මගේ කේන්දරයේ සෙනසුරා දහයේ '' - සජිත්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගේ කේන්දරයේ සෙනසුරා දහයේ '' - සජිත්

    මගේ කේන්දරයේ සෙනසුරා දහයේ '' - සජිත්

    2012 ජනවාරි 13 වෙනි සිකුරාදා, 11:37 SRI LANKA MIRROR EDITOR


    Sajith_11_06_16.gif
    Srilankamirror - තම කේන්දරයේ සෙනසුරා 10 සිටින බැවින් ඕනෑම කටුක අත්දැකීමකට මුහුණ දීමට ශක්තිය ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපන් දිනය ඊයේට (12) දී තිබු අතර ඒ වෙනුවෙන් මහනුවර පැවති උත්සවයක දී මාධ්‍යවේදීන් හමුවෙහි ඔහු එමකාරණය අවධාරණය කළේය.


    පක්ෂයේ විනය පිළිබඳව මහ ඉහළින් කතා කරන උදවිය කරු හා දයාසිරි පසෙකට දමා, රවි කරුණානායකට පමණක් යළි කෘත්‍යාධිකාරිමණ්ඩල සාමාජිකත්වය පිරිනැමීමෙන් පක්ෂ විනය අද කොඩිවිනයක් බවට පත්කර ඇතැයි ද හෙතෙම පැවසීය.


    නිලවරණයේ දී පසු බෑමට ලක්වූ කරු, දයාසිරි හා රවී යන තිදෙනා යළි කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කරන ලෙස තමන් පක්ෂ නායකත්වයෙන්ඉල්ලා සිටි නමුත්, යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් පත් කිරීමේ දී කරූ ගේ හා දයාසිරි ගේ නම් හැලී ගිය බවද ඒ මහතා සදහන්කළේය.සාමුහිකත්වය, විනය, සමඟිය පිළිබඳව දේශනා කරන, ප්‍රවෘත්ති සාකච්ඡා තියන, නිවේදන නිකුත්කරන උදවිය එය ක්‍රියාවෙන් ඔප්පු නොකරනබවද ප්‍රේමදාස මහතා පැවසීය.


    එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් ලක්ෂ පහක් බඳවා ගැනීමේ වැඩසටහන සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ එජාප පලාත් පාලන ආයතන නියොජිතයින්ට හදුන්වා දෙනු ලැබිය.


    මහනුවර රිවඬේල් හෝටලයට කැඳැවුණු මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමට මහනුවර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන නියොජිතයින් 124 න් 104 දෙනෙක්ම සහභාගී වී සිටියහ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

    :lol::lol::lol::lol: