Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංගල සීනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැයි මාසේ හඳුන්වන්නේ මංගල මාසේ හැටියට. වැඩිපුරම ආදරවන්තයන් විවාහ වෙන්න තෝරගන්නේ මැයි මාසේ. කාගෙත් කතා බහට ලක් වුණු රාජකීය පෙම්වතුන් යුවල “හැරී – මෝගන්” ගේ විවාහත් මැයි මාසෙම සිදුවුණා. රාජකීය විවාහය ගැන නොදන්න කෙනෙක් නෑ. ලෝකේ රාජකීය පෙළපත් ඉතුරු වෙලා තියෙන්නේ කීපයයි. ඒයිනුත් බ්‍රිතාන්‍ය රජ පවුලේ විවාහයක් කියන්නේ වැඩිපුරම කතා බහට ලක්වෙන විවාහ උත්සවයක්.

හැරී කුමාරයා කියන්නේ බොහොමයක් තරුණියන්ගේ සිත් උන්මාද කළ චරිතයක්. විලියම් කුමාරයා කේට් කුමරිය එක්ක විවාහ වුණාට පස්සේ තරුණියන්ගේ විතරක් නෙමෙයි බොහෝ දෙනා බලන් හිටියේ හැරී මොකද කරන්නේ කියලා. හැරී කියන්නේ රජ පවුලේ දඟකාරයා. පුවත් මවන්නෙක් වුණා. ඔහුගේ මව ඩයනා කුමරියට වගේම ඔහුටත් පැපරාසින්ගෙන් ගැලවීම ලේසි පහසු වුණේ නෑ. ඒකත් ඒ පවුල් වල ස්භාවය අනුව සාමාන්‍යයි. රාජ කුමාරයෙක්ට සමාජයේ සාමාන්‍ය ලෙස හැසිරෙන්න පුළුවන් වුණත් ලැබෙන අවධානෙන් ගැලවෙන්න අමාරුයි.

හැබැයි ඒ කොහොම වුණත් හැරී තමන්ගේ ජීවන සහකාරිය විදියට තෝරගත්තේ තමන්ට වඩා අවුරුදු 3ක් වැඩිමල් මේගන් ව. සිය මවගේ අභාවයෙන් පසුව පියා, චාර්ල්ස් කුමාරයා විවාහ වුණ කැමිලා පාකර් ඔහුට වඩා වැඩිමල් කාන්තාවක්. ඉතිං මේ රජ පවුල් වල විවාහය සඳහා වයස් පරතරය එහෙමත් නැත්නම් කාන්තාව වයසෙන් වැඩි වීම ඒ හැටි බලපාන්නේ නෑ කියන එක නම් දකින්න පුළුවන්. “Age is just a number…” කියලා කතාවකුත් අහලා ඇතිනේ.

හැරී කුමාරයා කියන්නේ රාජකීය පරම්පරාවේ ඔටුන්න හිමි කුමාරයෙක්. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. රජ කුමාරයෙක්ගේ බිරිඳ, ඒ කියන්නේ කුමාරියක් වෙනවා කියන එකත් සාමාන්‍ය නෑ. හැමකෙනෙකුටම ඒ වාසනාව නෑ. කතාවට කිව්වට කෙල්ලෙක් කියන්නේ කාට හරි කුමාරිකාවක්, අග බිසවක් කියලා ඇත්තම කුමාරයෙක්ට කුමාරිකාවක් වෙන්න පූරුවෙ පිනක් තියෙන්නම ඕනේ. කුමාරිකාවක් වුණාම පැවරෙන වගකීම ලේසි පහසු නෑ. කුඩා කාළේ ඉඳන්ම කුමාරිකාවක් විදියට රාජකීය මාළිගාවක හැදී වැඩුණු කෙනෙකුට ඒකේ අපහසුවක් නෑ. නමුත් වෙනත් සාමාන්‍ය පවුලක වෙනස් සංස්කෘතියක් එක්ක හැදී වැඩුණු කෙනෙකුට ඒක අළුත්ම අත් දැකීමක්. පෙනුමෙන් කුමාරිකාවක් වෙන්න බෑ. හැසිරීම, ගති ගුණ අතින් තමයි කුමාරිකාවක් ගැන සමාජය දැනගන්නේ. ඒක මිනුම් දණ්ඩක්. රජ පවුලේ ගෞරවය ගැන අළුත් කුමාරිට පැවරෙන්නේ ලොකු වගකීමක්.

මේගන් ඉපදුනේ ඇමෙරිකාවේ. ඇයගේ අම්මා කළු ජාතික කාන්තාවක්. මේගන්ගේ පියා ඇයව ප්‍රතික්ෂේප කරනවා. මේගන්ගේ මව ඇයව හදා වඩා ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඇමෙරිකාවේ සංස්කෘතිය බ්‍රිතාන්‍ය සංස්කෘතියට හාත් පසින් වෙනස්. ඇමෙරිකාවේ තියෙන්නේ නිදහස් සංස්කෘතියක්. එහෙම නිදහස් සමාජ පසුබිමක හැදී වැඩුණු මේගන්ගේ පළමු විවාහය අසාර්ථක වෙනවා. ඒ විවාහය අසාර්ථක වුණාට පස්සේ තමා හැරී කුමාරයා එක්ක පෙමින් බැඳෙන්නේ. ඇය නිළියක්, විවාහක කාන්තාවක්, ඒ වගේම වයසින් වැඩිමල් කාන්තාවක්. මව කළු ජාතික කාන්තාවක්. නමුත් මේ කිසිම දෙයක් හැරීගේ ආදරේට බලපාපු හේතු සාධක නෙමෙයි. අඩුම ගාණේ ඇය තමන්ගේ සංස්කෘතියේ කෙනෙක් නෙමෙයි. රටේ කෙනෙක් නෙමෙයි. කොටින්ම කුමාරිකාවක්වත් නෙමෙයි. හැරී එයාව කුමාරිකාවක් කළා. ඒකට තමයි දෛවය කියන්නේ. කතාවකුත් තියෙන්නේ “ගෑණිගේ පින කුණු මුල්ලේ…” කියලා. අන්න ඒ වගේ තමයි මේගන්ටත්. සමහර විට මේගන්ට එයාගේ පළවෙනි විවාහය අහිමි වුණේම එයාගේ දෛවය ලියවිලා තිබුණ විදියට වෙන්න ඕනේ.

එක් වරක් විවාහ වීම දික්කසාද වීම තවත් වරක් විවාහ වෙන්න බාධාවක් නෙමෙයි. නිළියක් වීම විවාහ වෙන්න බාධාවක් නෙමෙයි. පිරිමියාට වඩා වැඩිමල් වීම විවාහ වෙන්න බාධාවක් නෙමෙයි. වෙනස් සංස්කෘතියක ඉපදීම බාධාවක් නෙමෙයි විවාහයට. ආදරය ඉදිරියේ මේ කිසිම දෙයක් සාධාරණ හේතු නෙමෙයි ආදරේ නොකර ඉන්න. විවාහ නොවී ඉන්න. හැමදේම තීරණය වෙන්නේ තමන්ගේ දෛවය අනුව. ඉරණම ලියවිලා තියෙන විදියට. පෙර ආත්ම වල කරපු පින් පව් අනුව මේ ආත්මය සකස් වෙනවා.

මේ විවාහය බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා බලපෑමක් සිදු කළේ ලංකාවටද කියලා හිතෙන තරමට ලංකාවේ සමාජ වෙබ් අඩවි ජාලා වල දැඩි කතා බහට ලක් වුණා. මේගන්ගේ ඇඳුම් ආයිත්තම් ගැන, රූපලාවන්‍ය ගැන, ඇගේ කලින් විවාහය, හැරී කුමරුට වඩා වැඩිමල් වීම වගේ දේවල්. සමහරු ඒවා හොඳයි කියද්දි තවත් සමහර අය ඊට විරුද්ධව කතා කළා. සමාජ සංස්කෘතිය, සදාචාරය වගේ දේවල් ගැන මහ ඉහළින් අපේ රටේ කතා කළාට අවිවාහක කාන්තාවන් කී දෙනෙක් විවාහයට පෙර දරුවන් ලබලා තියෙනවාද? විවාහ දෙක තුනක් අසාර්ථක කරගත් ප්‍රසිද්ධ පුද්ගලයින් නැවත වතාවක් විවාහ වුණාද…? මතකද වික්ටර් රත්නායක මහතාගේ විවාහය මහා කරදරයක් බවට අපේ කට්ටිය පත් කරගත්ත ආකාරය…? කාන්තාව වැඩිමල් වීම, දික්කසාද වී තිබීම, ඇය කරන රැකියාව, ඇය හැදී වැඩුණු සමාජ රටාව, ආශ්‍රය කරන පුද්ගලයින්, මවගේ පියාගේ අතීතය, ඔවුන්ගේ රැකියාව වගේ නොයෙකුත් හේතු සාධක නිසා ශ්‍රී ලංකාව තුළ හොඳින්ම ගැලපෙන ආදරවන්තයින් කී දෙනෙක් වෙන්කරලා ඇද්ද? කී දෙනෙක් විවාහ නොවී ඉන්නවා ඇද්ද…? ඒ විතරක් නෙමෙයි. කේන්දර නොගැලපීම් මත එවැනි ගැලපෙන ආදරවන්තයින් වෙන්වෙලා තියෙනවාද…?

ගැලපෙන්න ඕනේ මිනිස්සුන්ගෙ ආකල්ප මිසක් වෙනත් බාහිර සාධක නෙමෙයි. සමාජ මට්ටම්, රැකියා, කේන්දර ඔක්කොම ගලපන් රටටම මඟුල් කියලා හත් දවසක් මඟුල් කාපු ජෝඩු අද වෙනකොට වෙන් වෙලා නැද්ද…? එතකොට කේන්දරේ ගලපනකොට හැමදේම කියනවා නම් කිව්වේ නැද්ද විවාහයට අඩු ආයුෂ කියලා…?

චාර්ල්ස් – ඩයනා විවාහය කෙළවර වුණෙත් දික්කසාදයකින්. ඒ දෙන්නගේ නොගැලපීම් නිසා. චාර්ල්ස් ආදරේ කළේ කැමිලට. ඒ දෙන්නගේ ආදරේ තමයි චාර්ල්ස් ඩයනා වෙන් කරන්න හේතු වුණේ. රූපයෙන් හෝ වෙනත් සාධක වලින් චාර්ල්ස් ඩයනා ගැලපුනාට ඒ දෙන්නගේ සිතුවිලි, ආකල්ප වලින් කොහොමත් ගැලපෙන ජෝඩුවක් නෙමෙයි. ඩයනා මිය ගියාට පසුව චාර්ල්ස් කැමිලව විවාහ කරගන්නේ සිය සිතුම් පැතුම් වලට ගැලපෙන කාන්තාව ඇය වීම නිසයි. ලෝක අපවාද වලට බයෙන්, අම්මා තාත්තගේ නැදෑ පිරිවරගේ හිත් සනසන්න නොගැලපෙන විවාහයක් කරගෙන පසු තැවිලි වෙනවට වඩා හොඳයි විවාහ නොවී ඉන්න එක.

විවාහය ශක්තිමත් හෝ දුර්වල එකක් වෙන්නේ දෙදෙනාගේ තියෙන අවබෝධය, ආදරය, විශ්වාසය මත. මේ හේතු සාධක ශක්තිමත් නම් මොනම බලවේගයකටවත් දෙදෙනෙක් වෙන් කරන්න බැහැ. නිසි වයස ආවම කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට හැකියාවක් තියෙන්න ඕනේ තමන් කැමති තමන් ආදරේ කරන පුද්ගලයෙක් තෝරගන්න. ඒ පුද්ගලයා සමඟ විවාහ වෙන්න සුදුසුද කියලා තීරණය කරන්න. ප්‍රේම සම්බන්ධයකින් විවාහ වුණත්, යෝජනාවකින් විවාහ වුණත් අවසානයේ ඒ පවුල් ජීවිතේට මූණ දෙන්නේ ඒ දෙන්නා. අම්මා තාත්තා නෑදෑයෝ නෙමෙයි. ඒක නිසා තමන්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න හැම කෙනෙකුටම ස්වාධීන අයිතියක් තියෙනවා. ඒක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන දෙයක්.

මිනිස් හිත කියන්නෙත් වෙනස් වෙන දෙයක්. මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙනවා හරි ඉක්මණට. සමහර විට විවාහ වෙලා දරුවෝ ලැබිලා කාලයක් යනකොට දෙන්නා වෙන් වෙනවා. සමහර වෙලාවට මොන නොගැලපීම තිබුණත් දරුවෝ නිසාම විවාහය රැකගෙන ඉන්න පවුල් ජීවිතත් අපි අතරේ නැතුවාම නෙමෙයි. තමන් ආදරේ කරපු කෙනා නැතුව වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා සතුටින් දරුවන් හදාගෙන ඉන්න ජීවිතත් අපි අවට ඕන තරම් ඉන්නවා. මේ හැමදේම තීරණය වෙන්නේ අපි දෙයක් දිහා බලන විදිය අනුව.

ඉතිං ඒක නිසා අපි මේගන් කුමාරිකාවටයි, හැරී කුමාරයාටයි සුබ පතමු. සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න ලැබෙන්න කියලා. මිනිස්සුන්ගේ අපි දකින්න කැමති වෙන්න ඕනේ එකතුවීම් මිසක් වෙන්වීම් නෙමෙයි.http://thewoman.lk/harry-mehgan-wedding/

[QUOTE="anuabeysekara8141, post: 23229573, member: 567080"] මැයි මාසේ හඳුන්වන්නේ මංගල මාසේ හැටියට. වැඩිපුරම ආදරවන්තයන් විවාහ වෙන්න තෝරගන්නේ මැයි මාසේ. කාගෙත් කතා බහට ලක් වුණු රාජකීය පෙම්වතුන් යුවල “හැරී – මෝගන්” ගේ විවාහත් මැයි මාසෙම සිදුවුණා. රාජකීය විවාහය ගැන නොදන්න කෙනෙක් නෑ. ලෝකේ රාජකීය පෙළපත් ඉතුරු වෙලා තියෙන්නේ කීපයයි. ඒයිනුත් බ්‍රිතාන්‍ය රජ පවුලේ විවාහයක් කියන්නේ වැඩිපුරම කතා බහට ලක්වෙන විවාහ උත්සවයක්. හැරී කුමාරයා කියන්නේ බොහොමයක් තරුණියන්ගේ සිත් උන්මාද කළ චරිතයක්. විලියම් කුමාරයා කේට් කුමරිය එක්ක විවාහ වුණාට පස්සේ තරුණියන්ගේ විතරක් නෙමෙයි බොහෝ දෙනා බලන් හිටියේ හැරී මොකද කරන්නේ කියලා. හැරී කියන්නේ රජ පවුලේ දඟකාරයා. පුවත් මවන්නෙක් වුණා. ඔහුගේ මව ඩයනා කුමරියට වගේම ඔහුටත් පැපරාසින්ගෙන් ගැලවීම ලේසි පහසු වුණේ නෑ. ඒකත් ඒ පවුල් වල ස්භාවය අනුව සාමාන්‍යයි. රාජ කුමාරයෙක්ට සමාජයේ සාමාන්‍ය ලෙස හැසිරෙන්න පුළුවන් වුණත් ලැබෙන අවධානෙන් ගැලවෙන්න අමාරුයි. හැබැයි ඒ කොහොම වුණත් හැරී තමන්ගේ ජීවන සහකාරිය විදියට තෝරගත්තේ තමන්ට වඩා අවුරුදු 3ක් වැඩිමල් මේගන් ව. සිය මවගේ අභාවයෙන් පසුව පියා, චාර්ල්ස් කුමාරයා විවාහ වුණ කැමිලා පාකර් ඔහුට වඩා වැඩිමල් කාන්තාවක්. ඉතිං මේ රජ පවුල් වල විවාහය සඳහා වයස් පරතරය එහෙමත් නැත්නම් කාන්තාව වයසෙන් වැඩි වීම ඒ හැටි බලපාන්නේ නෑ කියන එක නම් දකින්න පුළුවන්. “Age is just a number…” කියලා කතාවකුත් අහලා ඇතිනේ. හැරී කුමාරයා කියන්නේ රාජකීය පරම්පරාවේ ඔටුන්න හිමි කුමාරයෙක්. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. රජ කුමාරයෙක්ගේ බිරිඳ, ඒ කියන්නේ කුමාරියක් වෙනවා කියන එකත් සාමාන්‍ය නෑ. හැමකෙනෙකුටම ඒ වාසනාව නෑ. කතාවට කිව්වට කෙල්ලෙක් කියන්නේ කාට හරි කුමාරිකාවක්, අග බිසවක් කියලා ඇත්තම කුමාරයෙක්ට කුමාරිකාවක් වෙන්න පූරුවෙ පිනක් තියෙන්නම ඕනේ. කුමාරිකාවක් වුණාම පැවරෙන වගකීම ලේසි පහසු නෑ. කුඩා කාළේ ඉඳන්ම කුමාරිකාවක් විදියට රාජකීය මාළිගාවක හැදී වැඩුණු කෙනෙකුට ඒකේ අපහසුවක් නෑ. නමුත් වෙනත් සාමාන්‍ය පවුලක වෙනස් සංස්කෘතියක් එක්ක හැදී වැඩුණු කෙනෙකුට ඒක අළුත්ම අත් දැකීමක්. පෙනුමෙන් කුමාරිකාවක් වෙන්න බෑ. හැසිරීම, ගති ගුණ අතින් තමයි කුමාරිකාවක් ගැන සමාජය දැනගන්නේ. ඒක මිනුම් දණ්ඩක්. රජ පවුලේ ගෞරවය ගැන අළුත් කුමාරිට පැවරෙන්නේ ලොකු වගකීමක්. මේගන් ඉපදුනේ ඇමෙරිකාවේ. ඇයගේ අම්මා කළු ජාතික කාන්තාවක්. මේගන්ගේ පියා ඇයව ප්‍රතික්ෂේප කරනවා. මේගන්ගේ මව ඇයව හදා වඩා ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඇමෙරිකාවේ සංස්කෘතිය බ්‍රිතාන්‍ය සංස්කෘතියට හාත් පසින් වෙනස්. ඇමෙරිකාවේ තියෙන්නේ නිදහස් සංස්කෘතියක්. එහෙම නිදහස් සමාජ පසුබිමක හැදී වැඩුණු මේගන්ගේ පළමු විවාහය අසාර්ථක වෙනවා. ඒ විවාහය අසාර්ථක වුණාට පස්සේ තමා හැරී කුමාරයා එක්ක පෙමින් බැඳෙන්නේ. ඇය නිළියක්, විවාහක කාන්තාවක්, ඒ වගේම වයසින් වැඩිමල් කාන්තාවක්. මව කළු ජාතික කාන්තාවක්. නමුත් මේ කිසිම දෙයක් හැරීගේ ආදරේට බලපාපු හේතු සාධක නෙමෙයි. අඩුම ගාණේ ඇය තමන්ගේ සංස්කෘතියේ කෙනෙක් නෙමෙයි. රටේ කෙනෙක් නෙමෙයි. කොටින්ම කුමාරිකාවක්වත් නෙමෙයි. හැරී එයාව කුමාරිකාවක් කළා. ඒකට තමයි දෛවය කියන්නේ. කතාවකුත් තියෙන්නේ “ගෑණිගේ පින කුණු මුල්ලේ…” කියලා. අන්න ඒ වගේ තමයි මේගන්ටත්. සමහර විට මේගන්ට එයාගේ පළවෙනි විවාහය අහිමි වුණේම එයාගේ දෛවය ලියවිලා තිබුණ විදියට වෙන්න ඕනේ. එක් වරක් විවාහ වීම දික්කසාද වීම තවත් වරක් විවාහ වෙන්න බාධාවක් නෙමෙයි. නිළියක් වීම විවාහ වෙන්න බාධාවක් නෙමෙයි. පිරිමියාට වඩා වැඩිමල් වීම විවාහ වෙන්න බාධාවක් නෙමෙයි. වෙනස් සංස්කෘතියක ඉපදීම බාධාවක් නෙමෙයි විවාහයට. ආදරය ඉදිරියේ මේ කිසිම දෙයක් සාධාරණ හේතු නෙමෙයි ආදරේ නොකර ඉන්න. විවාහ නොවී ඉන්න. හැමදේම තීරණය වෙන්නේ තමන්ගේ දෛවය අනුව. ඉරණම ලියවිලා තියෙන විදියට. පෙර ආත්ම වල කරපු පින් පව් අනුව මේ ආත්මය සකස් වෙනවා. මේ විවාහය බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා බලපෑමක් සිදු කළේ ලංකාවටද කියලා හිතෙන තරමට ලංකාවේ සමාජ වෙබ් අඩවි ජාලා වල දැඩි කතා බහට ලක් වුණා. මේගන්ගේ ඇඳුම් ආයිත්තම් ගැන, රූපලාවන්‍ය ගැන, ඇගේ කලින් විවාහය, හැරී කුමරුට වඩා වැඩිමල් වීම වගේ දේවල්. සමහරු ඒවා හොඳයි කියද්දි තවත් සමහර අය ඊට විරුද්ධව කතා කළා. සමාජ සංස්කෘතිය, සදාචාරය වගේ දේවල් ගැන මහ ඉහළින් අපේ රටේ කතා කළාට අවිවාහක කාන්තාවන් කී දෙනෙක් විවාහයට පෙර දරුවන් ලබලා තියෙනවාද? විවාහ දෙක තුනක් අසාර්ථක කරගත් ප්‍රසිද්ධ පුද්ගලයින් නැවත වතාවක් විවාහ වුණාද…? මතකද වික්ටර් රත්නායක මහතාගේ විවාහය මහා කරදරයක් බවට අපේ කට්ටිය පත් කරගත්ත ආකාරය…? කාන්තාව වැඩිමල් වීම, දික්කසාද වී තිබීම, ඇය කරන රැකියාව, ඇය හැදී වැඩුණු සමාජ රටාව, ආශ්‍රය කරන පුද්ගලයින්, මවගේ පියාගේ අතීතය, ඔවුන්ගේ රැකියාව වගේ නොයෙකුත් හේතු සාධක නිසා ශ්‍රී ලංකාව තුළ හොඳින්ම ගැලපෙන ආදරවන්තයින් කී දෙනෙක් වෙන්කරලා ඇද්ද? කී දෙනෙක් විවාහ නොවී ඉන්නවා ඇද්ද…? ඒ විතරක් නෙමෙයි. කේන්දර නොගැලපීම් මත එවැනි ගැලපෙන ආදරවන්තයින් වෙන්වෙලා තියෙනවාද…? ගැලපෙන්න ඕනේ මිනිස්සුන්ගෙ ආකල්ප මිසක් වෙනත් බාහිර සාධක නෙමෙයි. සමාජ මට්ටම්, රැකියා, කේන්දර ඔක්කොම ගලපන් රටටම මඟුල් කියලා හත් දවසක් මඟුල් කාපු ජෝඩු අද වෙනකොට වෙන් වෙලා නැද්ද…? එතකොට කේන්දරේ ගලපනකොට හැමදේම කියනවා නම් කිව්වේ නැද්ද විවාහයට අඩු ආයුෂ කියලා…? චාර්ල්ස් – ඩයනා විවාහය කෙළවර වුණෙත් දික්කසාදයකින්. ඒ දෙන්නගේ නොගැලපීම් නිසා. චාර්ල්ස් ආදරේ කළේ කැමිලට. ඒ දෙන්නගේ ආදරේ තමයි චාර්ල්ස් ඩයනා වෙන් කරන්න හේතු වුණේ. රූපයෙන් හෝ වෙනත් සාධක වලින් චාර්ල්ස් ඩයනා ගැලපුනාට ඒ දෙන්නගේ සිතුවිලි, ආකල්ප වලින් කොහොමත් ගැලපෙන ජෝඩුවක් නෙමෙයි. ඩයනා මිය ගියාට පසුව චාර්ල්ස් කැමිලව විවාහ කරගන්නේ සිය සිතුම් පැතුම් වලට ගැලපෙන කාන්තාව ඇය වීම නිසයි. ලෝක අපවාද වලට බයෙන්, අම්මා තාත්තගේ නැදෑ පිරිවරගේ හිත් සනසන්න නොගැලපෙන විවාහයක් කරගෙන පසු තැවිලි වෙනවට වඩා හොඳයි විවාහ නොවී ඉන්න එක. විවාහය ශක්තිමත් හෝ දුර්වල එකක් වෙන්නේ දෙදෙනාගේ තියෙන අවබෝධය, ආදරය, විශ්වාසය මත. මේ හේතු සාධක ශක්තිමත් නම් මොනම බලවේගයකටවත් දෙදෙනෙක් වෙන් කරන්න බැහැ. නිසි වයස ආවම කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට හැකියාවක් තියෙන්න ඕනේ තමන් කැමති තමන් ආදරේ කරන පුද්ගලයෙක් තෝරගන්න. ඒ පුද්ගලයා සමඟ විවාහ වෙන්න සුදුසුද කියලා තීරණය කරන්න. ප්‍රේම සම්බන්ධයකින් විවාහ වුණත්, යෝජනාවකින් විවාහ වුණත් අවසානයේ ඒ පවුල් ජීවිතේට මූණ දෙන්නේ ඒ දෙන්නා. අම්මා තාත්තා නෑදෑයෝ නෙමෙයි. ඒක නිසා තමන්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න හැම කෙනෙකුටම ස්වාධීන අයිතියක් තියෙනවා. ඒක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන දෙයක්. මිනිස් හිත කියන්නෙත් වෙනස් වෙන දෙයක්. මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙනවා හරි ඉක්මණට. සමහර විට විවාහ වෙලා දරුවෝ ලැබිලා කාලයක් යනකොට දෙන්නා වෙන් වෙනවා. සමහර වෙලාවට මොන නොගැලපීම තිබුණත් දරුවෝ නිසාම විවාහය රැකගෙන ඉන්න පවුල් ජීවිතත් අපි අතරේ නැතුවාම නෙමෙයි. තමන් ආදරේ කරපු කෙනා නැතුව වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා සතුටින් දරුවන් හදාගෙන ඉන්න ජීවිතත් අපි අවට ඕන තරම් ඉන්නවා. මේ හැමදේම තීරණය වෙන්නේ අපි දෙයක් දිහා බලන විදිය අනුව. ඉතිං ඒක නිසා අපි මේගන් කුමාරිකාවටයි, හැරී කුමාරයාටයි සුබ පතමු. සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න ලැබෙන්න කියලා. මිනිස්සුන්ගේ අපි දකින්න කැමති වෙන්න ඕනේ එකතුවීම් මිසක් වෙන්වීම් නෙමෙයි.[url]http://thewoman.lk/harry-mehgan-wedding/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom