Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගෙ ලොරියෙන් බඩු ගෙනිච්චෙ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ ලොරියෙන් බඩු ගෙනිච්චෙ මෙහෙමයි

පාස්කු දින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්රස්තයෝ දෙවැනි ප්‍රහාර මාලාවකට ද අරඇන්දාහ. දැන් එය තහවුරු වී ඇත. එහෙත් එම ප්‍රහාර මාලාව වළකාගැනීමට හැකි වූයේ හාස්කමකින් නොවේ. සිවිල් පුරවැසියකුගේ අභීත ක්‍රියාවක් නිසාය. ඔහු නිට්ටඹුවේ, යටියන

වෙසෙන 44 හැවිරිදි විතානගේ ශාන්තලාල් ය. සහරාන්ලාගේ බෝම්බ ලොරිය මීගමුවේ සිට කල්මුණේ දක්වා රැගෙන ගියේ ඔහුය.

ජාතිය සුරක්ෂිත කළ අතිශය වැදගත් මෙහෙයුමට දායක වීමෙන් පසු විඩාපත්ව සිටි ශාන්තලාල් පසුගියදා සිය කතාව මාධ්‍යයට කීවේය. ඒ ඔහුගේ මුළු පවුලම බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිද්දීය. අප ඔහුගේ නිවෙසට ගිය පසුගිය අඟහරුවාදා වන විටත් ඔහු සිටියේ අපේක්ෂාභංගත්වයෙනි. එහෙත් ශාන්තලාල් අගයමින් ජනපතිවරයා විසින් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ප්‍රකාශ කළේද එදින පස්වරුවේයි.

“ත්රස්තවාදීන් නිසා මරණයට පත් වුණ, තුවාල ලබා සිටින අය ගැන මට තියෙන්නෙ වාවගන්න බැරි දුකක්. මේ සල්ලිවලින් ඒ මිනිස්සුන්ටත් පින් අත්වෙන දෙයක් කරනවා.“ එදින සවස ශාන්තලාල් අපට කීවේය.

ත්‍රස්තවාදින් යැයි නොදැන, ඔවුන්ගේ බෝම්බ ලොරිය රැගෙන යෑමෙන් අනතුරුව තමන් ලැබූ බිහිසුණු අත්දැකීම ඔහු අප ඉදිරියේ දිගහැරියේ අඟහරුවාදා පෙරවරුවේය. අප සමඟ කතා කරමින් සිටින විට ඔහුට දුරකතන ඇමතුම් එයි. ඒ ණය කාරයන්ගෙනි. ලීසිං සමාගම්වලිනි. සියල්ල අතරමැද ඔහු සිය අත්දැකීම් අප ඉදිරිපිට දිග හරිමින් සිටී.

“ මං බිස්නස් නිසා කෝටි ගානක් ණයවෙලා ඉන්න කෙනෙක්. ෆිනෑන්ස් එකක් දාලා ලොරිය ගත්තෙත් ව්‍යාපාරය කරන්න. ඒත් බිස්නස් නෑ. ඒ නිසා පත්තරෙන් දැකලා ගිය මාර්තු මාසේ බෙල්ලන්විල තියෙන කැබ් සර්විස් එකක යක්කල ශාඛාවට එකතු වුණා. ඒත් හයර් හම්බ වුණෙත් කලාතුරකින්.

එදා අප්‍රේල් 09 වැනිදා. මට කැබ් සර්විස් එකෙන් කතා කරලා කීවා, “ හොඳ හයර් එකක් හම්බ වුණා... මීගමුවෙන් අම්පාරට. ලොකු ගානක් ලැබෙනවා කියලා. යන කෙනාගේ දුරකතන අංකෙත් දුන්නා.

“මං දීපු නොම්මරේට කතා කළා. උත්තර දුන්න කෙනා කිව්වා මීගමුව කටුවපිටිය පාරේ එන්න කියලා. කතාවෙන් තේරුණා, සිංහල නෙවෙයි, දෙමළ හෝ මුස්ලිම් කියලා. මං කිව්වා කටුවාපිටිය දන්නෙ නෑ කියලා ඔවුන් කීවා කලබල නෑ. හිමින් එන්න. ඔවුන් නවලෝක රෝහල ළඟ ඉන්නවා කියලා. රෑ 11.15 වෙනකොට රෝහල ළඟට යන විට ස්කූටි බයික් එකක කෙනෙක් හිටියා. ඔහු පස්සෙ එන්න කියලා කටුවාපිටිය පාරට හැරෙව්වා.

“කිලෝමීටර් එකහමාරක් පමණ කොන්ක්‍රීට් පාරක ගිහින් පොඩි තුන්මංහන්දියක ගේට්ටු දාපු විශාල තට්ටු දෙකේ නිවෙසක් ළඟ ඔහු නතර වුණා. මිදුලේ බට්ටා වෑන් එකක් තිබුණා. උඩ තට්ටුව කළුවරයි. යට තට්ටුවේ පිරිමි හය දෙනෙක් පේන්න හිටියා. හැබැයි පෙනුමෙන් මුස්ලිම් බවක් පේන්න නෑ. වයසක කෙට්ටු කෙනෙකුත් හිටියා. පරක්කු වුණාට සමාවෙන්න කීවා. කට්ටියම ලොරිය ඇරලා බලලා 'ආ මේක නියමයි' කීවා.“

“ගෙදරට ගිය සැණින් ඔවුන් මට පිටරටකින් ගෙනා උසස්ම තත්වයේ රටඉඳි පෙට්ටියක් දුන්නා. තවමත් ඔහු සතුව තිබෙන එම රටඉඳි පෙට්ටිය අපටද පෙන්වීය.

“උදේ ඉඳන් කාලා නෑ වතුර විතරයි බිව්වේ මං මේක කන්නම් කීවාම, එපා... එපා... ඕක ළමයින්ට ගෙනියන්න. කන්න වෙනම දෙන්නම් කියලා ඇති තරම් රටඉඳි දුන්නා. ඊට පස්සෙයි නිවස ඇතුළට ගිහින් ගෙනියන්න තිබෙන දේ ගැන බැලුවේ. වොෂින් මැෂින්, ෆ්‍රිජ්, ගෑස් සිලින්ඩර්, ජෙනරේටර්, පෝර මිටි, ප්ලාස්ටික් පුටු, බේසම්, මොනවද දාපු සුදු කළු බූලි වගයක් ඒ අතරෙ තිබුණා. ලොරියකට දාන්න බැරි තරමටම බඩු වැඩියි. එයාලා කීවා එයාල බඩු පටවන්නම්... මට නිදාගන්න කියලා. ඒත් මම නිදාගත්තෙ නෑ. ඒ අය එක්ක බඩු පැටෙව්වා. එක්කෙනෙක් ලොරියට නැග්ගා. මුලින්ම පැටෙව්වෙ බූලි. මොනවද ඒ කියලා ඇහැව්වා සල්ෆියුරික් අම්ලය, ගිනි වතුර කියන්නෙ ඒවට බවයි. රත්තරන් බඩු උණු කරන්නයි ගන්නෙ. එහෙ වැඩපළක් දාන්නයි යන්නෙ කීවා. ඒවගේ බූලි 30ක් විතර පැටෙව්වා.“

“මගේ ෆෝන් එක චාර්ජ් කරගන්න ඕනෙ කීවා. එක්කෙනෙක් චාජරෙත් එක්කම අරන් ගියා. මාත් ටිකකින් ඇතුළට ගියා චාජ් වෙනවද බලන්න. මං දැක්කා, කාමරේක මහත කෙනෙකුයි කෙට්ටු අයෙකුයි සරම් ඇඳගෙන බිම වාඩිවෙලා කසුකුසුවක් යනවා. මං දිහා දෙන්නම එකපාරටම බලලා හිනා වුණා. ඔහුගේ මුහුණ මට හොඳට මතක හිටියා.

දැන් බඩු පටවලා ලොරියම පිරිලා. අන්තිමටම ගේනවා යකඩ ඇඳකුයි මෙට්ටෙකුයි. මං කෑගහලා කිව්වා ෆ්‍රිජ් වොෂින් මැෂින් සීරෙනවා නේද කියලා. ‘අවුලක් නෑ, වැඩ කරන අයට දෙන්නනේ‘ එකෙක් එහෙම කීවා. මේ අය හැසිරුණේ ඉතාම සුහදව. “

“ අපි යන්න පිටත් වුණා 12.30 විතර. කට්ටියම කීවා, ඔයා හොඳට කාලා බීලා නිදිමත නම් නිදාගෙන යන්න. අපට කිසිම හදිසියක් නෑ හිමින් යන්න කියලා. ලොරියට එක්කෙනෙක් නැග්ගා. ඒ, මං කාමරේට ගියපු වෙලාවෙ බිම වාඩිවෙලා හිටපු දෙදෙනාගෙන් කෙට්ටු කෙනා. අපි කල්මුණේට ළඟා වෙන විට දවල් 12.30 යි. පිටත්වුණ ගමන්ම මං ඇහැව්වා, මොකද මේ ගෙදරින් යන්නෙ කියලා. ‘රුපියල් 45000ක කුලියට ගත්තෙ. රෙදි බිස්නස් කළේ. පස්සෙ රත්රන් බඩු හදන්න ගත්තා... අපෙන් වැඩිපුරම බඩු ගත්තෙ සිංහල අය. දියුණු වෙනකොට නිවෙස අයිතිකාරයා නිවස ඉල්ලුවා‘ ඔහු කීවා. අවුරුදු සීසන් එක නිසා වැඩ වැඩියි. ඒකයි මේ කඩිමුඩියේම වැඩපළක් දාන්න කල්මුණේ යන්නෙත්‘ වැඩිදුරටත් එයා පැවසුවා...

බඩු ගෙනියන්න බට්ටෝ වෑන් දෙකක්ම තියෙනවා කීවා. ඒත් ජුවලරි බඩු කඩවලට දාන්න තියෙන නිසයි හයර් එකට වාහනයක් ගත්තෙ කීවා. ව්‍යාපාර ගැනත් කතා කළා. ගෝලයන්ට කොමිෂන් දෙන්නෙ ලක්ෂ තුන හතර බවකුත් කීවා. එච්චර දෙන්නෙ කොහොමද ඇහැව්වම, නෑ. අපි දැන් හොඳට හම්බ කරලා තියෙන්නෙ. දෙන්න පුළුවන් යැයි පැවසුවා.

“ලොරියේ තෙල් තිබුණෙත් නෑ යනකොට. කිසිම තැනක ෂෙඩ් එකක් ඇරල නෑ. කොහොමහරි බඩල්ගම හරියේදි ෂෙඩ් එකක් ඇරලා තිබුණා. හරියටම ෂෙඩ් එකේ පොම්පෙ ළඟදි ලොරිය නතර වුණා තෙල් නැතිව. රුපියල් පන්දාහක තෙල් ගැහැව්වා. ටයර් එකක ගැටලුවක් තිබුණා. ඒත් හදාගන්නත් කඩයක් ඇරලා නෑ. මා සමඟ ගිය කෙනාට මහ රෑත් කෝල් ආවා. එක දිගට දෙමළෙන් කතාව. ඒ අතරෙ මට තේ බොන්න කියන එකමයි මිනිහගේ වැඩේ. දඹුල්ල දිගම්පතහ හරියෙදි තේ බීලා පාන්දර පහහමාර වෙනකොට කදුරුවෙලට ගියා. මිනිහා පල්ලියට ගියා.“

“මනම්පිටිය පහුවුණාම තමයි මාර වැඩක් වුණේ. බයික් එකක ඉස්සරහට එන කෙනෙක් මහත් උනන්දුවෙන් යමක් ගැන අතින් සංඥා කරමින් බිම පෙන්වමින් ආවේ. අපි දෙන්නටම තේරුණේ නෑ මොකක්ද කියලා. අපි පහුවෙන කොට බයික්කාරයා අපිට බැණ බැණ ගියේ.

“එකපාරට පාර මැදට අලියෙක් පැන්නා. බයික්කාරයා අලියා එන බව කියලා තියෙන්නෙ. අලියා දැන් ඉස්සරහට එනවා පන්නාගෙන. ලොරියෙ ගිය කෙනා 'රිවස්' කරන්න කියලා කෑගැව්වා. අලියා පන්නනවා. මම ලොරිය පුළුවන් වේගෙන් රිවස් එකට ගන්නවා. අලියා එකපාරටම හැරිලා යන්න ගියා. මම හොඳටම බය වුණ නිසා ටිකක් නැවතී ඉඳලා ආපහු යන්න ගත්තා.

ටයර් එකේ ගැටලුව විසඳගන්න තැනක් ලැබුණේ මඩකලපුව ආසන්නයේදී. ඒ වෙනකොට උදේ අටට විතර ඇති.

ටියුබ් එක අන්තිම සවුත්තු වෙලා. මට හිතාගන්න බැරි වුණා මෙච්චර ලෝඩ් එකක් අරන් මේ දුර ආපු එක ගැන. පැය එකහමාරක් විතර ඉඳලා ටියුබ් එකක් ගෙනල්ලා ටයර් එකත් හදා ගත්තා. මං එක්ක ගිය තැනැත්තා හිටියෙ හරිම ඉවසීමෙන්. ඒත් මිනිහට දිගටම දුරකතන ඇමතුම්.

පෙරවරු නවය පහු වුණා. දෙදෙනා තවම උදේ කෑවෙ නෑ. කඩයක් ළඟ නතර කරලා කෑමට ගියත් මනුස්සයා ගිය පාරෙම හැරිලා ආවා. ඇවිත් කීවා පොලිසියෙන් ඉන්නවා. ඉක්මනට යමු කියලා. මං කල්පනා කළා පොලිසිය හිටියට මක්වෙනවද කියලා. ඒත් ඒක ඔළුවෙන් ගියා.“

කෑම කෑවේ වෙනත් කඩයකින්. අපි මඩකලපුවට ආවා. ඒ මම මඩකලපුවට ගිය දෙවැනි අවස්ථාව. මා එක්ක ආපු කෙනා කීවේ පාර අහගෙන යමු කියලා. ලක්ෂ ගානක බඩු අරගෙන ආවත් මේ මනුස්සයත් මඩකලපුවට ඇවිත් තිබුණෙ එක පාරයි කියලා තමයි කීවේ. දැන් දෙන්න කල්මුණේට යන පාර අහමින් එනවා. මට තේරෙනවා මේ මනුස්සයාට ප්‍රදේශය ගැන කිසිම දැනුමක් නැති බව.

දොළහයි තිහට පමණ කල්මුණේට ආවා. කොළ පැහැති පල්ලියක් අසලදී කළු පැහැති යතුරුපැදියක, හෙල්මටයක් පැලඳි අයෙක් අපට හමු වුණා. එයා ලොරිය එන තෙක් බලා සිටි කෙනෙක්.

“පසුව මා ලොරිය, යතුරුපැදිය පසුපස පදවාගෙන ගියා. අපි යන්න ඕනෑ සමන්තුරේට. කල්මුණේ ඉඳලා කිලෝමීටර් නවයයි කියලා යතුරුපැදිකරු කීවා. ලොරියෙ මා සමග පැමිණි කෙනා කීවේ ඔහු සෙරෙප්පු සපත්තු බිස්නස් කරන කෙනෙක් කියලා.

ටිකක් දුර ගිහින් අපි පිළිමයක් ළඟින් දකුණට හැරුණා. ඒ පැත්ත තනිකරම නිවෙස්වලින් පිරුණු ජනාකීර්ණ ප්‍රදේශයක්. එතැනින් ඇවිත් තුංමං හන්දියකින් අම්පාර පාර පැත්තට හැරුණා. යතුරු පැදි කරු අපේ ඉදිරියෙන් ගියා. ඔහු කිසියම් පාරක් හෝදිසි කරන බව පෙනුණා.

දැන් අප පැමිණ තිබුණෙ සමන්තුරේ සෙන්ගල් ගම්මානයට. ඒ එක්කම නිවෙසක සිට දිව ආවේ වැඩිහිටි කාන්තාවක් සහ තරුණියක්. ඔවුන් යාබද නිවෙසේ රෝලර් ගෙට්ටුව විවෘත කෙරුවා. දැන් බඩු ටිකක් මෙතැන බාන්න හදන්නෙ. මාත් සමඟ ගිය කෙනා ලොරියේ ඉඳන් බඩු ළං කරලා දෙනවා. බයික්කාරයයි මමයි ගෙයින් තියනවා. ඇඳ මුලින්ම බෑවා. වොෂින් මැෂින් ඒව මේවා පැත්තකට කරලා අස්සෙම තිබුණ බූලි ටික එතැනට බෑවා. මං ඇහැව්වාම කිව්වා පෝර මිට බාන්නෙ කුඹුරකට දාන්න, අනෙක් බඩු ටික වෙන ගෙදරකට කියලා.“

ඉතිරි බඩු තොගය අරන් දෙවැනි ගෙදරට ගියා. අපි ඇවිත් තිබුණෙ නින්දවූර් ගෙදරකට. ඒ ගෙදරින් බඩු ටික බෑවා. මේ බඩු ටික බෑවට පස්සේ ඒ අය මට කුලියට අමතරව වැඩිපුර මුදලක් දුන්නා. එතෙක් වෙලා වාහනේ තැනක සඟවගෙන ආපු පාර්සලයක් අරන් මා එක්ක ආපු මනුස්සයා කල්මුණෙන් නැවතුණා. එන ගමන් එයාට දුරකතන ඇමතුම් කීපයක් දුන්නත් කතා කළේ නෑ. ගෙදර ඇවිත් මං වේයන්ගොඩ නයිවල ඇඟලුම් කර්මාන්ත ශාලාවක රෙදි ටෙන්ඩරයක් ගත්තා. ඒ 22 දා ඉඳලා රෙදි බිස්නස් එකක් කරන්න. එහි නිලධාරීන් වන සිරිවර්ධන, රනිල් සහ ශාලක මට උදව් කළා. ඒත් පාස්කු ප්‍රහාරය නිසා බිස්නස් එක නවත්වන්න සිද්ධ වුණා.

“පාස්කු ප්‍රහාරය දා ටීවී එක බලනකොට ඇහෙනවා කටුවපිටිය පල්ලිය ගැන කියනවා. මඩකලපුව ගැන කියනවා. මුස්ලිම් ජාතිකයෝ ගැන කියනවා. මං ඒත් පුතාට කිව්වා, පුතේ මේ මොකක්ද කියන්නෙ, කටුවපිටිය පල්ලිය පාරේනෙ මට එන්න කීවේ. මහ විශාල ගෙදරකින්නේ බඩු පැටෙව්වෙ. මුස්ලිම් මාමලානේ එතැන හිටියේ. මඩකලපුවෙත් ගියානෙ. දැන් මට හැමදේම අවුල්. ඒ කුලී ගමනේ සියලුම සිදුවීම් මැවී පේන්න ගත්තා. උන්ගේ හැසිරීම් රටා සිහි වුණ. ලක්ෂ ගණන් වටිනා බඩු කිසිම ගානක් නැතිව පටවපු හැටි මැවී පෙනුණා.

මං ගෙදර අයට කීවා බයිසිකලේ ගිහින් ඔය කියන මීගමුවේ ගෙදර බලලා එන්නද කියලා. ඒත් ගෙදර අය බයවුණා. මං කීවා, මේක පොලිසියට කීව ගමන්, මාව ගෙනිහින් කූඩුවේ දායි. ගමේ අය කියයි අන්න අරූ ණය ගෙවාගන්න බැරුව ත්රස්තවාදීන්ට උදව් කළා කියලා. දැන් කරන්න දෙයක් නෑ මං මේක පොලිසියට කියනවා කියල ගෙදර අයට කීවා“.

අප්‍රේල් 25 වැනිදා නයිවල ගියා. මට උදව් කරන ගාමන්ට් ෆැක්ටරියෙ මහත්තුරු රටේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන මහා කම්පාවකින් කතා වෙනවා ඇහුණා. ඔවුන් ගාවට ගිහින් 'සර් මට එදා ගිය ගමන ගැන සැකයි.‘ කියලා සම්පූර්ණ කතාව කීවා.

ඔවුන් කීවා, ශාන්තලාල් ෂුවර් එකටම බඩු තමයි ගෙනිහින් තියෙන්නෙ. රනිල් මහත්තයා එක්ක වැඩ කරන සිරිවර්ධන මහත්තයා වසර 22ක සේවයෙන් පසු ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙක්. ඔහු හිටපු ගුවන් හමුදාපතිවරයෙකුගෙන් උපදෙස් ලබාගත්තා. මං ආපසු නිවසට ගියාට පස්සේ සිරිවර්ධන මහත්තයා මට කතා කරලා කීවා, බුද්ධි අංශයෙන් දැන් ඔයාට කතා කරයි කියලා

එසැණින් මීගමුව රාජ්‍ය බුද්ධි සේවාවෙන් මට කතා කළා. නම ගම විමසූ එහි නිලධාරියෙකු කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පැය ගණනක් පුරා මගෙ කතාව අසා සිටියා. අන්තිමට එම නිලධාරියා මට මෙහෙම කීවා,

“ශාන්තලාල් අපි ගාව තියෙන්නෙ සීයට පහයි තොරතුරු. ඔයා ළඟ තමයි සීයට අනූපහක්ම තියෙන්නෙ. ඔයා ජාතික වීරයෙක් වෙනවා. ලක්ෂ ගානකගේ ජීවිත බේරාගැනීම නිසා. අපට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරුව හිටියෙ. ඔයාගේ තොරතුරු නැත්නම් මේ පරීක්ෂණ මීගමුවෙන්ම යට යනවා. ඒ වෙන කොට කටුවපිටිය බෝම්බය පුපුරුවාගත් හස්තුන් ඒ නිවසේ සිට පැමිණි බව බුද්ධි අංශ සොයාගෙන තිබුණා.

ඊට පස්සෙ ඒ නිලධාරියා මට කීවා, 'ඔයා බයවෙන්න එපා... ඔයා ගිහින් තියෙන්නෙ හයර් එකක්. මේ ගැන කාටවත් උත්තර දෙන්න යන්න එපා කියලත්.

ටිකකින් අම්පාර බුද්ධි අංශයෙන් ඇමතුමක් ආවා. ඔවුන් මගෙන් බඩු බාපු තැන ඇහුවා. මට කියන්න තේරෙන්නෙ නෑ. මං කියපු ලකුණු ඔස්සේ ගියාට ඒ අයට පාර හොයා ගන්න බැරි වුණා. ඔවුන් මට කිව්වා පුතා ඔයාට අම්පාරට එන්න වෙනවා කියලා. මං ගත් කටටම හා කීවා. ඒත් ඒ වෙනකොට ඇඳිරි නීතිය. ඊට පස්සේ මාව අම්පාරට එක්ක යන්න බුද්ධි නිලධාරියෙක් මගේ ගෙරට ආවා. අපි නිට්ටඹුවෙන් කල්මුණේ බස් එකකට ගොඩ වුණා. මඟ එනකොටත් මට ෆිනෑන්ස් එකෙන් කතා කරලා කියනවා ලොරියට සල්ලි දාන්න කියලා. අපි කල්මුණේට ගිහින් ටික වේලාවකට පස්සේ අම්පාර ප්‍රදේශයේ රාජ්‍ය බුද්ධි අංශයෙ ලොකු මහත්තයා ආවා. ඔයා කියන දේ සත්‍යය නම් ඔයා මහා විනාශයකින් රට බේරගත් ජාතික වීරයෙක් වෙනවා. කිසි දේකට බයවෙන්න එපා“ කීවා.

පස්සෙ ඒ බුද්ධි නිලධාරින් සමඟ බඩු බාපු තැන් හොයන්න ජීප් එකේ ගියා. එය හිතපු තරම් ලේසි වුණේ නෑ. පාරවල් වරදිනවා. පස්සෙ ජීප් එකේ යන්නෙ නැතිව නිලධාරියෙක් එක්ක බයිසිකලයක ඇවිද්දා. මතක හෝඩුවාවක් ඔස්සේ කෙසේ හෝ මුලින් බඩු බෑ සමන්තුරෙයි නිවෙස හොයාගත්තා. පස්සෙ සද්ද නැතිව දෙවැනි නිවෙස හොයන්න ගියා.

නින්දවූර්වල ඒ නිවෙස හොයාගන්න අපහසු වුණේ නෑ. ඒ නිවෙසට ජීප් එකෙන්ම ගියා. පාරෙදිම දැක්කා බට්ටෝ වෑන් එකකුයි ත්‍රිවිල් එකකුයි ඒ ගෙදර මිදුලේ තියෙනවා. හැබැයි අපි ගෙදරට ගියේ නෑ.

දැන් ගෙවල් දෙකම හොයාගෙන ඉවරයි. මුලින් හොයාගත්තු සමන්තුරේ සෙන්ගල් ගම්මානයේ නිවෙසට යන්නයි හදන්නෙ. හමුදාව, පොලිසිය විශාල පිරිසක් හිටියා. මං තමයි මඟ පෙන්වන්නෙ.බුද්ධි අංශ ලොකු මහත්තයාගේ උපදෙස් මත ජීප් එක පස්සෙන් සියලු දෙනාම එනවා. ගේ ගාවට ඇවිත් මට ජීප් එකේ ඉන්න කියලා ඔවුන් බැස්සා. ඒ අතරෙ මං දැක්කා එදා බඩු බාන දවසේ හිටිය කෙල්ල එතැන ඉන්නවා. අපව එදා එක්ක ආපු මෝටර් සයිකල්කාරයාත් එක්ක ඒ කෙල්ල මුකුළු කළා. මං ආරක්ෂක අංශවලට ඒ ගැනත් කීවා. ඒත් කෙල්ල කිව්වා කිසි දෙයක් දන්නෙ නෑ කියලා. බොරු කියන්න එපා, මේ ගෙදරට බඩු ගෙනල්ලා බෑවේ මමයි කියලා කීවා.

'ඒ පාර කෙල්ල කීවා, කාත්තන්කුඩියේ නියාස් නමැත්තෙකුගේ සපත්තු වැඩපළකට කියලා බඩු බෑවලු. එයාගේ අක්කා රුපියල් පන්දාහ ගානේ මාස දෙකකට ගේ කුලියට දුන්නාලු කියලා.‘ දැන් මුළු ගේ වටේටම ආරක්ෂාව දාලා. බුද්ධි අංශ මහත්තයෙක් කීවා, අක්කා කතා කරන විදිහට නියාස්ට කෝල් කරන්න කියලා. නියාස් එන්නම් කීවා. ඒත් උන්ගෙ අම්මා නිවෙස ඉදිරිපිටම තියෙන ඔවුන්ගේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලේ ඉඳලා නියාස්ට කෝල් කරලා බැණලා තිබුණා 'උඹ මොනවද ගෙනත් තියෙන්නෙ... අන්න පොලිසියෙන් ඇවිල්ලා... උඹම ඇවිල්ලා බලාගනින්' කියලා. ඒ මිනිස්සු කිසිම දෙයක් දන්නෙ නැති බව නිලධාරින්ටත් තේරුණා.

නියාස් ආවේ නෑ. ආරක්ෂක අංශ නිලධාරින් දොර කඩලා ඇතුළට ගියා. ඇතුළේ ඇති දේ දැක්කාම නිලධාරින් මූණට මූණ බලාගත්තා. ඒ ගෙදර තමයි අයි.එස්. කොඩි ඇතුළු හැම එකක්ම තිබුණේ. උන්ගේ ආයුධ ගබඩාවලු එතැන. ඩ්‍රෝන කැමරා, ලැප්ටොප් නැති එකක් නෑ. ඒ ලැප්ටොප් එකෙන් තමයි උන්ගේ ජාලයම හෙළි වුණේ කියලා බුද්ධි අංශ මහත්තුරු කීවේ. නිලධාරි මහත්තුරු මාව වැලඳ ගත්තා.

එතැන ඉඳලා දෙවැනි වරට බඩු බෑ නින්දවුර් නිවෙසට කිලෝ මීටර 6 යි. අපි ඉක්මනින් එතැන්ට ගියා. ඒ ගෙදරත් බඩු බාන අවස්ථාවේ කාන්තාවක් හිටියා. මං ඇයව හඳුනාගත්තා. මුලින් නෑ කිව්වත් ඊට පස්සෙ කීවා, රුපියල් 24000කට මාස දෙකකට කුලියට දුන්නෙ කියලා. ළමයි ටිකයි මිනිස්සුයි බොහොම කලබලෙන් දැන් ටිකකට කලින් වෑන් එකක ගියා කීවා. ඒ නිවස කුලියට දීපු අයත් කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. ඒ නිවෙසෙත් තිබුණේ පුපුරන ද්‍රව්‍ය. මේ ගෙදරත් ආරක්ෂක නිවස්නයක් ලෙසයි යොදාගෙන තිබුණේ.

ඒ වගේම සුදු රෙදි, සිම් කාඩ්, ළමයින්ගේ උප්පැන්න සියල්ල තිබුණෙත් ඒ නිවෙසේ. එතැනටත් ආරක්ෂාව දාලා මාව අරන් නැවතත් පළමු තැනට ආවා. එතකොට කළුවර වැටීගෙන එනවා. මට ප්‍රශංසා ඉවරයක් නෑ. දරුවෝ, බිරිය මතක් වේවි තියෙන සතුටට ඇඬුණා. ඔවුන් මගේ බිරියට කෝල් කරලා කීවා, ඔයා මේ වගේ ස්වාමිපුරුෂයෙකුගේ බිරියක් වෙන්න පින් කරලා තියෙන්න ඕනෑ කියලා.“

සමන්තුරේ පළමු ගෙදර සිට නැවතත් සියලුම උසස් ආරක්ෂක නිලධාරින් රැගත් ජීප් රථ පෙළක් සමඟ මා නින්දවුර් නිවෙසට යෑමට පිටත් වුණා. ඒ ගෙදරට යනකොට 7.30ට විතර ඇති. ටික වේලාවක් යනකොට උසස් මහත්තයෙකුට කෝල් එකක් ආවා, කල්මුණේ වෙඩි තියාගන්නවා. බෝම්බ ගසාගන්නවා කියලා. ඒ තමයි සයින්දමර්දු පුපුරුවා ගැනීම. මාව ජීප් රථයක නතර කරලා බුද්ධි අංශ මහත්වරුන්ට මාව බලාගන්න කියලා සියලු දෙනාම එතැනට ගියා. එදින රාත්‍රියෙ මා ගත කළේ බුද්ධි අංශ ආරක්ෂක නිවස්නයක .

පහුවදා සයින්දමර්දු පිපිරීම සිදුවෙච්ච තැනට ගියා. ගිහින් මැරිච්ච අයව හඳුනාගත්තා. ගේට්ටුව ඉදිරිපිට තුවක්කුවත් අතේ තියන් මැරිලා හිටිය කෙනා තමයි බඩු බාන්න මාත් සමඟ යතුරුපැදියේ ගියේ. පසුව අනාවරණය වුණා ඔහු නියාස් බව. එතැනින් පසුව මාව නැවතත් නින්දවුර් නිවෙසට රැගෙන ගියා යම් යම් හඳුනාගැනීම්වලට“

කුලී ගමන සඳහා මීගමුව නවලෝක රෝහල අසල සිට කටුවාපිටියට ශාන්තලාල් කැටුව ගොස් ඇත්තේ කටුවාපිටිය පල්ලිය පුපුරුවාහල හස්තූන්ය. කටුවාපිටිය නිවසෙන් බඩු පටවන විට එහි මතු මාලයක සයින්දමර්දුහි පුපුරුවාගෙන මියගිය කාන්තාවන්ගෙන් පිරිසක් ඉඳ තිබේ. ඔහු සමඟ ලොරියට බඩු පටවා තිබුණේ සහරාන්ගේ සොයුරු රිල්වාන්ය. දෙවන ප්‍රහාර මාලාව දියත් කිරීමෙ වගකීම භාරගෙන තිබුණේ ඔහුය. ශාන්තලාල් නිවස තුළට යන විට එහි බිම හිඳගෙන කතා කරමින් සිටි මහත පුද්ගලයා සහරාන්ය. ඔහු සමඟ කල්මුණේට ලොරියේ පැමිණි තැනැත්තා දැන් පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔහු සහරාන්ගේ බෝම්බ විශේෂඥයා වූ මොහොමඩ් රිස්කාන්ය. කල්මුණේ පල්ලියක් අසල සිට ඔවුන් සමන්තුරේ හා නින්දවූර් නිවාස වෙත කැඳවාගෙන ගොස් අත්තේ සයින්දමර්දුහිදී පුපුරුවාගත් පිරිස අතර ගිනි අවියක් සහිතව වැටී සිටි මොහොමඩ් නියාස්ය. ශාන්ත අතුළු පිරිස නින්දවූර් නිවස සොයාගෙන යද්දී සයින්දමර්දු පුපුරුවාගෙන මැරුණු පිරිස සිටියේ එම නිවසේය.

එවන් හෙළිදරව්වක් කළ ශාන්ත පසුව මාස ගණනාවක් බලා සිටියේ තමා කළ වීර ක්‍රියාවට නිසි ඇගැයීමක් ලැබෙන තුරුය. අවසානයේ කරන්නම දෙයක් නැති තැන ඔහු මාධ්‍ය ඉදිරියට ආවේය. ඇවිත් සිය කතාව කීවේය. කාට කාටත් ශාන්ත ගැන ආයෙත් මතක් වුණේ ඉන් පසුවය . දැන් ඔහුට ලැබිය යුතු නිසි ඇගැයීම ලැබී තිබේ.

සටහන - අමිල මලවිසූරිය

[YOUTUBE]rMQ_wl2cJ7g[/YOUTUBE]

[QUOTE="hichchiputha, post: 24664605, member: 565736"] [b]මගෙ ලොරියෙන් බඩු ගෙනිච්චෙ මෙහෙමයි[/b] [SIZE="4"]පාස්කු දින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්රස්තයෝ දෙවැනි ප්‍රහාර මාලාවකට ද අරඇන්දාහ. දැන් එය තහවුරු වී ඇත. එහෙත් එම ප්‍රහාර මාලාව වළකාගැනීමට හැකි වූයේ හාස්කමකින් නොවේ. සිවිල් පුරවැසියකුගේ අභීත ක්‍රියාවක් නිසාය. ඔහු නිට්ටඹුවේ, යටියන වෙසෙන 44 හැවිරිදි විතානගේ ශාන්තලාල් ය. සහරාන්ලාගේ බෝම්බ ලොරිය මීගමුවේ සිට කල්මුණේ දක්වා රැගෙන ගියේ ඔහුය. ජාතිය සුරක්ෂිත කළ අතිශය වැදගත් මෙහෙයුමට දායක වීමෙන් පසු විඩාපත්ව සිටි ශාන්තලාල් පසුගියදා සිය කතාව මාධ්‍යයට කීවේය. ඒ ඔහුගේ මුළු පවුලම බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිද්දීය. අප ඔහුගේ නිවෙසට ගිය පසුගිය අඟහරුවාදා වන විටත් ඔහු සිටියේ අපේක්ෂාභංගත්වයෙනි. එහෙත් ශාන්තලාල් අගයමින් ජනපතිවරයා විසින් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ප්‍රකාශ කළේද එදින පස්වරුවේයි. “ත්රස්තවාදීන් නිසා මරණයට පත් වුණ, තුවාල ලබා සිටින අය ගැන මට තියෙන්නෙ වාවගන්න බැරි දුකක්. මේ සල්ලිවලින් ඒ මිනිස්සුන්ටත් පින් අත්වෙන දෙයක් කරනවා.“ එදින සවස ශාන්තලාල් අපට කීවේය. ත්‍රස්තවාදින් යැයි නොදැන, ඔවුන්ගේ බෝම්බ ලොරිය රැගෙන යෑමෙන් අනතුරුව තමන් ලැබූ බිහිසුණු අත්දැකීම ඔහු අප ඉදිරියේ දිගහැරියේ අඟහරුවාදා පෙරවරුවේය. අප සමඟ කතා කරමින් සිටින විට ඔහුට දුරකතන ඇමතුම් එයි. ඒ ණය කාරයන්ගෙනි. ලීසිං සමාගම්වලිනි. සියල්ල අතරමැද ඔහු සිය අත්දැකීම් අප ඉදිරිපිට දිග හරිමින් සිටී. “ මං බිස්නස් නිසා කෝටි ගානක් ණයවෙලා ඉන්න කෙනෙක්. ෆිනෑන්ස් එකක් දාලා ලොරිය ගත්තෙත් ව්‍යාපාරය කරන්න. ඒත් බිස්නස් නෑ. ඒ නිසා පත්තරෙන් දැකලා ගිය මාර්තු මාසේ බෙල්ලන්විල තියෙන කැබ් සර්විස් එකක යක්කල ශාඛාවට එකතු වුණා. ඒත් හයර් හම්බ වුණෙත් කලාතුරකින්. එදා අප්‍රේල් 09 වැනිදා. මට කැබ් සර්විස් එකෙන් කතා කරලා කීවා, “ හොඳ හයර් එකක් හම්බ වුණා... මීගමුවෙන් අම්පාරට. ලොකු ගානක් ලැබෙනවා කියලා. යන කෙනාගේ දුරකතන අංකෙත් දුන්නා. “මං දීපු නොම්මරේට කතා කළා. උත්තර දුන්න කෙනා කිව්වා මීගමුව කටුවපිටිය පාරේ එන්න කියලා. කතාවෙන් තේරුණා, සිංහල නෙවෙයි, දෙමළ හෝ මුස්ලිම් කියලා. මං කිව්වා කටුවාපිටිය දන්නෙ නෑ කියලා ඔවුන් කීවා කලබල නෑ. හිමින් එන්න. ඔවුන් නවලෝක රෝහල ළඟ ඉන්නවා කියලා. රෑ 11.15 වෙනකොට රෝහල ළඟට යන විට ස්කූටි බයික් එකක කෙනෙක් හිටියා. ඔහු පස්සෙ එන්න කියලා කටුවාපිටිය පාරට හැරෙව්වා. “කිලෝමීටර් එකහමාරක් පමණ කොන්ක්‍රීට් පාරක ගිහින් පොඩි තුන්මංහන්දියක ගේට්ටු දාපු විශාල තට්ටු දෙකේ නිවෙසක් ළඟ ඔහු නතර වුණා. මිදුලේ බට්ටා වෑන් එකක් තිබුණා. උඩ තට්ටුව කළුවරයි. යට තට්ටුවේ පිරිමි හය දෙනෙක් පේන්න හිටියා. හැබැයි පෙනුමෙන් මුස්ලිම් බවක් පේන්න නෑ. වයසක කෙට්ටු කෙනෙකුත් හිටියා. පරක්කු වුණාට සමාවෙන්න කීවා. කට්ටියම ලොරිය ඇරලා බලලා 'ආ මේක නියමයි' කීවා.“ “ගෙදරට ගිය සැණින් ඔවුන් මට පිටරටකින් ගෙනා උසස්ම තත්වයේ රටඉඳි පෙට්ටියක් දුන්නා. තවමත් ඔහු සතුව තිබෙන එම රටඉඳි පෙට්ටිය අපටද පෙන්වීය. “උදේ ඉඳන් කාලා නෑ වතුර විතරයි බිව්වේ මං මේක කන්නම් කීවාම, එපා... එපා... ඕක ළමයින්ට ගෙනියන්න. කන්න වෙනම දෙන්නම් කියලා ඇති තරම් රටඉඳි දුන්නා. ඊට පස්සෙයි නිවස ඇතුළට ගිහින් ගෙනියන්න තිබෙන දේ ගැන බැලුවේ. වොෂින් මැෂින්, ෆ්‍රිජ්, ගෑස් සිලින්ඩර්, ජෙනරේටර්, පෝර මිටි, ප්ලාස්ටික් පුටු, බේසම්, මොනවද දාපු සුදු කළු බූලි වගයක් ඒ අතරෙ තිබුණා. ලොරියකට දාන්න බැරි තරමටම බඩු වැඩියි. එයාලා කීවා එයාල බඩු පටවන්නම්... මට නිදාගන්න කියලා. ඒත් මම නිදාගත්තෙ නෑ. ඒ අය එක්ක බඩු පැටෙව්වා. එක්කෙනෙක් ලොරියට නැග්ගා. මුලින්ම පැටෙව්වෙ බූලි. මොනවද ඒ කියලා ඇහැව්වා සල්ෆියුරික් අම්ලය, ගිනි වතුර කියන්නෙ ඒවට බවයි. රත්තරන් බඩු උණු කරන්නයි ගන්නෙ. එහෙ වැඩපළක් දාන්නයි යන්නෙ කීවා. ඒවගේ බූලි 30ක් විතර පැටෙව්වා.“ “මගේ ෆෝන් එක චාර්ජ් කරගන්න ඕනෙ කීවා. එක්කෙනෙක් චාජරෙත් එක්කම අරන් ගියා. මාත් ටිකකින් ඇතුළට ගියා චාජ් වෙනවද බලන්න. මං දැක්කා, කාමරේක මහත කෙනෙකුයි කෙට්ටු අයෙකුයි සරම් ඇඳගෙන බිම වාඩිවෙලා කසුකුසුවක් යනවා. මං දිහා දෙන්නම එකපාරටම බලලා හිනා වුණා. ඔහුගේ මුහුණ මට හොඳට මතක හිටියා. දැන් බඩු පටවලා ලොරියම පිරිලා. අන්තිමටම ගේනවා යකඩ ඇඳකුයි මෙට්ටෙකුයි. මං කෑගහලා කිව්වා ෆ්‍රිජ් වොෂින් මැෂින් සීරෙනවා නේද කියලා. ‘අවුලක් නෑ, වැඩ කරන අයට දෙන්නනේ‘ එකෙක් එහෙම කීවා. මේ අය හැසිරුණේ ඉතාම සුහදව. “ “ අපි යන්න පිටත් වුණා 12.30 විතර. කට්ටියම කීවා, ඔයා හොඳට කාලා බීලා නිදිමත නම් නිදාගෙන යන්න. අපට කිසිම හදිසියක් නෑ හිමින් යන්න කියලා. ලොරියට එක්කෙනෙක් නැග්ගා. ඒ, මං කාමරේට ගියපු වෙලාවෙ බිම වාඩිවෙලා හිටපු දෙදෙනාගෙන් කෙට්ටු කෙනා. අපි කල්මුණේට ළඟා වෙන විට දවල් 12.30 යි. පිටත්වුණ ගමන්ම මං ඇහැව්වා, මොකද මේ ගෙදරින් යන්නෙ කියලා. ‘රුපියල් 45000ක කුලියට ගත්තෙ. රෙදි බිස්නස් කළේ. පස්සෙ රත්රන් බඩු හදන්න ගත්තා... අපෙන් වැඩිපුරම බඩු ගත්තෙ සිංහල අය. දියුණු වෙනකොට නිවෙස අයිතිකාරයා නිවස ඉල්ලුවා‘ ඔහු කීවා. අවුරුදු සීසන් එක නිසා වැඩ වැඩියි. ඒකයි මේ කඩිමුඩියේම වැඩපළක් දාන්න කල්මුණේ යන්නෙත්‘ වැඩිදුරටත් එයා පැවසුවා... බඩු ගෙනියන්න බට්ටෝ වෑන් දෙකක්ම තියෙනවා කීවා. ඒත් ජුවලරි බඩු කඩවලට දාන්න තියෙන නිසයි හයර් එකට වාහනයක් ගත්තෙ කීවා. ව්‍යාපාර ගැනත් කතා කළා. ගෝලයන්ට කොමිෂන් දෙන්නෙ ලක්ෂ තුන හතර බවකුත් කීවා. එච්චර දෙන්නෙ කොහොමද ඇහැව්වම, නෑ. අපි දැන් හොඳට හම්බ කරලා තියෙන්නෙ. දෙන්න පුළුවන් යැයි පැවසුවා. “ලොරියේ තෙල් තිබුණෙත් නෑ යනකොට. කිසිම තැනක ෂෙඩ් එකක් ඇරල නෑ. කොහොමහරි බඩල්ගම හරියේදි ෂෙඩ් එකක් ඇරලා තිබුණා. හරියටම ෂෙඩ් එකේ පොම්පෙ ළඟදි ලොරිය නතර වුණා තෙල් නැතිව. රුපියල් පන්දාහක තෙල් ගැහැව්වා. ටයර් එකක ගැටලුවක් තිබුණා. ඒත් හදාගන්නත් කඩයක් ඇරලා නෑ. මා සමඟ ගිය කෙනාට මහ රෑත් කෝල් ආවා. එක දිගට දෙමළෙන් කතාව. ඒ අතරෙ මට තේ බොන්න කියන එකමයි මිනිහගේ වැඩේ. දඹුල්ල දිගම්පතහ හරියෙදි තේ බීලා පාන්දර පහහමාර වෙනකොට කදුරුවෙලට ගියා. මිනිහා පල්ලියට ගියා.“ “මනම්පිටිය පහුවුණාම තමයි මාර වැඩක් වුණේ. බයික් එකක ඉස්සරහට එන කෙනෙක් මහත් උනන්දුවෙන් යමක් ගැන අතින් සංඥා කරමින් බිම පෙන්වමින් ආවේ. අපි දෙන්නටම තේරුණේ නෑ මොකක්ද කියලා. අපි පහුවෙන කොට බයික්කාරයා අපිට බැණ බැණ ගියේ. “එකපාරට පාර මැදට අලියෙක් පැන්නා. බයික්කාරයා අලියා එන බව කියලා තියෙන්නෙ. අලියා දැන් ඉස්සරහට එනවා පන්නාගෙන. ලොරියෙ ගිය කෙනා 'රිවස්' කරන්න කියලා කෑගැව්වා. අලියා පන්නනවා. මම ලොරිය පුළුවන් වේගෙන් රිවස් එකට ගන්නවා. අලියා එකපාරටම හැරිලා යන්න ගියා. මම හොඳටම බය වුණ නිසා ටිකක් නැවතී ඉඳලා ආපහු යන්න ගත්තා. ටයර් එකේ ගැටලුව විසඳගන්න තැනක් ලැබුණේ මඩකලපුව ආසන්නයේදී. ඒ වෙනකොට උදේ අටට විතර ඇති. ටියුබ් එක අන්තිම සවුත්තු වෙලා. මට හිතාගන්න බැරි වුණා මෙච්චර ලෝඩ් එකක් අරන් මේ දුර ආපු එක ගැන. පැය එකහමාරක් විතර ඉඳලා ටියුබ් එකක් ගෙනල්ලා ටයර් එකත් හදා ගත්තා. මං එක්ක ගිය තැනැත්තා හිටියෙ හරිම ඉවසීමෙන්. ඒත් මිනිහට දිගටම දුරකතන ඇමතුම්. පෙරවරු නවය පහු වුණා. දෙදෙනා තවම උදේ කෑවෙ නෑ. කඩයක් ළඟ නතර කරලා කෑමට ගියත් මනුස්සයා ගිය පාරෙම හැරිලා ආවා. ඇවිත් කීවා පොලිසියෙන් ඉන්නවා. ඉක්මනට යමු කියලා. මං කල්පනා කළා පොලිසිය හිටියට මක්වෙනවද කියලා. ඒත් ඒක ඔළුවෙන් ගියා.“ කෑම කෑවේ වෙනත් කඩයකින්. අපි මඩකලපුවට ආවා. ඒ මම මඩකලපුවට ගිය දෙවැනි අවස්ථාව. මා එක්ක ආපු කෙනා කීවේ පාර අහගෙන යමු කියලා. ලක්ෂ ගානක බඩු අරගෙන ආවත් මේ මනුස්සයත් මඩකලපුවට ඇවිත් තිබුණෙ එක පාරයි කියලා තමයි කීවේ. දැන් දෙන්න කල්මුණේට යන පාර අහමින් එනවා. මට තේරෙනවා මේ මනුස්සයාට ප්‍රදේශය ගැන කිසිම දැනුමක් නැති බව. දොළහයි තිහට පමණ කල්මුණේට ආවා. කොළ පැහැති පල්ලියක් අසලදී කළු පැහැති යතුරුපැදියක, හෙල්මටයක් පැලඳි අයෙක් අපට හමු වුණා. එයා ලොරිය එන තෙක් බලා සිටි කෙනෙක්. “පසුව මා ලොරිය, යතුරුපැදිය පසුපස පදවාගෙන ගියා. අපි යන්න ඕනෑ සමන්තුරේට. කල්මුණේ ඉඳලා කිලෝමීටර් නවයයි කියලා යතුරුපැදිකරු කීවා. ලොරියෙ මා සමග පැමිණි කෙනා කීවේ ඔහු සෙරෙප්පු සපත්තු බිස්නස් කරන කෙනෙක් කියලා. ටිකක් දුර ගිහින් අපි පිළිමයක් ළඟින් දකුණට හැරුණා. ඒ පැත්ත තනිකරම නිවෙස්වලින් පිරුණු ජනාකීර්ණ ප්‍රදේශයක්. එතැනින් ඇවිත් තුංමං හන්දියකින් අම්පාර පාර පැත්තට හැරුණා. යතුරු පැදි කරු අපේ ඉදිරියෙන් ගියා. ඔහු කිසියම් පාරක් හෝදිසි කරන බව පෙනුණා. දැන් අප පැමිණ තිබුණෙ සමන්තුරේ සෙන්ගල් ගම්මානයට. ඒ එක්කම නිවෙසක සිට දිව ආවේ වැඩිහිටි කාන්තාවක් සහ තරුණියක්. ඔවුන් යාබද නිවෙසේ රෝලර් ගෙට්ටුව විවෘත කෙරුවා. දැන් බඩු ටිකක් මෙතැන බාන්න හදන්නෙ. මාත් සමඟ ගිය කෙනා ලොරියේ ඉඳන් බඩු ළං කරලා දෙනවා. බයික්කාරයයි මමයි ගෙයින් තියනවා. ඇඳ මුලින්ම බෑවා. වොෂින් මැෂින් ඒව මේවා පැත්තකට කරලා අස්සෙම තිබුණ බූලි ටික එතැනට බෑවා. මං ඇහැව්වාම කිව්වා පෝර මිට බාන්නෙ කුඹුරකට දාන්න, අනෙක් බඩු ටික වෙන ගෙදරකට කියලා.“ ඉතිරි බඩු තොගය අරන් දෙවැනි ගෙදරට ගියා. අපි ඇවිත් තිබුණෙ නින්දවූර් ගෙදරකට. ඒ ගෙදරින් බඩු ටික බෑවා. මේ බඩු ටික බෑවට පස්සේ ඒ අය මට කුලියට අමතරව වැඩිපුර මුදලක් දුන්නා. එතෙක් වෙලා වාහනේ තැනක සඟවගෙන ආපු පාර්සලයක් අරන් මා එක්ක ආපු මනුස්සයා කල්මුණෙන් නැවතුණා. එන ගමන් එයාට දුරකතන ඇමතුම් කීපයක් දුන්නත් කතා කළේ නෑ. ගෙදර ඇවිත් මං වේයන්ගොඩ නයිවල ඇඟලුම් කර්මාන්ත ශාලාවක රෙදි ටෙන්ඩරයක් ගත්තා. ඒ 22 දා ඉඳලා රෙදි බිස්නස් එකක් කරන්න. එහි නිලධාරීන් වන සිරිවර්ධන, රනිල් සහ ශාලක මට උදව් කළා. ඒත් පාස්කු ප්‍රහාරය නිසා බිස්නස් එක නවත්වන්න සිද්ධ වුණා. “පාස්කු ප්‍රහාරය දා ටීවී එක බලනකොට ඇහෙනවා කටුවපිටිය පල්ලිය ගැන කියනවා. මඩකලපුව ගැන කියනවා. මුස්ලිම් ජාතිකයෝ ගැන කියනවා. මං ඒත් පුතාට කිව්වා, පුතේ මේ මොකක්ද කියන්නෙ, කටුවපිටිය පල්ලිය පාරේනෙ මට එන්න කීවේ. මහ විශාල ගෙදරකින්නේ බඩු පැටෙව්වෙ. මුස්ලිම් මාමලානේ එතැන හිටියේ. මඩකලපුවෙත් ගියානෙ. දැන් මට හැමදේම අවුල්. ඒ කුලී ගමනේ සියලුම සිදුවීම් මැවී පේන්න ගත්තා. උන්ගේ හැසිරීම් රටා සිහි වුණ. ලක්ෂ ගණන් වටිනා බඩු කිසිම ගානක් නැතිව පටවපු හැටි මැවී පෙනුණා. මං ගෙදර අයට කීවා බයිසිකලේ ගිහින් ඔය කියන මීගමුවේ ගෙදර බලලා එන්නද කියලා. ඒත් ගෙදර අය බයවුණා. මං කීවා, මේක පොලිසියට කීව ගමන්, මාව ගෙනිහින් කූඩුවේ දායි. ගමේ අය කියයි අන්න අරූ ණය ගෙවාගන්න බැරුව ත්රස්තවාදීන්ට උදව් කළා කියලා. දැන් කරන්න දෙයක් නෑ මං මේක පොලිසියට කියනවා කියල ගෙදර අයට කීවා“. අප්‍රේල් 25 වැනිදා නයිවල ගියා. මට උදව් කරන ගාමන්ට් ෆැක්ටරියෙ මහත්තුරු රටේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන මහා කම්පාවකින් කතා වෙනවා ඇහුණා. ඔවුන් ගාවට ගිහින් 'සර් මට එදා ගිය ගමන ගැන සැකයි.‘ කියලා සම්පූර්ණ කතාව කීවා. ඔවුන් කීවා, ශාන්තලාල් ෂුවර් එකටම බඩු තමයි ගෙනිහින් තියෙන්නෙ. රනිල් මහත්තයා එක්ක වැඩ කරන සිරිවර්ධන මහත්තයා වසර 22ක සේවයෙන් පසු ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙක්. ඔහු හිටපු ගුවන් හමුදාපතිවරයෙකුගෙන් උපදෙස් ලබාගත්තා. මං ආපසු නිවසට ගියාට පස්සේ සිරිවර්ධන මහත්තයා මට කතා කරලා කීවා, බුද්ධි අංශයෙන් දැන් ඔයාට කතා කරයි කියලා එසැණින් මීගමුව රාජ්‍ය බුද්ධි සේවාවෙන් මට කතා කළා. නම ගම විමසූ එහි නිලධාරියෙකු කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පැය ගණනක් පුරා මගෙ කතාව අසා සිටියා. අන්තිමට එම නිලධාරියා මට මෙහෙම කීවා, “ශාන්තලාල් අපි ගාව තියෙන්නෙ සීයට පහයි තොරතුරු. ඔයා ළඟ තමයි සීයට අනූපහක්ම තියෙන්නෙ. ඔයා ජාතික වීරයෙක් වෙනවා. ලක්ෂ ගානකගේ ජීවිත බේරාගැනීම නිසා. අපට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරුව හිටියෙ. ඔයාගේ තොරතුරු නැත්නම් මේ පරීක්ෂණ මීගමුවෙන්ම යට යනවා. ඒ වෙන කොට කටුවපිටිය බෝම්බය පුපුරුවාගත් හස්තුන් ඒ නිවසේ සිට පැමිණි බව බුද්ධි අංශ සොයාගෙන තිබුණා. ඊට පස්සෙ ඒ නිලධාරියා මට කීවා, 'ඔයා බයවෙන්න එපා... ඔයා ගිහින් තියෙන්නෙ හයර් එකක්. මේ ගැන කාටවත් උත්තර දෙන්න යන්න එපා කියලත්. ටිකකින් අම්පාර බුද්ධි අංශයෙන් ඇමතුමක් ආවා. ඔවුන් මගෙන් බඩු බාපු තැන ඇහුවා. මට කියන්න තේරෙන්නෙ නෑ. මං කියපු ලකුණු ඔස්සේ ගියාට ඒ අයට පාර හොයා ගන්න බැරි වුණා. ඔවුන් මට කිව්වා පුතා ඔයාට අම්පාරට එන්න වෙනවා කියලා. මං ගත් කටටම හා කීවා. ඒත් ඒ වෙනකොට ඇඳිරි නීතිය. ඊට පස්සේ මාව අම්පාරට එක්ක යන්න බුද්ධි නිලධාරියෙක් මගේ ගෙරට ආවා. අපි නිට්ටඹුවෙන් කල්මුණේ බස් එකකට ගොඩ වුණා. මඟ එනකොටත් මට ෆිනෑන්ස් එකෙන් කතා කරලා කියනවා ලොරියට සල්ලි දාන්න කියලා. අපි කල්මුණේට ගිහින් ටික වේලාවකට පස්සේ අම්පාර ප්‍රදේශයේ රාජ්‍ය බුද්ධි අංශයෙ ලොකු මහත්තයා ආවා. ඔයා කියන දේ සත්‍යය නම් ඔයා මහා විනාශයකින් රට බේරගත් ජාතික වීරයෙක් වෙනවා. කිසි දේකට බයවෙන්න එපා“ කීවා. පස්සෙ ඒ බුද්ධි නිලධාරින් සමඟ බඩු බාපු තැන් හොයන්න ජීප් එකේ ගියා. එය හිතපු තරම් ලේසි වුණේ නෑ. පාරවල් වරදිනවා. පස්සෙ ජීප් එකේ යන්නෙ නැතිව නිලධාරියෙක් එක්ක බයිසිකලයක ඇවිද්දා. මතක හෝඩුවාවක් ඔස්සේ කෙසේ හෝ මුලින් බඩු බෑ සමන්තුරෙයි නිවෙස හොයාගත්තා. පස්සෙ සද්ද නැතිව දෙවැනි නිවෙස හොයන්න ගියා. නින්දවූර්වල ඒ නිවෙස හොයාගන්න අපහසු වුණේ නෑ. ඒ නිවෙසට ජීප් එකෙන්ම ගියා. පාරෙදිම දැක්කා බට්ටෝ වෑන් එකකුයි ත්‍රිවිල් එකකුයි ඒ ගෙදර මිදුලේ තියෙනවා. හැබැයි අපි ගෙදරට ගියේ නෑ. දැන් ගෙවල් දෙකම හොයාගෙන ඉවරයි. මුලින් හොයාගත්තු සමන්තුරේ සෙන්ගල් ගම්මානයේ නිවෙසට යන්නයි හදන්නෙ. හමුදාව, පොලිසිය විශාල පිරිසක් හිටියා. මං තමයි මඟ පෙන්වන්නෙ.බුද්ධි අංශ ලොකු මහත්තයාගේ උපදෙස් මත ජීප් එක පස්සෙන් සියලු දෙනාම එනවා. ගේ ගාවට ඇවිත් මට ජීප් එකේ ඉන්න කියලා ඔවුන් බැස්සා. ඒ අතරෙ මං දැක්කා එදා බඩු බාන දවසේ හිටිය කෙල්ල එතැන ඉන්නවා. අපව එදා එක්ක ආපු මෝටර් සයිකල්කාරයාත් එක්ක ඒ කෙල්ල මුකුළු කළා. මං ආරක්ෂක අංශවලට ඒ ගැනත් කීවා. ඒත් කෙල්ල කිව්වා කිසි දෙයක් දන්නෙ නෑ කියලා. බොරු කියන්න එපා, මේ ගෙදරට බඩු ගෙනල්ලා බෑවේ මමයි කියලා කීවා. 'ඒ පාර කෙල්ල කීවා, කාත්තන්කුඩියේ නියාස් නමැත්තෙකුගේ සපත්තු වැඩපළකට කියලා බඩු බෑවලු. එයාගේ අක්කා රුපියල් පන්දාහ ගානේ මාස දෙකකට ගේ කුලියට දුන්නාලු කියලා.‘ දැන් මුළු ගේ වටේටම ආරක්ෂාව දාලා. බුද්ධි අංශ මහත්තයෙක් කීවා, අක්කා කතා කරන විදිහට නියාස්ට කෝල් කරන්න කියලා. නියාස් එන්නම් කීවා. ඒත් උන්ගෙ අම්මා නිවෙස ඉදිරිපිටම තියෙන ඔවුන්ගේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලේ ඉඳලා නියාස්ට කෝල් කරලා බැණලා තිබුණා 'උඹ මොනවද ගෙනත් තියෙන්නෙ... අන්න පොලිසියෙන් ඇවිල්ලා... උඹම ඇවිල්ලා බලාගනින්' කියලා. ඒ මිනිස්සු කිසිම දෙයක් දන්නෙ නැති බව නිලධාරින්ටත් තේරුණා. නියාස් ආවේ නෑ. ආරක්ෂක අංශ නිලධාරින් දොර කඩලා ඇතුළට ගියා. ඇතුළේ ඇති දේ දැක්කාම නිලධාරින් මූණට මූණ බලාගත්තා. ඒ ගෙදර තමයි අයි.එස්. කොඩි ඇතුළු හැම එකක්ම තිබුණේ. උන්ගේ ආයුධ ගබඩාවලු එතැන. ඩ්‍රෝන කැමරා, ලැප්ටොප් නැති එකක් නෑ. ඒ ලැප්ටොප් එකෙන් තමයි උන්ගේ ජාලයම හෙළි වුණේ කියලා බුද්ධි අංශ මහත්තුරු කීවේ. නිලධාරි මහත්තුරු මාව වැලඳ ගත්තා. එතැන ඉඳලා දෙවැනි වරට බඩු බෑ නින්දවුර් නිවෙසට කිලෝ මීටර 6 යි. අපි ඉක්මනින් එතැන්ට ගියා. ඒ ගෙදරත් බඩු බාන අවස්ථාවේ කාන්තාවක් හිටියා. මං ඇයව හඳුනාගත්තා. මුලින් නෑ කිව්වත් ඊට පස්සෙ කීවා, රුපියල් 24000කට මාස දෙකකට කුලියට දුන්නෙ කියලා. ළමයි ටිකයි මිනිස්සුයි බොහොම කලබලෙන් දැන් ටිකකට කලින් වෑන් එකක ගියා කීවා. ඒ නිවස කුලියට දීපු අයත් කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. ඒ නිවෙසෙත් තිබුණේ පුපුරන ද්‍රව්‍ය. මේ ගෙදරත් ආරක්ෂක නිවස්නයක් ලෙසයි යොදාගෙන තිබුණේ. ඒ වගේම සුදු රෙදි, සිම් කාඩ්, ළමයින්ගේ උප්පැන්න සියල්ල තිබුණෙත් ඒ නිවෙසේ. එතැනටත් ආරක්ෂාව දාලා මාව අරන් නැවතත් පළමු තැනට ආවා. එතකොට කළුවර වැටීගෙන එනවා. මට ප්‍රශංසා ඉවරයක් නෑ. දරුවෝ, බිරිය මතක් වේවි තියෙන සතුටට ඇඬුණා. ඔවුන් මගේ බිරියට කෝල් කරලා කීවා, ඔයා මේ වගේ ස්වාමිපුරුෂයෙකුගේ බිරියක් වෙන්න පින් කරලා තියෙන්න ඕනෑ කියලා.“ සමන්තුරේ පළමු ගෙදර සිට නැවතත් සියලුම උසස් ආරක්ෂක නිලධාරින් රැගත් ජීප් රථ පෙළක් සමඟ මා නින්දවුර් නිවෙසට යෑමට පිටත් වුණා. ඒ ගෙදරට යනකොට 7.30ට විතර ඇති. ටික වේලාවක් යනකොට උසස් මහත්තයෙකුට කෝල් එකක් ආවා, කල්මුණේ වෙඩි තියාගන්නවා. බෝම්බ ගසාගන්නවා කියලා. ඒ තමයි සයින්දමර්දු පුපුරුවා ගැනීම. මාව ජීප් රථයක නතර කරලා බුද්ධි අංශ මහත්වරුන්ට මාව බලාගන්න කියලා සියලු දෙනාම එතැනට ගියා. එදින රාත්‍රියෙ මා ගත කළේ බුද්ධි අංශ ආරක්ෂක නිවස්නයක . පහුවදා සයින්දමර්දු පිපිරීම සිදුවෙච්ච තැනට ගියා. ගිහින් මැරිච්ච අයව හඳුනාගත්තා. ගේට්ටුව ඉදිරිපිට තුවක්කුවත් අතේ තියන් මැරිලා හිටිය කෙනා තමයි බඩු බාන්න මාත් සමඟ යතුරුපැදියේ ගියේ. පසුව අනාවරණය වුණා ඔහු නියාස් බව. එතැනින් පසුව මාව නැවතත් නින්දවුර් නිවෙසට රැගෙන ගියා යම් යම් හඳුනාගැනීම්වලට“ කුලී ගමන සඳහා මීගමුව නවලෝක රෝහල අසල සිට කටුවාපිටියට ශාන්තලාල් කැටුව ගොස් ඇත්තේ කටුවාපිටිය පල්ලිය පුපුරුවාහල හස්තූන්ය. කටුවාපිටිය නිවසෙන් බඩු පටවන විට එහි මතු මාලයක සයින්දමර්දුහි පුපුරුවාගෙන මියගිය කාන්තාවන්ගෙන් පිරිසක් ඉඳ තිබේ. ඔහු සමඟ ලොරියට බඩු පටවා තිබුණේ සහරාන්ගේ සොයුරු රිල්වාන්ය. දෙවන ප්‍රහාර මාලාව දියත් කිරීමෙ වගකීම භාරගෙන තිබුණේ ඔහුය. ශාන්තලාල් නිවස තුළට යන විට එහි බිම හිඳගෙන කතා කරමින් සිටි මහත පුද්ගලයා සහරාන්ය. ඔහු සමඟ කල්මුණේට ලොරියේ පැමිණි තැනැත්තා දැන් පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔහු සහරාන්ගේ බෝම්බ විශේෂඥයා වූ මොහොමඩ් රිස්කාන්ය. කල්මුණේ පල්ලියක් අසල සිට ඔවුන් සමන්තුරේ හා නින්දවූර් නිවාස වෙත කැඳවාගෙන ගොස් අත්තේ සයින්දමර්දුහිදී පුපුරුවාගත් පිරිස අතර ගිනි අවියක් සහිතව වැටී සිටි මොහොමඩ් නියාස්ය. ශාන්ත අතුළු පිරිස නින්දවූර් නිවස සොයාගෙන යද්දී සයින්දමර්දු පුපුරුවාගෙන මැරුණු පිරිස සිටියේ එම නිවසේය. එවන් හෙළිදරව්වක් කළ ශාන්ත පසුව මාස ගණනාවක් බලා සිටියේ තමා කළ වීර ක්‍රියාවට නිසි ඇගැයීමක් ලැබෙන තුරුය. අවසානයේ කරන්නම දෙයක් නැති තැන ඔහු මාධ්‍ය ඉදිරියට ආවේය. ඇවිත් සිය කතාව කීවේය. කාට කාටත් ශාන්ත ගැන ආයෙත් මතක් වුණේ ඉන් පසුවය . දැන් ඔහුට ලැබිය යුතු නිසි ඇගැයීම ලැබී තිබේ. සටහන - අමිල මලවිසූරිය [YOUTUBE]rMQ_wl2cJ7g[/YOUTUBE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom