Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භික්ෂු භූමිකාව කුමක් විය යුතුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භික්ෂු භූමිකාව කුමක් විය යුතුද?

භික්ෂු භූමිකාව කුමක් විය යුතුද?

කවරම හෝ වර්තමාන කාර්යභාරයක් ගැන කරුණු විමසා බැලීමේදී අතීතයට යොමු වී අතීත ක්‍රියාකාරකම් අනුව වර්තමාන ක්‍රියාකාරකම් කවරේදැයි තීරණය කළ යුතුය. ඒ අනුව පළමු කොටම සිංහල භික්ෂුවගේ අතීත කාර්යභාරය විමසා බැලිය යුතුය. ක්‍රි. පූ. 3 වැනි සියවසෙහි දෙවන පෑතිස් රජු දවස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම අපට හඳුන්වා දෙන ලද බව ඓතිහාසික සත්‍යයකි. තුනුරුවන් පිළිගෙන බුදු දහමට අනුව කටයුතු කරගෙන යද්දී දිනක් දෙවන පෑතිස් රජතුමා "ස්වාමීනී,

දැන් මගේ රටෙහි බුදු සසුන පිහිටියේ දැයි" ඇසුවේ ය. "නැත මහ රජ මේ රටේම දෙමවුපියන්ගේ දරුවෙක් පැවිදි උපසම්පදා වී විනය දේශනා කරන තුරු මේ රටෙහි බුද්ධ ශාසනය පිහිටියා වන්නේ නැතැයි" මිහිඳු හිමියෝ පිළිතුරු දුන්හ. ඒ ඇසූ රජතුමා අරිට්ඨ කුමරු පැවිදි උපසම්පදා කරවා අනුරාධපුර මහා විහාර සීමාව ද ඉදිරිකර ඒ වන විට මහ රහත් භික්ෂුවක්ව සිටි අරිට්ඨ නම් වූ ප්‍රථම සිංහල භික්ෂුව ලවා මහා විහාර සීමාවෙහි විනය දේශනා කිරීමට අවශ්‍ය සියලු කටයුතු මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි සංවිධානය කළේය. සිංහල භික්ෂු වංශයේ ප්‍රථම භික්ෂුව වනුයේ මහා අරිට්ඨ තෙරුන් ය. එම භික්ෂු වංශයට පැවරුණු සුවිශේෂී කාර්යභාරයයන් දෙකක් විය. එකක් නම් බුද්ධ ශාසනය ආරක්ෂා කොට පවත්වා ගෙන යැමයි. දෙවැන්න නම් බුද්ධ ශාසනයේ පැවැත්මට පිහිටාධාර වූ රටේ හා ජාතියෙහි ආරක්ෂාව හා මතු පැවැත්ම පිළිබඳ අවශ්‍ය මඟ පෙන්වීමයි. පසු කාලයෙහි එම වැඩපිළිවෙළ රට දැය සමය සුරැකීම යනුවෙන් පැවිදි ගිහි දෙපිරිසේ ම පොදු කාර්යයක් ලෙස තහවුරු විය.

ථෙරවාදී බුදු සසුන පැතිර ගිය වෙනත් රටවල්වලට වඩා මෙරට සිංහල භික්ෂුවගේ කාර්ය භාරය වෙනස් වූද, පුළුල් වූද වැඩපිළිවෙළක් විය. මිහිඳු හිමියන් විසින් බුදු සසුන රැකබලා ගැනීමේ වගකීම සිංහලයාට බාරදීමත් සමඟම එම පිළිවෙත ඇරඹුණි. එදා ඇරඹුණු භික්ෂු ශාසනය මහා විහාර වංශයයි. අටුවාචාරවරුන් හඳුන්වා ඇත. ථේරවාදී මහා විහාර වංශික භික්ෂු සම්ප්රදාය යනු අනෙකක් නොව සිංහල භික්ෂු වංශයමයි. සියලු දුක් ගෙවා නිවන් ලබා ගැනීම පැවිද්දේ මූලික අරමුණ කරගත් සිංහල භික්ෂුන් වහන්සේ "මහණෙනි, දෙවි මිනිසුන් සහිත ලෝකයේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස හැසිරෙව්" යන ප්‍රථම බුද්ධ අවවාදය අනුගමනය කරමින් අනාගතයේ පහළ වන අයගේ හිත සුව පිණිස බුද්ධ ශාසනය හා රට ජාතිය ආරක්ෂා කර තැබීමට යොමු වූහ. ඒ අනුව උන්වහන්සේ සිංහල ජාතියේ ගුරුවරයා වූහ. අනුශාසකයා වූහ. අවශ්‍ය විට රජුන් හැදුවේද උන්වහන්සේය. වෙනත් බෞද්ධ රටවල භික්ෂුන් වහන්සේ එසේ ක්‍රියාකර නැත. මෑතකදී මියන්මාරයේ භික්ෂුන් වහන්සේ ද එවන් වැඩපිළිවෙළකට යොමු වූ බවට තොරතුරු ලැබී ඇත.

ජාතියේ මහා වීරවරයාණන් වූ දුටුගැමුණු මහ රජතුමාට රාජ්‍ය විචාරීමට මෙන්ම සටන් කිරීමට ද සිංහල භික්ෂුව මඟ පෙන්වූහ. රුවන්වැලිමහ සෑය වැනි දැවැන්ත ගොඩනැඟිල්ලක ඉංජිනේරු ශිල්පීන් වූයේ ද උන්වහන්සේ ය. වළගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා වසර 14 ක් කැලෑ වැදී සිටි අවදියෙහි එතුමා රැකබලා ගත්තේ අවශ්‍ය උපදෙස් දුන්නේ මහා තිස්ස හිමියන් ය. ධාතුසේන කුමාරයා සතුරන්ගෙන් රැක ගැනීමට පැවිදි කරවා අවශ්‍ය සියලු ශාස්ත්‍ර උගන්වා අවස්ථාව පැමිණි විට සිවුරු හැර රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට සියලු කටයුතු සැදුවේ සිංහල ජාතියේ මහා ලේඛක මහා වංශ කර්තෘ මහානාම හිමියන් ය. සවෙනි පැරකුම්බා රජු කුමාර කාලයෙහි සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පැවිදි කරවා නිසි වයසේදීම රජකම ලබා ගැනීමට සියලු කටයුතු යෙදුවේ වීදාගම මහා මෛත්‍රී මාහිමියන් ය. දොන් ජුවාන් කොනප්පු බණ්ඩාර පෘතුගීසි හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බව දැන සිවුරට උඩින් පෘතුගීසි ඇඳුම් ඇඳගෙන කඳවුර තුළට ගොස් ඔහු හමු වී අවශ්‍ය උපදෙස් දී මුළු කඳවුරම විනාශ කොට දමා විමලධර්මසූරිය නමින් සිංහලයේ රජ වීමට වීර වික්‍රමාන්විතව ක්‍රියා කළේ පෘතුගීසි භාෂාව ද හොඳින් කථා කිරීමට හැකියාව ඇතිව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් ය.

ඉංග්‍රීසීන්ට සිංහල රට යුද කිරීමෙන් අත්පත් කරගත නොහැකි වූ විට ගිවිසුමක් මගින් එම කාර්ය ඉටුකර ගැනීමට යොදා ගිවිසුම අත්සන් කිරීමටත් කලින් ඉංග්‍රීසී කොඩිය එසවූ අවස්ථාවෙහි එය බිමට ඇද දමා යළි සිංහල කොඩිය ඔසවා සිංහලේ අභිමානය කියා පෑමට එඩිතරව ඉදිරිපත් වූයේ වාරියපොල සුමංගල හිමිපාණන් ය. ඉංග්‍රීසීන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළ විට උන්ට එරෙහිව පළමු විමුක්ති සටන දියත් කිරීමට නායකත්වය දුන්නේ වෙල්ලස්සේ විහාරවල වැඩසිටි නායක හිමිවරු ය. උන්වහන්සේලා සියලු දෙනාම අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීහු අපවත් වන තුරුම යාපනයේ සිර ගෙවල් තුළ රඳවා තැබූහ. සුද්දන්ට එරෙහි දෙවන සිංහල විමුක්ති සටනට නායකත්වය දුන් කුඩාපොළ හිමියො සුද්දන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ. සිංහල භික්ෂුන්ගේ ශක්තිය වටහා ගත් බවුන්රිග් ආණ්ඩුකාරවරයා එංගලන්තයේ රජුට ලිපියකින් මෙසේ දන්වා සිටියේ. "හිරු නොබසින අධිරාජ්‍යයේ කීර්තිය පතුරුවා ගෙන ආසියාකරයට පැමිණි අපට මේ කුඩා රටේ දී අපේ කීර්තිය රැක ගැනීමට බොහෝ වෙහෙස වීමට සිදු වී ඇත. එයට ප්‍රධාන හේතුව මෙරට සියලුම ගම්වල වසන භික්ෂුන් ය. ජනතාව පිළිගන්නේ අප කියන දෙය නොව ඔවුන් කියන දේ ය. අප ඔවුන්ට මහජනතාdව අතරට යැම තහනම් කළත් ඔවුන්ට ජනතාව ඇමතීමට අවස්ථාව තිබේ. බණට පිරිතට දානයට අවමඟුල් අවස්ථාවන්ට සහභාගි වන ඔවුන් අපට විරුද්ධව දේශනා කරනවා" මෙම කරුණු හොඳින් හැදැරූ ඉංග්‍රීසීන් භික්ෂුන් පොදු ජීවිතයෙන් බැහැර කර පෞද්ගලිකත්වය තුළ සිරකොට එමගින් සිංහල භික්ෂුවගේ බලය සිඳ බිඳ දැමීමට කටයුතු කළහ. භික්ෂුන්ට විහාරාධිපතිකම් හා නායකකම් පිරිනමා සුද්දන්ට ගැතිව ක්‍රියාකරන තැනට කටයුතු යෙදීය. භික්ෂුන්ට නායකකම් පිරිනමන සන්නස්පත්‍රවල වික්ටෝරියා මහා අධිරැජනට පක්ෂපාතීව කටයුතු කරන බවට වැනි සටහනක් යෙදීමට තරම් ගැතිවන තැනට කටයුතු යෙදීය. සිංහල භික්ෂුන් සතුව තිබූ අධ්‍යාපනය හා ආරවුල් නිරවුල් කිරීම පාසල් හා උසාවි ඉදිකර මුළුමනින් ම සුද්දන් අතට ගනු ලැබීය. මෙම ක්‍රියාමාර්ග මගින් සුද්දන් විසින් සිංහල භික්ෂුන් පවත්වා ගෙන ආ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙත නතර කරනු ලැබු අතර උන්වහන්සේ පන්සලේ මුරකරුවකු බවට පත් කරනු ලැබූහ. එදා අනගාරික ධර්මපාලතුමන් කිව්වා සේ සුද්දන්ගේ කටයුතු උන්ටත් වඩා හොඳින් ඉටුකරන කලු සුද්දෝ විශේෂයෙන් පාලකයෝ භික්ෂුව තම දේශපාලනයේ කොඩියක් ලෙස පමණක් යොදා ගනිති.

සුද්දන්ගේ හා කලු සුද්දන්ගේ උප්පරවැට්ටිවලට අසුවීම නිසා සිංහල භික්ෂුන් වහන්සේ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙතින් බැහැරව ආත්ම ලාභය ගැන වැඩිපුර සිතන තැනට පත් වී ඇත. අලියා උගේ තරම නොදැනීම නිසා කුඩා හෙණ්ඩුවකට බයේ මිනිසුන්ට බැල මෙහෙවරකම් කරන්නා සේ සිංහල භික්ෂුව ද ධනවතුන්ට හා දේශපාලකයන්ට ගැතිව ක්‍රියාකරති. සුඛෝපභෝගී අහංකාර ජීවිත ගත කරති. ලෝකයේ සිදුවන දේ හා ලෝකයා අපට අටවන උගුල් ගැන හරි අවබෝධයක් නැතිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් භික්ෂු ගෞරවයට හානි වන ලෙස ඇතැම් භික්ෂුහු ක්‍රියා කරති. වර්තමාන සිංහල භික්ෂුන් වහන්සේ පත්ව ඇති මෙම අභාග්‍ය සම්පන්න අවස්ථාව පිළිබඳව අවංකවත් හිතට එකඟවත් විමසා බලා අතීත සිංහල භික්ෂුන් වහන්සේගේ උදාර පිළිsවෙත් සිතට ගෙන ඒ අනුව කටයුතු කිරීමට වර්තමාන භික්ෂුව සිතට ගත යුතුය. එහිදී භික්ෂුව ක්‍රියාකාරී දේශපාලනයට එක් නොවීමට හා දේශපාලකයන්ගේ අතකොළු බවට පත්නොවීමට ද සිතට ගත යුතුය. අතීත සිංහල භික්ෂුව මෙන් රටට දැයට හා සමයට හිතකරව දේශපාලකයන් මෙහෙයවීමේ කාර්යය භික්ෂුන් වහන්සේ අතට ගත යුතුය. භික්ෂුව කවරම හෝ ශිල්ප ශාස්ත්‍ර ක්‍රමයක් ඉගෙන ගත්තද, ඒ සැමට ප්‍රථම බුදුදහම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා ගත යුතුය. නායක පදවි හා විහාරාධිපතිකම් දීමට වඩා භික්ෂුන්ට එවැනි අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම භික්ෂු නායකත්වය විසින් දැඩිව සිතට ගෙන එය ක්‍රියාත්මක කළ යුතුය. බටහිර නව යටත්විජිතවාදයේ බලපෑම හා ඉන්දියානු අධිපතිවාදී වැඩපිළිවෙළ නිසාත් ඔවුන්ට ගැතිව කටයුතු කරන අපේ රටේ අය නිසාත් විනාශයකරා යන රටත්, ජාතියත් සසුනත් බේරා ගැනීමට හැකිවනුයේ මෙරට භික්ෂුවට බව තරයේ කියා සිටිමු. භික්ෂුන් වහන්සේ වන අපි ඒ සඳහා පෙරමුණ ගනිමු. වැඩ පටන් ගනිමු. වැඩෙහි යෙදෙමු. රට දැය සසුන රැකීමේ උතුම් පිළිවෙතෙහි යෙදෙමු. එය නිවනට ද බාධාවක් නොවේ. මෙලොවට මෙන්ම පරලොවට ද වැඩදායි වේ.

බෙංගමුවේ නාලක හිමි

[QUOTE="chinmak, post: 19330089, member: 516779"] [b]භික්ෂු භූමිකාව කුමක් විය යුතුද?[/b] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]භික්ෂු භූමිකාව කුමක් විය යුතුද?[/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]කවරම හෝ වර්තමාන කාර්යභාරයක් ගැන කරුණු විමසා බැලීමේදී අතීතයට යොමු වී අතීත ක්‍රියාකාරකම් අනුව වර්තමාන ක්‍රියාකාරකම් කවරේදැයි තීරණය කළ යුතුය. ඒ අනුව පළමු කොටම සිංහල භික්ෂුවගේ අතීත කාර්යභාරය විමසා බැලිය යුතුය. ක්‍රි. පූ. 3 වැනි සියවසෙහි දෙවන පෑතිස් රජු දවස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම අපට හඳුන්වා දෙන ලද බව ඓතිහාසික සත්‍යයකි. තුනුරුවන් පිළිගෙන බුදු දහමට අනුව කටයුතු කරගෙන යද්දී දිනක් දෙවන පෑතිස් රජතුමා "ස්වාමීනී, දැන් මගේ රටෙහි බුදු සසුන පිහිටියේ දැයි" ඇසුවේ ය. "නැත මහ රජ මේ රටේම දෙමවුපියන්ගේ දරුවෙක් පැවිදි උපසම්පදා වී විනය දේශනා කරන තුරු මේ රටෙහි බුද්ධ ශාසනය පිහිටියා වන්නේ නැතැයි" මිහිඳු හිමියෝ පිළිතුරු දුන්හ. ඒ ඇසූ රජතුමා අරිට්ඨ කුමරු පැවිදි උපසම්පදා කරවා අනුරාධපුර මහා විහාර සීමාව ද ඉදිරිකර ඒ වන විට මහ රහත් භික්ෂුවක්ව සිටි අරිට්ඨ නම් වූ ප්‍රථම සිංහල භික්ෂුව ලවා මහා විහාර සීමාවෙහි විනය දේශනා කිරීමට අවශ්‍ය සියලු කටයුතු මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි සංවිධානය කළේය. සිංහල භික්ෂු වංශයේ ප්‍රථම භික්ෂුව වනුයේ මහා අරිට්ඨ තෙරුන් ය. එම භික්ෂු වංශයට පැවරුණු සුවිශේෂී කාර්යභාරයයන් දෙකක් විය. එකක් නම් බුද්ධ ශාසනය ආරක්ෂා කොට පවත්වා ගෙන යැමයි. දෙවැන්න නම් බුද්ධ ශාසනයේ පැවැත්මට පිහිටාධාර වූ රටේ හා ජාතියෙහි ආරක්ෂාව හා මතු පැවැත්ම පිළිබඳ අවශ්‍ය මඟ පෙන්වීමයි. පසු කාලයෙහි එම වැඩපිළිවෙළ රට දැය සමය සුරැකීම යනුවෙන් පැවිදි ගිහි දෙපිරිසේ ම පොදු කාර්යයක් ලෙස තහවුරු විය. ථෙරවාදී බුදු සසුන පැතිර ගිය වෙනත් රටවල්වලට වඩා මෙරට සිංහල භික්ෂුවගේ කාර්ය භාරය වෙනස් වූද, පුළුල් වූද වැඩපිළිවෙළක් විය. මිහිඳු හිමියන් විසින් බුදු සසුන රැකබලා ගැනීමේ වගකීම සිංහලයාට බාරදීමත් සමඟම එම පිළිවෙත ඇරඹුණි. එදා ඇරඹුණු භික්ෂු ශාසනය මහා විහාර වංශයයි. අටුවාචාරවරුන් හඳුන්වා ඇත. ථේරවාදී මහා විහාර වංශික භික්ෂු සම්ප්රදාය යනු අනෙකක් නොව සිංහල භික්ෂු වංශයමයි. සියලු දුක් ගෙවා නිවන් ලබා ගැනීම පැවිද්දේ මූලික අරමුණ කරගත් සිංහල භික්ෂුන් වහන්සේ "මහණෙනි, දෙවි මිනිසුන් සහිත ලෝකයේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස හැසිරෙව්" යන ප්‍රථම බුද්ධ අවවාදය අනුගමනය කරමින් අනාගතයේ පහළ වන අයගේ හිත සුව පිණිස බුද්ධ ශාසනය හා රට ජාතිය ආරක්ෂා කර තැබීමට යොමු වූහ. ඒ අනුව උන්වහන්සේ සිංහල ජාතියේ ගුරුවරයා වූහ. අනුශාසකයා වූහ. අවශ්‍ය විට රජුන් හැදුවේද උන්වහන්සේය. වෙනත් බෞද්ධ රටවල භික්ෂුන් වහන්සේ එසේ ක්‍රියාකර නැත. මෑතකදී මියන්මාරයේ භික්ෂුන් වහන්සේ ද එවන් වැඩපිළිවෙළකට යොමු වූ බවට තොරතුරු ලැබී ඇත. ජාතියේ මහා වීරවරයාණන් වූ දුටුගැමුණු මහ රජතුමාට රාජ්‍ය විචාරීමට මෙන්ම සටන් කිරීමට ද සිංහල භික්ෂුව මඟ පෙන්වූහ. රුවන්වැලිමහ සෑය වැනි දැවැන්ත ගොඩනැඟිල්ලක ඉංජිනේරු ශිල්පීන් වූයේ ද උන්වහන්සේ ය. වළගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා වසර 14 ක් කැලෑ වැදී සිටි අවදියෙහි එතුමා රැකබලා ගත්තේ අවශ්‍ය උපදෙස් දුන්නේ මහා තිස්ස හිමියන් ය. ධාතුසේන කුමාරයා සතුරන්ගෙන් රැක ගැනීමට පැවිදි කරවා අවශ්‍ය සියලු ශාස්ත්‍ර උගන්වා අවස්ථාව පැමිණි විට සිවුරු හැර රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට සියලු කටයුතු සැදුවේ සිංහල ජාතියේ මහා ලේඛක මහා වංශ කර්තෘ මහානාම හිමියන් ය. සවෙනි පැරකුම්බා රජු කුමාර කාලයෙහි සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පැවිදි කරවා නිසි වයසේදීම රජකම ලබා ගැනීමට සියලු කටයුතු යෙදුවේ වීදාගම මහා මෛත්‍රී මාහිමියන් ය. දොන් ජුවාන් කොනප්පු බණ්ඩාර පෘතුගීසි හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බව දැන සිවුරට උඩින් පෘතුගීසි ඇඳුම් ඇඳගෙන කඳවුර තුළට ගොස් ඔහු හමු වී අවශ්‍ය උපදෙස් දී මුළු කඳවුරම විනාශ කොට දමා විමලධර්මසූරිය නමින් සිංහලයේ රජ වීමට වීර වික්‍රමාන්විතව ක්‍රියා කළේ පෘතුගීසි භාෂාව ද හොඳින් කථා කිරීමට හැකියාව ඇතිව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් ය. ඉංග්‍රීසීන්ට සිංහල රට යුද කිරීමෙන් අත්පත් කරගත නොහැකි වූ විට ගිවිසුමක් මගින් එම කාර්ය ඉටුකර ගැනීමට යොදා ගිවිසුම අත්සන් කිරීමටත් කලින් ඉංග්‍රීසී කොඩිය එසවූ අවස්ථාවෙහි එය බිමට ඇද දමා යළි සිංහල කොඩිය ඔසවා සිංහලේ අභිමානය කියා පෑමට එඩිතරව ඉදිරිපත් වූයේ වාරියපොල සුමංගල හිමිපාණන් ය. ඉංග්‍රීසීන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළ විට උන්ට එරෙහිව පළමු විමුක්ති සටන දියත් කිරීමට නායකත්වය දුන්නේ වෙල්ලස්සේ විහාරවල වැඩසිටි නායක හිමිවරු ය. උන්වහන්සේලා සියලු දෙනාම අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීහු අපවත් වන තුරුම යාපනයේ සිර ගෙවල් තුළ රඳවා තැබූහ. සුද්දන්ට එරෙහි දෙවන සිංහල විමුක්ති සටනට නායකත්වය දුන් කුඩාපොළ හිමියො සුද්දන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ. සිංහල භික්ෂුන්ගේ ශක්තිය වටහා ගත් බවුන්රිග් ආණ්ඩුකාරවරයා එංගලන්තයේ රජුට ලිපියකින් මෙසේ දන්වා සිටියේ. "හිරු නොබසින අධිරාජ්‍යයේ කීර්තිය පතුරුවා ගෙන ආසියාකරයට පැමිණි අපට මේ කුඩා රටේ දී අපේ කීර්තිය රැක ගැනීමට බොහෝ වෙහෙස වීමට සිදු වී ඇත. එයට ප්‍රධාන හේතුව මෙරට සියලුම ගම්වල වසන භික්ෂුන් ය. ජනතාව පිළිගන්නේ අප කියන දෙය නොව ඔවුන් කියන දේ ය. අප ඔවුන්ට මහජනතාdව අතරට යැම තහනම් කළත් ඔවුන්ට ජනතාව ඇමතීමට අවස්ථාව තිබේ. බණට පිරිතට දානයට අවමඟුල් අවස්ථාවන්ට සහභාගි වන ඔවුන් අපට විරුද්ධව දේශනා කරනවා" මෙම කරුණු හොඳින් හැදැරූ ඉංග්‍රීසීන් භික්ෂුන් පොදු ජීවිතයෙන් බැහැර කර පෞද්ගලිකත්වය තුළ සිරකොට එමගින් සිංහල භික්ෂුවගේ බලය සිඳ බිඳ දැමීමට කටයුතු කළහ. භික්ෂුන්ට විහාරාධිපතිකම් හා නායකකම් පිරිනමා සුද්දන්ට ගැතිව ක්‍රියාකරන තැනට කටයුතු යෙදීය. භික්ෂුන්ට නායකකම් පිරිනමන සන්නස්පත්‍රවල වික්ටෝරියා මහා අධිරැජනට පක්ෂපාතීව කටයුතු කරන බවට වැනි සටහනක් යෙදීමට තරම් ගැතිවන තැනට කටයුතු යෙදීය. සිංහල භික්ෂුන් සතුව තිබූ අධ්‍යාපනය හා ආරවුල් නිරවුල් කිරීම පාසල් හා උසාවි ඉදිකර මුළුමනින් ම සුද්දන් අතට ගනු ලැබීය. මෙම ක්‍රියාමාර්ග මගින් සුද්දන් විසින් සිංහල භික්ෂුන් පවත්වා ගෙන ආ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙත නතර කරනු ලැබු අතර උන්වහන්සේ පන්සලේ මුරකරුවකු බවට පත් කරනු ලැබූහ. එදා අනගාරික ධර්මපාලතුමන් කිව්වා සේ සුද්දන්ගේ කටයුතු උන්ටත් වඩා හොඳින් ඉටුකරන කලු සුද්දෝ විශේෂයෙන් පාලකයෝ භික්ෂුව තම දේශපාලනයේ කොඩියක් ලෙස පමණක් යොදා ගනිති. සුද්දන්ගේ හා කලු සුද්දන්ගේ උප්පරවැට්ටිවලට අසුවීම නිසා සිංහල භික්ෂුන් වහන්සේ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙතින් බැහැරව ආත්ම ලාභය ගැන වැඩිපුර සිතන තැනට පත් වී ඇත. අලියා උගේ තරම නොදැනීම නිසා කුඩා හෙණ්ඩුවකට බයේ මිනිසුන්ට බැල මෙහෙවරකම් කරන්නා සේ සිංහල භික්ෂුව ද ධනවතුන්ට හා දේශපාලකයන්ට ගැතිව ක්‍රියාකරති. සුඛෝපභෝගී අහංකාර ජීවිත ගත කරති. ලෝකයේ සිදුවන දේ හා ලෝකයා අපට අටවන උගුල් ගැන හරි අවබෝධයක් නැතිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් භික්ෂු ගෞරවයට හානි වන ලෙස ඇතැම් භික්ෂුහු ක්‍රියා කරති. වර්තමාන සිංහල භික්ෂුන් වහන්සේ පත්ව ඇති මෙම අභාග්‍ය සම්පන්න අවස්ථාව පිළිබඳව අවංකවත් හිතට එකඟවත් විමසා බලා අතීත සිංහල භික්ෂුන් වහන්සේගේ උදාර පිළිsවෙත් සිතට ගෙන ඒ අනුව කටයුතු කිරීමට වර්තමාන භික්ෂුව සිතට ගත යුතුය. එහිදී භික්ෂුව ක්‍රියාකාරී දේශපාලනයට එක් නොවීමට හා දේශපාලකයන්ගේ අතකොළු බවට පත්නොවීමට ද සිතට ගත යුතුය. අතීත සිංහල භික්ෂුව මෙන් රටට දැයට හා සමයට හිතකරව දේශපාලකයන් මෙහෙයවීමේ කාර්යය භික්ෂුන් වහන්සේ අතට ගත යුතුය. භික්ෂුව කවරම හෝ ශිල්ප ශාස්ත්‍ර ක්‍රමයක් ඉගෙන ගත්තද, ඒ සැමට ප්‍රථම බුදුදහම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා ගත යුතුය. නායක පදවි හා විහාරාධිපතිකම් දීමට වඩා භික්ෂුන්ට එවැනි අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම භික්ෂු නායකත්වය විසින් දැඩිව සිතට ගෙන එය ක්‍රියාත්මක කළ යුතුය. බටහිර නව යටත්විජිතවාදයේ බලපෑම හා ඉන්දියානු අධිපතිවාදී වැඩපිළිවෙළ නිසාත් ඔවුන්ට ගැතිව කටයුතු කරන අපේ රටේ අය නිසාත් විනාශයකරා යන රටත්, ජාතියත් සසුනත් බේරා ගැනීමට හැකිවනුයේ මෙරට භික්ෂුවට බව තරයේ කියා සිටිමු. භික්ෂුන් වහන්සේ වන අපි ඒ සඳහා පෙරමුණ ගනිමු. වැඩ පටන් ගනිමු. වැඩෙහි යෙදෙමු. රට දැය සසුන රැකීමේ උතුම් පිළිවෙතෙහි යෙදෙමු. එය නිවනට ද බාධාවක් නොවේ. මෙලොවට මෙන්ම පරලොවට ද වැඩදායි වේ. බෙංගමුවේ නාලක හිමි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom