Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං_දිනුවේ_හත්_පාරක්ම_පැරදිලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං_දිනුවේ_හත්_පාරක්ම_පැරදිලා...

මං දිනුවේ හත් පාරක්ම පැරදිලා...................අවුරුදු පහළොවක් තිස්සේ බිස්නස් හතක් ෆේල් වෙලා, අන්තිමේ සාර්ථක වුණු අටවැනි බිස්නස් එක.

වැටෙනවා නම් වැටෙන්නට තිබූ මිලියන ගණනක් අවස්ථා ඔහු පසු කළේය. වැටෙන තරමට යළි නැගිට්ටේය. හරි ගියත් වැරදුණත් ගත යුතු තැන තීන්දු ගත්තේය. වැරැදුණු පැරැදුණු තැන මොහොතක් නැවතී හේතු අවබෝධ කර ගෙන යළි ගමන ඇරැඹිණි. ඔහුට අනුව, වැරැදීම් යනු, යමක් යළි ඉගෙන ගැනීමට ජීවිතයෙන් ලැබෙන තවත් එක් අවස්ථාවකි. ආචාර්ය නයන දෙහිගම කියැවීම වටින්නේ මේ සියලු හේතු කාරණා එකලස් කළ තැනය.

epic කොහොමද සාමාන්‍ය ජනතාවට සමීප වෙන්නේ...

අපි ඔබේ ජීවිතය පහසු කරන, සමාජයේ විවිධ ප්‍රශ්නවලට තාක්ෂණික විසඳුම් ලබා දෙන සමාගමක්. යමක් මිලදීගෙන ඔබ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවද්දි, මොබයිල් ඇප්ස් හරහා බැංකු කටයුතු කරද්දි ඔබ නොදැන හෝ භාවිත කරන්නේ අපේ තාක්ෂණය.

ෙම් දේශීය ව්‍යාපාරයක් ද...

සියයට සියයක් ම. මේ වෙනකොට ජපානයේ සිංගප්පූරුවේ සහ මැලේසියාවේ අපේ ශාඛා තිබෙනවා. මැලේසියාවේ ලොකු ම රාජ්‍ය බැංකුවත් සිංගප්පූරු පොලිසියෙ එක අංශයක් ම භාවිත කරන්නෙත් අපේ මෘදුකාංග. මේවා ලංකාවේ තරුණ ඉංජිනේරුවො නිපදවපු විශිෂ්ට නිර්මාණ. ලෝකෙන් අපිට පිළිගැනීමක් තිබුණට තවමත් අපේ රටේ අපේ නිර්මාණකරුවො ගැන තියෙන්නෙ අඩු තක්සේරුවක්. ‘ගෙඩිය පිටින්’ ෆොරීන් කම්පනිවලට වැඩ බාර දෙන්නයි, මේ රටේ වගකීම් දරන අය කැමැති.

ඒ වුණත් ඔබ රාජ්‍ය අංශයට දායකත්වය දෙනවා...

ඒක, අපේ වුවමනාවෙන් යන අමාරු ගමනක්. හැම වෙලාවෙ ම අපිට වඩා ෆොරීන් කම්පනි ඉස්සරහා තියලා තමයි ඔවුන් කතා කරන්නේ.

ඒත් ඔබව හොඳ ම ව්‍යවසායකයා බවට පත් කරන්නෙත් මේ රටමයි...

ඒකම තමයි කනගාටුව. දේශීය ව්‍යවසායකයා නඟා සිටුවනවා කියලා පුන පුනා කියන ගමන්, අපිව අගයන ගමන් කකුලෙනුත් අදිනවා. මම කිහිපවරක් ම මේ රටේ හොඳ ම ව්‍යවසායකයා වෙලා තිබෙනවා. ආසියා පැසිෆික් හොඳම ව්‍යවසායක වෙලා තිබෙනවා. ඒ නිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් තිබෙනවා. දේශීය ව්‍යවසායකයාට ප්‍රමුඛත්වය නොදී රටකට ගමනක් නැහැ.

ඔබ චෝදනාවක් ද කරන්නේ...

කොහොම බාරගෙන හරි, රට හරි මඟට එනවා නම් එච්චරයි. පුද්ගලිකව මම ඔය එක දේකින්වත් වැටෙන්නෙ නැහැ. නමුත් කඩා වැටෙන දේශීය ව්‍යාපාරිකයෝ ඕන තරම් ඉන්නවා. ‘රජය වැටුණත් අපි වැටෙන්නෑ...’ මට මං ගැන තිබෙන්නෙ එහෙම විශ්වාසයක්. එක ම මාර්ගයක රැඳිලා ඉන්න ව්‍යවසායකයෙක් නෙවෙයි මම.

ව්‍යවසායකයෙක් කියන දේ ඔබට අභිමානයක් හැඩයි...

මට අනුව, ව්‍යවසායකයෙක් කියන්නෙ මහා ප්රතාපවත් චරිතයක්. ඔහුට දැක්මක් තිබෙනවා. ඔහු නිතර ජනේලයෙන් එළිය බලන කෙනෙක්. උකුසු ඇසකින් අවස්ථා හොයන සහ හඳුනාගන්න කෙනෙක්. ඔහුට තිබෙන්නෙ තමන්ගෙ කියන බිස්නස් එකක වගකීම නෙවෙයි. එය සමස්ත සමාජයක් අරභයා තිබෙන වගකීමක්. ඔහු උපයන්නෙ තමන්ට සහ තමන්ගෙ පවුලට විතරක් නෙවෙයි. කොටස්කරුවො, සේවකයන්, සේවා දායකයෝ සහ සමාජ සුබ සාධනය උදෙසා ඔහු ඉපැයිය යුතුයි. නවෝත්පාදන හඹා යෑමේ ගුණය, වෙනස් ලෙස ඉදිරිපත් කිරීම, අඛණ්ඩව යෙදිය යුතු රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ඔහුගේ දෛනික ජීවිතයේ තිබිය යුතු දේ. රටට රැකියා අවස්ථා උපද්දවීම ඔහු නිතර සිතන දෙයක්. තමන්ගේ බිස්නස් එක සහ ලාභය පමණක් ගැන හිතන ව්‍යාපාරිකයාගෙන්, ව්‍යවසායකයා වෙනස් වෙන්නේ මේ හේතුන් නිසා.

මොකක්ද epic අර්ථය...

Electronic payments and internet Commerce. මේ සංකල්පයේ අකුරු හතරෙන් හදපු නම epic. 1996 - 97 කාලයේ තමයි ඉලෙක්ට්‍රොනික් පේමන්ට් ලෝකයේ වැඩිපුර භාවිත වුණේ. රැල්ලක් හැදුණේ. e - commerce කියන මේ විෂය මට ඉගෙන ගන්න ලැබුණෙ මගේ අන්තිම රස්සාව නිසා. වෙළෙඳ ප්‍රදර්ශන, වෙළෙඳ වැඩමුළු, පුහුණුවීම් වෙනුවෙන් මං නිතර පිටරට ගියා. එහෙම ගමන්වලදියි, මං මේ විෂයේ සාර්ථක බව දැක්කේ. මේ ක්ෂේත්රයට හිත ගියේ. ව්‍යවසායකයෙක් වීමේ පොපියන මානසිකත්වයෙන් හිටි මට, electronic commerce, හදවතට දැනුණු ක්ෂේත්රයක් වුණා.

epic අද කොතැනද තිබෙන්නේ...

කොම්පැනි අටක් දක්වා විහිදුණු සමූහ ව්‍යාපාරයක්. බහුතර මෘදුකාංග ඉංජිනේරුවො ඇතුළු සේවක පිරිස තුන්සියයක්. ව්‍යාපාරික වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 70 ක්. වාර්ෂික ආදායම බිලියන දෙකක්. වැදගත් ම දේ, පේමන්ට්ස්වලින් පටන් ගත් සමාගම අද විවිධාංගිකරණය වෙමින් ජාත්‍යන්තරය දක්වා ව්‍යාප්ත වී තිබීම. තොරතුරු තාක්ෂණය, ඒ හා බැඳුණු ආරක්ෂක පද්ධතීන් නිර්මාණය, දත්ත, මොබයිල් ඇප්ලිකේෂන්ස්, බෝඩර් මැනේජ්මන්ට්... ඇතුළු අංශ රාශියක් ඔස්සේ epic ක්‍රියාත්මකයි.

රාජ්‍ය අංශයට දෙන දායකත්වය ගැන කියන්න...

2003 පටන් ලංකාවට පාස්පෝට් සපයන්නේ අපි. පාස්පෝට් පොතට අවශ්‍ය කොළ හදවන්නේ ජ’මනියේ. කවරය ඇමරිකාවේ. බඳින නූල එංගලන්තයේ. තීන්ත ස්විට්සර්ලන්තයෙන්. පිටුවල ආරක්ෂක මෝස්තර යොදන්නේ හංගේරියාවේ. අවසානයේ පොත එකලස් කරන්නේ ප්‍රින්ට් කරන්නේ ඉන්දුනීසියාවේ. ඒ වගේ ම, ඡායාරූපය ගැනීමේ ක්‍රියාවලියේ සිට අභ්‍යන්තරික සම්බන්ධීකරණ කටයුතු දක්වා, ජාලගත වී අලුත් ජාතික හැඳුනුම්පත හදන්නෙත් අපි.

මේ බිස්නස්වල අවදානම වැඩියි නේද...

මං අභියෝගවලට කැමැතියි. දවසකට පාස්පෝට් 3000 ක් නිකුත් කරන පාස්පෝට් කාර්යාලය මොන තරම් ප්‍රශ්න පැනනැඟෙන තැනක්ද. සියයට අසූවක් ම එක් දින සේවාව. අපේ මෘදුකාංග ඉංජිනේරුවො හතර දෙනෙක් එතැන පූර්ණකාලීනව වැඩ. බැරිවෙලාවත් අපේ සිස්ටම් එක කඩා වැටුණොත් මොකද වෙන්නේ. මිනිස්සු මොනවා නොකරයිද.. ඒ නිසා අපිට මොහොතකටවත් ෆේල් වෙන්න බැහැ. එච්චර කාලයක් ලංකාවට පාස්පෝට් හැදූ බ්‍රිතාන්‍ය කොම්පැනිය එක්ක තරග කරලා අපි ගත්තෙ ටෙන්ඩරය විතරක් නෙවෙයි. ජාතික වගකීමක්. අවදානමක්.

ඒත් ඔබට පුරුදු ෆීල්ඩ් එකක් නෙවෙයි නේද...

ටෙන්ඩර් එකට දානකොට මං බොහෝ දේ දැනගෙන හිටියෙ නැහැ. නමුත් මං ඉගෙන ගත්තා. කාසි නිෂ්පාදනයේදිත් ඒ වගේ. වැඩේට සුදුසු හරිම මිනිස්සු ටික තෝරා ගන්න එකයි වැදගත් ම දේ. ඒකට මට හොඳ ඉවක් තිබෙනවා. හොඳ ව්‍යවසායකයෙක් වෙන්න නම් හරිම වෙලාවෙදි හරිම පුද්ගලයන් තෝරා ගැනීමට සූක්ෂ්ම විය යුතුයි.

මොනවද ඔබ සපයන කාසි...

රුපියල, දෙක, පහ, දහය. මේවා ස්ටේන්ලස් ස්ටීල් අලුත් කාසි. ස්ලෝවැකියාවේ නිපදවන මේ කාසි ශ්‍රී ලංකා රජයට ගෙනැත් දෙන්නෙ අපි.

එපමණද...

නැහැ. මහ බැංකුවෙන් භාවිතය තහනම් කළ අපිරිසුදු මුදල් නෝට්ටු ඉතාමත් කුඩා කැබැලිවලට කපනවා. ඒ නෝට්ටු කොළ කෑලි පල්පයක් කරලා ගඩොල් වගේ පොඩි රවුම් බ්රිකට්ස් හදනවා. මේවා ගඩොල් වගේම හයියයි. දැනට ඉඩම් ගොඩකරන්න විතරයි මේ බ්රිකට්ස් භාවිත කරන්නේ. ලංකාවේ සාමාන්‍යයෙන් එක අවුරුද්දකට අලුත් නෝට්ටු මිලියන 300 ක් ප්‍රින්ට් වෙනවා. ඒ කියන්නෙ මිලියන 300 ක් කැපෙනවා කියන එකයි. මොකද, පරණ ඒවා කපනකොටයි, අලුත් ඒවා ප්‍රින්ට් කරන්නේ. මේ නෝට්ටු කපන මැෂින්ස් මහ බැංකුවට සපයන්නේ අපි. මේවා ගැනෙන්නේ අපේ ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් හැටියට. නමුත් අපි රජයට වැඩි ම දායකත්වය දෙන්නේ ‘ඊ - ගවන්මන්ට්’ ප්‍රොජෙක්ට්ස් හරහා. ඒ කියන්නෙ, එන්ටප්‍රයිස් ඩිජිටලයිසේෂන් ඇන්ඩ් කන්ටෙන්ට් මැනේජ්මන්ට් හෙවත් අතින් කරන සියලු ෆයිල් වැඩ ඩිජිටල්කරණය කිරීම. ඒකෙන් රාජ්‍ය ආයතනවල කොළ භාවිතය අවම වී තිබෙනවා. ‘ඊ - පාර්ලිමන්ට්’ තමයි, අපේ අලුත් ම ප්‍රොජෙක්ට් එක.

එතකොට epic ඔබේ කී වැනි ව්‍යාපාරයද...

අවුරුදු පහළොවක් තිස්සේ බිස්නස් හතක් ෆේල් වෙලා, අන්තිමේ සාර්ථක වුණු අටවැනි බිස්නස් එක. බිස්නස් එකක් පටන් ගනිද්දි මං කවදාවත් හිතුවෙ නැහැ මේක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන එක. හරියන්න හරි වරදින්න හරි ඒක කළා. වැරදුණොත් අත් හැරියා. ජොබ් එකක් හොයා ගත්තා. හැබැයි ආයෙත් බිස්නස් එකක් පටන් ගත්තා. වැරදුණා. අත්හැරියා. ජොබ් එකකට ගියා.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

ලැබ් උපකරණ සහ කෙමිකල් විකුණන සමාගමක සේල්ස් රෙප්. සේල්ස් රෙප්ගෙන් පටන් ගත්තම මාකටින් හෙඩ් දක්වා හැම පියවරකදි ම මංරස්සාව එන්ජෝයි කළා. මගේ අන්තිම සේවා ස්ථානය, BC කම්පියුටර්ස් කියන්නෙ මං හුඟක් දේ ඉගෙන ගත්තු තැනක්. epic අරඹන්නේ එතැනින් ලබපු දැනුම පන්නරය වගේ ම, මං ගොඩනඟාගෙන තිබූ හොඳ ව්‍යාපාරික සබඳතා ජාලයක් එක්ක.

epic හදන්න මොන තරම් ප්‍රාග්ධනයක් යට කළාද...

මේ 1998 අවුරුද්ද. රුපියල් දහදාහක් අතේ තියෙන්න ඇති. මං හිටියෙ කාමර දෙකක කුලී ගේක. එක කාමරයක් ඔෆිස් එක කරගත්තා. අත මාරුවක් අරන් කම්පියුටරයක් ප්‍රින්ටරයක් වගේ අවශ්‍ය දේ ගත්තා.

පුංචි කාලෙත් ඔබ දක්ෂයෙක් ද...

එෙක් ඉඳන් පහේ පන්තියට යනකල් මං හිටියෙ බදුල්ල ධර්මදූතයේ. හැමදාම එක, දෙක නැත්නම් තුන. මං ශිෂ්‍යත්වෙ සමත් වෙනවා. කිංස්වුඩ් යනවා. ඉගෙනීමට අමතරව, හොකි, කරාටේ, මාෂල් ආට්ස්... හැම දේම කරනවා. කරාටේ කළු පටි දෙවැනි ශ්‍රේණියත් කරලා කරාටේ උගන්වනවා. ඕ - ලෙවල් ඉවරවුණු ගන් මට ම හිතිලා ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකොමියුනිකේෂන් විෂය හදාරලා සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විභාග කරනවා. ඔය අතරෙ ගණිත අංශයෙන් ඒ - ලෙවල්ස් කරනවා. එකවර වැඩ කිහිපයක් කරන්නත් වැඩ බැලන්ස් කරගන්නත් ඒ ළමා කාලෙත් මට ලොකු හැකියාවක් තිබුණා.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කුමක් ද...

අපිට අපි විදියට හැදෙන්න දුන් එක. හොඳයි නරකයි කියලා දුන්නා මිස කවදාවත් ඒ දෙන්න ම අපිට ඉගෙන ගන්න බල කෙළ් නැහැ. රටට බරක් නොවී ජීවත් වෙන්න ඕනෙ කියන දේ විතරයි, ඔළුවට දැම්මෙ. මට මතකයි, පළවෙනි ඉන්ස්ටිටියුට් එක දාලා ඉඳිද්දි අෙත් සල්ලි නැහැ. මගේ යාළුවො හතර දෙනාත් හවුල් කාරයො වුණාට ඒ අය ළඟත් නැහැ. නුවර නගර සභාවේ වැඩකරපු තාත්තා වැඩට යන ගමන්, අම්මා ඔතලා දීපු පොඩි බත් පැකට් පහක් ගෙනැත් දෙන්න කිලෝ මීටරයක් දෙකක් පයින් ම ඇවිදගෙන එනවා. දන්නවා, අපිට කන්නවත් අතේ සල්ලි නැති බව. ඇති කාලෙත් නැති කාලෙත් සමගියෙන් ජීවත් වෙන හැටි, වරදින පරදින විට යළි නැඟිටින හැටි තාත්තා කියලා දුන්නෙ අත්දැකීම් ලබන්න ඇරලා.

ඔබ පවුලේ කී වැනියද...

අයියලා දෙන්නෙකුට පස්සෙ මං. මට පස්සෙ නංගි. පොඩි අයියයි මායි වෙනස අවුරුද්දයි. ඒ නිසා අපි දෙන්නා හිටියෙ යාළුවො වගේ. වයස 17 දි මගේ පොඩි අයියා, මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් මිය ගියා.

අරපිරිමැස්ම... දරාගැනීම අත්විඳ තිබෙනවද...

පෙතියාගොඩ කියන්නෙ, නුවර ගෙලිඔයෙන් ඇතුළට තියෙන පුංචි ගමක්. ඒ ගමේ තමයි මං ඉපදුණේ. හැදුණෙ වැඩුණේ. පුංචි කාලෙ පාන්දර හතරට නැගිටලා පොල් කටුවකට ඉටිපන්දමකුත් ගහගෙන අයියලා දෙන්නත් මාත් කරාබු නැටි ඇහිලුවේ තරගෙට. වෙලාවකට කරාබු ගස්වල දල්ලටම නැගලා කරාබු කඩනවා. අපි තුන්දෙනාට වෙන වෙනම කරාබු මලු තුනක එකතුවක් තිබුණා. අපි ඒවා වේළුවා. ගෙලිඔයට ගිහින් විකිණුවා. ඒ සල්ලි තමයි අපි පෙරහර බලන්න ගියාම වියදම් කළේ. අම්මා ගුරුවරියක්. තාත්තා පී.එච්.අයි. කෙනෙක්. රජයේ සේවකයන්ගෙ දරුවො විදියට අපි ගත කළේ සාමාන්‍ය ජීවිතයක්.

ඒ කියන්නෙ, ව්‍යාපාරික ඥානය ඔබට ලේ උරුමයක් නෙවෙයි...

කොහෙත් ම නැහැ. ඕ - ලෙවල් පන්තියේ මගේ යාළුවෙක් හිටියා, ගෙදර ෆාම් එකක් කරන. එයා ඉස්කෝලෙ එන ගමන් කඩේට බිත්තර ගේනවා. කොච්චරවත් කියෙව්වෙ බිස්නස් ගැන. ‘බිස්නස් කළොත් සල්ලි හම්බකරන්න පුළුවන්...’ ය කියන සිතිවිල්ල පළමු වතාවට මගේ ඔළුවට යන්නෙ මේ යාළුවා නිසා. ඊළඟට ඉස්කෝලෙ ළඟ ගෙදරක හැමදාම මම දැකපු ජගුවා කාර් එක.

මොකක්ද ඒ කතාව...

ඉස්කෝලෙ ළඟ පෝසත් ගෙදරක අයිතිකරුට තිබුණ කහපාට ලස්සන ජගුවා කාර් එකක්. ඒ කාර් එක ගියේ ඉස්කෝලෙ ඉස්සරහින්. අපි ඇල්ල ළඟට දුවනවා කාර් එක බලන්න. කාර් එක දැක්ක ම දවස ම පිරිලා. ‘මාත් කවදහරි දවසක මේ වගේ කෙනෙක් වෙන්න ඕනෙ...’ මට හිතෙනවා. යාළුවගේ කතාවයි, ජගුවා කාර් එකයි තමයි, සල්ලිකාරයෙක් වීමේ පළමු සිතිවිල්ල මගේ හිතට ඇතුළු කළේ.

ඒ වෙනුවෙන් මොනවද ඔබ කළේ...

මට ඕනෙ වුණා ඉක්මනින් ඉගෙන ගන්න... ඉක්මනින් ඉංජිනේරුවෙක් වෙන්න. මම ඉස්කෝලෙ මත ම රැඳී නො ඉඳ, සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ලන්ඩන් විභාග හොයාගෙන ගියා. කොටස් දෙකක් කළා. සමත් වුණා. ළමයින්ට ලෙක්චර් කළා. මේ සියල්ල කළේ, ඒ ලෙවල් පන්තියේ ඉන්න ගමන්. මං ඒ ලෙවල් හොඳින් සමත් වුණේ දෙවැනි පාර. විශ්ව විද්‍යාලෙ යන්න ලකුණු මදියි. මං අධ්‍යාපනික ආයතනක් පටන් ගත්තා. ඒ තමයි, මගේ පළමු ව්‍යාපාරය.

උසස් අධ්‍යාපනය අත්හැරුණු ඔබ කොහොමද ආචාර්ය නයන දෙහිගම වුණේ...

මගේ ජීවිතේ වැටුණු පැරදුණු තැන් අනන්තයි. වැදගත් ම දේ තමයි, ඒ වැටෙන හැම අවස්ථාවකම මං නැගිට්ටෙ පෙරට වඩා ජවයක් අරගෙන. මට යුනිවර්සිටි යන්න බැරි වුණාට. සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ලන්ඩන් විභාග හරහා ඉංජිනේරු උපාධියක් කළා. ඊළඟට වරලත් - ඉංජිනේරු උපාධිය (ලන්ඩන්), ජපුර පශ්චාත් උපාධිය, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, එම්.බී.ඒ. දක්වා ඇවිත් ආචාර්ය උපාධිය කළේ 2015 බැංකොක්වල AIT විශ්ව විද්‍යාලයෙන්.

සියල්ල වෙනතක හැරවූ Turning point එක කුමක්ද...

ලංකාව, ඉලෙක්ට්‍රොනික් පේමන්ට්ස් කියන දේට බොහොම හිමින් අතගහපු යුගයක සිංගප්පූරු වෙළෙඳ ප්‍රදර්ශනයකදි මං වෙරිෆෝන් ගැන දැන ගන්නවා. ‘වෙරිෆෝන්’ කම්පනියේ ඒජන්සිය මට ලැබෙනවා. ඒ වෙලාවෙ ලෝකෙ තිබුණු අංක එකේ පේමන්ට්ස් සොලූෂන්ස් කම්පනි එක තමයි වෙරිෆෝන්. අදත් ලංකාවේ හැම තැනෙකම 98% ක් භාවිත වන ක්‍රෙඩිට් කාඩ් ස්වයිප් කරන මැෂිම තමයි එදා මං ලංකාවට ගෙනාවේ.

බිස්නස් එකෙන් ඔබ හිතපු තැනට ඇවිත්. නැති කරගත් දේ මොනවද...

සතුට සහ නිදහස. හැබැයි ඒ මුල් කාලෙ. ඒ දේ ගිලිහෙන බව දැනෙන්න ගත්ත ම වහා ක්‍රියාත්මක වුණා. අපි දියුණු වෙන්න හදන්නෙ සතුට වෙනුවෙන් නම්, ඒක නැති කරගෙන යන ගමන මොකක්ද... හිතාමතාම පුළුවන් තරම් මං ගෙදරට පවුලට ළං වුණා. මගේ දුවට දැන් 22 යි. පුතාට 15 යි. ඒ දෙන්නට මං හොඳ යාළුවෙක්. මම බිස්නස් එක ප්රමුඛ කොට සලකන කෙනෙක් නෙවෙයි. මට ප්රමුඛ පවුල.

ඔබේ බිරියත් ව්‍යාපාරවලට සම්බන්ධයිද...

ඔව්. epic කියන්නේ ෆැමිලි බිස්නස් එකක්. අපේ ගෲප් එකේ කොම්පැනි දෙක තුනක ම අධ්යක්ෂවරියක් විදියට ඇය බිස්නස් එකේ ඉන්නවා.

දැන් ඔබේ වයස කීයද...

52 යි. මං මාව හොඳට බලා ගන්නවා. ව්‍යායාම්වලින් සහ ධර්මයෙන් ලැබෙන සැහැල්ලුවෙන් මං පොහොසත්. වාසනාව... කර්මය මං විශ්වාස කරනවා.

ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක්ද...

කවද හරි හොඳට සල්ලි තියෙන හොඳ ව්‍යාපාරයක හිමිකාරයෙක් වෙන්න මට හීනයක් අරමුණක් ආවේ වයස දාහතරේ පහළොවේදි. ඒ අරමුණේම හිඳ මං බිස්නස් හැදුවා. වැටුණත් යළි යළි නැගිට්ටා. ඔබ මගෙන් ඉගෙන ගන්න ඕනෙ අන්න ඒ, ‘Never Give up….’ කියන ආදර්ශ පාඨය. ඊළඟට ඔබේ ඇඟ ඇතුළෙ නළියන - පොදිකන පැෂන් එක හොයා ගන්න. මතු වෙන්න ඉඩ දෙන්න. ඒ ‘උණ’ ඔබව හුඟක් දුර රැගෙන යනවා. අන්තිම දේ තමයි ඔබ කොතැන කොහොම නැවතුණත් නිහතමානී වෙන්න. අද five star හෝටල්වලින් කෑවට, අතේ සල්ලි නැති කමට දවස ම එළවළු රොටියෙන් ගත කරපු දවස් මට අමතක නැහැ. අදත් මට පුළුවන් පෙට්ටි කඩේකින් එළවළු රොටියක් කාලා ප්ලේන්ටියක් බොන්න. කොයි තරම් ඉහළ ගියත් ඔබ ඉන්න ඕනෙ මෙන්න මේ තැන.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

සිළුමිණ - සල්පිල

ඡායාරූප - විමල් කරුණාතිලක

[QUOTE="shenat, post: 23611344, member: 30790"] [b]මං_දිනුවේ_හත්_පාරක්ම_පැරදිලා...[/b] [SIZE="4"][COLOR="Red"][I]මං දිනුවේ හත් පාරක්ම පැරදිලා...................අවුරුදු පහළොවක් තිස්සේ බිස්නස් හතක් ෆේල් වෙලා, අන්තිමේ සාර්ථක වුණු අටවැනි බිස්නස් එක.[/I][/COLOR] වැටෙනවා නම් වැටෙන්නට තිබූ මිලියන ගණනක් අවස්ථා ඔහු පසු කළේය. වැටෙන තරමට යළි නැගිට්ටේය. හරි ගියත් වැරදුණත් ගත යුතු තැන තීන්දු ගත්තේය. වැරැදුණු පැරැදුණු තැන මොහොතක් නැවතී හේතු අවබෝධ කර ගෙන යළි ගමන ඇරැඹිණි. ඔහුට අනුව, වැරැදීම් යනු, යමක් යළි ඉගෙන ගැනීමට ජීවිතයෙන් ලැබෙන තවත් එක් අවස්ථාවකි. ආචාර්ය නයන දෙහිගම කියැවීම වටින්නේ මේ සියලු හේතු කාරණා එකලස් කළ තැනය. [COLOR="Blue"]epic කොහොමද සාමාන්‍ය ජනතාවට සමීප වෙන්නේ...[/COLOR] අපි ඔබේ ජීවිතය පහසු කරන, සමාජයේ විවිධ ප්‍රශ්නවලට තාක්ෂණික විසඳුම් ලබා දෙන සමාගමක්. යමක් මිලදීගෙන ඔබ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවද්දි, මොබයිල් ඇප්ස් හරහා බැංකු කටයුතු කරද්දි ඔබ නොදැන හෝ භාවිත කරන්නේ අපේ තාක්ෂණය. [COLOR="Blue"]ෙම් දේශීය ව්‍යාපාරයක් ද...[/COLOR] සියයට සියයක් ම. මේ වෙනකොට ජපානයේ සිංගප්පූරුවේ සහ මැලේසියාවේ අපේ ශාඛා තිබෙනවා. මැලේසියාවේ ලොකු ම රාජ්‍ය බැංකුවත් සිංගප්පූරු පොලිසියෙ එක අංශයක් ම භාවිත කරන්නෙත් අපේ මෘදුකාංග. මේවා ලංකාවේ තරුණ ඉංජිනේරුවො නිපදවපු විශිෂ්ට නිර්මාණ. ලෝකෙන් අපිට පිළිගැනීමක් තිබුණට තවමත් අපේ රටේ අපේ නිර්මාණකරුවො ගැන තියෙන්නෙ අඩු තක්සේරුවක්. ‘ගෙඩිය පිටින්’ ෆොරීන් කම්පනිවලට වැඩ බාර දෙන්නයි, මේ රටේ වගකීම් දරන අය කැමැති. [COLOR="blue"]ඒ වුණත් ඔබ රාජ්‍ය අංශයට දායකත්වය දෙනවා...[/COLOR] ඒක, අපේ වුවමනාවෙන් යන අමාරු ගමනක්. හැම වෙලාවෙ ම අපිට වඩා ෆොරීන් කම්පනි ඉස්සරහා තියලා තමයි ඔවුන් කතා කරන්නේ. [COLOR="blue"]ඒත් ඔබව හොඳ ම ව්‍යවසායකයා බවට පත් කරන්නෙත් මේ රටමයි...[/COLOR] ඒකම තමයි කනගාටුව. දේශීය ව්‍යවසායකයා නඟා සිටුවනවා කියලා පුන පුනා කියන ගමන්, අපිව අගයන ගමන් කකුලෙනුත් අදිනවා. මම කිහිපවරක් ම මේ රටේ හොඳ ම ව්‍යවසායකයා වෙලා තිබෙනවා. ආසියා පැසිෆික් හොඳම ව්‍යවසායක වෙලා තිබෙනවා. ඒ නිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් තිබෙනවා. දේශීය ව්‍යවසායකයාට ප්‍රමුඛත්වය නොදී රටකට ගමනක් නැහැ. [COLOR="blue"]ඔබ චෝදනාවක් ද කරන්නේ...[/COLOR] කොහොම බාරගෙන හරි, රට හරි මඟට එනවා නම් එච්චරයි. පුද්ගලිකව මම ඔය එක දේකින්වත් වැටෙන්නෙ නැහැ. නමුත් කඩා වැටෙන දේශීය ව්‍යාපාරිකයෝ ඕන තරම් ඉන්නවා. ‘රජය වැටුණත් අපි වැටෙන්නෑ...’ මට මං ගැන තිබෙන්නෙ එහෙම විශ්වාසයක්. එක ම මාර්ගයක රැඳිලා ඉන්න ව්‍යවසායකයෙක් නෙවෙයි මම. [COLOR="blue"]ව්‍යවසායකයෙක් කියන දේ ඔබට අභිමානයක් හැඩයි...[/COLOR] මට අනුව, ව්‍යවසායකයෙක් කියන්නෙ මහා ප්රතාපවත් චරිතයක්. ඔහුට දැක්මක් තිබෙනවා. ඔහු නිතර ජනේලයෙන් එළිය බලන කෙනෙක්. උකුසු ඇසකින් අවස්ථා හොයන සහ හඳුනාගන්න කෙනෙක්. ඔහුට තිබෙන්නෙ තමන්ගෙ කියන බිස්නස් එකක වගකීම නෙවෙයි. එය සමස්ත සමාජයක් අරභයා තිබෙන වගකීමක්. ඔහු උපයන්නෙ තමන්ට සහ තමන්ගෙ පවුලට විතරක් නෙවෙයි. කොටස්කරුවො, සේවකයන්, සේවා දායකයෝ සහ සමාජ සුබ සාධනය උදෙසා ඔහු ඉපැයිය යුතුයි. නවෝත්පාදන හඹා යෑමේ ගුණය, වෙනස් ලෙස ඉදිරිපත් කිරීම, අඛණ්ඩව යෙදිය යුතු රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ඔහුගේ දෛනික ජීවිතයේ තිබිය යුතු දේ. රටට රැකියා අවස්ථා උපද්දවීම ඔහු නිතර සිතන දෙයක්. තමන්ගේ බිස්නස් එක සහ ලාභය පමණක් ගැන හිතන ව්‍යාපාරිකයාගෙන්, ව්‍යවසායකයා වෙනස් වෙන්නේ මේ හේතුන් නිසා. [COLOR="blue"]මොකක්ද epic අර්ථය...[/COLOR] Electronic payments and internet Commerce. මේ සංකල්පයේ අකුරු හතරෙන් හදපු නම epic. 1996 - 97 කාලයේ තමයි ඉලෙක්ට්‍රොනික් පේමන්ට් ලෝකයේ වැඩිපුර භාවිත වුණේ. රැල්ලක් හැදුණේ. e - commerce කියන මේ විෂය මට ඉගෙන ගන්න ලැබුණෙ මගේ අන්තිම රස්සාව නිසා. වෙළෙඳ ප්‍රදර්ශන, වෙළෙඳ වැඩමුළු, පුහුණුවීම් වෙනුවෙන් මං නිතර පිටරට ගියා. එහෙම ගමන්වලදියි, මං මේ විෂයේ සාර්ථක බව දැක්කේ. මේ ක්ෂේත්රයට හිත ගියේ. ව්‍යවසායකයෙක් වීමේ පොපියන මානසිකත්වයෙන් හිටි මට, electronic commerce, හදවතට දැනුණු ක්ෂේත්රයක් වුණා. [COLOR="blue"]epic අද කොතැනද තිබෙන්නේ...[/COLOR] කොම්පැනි අටක් දක්වා විහිදුණු සමූහ ව්‍යාපාරයක්. බහුතර මෘදුකාංග ඉංජිනේරුවො ඇතුළු සේවක පිරිස තුන්සියයක්. ව්‍යාපාරික වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 70 ක්. වාර්ෂික ආදායම බිලියන දෙකක්. වැදගත් ම දේ, පේමන්ට්ස්වලින් පටන් ගත් සමාගම අද විවිධාංගිකරණය වෙමින් ජාත්‍යන්තරය දක්වා ව්‍යාප්ත වී තිබීම. තොරතුරු තාක්ෂණය, ඒ හා බැඳුණු ආරක්ෂක පද්ධතීන් නිර්මාණය, දත්ත, මොබයිල් ඇප්ලිකේෂන්ස්, බෝඩර් මැනේජ්මන්ට්... ඇතුළු අංශ රාශියක් ඔස්සේ epic ක්‍රියාත්මකයි. [COLOR="blue"]රාජ්‍ය අංශයට දෙන දායකත්වය ගැන කියන්න...[/COLOR] 2003 පටන් ලංකාවට පාස්පෝට් සපයන්නේ අපි. පාස්පෝට් පොතට අවශ්‍ය කොළ හදවන්නේ ජ’මනියේ. කවරය ඇමරිකාවේ. බඳින නූල එංගලන්තයේ. තීන්ත ස්විට්සර්ලන්තයෙන්. පිටුවල ආරක්ෂක මෝස්තර යොදන්නේ හංගේරියාවේ. අවසානයේ පොත එකලස් කරන්නේ ප්‍රින්ට් කරන්නේ ඉන්දුනීසියාවේ. ඒ වගේ ම, ඡායාරූපය ගැනීමේ ක්‍රියාවලියේ සිට අභ්‍යන්තරික සම්බන්ධීකරණ කටයුතු දක්වා, ජාලගත වී අලුත් ජාතික හැඳුනුම්පත හදන්නෙත් අපි. [COLOR="blue"]මේ බිස්නස්වල අවදානම වැඩියි නේද...[/COLOR] මං අභියෝගවලට කැමැතියි. දවසකට පාස්පෝට් 3000 ක් නිකුත් කරන පාස්පෝට් කාර්යාලය මොන තරම් ප්‍රශ්න පැනනැඟෙන තැනක්ද. සියයට අසූවක් ම එක් දින සේවාව. අපේ මෘදුකාංග ඉංජිනේරුවො හතර දෙනෙක් එතැන පූර්ණකාලීනව වැඩ. බැරිවෙලාවත් අපේ සිස්ටම් එක කඩා වැටුණොත් මොකද වෙන්නේ. මිනිස්සු මොනවා නොකරයිද.. ඒ නිසා අපිට මොහොතකටවත් ෆේල් වෙන්න බැහැ. එච්චර කාලයක් ලංකාවට පාස්පෝට් හැදූ බ්‍රිතාන්‍ය කොම්පැනිය එක්ක තරග කරලා අපි ගත්තෙ ටෙන්ඩරය විතරක් නෙවෙයි. ජාතික වගකීමක්. අවදානමක්. [COLOR="blue"]ඒත් ඔබට පුරුදු ෆීල්ඩ් එකක් නෙවෙයි නේද...[/COLOR] ටෙන්ඩර් එකට දානකොට මං බොහෝ දේ දැනගෙන හිටියෙ නැහැ. නමුත් මං ඉගෙන ගත්තා. කාසි නිෂ්පාදනයේදිත් ඒ වගේ. වැඩේට සුදුසු හරිම මිනිස්සු ටික තෝරා ගන්න එකයි වැදගත් ම දේ. ඒකට මට හොඳ ඉවක් තිබෙනවා. හොඳ ව්‍යවසායකයෙක් වෙන්න නම් හරිම වෙලාවෙදි හරිම පුද්ගලයන් තෝරා ගැනීමට සූක්ෂ්ම විය යුතුයි. [COLOR="blue"]මොනවද ඔබ සපයන කාසි...[/COLOR] රුපියල, දෙක, පහ, දහය. මේවා ස්ටේන්ලස් ස්ටීල් අලුත් කාසි. ස්ලෝවැකියාවේ නිපදවන මේ කාසි ශ්‍රී ලංකා රජයට ගෙනැත් දෙන්නෙ අපි. [COLOR="blue"]එපමණද...[/COLOR] නැහැ. මහ බැංකුවෙන් භාවිතය තහනම් කළ අපිරිසුදු මුදල් නෝට්ටු ඉතාමත් කුඩා කැබැලිවලට කපනවා. ඒ නෝට්ටු කොළ කෑලි පල්පයක් කරලා ගඩොල් වගේ පොඩි රවුම් බ්රිකට්ස් හදනවා. මේවා ගඩොල් වගේම හයියයි. දැනට ඉඩම් ගොඩකරන්න විතරයි මේ බ්රිකට්ස් භාවිත කරන්නේ. ලංකාවේ සාමාන්‍යයෙන් එක අවුරුද්දකට අලුත් නෝට්ටු මිලියන 300 ක් ප්‍රින්ට් වෙනවා. ඒ කියන්නෙ මිලියන 300 ක් කැපෙනවා කියන එකයි. මොකද, පරණ ඒවා කපනකොටයි, අලුත් ඒවා ප්‍රින්ට් කරන්නේ. මේ නෝට්ටු කපන මැෂින්ස් මහ බැංකුවට සපයන්නේ අපි. මේවා ගැනෙන්නේ අපේ ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් හැටියට. නමුත් අපි රජයට වැඩි ම දායකත්වය දෙන්නේ ‘ඊ - ගවන්මන්ට්’ ප්‍රොජෙක්ට්ස් හරහා. ඒ කියන්නෙ, එන්ටප්‍රයිස් ඩිජිටලයිසේෂන් ඇන්ඩ් කන්ටෙන්ට් මැනේජ්මන්ට් හෙවත් අතින් කරන සියලු ෆයිල් වැඩ ඩිජිටල්කරණය කිරීම. ඒකෙන් රාජ්‍ය ආයතනවල කොළ භාවිතය අවම වී තිබෙනවා. ‘ඊ - පාර්ලිමන්ට්’ තමයි, අපේ අලුත් ම ප්‍රොජෙක්ට් එක. [COLOR="blue"]එතකොට epic ඔබේ කී වැනි ව්‍යාපාරයද...[/COLOR] අවුරුදු පහළොවක් තිස්සේ බිස්නස් හතක් ෆේල් වෙලා, අන්තිමේ සාර්ථක වුණු අටවැනි බිස්නස් එක. බිස්නස් එකක් පටන් ගනිද්දි මං කවදාවත් හිතුවෙ නැහැ මේක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන එක. හරියන්න හරි වරදින්න හරි ඒක කළා. වැරදුණොත් අත් හැරියා. ජොබ් එකක් හොයා ගත්තා. හැබැයි ආයෙත් බිස්නස් එකක් පටන් ගත්තා. වැරදුණා. අත්හැරියා. ජොබ් එකකට ගියා. [COLOR="blue"]මොකක්ද ඔබේ පළමු රස්සාව...[/COLOR] ලැබ් උපකරණ සහ කෙමිකල් විකුණන සමාගමක සේල්ස් රෙප්. සේල්ස් රෙප්ගෙන් පටන් ගත්තම මාකටින් හෙඩ් දක්වා හැම පියවරකදි ම මංරස්සාව එන්ජෝයි කළා. මගේ අන්තිම සේවා ස්ථානය, BC කම්පියුටර්ස් කියන්නෙ මං හුඟක් දේ ඉගෙන ගත්තු තැනක්. epic අරඹන්නේ එතැනින් ලබපු දැනුම පන්නරය වගේ ම, මං ගොඩනඟාගෙන තිබූ හොඳ ව්‍යාපාරික සබඳතා ජාලයක් එක්ක. [COLOR="blue"]epic හදන්න මොන තරම් ප්‍රාග්ධනයක් යට කළාද...[/COLOR] මේ 1998 අවුරුද්ද. රුපියල් දහදාහක් අතේ තියෙන්න ඇති. මං හිටියෙ කාමර දෙකක කුලී ගේක. එක කාමරයක් ඔෆිස් එක කරගත්තා. අත මාරුවක් අරන් කම්පියුටරයක් ප්‍රින්ටරයක් වගේ අවශ්‍ය දේ ගත්තා. [COLOR="blue"]පුංචි කාලෙත් ඔබ දක්ෂයෙක් ද...[/COLOR] එෙක් ඉඳන් පහේ පන්තියට යනකල් මං හිටියෙ බදුල්ල ධර්මදූතයේ. හැමදාම එක, දෙක නැත්නම් තුන. මං ශිෂ්‍යත්වෙ සමත් වෙනවා. කිංස්වුඩ් යනවා. ඉගෙනීමට අමතරව, හොකි, කරාටේ, මාෂල් ආට්ස්... හැම දේම කරනවා. කරාටේ කළු පටි දෙවැනි ශ්‍රේණියත් කරලා කරාටේ උගන්වනවා. ඕ - ලෙවල් ඉවරවුණු ගන් මට ම හිතිලා ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකොමියුනිකේෂන් විෂය හදාරලා සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විභාග කරනවා. ඔය අතරෙ ගණිත අංශයෙන් ඒ - ලෙවල්ස් කරනවා. එකවර වැඩ කිහිපයක් කරන්නත් වැඩ බැලන්ස් කරගන්නත් ඒ ළමා කාලෙත් මට ලොකු හැකියාවක් තිබුණා. [COLOR="blue"]අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කුමක් ද...[/COLOR] අපිට අපි විදියට හැදෙන්න දුන් එක. හොඳයි නරකයි කියලා දුන්නා මිස කවදාවත් ඒ දෙන්න ම අපිට ඉගෙන ගන්න බල කෙළ් නැහැ. රටට බරක් නොවී ජීවත් වෙන්න ඕනෙ කියන දේ විතරයි, ඔළුවට දැම්මෙ. මට මතකයි, පළවෙනි ඉන්ස්ටිටියුට් එක දාලා ඉඳිද්දි අෙත් සල්ලි නැහැ. මගේ යාළුවො හතර දෙනාත් හවුල් කාරයො වුණාට ඒ අය ළඟත් නැහැ. නුවර නගර සභාවේ වැඩකරපු තාත්තා වැඩට යන ගමන්, අම්මා ඔතලා දීපු පොඩි බත් පැකට් පහක් ගෙනැත් දෙන්න කිලෝ මීටරයක් දෙකක් පයින් ම ඇවිදගෙන එනවා. දන්නවා, අපිට කන්නවත් අතේ සල්ලි නැති බව. ඇති කාලෙත් නැති කාලෙත් සමගියෙන් ජීවත් වෙන හැටි, වරදින පරදින විට යළි නැඟිටින හැටි තාත්තා කියලා දුන්නෙ අත්දැකීම් ලබන්න ඇරලා. [COLOR="blue"]ඔබ පවුලේ කී වැනියද...[/COLOR] අයියලා දෙන්නෙකුට පස්සෙ මං. මට පස්සෙ නංගි. පොඩි අයියයි මායි වෙනස අවුරුද්දයි. ඒ නිසා අපි දෙන්නා හිටියෙ යාළුවො වගේ. වයස 17 දි මගේ පොඩි අයියා, මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් මිය ගියා. [COLOR="blue"]අරපිරිමැස්ම... දරාගැනීම අත්විඳ තිබෙනවද...[/COLOR] පෙතියාගොඩ කියන්නෙ, නුවර ගෙලිඔයෙන් ඇතුළට තියෙන පුංචි ගමක්. ඒ ගමේ තමයි මං ඉපදුණේ. හැදුණෙ වැඩුණේ. පුංචි කාලෙ පාන්දර හතරට නැගිටලා පොල් කටුවකට ඉටිපන්දමකුත් ගහගෙන අයියලා දෙන්නත් මාත් කරාබු නැටි ඇහිලුවේ තරගෙට. වෙලාවකට කරාබු ගස්වල දල්ලටම නැගලා කරාබු කඩනවා. අපි තුන්දෙනාට වෙන වෙනම කරාබු මලු තුනක එකතුවක් තිබුණා. අපි ඒවා වේළුවා. ගෙලිඔයට ගිහින් විකිණුවා. ඒ සල්ලි තමයි අපි පෙරහර බලන්න ගියාම වියදම් කළේ. අම්මා ගුරුවරියක්. තාත්තා පී.එච්.අයි. කෙනෙක්. රජයේ සේවකයන්ගෙ දරුවො විදියට අපි ගත කළේ සාමාන්‍ය ජීවිතයක්. [COLOR="blue"]ඒ කියන්නෙ, ව්‍යාපාරික ඥානය ඔබට ලේ උරුමයක් නෙවෙයි...[/COLOR] කොහෙත් ම නැහැ. ඕ - ලෙවල් පන්තියේ මගේ යාළුවෙක් හිටියා, ගෙදර ෆාම් එකක් කරන. එයා ඉස්කෝලෙ එන ගමන් කඩේට බිත්තර ගේනවා. කොච්චරවත් කියෙව්වෙ බිස්නස් ගැන. ‘බිස්නස් කළොත් සල්ලි හම්බකරන්න පුළුවන්...’ ය කියන සිතිවිල්ල පළමු වතාවට මගේ ඔළුවට යන්නෙ මේ යාළුවා නිසා. ඊළඟට ඉස්කෝලෙ ළඟ ගෙදරක හැමදාම මම දැකපු ජගුවා කාර් එක. [COLOR="blue"]මොකක්ද ඒ කතාව...[/COLOR] ඉස්කෝලෙ ළඟ පෝසත් ගෙදරක අයිතිකරුට තිබුණ කහපාට ලස්සන ජගුවා කාර් එකක්. ඒ කාර් එක ගියේ ඉස්කෝලෙ ඉස්සරහින්. අපි ඇල්ල ළඟට දුවනවා කාර් එක බලන්න. කාර් එක දැක්ක ම දවස ම පිරිලා. ‘මාත් කවදහරි දවසක මේ වගේ කෙනෙක් වෙන්න ඕනෙ...’ මට හිතෙනවා. යාළුවගේ කතාවයි, ජගුවා කාර් එකයි තමයි, සල්ලිකාරයෙක් වීමේ පළමු සිතිවිල්ල මගේ හිතට ඇතුළු කළේ. [COLOR="blue"]ඒ වෙනුවෙන් මොනවද ඔබ කළේ...[/COLOR] මට ඕනෙ වුණා ඉක්මනින් ඉගෙන ගන්න... ඉක්මනින් ඉංජිනේරුවෙක් වෙන්න. මම ඉස්කෝලෙ මත ම රැඳී නො ඉඳ, සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ලන්ඩන් විභාග හොයාගෙන ගියා. කොටස් දෙකක් කළා. සමත් වුණා. ළමයින්ට ලෙක්චර් කළා. මේ සියල්ල කළේ, ඒ ලෙවල් පන්තියේ ඉන්න ගමන්. මං ඒ ලෙවල් හොඳින් සමත් වුණේ දෙවැනි පාර. විශ්ව විද්‍යාලෙ යන්න ලකුණු මදියි. මං අධ්‍යාපනික ආයතනක් පටන් ගත්තා. ඒ තමයි, මගේ පළමු ව්‍යාපාරය. [COLOR="blue"]උසස් අධ්‍යාපනය අත්හැරුණු ඔබ කොහොමද ආචාර්ය නයන දෙහිගම වුණේ...[/COLOR] මගේ ජීවිතේ වැටුණු පැරදුණු තැන් අනන්තයි. වැදගත් ම දේ තමයි, ඒ වැටෙන හැම අවස්ථාවකම මං නැගිට්ටෙ පෙරට වඩා ජවයක් අරගෙන. මට යුනිවර්සිටි යන්න බැරි වුණාට. සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ලන්ඩන් විභාග හරහා ඉංජිනේරු උපාධියක් කළා. ඊළඟට වරලත් - ඉංජිනේරු උපාධිය (ලන්ඩන්), ජපුර පශ්චාත් උපාධිය, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, එම්.බී.ඒ. දක්වා ඇවිත් ආචාර්ය උපාධිය කළේ 2015 බැංකොක්වල AIT විශ්ව විද්‍යාලයෙන්. [COLOR="blue"]සියල්ල වෙනතක හැරවූ Turning point එක කුමක්ද... [/COLOR] ලංකාව, ඉලෙක්ට්‍රොනික් පේමන්ට්ස් කියන දේට බොහොම හිමින් අතගහපු යුගයක සිංගප්පූරු වෙළෙඳ ප්‍රදර්ශනයකදි මං වෙරිෆෝන් ගැන දැන ගන්නවා. ‘වෙරිෆෝන්’ කම්පනියේ ඒජන්සිය මට ලැබෙනවා. ඒ වෙලාවෙ ලෝකෙ තිබුණු අංක එකේ පේමන්ට්ස් සොලූෂන්ස් කම්පනි එක තමයි වෙරිෆෝන්. අදත් ලංකාවේ හැම තැනෙකම 98% ක් භාවිත වන ක්‍රෙඩිට් කාඩ් ස්වයිප් කරන මැෂිම තමයි එදා මං ලංකාවට ගෙනාවේ. [COLOR="blue"]බිස්නස් එකෙන් ඔබ හිතපු තැනට ඇවිත්. නැති කරගත් දේ මොනවද...[/COLOR] සතුට සහ නිදහස. හැබැයි ඒ මුල් කාලෙ. ඒ දේ ගිලිහෙන බව දැනෙන්න ගත්ත ම වහා ක්‍රියාත්මක වුණා. අපි දියුණු වෙන්න හදන්නෙ සතුට වෙනුවෙන් නම්, ඒක නැති කරගෙන යන ගමන මොකක්ද... හිතාමතාම පුළුවන් තරම් මං ගෙදරට පවුලට ළං වුණා. මගේ දුවට දැන් 22 යි. පුතාට 15 යි. ඒ දෙන්නට මං හොඳ යාළුවෙක්. මම බිස්නස් එක ප්රමුඛ කොට සලකන කෙනෙක් නෙවෙයි. මට ප්රමුඛ පවුල. [COLOR="blue"]ඔබේ බිරියත් ව්‍යාපාරවලට සම්බන්ධයිද...[/COLOR] ඔව්. epic කියන්නේ ෆැමිලි බිස්නස් එකක්. අපේ ගෲප් එකේ කොම්පැනි දෙක තුනක ම අධ්යක්ෂවරියක් විදියට ඇය බිස්නස් එකේ ඉන්නවා. [COLOR="blue"]දැන් ඔබේ වයස කීයද...[/COLOR] 52 යි. මං මාව හොඳට බලා ගන්නවා. ව්‍යායාම්වලින් සහ ධර්මයෙන් ලැබෙන සැහැල්ලුවෙන් මං පොහොසත්. වාසනාව... කර්මය මං විශ්වාස කරනවා. [COLOR="blue"]ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක්ද...[/COLOR] කවද හරි හොඳට සල්ලි තියෙන හොඳ ව්‍යාපාරයක හිමිකාරයෙක් වෙන්න මට හීනයක් අරමුණක් ආවේ වයස දාහතරේ පහළොවේදි. ඒ අරමුණේම හිඳ මං බිස්නස් හැදුවා. වැටුණත් යළි යළි නැගිට්ටා. ඔබ මගෙන් ඉගෙන ගන්න ඕනෙ අන්න ඒ, ‘Never Give up….’ කියන ආදර්ශ පාඨය. ඊළඟට ඔබේ ඇඟ ඇතුළෙ නළියන - පොදිකන පැෂන් එක හොයා ගන්න. මතු වෙන්න ඉඩ දෙන්න. ඒ ‘උණ’ ඔබව හුඟක් දුර රැගෙන යනවා. අන්තිම දේ තමයි ඔබ කොතැන කොහොම නැවතුණත් නිහතමානී වෙන්න. අද five star හෝටල්වලින් කෑවට, අතේ සල්ලි නැති කමට දවස ම එළවළු රොටියෙන් ගත කරපු දවස් මට අමතක නැහැ. අදත් මට පුළුවන් පෙට්ටි කඩේකින් එළවළු රොටියක් කාලා ප්ලේන්ටියක් බොන්න. කොයි තරම් ඉහළ ගියත් ඔබ ඉන්න ඕනෙ මෙන්න මේ තැන. ඉනෝකා පෙරේරා බණ්ඩාර සිළුමිණ - සල්පිල ඡායාරූප - විමල් කරුණාතිලක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom