Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භික්ෂූන් වහන්සේට ආරාධනා කරන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා

එන්. කරුණාරත්න

අපගේ බොහෝ බෞද්ධ සැදැහැවතුන් පිරිතකට, දානයකට හෝ වෙනත් ආගමික කාර්යයක් සඳහා භික්ෂූන් වහන්සේ නමකට ආරාධනය කරන පිළිවෙත නොදනී. බෞද්ධයන් වන මේ අය එවැනි කාරණයක් වත් නොදැන සිටීම කනගාටුවට කාරණයකි. බොහෝ අය තමන් දන්නා හඳුනන එසේම මිත්‍ර භික්ෂූන් වහන්සේ නමකට පිරිතකට හෝ පින්කමට ආරාධනය කරන්නේ “අපේ ගෙදර පිරිත් ටිකක් කියා ගන්න ඕනෑ හාමුදුරුවන්නට එන්න පුළුවන්ද?” යනාදී වශයෙනි.

එයින් පැහැදිලි වන්නේ පිරිත හෝ පින්කම කරන්නේ ලෝක චාරිත්‍රයට අනුව බවයි. නැත්නම් තමාගේ වත් පොහොසත්කම භික්ෂූන් වහන්සේලාටත් අවට ජනතාවටත් පෙන්නා දීමටයි. ස්වාමීන් වහන්සේ නමකට ගෞරව බුහුමානයෙන් යුක්තව ආරාධනයක් කිරීමටවත් නොදන්නා එවැනි අයට පිරිතකින් හෝ වෙනත් පින්කමකින් ශාන්තියක් ලබා ගැනීමට හැකිදැයි නොදනිමි.

මේ සඳහා අතර මගදී හෝ අන්‍ය නිවාසයකදී හෝ තමාගේ වාහනයෙන් ගමන් ගන්නා අතර දී හෝ ඉහත සඳහන් ආකාරයට ආරාධනය කිරීම ඉතා පහත් ක්‍රියාවකි. එයින් පෙනෙන්නේ ඔහුගේ බලය හෝ භික්ෂූන් වහන්සේ නමකට ආරාධනා කිරීමේ පිළිවෙත නොදන්නා බවයි. මේ සඳහා භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයට යෑම කාලය නිකරුණේ නාස්ති කිරීමක් යැයි සිතෙනවා විය හැකි ය. පොත් පත් කියවන්නේ නම්, නිතර භික්ෂූන් වහන්සේලා සහ දායක මහතුන් ඇසුරු කරන්නේ නම්, කෙනකුට මෙවැනි කාරණා මතක් කර දීම අවශ්‍ය වන්නේ නැත. භික්ෂූන් වහන්සේ නමකට ආරාධනය කරන්නේ නම් ඒ සඳහා පණිවුඩ කරුවෙකු යැවීම ද සුදුසු නැත. නිවසේ ගෘහ මූලිකයාම ඒ සඳහා යා යුතු ය. එසේ යා යුත්තේ ද හිස් අතින් නොවේ. තමන්ට හැකි පමණින් දැහැත් වට්ටියක් පිළිගැන්වීමට අවශ්‍ය බුලත් කොළ කිහිපයක් වත් රැගෙන ය. මේ පිළිබඳව දන්නා බෞද්ධයෝ බුලත් පමණක් නොව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සීනි, තේකොළ ටිකක් වත් රැගෙන යති.

මේ ද්‍රව්‍ය සමහර විට පළාත් අනුව වෙනස්වීමට ද පුළුවන. බොහෝ අය මල් පහන් පූජා කිරීම සඳහා අවශ්‍ය දේ ද රැගෙන යති.

ආරාධනයක් සඳහා සුදුසු වන්නේ සවස් කාලයයි. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා විවේක සුවයෙන් සිටිති. අද තත්ත්වය අනුව බොහෝ විට එම අවස්ථාවේ ද නොසිටින්නට පුළුවන. එවිට වැඩවසන වෙනත් භික්ෂූන් වහන්සේ නමකට ආරාධනය පිළිගැන්වීමට පුළුවන.

මෙහි දී තමා ගෙනගිය බුලත් දැහැත් වට්ටියක තබා එය සුදු ලේන්සුවකින් වසා ස්වාමීන් වහන්සේට පිළිගැන් විය යුතු ය. එම ලකුණින් භික්ෂූන් වහන්සේ මෙය ආරාධනයක් බව දැන ගනිති. එයින් පසුව තමා ආරාධනය කරන කරුණ ප්‍රකාශ කළ යුතු ය. දානයක් සඳහා නම් දිනය සහ අවශ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව ද දැන්විය යුතු ය.

තවද මෙම ආරාධනය කළ යුත්තේ අවශ්‍ය දිනය ලබා ගැනීමට කල් වේලා ඇතිවය. දානයක් සඳහා නම් සර්වඥ ධාතු කරඬුව ද වැඩම කරවීම මතක් කිරීම යුතුකමකි. තමන්ට අවශ්‍ය භික්ෂූන් වහන්සේලා ගණන හතර නමක් නම් ධාතු කරඬුව සමඟ පස් නමක් වන බව සිතා ගත යුතු ය. මේ සමඟ ගමනා ගමන පහසුකම් පිළිබඳව ද සාකච්ඡා කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

මියගිය කෙනකු ගේ පාංශුකූලය සඳහා ආරාධනය කරන විට බුලත් පිට පැත්තට හරවා තබා දැහැත් වට්ටිය පිළිගැන්වීම සිරිත ය. ඒ අනුව භික්ෂූන් වහන්සේ කාරණය අවබෝධ කර ගනිති. වස් ආරාධනය ද මේ කලින් දැක් වූ ආකාරයට ගිහියන් විසින් කරනු ලැබේ.

සාංඝික දානය

විහාරස්ථානයට ගොස් හෝ භික්ෂූන් වහන්සේලා තම නිවසට වැඩම කරවා සාංඝික දානයක් පිළිගැන්වීමට පුළුවන. මේ සඳහා ද භික්ෂූන් වහන්සේට දැහැත් වට්ටියක් පිළිගන්වා ආරාධනය කළ යුතු ය. එම ආරාධනය කළ යුත්තේ ද දින ගණනකට කලිනි. සාංඝික දානයක් සඳහා උපසම්පදා භික්ෂූන් වහන්සේලා හතර නමක් වත් සිටිය යුතු ය. ගම්බද පෙදෙස්වල නිවස ඉදිරිපිට ආරුක්කුවක් නවා ගොක්කොළ සැරසිල්ලක් කරනු ලැබේ. නියමිත දිනයේ කල් වේලා ඇතිව භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයේ සිට වැඩමවා ගෙන එනු ලැබේ. ධාතු කරඬුව හේවිසි, හොරණෑ සහිතව පෙරහරින් වැඩමවනු ලබයි. භික්ෂූන් වහන්සේලා නිවස තුළට වැඩම කරවන්නේ පා දෝවනය කර පියවිලි මතින් ය. ධාතූන් වහන්සේලා සහිත කරඬුව ඒ වෙනුවෙන් සකස් කළ උස් අසුනක වඩා හිඳුවනු ලබයි.

භික්ෂූන් වහන්සේලාට දානය පිළිගන්වන ස්ථානය උඩුවියන් බැඳ පිළියෙල කරනු ලබයි. උන්වහන්සේලා වැඩ හිඳින ආසනවලට සුදුඇතිරිලි (රෙදි) අතුරනු ලැබේ. ඉන්පසු භික්ෂූන් වහන්සේලා වැඩි මහලු පිළිවෙළට (උපසම්පදා අනුව) එම අසුන්වල වැඩ හිඳිති. භික්ෂූන් වහන්සේලාට පිළිගන්වනු ලබන පිරිකර සහ දාන වස්තුව ඒ ඉදිරියේ පැදුරු එළා ඒ මත සුදු රෙදි අතුරා තැබීම සිරිත ය.

දැන් දානය සාංඝික කොට පූජා කිරීමට සුදුසු ය. මෙහිදී පළමුවෙන් රැස්ව සිටින පිරිස පංචශීලයෙහි පිහිටුවයි. ඉන් අනතුරුව ධාතු කරඬුව වෙත බුද්ධ පූජාව පිළිගන්වනු ලබයි. මෙම අවස්ථාවේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පිළිවෙළට පැන්, ආහාර සහ බුලත් පූජා කිරීමේ ගාථා ඛ්යවනු ලැබේ. රැස් වූ පිරිස ද ඒ අනුව ගාථා කියමින් බුද්ධ පූජාවේ යෙදේ. බුද්ධ පූජාවෙන් පසුව භික්ෂූන් වහන්සේ නමක් සාංඝික දානයක් දීමේ අනුසස් පදනම් කරගෙන කෙටි අනුශාසනාවක් කිරීම සිරිතය. ඊළඟට පිරිකර සහිත දාන වස්තු සාංඝික කොට පූජා කළ යුතු ය. මේ සඳහා ද නැවත නමස්කාරය කියවන ගිහි පිරිස භික්ෂූන් වහන්සේ විසින් කියවනු ලබන පාලි පාඨය කියවති. ඒ මෙසේ ය. “ඉමං භික්ඛං සසුපභ්යඤ්ජනං සපරික්ඛාරං බුද්ධ පමුඛස්ස භික්ඛු සංඝස්ස දෙම” (පිරිකර සහිත වූද, සුපව්යඤ්ජන සහිත වූද, මෙම භික්ෂාව බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයා වහන්සේට පූජා කරමු)

මෙම වාක්‍යය තුන් වරක් කියවනු ලැබේ. ධාතු කරඬුව වැඩමවා නැත්නම් “බුද්ධපමුඛස්ස” යන වචනය ප්‍රකාශ කරන්නේ නැත. මෙම භික්ෂු පිරිස වන්නේ සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලාත් වර්තමානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාත් සහ අනාගතයේ පහළ වන භික්ෂූන් වහන්සේලාත් ය. මෙයින් පසුව සියලුම භික්ෂූන් වහන්සේලා ප්‍රාර්ථනා ඉටුවීම පිළිබඳව පහත සඳහන් ගාථා සජ්ඣායනා කරති.

1. ඉච්චිතං පච්චිතං තුය්හං - කිප්පමේව සමිජඣතු

සබ්ඛේ පුරන්තු චිත්තං සංකප්පා - මණි ජොති රසොයථා

“ තොප විසින් සිතන පතන ලද සියල්ල වහා සපිරේවා ජෝති රස මැණිකකින් මෙන් සියලු සිත් පිරේවා!”

2. ඉච්චිතං පච්චිතං තුයිහං - කිප්පමේව සමිජ්ඣතු

සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා - චන්දො පණ්ණ රසොයථා”

“තොප විසින් සිතන පතන ලද සියල්ල වහා සපිරේවා! පසළොස්වක දින චන්ද්‍රයා මෙන් සියලු සිත් සපිරේවා! මෙයින් පසුව දුන්නා වූ දානයේ පුණ්‍ය ක්‍රියාවෙන් ලබාගත් පින් දෙවියන්ටත්, භූතයන්ටත් සියලු සතුන්ටත් මියගිය ඤාතීන්ටත් පැමිණ වීමෙන් සාංඝික දානමය පින්කම අවසන් කරනු ලැබේ. ආපසු වැඩම කරවීමට සූදානම් වන භික්ෂූන් වහන්සේලාට නමස්කාර කරන පින්වතුන්ට උන්වහන්සේලා

“අභිවාදන සීලිස්ස - නිච්චං වඩ්ඩාපචායිනො

චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති – ආයු වණ්ණෝ සුඛං බලං”

යනුවෙන්, ආයුෂ, වර්ණ, සැප, බල වැඩේවායි ප්‍රාර්ථනා කරති.

http://www.budusarana.lk/budusarana/2008/06/18/tmp.asp?ID=fea07

[QUOTE="Honey Bunch, post: 27056887, member: 569484"] ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා එන්. කරුණාරත්න අපගේ බොහෝ බෞද්ධ සැදැහැවතුන් පිරිතකට, දානයකට හෝ වෙනත් ආගමික කාර්යයක් සඳහා භික්ෂූන් වහන්සේ නමකට ආරාධනය කරන පිළිවෙත නොදනී. බෞද්ධයන් වන මේ අය එවැනි කාරණයක් වත් නොදැන සිටීම කනගාටුවට කාරණයකි. බොහෝ අය තමන් දන්නා හඳුනන එසේම මිත්‍ර භික්ෂූන් වහන්සේ නමකට පිරිතකට හෝ පින්කමට ආරාධනය කරන්නේ “අපේ ගෙදර පිරිත් ටිකක් කියා ගන්න ඕනෑ හාමුදුරුවන්නට එන්න පුළුවන්ද?” යනාදී වශයෙනි. [RIGHT][IMG align="right"]http://www.budusarana.lk/budusarana/2008/06/18/z_p15-Bikshun.jpg[/IMG][/RIGHT]එයින් පැහැදිලි වන්නේ පිරිත හෝ පින්කම කරන්නේ ලෝක චාරිත්‍රයට අනුව බවයි. නැත්නම් තමාගේ වත් පොහොසත්කම භික්ෂූන් වහන්සේලාටත් අවට ජනතාවටත් පෙන්නා දීමටයි. ස්වාමීන් වහන්සේ නමකට ගෞරව බුහුමානයෙන් යුක්තව ආරාධනයක් කිරීමටවත් නොදන්නා එවැනි අයට පිරිතකින් හෝ වෙනත් පින්කමකින් ශාන්තියක් ලබා ගැනීමට හැකිදැයි නොදනිමි. මේ සඳහා අතර මගදී හෝ අන්‍ය නිවාසයකදී හෝ තමාගේ වාහනයෙන් ගමන් ගන්නා අතර දී හෝ ඉහත සඳහන් ආකාරයට ආරාධනය කිරීම ඉතා පහත් ක්‍රියාවකි. එයින් පෙනෙන්නේ ඔහුගේ බලය හෝ භික්ෂූන් වහන්සේ නමකට ආරාධනා කිරීමේ පිළිවෙත නොදන්නා බවයි. මේ සඳහා භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයට යෑම කාලය නිකරුණේ නාස්ති කිරීමක් යැයි සිතෙනවා විය හැකි ය. පොත් පත් කියවන්නේ නම්, නිතර භික්ෂූන් වහන්සේලා සහ දායක මහතුන් ඇසුරු කරන්නේ නම්, කෙනකුට මෙවැනි කාරණා මතක් කර දීම අවශ්‍ය වන්නේ නැත. භික්ෂූන් වහන්සේ නමකට ආරාධනය කරන්නේ නම් ඒ සඳහා පණිවුඩ කරුවෙකු යැවීම ද සුදුසු නැත. නිවසේ ගෘහ මූලිකයාම ඒ සඳහා යා යුතු ය. එසේ යා යුත්තේ ද හිස් අතින් නොවේ. තමන්ට හැකි පමණින් දැහැත් වට්ටියක් පිළිගැන්වීමට අවශ්‍ය බුලත් කොළ කිහිපයක් වත් රැගෙන ය. මේ පිළිබඳව දන්නා බෞද්ධයෝ බුලත් පමණක් නොව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සීනි, තේකොළ ටිකක් වත් රැගෙන යති. මේ ද්‍රව්‍ය සමහර විට පළාත් අනුව වෙනස්වීමට ද පුළුවන. බොහෝ අය මල් පහන් පූජා කිරීම සඳහා අවශ්‍ය දේ ද රැගෙන යති. ආරාධනයක් සඳහා සුදුසු වන්නේ සවස් කාලයයි. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා විවේක සුවයෙන් සිටිති. අද තත්ත්වය අනුව බොහෝ විට එම අවස්ථාවේ ද නොසිටින්නට පුළුවන. එවිට වැඩවසන වෙනත් භික්ෂූන් වහන්සේ නමකට ආරාධනය පිළිගැන්වීමට පුළුවන. මෙහි දී තමා ගෙනගිය බුලත් දැහැත් වට්ටියක තබා එය සුදු ලේන්සුවකින් වසා ස්වාමීන් වහන්සේට පිළිගැන් විය යුතු ය. එම ලකුණින් භික්ෂූන් වහන්සේ මෙය ආරාධනයක් බව දැන ගනිති. එයින් පසුව තමා ආරාධනය කරන කරුණ ප්‍රකාශ කළ යුතු ය. දානයක් සඳහා නම් දිනය සහ අවශ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව ද දැන්විය යුතු ය. තවද මෙම ආරාධනය කළ යුත්තේ අවශ්‍ය දිනය ලබා ගැනීමට කල් වේලා ඇතිවය. දානයක් සඳහා නම් සර්වඥ ධාතු කරඬුව ද වැඩම කරවීම මතක් කිරීම යුතුකමකි. තමන්ට අවශ්‍ය භික්ෂූන් වහන්සේලා ගණන හතර නමක් නම් ධාතු කරඬුව සමඟ පස් නමක් වන බව සිතා ගත යුතු ය. මේ සමඟ ගමනා ගමන පහසුකම් පිළිබඳව ද සාකච්ඡා කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මියගිය කෙනකු ගේ පාංශුකූලය සඳහා ආරාධනය කරන විට බුලත් පිට පැත්තට හරවා තබා දැහැත් වට්ටිය පිළිගැන්වීම සිරිත ය. ඒ අනුව භික්ෂූන් වහන්සේ කාරණය අවබෝධ කර ගනිති. වස් ආරාධනය ද මේ කලින් දැක් වූ ආකාරයට ගිහියන් විසින් කරනු ලැබේ. [HEADING=3]සාංඝික දානය[/HEADING] විහාරස්ථානයට ගොස් හෝ භික්ෂූන් වහන්සේලා තම නිවසට වැඩම කරවා සාංඝික දානයක් පිළිගැන්වීමට පුළුවන. මේ සඳහා ද භික්ෂූන් වහන්සේට දැහැත් වට්ටියක් පිළිගන්වා ආරාධනය කළ යුතු ය. එම ආරාධනය කළ යුත්තේ ද දින ගණනකට කලිනි. සාංඝික දානයක් සඳහා උපසම්පදා භික්ෂූන් වහන්සේලා හතර නමක් වත් සිටිය යුතු ය. ගම්බද පෙදෙස්වල නිවස ඉදිරිපිට ආරුක්කුවක් නවා ගොක්කොළ සැරසිල්ලක් කරනු ලැබේ. නියමිත දිනයේ කල් වේලා ඇතිව භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයේ සිට වැඩමවා ගෙන එනු ලැබේ. ධාතු කරඬුව හේවිසි, හොරණෑ සහිතව පෙරහරින් වැඩමවනු ලබයි. භික්ෂූන් වහන්සේලා නිවස තුළට වැඩම කරවන්නේ පා දෝවනය කර පියවිලි මතින් ය. ධාතූන් වහන්සේලා සහිත කරඬුව ඒ වෙනුවෙන් සකස් කළ උස් අසුනක වඩා හිඳුවනු ලබයි. භික්ෂූන් වහන්සේලාට දානය පිළිගන්වන ස්ථානය උඩුවියන් බැඳ පිළියෙල කරනු ලබයි. උන්වහන්සේලා වැඩ හිඳින ආසනවලට සුදුඇතිරිලි (රෙදි) අතුරනු ලැබේ. ඉන්පසු භික්ෂූන් වහන්සේලා වැඩි මහලු පිළිවෙළට (උපසම්පදා අනුව) එම අසුන්වල වැඩ හිඳිති. භික්ෂූන් වහන්සේලාට පිළිගන්වනු ලබන පිරිකර සහ දාන වස්තුව ඒ ඉදිරියේ පැදුරු එළා ඒ මත සුදු රෙදි අතුරා තැබීම සිරිත ය. දැන් දානය සාංඝික කොට පූජා කිරීමට සුදුසු ය. මෙහිදී පළමුවෙන් රැස්ව සිටින පිරිස පංචශීලයෙහි පිහිටුවයි. ඉන් අනතුරුව ධාතු කරඬුව වෙත බුද්ධ පූජාව පිළිගන්වනු ලබයි. මෙම අවස්ථාවේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පිළිවෙළට පැන්, ආහාර සහ බුලත් පූජා කිරීමේ ගාථා ඛ්යවනු ලැබේ. රැස් වූ පිරිස ද ඒ අනුව ගාථා කියමින් බුද්ධ පූජාවේ යෙදේ. බුද්ධ පූජාවෙන් පසුව භික්ෂූන් වහන්සේ නමක් සාංඝික දානයක් දීමේ අනුසස් පදනම් කරගෙන කෙටි අනුශාසනාවක් කිරීම සිරිතය. ඊළඟට පිරිකර සහිත දාන වස්තු සාංඝික කොට පූජා කළ යුතු ය. මේ සඳහා ද නැවත නමස්කාරය කියවන ගිහි පිරිස භික්ෂූන් වහන්සේ විසින් කියවනු ලබන පාලි පාඨය කියවති. ඒ මෙසේ ය. “ඉමං භික්ඛං සසුපභ්යඤ්ජනං සපරික්ඛාරං බුද්ධ පමුඛස්ස භික්ඛු සංඝස්ස දෙම” (පිරිකර සහිත වූද, සුපව්යඤ්ජන සහිත වූද, මෙම භික්ෂාව බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයා වහන්සේට පූජා කරමු) මෙම වාක්‍යය තුන් වරක් කියවනු ලැබේ. ධාතු කරඬුව වැඩමවා නැත්නම් “බුද්ධපමුඛස්ස” යන වචනය ප්‍රකාශ කරන්නේ නැත. මෙම භික්ෂු පිරිස වන්නේ සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලාත් වර්තමානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාත් සහ අනාගතයේ පහළ වන භික්ෂූන් වහන්සේලාත් ය. මෙයින් පසුව සියලුම භික්ෂූන් වහන්සේලා ප්‍රාර්ථනා ඉටුවීම පිළිබඳව පහත සඳහන් ගාථා සජ්ඣායනා කරති. 1. ඉච්චිතං පච්චිතං තුය්හං - කිප්පමේව සමිජඣතු සබ්ඛේ පුරන්තු චිත්තං සංකප්පා - මණි ජොති රසොයථා “ තොප විසින් සිතන පතන ලද සියල්ල වහා සපිරේවා ජෝති රස මැණිකකින් මෙන් සියලු සිත් පිරේවා!” 2. ඉච්චිතං පච්චිතං තුයිහං - කිප්පමේව සමිජ්ඣතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා - චන්දො පණ්ණ රසොයථා” “තොප විසින් සිතන පතන ලද සියල්ල වහා සපිරේවා! පසළොස්වක දින චන්ද්‍රයා මෙන් සියලු සිත් සපිරේවා! මෙයින් පසුව දුන්නා වූ දානයේ පුණ්‍ය ක්‍රියාවෙන් ලබාගත් පින් දෙවියන්ටත්, භූතයන්ටත් සියලු සතුන්ටත් මියගිය ඤාතීන්ටත් පැමිණ වීමෙන් සාංඝික දානමය පින්කම අවසන් කරනු ලැබේ. ආපසු වැඩම කරවීමට සූදානම් වන භික්ෂූන් වහන්සේලාට නමස්කාර කරන පින්වතුන්ට උන්වහන්සේලා “අභිවාදන සීලිස්ස - නිච්චං වඩ්ඩාපචායිනො චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති – ආයු වණ්ණෝ සුඛං බලං” යනුවෙන්, ආයුෂ, වර්ණ, සැප, බල වැඩේවායි ප්‍රාර්ථනා කරති. [URL]http://www.budusarana.lk/budusarana/2008/06/18/tmp.asp?ID=fea07[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom