භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන



    op.jpg


    ඉතා උසස් මට්ටමේ ගීත විකෘති කර ගායනා කිරීම මෙරට කසිකබල් වෙළඳ කලාව තුළ අද ඊයේ ඉස්මතු වූ ප‍්‍රවණතාවක් නොවේ. මෙහි ආසන්නතම ඛේදනීය සිදුවීමක් වන්නේ නන්දා මාලනීගේ හන්තාන අඩවියේ ගීතය කවුදෝ නවක තරු ගායිකාවක් විසින් අතිශය ජුගුප්සාජනක ලෙස ගායනා කිරීමය. එහි දිගුවක් ලෙසම මෙන් නිදහස් දින උළෙල දා ඔපෙරා ගායිකාවක විසින් දන්නෝ බුදුන්ගේ ගීතය ඇතුළු ගීත කීපයක්ම භක්ෂණය කර දමන ආකාරය අපට දැක ගන්නට ලැබිණි. මේ පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල තුළද ඉතා උනුසුම් වාද විවාද දියත් වෙමින් තිබිණි. එහිදී පැහැදිලිව පෙනී ගිය කාරණයක් වූයේ සාමාන්‍ය සිහියක් ඇති බොහෝ දෙනා පවා මේ නිර්මාණ සංහාරයට එරෙහි වන විට කිසියම් උගතුන්, විචාරකයන් යැයි කියා ගන්නා පිරිසක් ඊට පක්ෂව පෙනී සිටීමය. ප‍්‍රසිද්ධ ලේඛකයන් හා කවියන් ආදීහුද මේ අතර වූහ. ඔවුන්ට භාෂිගේ ගායනය පෙනීගොස් ඇත්තේ ලාංකේය ගීත කලාවේ ඓතිහාසික පෙරළියක් ලෙසය. මේ ලිපියේ අරමුණ වන්නේ මේ ගීත විකෘතිය හා ඊනියා විචාරකයන්ගේ භූමිකාව කුමක්දැයි සැකෙවින් විමසා බැලීමය.

    විකෘතිය හා නවීකරණය

    ගීතයක් විකෘති කිරීම හා එය නිර්මාණශීලී ලෙස නවීකරණය කිරීම අතර වෙනස කුමක්ද? මෙය කිසිසේත්ම හුදු තර්කානුසාරයෙන් පමණක් විසඳාගත හැකි ගැටලූවක් නොවේ. කලාව රස වින්දනයේදී එක් එක් පුද්ගලයාගේ මනසට සාපේක්ෂ කාරණා ප‍්‍රමාණයක්ද බලවත්ව තිබීම මීට එක් හේතුවකි. මට මිහිරි ගීතයක් තවත් අයෙකුට අමිහිරි විය හැක්කේ ඒ නිසාය. ආහාර ද්‍රව්‍යයක් නරක් වී තිබේ නම් එය අපට මත ගැටුම් රහිතව හඳුනා ගැනීම පහසුය. යන්ත‍්‍රයක් කි‍්‍රයා විරහිත වී තිබේ නම් එය ප‍්‍රායෝගිකව එය කාටත් අත්විඳිය හැක්කකි. සරල පොදු මිනුම් දඬු මත එවැනි කාරණා ඉතා පහසුවෙන් නිශ්චය කරගත හැකි වුවද කලා කෘතියක විකෘති වීම, නරක් වීම අපට එවන් පහසු පොදු තර්ක හෝ නිර්ණායක මගින් සපුරා ගෝචර කර ගත හැක්කක් නොවේ. තර්කයෙන් ගත හැකි ප‍්‍රමාණයක් මෙන්ම නොගත හැකි ප‍්‍රමාණයක්ද පවතින බැවින්, කලාවේදී හොඳ නරක සෙවීම බෙහෙවින් අසීරු හා විවාදාත්මක කටයුත්තකි. ඒ ඇත්ත එසේ වුවද එහි තේරුම කලාව යනු ඕනෑම බූරුවෙකුට ඕනෑම අර්ථකතනයක් සපයමින් නන් දෙඩවිය හැකි ක්ෂෙත‍්‍රයක් ලෙස ගත යුතු බවද නොවේ. ඕනෑම බූරුවෙකුට ඕනෑම අර්ථකතනයක් සැපයීමේ නිදහසට බාධා කිරීමට අපට හැකියාවක් නැතත්, ඒ අර්ථකතන තර්කානුසාරීව මෙන්ම එසේ නොවන ක‍්‍රම මගින්ද බිඳහෙලීම කළ හැක්කකි.

    හන්තාන අඩවියේ අවුල කුමක්ද?

    දැන් හන්තාන අඩවියේ ගීතයට අදාලව මේ කාරණය විමසා බලන්නේ නම් එහි ප‍්‍රමුඛ ලෙසම ඇත්තේ නිර්මාණ ගුණය පිළිබඳ ගැටලූවකි. අනුචිත හඬක් හා රැ`ගුමක් නිසා ඇතිවන සාහසික රස භංගයකි. එසේ නොමැතිව එය සංස්කෘතික ජාතිකවාදයක්, ලිංමැඩිකමක් හෝ නව පරපුර පිළිබඳ කෙහෙල්මල් ඊර්ෂ්‍යාවක් හෝ නොවේ. අදාල නවක ගායිකාවගේ ඊනියා ගායනය තුළින් අපට ඇසෙන්නේ කුමක්ද? එය හොඳටම වෙරිවූ කාන්තාවක්, පිරිමි හඬක්ද අනුකරණය කරමින්, ඉංගී‍්‍රසි උරුවට, සිංහල සුභාවිත ගීතයක් ගයන්නට යාමෙන් ඇතිවන ජුගුප්සාජනක විකෘතීන් රැුසක එකතුවකි. ඇයගේ මුහුණේ අමන අභිනයන්ගෙන් හා ශරීර රංගනයෙන් පළවන්නේද පාදඩ මැරයෙක් බීමතින් කාට හෝ චන්ඩි පාට් එකක් දමන විලාසයකි. මේ දහදුරා ගායනය හා රංගනය හන්තාන අඩවිය ගීතයේ සමස්ථ ආත්මයම අතිශය මිලේච්ඡු ලෙස තූ තූ කොට ඉරා දමන්නකි. හන්තාන අඩවියේ ගීතයට මේ වෙරිකාර ගායිකාවගේ හඬ මුසු කිරීම යනු මොනාලිසාගේ ශරීරයට ඩ‍්‍රැකියුලාගේ මුහුණ හා අත් පා බද්ධ කිරීම වැන්නකි. එය මහා යුග පෙරළියක් ලෙස දැකිය හැක්කේ කසිකබල් නිවේදිකාවන්ට හා නිවේදිකාවන්ගේ පඩත්තල වැඩ කොටස ශාස්තී‍්‍රය ආකාරයෙන් ඉටු කරමින් සිටින මෙරට විකල්ප ගෝත‍්‍රික ලේඛකයන්ට හා ඊනියා කවියන්ට පමණකි.

    ඇත්තෙන්ම බීමත් පිරිමි හඬවල්වලින්, රාගයෙන් උමතු වූ හඬවල්වලින්, අඩ නිරුවත් රංගනපාමින්, ගංජා උරමින්, කාන්තාවන් ගායන හොඳ ගීත ලොව කොතෙකුත් තිබේ. එවැනි ගීතවල ආස්වාදය විඳගැනීමට මට නම් මගේ සිංහලකම හෝ සංස්කෘතික ජාතිකවාදය හෝ කිසි තැනකදී කිසිදු බාධාවක් වී නැත. හන්තාන අඩවිය භක්ෂණය කරන ගායිකාවද තමන්ගේ හඬ ඊට ගැලපෙන ගීතයකට මුසු කළේ නම් මේ ව්‍යසනය සිදුනොවන්නට තිබිණි. තලාෂ් චිත‍්‍රපටයට සුමන් ශී‍්‍රධර් ගයන ”මුස්කානේ ජුටී හේ” වැනි ගීතයක් එක උදාහරණයක් ලෙස ගෙන බලන්න. මේසා පිලිකුල් සහගත නැතත් එයද සරාගී, බීමත් හා පිරිමි උරුවකින් ගැහැනියක් ගයන ගීතයකි. නමුත් ඒ ගීතයට අදාල සන්දර්භය තුළ මේ බීමත්, සරාගී පිරිමි උරුව සහිත කටහඬ ඊට මනාව ගැලපෙයි. එයින් ඇතිවන්නේ රස භංගයක් නොව රස ජනනයකි. නමුත් සුමන් ශී‍්‍රධර් ගයන මේ ගීතය නන්දා මාලනීගේ හඬින් ගායනා කළහොත් කුමක් සිදුවේද? ලිංගික කි‍්‍රයාවන් හ`ගවන ශබ්ද පවා මුවින් නිකුත් කරමින් බොනී එම් ගායිකාවන් ගායනා කරන ”ඩැඞී කූල්” වැනි ගීතයක් නීලා වික‍්‍රමසිංහ ගායනා කළහොත් කුමක් සිදුවේද? එසේ නැතහොත් සමන්තා ෆොක්ස් හෝ ප්‍රෙෂස් විල්සන් වැනි ගායිකාවක් ලතා මංගේෂ්කාර් අනුකරණය කරමින් ඉන්දියානු උරුවට ගයන්නට ගියහොත් කුමක් සිදුවේද?

    images


    භාෂිගේ හන්තාන අඩවිය තරම්ම ජුගුප්සාජනක නැතත් ඒවාද නිසැකවම කටුක රස භංගයක් සහිත ගායනා වනු නොඅනුමානය. ඒ මන්ද යත් නන්දා මාලනීගේ හඬ සුමන් ශී‍්‍රධර් හෝ ලෙස් මිෂෙල් ගායනා කරන ගීත හා ඒවායේ ස්වභාවය සමග කිසිසේත්ම නොපෑහෙන බැවිනි. ලතා මංගේෂ්කාර් අනුකරණය කරමින් ”වන් වේ ටිකට්” වැනි ගීතයක් ගායනා කිරීම ප්‍රෙෂස් විල්සන්ට කිසිදා කළ නොහැක්කක් වන බැවිනි. වාසනාවට මෙන් අපේ රටවල තරම් ජාත්‍යන්තරවාදී හා මහද්වීපික විශ්ව චින්තනයකින් යුත් විචාරකයන් එම රටවල විරල නිසාදෝ ඒ ගායිකාවන්ට එවැනි ඇබැද්දිවලට මුහුණ පෑමට බොහෝවිට සිදුනොවේ.

    දන්නෝ බුදුන්ගේ ගීතය හා දරු නැලවිලි භක්ෂණය කරන ක‍්‍රිෂානි ජයසිංහ ගැනද කීමට ඇත්තේ එයම නොවේද? ඇය ඔපෙරා ගායනයේ මහා කෙරුම්කාරියක විය හැකිය. එසේ වුවද රසවින්දනය හෝ නිර්මාණකරණය ගැන අවම හෝ ඉවක් ඈ තුළ තිබුණේ නම්, ඇයට තමාගේ හඬ ඊට ගැලපෙන නිර්මාණයක් වෙත ආයෝජනය කර වැදගත් යමක් කරන්නට තිබිණි. ආචාර්ය කේමදාසයන් මෙරට ප‍්‍රාථමිකම ජන සංගීතයේ සිට ලෝකයේ විවිධ සංගීත ශානර හදාරා ඒවා තම නිර්මාණ තුළ මැනවින් එකට මුසු කළේය. ඒ තම මුල් උරුමයට වෛරයෙන් ගරහමින් හෝ දරු නැලවිලි ගීත බෙලි කපන කියත් බවට පත් කරමින් නොවේ.

    images


    නවීකරණය කෙසේද යත්

    නවීකරණය ගැන විමසා බලතොත් බටහිර ගීත තුළ මෙන්ම ඉන්දියානු ගීත තුළද නවීකරණය කිරීම් කොතෙකුත් හමුවේ. එහෙත් බොහෝවිට ඒ නවීකරණයන් සිදුවන්නේ ලංකාවේ මෙන් මුල් නිර්මාණයේ ආත්මය තූ තූ කරදමමින් හෝ ඒ මැදට ඉංග‍්‍රීසි රැප් කෑලි ටිකක් පූට්ටු කිරීමෙන් නොවේ. සංගම් චිත‍්‍රපටය සඳහා මොහොමඞ් රාෆි ගායනා කළ ”යේ මේරා පේ‍්‍රම පත‍්‍ර පද් කර්” නැමති මනමෝහනීය ගීතය සෝනු නිගම් නැවත ගායනා කරන ආකාරය කෙතරම් අපූරුද? එවැනි අතිශය ජනපි‍්‍රය තලයේ ගීත පමණක් නොවේ. එදා රබීන්ද්‍රනාත් තාගෝර් අතින් සුභාෂ් චන්ද්‍රබෝස්ගේ නමට කැපකරමින් රචනා වූ ”එක්ලා චලෝ රේ” වැනි ඉතිහාසමය වටිනාකමක් සහිත ගීතයක් අද ඒ. ආර් රාහුමාන් අතින් නවීකරණය වී ඇත්තේ කෙතරම් විශිෂ්ඨ ආකාරයටද? ”නේත‍්‍රාජී සුභාෂ් චන්ද්‍රබෝස්- ද ෆොගොටන් හීරෝ” චිත‍්‍රපටය සඳහා නිර්මාණය වූ එම ගීතය තුළ මුල් නිර්මාණයේ තනුව පමණක් නොව වචනද සංශෝධනය කර ඇතත්, එය මුල් නිර්මාණයේ අගය තව දහස් ගුණයකින් තී‍්‍රව කරන්නකි. පසුව ශි‍්‍රයා ගෝසාල් මෙන්ම අමිතාබ් බච්චන්ද එක්ලා චලෝ රේ ගීතය ගායනා කර ඇත්තේ ඒ මුල් නිර්මාණය අසූචි ගංගාවක ගිල්වා මරා දමමින් නොවේ. දීර්ඝ උදාහරණ ඉදිරිපත් කිරීමට තරම් අද මේවා අමුතු දේවල් නොවන අතර, අද ඕනෑම අයෙකුට අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද මීට අදාල බොහෝ දේවල් උගත හැකිය.

    images


    ඇබිටිල්ලන්ගේ භූමිකාව

    තත්ත්වය මෙසේ වුවද අද භාෂි මධුෂානිගේ ඩෝප් ගායනය වෙනුවෙන් පෙනී සිටීමට අපූරු පඬියෝ පිරිසක් පෙල ගැසී සිටිති. තවද මුළු බටහිරකරයේවත් නැති තරමේ පුදුමාකාර ඔපෙරා කාරයන් පිරිසක්ද අද හදිසියේම ලංකාවට කොහෙන්දෝ කඩාපාත් වී තිබේ. ලංකාවේ කොදෙව් මානසිකත්වයට නොගැලපෙන ඔපෙරා නැමති මැජික් එක ගැන අද ඔවුහු අපට විශ්මිත දේශන පවත්වමින් සිටිති. ඉංගී‍්‍රසී වචන දහයක් ගලපා ගැනීමට නොදන්නා ඇතැම් මහදැනමුත්තෝද මේ කොදෙව් විරෝධී ඔපෙරා පෙරමුණේ මුල් තැන ගෙන සිටීම ආස්වාදජනකය. මීට දශක කීපයකට පෙර සිංහල ඔපෙරා නිර්මාණය කළ කේමදාසටවත් ඔපෙරා ගැන මේ සා කැක්කුමක් නොතිබෙන්නට ඇත. ඔපෙරාවෙන් නොනැවතී අද ඔවුන්ට භාෂි මධුෂානි නැමති ඩෝප්කාර ගායිකාවද මහා වීරවරියක් වී තිබේ. ඔවුන්ගේ විශ්ව චින්තනයට අනුව මධුෂානිලාට එරෙහි වන්නෝ සංගීතයේ නූතන ප‍්‍රවණතා නොදත්තෝය. වෙනස් වෙන්නට අකමැත්තෝය. සම්ප‍්‍රදායවාදී ලිංමැඩියෝය. අලූත් පරම්පරාව සමග ඊර්ෂ්‍යාවෙන් පසුවන්නෝය. ගෝත‍්‍රවාදියෝය. අතීතකාමියෝය. ගල් වැද්දෝය. දූපත් මානසිකත්වයෙන් යුත් සංස්කෘතික ජාතිකවාදියෝය. මේ ආදී වූ බොහෝ ගිරා කතා කියමින් අද ඔවුන් මේ ප‍්‍රශ්නය හරහා වෙනත් මොකක්දෝ තැටියක් වාදනය කිරීමට අවස්ථාව පාදාගෙන තිබේ. මේ විගඩම අප විසින් තේරුම් ගත යුත්තේ කෙසේද?

    අද මෙරට ගීත කලාව තුට්ටු දෙකේ මුදලාලිලා අත වසංගතයක තත්ත්වයට පත්වී තිබෙන්නකි. ගායන තාරකා තොග ගණනේ බිහි කළද අද වැදගැම්මකට ඇති ගීතයක් බිහිවන්නේ අතිශය කලාතුරකිනි. එතැනින්ද නොනැවතී බෙහෙවින් මුග්ධ, අමන, නරුමවාදී භාවමය බලපෑම් සහිත නූතන ගීත වසංගතය වත්මන් සමාජ පාදඩකරණයේද ඉතා ප‍්‍රබල මෙවලමක් බවට පත්ව තිබේ. භාෂි මධුෂානි මේ ප‍්‍රවාහයේම එක් චූල ප‍්‍රකාශණයක් පමණි. එසේ වුවද කලාවටත්, මිනිස් අධ්‍යාත්මයටත් එරෙහිව සිදුකෙරෙන මේ මිලේච්ඡු සංහාරය පිළිබඳ කිසිදු වැදගත් විචාරයක් පවා කරගත නොහැකි විකල්ප ගෝත‍්‍රික පුස්සන් අද මේ සියල්ල පසෙක තබා සුපුරුදු ගෝත‍්‍රවාදී කොදෙව්වාදී මන්තරයක් ජප කිරීමට පටන්ගෙන තිබේ. කොදෙව්වක්, මහද්වීපයක් ගැන තියා අවම රස වින්දනය ගැනවත් කිසිදු ඉටිගෙඩියක් නොදන්නා මේ පිරිසට අනුව අප දැන් කොදෙව් මානසිකත්වයෙන් මිදීම සඳහා භාෂිගේ හා කි‍්‍රෂානිගේ ලතෝනිය ඉවසා සිටිය යුතුය.

    singer-opera.jpg


    සැබෑවටම මේ පිරිස තුළ ඇත්තේ ඔපෙරාවක් හෝ වෙන කුමන නෙයියාඩමක් පිළිබඳ හෝ ප‍්‍රශ්නයක් නොව ඉන් එහා ගිය වෙනත් මනෝ ව්‍යාධියකි. මේ සියලූ දෙනා තමන්ගේ සංස්කෘතික අක්මුල් පිළිබඳ හීනමානයේ මහා පොදු ව්‍යාධියට ගොදුරු වූවෝ වෙති. මේ හීනමාන ව්‍යාධියට විකල්ප ගොති‍්‍රක දේශපාලනයේ සංවිධානාත්මක මැදිහත් වීමද එක්වූ විට සමාජ වෛරයෙන් පෙළෙන විපරිතයෙකු බිහිවීමට අවශ්‍ය බොහෝ සාධක සම්පූර්ණ වෙයි. එතැන් සිට මේ විපරිතයාට ලෝකයේ සියලූ ප‍්‍රශ්නවලට හේතුව සිංහල බෞද්ධකම බවට පත්වෙයි. තමන්ගේ රටට, සංස්කෘතියට, ඉතිහාසයට, සම්ප‍්‍රදායට ගැරහීමෙන් ලෝක විප්ලවයක් කිරීමට හෝ චූල විචාරක වීරයෙක් වීමට කල්පනා කරන මේ නිවටයන්ට අද භාෂිලාගේ ඩෝප් ගායනා යුග පෙරළි ලෙස පෙනී යාම පුදුමයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමන ක‍්‍රමයකින් හෝ සම්ප‍්‍රදාය විරෝධී වීමටය. ඕනෑම බලූ නැට්ටක එල්ලී රැුඩිකල් වීමට බලා සිටින මේ අසරණයන්ට හමුවූ අලූත්ම නැටි දෙක වන්නේ භාෂි සහ කි‍්‍රෂානිය. අද භාෂිලාගේ වලිගයේ එල්ලී විශ්වාන්තර වීරයන් වීමට වලිකමින් සිටින විකල්ප ඇබිටිල්ලන්ගේ පුංචිකම, නිවටකම, පරගැතිකම හා අසරණකම ලෝකයේ සියලූ මහද්වීපවලට වඩා විශාල බව වටහා ගැනීමට ඔවුන්ගේ මේ විකට නින්දිත හැසිරීමම ප‍්‍රමාණවත් නොවේද?

    සරදම්කාරී රූපක

    අනෙක් අතින් භාෂිලාගේ ගීත නවීකරණය වත්මන් දේශපාලන මොහොත පිළිබඳවද සරදම්කාරී රූපක සමුදායක් වැන්න. හන්තාන අඩවියේ මළ සොයුරන් ගැන ගීතයක් භාෂි මධුෂානිගේ නරුම හඬින් ගැයීමේ වෙනස කෙතරම් උත්ප‍්‍රාසවත්ද? එක් අතකින් එය විකල්ප ඇබිටිල්ලන් සියල්ලෝ එක්වී අද රටේ ඇති කර තිබෙන වෙනස සමගද සමපාත කළ හැකිය. නිදහස් දිනයේ පවා පරගැතිකමේ තරම පෙන්වන හා ඊට එරෙහිවන මාධ්‍යවේදීන්ට නිදහසේ ගෙදර යාමට සිදුවන යහපාලනයද භාෂිගේ හන්තාන අඩවිය වැනිය. එන්ජී ඕ කල්ලියක ශාඛාවක් බවට පත්වී තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග හෝ අලූත් පරපුර වැනි කොඳු බිඳ ගත් පාදඩ කල්ලි හා ඒකාබද්ධ වී සිටින නූතන ජනතා විමුක්ති පෙරමුණේ වෙනස සමගද එය මනාව සැසදිය හැකිය. වෙඩි කා මළ සොයුරන්ගේ අමිල වටිනාකම් මත අලූත් පරපුරේ අසූචි තවරමින් සිටින අනුරලාගේ ජනතා විමුක්ති පෙරමුණ ගායනයකින් නිරූපනය කළ හැක්කේ කෙසේදැයි ඇතැම් විට භාෂි මධුෂානි කල්පනා කරන්නට ඇත. ඒ අර්ථයට අනුව ගතහොත් නම් භාෂි මධුෂානි නැමති චූල ගායිකාව ඇගේ වලිගයේ එල්ලී සිටින සියලූම විකල්ප පඬියන්ට වඩා දේශපාලනික බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

    -ඉසුරු ප‍්‍රසංග
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    TFS !!!!! පට්ටයි මචං... නියමෙට ලියල තියනව. 200% ක් එකගයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිදහස් දිනයේ පවා පරගැතිකමේ තරම පෙන්වන හා ඊට එරෙහිවන මාධ්‍යවේදීන්ට නිදහසේ ගෙදර යාමට සිදුවන යහපාලනයද භාෂිගේ හන්තාන අඩවිය වැනිය. එන්ජී ඕ කල්ලියක ශාඛාවක් බවට පත්වී තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග හෝ අලූත් පරපුර වැනි කොඳු බිඳ ගත් පාදඩ කල්ලි හා ඒකාබද්ධ වී සිටින නූතන ජනතා විමුක්ති පෙරමුණේ වෙනස සමගද එය මනාව සැසදිය හැකිය. වෙඩි කා මළ සොයුරන්ගේ අමිල වටිනාකම් මත අලූත් පරපුරේ අසූචි තවරමින් සිටින අනුරලාගේ ජනතා විමුක්ති පෙරමුණ ගායනයකින් නිරූපනය කළ හැක්කේ කෙසේදැයි ඇතැම් විට භාෂි මධුෂානි කල්පනා කරන්නට ඇත. ඒ අර්ථයට අනුව ගතහොත් නම් භාෂි මධුෂානි නැමති චූල ගායිකාව ඇගේ වලිගයේ එල්ලී සිටින සියලූම විකල්ප පඬියන්ට වඩා දේශපාලනික බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

    පෙරට්ටෝත් අවුල් නම් dil කාරයොත් අවුල් නම් පබයත් අවුල් නම් මුන් මේ කාටද කඩේ යන්නේ '
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දීල තියනව පොර ඇටි ඇට හැලෙන්න ම.....

    ඔපෙරා කියන්නේ ඔපෙරා....
    කසුන් රොමාන්තික ඔපෙරාව ගීතය ගයල කිව්වේ මේක ඔපෙරා ආකාරයට ගැයුව සරල ගීයක් පමණයි, ඔපෙරා තියෙන්නේ මීට හුගක් එහායින් කියලා.....

    දැන් දන්නෝ බුදුන් ගේ ඔපෙරාකරණය කරන්න ගිහින් ඇණ ගෙන ඉතිං අපිට වදේ!
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දීල තියනව පොර ඇටි ඇට හැලෙන්න ම.....

    ඔපෙරා කියන්නේ ඔපෙරා....
    කසුන් රොමාන්තික ඔපෙරාව ගීතය ගයල කිව්වේ මේක ඔපෙරා ආකාරයට ගැයුව සරල ගීයක් පමණයි, ඔපෙරා තියෙන්නේ මීට හුගක් එහායින් කියලා.....

    දැන් දන්නෝ බුදුන් ගේ ඔපෙරාකරණය කරන්න ගිහින් ඇණ ගෙන ඉතිං අපිට වදේ!

    :D:D:D:D:D:yes::yes::yes::yes:
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    මම කවදාවත් මගේ ආගමට ජාතියට අගෞරවකරන්නේ නැහැ
    ඔපෙරා ශෛලියෙන් දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ කිෂානි කතා කරයි

    * මම ජෝන් ද සිල්වාගේ මිණිබිරියක්‌

    දිනේෂ් විතාන

    නිදහස්‌ දින පැවැති සංස්‌කෘතිය උළෙලේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස්‌ පළවී තිබෙනවා. ඇතැමුන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. මේ අතර මේ ගීතය ගායනා කළ තරුණිය කවුද කියා තවත් පිරිසක්‌ විමසනවා. ඇත්තටම ඇය කවුද?

    ඔබේ සම්පූර්ණ නම ?

    කිෂානි ජයසිංහ

    ගම ?

    කොළඹ, මම උපතින්ම ශ්‍රී ලාංකිකයෙක්‌.

    බෞද්ධයෙක්‌ද?

    ඔව්. මම හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්‌.

    අධ්‍යාපනය හැදෑරුවේ ?

    පාසැල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. අපොස උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය හැදෑරුවා. පසුව මම උසස්‌ අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියා. එහිදී මම නීතිඥ උපාධිය හැදෑරුවා. එතැනදී මට ශිෂ්‍යත්වයක්‌ ලැබිලා අවස්‌ථාවක්‌ උදාවුණා මහාචාර්යවරයෙක්‌ යටතේ සංගීතය පිළිබඳව හැදෑරීමට. තවද මට අවස්‌ථාවක්‌ උදාවුණා ලෝකයේ තිබෙන ප්‍රබල ඔපෙරා ආයතනයක සංගීතය හැදෑරීමට.

    මෙච්චර කාලයක්‌ විදෙස්‌ගත වෙලාද හිsටියේ ?

    ඔව්. මම නීතිය පිළිබඳව හැදෑරීමට සහ සංගීතය පිළිබඳව හැදෑරීමට අවුරුදු දහයක්‌ විදෙස්‌ගත වෙලා හිටියා. පසුගිය අවුරුද්දේ තමයි ලංකාවට ආවේ.

    විවාහකයි කියන්නේ ඇත්තද?

    ඔව්. මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක්‌ ඉන්නවා.

    සංගීතය පිළිබඳව හදාරලා තියෙනවාද?

    ඔව්. මම ජාත්‍යන්තර ඔපෙරා ගායිකාවක්‌.

    නිදහස්‌ දින සංස්‌කෘතික උළෙලේදී ගීත ගායනා කරන්න ඔබට අවස්‌ථාව ලැබුණේ කොහොමද?

    මම ගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවේ ඔපෙරා සෝලෝ ප්‍රසංගයක්‌ පැවැත්වූවා. ඒක දැකලා එක්‌තරා සංවිධානයකින් මට නිදහස්‌ දින සංස්‌කෘතික උළෙලේදී ගීත ගායනා කරන්න ආරාධනාවක්‌ කළා. මම ඒ ආරාධනාව භාරගත්තා. මොකද මම ලංකාවේ කාන්තාවක්‌නේ.

    ඔබට කවුරු හරි කිව්වාද දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කරන්න කියලා ?

    මම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පැවැති මගේ ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා. එය නරඹන්න ඇවිත් හිටපු පිරිසට එම ගීතය ඉතාමත්ම ප්‍රීතිදායක වුණා. ඊට පසුව මේ ප්‍රසංගයේදී මට ආරාධනාව ලැබුණාට පසුව පෙර පුහුණුවීමක්‌ සිදුකළා. එතැනදී තමයි මම මේ ගීතය ගායනා කළේ.

    ඔබ මේ ගීතය ගායනා කළ ආකාරයට ගොඩක්‌ දෙනෙක්‌ දොස්‌ කියනවා?

    මට ඒ ගැන ඇත්තටම පුදුමයි. මගේ ලංකාවේ මගේ භාෂාවෙන් සින්දුවක්‌ ගායනා කරන්න බැරි ඇයි. අන්තර්ජාලයේ ඔය ප්‍රශ්නය දිගින් දිගටම අහලා තියෙනවා මමත් දුටුවා.

    ඔබ මේ ගීතය විකෘති කළා කියලත් චෝදනාවක්‌ නැඟෙනවා නේද?

    ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. ඔය චෝදනාව කරන මිනිස්‌සුන්ගෙන් මමත් අහන්න කැමැතියි මම මොකක්‌ද කරපු විකෘතිය කියලා. නමුත් කවුරුත් ඒකට උත්තර දෙන්නේ නැහැ.

    ඔබ මෙහි මුල් ගීතය අසා තියෙනවාද?

    ඔව්. මම විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්‌. මට මේක අලුත් දෙයක්‌ නෙමෙයි. අනික මම මේ ගීතය පුංචි කාලයේ පටන් ගායනා කරලා තියෙනවා.

    මේ නිසා ඔබට අන්තර්ජාලය හරහා මඩගැසීම් පවා සිදු වෙනවා?

    මම දන්නවා මේ තත්ත්වය ඇතිවුණේ කොහොමද කියලා.

    ඒ කොහොමද?

    පවතින රජයට විරුද්ධව පවත්වාගෙන යන සමාජ ජාල වෙබ් අඩවියක්‌ හරහා තමයි මට මුලින්ම මඩ ගැසීම් සිදුකළේ. අන්තර්ජාලයේ පවසලා තියෙනවා මම මේ ගීතය විකෘති කළා කියලා. ඔවුන් කොහොමද එහෙම කියන්නේ. මම මේ ගීතය ගායනා කළේ ඔපෙරා ශෛලියකින්.

    ඔබ කියන්න හදන්නේ ගීතයට හානියක්‌ කළේ නැහැ කියලාද?

    කිසිසේත්ම නැහැ. කෙහොමද හානියක්‌ වුණේ.

    නමුත් ඔපෙරා ශෛලිය අපේ රටට එතරම් හුරු නැහැ නේද?

    මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන ආකාරය කවුරුත් දන්නවාද කියන්න මම දන්නේ නැහැ. මුලින්ම මේ ගීතය ගායනා කරලා තිබුණේ ඔපෙරා ශෛලියෙන්. ඉතිං මම කළේ නැවත මුලට ගිය එක විතරයි. එහෙම ගායනා කළහම මම ඒ ගීතය විකෘති කළා කියන එක කොච්චර වැරදිද?. මම කරපු වෙනස මොකක්‌ද?. වෙනස්‌ කළා නම් කරපු එකත් මම කියන්නම්. මම ඔපෙරා ගායිකාවක්‌. ඒ වගේම සොප්‍රානු කෙනෙක්‌.

    ඒ ගැන පැහැදිළි කළොත් ?

    ඔපෙරා කලාවේදී විවිධ කටහඬට වෙනස්‌ ටයිටල් තියෙනවා. නමුත් උච්ච ස්‌වරයෙන් උච්චාරණය කරලා ගායනා කරන කෙනෙකුට තමයි සප්‍රානුවෙක්‌ කියන්නේ. ඉතිං මම මේ ගීතය ගායනා කළේ උච්ච ස්‌වරයෙන්. ඒක කොහොමද විකෘතියක්‌ වෙන්නේ.

    හියුබට්‌ රාජපක්‍ෂ, අමරදේවශූරීන්, රුක්‌මණී දේවි මේ ගීතය ගායනා කරලා තියෙනවා. ඒ විතරක්‌ නෙමෙයි නන්දා මාලනී මහත්මියත් ගායනා කරලා තියෙනවා. ඒවා සියල්ලම අහන්න. එකිනෙකට වෙනස්‌ ආකාරයෙන් තමයි ගායනා කරලා තියෙන්නේ. මගේ කටහඬ අනුව තමයි ගීතය ගායනා කළේ. වෙනසක්‌ කළේ නැහැ. මම ආපහු අතීතයට ගිය එක විතරයි කළේ.අපි අපේ අතීතය සංසAකෘතිය ගැන මහලොකුවට කතා කරනවා. මම අතීතයෙන් උකහාගත් දෙයට මෙලෙස මඩ ප්‍රචාර එල්ල කරනවා නම් කොහොමද ඔවුන් කියන්නේ අතීතයේ අපිට අනන්‍ය වූ දේවල් ආරක්‍ෂා කරන්න කියලා. ඒක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.

    ඔබ ගීතයට හානියක්‌ කළේ නැතිද?

    අතීතයෙන් උකහාගත්ත දෙයකට කොහොමද කියන්නේ විකෘතියක්‌ කියලා. ඒ කතාව කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මේ ගීතය නූර්ති ගීතයක්‌නේ. මගේ ඇඳුමෙන්, හැසිරීමෙන්, භාෂාවෙන් පවා

    වැරැද්දක්‌ කළේ නැහැ. අනික මම ලංකාවේ ඉපදුණ හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්‌. මම හොඳට දුරදිග හිතලා බලලා තමයි මේ ගීතය තෝරාගෙන ගායනා කළේ. මම මේ ගීතය ගායනා කරන්නෙ අපේ ජාතික ඇඳුම ඇඳගෙන. එහි වර්ණය පවා තෝරාගත්තේ අපේ ජාතික කොඩියේ වර්ණවලට සුදුසු ආකාරයට. ඉතාමත්ම ගෞරවයෙන්, ආදරයෙන් තමයි මම මේ ගීතය ගායනා කළේ.

    මේ ශෛලිය ගායනා කරන්න කියලා කවුරු හරි ඔබට උපදෙස්‌ දුන්නාද?

    මම මුලින්ම සඳහන් කළා වගේ මේ ගීතය මගේ ප්‍රසංගයකට ගායනා කරලා තිබුණා. ඒක මේ අවස්‌ථාවට සුදුසුයි කියලා මට හිතුණා. ඊට පසුව ගාලු මුවදොර පිටියේ පැවැති පෙර පුහුණුවීම්වලදී මම දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා. එතැනදී අපේ රටේ සොල්දාදුන් පවා පෙර පුහුණුවීම්වල නියෑළී සිටියා. ඒ වගේම වේදිකාව සකස්‌ කරන පිරිස වගේම විශාල පිරිසක්‌ සිටියා. ඇත්තම කියනවා නම් මෙච්චර ඝෝෂාකාරී ස්‌ථානයක ඉතාමත්ම ගෞරවයෙන් හැමෝම මේ ගීතය අහගෙන හිටියා. එතැනට අල්පෙනෙත්තක්‌ වැටුණත් ඇහෙනවා. ඒ තරමටම නිශ්ශබ්දයි. ඔවුන් පුදුමාකාර විදිහට ඒ ගීතය වින්දා. එහෙම කරලා තමයි අපි මේ ගීතය තෝරාගත්තේ.

    මේ ගීතය ගායනා කළේ ඔබේ තනි තීරණයට නෙමෙයිද?

    නැහැ. සියලු දෙනාගේම එකඟත්වයක්‌ ඇතිව තමයි ගායනා කළේ. මට ඇත්තටම පුදුමයි. එදා මම ගීත හයක්‌ ගායනා කළා. දන්නෝ බුදුන්ගේ, මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා දරු නැලවිලි ගීතයක්‌, බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට, නමෝ මරියනි සහ ඔපෙරා ශෛලියේ මගේම නිර්මාණයක්‌ ගායනා කළා. ඉතිං මේ ගීතය විතරක්‌ අල්ලාගෙන මෙහෙම කෑගහන එක මට පුදුමයි.

    මට එල්ල වුණ තවත් චෝදනාවක්‌ තමයි බෞද්ධ ගීතයක්‌ ක්‍රිස්‌තියානි ඔපෙරා ශෛලියට ගායනා කළා කියලත්. මම නැවතත් කියනවා බෞද්ධ කාන්තාවක්‌. කවරදාකවත් මගේ ආගමට, ජාතියට ගෞරවයක්‌ ඇතිවෙන වැඩක්‌ කරනවා මිසක්‌ අගෞරවයක්‌ ඇතිවෙන වැඩක්‌ කරන්නේ නැහැ.

    මේ දේවල් හින්දා ඔබ ගායනයෙන් සමුගන්නවාද?

    අයියෝ නැහැ. මම අවුරුදු පහළොවක්‌ මහන්සිවෙලා තමයි මෙතැනට ආවේ. අනික මට ලෝක ප්‍රසිද්ධියක්‌ ලැබිලා තියෙනවා.

    ජනප්‍රිය වෙන්න හිතාගෙනද මේ වගේ උත්සවයකදී ඔපෙරා ශෛලියෙන් ගීත ගායනා කළේ ?

    එතැනදී කාරණා දෙකක්‌ තියෙනවා. එක අතකින් දුක්‌වෙනවා ඇයි මේ සිද්ධිය නිසා ප්‍රසිද්ධ වුණේ කියලා. අනෙක්‌ පැත්තෙන් හිතන්න පුළුවන් මිනිස්‌සුන්ගේ නොදැනුවත්කම කියලා. කොහොමත් මම කරන දේවල් හරියාකාරව සිදු කරනවා. මම කවරදාකවත් කාගෙවත් හිත රිදවන වැඩක්‌ කරලා නැහැ. අනික මට එහෙම කරන්න වුවමනාවකුත් නැහැ. ඒ වගේම දේශපාලනයද මට අදාළ නැහැ.

    ඔබ දේශපාලනය කරන කාන්තාවක්‌ කලාකාරිණියක්‌ නෙමෙයිද?

    ලංකාවේ අවුරුදු දහයක්‌ හිටියේ නැහැ. විදෙස්‌ගතවෙලා නීතිය හැදෑරීම සහ සංගීතය හැදෑරීම තමයි සිදුකළේ. මම පිළිගන්නවා අපේ ලංකාවේ ඔපෙරා සංගීතය එතරම් ජනප්‍රිය ශෛලියක්‌ නෙමෙයි කියලා. ගොඩක්‌ දෙනෙක්‌ කියනවා ඔපෙරා සංගීතය බටහිර කලාවක්‌ කියලා. ඔපෙරා කලාව ලෝකයේම ජනප්‍රිය කලාවක්‌. අපි ඒ ගැන එතරම් දැනුවත්කමක්‌ නැහැ. ඒක ඇත්ත. නමුත් ලෝකයේ බොහෝ රටවල් අද මේ ශෛලිය හදාරනවා.

    ඔය විවිධ චෝදනා කරන පිරිසගෙන් මම අහන්න කැමැතියි ඔය කියන ජනප්‍රියත්වය කොහොමද සිදු වන්නේ කියලා. අනික මම ඒ වගේ පටු මානසිකත්වයක නැහැ. මේ වගේ විශිෂ්ට අවස්‌ථාවක්‌ මගේ ජනප්‍රියත්වයට පාවිච්චි කළේ නැහැ. මම දුක්‌ වුණ හේතුවක්‌ තියෙනවා.

    ඒ මොකක්‌ද?

    මේ ගීතය විවෘත මනසකින් අහන්නේ නැතිව විවිධ හේතූන් නිසා කවුරු හරි කියන දෙයක්‌ අහලා චෝදනා කරන එක වැරදියි. මට හිතෙනවා මෙතැන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්‌ කියලා.

    මේ ගීතය ගැන අහලා ලංකාවේ සංගීතඥයන් ඔබට කතා කළාද?

    මේ ගීතය ගායනා කළාට පසුව ගොඩක්‌ දෙනෙක්‌ මට කතා කරලා කිව්වා අපි ඉතාමත්ම කැමැති වුණා ඔබ කරපු දෙයට. අවසානයේ මම කවරදාකවත් අහලා නැති පරුෂ වචනයෙන් අන්තර්ජාලයේ මඩ ප්‍රහාරවලට ලක්‌වුණා. තමන්ට මොකුත්ම නොකරපු කාන්තාවකට ඇයි මෙහෙම කරන්නේ කියලා මට හිතෙනවා. ඇත්තටම මෙතැන ගොඩක්‌ම දුක්‌වුණ කාරණාව තමයි ඉතාම අප්‍රසන්න විදිහට මට ගොඩක්‌ චෝදනා එල්ල කළේ කාන්තාවන්. මම මවක්‌ වගේම දුවක්‌. එහෙම කතා කරන කාන්තාවන් හිතන්න ඕනෑ තමනුත් කවදාහරි දවසක මවක්‌, දුවක්‌ වෙනවා කියලා. ඒ ගීතය මගේ ඥතියෙක්‌ වන ජෝන් ද සිල්වා මහතාගේ. ඔහු මට සීයා වන්නේ. මේ වගේ දේවල් මට හාස්‍යජනක වෙන්නේ ඒ නිසයි. ඒ ගීතය නිවැරදිවම ගායනා කරන්න ඕන වුණ නිසා මම ඔහුගේ මිණිබිරියට කතා කළා. ජෝන්ද සිල්වා ගීතය සටහන් කර තිබූ පොතෙන්ම ඇය මට වචන දුන්නා. මෙහෙම කියන්න. විසන්ධි කරන්න ඕනෑ මෙහෙමයි. සන්ධි කරන්න ඕනෑ මෙහෙමයි කියන එක ඇය මට කීවා. ඇය කීවේ මෙය නිවැරදිව ගායනා කරන්න කියන එක විතරයි. එතුමාට අගෞරව කරන්න මගේ කිසිම අදහසක්‌ නැහැ
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    දීල තියනව පොර ඇටි ඇට හැලෙන්න ම.....

    ඔපෙරා කියන්නේ ඔපෙරා....
    කසුන් රොමාන්තික ඔපෙරාව ගීතය ගයල කිව්වේ මේක ඔපෙරා ආකාරයට ගැයුව සරල ගීයක් පමණයි, ඔපෙරා තියෙන්නේ මීට හුගක් එහායින් කියලා.....

    දැන් දන්නෝ බුදුන් ගේ ඔපෙරාකරණය කරන්න ගිහින් ඇණ ගෙන ඉතිං අපිට වදේ!

    :yes::yes:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මේ ගීතය ගායනා කළාට පසුව ගොඩක්‌ දෙනෙක්‌ මට කතා කරලා කිව්වා අපි ඉතාමත්ම කැමැති වුණා ඔබ කරපු දෙයට. අවසානයේ මම කවරදාකවත් අහලා නැති පරුෂ වචනයෙන් අන්තර්ජාලයේ මඩ ප්‍රහාරවලට ලක්‌වුණා. තමන්ට මොකුත්ම නොකරපු කාන්තාවකට ඇයි මෙහෙම කරන්නේ කියලා මට හිතෙනවා. ඇත්තටම මෙතැන ගොඩක්‌ම දුක්‌වුණ කාරණාව තමයි ඉතාම අප්‍රසන්න විදිහට මට ගොඩක්‌ චෝදනා එල්ල කළේ කාන්තාවන්. මම මවක්‌ වගේම දුවක්‌. එහෙම කතා කරන කාන්තාවන් හිතන්න ඕනෑ තමනුත් කවදාහරි දවසක මවක්‌, දුවක්‌ වෙනවා කියලා. ඒ ගීතය මගේ ඥතියෙක්‌ වන ජෝන් ද සිල්වා මහතාගේ. ඔහු මට සීයා වන්නේ. මේ වගේ දේවල් මට හාස්‍යජනක වෙන්නේ ඒ නිසයි. ඒ ගීතය නිවැරදිවම ගායනා කරන්න ඕන වුණ නිසා මම ඔහුගේ මිණිබිරියට කතා කළා. ජෝන්ද සිල්වා ගීතය සටහන් කර තිබූ පොතෙන්ම ඇය මට වචන දුන්නා. මෙහෙම කියන්න. විසන්ධි කරන්න ඕනෑ මෙහෙමයි. සන්ධි කරන්න ඕනෑ මෙහෙමයි කියන එක ඇය මට කීවා. ඇය කීවේ මෙය නිවැරදිව ගායනා කරන්න කියන එක විතරයි. එතුමාට අගෞරව කරන්න මගේ කිසිම අදහසක්‌ නැහැ


    එහෙනම් ගීතයේ රයිට්ස් ටිකත් අරගෙනම කියන්න තිබ්බා නේ සීයගේ නම් :angry::angry: දැන් සීය කෙනෙක් ලු සීයලා කීයක් ඉන්නවද මන්දා :lol::lol:අනික ගීතය කියන විදිය මිසක් ඔපෙරා කරනවිදිය නෙමේ නේ කියලා තියෙන්නේ :P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කවදාවත් මගේ ආගමට ජාතියට අගෞරවකරන්නේ නැහැ
    ඔපෙරා ශෛලියෙන් දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ කිෂානි කතා කරයි

    * මම ජෝන් ද සිල්වාගේ මිණිබිරියක්‌

    දිනේෂ් විතාන

    නිදහස්‌ දින පැවැති සංස්‌කෘතිය උළෙලේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස්‌ පළවී තිබෙනවා. ඇතැමුන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. මේ අතර මේ ගීතය ගායනා කළ තරුණිය කවුද කියා තවත් පිරිසක්‌ විමසනවා. ඇත්තටම ඇය කවුද?

    ඔබේ සම්පූර්ණ නම ?

    කිෂානි ජයසිංහ

    ගම ?

    කොළඹ, මම උපතින්ම ශ්‍රී ලාංකිකයෙක්‌.

    බෞද්ධයෙක්‌ද?

    ඔව්. මම හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්‌.

    අධ්‍යාපනය හැදෑරුවේ ?

    පාසැල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. අපොස උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය හැදෑරුවා. පසුව මම උසස්‌ අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියා. එහිදී මම නීතිඥ උපාධිය හැදෑරුවා. එතැනදී මට ශිෂ්‍යත්වයක්‌ ලැබිලා අවස්‌ථාවක්‌ උදාවුණා මහාචාර්යවරයෙක්‌ යටතේ සංගීතය පිළිබඳව හැදෑරීමට. තවද මට අවස්‌ථාවක්‌ උදාවුණා ලෝකයේ තිබෙන ප්‍රබල ඔපෙරා ආයතනයක සංගීතය හැදෑරීමට.
    දුක යනු..................

    මෙපමණ ජාතයන්තර තලයට සංගීතය හැදෑරූ, මහා එපෙරා ගායිකාවට දන්නො බුදුන් ගේ ගීතය ආත්මයට දැනෙන අයුරින් ගායනා කල යුතු ආඛ්‍යයන රීතිය සොයා ගත නොහැකි වීමයි.......

    නංගී, ගායනා කරනව කියන්නේ ගායනා කරන්නනං වගේ දෙල් ගොළ ගොඩ උඩ හරක් දුවනව වගෙ ගායනා කිරීම නෙවෙයි. ඒ ගීතයේ ඇති අදහසට අනුකූල වන ස්වර පරාස, තානය සහ හැගීම් සහිතව ගායනා කිරීමයි.....

    ඔබ ජාත්‍යන්තර තලයේ නෙවෙයි, පාරසක්වල තලයේ ගායිකාවක් වුනත්, මේ ගායනය නම් එපික් ෆේල් බව තේරුම් ගන්න...........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් ගීතය ඔපෙරා ශයිලයෙන් ගායනා කරාට වැරැද්දක් කියන්නේ නැහැ. එක ගායනා කරන්න යෙදුන තැන ගැලපෙනවද කියල බලන්න තිබුන. ඔතනයි ප්‍රශ්නය. හැබැයි ගීතයෙන් එන බවාත්මක හැගීම දෙන්න පුළුවන් වෙන්න ඕනි. ඕක ඇහුවාම එහෙම හිතෙනවද ?? අනික අපේ නිදහස් උලලකදී පෙන්වන්න ඕනි අපේ දේවල් අපේ ශක්තිය. අපි කරලා තියන ඒවා. අපේ සංගීතය ඕක තේරුම් නොගත්ත එකයි වැරැද්ද

    අත්හදා බැලීම් මගින් තමයි සියලු දෙයක්ම දියුණු වෙන්නේ.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    දුක යනු..................

    මෙපමණ ජාතයන්තර තලයට සංගීතය හැදෑරූ, මහා එපෙරා ගායිකාවට දන්නො බුදුන් ගේ ගීතය ආත්මයට දැනෙන අයුරින් ගායනා කල යුතු ආඛ්‍යයන රීතිය සොයා ගත නොහැකි වීමයි.......

    නංගී, ගායනා කරනව කියන්නේ ගායනා කරන්නනං වගේ දෙල් ගොළ ගොඩ උඩ හරක් දුවනව වගෙ ගායනා කිරීම නෙවෙයි. ඒ ගීතයේ ඇති අදහසට අනුකූල වන ස්වර පරාස, තානය සහ හැගීම් සහිතව ගායනා කිරීමයි.....

    ඔබ ජාත්‍යන්තර තලයේ නෙවෙයි, පාරසක්වල තලයේ ගායිකාවක් වුනත්, මේ ගායනය නම් එපික් ෆේල් බව තේරුම් ගන්න...........

    ඔනෙම දෙයක් කරලා එක සාදාරනීකරනය කරන්න හදන එක මහ වස කැත වැඩක් වරද කලා කියලා පිලිගන් නැත්තේ මහ රැජිනට ඔපෙරා කියන නිසා වෙන්න ඇති :angry::angry: හැබයි ඉතින් මහරැජින පන්සල් යන්නේ නෑ එක තමා අවුල :yes::yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I'd never understand the reason why some dumbasses can't listen to whatever version of the songs they prefer and leave the other versions for the people who might enjoy them.

    it's like these idiots are saying, only the version they like can exist on earth..

    coexistence bitches.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    එතකොට කවුද මේකට හොදයි කියපු සන්ගීතවිශාරදයෝ ටික නම් ටික කියමු ද බලන්න :angry::angry:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    also, I love covers and remakes because they give you a chance to stumble upon songs from different eras and different genres which you might never have heard before, Lord knows I've found quite a bit of gems that way..
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    I'd never understand the reason why some dumbasses can't listen to whatever version of the songs they prefer and leave the other versions for the people who might enjoy them.

    it's like these idiots are saying, only the version they like can exist on earth..

    coexistence bitches.

    for me, the issue lies with the occasion this song performed. odds must happens in order to make things evolved. I wouldn't say its bad. people can listen to whatever the songs they like. but the fact is, not all the versions suitable for all the occasions/purposes. no offence. I just made myself clear ;)
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,571
    6,881
    113
    Gedara
    දුක යනු..................

    මෙපමණ ජාතයන්තර තලයට සංගීතය හැදෑරූ, මහා එපෙරා ගායිකාවට දන්නො බුදුන් ගේ ගීතය ආත්මයට දැනෙන අයුරින් ගායනා කල යුතු ආඛ්‍යයන රීතිය සොයා ගත නොහැකි වීමයි.......

    නංගී, ගායනා කරනව කියන්නේ ගායනා කරන්නනං වගේ දෙල් ගොළ ගොඩ උඩ හරක් දුවනව වගෙ ගායනා කිරීම නෙවෙයි. ඒ ගීතයේ ඇති අදහසට අනුකූල වන ස්වර පරාස, තානය සහ හැගීම් සහිතව ගායනා කිරීමයි.....

    ඔබ ජාත්‍යන්තර තලයේ නෙවෙයි, පාරසක්වල තලයේ ගායිකාවක් වුනත්, මේ ගායනය නම් එපික් ෆේල් බව තේරුම් ගන්න...........

    Modayo hema deyakma dannawa kiyala pennanna epa !! music kiyana world language eka danne eka eka ekkenata eka eka widiyata !! samaharawita uba asa sinduwak mage style ekata epic fail wenna puluwan..man asa style ekata kiyana ekak ubata epic fail wenna puluwan..eka theeranaya wenne thama thamn asa style eka anuwa...no offense bro ! :sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    අනෙක දන්නෝ බුදුන්ගේ සින්දුව මොනවාට නිදහස් උළෙලේ ගායනා කෙරෙව්වාද කියල ගඩොල් භාගේ දේශප්‍රේමීන් දන්නේ නැත. හේතුව 1948 නිදහස් උත්සවයේදී ඩී.ඇස්. - බණ්ඩාරනායක ආණ්ඩුව දින කිහිපයක් සංස්කෘතික ප්‍රසංග පැවැත්වූ බවත්, එක් දිනක හියුබට් රාජපක්ෂ නම් වූ ඉතාලියේ පුහුණුව ලද ලාංකික ඔපෙරා ශිල්පියා ලව්වා දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කරවූ බවත්, මේ දේශප්‍රේමීන් දන්නේ නැත. තිස්ස ද්වේන්ද්‍ර නම් වූ ජේ‍යෂ්ඨ සිවිල් සේවා නිලධාරියා පුවත්පතකට එය ලියා තිබුණේ පසුගිය අඟහරුවාදාය. දන්නෝ බුදුන්ගේ ගීතය බුදු ගුණ ගීතයක් නොව අනුරාධපුර නගරයේ වරුණ කියන ගීතයක් කියලාවත් මේ දේශප්‍රේමීන් දන්නේ නැත. මේ ගීතයෙන් වර්ණනා කරන්නේ අනුරාධපුර නගරයය. මේ ගීතය අඩංගු වන්නේ ජෝන් ද සිල්වා සූරීන්ගේ 'සිරිසඟබෝ' නාට්‍යයේය. සිරිසඟබෝ නාට්‍ය මහ වංසයෙන් සිරිසඟබෝ රජ්ජුරුවන්ගේ කතාවට අනුව සකස් වුණු නාට්‍යයකි. එම නාට්‍යයේ සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන තුන් යහළුවන් අනුරාධපුරය බලා එද්දී පිටුපසින් මේ ගීතය ඇසෙයි. මොවුන් ලම්බකර්ණ වංශිකයන්ය. :lol:


    - http://mawbima.lk/88-105648-news-detail.html

    DannoBudun_thumb%25255B1%25255D.gif


     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    එහෙනම් ගීතයේ රයිට්ස් ටිකත් අරගෙනම කියන්න තිබ්බා නේ සීයගේ නම් :angry::angry: දැන් සීය කෙනෙක් ලු සීයලා කීයක් ඉන්නවද මන්දා :lol::lol:අනික ගීතය කියන විදිය මිසක් ඔපෙරා කරනවිදිය නෙමේ නේ කියලා තියෙන්නේ :P:P

    well said