Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවිතයෙන් ඉවත්ව ඇති කාසි වර්ග ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවිතයෙන් ඉවත්ව ඇති කාසි වර්ග ගැන

දශක ගණනකට ඉහත අප අතර තිබි දැන් භාවිතයෙන් ඉවත්ව ඇති කාසි වර්ග ගැන

ත්‍රි රෝද රථ පිටුපස අලවා ඇති වැකි කියවීම පුරුද්දක් කරගත් මා හට මෑතකදී අපූරු වැකියක් කියවන්නට ලැබිණි. ඒ , 'අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි' යන්නය. මෙය අපරිමිත මව් ගුණය ගැන කියාපාන වැකියක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් අද කාලයේ අතේ සතයක් ඇති අය සොයා ගැනීම කළුනික සොයා ගැනීමටත් වඩා අසීරු කටයුත්තක් බව නම් කිව යුතුමය. ඒ අපේ රටේ ජීවත්වන්නන් අතේ සතේ නැති තරමටම දිළිඳු බවේ පතුළටම වැටී ඇති නිසා නම් නොවේ. අද වන විට සතය නැමැති මුදල් කාසිය භාවිතයෙන් ඉවත් වී ඇති නිසාය.

මීට වසර තිහ හතළිහකට ඉහත පාවිච්චි වූ, නමුත් වර්තමානයේ භාවිතයෙන් ඉවත් වී තිබෙන කාසි ඇත්තේ සතය පමණක් නොවේ. සත 2 , සත 5, සත 10 සහ සත 25 යන කාසි පවා භාවිතයෙන් ඉවත් වී තිබේ. මේ ආකාරයට, පසුගිය දශක තුන හතර ඇතුළත භාවිතයෙන් ඉවත්වූ කාසි ගැන කතා කිරීමේ දී ශ්‍රී ලංකාවේ කාසි භාවිතයේ ආරම්භය ගැනද කෙටියෙන් හෝ කතා කිරීම ප්‍රයෝජනවත් යැයි සිතමු.

ශ්‍රී ලංකාවේ කාසි භාවිතය අනුරාධපුර යුගය දක්වා දිව යයි. ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී හස්එබු කහාපණ, ශ්‍රී ලක්ෂ්මි වැනි කාසි පරිහරණය කර ඇති බව අනාවරණය වී තිබේ. පොළොන්නරු යුගයේ දී භාවිත වී තිබෙන්නේ මහා විජයබාහු , මහා පරාක්‍රමබාහු යනාදී නරපතියන්ගේ නම් යෙදූ කාසිය. පශ්චාත් පොළොන්නරු අවදියෙන් පසුව කහවණු සහ මස්ස වැනි කාසි භාවිත වී තිබේ. එහෙත් මෙම කාසිවලට නිශ්චිත හැඩයක් තිබි නැත. මේ අතරේ දී අරාබි හා චීන වෙළෙඳුන් මෙරටට රැගෙන ආ විවිධ කාසි වර්ගද මෙහි සංසරණය වී තිබේ.

නිශ්චිත හැඩයකින් යුක්ත කාසි ලංකාවට පැමිණෙන්නේ යටත් විජිත පාලනයත් සමගය. කුසායිඩො සහ මුණිවර කාසි (විවිධ සාන්තුවරයන්ගේ නම්වලින් යුක්ත) ලංකාවේ භාවිතයට පැමිණියේ පෘතුගීසි පාලන කාලයේදීය. තඹ දොයිතුවක්වත් දෙන්නේ නැහැ කියමින් බැණ වැදීමත් , තඹ දොයිතුවක්වත් නැහැ යනුවෙන් මැසිවිලි නැගීමත් සිංහල වහරේ තිබුණද තඹ දොයිතු කාසි අපේ රටට පැමිණුනේ ලන්දේසීන්ගෙනි. තඹ දොයිතුවේ එක් පසෙක ඕලන්ද රාජ්‍ය ලාංඡනයත් අනෙක් පස ඛි හෙවත් පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ ලාංඡනයත් මුද්‍රණය කර තිබේ. ඒ හැර

ලන්දේසීන්ගේ පාලන සමයේ දී ඔවුන්ගේ පාලනයට යටත් වී තිබූ පළාත් අනුව සීලන්ඩියා, ඔලන්ඩියා වැනි කාසි වර්ග 5 ක් මෙරට භාවිත වී තිබේ. එකී කාසි නිශ්චිත හැඩයකින් සමන්විත විය.

ලංකාවේ විවිධ ප්‍රදේශ අනුව ලන්දේසීන් එදා මේ රට තුළමද කාසි නිපදවීම කළ අතර මෙරට නිපදවූ කාසිවලට නම් නිශ්චිත හැඩයක් තිබි නැති බව පැවසේ. ඒවා ප්‍රදේශ අනුව අක්ෂර යොදා වෙන්කර හඳුනා ගැනිණි. උදාහරණ වශයෙන් ගාල්ල ප්‍රදේශයේ කාසිවල පිටුපස ට් අක්ෂරයද යාපනය ප්‍රදේශයේ කාසිවල පිටුපස බ් අක්ෂරයද කොළඹ ප්‍රදේශයේ කාසිවල ඛි අක්ෂරයද මුද්‍රණය වී තිබිම දැක්විය හැකිය.

ලන්දේසි පාලනය අවසාන වූ පසුව මෙරටට පැමිණි ඉංග්‍රීසින් ස්වකීය ආධිපත්‍යය මෙරට ස්ථාපිත කරනු ලබන්නේ ඔවුන් පරිහරණය කළ කාසි ද අපේ රටට දායාද කරමිනි. දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත යන රබන් පදයේ කියවෙන ‘තුට්ටුව‘ ඉංග්‍රීසින්ගෙන් මෙරටට ලැබුණු කාසියකි. ඉන්දියාවේ පරිහරණය වූ රිදී රුපියල් මෙරටට පැමිණියේ ද ඉංග්‍රීසි පාලන සමයේදීය. මෙම රිදී රුපියල් එකතු කර රිදී හවඩි සාදා පැළඳීමේ සිරිතක්ද එදවස තිබිණි. පනම් අටෙන් මට වැඩි කර දුන්න........... යනුවෙන් සුද්දාගේ කාලයක් ගැන ‘මාස්ටර් සර්’ ගීතයෙන් කියැවෙන්නේ පනමද එකල ඉංග්රීසින්ගේ කාසියක් වූ නිසාය.

අපේ රට පාලනය කළ විවිධ ජාතීන්ට අයත් කාසි වර්ග ලංකාව පුරා පැතිරෙද්දී 1870 වර්ෂය වන විට රුපියල කොටස් 100 කට බෙදීමට සුද්දා තීරණය කළේය. ඒ අනුව රුපියලෙන් සියයෙන් පංගුව සතය ලෙස නම් කෙරිණි. මෙම සතය තඹ ලෝහයෙන් නිමැවූ අතර එහි එක් පසෙක පොල් ගසද අනෙක් පස එංගලන්ත පාලකයාගේ (රජතුමා හෝ රැජිනගේ) රුවද අඩංගු විය. රුපියල සියයෙන් පංගුවට වෙන් කිරීමෙන් පසුව එතෙක් ශ්‍රී ලංකාව තුළ සංසරණය වූ කාසිවල වටිනාකමද සතවලින් ප්‍රකාශ කෙරිණි. තුට්ටුව සත 1 1/2 ලෙසද පනම සත 6 ලෙසද පනම් අට සත 50 ලෙසද විනිමය හුවමාරු වූයේ මේ ආකාරයටය.

මේ කාලයේ දී සත 2, සත 5, සත 10 , සත 25, සත 50 පිත්තල කාසි වශයෙන් මෙරටට හඳුන්වා දෙනු ලැබිය. ‘මඩොල් දූව‘ නවකතාවේ ‘ළමයින්ගේ හටන’ නම් පරිච්ජේදයේ සිංහල අලුත් අවුරුදු දවසේ ධර්මසේන ඉස්කෝලේ මහත්තයාත් , ඔහුගේ බිරිඳත්, උපාලි ගිනිවැල්ල , සෝමලතා සහ ගුණදාස ළමුන් තිදෙනාත් ගනුදෙනු කළ තඹ සතය, සත 5, සත 10 හා රුපියලේ රිදී කාසි ගැන සඳහන් වී තිබෙන්නේ එකල මෙම කාසි භාවිත වූ නිසාය. එහෙත් පසුකලෙක රිදී රුපියලට නැවතීමේ තිත තැබිණි. රුපියල නෝට්ටුවක් වශයෙන් මුද්‍රණය විය. මේ කාලයේදී මුදලේ අඩුම වටිනාකම වූයේ සතය නොවේ. සත භාගය සහ සත කාලේ කාසි පවා එදා තිබුණි.

කරුණාසේන ජයලත්ගේ ‘පිරුණු හඳක්’ නවකතාවේ ‘රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නේ කුමකටදැ’යි යනුවෙන් කුසුම් රෝහණගෙන් ප්‍රශ්න කරන්නේ අඩුම වටිනාකමෙන් යුක්ත කාසිය අලුක්කාල වූ නිසාය. එකල අලුක්කාල වශයෙන් හැඳින්වූවේ සත කාලේ කාසියයි. එදා පැවැති සත භාගයේ කාසිය සල්ලිය ලෙස හැඳින්විය.

එහෙත් 2 වැනි ලෝක යුද්ධය පැවැති සමයේ දී කාසි හිඟයක් ඇතිවිය. ඊට හේතු වූයේ කාසි සෑදීමට යොදා ගැනෙන ලෝහ ද්‍රව්‍ය වෙඩි උණ්ඩ සෑදීම ආදී වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමය. එමෙන්ම කාසි මෙරටට ප්‍රවාහනය කිරීමේ ගැටලු ද මතුවිය. 1942 වර්ෂයේ දී සත 5, සත 10 , සත 25 සහ සත 50 යන කාසි වෙනුවට නෝට්ටු මුද්‍රණය කෙරුණේ එබැවිනි. මෙම සත පහේ නෝට්ටුවේ දක්නට ලැබුණු විශේෂත්වය වූයේ සත 2 සහ සත 3 යනුවෙන් තිත් ඉරකින් වෙන්කර තිබිමය. මේ අනුව එකී සත පහේ නෝට්ටුව මැදින් වෙන් කරගෙන සත 2 හා සත 3 ලෙස පරිශීලනය කිරීමේ හැකියාවද තිබුණි. එහෙත් මෙම නෝට්ටු පැවැතියේ ඉතා කෙටි කලකි. 1942 දී මුද්‍රණය වූ මෙම නෝට්ටු උප නෝට්ටු ලෙස හැඳින්වූයේ එබැවිනි. පිත්තල ලෝහ යොදාගෙන නැවතත් කාසි ටංකණය (අච්චු ගැසීම) කෙරිණි. නමුත් මෙම කාසි ටංකණය වූයේ එංගලන්ත රාජ්‍ය ලාංඡනය සහිතවය.

ශ්‍රී ලාංකේය රාජ්‍ය ලාංඡනය යොදා ප්‍රථමවරට කාසි ටංකණය වූයේ 1963 වසරේදීය. එහෙත් එවර ටංකණය කෙරුණේ පිත්තල යොදාගෙන නොවේ. ඇලුමිනියම් යොදා ගැනීමෙනි. ඊට බලපෑ මූලික හේතුව වූයේ පිත්තල උණු කර ඇණ නිෂ්පාදනය කිරීමේ ජාවාරම් ගජරාමෙට සිදුවීමය. මේ අනුව 1963 දී සතය, සත 2, සත 5 හා සත 10 ඇලුමිනියම් කාසි ලෙස සංසරණය විය. එහෙත් සත 25 , සත 50 හා රුපියල තඹ හා නිකල් යොදා නිපදවනු ලැබිය. 1963 දී ප්‍රථමවරට රුපියලේ කාසි ටංකණය වුවද 1956 වසරේ පැවැති බුද්ධ ජයන්තිය නිමිත්තෙන් 1957 වසරේදී සමරු කාසියක් ලෙස රුපියලේ කාසිය ටංකණය වී ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

රටක භාණ්ඩවල මිල වැඩි වන විට අඩු වටිනාකම් නෝට්ටු වේගයෙන් සංසරණය වෙනවා. ඒ සංසරණ වේගය නිසාම නෝට්ටු ඉතා ඉක්මනට ජරා වෙනවා. නෝට්ටු ජරාවෙන විට නෝට්ටු වැඩිපුර මුද්‍රණය කරන්න සිද්ධ වෙනවා. වැඩි වාර ගණනක් නෝට්ටු මුද්‍රණය කරන හින්දා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. එතකොට කාසි ටංකණය කිරීම වාසිදායක වෙනවා. එහෙම වුණාම තමයි නෝට්ටු වෙනුවට කාසි ටංකණය කරලා සංසරණයට මුදා හරින්නේ. 1963 දී රුපියලේ නෝට්ටුව වෙනුවට රුපියලේ කාසිය නිකුත් කළෙත් 1981 දී රුපියල් දෙකේ කොළ වෙනුවට රුපියල් දෙකේ කාසිය නිකුත් වුණෙත් 1984 දී රුපියල් පහේ නෝට්ටුව වෙනුවට රුපියල් පහේ කාසිය නිකුත් කළෙත් 2009 දී රුපියල් දහයේ නෝට්ටුව වෙනුවට රුපියල් දහයේ කාසිය නිකුත් කළෙත් ඒ විදිහටයි. යනුවෙන් පැවැසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී ඩබ්ලිව්. එම්.කේ. වීරකෝන්ය.

1994 වසරේදී ලෝක වෙළෙඳපොළේ ලෝහ මිල ඉහළ ගියේය. ඒ හැර තඹ හා නිකල් මිශ්‍ර කර නිපද වූ සත 25, සත 50, රුපියල සහ රුපියල් දෙකේ කාසි උණු කර වෙනත් කාර්යයන් සඳහා යොදාගනු ලැබිය. 1996 දී සත 25, සත 50, රුපියල නිකල් ආලේපිත වානේ යොදා ටංකණය කරනු ලැබුවේ එම නිසාය. මේ වන විට සතය, සත 2, සත 5, සත 10 යන කාසි ඇලුමිනියම්වලින්ද, රුපියල් පහේ කාසිය නිකල් සහ පිත්තල සම්මිශ්‍රණය කිරීමෙන්ද ටංකණය විය. එහෙත් කාසි උණු කිරීමේ කාර්යය නැවැත්වීමට හැකිවූයේ නැත. රුපියල් පහේ සහ දෙකේ කාසි බහුලවම උණු විය. විශේෂයෙන් රුපියල් පහේ කාසි උණුකර මාල සෑදීමේ ව්‍යාපාරයක් රට තුළ ක්‍රියාත්මක විය. නිකල් සහ පිත්තල යොදා නිපදවූ රුපියල් පහේ කාසිය, පිත්තල ආලේපිත වානේ කාසියක් බවට පරිවර්තනය වූයේ එබැවිනි.

2005 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ කාසි සංසරණය අඩු මට්ටමකට පහළ බැස්සේය. ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ සොයා බැලීමේදී කාසි ප්‍රමාණයෙන් විශාල වීම නිසා වැඩි ඉඩකඩක් අවශ්‍ය වීමත් පොකැට්ටුවට බර වැඩි වීමත් වැනි කාරණා නිසා ජනතාව තවමත් නෝට්ටුවලට මනාප බව පැහැදිලි විය. 2005 වසරේදී කාසි පද්ධතිය වෙනස් කරනු ලැබුවේ එබැවිනි.

2005 වසරේදී නිකුත් කළ කාසි අතරින් රුපියල සත පනහ සහ සත විසි පහ ප්‍රමාණයෙන් කුඩා වීම විශේෂ ලක්ෂණයකි. ඊට අමතරව රුපියල් පහේ කාසිය සහ රුපියල පිත්තල ආලේපිත වානේවලින්ද රුපියල් දෙක නිකල් ආලේපිත වානේ වලින්ද සත 50 සහ සත 25 තඹ ආලේපිත වානේවලින් ද ටංකණය කෙරිණි. 2005 වර්ෂයේ දී කාසි පද්ධතිය වෙනස් කිරීමේදී සතය, සත දෙක, සත පහ සහ සත දහය යන වටිනාකම්වලින් යුක්ත කාසි ටංකණය කෙරුණේ නැත. ඊට හේතු වූයේ එකී කාසි වලට ඉල්ලුමක් නැතිවීමය. වර්තමානයේදී රුපියලට අඩු වටිනාකම්වලින් යුක්ත කාසිවලට ඉල්ලුමක් නැති තරම්ය.

වාණිජ බැංකුවල ඉල්ලුම අනුව තමයි අපි මුදල් ගහන්නේ. ඉල්ලුමක් නැතිව කාසි ටංකණය කරලා වැඩක් නැහැ. අදටත් අපේ ගබඩාවල ඇලුමිනියම් සතය, සතය 2, සත 5 , සත 10 තොග ගණන් තියෙනවා. ඒත් දැන් වාණිජ බැංකු රුපියලට අඩු කාසි ඉල්ලන්නේ නැහැ. වාණිජ බැංකු අපෙන් ඉල්ලන්නේ ජනතාව ඉල්ලන දේ. වාණිජ බැංකු සතය , සත 2 , සත 5 , සත 10 ඉල්ලන්නේ නැත්තේ ජනතාව ඒ කාසි ඉල්ලන්නේ නැති නිසා. එහෙම නැතිව ඒ කාසිවල හිඟයක් නැහැ. වාණිජ බැංකු අපෙන් සතය, සත දෙක , සත පහ , සත දහය වගේ කාසි ඉල්ලුවොත් ඒ මුදලුත් රටේ සංසරණය වේවි. ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරීවරයා සඳහන් කළේය.

by lakbima

[QUOTE="ravsfm, post: 16173447, member: 348693"] [b]භාවිතයෙන් ඉවත්ව ඇති කාසි වර්ග ගැන[/b] [SIZE=5][B] [URL="http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=25503:2014-01-17-15-35-04&catid=48:2012-04-02-08-50-52&Itemid=75"]දශක ගණනකට ඉහත අප අතර තිබි දැන් භාවිතයෙන් ඉවත්ව ඇති කාසි වර්ග ගැන [/URL] [/B] [/SIZE] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/January/2014.01.18/Money1.jpg[/IMG][SIZE=4]ත්‍රි රෝද රථ පිටුපස අලවා ඇති වැකි කියවීම පුරුද්දක් කරගත් මා හට මෑතකදී අපූරු වැකියක් කියවන්නට ලැබිණි. ඒ , 'අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි' යන්නය. මෙය අපරිමිත මව් ගුණය ගැන කියාපාන වැකියක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් අද කාලයේ අතේ සතයක් ඇති අය සොයා ගැනීම කළුනික සොයා ගැනීමටත් වඩා අසීරු කටයුත්තක් බව නම් කිව යුතුමය. ඒ අපේ රටේ ජීවත්වන්නන් අතේ සතේ නැති තරමටම දිළිඳු බවේ පතුළටම වැටී ඇති නිසා නම් නොවේ. අද වන විට සතය නැමැති මුදල් කාසිය භාවිතයෙන් ඉවත් වී ඇති නිසාය. මීට වසර තිහ හතළිහකට ඉහත පාවිච්චි වූ, නමුත් වර්තමානයේ භාවිතයෙන් ඉවත් වී තිබෙන කාසි ඇත්තේ සතය පමණක් නොවේ. සත 2 , සත 5, සත 10 සහ සත 25 යන කාසි පවා භාවිතයෙන් ඉවත් වී තිබේ. මේ ආකාරයට, පසුගිය දශක තුන හතර ඇතුළත භාවිතයෙන් ඉවත්වූ කාසි ගැන කතා කිරීමේ දී ශ්‍රී ලංකාවේ කාසි භාවිතයේ ආරම්භය ගැනද කෙටියෙන් හෝ කතා කිරීම ප්‍රයෝජනවත් යැයි සිතමු. ශ්‍රී ලංකාවේ කාසි භාවිතය අනුරාධපුර යුගය දක්වා දිව යයි. ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී හස්එබු කහාපණ, ශ්‍රී ලක්ෂ්මි වැනි කාසි පරිහරණය කර ඇති බව අනාවරණය වී තිබේ. පොළොන්නරු යුගයේ දී භාවිත වී තිබෙන්නේ මහා විජයබාහු , මහා පරාක්‍රමබාහු යනාදී නරපතියන්ගේ නම් යෙදූ කාසිය. පශ්චාත් පොළොන්නරු අවදියෙන් පසුව කහවණු සහ මස්ස වැනි කාසි භාවිත වී තිබේ. එහෙත් මෙම කාසිවලට නිශ්චිත හැඩයක් තිබි නැත. මේ අතරේ දී අරාබි හා චීන වෙළෙඳුන් මෙරටට රැගෙන ආ විවිධ කාසි වර්ගද මෙහි සංසරණය වී තිබේ. නිශ්චිත හැඩයකින් යුක්ත කාසි ලංකාවට පැමිණෙන්නේ යටත් විජිත පාලනයත් සමගය. කුසායිඩො සහ මුණිවර කාසි (විවිධ සාන්තුවරයන්ගේ නම්වලින් යුක්ත) ලංකාවේ භාවිතයට පැමිණියේ පෘතුගීසි පාලන කාලයේදීය. තඹ දොයිතුවක්වත් දෙන්නේ නැහැ කියමින් බැණ වැදීමත් , තඹ දොයිතුවක්වත් නැහැ යනුවෙන් මැසිවිලි නැගීමත් සිංහල වහරේ තිබුණද තඹ දොයිතු කාසි අපේ රටට පැමිණුනේ ලන්දේසීන්ගෙනි. තඹ දොයිතුවේ එක් පසෙක ඕලන්ද රාජ්‍ය ලාංඡනයත් අනෙක් පස ඛි හෙවත් පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ ලාංඡනයත් මුද්‍රණය කර තිබේ. ඒ හැර [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/January/2014.01.18/Money.jpg[/IMG] [/SIZE][SIZE=4][SIZE=4]ලන්දේසීන්ගේ [/SIZE]පාලන සමයේ දී ඔවුන්ගේ පාලනයට යටත් වී තිබූ පළාත් අනුව සීලන්ඩියා, ඔලන්ඩියා වැනි කාසි වර්ග 5 ක් මෙරට භාවිත වී තිබේ. එකී කාසි නිශ්චිත හැඩයකින් සමන්විත විය. ලංකාවේ විවිධ ප්‍රදේශ අනුව ලන්දේසීන් එදා මේ රට තුළමද කාසි නිපදවීම කළ අතර මෙරට නිපදවූ කාසිවලට නම් නිශ්චිත හැඩයක් තිබි නැති බව පැවසේ. ඒවා ප්‍රදේශ අනුව අක්ෂර යොදා වෙන්කර හඳුනා ගැනිණි. උදාහරණ වශයෙන් ගාල්ල ප්‍රදේශයේ කාසිවල පිටුපස ට් අක්ෂරයද යාපනය ප්‍රදේශයේ කාසිවල පිටුපස බ් අක්ෂරයද කොළඹ ප්‍රදේශයේ කාසිවල ඛි අක්ෂරයද මුද්‍රණය වී තිබිම දැක්විය හැකිය. ලන්දේසි පාලනය අවසාන වූ පසුව මෙරටට පැමිණි ඉංග්‍රීසින් ස්වකීය ආධිපත්‍යය මෙරට ස්ථාපිත කරනු ලබන්නේ ඔවුන් පරිහරණය කළ කාසි ද අපේ රටට දායාද කරමිනි. දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත යන රබන් පදයේ කියවෙන ‘තුට්ටුව‘ ඉංග්‍රීසින්ගෙන් මෙරටට ලැබුණු කාසියකි. ඉන්දියාවේ පරිහරණය වූ රිදී රුපියල් මෙරටට පැමිණියේ ද ඉංග්‍රීසි පාලන සමයේදීය. මෙම රිදී රුපියල් එකතු කර රිදී හවඩි සාදා පැළඳීමේ සිරිතක්ද එදවස තිබිණි. පනම් අටෙන් මට වැඩි කර දුන්න........... යනුවෙන් සුද්දාගේ කාලයක් ගැන ‘මාස්ටර් සර්’ ගීතයෙන් කියැවෙන්නේ පනමද එකල ඉංග්රීසින්ගේ කාසියක් වූ නිසාය. අපේ රට පාලනය කළ විවිධ ජාතීන්ට අයත් කාසි වර්ග ලංකාව පුරා පැතිරෙද්දී 1870 වර්ෂය වන විට රුපියල කොටස් 100 කට බෙදීමට සුද්දා තීරණය කළේය. ඒ අනුව රුපියලෙන් සියයෙන් පංගුව සතය ලෙස නම් කෙරිණි. මෙම සතය තඹ ලෝහයෙන් නිමැවූ අතර එහි එක් පසෙක පොල් ගසද අනෙක් පස එංගලන්ත පාලකයාගේ (රජතුමා හෝ රැජිනගේ) රුවද අඩංගු විය. රුපියල සියයෙන් පංගුවට වෙන් කිරීමෙන් පසුව එතෙක් ශ්‍රී ලංකාව තුළ සංසරණය වූ කාසිවල වටිනාකමද සතවලින් ප්‍රකාශ කෙරිණි. තුට්ටුව සත 1 1/2 ලෙසද පනම සත 6 ලෙසද පනම් අට සත 50 ලෙසද විනිමය හුවමාරු වූයේ මේ ආකාරයටය. මේ කාලයේ දී සත 2, සත 5, සත 10 , සත 25, සත 50 පිත්තල කාසි වශයෙන් මෙරටට හඳුන්වා දෙනු ලැබිය. ‘මඩොල් දූව‘ නවකතාවේ ‘ළමයින්ගේ හටන’ නම් පරිච්ජේදයේ සිංහල අලුත් අවුරුදු දවසේ ධර්මසේන ඉස්කෝලේ මහත්තයාත් , ඔහුගේ බිරිඳත්, උපාලි ගිනිවැල්ල , සෝමලතා සහ ගුණදාස ළමුන් තිදෙනාත් ගනුදෙනු කළ තඹ සතය, සත 5, සත 10 හා රුපියලේ රිදී කාසි ගැන සඳහන් වී තිබෙන්නේ එකල මෙම කාසි භාවිත වූ නිසාය. එහෙත් පසුකලෙක රිදී රුපියලට නැවතීමේ තිත තැබිණි. රුපියල නෝට්ටුවක් වශයෙන් මුද්‍රණය විය. මේ කාලයේදී මුදලේ අඩුම වටිනාකම වූයේ සතය නොවේ. සත භාගය සහ සත කාලේ කාසි පවා එදා තිබුණි. කරුණාසේන ජයලත්ගේ ‘පිරුණු හඳක්’ නවකතාවේ ‘රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නේ කුමකටදැ’යි යනුවෙන් කුසුම් රෝහණගෙන් ප්‍රශ්න කරන්නේ අඩුම වටිනාකමෙන් යුක්ත කාසිය අලුක්කාල වූ නිසාය. එකල අලුක්කාල වශයෙන් හැඳින්වූවේ සත කාලේ කාසියයි. එදා පැවැති සත භාගයේ කාසිය සල්ලිය ලෙස හැඳින්විය. එහෙත් 2 වැනි ලෝක යුද්ධය පැවැති සමයේ දී කාසි හිඟයක් ඇතිවිය. ඊට හේතු වූයේ කාසි සෑදීමට යොදා ගැනෙන ලෝහ ද්‍රව්‍ය වෙඩි උණ්ඩ සෑදීම ආදී වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමය. එමෙන්ම කාසි මෙරටට ප්‍රවාහනය කිරීමේ ගැටලු ද මතුවිය. 1942 වර්ෂයේ දී සත 5, සත 10 , සත 25 සහ සත 50 යන කාසි වෙනුවට නෝට්ටු මුද්‍රණය කෙරුණේ එබැවිනි. මෙම සත පහේ නෝට්ටුවේ දක්නට ලැබුණු විශේෂත්වය වූයේ සත 2 සහ සත 3 යනුවෙන් තිත් ඉරකින් වෙන්කර තිබිමය. මේ අනුව එකී සත පහේ නෝට්ටුව මැදින් වෙන් කරගෙන සත 2 හා සත 3 ලෙස පරිශීලනය කිරීමේ හැකියාවද තිබුණි. එහෙත් මෙම නෝට්ටු පැවැතියේ ඉතා කෙටි කලකි. 1942 දී මුද්‍රණය වූ මෙම නෝට්ටු උප නෝට්ටු ලෙස හැඳින්වූයේ එබැවිනි. පිත්තල ලෝහ යොදාගෙන නැවතත් කාසි ටංකණය (අච්චු ගැසීම) කෙරිණි. නමුත් මෙම කාසි ටංකණය වූයේ එංගලන්ත රාජ්‍ය ලාංඡනය සහිතවය. ශ්‍රී ලාංකේය රාජ්‍ය ලාංඡනය යොදා ප්‍රථමවරට කාසි ටංකණය වූයේ 1963 වසරේදීය. එහෙත් එවර ටංකණය කෙරුණේ පිත්තල යොදාගෙන නොවේ. ඇලුමිනියම් යොදා ගැනීමෙනි. ඊට බලපෑ මූලික හේතුව වූයේ පිත්තල උණු කර ඇණ නිෂ්පාදනය කිරීමේ ජාවාරම් ගජරාමෙට සිදුවීමය. මේ අනුව 1963 දී සතය, සත 2, සත 5 හා සත 10 ඇලුමිනියම් කාසි ලෙස සංසරණය විය. එහෙත් සත 25 , සත 50 හා රුපියල තඹ හා නිකල් යොදා නිපදවනු ලැබිය. 1963 දී ප්‍රථමවරට රුපියලේ කාසි ටංකණය වුවද 1956 වසරේ පැවැති බුද්ධ ජයන්තිය නිමිත්තෙන් 1957 වසරේදී සමරු කාසියක් ලෙස රුපියලේ කාසිය ටංකණය වී ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. රටක භාණ්ඩවල මිල වැඩි වන විට අඩු වටිනාකම් නෝට්ටු වේගයෙන් සංසරණය වෙනවා. ඒ සංසරණ වේගය නිසාම නෝට්ටු ඉතා ඉක්මනට ජරා වෙනවා. නෝට්ටු ජරාවෙන විට නෝට්ටු වැඩිපුර මුද්‍රණය කරන්න සිද්ධ වෙනවා. වැඩි වාර ගණනක් නෝට්ටු මුද්‍රණය කරන හින්දා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. එතකොට කාසි ටංකණය කිරීම වාසිදායක වෙනවා. එහෙම වුණාම තමයි නෝට්ටු වෙනුවට කාසි ටංකණය කරලා සංසරණයට මුදා හරින්නේ. 1963 දී රුපියලේ නෝට්ටුව වෙනුවට රුපියලේ කාසිය නිකුත් කළෙත් 1981 දී රුපියල් දෙකේ කොළ වෙනුවට රුපියල් දෙකේ කාසිය නිකුත් වුණෙත් 1984 දී රුපියල් පහේ නෝට්ටුව වෙනුවට රුපියල් පහේ කාසිය නිකුත් කළෙත් 2009 දී රුපියල් දහයේ නෝට්ටුව වෙනුවට රුපියල් දහයේ කාසිය නිකුත් කළෙත් ඒ විදිහටයි. යනුවෙන් පැවැසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී ඩබ්ලිව්. එම්.කේ. වීරකෝන්ය. 1994 වසරේදී ලෝක වෙළෙඳපොළේ ලෝහ මිල ඉහළ ගියේය. ඒ හැර තඹ හා නිකල් මිශ්‍ර කර නිපද වූ සත 25, සත 50, රුපියල සහ රුපියල් දෙකේ කාසි උණු කර වෙනත් කාර්යයන් සඳහා යොදාගනු ලැබිය. 1996 දී සත 25, සත 50, රුපියල නිකල් ආලේපිත වානේ යොදා ටංකණය කරනු ලැබුවේ එම නිසාය. මේ වන විට සතය, සත 2, සත 5, සත 10 යන කාසි ඇලුමිනියම්වලින්ද, රුපියල් පහේ කාසිය නිකල් සහ පිත්තල සම්මිශ්‍රණය කිරීමෙන්ද ටංකණය විය. එහෙත් කාසි උණු කිරීමේ කාර්යය නැවැත්වීමට හැකිවූයේ නැත. රුපියල් පහේ සහ දෙකේ කාසි බහුලවම උණු විය. විශේෂයෙන් රුපියල් පහේ කාසි උණුකර මාල සෑදීමේ ව්‍යාපාරයක් රට තුළ ක්‍රියාත්මක විය. නිකල් සහ පිත්තල යොදා නිපදවූ රුපියල් පහේ කාසිය, පිත්තල ආලේපිත වානේ කාසියක් බවට පරිවර්තනය වූයේ එබැවිනි. 2005 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ කාසි සංසරණය අඩු මට්ටමකට පහළ බැස්සේය. ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ සොයා බැලීමේදී කාසි ප්‍රමාණයෙන් විශාල වීම නිසා වැඩි ඉඩකඩක් අවශ්‍ය වීමත් පොකැට්ටුවට බර වැඩි වීමත් වැනි කාරණා නිසා ජනතාව තවමත් නෝට්ටුවලට මනාප බව පැහැදිලි විය. 2005 වසරේදී කාසි පද්ධතිය වෙනස් කරනු ලැබුවේ එබැවිනි. 2005 වසරේදී නිකුත් කළ කාසි අතරින් රුපියල සත පනහ සහ සත විසි පහ ප්‍රමාණයෙන් කුඩා වීම විශේෂ ලක්ෂණයකි. ඊට අමතරව රුපියල් පහේ කාසිය සහ රුපියල පිත්තල ආලේපිත වානේවලින්ද රුපියල් දෙක නිකල් ආලේපිත වානේ වලින්ද සත 50 සහ සත 25 තඹ ආලේපිත වානේවලින් ද ටංකණය කෙරිණි. 2005 වර්ෂයේ දී කාසි පද්ධතිය වෙනස් කිරීමේදී සතය, සත දෙක, සත පහ සහ සත දහය යන වටිනාකම්වලින් යුක්ත කාසි ටංකණය කෙරුණේ නැත. ඊට හේතු වූයේ එකී කාසි වලට ඉල්ලුමක් නැතිවීමය. වර්තමානයේදී රුපියලට අඩු වටිනාකම්වලින් යුක්ත කාසිවලට ඉල්ලුමක් නැති තරම්ය. වාණිජ බැංකුවල ඉල්ලුම අනුව තමයි අපි මුදල් ගහන්නේ. ඉල්ලුමක් නැතිව කාසි ටංකණය කරලා වැඩක් නැහැ. අදටත් අපේ ගබඩාවල ඇලුමිනියම් සතය, සතය 2, සත 5 , සත 10 තොග ගණන් තියෙනවා. ඒත් දැන් වාණිජ බැංකු රුපියලට අඩු කාසි ඉල්ලන්නේ නැහැ. වාණිජ බැංකු අපෙන් ඉල්ලන්නේ ජනතාව ඉල්ලන දේ. වාණිජ බැංකු සතය , සත 2 , සත 5 , සත 10 ඉල්ලන්නේ නැත්තේ ජනතාව ඒ කාසි ඉල්ලන්නේ නැති නිසා. එහෙම නැතිව ඒ කාසිවල හිඟයක් නැහැ. වාණිජ බැංකු අපෙන් සතය, සත දෙක , සත පහ , සත දහය වගේ කාසි ඉල්ලුවොත් ඒ මුදලුත් රටේ සංසරණය වේවි. ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරීවරයා සඳහන් කළේය. [/SIZE] [I]by lakbima[/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom