මගේ ආණ්ඩුවක් යටතේ ගොවියා අමාරුවේ දාන්නේ නෑ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,155
    34,750
    113
    https://www.lankadeepa.lk/news/‘‘මගේ-ආණ්ඩුවක්-යටතේ-ගොවියා-අමාරුවේ-දාන්නේ-නෑ‘‘/101-602069

    මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ. කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    බකමූණ නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයක යෙදී සිටින ගොවීන් හමුවීමට ගිය හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

    මොරගහකන්ද සහ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් ඒකාබද්ධව ගොවිතැනට පොහොර ලබා දෙන ලෙසට බලපළකරමින් ඉකුත් 24 වැනිදා අඛණ්ඩව උපවාසයක් ආරම්භ කළේය.

    ගොවි උපවාසයට අදට දින අටක් ගත වී ඇතැයි ගොවීහු එහිදි හිටපු ජනාධිපතිවරයා කියා සිටියහ.

    ගොවීන් හමුවූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

    මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර එල්ල කරනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ කියලා කිවුවා . ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නැහැ.

    ගොවියකු මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්. නැවත බලයට පත්වුව හොත්වී ගොවීන් වෙනුවෙන් කුමක් කරන්නේද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.

    තමා ගොවීන් අමාරුවේ නොදමන බවත්, කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් ‍ක්‍රමානුකූලව වගා කිරීමට ගොවියා හුරු කරවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත්දුරටත් සඳහන් කළේය.

    ලෝකයේ කිසිදු රටක සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන්නේ නැහැ ,ඕස්ට්‍රේලියාව පවා වගා කටයුතු කරන්නේ කාබනික පොහොරවලින් සීයට 50කින් පමණ බව ද සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.

    තමා ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ 1980 දශකයේ සිට පමණ බවත් ගොවීන් වෙනුවෙන්, ගොවීන් වස බී මැරෙන අවස්ථාවක තමා ගොවි ජනතාව බේරාගැනීමට පොළොන්නරුව නගරයේ උද්ඝෝෂණය කරමින් පළමුවරට මිනීපෙට්ටිවලට පවා තමා කර ගැහූ බවද සිරිසේන මහතා සඳහන් කළේය.
     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mewata kiyanne bora diye malu banawa kiyala,

    a kohoma unath gothabaya rajapaksha patta fail, kulla kujeetha wela nanna pol wela iwarai.'
    gothabaya me tharan moda harakeke kiyala dannawanan Prabhakaran hangila idala puken hina wei,
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    Correct. He put everybody in to difficulty not only farmers. We saw 52 day illegal govt ? Easter Bomb? What else ? He should have been punished for corruption as release of murderer as his last official work?
     
    • Like
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Correct. He put everybody in to difficulty not only farmers. We saw 52 day illegal govt ? Easter Bomb? What else ? He should have been punished for corruption as release of murderer as his last official work?

    ඕවා සාර්ථකව ප්ලෑන් කරපු විදියට කරපු නිසානේ පොහොට්ටුවේ සබාපති තනතුරක් ලැබුනේ.
     

    Similar threads