Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ පළමුවෙනි ත්‍රෙඩ් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පළමුවෙනි ත්‍රෙඩ් එක

පණු සිදුරෙන් සංකස්සයට ගිය සැවැත් පුර වැසියෝ…

“එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ’ යි විචාළහ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුනකැ’ යි වදාළ සේක…

….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නාහු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..”

(උපුටා ගැනීම – පූජාවලිය, දෙවොරොහණ පූජා කථා)

පූජාවලියේ එන මෙම කථා පුවතින් කියවෙන්නේ බුද්ධ චරිතයේ තවත් එක් අසිරිමත් මොහොතකි. කිමෙක් ද යත්, බුදු හිමියන් තව්තිසා දෙව්ලොව වස් වැඩ සිට (සත් වන වස් කාලය) නැවත දඹදිව් තලයට බට අසිරිමත් පුවතයි. තුන් මසක් පුරාවට බුදු හිමියන් නොදුටු ජනයා නැවත බුදු හිමියන් ජේතවන වෙහෙරට වඩින තුරා නො ඉවසිල්ලෙන් බලා සිටින්නට විය. එහිදී මුගලන් මහ තෙරුන් වහන්සේ එම ජනයා හට පවසා සිටින්නේ බුදු හිමියන් එහි නො වඩින බවත්, සැවත් නුවරින් යොදුන් 30 ක් දුරින් වූ සංකස්ස පුරයට වඩින බවත් ය. ඒ අසා සාංකාවට පත් ජනතාව, මුගලන් හිමියන් ගේ සෘධි බලයෙන් අසුරු සැනක දී සැවත් නුවර සිට සංකස්සය ට ගෙන යන ආකාරය පූජාවලියේ දීර්ඝ ලෙස සහ විසිතුරු ලෙස රචනා වී ඇත. ඒ අනුව තම කෙස් වැටිය බඳිමින් ගමන් ඇරඹූ කාන්තාවන් එය බැඳ අවසන් වනවාත් සමගම ගමනාන්තය කරා පැමිණියා ආදී වශයෙන් රූපක ආදිය යොදා ගනිමින් මෙම කතාව රසවත් කිරීමට කතුවරයා විසින් සමත්ව ඇති ආකාරය පෙනී යයි.

උසස් සාහිත්‍යමය ග්රන්ථයක් සේ සැලකෙන පූජාවලියේ කතුවර බුද්ධපුත්‍ර හිමියන් විසින් ඉහත කථා පුවත රසවත් කිරීමට යොදාගන්නා ලද සිද්ධීන් හුදෙක් උන්වහන්සේ ගේ නිර්මාණයන් යැයි වර්තමානයේ බොහෝ දෙනා සිතන්නට ඇත. ඔවුන්ට මෙම කතාව හුදෙක් සාහිත්‍යමය නිර්මාණයක් පමණකි. නමුත් බුද්ධානුභාවය පිළිබඳ විචිකිච්ඡාව හල අයකුට නම් එය එසේ නොවේ.

පූජාවලිය මෙන්ම තත්කාලීන බෞද්ධ ග්රන්ථ සැලකීමේ දී ඒවායේ ශ්‍රව්‍ය ගෝචර බස් වහර ප්‍රකට ලක්ෂණයකි. ධර්මය පරිහානියට පත් නොවී රැකගනු වස් ස්වාමින් වහන්සේලා විසින් කියවන විට සාමාන්‍ය ජනයාට අසා සිටීමේ රුචිය වඩවනු වස් අලංකාර උපමා, රූපක වලින් පොහොසත්ව එවක ධර්ම ග්රන්ථ ලියවිණි. එ නයින් බලන කල මේ කථා පුවත ද එම උප සංස්කෘතිය තුළ සාහිත්‍ය ධරයා විසින් නිර්මාණය කළ හිතලුවක් යැයි කෙනෙකුන් තර්ක කිරීමට ඉඩ ඇත. නමුත් අප විසින් අමතක නොකළ යුතු තවත් කරුණක් ඇත. එනම්, මෙම උප සංස්කෘතිය වුව බිහිවන්නේ සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප ආදී මහා සංඝ පරපුරෙන් පැවතෙන, අර්හත් හා මාර්ගඵල ලාභී ආර්ය භික්ෂු සමූහය පදනම්ව බවයි. එබැවින් එවන් වූ මහා සම්ප්රදායක් තුළ ගොඩනැගෙන කථා ප්රවෘත්ති හි සාහිත්‍යමය ලක්ෂණයන් කැටි කළ පමණින් එම සිදුවීම් තුළ අන්තර්ගත උසස් විඤඤානමය ගති හෝ අභිඥා ඤාණ ලක්ෂණයන් හුදෙක් සාහිත්‍ය කරුවාගේ නිර්මාණයන් ලෙස සරල කල නොහැක.

අද සමාජය විසින් උත්සහ දරන්නේ, කාලය විසින් යටකරනු ලැබූ මෙන්ම ධර්මාවබෝධය ක්‍රමයෙන් ක්ෂය වන යන ධර්මතාවය විසින්ම සඟවාලනු ලබන මෙවැනි අද්භූත-ආශ්චර්ය සිද්ධීන්, වර්තමාන පදාර්ථවාදී විද්‍යාව තුළින් විග්රහ කිරීමටයි. නමුත් පදාර්ථය මත ගොඩනැගෙන සම්මුති වාදී මෙම නවීන විද්‍යා ක්රමෝපායන් හට, සම්මුතිය පරයා පරමාර්ථ ධර්මතා අවබෝධය ඔස්සේ පමණක් විග්රහ කළ හැකි කාරණා කෙසේ අර්ථකතනය කල හැකිදැ යි සොයාබැලීම වටී (අප එහිදී මතකයේ තබාගත යුතු කරුණකි, අභිඥා ඤාණය ද සම්මුති ලෝක මායාවේම ගුණාංගයක් යන්න). එබැවින් නවීන විද්‍යා සම්ප්රදායන්හි මෙවැනි අද්භූත-ආශ්චර්ය සිද්ධීන් විස්තර කළ හැක්කේ අංකුරාකාරයෙනි. එනම් ප්‍රායෝගිකව අත්හදාබැලිය නොහැකි න්‍යායාත්මක මොඩලයන් ආකාරයෙනි.

නවීන විද්‍යාත්මක සම්මුතීන් සරණ ගොස්, ඉහත ආකාරයේ සිද්ධීන් හුදෙක් මායාවන් යැයි සලකා ඉවත ලන නූතන තාරුණ්‍යයට, ඔවුන්ගේම පිළිගැනීම් තුළ හමුවන මොඩලයකින් මෙම කථා ප්‍රවෘත්තිය මායාවක් නොවන බවට සාක්ෂි සැපයිය හැකිදැයි බලමු.

පණු සිදුරේ න්‍යාය හෙවත් ‘ Worm Hole Theory ‘

මින් අදහස් කෙරෙන්නේ විශ්වයේ කාල අවකාශය හරහා ගමන් කිරීමට හැකි න්‍යායාත්මක ඉගැන්වීමකි. එනම් අවකාශයේ දුරින් පිහිටි ස්ථාන දෙකක් යා කෙරෙමින් සාදා ගන්නා කෙටි සේතුවක් (Bridge) ඔස්සේ ස්වල්ප දුරකින් හා කාලයකින් තරණය කිරීම යි. පලතුරු ගෙඩියක එක් පසෙක සිට අනෙක් පසට පිටත පෘෂ්ඨය ඔස්සේ ගමන් කිරීමට වඩා එම ගෙඩිය හරහා පණුවකු මෙන් සිදුරක් සදමින් කෙටි මාර්ගයක ගමන් කිරීම යන අර්ථය සපයමින් මෙම සංකල්පය ‘Worm Hole Theory’ ලෙස නම් කර ඇත. මෙහි ඉගැන්වෙන්නේ අවකාශය හැකිලීමකි. පහත උදාහරණය සලකා බලමු.

A හා B යනු අවකාශයේ ලක්ෂයන් දෙකකි. ඒවා අතර කෙටිම දුර, එනම් සරල රේඛීය දුර ඒකක 10 ක් ලෙස දක්වා ඇත. මෙම සරල රේඛීය පථය අවකාශය ඔස්සේ ගමන් කරන්නකි.

දකුණු පස රූපයේ මෙම පථය එනම් අවකාශය හකුළුවා A හා B අතර නව කෙටි දුරක් නිර්මාණය කර ඇත. එබැවින් මෙම කෙටි දුර ඔස්සේ ගමන් මාර්ගයක් සැකසීමෙන් අඩු දුරකින් හා කෙටි කාලයකින් A සිට B දක්වා පැමිණීමට අවස්ථාව ලැබේ.

මෙම න්‍යාය සඳහා පසුබිම සැකසෙන්නේ වර්ෂ 1916 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය සමඟිනි. එහි අයින්ස්ටයින් ඉදිරිපත් කළ ක්ෂේත්‍ර සමීකරණය පිළිබඳව කරුණු අධ්‍යයනය කළ ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥ ලුච්වින්ග් ෆ්ලාම් විසින්, එවකට පැවති කළු කුහර හා සුදු කුහර පිළබඳව වූ සොයාගැනීම්ද ඇසුරු කර ගනිමින් එම කුහර යනු විශ්වයේ ස්ථාන දෙකක් එකිනෙක යා කෙරෙන සේතුවක දොරටු ලෙස භාවිත විය හැකි ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. පසුව 1935 දී ඇල්බට් අයින්ස්ටයින් හා නාදන් රොසෙන් එක්ව අයින්ස්ටයින් – රොසෙන් සේතුව යන නමින් විශ්වයේ කාල අවකාශය තරණය කළහැකි න්යානයක් ඉදිරිපත් කළෝය. අනතුරුව ජෝන් වීලර් විසින් මෙය ‘ Worm Hole Theory ‘ ලෙස නම් කෙරිණි.

විශ්වයේ දුර ස්ථාන ඉතා ළං කරන මෙවැනි මාර්ගයන් පීළිබඳව න්‍යායාත්මකව පෙන්වා දුන්නද ඒවා ප්‍රායෝගික ලෙස පෙන්වීමට නොහැකි වූයේ එහි වූ අස්ථාවර භාවය නිසාය. 1987 වර්ෂයේ දී සිය ආචාර්ය උපාධිය සඳහා මයිකල් මොරිස් සහ යූරි යට්ස්වර් එකතුව, සෘණ ඝනත්වයක් යටතේ වඩා ස්ථාවර පණු සිදුරක් නිර්මාණය කළද එය ඉතා කුඩා ‘ultra small’ තත්වයේ එකක් විය. මේ වන විට, මහාචාර්ය ස්ටීවන් හොප්කින්ස් විසින් මෙම න්‍යාය පිළිබඳව තවත් දීර්ඝ පර්යේෂණ පවත්වමින් ඇත.

නවීන විද්‍යාව නම් වූ සම්මුතික චින්තනය තුළ මේ සම්බන්ධ පර්යේෂණ තවමත් සිදු වෙමින් පවතී. එහි ප්‍රායෝගික පැතිකඩ ගෝචර කිරීමට එම විද්‍යාවට තවමත් හැකි වී නැත.

ලෝක ධාතුව පිළිබඳව වඩා ප්‍රායෝගික වූ දැනුම ලද හැක්කේ සම්මුතීන්හි එල්බ සිටීමෙන් නොව, පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ලබා ගන්නා උසස් ඤාණ දර්ශනයකින් පමණක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. එසේ උසස් ආර්ය ඤාණය ලැබීමෙන්ම විශ්වය පිළිබඳ යථාවබෝධය ලැබෙන අතර එහි පදාර්ථයන් තමාට උචිත පරිදි හැඩගස්වා ගත හැකිය. එතුළින්ම පුහුදුන් විද්‍යාවන්ට ගෝචර නොවන අද්භූත-ආශ්චර්ය සිද්ධීන් කෙලෙස සිදුවන්නේද යන්න පසක් කරගත හැකිය.

මෙලෙස ලෝකය පිළිබඳව යථාවබෝධය ලබන මාර්ගය අපට පහදා දෙන්නේ බුද්ධ දේශනාවෙනි. ආර්ය ගවේෂණයෙන් පමණක් වටහා ගැනෙන ඇතැම් කාරණා නවීන විද්‍යාව තුළ පෙර කී ආකාරයේ මොඩලය න් ලෙසින් පමණක්ම පවතිනු ඇත. තත්වය එසේ වුව ද වර්තමාන බහුතරය සරණ යන්නේ මේ මොඩලයන් ය. ආර්ය ගවේෂණයත් නිර්වාණගාමී මාර්ගයත් වල් බිහි වෙමින් යයි.

වර්තමාන විද්‍යාඥයින් පිළිතුරු නොමැති පඹ ගාලක පැටලී සිටිද්දී, මීට වසර 2500 ටත් පෙර, සෘධි බල ලාභීන් අතරින් අගතැන් ගත් මුගලන් මහ තෙරුන් සැවැත්පුර වැසියන් සංකස්සය ට ගෙන ගියේ උන්වහන්සේ ධර්මාවබෝධය තුළින්ම ලත් ප්‍රඥා මහිමයෙනි.

මෙලෙස මෙම කථා ප්‍රවෘත්තිය නවීන විද්‍යාවේ මොඩලයක් ඔස්සේ දැක්වූවේ කිසි ලෙසකින් හෝ බුදු දහම සහ නවීන විද්‍යාව සැසඳීමකට නොවන බව ද අවධාරණය කරමි (මහා සයුරකට දිය බිඳක් කෙසේනම් උපමා කරමු ද?). යාන්ත්‍රීකරණය වූ ජීවිත තුළ නවීන විද්‍යාව යන දෘෂ්ටි මායාව පසුපස දිව යන වත්මන් ජනයා හට මෙතුළින් බුදු දහමේ ගැඹුර පිළිබඳ කිසියම් වැටහීමක් ලද හැකි යැයි සිතමි. එක් පුද්ගලයකු හෝ මෙය කියවා බුදු දහමේ ආශ්චර්ය දැක බුද්ධ රසිකයකු බවට පත්වේ නම් එතුළින්ම ඒ පුද්ගලයා ඉදිරියේ නිර්වාණගාමී මාර්ගය විවර වනවා ඇත. එබැවින් දස දහසක් දෙනා හට ඒ උතුම් මාර්ගය විවර වේවා….. ! යැයි අවසාන වශයෙන් ප්‍රරර්ථනා කරමි.

[QUOTE="sebastian show, post: 11840584, member: 388298"] [b]මගේ පළමුවෙනි ත්‍රෙඩ් එක[/b] [B][SIZE=5]පණු සිදුරෙන් සංකස්සයට ගිය සැවැත් පුර වැසියෝ…[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5]“එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ’ යි විචාළහ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුනකැ’ යි වදාළ සේක…[/SIZE] [SIZE=5]….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නාහු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..” (උපුටා ගැනීම – පූජාවලිය, දෙවොරොහණ පූජා කථා)[/SIZE] [SIZE=5][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/01/23-416x500.jpg[/IMG][/SIZE] [SIZE=5]පූජාවලියේ එන මෙම කථා පුවතින් කියවෙන්නේ බුද්ධ චරිතයේ තවත් එක් අසිරිමත් මොහොතකි. කිමෙක් ද යත්, බුදු හිමියන් තව්තිසා දෙව්ලොව වස් වැඩ සිට (සත් වන වස් කාලය) නැවත දඹදිව් තලයට බට අසිරිමත් පුවතයි. තුන් මසක් පුරාවට බුදු හිමියන් නොදුටු ජනයා නැවත බුදු හිමියන් ජේතවන වෙහෙරට වඩින තුරා නො ඉවසිල්ලෙන් බලා සිටින්නට විය. එහිදී මුගලන් මහ තෙරුන් වහන්සේ එම ජනයා හට පවසා සිටින්නේ බුදු හිමියන් එහි නො වඩින බවත්, සැවත් නුවරින් යොදුන් 30 ක් දුරින් වූ සංකස්ස පුරයට වඩින බවත් ය. ඒ අසා සාංකාවට පත් ජනතාව, මුගලන් හිමියන් ගේ සෘධි බලයෙන් අසුරු සැනක දී සැවත් නුවර සිට සංකස්සය ට ගෙන යන ආකාරය පූජාවලියේ දීර්ඝ ලෙස සහ විසිතුරු ලෙස රචනා වී ඇත. ඒ අනුව තම කෙස් වැටිය බඳිමින් ගමන් ඇරඹූ කාන්තාවන් එය බැඳ අවසන් වනවාත් සමගම ගමනාන්තය කරා පැමිණියා ආදී වශයෙන් රූපක ආදිය යොදා ගනිමින් මෙම කතාව රසවත් කිරීමට කතුවරයා විසින් සමත්ව ඇති ආකාරය පෙනී යයි.[/SIZE] [SIZE=5]උසස් සාහිත්‍යමය ග්රන්ථයක් සේ සැලකෙන පූජාවලියේ කතුවර බුද්ධපුත්‍ර හිමියන් විසින් ඉහත කථා පුවත රසවත් කිරීමට යොදාගන්නා ලද සිද්ධීන් හුදෙක් උන්වහන්සේ ගේ නිර්මාණයන් යැයි වර්තමානයේ බොහෝ දෙනා සිතන්නට ඇත. ඔවුන්ට මෙම කතාව හුදෙක් සාහිත්‍යමය නිර්මාණයක් පමණකි. නමුත් බුද්ධානුභාවය පිළිබඳ විචිකිච්ඡාව හල අයකුට නම් එය එසේ නොවේ.[/SIZE] [SIZE=5]පූජාවලිය මෙන්ම තත්කාලීන බෞද්ධ ග්රන්ථ සැලකීමේ දී ඒවායේ ශ්‍රව්‍ය ගෝචර බස් වහර ප්‍රකට ලක්ෂණයකි. ධර්මය පරිහානියට පත් නොවී රැකගනු වස් ස්වාමින් වහන්සේලා විසින් කියවන විට සාමාන්‍ය ජනයාට අසා සිටීමේ රුචිය වඩවනු වස් අලංකාර උපමා, රූපක වලින් පොහොසත්ව එවක ධර්ම ග්රන්ථ ලියවිණි. එ නයින් බලන කල මේ කථා පුවත ද එම උප සංස්කෘතිය තුළ සාහිත්‍ය ධරයා විසින් නිර්මාණය කළ හිතලුවක් යැයි කෙනෙකුන් තර්ක කිරීමට ඉඩ ඇත. නමුත් අප විසින් අමතක නොකළ යුතු තවත් කරුණක් ඇත. එනම්, මෙම උප සංස්කෘතිය වුව බිහිවන්නේ සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප ආදී මහා සංඝ පරපුරෙන් පැවතෙන, අර්හත් හා මාර්ගඵල ලාභී ආර්ය භික්ෂු සමූහය පදනම්ව බවයි. එබැවින් එවන් වූ මහා සම්ප්රදායක් තුළ ගොඩනැගෙන කථා ප්රවෘත්ති හි සාහිත්‍යමය ලක්ෂණයන් කැටි කළ පමණින් එම සිදුවීම් තුළ අන්තර්ගත උසස් විඤඤානමය ගති හෝ අභිඥා ඤාණ ලක්ෂණයන් හුදෙක් සාහිත්‍ය කරුවාගේ නිර්මාණයන් ලෙස සරල කල නොහැක.[/SIZE] [SIZE=5]අද සමාජය විසින් උත්සහ දරන්නේ, කාලය විසින් යටකරනු ලැබූ මෙන්ම ධර්මාවබෝධය ක්‍රමයෙන් ක්ෂය වන යන ධර්මතාවය විසින්ම සඟවාලනු ලබන මෙවැනි අද්භූත-ආශ්චර්ය සිද්ධීන්, වර්තමාන පදාර්ථවාදී විද්‍යාව තුළින් විග්රහ කිරීමටයි. නමුත් පදාර්ථය මත ගොඩනැගෙන සම්මුති වාදී මෙම නවීන විද්‍යා ක්රමෝපායන් හට, සම්මුතිය පරයා පරමාර්ථ ධර්මතා අවබෝධය ඔස්සේ පමණක් විග්රහ කළ හැකි කාරණා කෙසේ අර්ථකතනය කල හැකිදැ යි සොයාබැලීම වටී (අප එහිදී මතකයේ තබාගත යුතු කරුණකි, අභිඥා ඤාණය ද සම්මුති ලෝක මායාවේම ගුණාංගයක් යන්න). එබැවින් නවීන විද්‍යා සම්ප්රදායන්හි මෙවැනි අද්භූත-ආශ්චර්ය සිද්ධීන් විස්තර කළ හැක්කේ අංකුරාකාරයෙනි. එනම් ප්‍රායෝගිකව අත්හදාබැලිය නොහැකි න්‍යායාත්මක මොඩලයන් ආකාරයෙනි.[/SIZE] [SIZE=5]නවීන විද්‍යාත්මක සම්මුතීන් සරණ ගොස්, ඉහත ආකාරයේ සිද්ධීන් හුදෙක් මායාවන් යැයි සලකා ඉවත ලන නූතන තාරුණ්‍යයට, ඔවුන්ගේම පිළිගැනීම් තුළ හමුවන මොඩලයකින් මෙම කථා ප්‍රවෘත්තිය මායාවක් නොවන බවට සාක්ෂි සැපයිය හැකිදැයි බලමු.[/SIZE] [U][SIZE=5]පණු සිදුරේ න්‍යාය හෙවත් ‘ Worm Hole Theory ‘[/SIZE][/U] [SIZE=5]මින් අදහස් කෙරෙන්නේ විශ්වයේ කාල අවකාශය හරහා ගමන් කිරීමට හැකි න්‍යායාත්මක ඉගැන්වීමකි. එනම් අවකාශයේ දුරින් පිහිටි ස්ථාන දෙකක් යා කෙරෙමින් සාදා ගන්නා කෙටි සේතුවක් (Bridge) ඔස්සේ ස්වල්ප දුරකින් හා කාලයකින් තරණය කිරීම යි. පලතුරු ගෙඩියක එක් පසෙක සිට අනෙක් පසට පිටත පෘෂ්ඨය ඔස්සේ ගමන් කිරීමට වඩා එම ගෙඩිය හරහා පණුවකු මෙන් සිදුරක් සදමින් කෙටි මාර්ගයක ගමන් කිරීම යන අර්ථය සපයමින් මෙම සංකල්පය ‘Worm Hole Theory’ ලෙස නම් කර ඇත. මෙහි ඉගැන්වෙන්නේ අවකාශය හැකිලීමකි. පහත උදාහරණය සලකා බලමු.[/SIZE] [SIZE=5][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/01/image002-550x150.jpg[/IMG][/SIZE] [SIZE=5]A හා B යනු අවකාශයේ ලක්ෂයන් දෙකකි. ඒවා අතර කෙටිම දුර, එනම් සරල රේඛීය දුර ඒකක 10 ක් ලෙස දක්වා ඇත. මෙම සරල රේඛීය පථය අවකාශය ඔස්සේ ගමන් කරන්නකි.[/SIZE] [SIZE=5]දකුණු පස රූපයේ මෙම පථය එනම් අවකාශය හකුළුවා A හා B අතර නව කෙටි දුරක් නිර්මාණය කර ඇත. එබැවින් මෙම කෙටි දුර ඔස්සේ ගමන් මාර්ගයක් සැකසීමෙන් අඩු දුරකින් හා කෙටි කාලයකින් A සිට B දක්වා පැමිණීමට අවස්ථාව ලැබේ.[/SIZE] [SIZE=5]මෙම න්‍යාය සඳහා පසුබිම සැකසෙන්නේ වර්ෂ 1916 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය සමඟිනි. එහි අයින්ස්ටයින් ඉදිරිපත් කළ ක්ෂේත්‍ර සමීකරණය පිළිබඳව කරුණු අධ්‍යයනය කළ ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥ ලුච්වින්ග් ෆ්ලාම් විසින්, එවකට පැවති කළු කුහර හා සුදු කුහර පිළබඳව වූ සොයාගැනීම්ද ඇසුරු කර ගනිමින් එම කුහර යනු විශ්වයේ ස්ථාන දෙකක් එකිනෙක යා කෙරෙන සේතුවක දොරටු ලෙස භාවිත විය හැකි ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. පසුව 1935 දී ඇල්බට් අයින්ස්ටයින් හා නාදන් රොසෙන් එක්ව අයින්ස්ටයින් – රොසෙන් සේතුව යන නමින් විශ්වයේ කාල අවකාශය තරණය කළහැකි න්යානයක් ඉදිරිපත් කළෝය. අනතුරුව ජෝන් වීලර් විසින් මෙය ‘ Worm Hole Theory ‘ ලෙස නම් කෙරිණි.[/SIZE] [SIZE=5]විශ්වයේ දුර ස්ථාන ඉතා ළං කරන මෙවැනි මාර්ගයන් පීළිබඳව න්‍යායාත්මකව පෙන්වා දුන්නද ඒවා ප්‍රායෝගික ලෙස පෙන්වීමට නොහැකි වූයේ එහි වූ අස්ථාවර භාවය නිසාය. 1987 වර්ෂයේ දී සිය ආචාර්ය උපාධිය සඳහා මයිකල් මොරිස් සහ යූරි යට්ස්වර් එකතුව, සෘණ ඝනත්වයක් යටතේ වඩා ස්ථාවර පණු සිදුරක් නිර්මාණය කළද එය ඉතා කුඩා ‘ultra small’ තත්වයේ එකක් විය. මේ වන විට, මහාචාර්ය ස්ටීවන් හොප්කින්ස් විසින් මෙම න්‍යාය පිළිබඳව තවත් දීර්ඝ පර්යේෂණ පවත්වමින් ඇත.[/SIZE] [SIZE=5]නවීන විද්‍යාව නම් වූ සම්මුතික චින්තනය තුළ මේ සම්බන්ධ පර්යේෂණ තවමත් සිදු වෙමින් පවතී. එහි ප්‍රායෝගික පැතිකඩ ගෝචර කිරීමට එම විද්‍යාවට තවමත් හැකි වී නැත.[/SIZE] [SIZE=5]ලෝක ධාතුව පිළිබඳව වඩා ප්‍රායෝගික වූ දැනුම ලද හැක්කේ සම්මුතීන්හි එල්බ සිටීමෙන් නොව, පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ලබා ගන්නා උසස් ඤාණ දර්ශනයකින් පමණක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. එසේ උසස් ආර්ය ඤාණය ලැබීමෙන්ම විශ්වය පිළිබඳ යථාවබෝධය ලැබෙන අතර එහි පදාර්ථයන් තමාට උචිත පරිදි හැඩගස්වා ගත හැකිය. එතුළින්ම පුහුදුන් විද්‍යාවන්ට ගෝචර නොවන අද්භූත-ආශ්චර්ය සිද්ධීන් කෙලෙස සිදුවන්නේද යන්න පසක් කරගත හැකිය.[/SIZE] [SIZE=5]මෙලෙස ලෝකය පිළිබඳව යථාවබෝධය ලබන මාර්ගය අපට පහදා දෙන්නේ බුද්ධ දේශනාවෙනි. ආර්ය ගවේෂණයෙන් පමණක් වටහා ගැනෙන ඇතැම් කාරණා නවීන විද්‍යාව තුළ පෙර කී ආකාරයේ මොඩලය න් ලෙසින් පමණක්ම පවතිනු ඇත. තත්වය එසේ වුව ද වර්තමාන බහුතරය සරණ යන්නේ මේ මොඩලයන් ය. ආර්ය ගවේෂණයත් නිර්වාණගාමී මාර්ගයත් වල් බිහි වෙමින් යයි.[/SIZE] [SIZE=5]වර්තමාන විද්‍යාඥයින් පිළිතුරු නොමැති පඹ ගාලක පැටලී සිටිද්දී, මීට වසර 2500 ටත් පෙර, සෘධි බල ලාභීන් අතරින් අගතැන් ගත් මුගලන් මහ තෙරුන් සැවැත්පුර වැසියන් සංකස්සය ට ගෙන ගියේ උන්වහන්සේ ධර්මාවබෝධය තුළින්ම ලත් ප්‍රඥා මහිමයෙනි.[/SIZE] [SIZE=5]මෙලෙස මෙම කථා ප්‍රවෘත්තිය නවීන විද්‍යාවේ මොඩලයක් ඔස්සේ දැක්වූවේ කිසි ලෙසකින් හෝ බුදු දහම සහ නවීන විද්‍යාව සැසඳීමකට නොවන බව ද අවධාරණය කරමි (මහා සයුරකට දිය බිඳක් කෙසේනම් උපමා කරමු ද?). යාන්ත්‍රීකරණය වූ ජීවිත තුළ නවීන විද්‍යාව යන දෘෂ්ටි මායාව පසුපස දිව යන වත්මන් ජනයා හට මෙතුළින් බුදු දහමේ ගැඹුර පිළිබඳ කිසියම් වැටහීමක් ලද හැකි යැයි සිතමි. එක් පුද්ගලයකු හෝ මෙය කියවා බුදු දහමේ ආශ්චර්ය දැක බුද්ධ රසිකයකු බවට පත්වේ නම් එතුළින්ම ඒ පුද්ගලයා ඉදිරියේ නිර්වාණගාමී මාර්ගය විවර වනවා ඇත. එබැවින් දස දහසක් දෙනා හට ඒ උතුම් මාර්ගය විවර වේවා….. ! යැයි අවසාන වශයෙන් ප්‍රරර්ථනා කරමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom