ලැබේ. මේ සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ යම් තරමක හෝ සාමයක් හා සතුටක් ළඟාකර දීමයි.

එහෙමත් මානසික රෝග පීඩා හා අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. අසරණයන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් වීථි පිරී යයි. ඔබගේ ගෙමිදුලේ සිට පාරට අත දිගු කළහොත්, ඔබේ අත්ඔරලෝසුව කඩාගෙන යෑමේ තත්ත්වයට අද සමාජය පිරිහී ඇත. කොතැනක හෝ වරදක් ඇත. පී‍්‍රතිමත් පුද්ගලයෙක් සොරකම් නොකරයි. තමා සමඟ සාමයෙන් පසුවන්නෙක් තවත් මිනිසෙකුගේ ජීවිතය නැති කිරීමට නොපෙළඹෙයි. හුදෙක් පී‍්‍රතිය හා සාමය අත්කර ගැනීම සඳහාම අපගේ සමාජය හැකි සෑම ආකාරයකින් ම මිනිසාගේ දැනුම උපයෝගී කරගන්නා බව සිතීමට අපි කැමැත්තෙමු. එහෙත් එය එසේ නොවේ.

මිනිස් පැවැත්මේ ගැඹුරු භාවමය හා ආධ්‍යාත්මික අංශ පරදුවට තබා, ජීවිතයේ භෞතික අංශය අනවශ්‍ය ලෙස වර්ධනය කර ඇති බව දැන් දැන් අවබෝධ වීමට පටන්ගෙන තිබේ. එම වරෙදහි පල විපාක දැනටමත් අපි අත්විඳිමු. අද සමාජයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික වටිනාකම පිරිහී ඇති බව පුන පුනා ප්‍රකාශ කිරීම එක දෙයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම තවත් දෙයකි. මෙය පටන්ගත යුත්තේ අප තුළින්මයි. සුපරීක්ෂාකාරීව, අවංකව හා නිර්පාක්ෂිතව ඔබගේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න, “අපචාරියා” හා “උන්මන්තකයා” අප තුළින්ම දැකගත හැකි අවස්ථා අප කාටත් පැහැදිලි වනු ඇත. එබඳු අවස්ථා ගැරහීමට ලක් නොකොට, පැහැදිලිව හා පිරිසිදුව දැකීමට අප පුරුදුවීමත් සමග එම තත්ත්වයෙන් මිදී ආධ්‍යාත්මික දියුණුව කරා ගමන් කිරීමට අපට හැකිවනු ඇත.

ඔබගේ වර්තමාන ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින තෙක් ඔබගේ ජීවන රටාවේ ප්‍රධාන වෙනස්කම් ඇති කිරීමට පුළුවන්කමක් නැත. එම ස්වභාවය දුටු වහාම වෙනස්කම් ඉබේම සිදුවනු ඇත. කිසියම් පාලන අධිකාරියක බලකිරීමක් හෝ අධික වෙහෙස දැරීමක් හෝ අවශ්‍ය නොවේ. වෙනස්වීම ඉබේම සිදුවෙයි. එහෙත් මීට උවමනාකරන ආරම්භක ගැඹුරු නුවණ ලබාගැනීම අසීරු කාර්යයකි. මොනම ආකාරයක හො විනිශ්චයක්, මුළාවක් හො ගැටීමකින් තොරව, “ ඔබ කවුද, කොයි විදිහේ කෙනෙක්ද” යන්න දැකිය යුතුයි. සමාජීය සත්වයෙකු ලෙස, එහි ඔබට හිමි තැන, හා ඔබේ ක්‍රියාකාරිත්වය ඔබ තේරුම් ගත යුතුයි. සියල්ලට ම පෙර, පුද්ගලයෙකු ලෙස ඔබට ඔබගෙන් ඉටුවිය යුතු වගකීම් ද එමෙන්ම සෙසු මිනිස් සංහතියට ඔබගෙන් ඉටුවිය යුතු යුතුකම හා වගකීම් ද දැක ගැනීම අවශ්‍යය. අවසාන වශයෙන් මේ සියලු සම්බන්ධතාවයන් තනි ඒකකයක් ලෙස කිසිලෙසකින්වත් එකිනෙක වෙන්කළ නොහැකි අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් ලෙස පැහැදිලි ව දැකිය යුතුයි. මෙය සංකීර්ණ එක ක්ෂණයකින් සිදුවිය හැකිය.මෙවැනි අවබෝධයක් හා නිසංසල සතුටක් අත්කර ගැනීමට ඔබට නියත වශයෙන් උපකාරී වනුයේ භාවනාව තුළින් ගොඩනැගෙන මානසික ශික්ෂණයයි. ෆේරායිඩ් නම් වූ දාර්ශනිකයා පෙන්වාදීමට වසර දහස් ගණනකට පෙර ධම්මපදයේ සඳහන් බුද්ධ වචන මෙසේ කියයි. “අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයින් මිතුරන් මේ කිසිවකු හට එය කළ නොහැකියි. හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙන එයි.”

භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ සිත පවිත්‍ර කිරීමයි. සිත පීඩාවට පත් කරන තෘෂ්ණාව , වෛරය, ඊර්ෂ්‍යාව, වැනි කෙලෙස් කසට සෝදාහැර, ආවේගයන්ට වහල්වීම නිසා අවුල් වී ඇති සිතුවිලි ක්‍රියාවලිය පිරිසිදු කරයි. සිත නිසංසල හා අවදිමත් තත්ත්වයකටත් සමාධිමත් හා තැන්පත් බවක් සහිතව සිහියෙන් කටයුතු කරන තත්ත්වයටත් රැගෙන එයි. තවද, සිත එක අරමුණක රැඳවීමේ හැකියාව හා විනිවිද දකින අවබෝධය පහළ කරවයි.

අපි අධ්‍යාපනය කෙරෙහි මහත් විශ්වාසයක් තබන්නෝ වෙමු. දැනුම මිනිසෙකු ශිෂ්ටසම්පන්න කරන බව අපි විශ්වාස කරමු. කෙසේ වෙතත්, ශිෂ්ටාචාරය මිනිසා මතුපිටින් පමණක් ඔප දමයි. මේ ශිෂ්ට සම්පන්න අති උගත් මහත්මා යුද්ධයේ හෝ ආර්ථික බිඳ වැටීමේ පීඩනයට හසුකර සිදුවන්නේ කුමක්දැයි බලන්න. නීතියට අවනත නොවීමෙන් ලැබිය හැකි දඬුවම් හා පලවිපාක දන්නා බැවින් නීතියට අවනතවීම එක් කරුණකි. සොරකමට තුඩුදෙන ලෝභය මෙන්ම ප්‍රාණ ඝාතයට හේතුවන වෛරය සිතින් පහකිරීම නිසා නීතියට අවනත වීම හාත්පසින්ම වෙනස් කාරණයකි. ගලා බසින දිය පාරකට ගල් කැටයක් විසිකරන්න. දියපාර ගල්කැටයේ මතුපිට සුදුම කළද, එහි ඇතුළාන්තය නොවෙනස්ව පවතියි. එම ගල්කැටය ගිනියම් වූ උඳුනකට දැමූවිට එය මුළුමනින්ම උණුවෙයි. පිටතින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද වෙනස්වෙයි. ශිෂ්ටාචාරය මිනිසා බාහිරින් ඔපවත් කරන නමුදු ඔහුව මුදු මොළොක් කර මුළුමනින්ම පරිවර්තනය කරන්නේ භාවනාවයි.

භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයකු බව කියවේ. එය අවබෝධය හරහා සෙමෙන් නමුත් නිසැකවම ක්‍රියාකරන සියුම් පවිත්රකාරක ගින්දරයි. අවබෝධය වැඩිවන තරමට ඔබ වඩාත් නම්‍යශීලි හා ඉවසන සුලු වෙයි. වඩාත් කාරුණික වෙයි. ඔබ පරිපූර්ණ දෙමාපියකු හෝ පරමාදර්ශී ගුරුවරයකු මෙන් වෙයි. වැරදි අමතක කර සමාව දීමට ඔබ සූදානම්ය.ඔබ අනුන් කෙරෙහි දයාව දක්වන්නේ ඔබට ඔවුන් වඩා හොඳින් තේරුම් ගත හැකි නිසාය. ඔවුන් ව වඩා හොඳින් තේරුම් ගන්නේ ඔබ ඔබම තේරුම් ගෙන ඇති නිසාය. ඔබගේ ඇතුළාන්තය දැක එහි ඇති ආත්ම මුළාව හා මානුෂික අඩුපාඩු ද, ඔබගේම මිනිස්කම ද තේරුම්ගෙන අත්වැරදි අමතක කර දයාව දැක්වීමට ඔබ ඉගෙනගෙන ඇත. තමා කෙරෙහි කරුණාව දැක්විය හැකිවන විට එය අනුන් වෙත නිරායාසයෙන් පැතිරවිය හැකිය. මනා නිපුණතාවයකින් යුත් භාවනානුයෝගියා ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ඇත. එබැවින් ඔහු හෝ ඇය නියත ලෙසම ලෝකය දෙස බලන්නේ ගැඹුරුවූත් අවිවේචනාත්මකවූත් කරුණා දයාවකිනි.

භාවනාවේ යෙදීම, බොහෝ විට අලුත් භූමියක වගා කිරීම හා සමානයි. වනාන්තරයක් වගා කළ හැකි භූමියක් බවට පත් කිරීමට නම් පළමුව ගස් කපා, එළි පෙහෙළි කර, මුල් උදුරා දැමිය යුතුයි, දෙවනුව බිම බුරුල්කර පොහොර යෙදිය යුතුය. අවසානයේ බීජ වපුරා අස්වැන්න නෙළා ගැනේ. එලෙසම , මනස වගා කිරීමේදී පළමුව මග අහුරන පීඩාකාරක, නැවත නොවැඩෙන ලෙස මුලින් උපුටා දැමිය යුතුයි. ඉන්පසු පොහොර යෙදිය යුතුය. මෙම මනස නමැති බිම, වීර්යය හා හික්මීම නමැති දියෙන් තෙත්කර පසුව බීජ වපුරා ශ්‍රද්ධාව, සීලය, සිහිනුවණ හා ප්‍රඥාව නමැති අස්වනු නෙළාගන්න.

බුදුදහමේදී සැදැහැය, නොහොත් ශ්‍රද්ධාව හා සීලය නොහොත් සදාචාරසම්පන්න බව යෙදෙන්නේ විශේෂ අර්ථයකිනි. පොතපතක ලියා තිබූ පමණින් හෝ ශාස්තෘවරයෙකු හෝ බලධාරි අයෙකු ඉගැන්වූ නිසා හෝ විශ්වාස කිරීමක් මෙහිදී කොහෙත්ම අදහස් නොකෙරෙයි. එය යමක් පිළිබඳ ඇතිවන විශ්වාසයට වඩාත් සමාන වෙයි. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු දැකීම නිසා යමක් සත්‍යබව දැන ගැනීමත්, එය ඔබ තුළම ක්‍රියාකළ ආකාරය දැකීමත් තුළින් ඇතිකරගත් විශ්වාසයකි. මෙලෙසම, සදාචාරය යනු බාහිරින් පැනවූ හැසිරීම් රටා පද්ධතියකට චාරිත්‍රානුකූලව හිස නැමීමක් නොවෙයි. ඔබ විසින්ම උවමනාවෙන් හා කැමැත්තෙන්ම තෝරාගත් සුබදායක චර්යා රටාවකි. ඔබ එසේ තෝරාගත්තේ එය ඔබගේ වර්තමාන හැසිරීම් රටාවට වඩා උසස් යයි ඔබ පිළිගත් නිසාය.

භාවනාවේ පරමාර්ථය පෞද්ගලික වෙනස්වීමයි. භාවනා කාලයක් අවසානයේදී නැගිට යන ඔබ භාවනාව සඳහා වාඩි වූ ඔබම නොවෙයි. ඉතා සියුම් සංවේදනා ක්‍රියාවලියක් තුළින් ඔබගේම සිතිවිලි, වචන හා ක්‍රියා පිළිබඳව ඔබ තුළම ගැඹුරු දැනීමක් ඇතිකර භාවනාව ඔබ වෙනස්වීමකට ලක් කර ඇත. උඩඟුකම වාෂ්ප වී යන අතර ඔබගේ වෛරය සිඳී යයි. සිත සන්සුන් වී තැන්පත් වේ. ඔබගේ ජීවිතය සුමට වෙයි. නියම ආකාරයෙන් යෙදෙන භාවනාව ජීවිත ගමනේදී මුණ ගැසෙන කඳු පල්ලම් පසු කිරීම සඳහා ඔබව සූදානම් කරනු ලැබේ. එය ඔබගේ බිය, ආතතිය හා දෝමනස්සය අවම කරයි. අසහනකාරි බව පසුබසියි. දැඩි ආවේගය මධ්‍යස්ථ වෙයි. කරුණු සිදුවන සැටි පැහැදිලි වෙයි. ජීවිතය ගැටුමකින් තොරව පහසුවෙන් ගලා යයි. මේ සියල්ල සිදුවන්නේ අවබෝධය තුළිනි.

භාවනාව ඔබගේ සිත එක අරමුණක රඳවා ගැනීමේ ශක්තිය හා කල්පනා ශක්තිය මුවහත් කරයි. එවිට ඔබගේ යටිසිතේ අරමුණු හා උපායන් එකින් එක පැහැදිලි වෙයි. ඔබගේ සහජ නුවණ තියුණූ වෙයි. සිතිවිලිවල නියත බව වැඩෙයි. මුළාවෙන් හා පූර්ව නිගමනයෙන් තොරව, සියල්ල ඇති සැටියෙන් දැකීම තෙක් ඔබ ක්‍රමයෙන් ගමන් කරයි.

මේ ප්‍රතිඵල ලබාගැනීම සදහා ම පමණක් භාවනා කිරීමට කරදර විය යුතුද? නැත. මේ හුදෙක්ම කඩදාසියක ලියවී ඇති පොරොන්දු රැසකි. භාවනාව, වෑයමේ තරමට ප්‍රතිඵලදායක යන්න දැන ගැනීමට ඇත්තේ එකම ක්රමයකි. එය නිවැරදිව ඉගෙන ගෙන, නිවැරදිව පුහුණු වන්න. ප්‍රතිඵල ඔබටම දැකිය හැකි වේවි.

හේනේපොල ගුණරතන නා හිමි

[QUOTE="mensoft2003, post: 10941976, member: 49361"] [SIZE="3"]ඔබට යමක් උවමනා කරන නමුදු එය ලුහුබැඳ හඹා යාමට අවශ්‍ය නොවෙයි. ඔබ යම් දෙයක් නිසා බියට පත් වූ විට, බියෙන් වෙව්ලමින් එතැනම ගල්ගැසී සිටීමට අවශ්‍ය නැත. මෙවැනි මානසික ශික්ෂණයක් දියුණු කර ගැනීම පහසු කාර්යයක් නොවෙයි. එයට වසර ගණනාවක් ගත විය හැකියි. සෑම දෙයක්ම තම පාලනයට නතුකර ගැනීම කිසිදිනෙක කළ නොහැක්කකි. එබැවින් උත්සාහයෙන් ඉටුකර ගත හැකි දේ කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයකට වඩා වටින්නේය. අප කුමක් ගැන ද කතා කළේ? සාමය සහ සතුට! අප ශිෂ්ටාචාරය කියා කියන්නේ මෙයට අදාළ සියල්ලට නොවේද? අපි අහසට උස ගොඩනැගිලි හා අධිවේගී මාර්ග තනමු. වැටුප් සහිත නිවාඩු, රූපවාහිනි යන්ත්‍ර නොමිලේ වෛද්‍ය සේවා හා ලෙඩ නිවාඩු, සමාජ ආරක්ෂාව හා සුභසාධන සේවා ආදිය අපට ලැබේ. මේ සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ යම් තරමක හෝ සාමයක් හා සතුටක් ළඟාකර දීමයි. එහෙමත් මානසික රෝග පීඩා හා අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. අසරණයන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් වීථි පිරී යයි. ඔබගේ ගෙමිදුලේ සිට පාරට අත දිගු කළහොත්, ඔබේ අත්ඔරලෝසුව කඩාගෙන යෑමේ තත්ත්වයට අද සමාජය පිරිහී ඇත. කොතැනක හෝ වරදක් ඇත. පී‍්‍රතිමත් පුද්ගලයෙක් සොරකම් නොකරයි. තමා සමඟ සාමයෙන් පසුවන්නෙක් තවත් මිනිසෙකුගේ ජීවිතය නැති කිරීමට නොපෙළඹෙයි. හුදෙක් පී‍්‍රතිය හා සාමය අත්කර ගැනීම සඳහාම අපගේ සමාජය හැකි සෑම ආකාරයකින් ම මිනිසාගේ දැනුම උපයෝගී කරගන්නා බව සිතීමට අපි කැමැත්තෙමු. එහෙත් එය එසේ නොවේ. මිනිස් පැවැත්මේ ගැඹුරු භාවමය හා ආධ්‍යාත්මික අංශ පරදුවට තබා, ජීවිතයේ භෞතික අංශය අනවශ්‍ය ලෙස වර්ධනය කර ඇති බව දැන් දැන් අවබෝධ වීමට පටන්ගෙන තිබේ. එම වරෙදහි පල විපාක දැනටමත් අපි අත්විඳිමු. අද සමාජයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික වටිනාකම පිරිහී ඇති බව පුන පුනා ප්‍රකාශ කිරීම එක දෙයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම තවත් දෙයකි. මෙය පටන්ගත යුත්තේ අප තුළින්මයි. සුපරීක්ෂාකාරීව, අවංකව හා නිර්පාක්ෂිතව ඔබගේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න, “අපචාරියා” හා “උන්මන්තකයා” අප තුළින්ම දැකගත හැකි අවස්ථා අප කාටත් පැහැදිලි වනු ඇත. එබඳු අවස්ථා ගැරහීමට ලක් නොකොට, පැහැදිලිව හා පිරිසිදුව දැකීමට අප පුරුදුවීමත් සමග එම තත්ත්වයෙන් මිදී ආධ්‍යාත්මික දියුණුව කරා ගමන් කිරීමට අපට හැකිවනු ඇත. ඔබගේ වර්තමාන ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින තෙක් ඔබගේ ජීවන රටාවේ ප්‍රධාන වෙනස්කම් ඇති කිරීමට පුළුවන්කමක් නැත. එම ස්වභාවය දුටු වහාම වෙනස්කම් ඉබේම සිදුවනු ඇත. කිසියම් පාලන අධිකාරියක බලකිරීමක් හෝ අධික වෙහෙස දැරීමක් හෝ අවශ්‍ය නොවේ. වෙනස්වීම ඉබේම සිදුවෙයි. එහෙත් මීට උවමනාකරන ආරම්භක ගැඹුරු නුවණ ලබාගැනීම අසීරු කාර්යයකි. මොනම ආකාරයක හො විනිශ්චයක්, මුළාවක් හො ගැටීමකින් තොරව, “ ඔබ කවුද, කොයි විදිහේ කෙනෙක්ද” යන්න දැකිය යුතුයි. සමාජීය සත්වයෙකු ලෙස, එහි ඔබට හිමි තැන, හා ඔබේ ක්‍රියාකාරිත්වය ඔබ තේරුම් ගත යුතුයි. සියල්ලට ම පෙර, පුද්ගලයෙකු ලෙස ඔබට ඔබගෙන් ඉටුවිය යුතු වගකීම් ද එමෙන්ම සෙසු මිනිස් සංහතියට ඔබගෙන් ඉටුවිය යුතු යුතුකම හා වගකීම් ද දැක ගැනීම අවශ්‍යය. අවසාන වශයෙන් මේ සියලු සම්බන්ධතාවයන් තනි ඒකකයක් ලෙස කිසිලෙසකින්වත් එකිනෙක වෙන්කළ නොහැකි අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් ලෙස පැහැදිලි ව දැකිය යුතුයි. මෙය සංකීර්ණ එක ක්ෂණයකින් සිදුවිය හැකිය.මෙවැනි අවබෝධයක් හා නිසංසල සතුටක් අත්කර ගැනීමට ඔබට නියත වශයෙන් උපකාරී වනුයේ භාවනාව තුළින් ගොඩනැගෙන මානසික ශික්ෂණයයි. ෆේරායිඩ් නම් වූ දාර්ශනිකයා පෙන්වාදීමට වසර දහස් ගණනකට පෙර ධම්මපදයේ සඳහන් බුද්ධ වචන මෙසේ කියයි. “අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයින් මිතුරන් මේ කිසිවකු හට එය කළ නොහැකියි. හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙන එයි.” භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ සිත පවිත්‍ර කිරීමයි. සිත පීඩාවට පත් කරන තෘෂ්ණාව , වෛරය, ඊර්ෂ්‍යාව, වැනි කෙලෙස් කසට සෝදාහැර, ආවේගයන්ට වහල්වීම නිසා අවුල් වී ඇති සිතුවිලි ක්‍රියාවලිය පිරිසිදු කරයි. සිත නිසංසල හා අවදිමත් තත්ත්වයකටත් සමාධිමත් හා තැන්පත් බවක් සහිතව සිහියෙන් කටයුතු කරන තත්ත්වයටත් රැගෙන එයි. තවද, සිත එක අරමුණක රැඳවීමේ හැකියාව හා විනිවිද දකින අවබෝධය පහළ කරවයි. අපි අධ්‍යාපනය කෙරෙහි මහත් විශ්වාසයක් තබන්නෝ වෙමු. දැනුම මිනිසෙකු ශිෂ්ටසම්පන්න කරන බව අපි විශ්වාස කරමු. කෙසේ වෙතත්, ශිෂ්ටාචාරය මිනිසා මතුපිටින් පමණක් ඔප දමයි. මේ ශිෂ්ට සම්පන්න අති උගත් මහත්මා යුද්ධයේ හෝ ආර්ථික බිඳ වැටීමේ පීඩනයට හසුකර සිදුවන්නේ කුමක්දැයි බලන්න. නීතියට අවනත නොවීමෙන් ලැබිය හැකි දඬුවම් හා පලවිපාක දන්නා බැවින් නීතියට අවනතවීම එක් කරුණකි. සොරකමට තුඩුදෙන ලෝභය මෙන්ම ප්‍රාණ ඝාතයට හේතුවන වෛරය සිතින් පහකිරීම නිසා නීතියට අවනත වීම හාත්පසින්ම වෙනස් කාරණයකි. ගලා බසින දිය පාරකට ගල් කැටයක් විසිකරන්න. දියපාර ගල්කැටයේ මතුපිට සුදුම කළද, එහි ඇතුළාන්තය නොවෙනස්ව පවතියි. එම ගල්කැටය ගිනියම් වූ උඳුනකට දැමූවිට එය මුළුමනින්ම උණුවෙයි. පිටතින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද වෙනස්වෙයි. ශිෂ්ටාචාරය මිනිසා බාහිරින් ඔපවත් කරන නමුදු ඔහුව මුදු මොළොක් කර මුළුමනින්ම පරිවර්තනය කරන්නේ භාවනාවයි. භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයකු බව කියවේ. එය අවබෝධය හරහා සෙමෙන් නමුත් නිසැකවම ක්‍රියාකරන සියුම් පවිත්රකාරක ගින්දරයි. අවබෝධය වැඩිවන තරමට ඔබ වඩාත් නම්‍යශීලි හා ඉවසන සුලු වෙයි. වඩාත් කාරුණික වෙයි. ඔබ පරිපූර්ණ දෙමාපියකු හෝ පරමාදර්ශී ගුරුවරයකු මෙන් වෙයි. වැරදි අමතක කර සමාව දීමට ඔබ සූදානම්ය.ඔබ අනුන් කෙරෙහි දයාව දක්වන්නේ ඔබට ඔවුන් වඩා හොඳින් තේරුම් ගත හැකි නිසාය. ඔවුන් ව වඩා හොඳින් තේරුම් ගන්නේ ඔබ ඔබම තේරුම් ගෙන ඇති නිසාය. ඔබගේ ඇතුළාන්තය දැක එහි ඇති ආත්ම මුළාව හා මානුෂික අඩුපාඩු ද, ඔබගේම මිනිස්කම ද තේරුම්ගෙන අත්වැරදි අමතක කර දයාව දැක්වීමට ඔබ ඉගෙනගෙන ඇත. තමා කෙරෙහි කරුණාව දැක්විය හැකිවන විට එය අනුන් වෙත නිරායාසයෙන් පැතිරවිය හැකිය. මනා නිපුණතාවයකින් යුත් භාවනානුයෝගියා ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ඇත. එබැවින් ඔහු හෝ ඇය නියත ලෙසම ලෝකය දෙස බලන්නේ ගැඹුරුවූත් අවිවේචනාත්මකවූත් කරුණා දයාවකිනි. භාවනාවේ යෙදීම, බොහෝ විට අලුත් භූමියක වගා කිරීම හා සමානයි. වනාන්තරයක් වගා කළ හැකි භූමියක් බවට පත් කිරීමට නම් පළමුව ගස් කපා, එළි පෙහෙළි කර, මුල් උදුරා දැමිය යුතුයි, දෙවනුව බිම බුරුල්කර පොහොර යෙදිය යුතුය. අවසානයේ බීජ වපුරා අස්වැන්න නෙළා ගැනේ. එලෙසම , මනස වගා කිරීමේදී පළමුව මග අහුරන පීඩාකාරක, නැවත නොවැඩෙන ලෙස මුලින් උපුටා දැමිය යුතුයි. ඉන්පසු පොහොර යෙදිය යුතුය. මෙම මනස නමැති බිම, වීර්යය හා හික්මීම නමැති දියෙන් තෙත්කර පසුව බීජ වපුරා ශ්‍රද්ධාව, සීලය, සිහිනුවණ හා ප්‍රඥාව නමැති අස්වනු නෙළාගන්න. බුදුදහමේදී සැදැහැය, නොහොත් ශ්‍රද්ධාව හා සීලය නොහොත් සදාචාරසම්පන්න බව යෙදෙන්නේ විශේෂ අර්ථයකිනි. පොතපතක ලියා තිබූ පමණින් හෝ ශාස්තෘවරයෙකු හෝ බලධාරි අයෙකු ඉගැන්වූ නිසා හෝ විශ්වාස කිරීමක් මෙහිදී කොහෙත්ම අදහස් නොකෙරෙයි. එය යමක් පිළිබඳ ඇතිවන විශ්වාසයට වඩාත් සමාන වෙයි. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු දැකීම නිසා යමක් සත්‍යබව දැන ගැනීමත්, එය ඔබ තුළම ක්‍රියාකළ ආකාරය දැකීමත් තුළින් ඇතිකරගත් විශ්වාසයකි. මෙලෙසම, සදාචාරය යනු බාහිරින් පැනවූ හැසිරීම් රටා පද්ධතියකට චාරිත්‍රානුකූලව හිස නැමීමක් නොවෙයි. ඔබ විසින්ම උවමනාවෙන් හා කැමැත්තෙන්ම තෝරාගත් සුබදායක චර්යා රටාවකි. ඔබ එසේ තෝරාගත්තේ එය ඔබගේ වර්තමාන හැසිරීම් රටාවට වඩා උසස් යයි ඔබ පිළිගත් නිසාය. භාවනාවේ පරමාර්ථය පෞද්ගලික වෙනස්වීමයි. භාවනා කාලයක් අවසානයේදී නැගිට යන ඔබ භාවනාව සඳහා වාඩි වූ ඔබම නොවෙයි. ඉතා සියුම් සංවේදනා ක්‍රියාවලියක් තුළින් ඔබගේම සිතිවිලි, වචන හා ක්‍රියා පිළිබඳව ඔබ තුළම ගැඹුරු දැනීමක් ඇතිකර භාවනාව ඔබ වෙනස්වීමකට ලක් කර ඇත. උඩඟුකම වාෂ්ප වී යන අතර ඔබගේ වෛරය සිඳී යයි. සිත සන්සුන් වී තැන්පත් වේ. ඔබගේ ජීවිතය සුමට වෙයි. නියම ආකාරයෙන් යෙදෙන භාවනාව ජීවිත ගමනේදී මුණ ගැසෙන කඳු පල්ලම් පසු කිරීම සඳහා ඔබව සූදානම් කරනු ලැබේ. එය ඔබගේ බිය, ආතතිය හා දෝමනස්සය අවම කරයි. අසහනකාරි බව පසුබසියි. දැඩි ආවේගය මධ්‍යස්ථ වෙයි. කරුණු සිදුවන සැටි පැහැදිලි වෙයි. ජීවිතය ගැටුමකින් තොරව පහසුවෙන් ගලා යයි. මේ සියල්ල සිදුවන්නේ අවබෝධය තුළිනි. භාවනාව ඔබගේ සිත එක අරමුණක රඳවා ගැනීමේ ශක්තිය හා කල්පනා ශක්තිය මුවහත් කරයි. එවිට ඔබගේ යටිසිතේ අරමුණු හා උපායන් එකින් එක පැහැදිලි වෙයි. ඔබගේ සහජ නුවණ තියුණූ වෙයි. සිතිවිලිවල නියත බව වැඩෙයි. මුළාවෙන් හා පූර්ව නිගමනයෙන් තොරව, සියල්ල ඇති සැටියෙන් දැකීම තෙක් ඔබ ක්‍රමයෙන් ගමන් කරයි. මේ ප්‍රතිඵල ලබාගැනීම සදහා ම පමණක් භාවනා කිරීමට කරදර විය යුතුද? නැත. මේ හුදෙක්ම කඩදාසියක ලියවී ඇති පොරොන්දු රැසකි. භාවනාව, වෑයමේ තරමට ප්‍රතිඵලදායක යන්න දැන ගැනීමට ඇත්තේ එකම ක්රමයකි. එය නිවැරදිව ඉගෙන ගෙන, නිවැරදිව පුහුණු වන්න. ප්‍රතිඵල ඔබටම දැකිය හැකි වේවි.[/SIZE] [IMG]http://www.lakehouse.lk/budusarana/2011/09/11/z_p18-bhavana3.jpg[/IMG] හේනේපොල ගුණරතන නා හිමි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom