මඟුල් ගෙදර කවි – දඬුවම් දීම
මිනිහා මෙහෙම කිව්වා.
මගුල් ගෙදර දාට ඉතින් මනමාලිට පුදුම වදයක්නෙ දෙන්නෙ. ( පේෂල් ද, මේකප් ද, තව අරකද මේකද මදිවට දවසම අර මල් පොකුරකුත් උස්සන් ඉන්න එපයි ) වෙලාවකට ගෑනුමනෙ ඕව පුරුදු කරගෙන ඉන්නෙ.., හොඳ වැඩේ කියලා හිතෙනවා. ඒකට කොල්ලො. වෙනදට අඳින සූට් එකම (අලු එකක් තමා) පොඩ්ඩක් මැදල උඩින් කෝට් එක දැම්මා, මලක් ගැහුවා. සිම්පල් ප්ලෑන් එකක්. ඉතින් මෙහෙව් මඟුල් ගෙදරක් ගමක තිබ්බා. මනමාලිව පුන්චි කාලෙ ඉඳන් දන්න ගමේ කෙනෙක් මේ මඟුල් ගෙදර ආ වෙලාවෙ දැක්කා මනමාලිගෙ මහන්සි පාට මූන. මිනිහා කවිකාරයා. කාටත් ඇහෙන්න කීව මෙහෙම.සුදුවන් රන් මනාලිය නෙක සලු පිළි අන් දා
මෙතරම් වද දිදී කොහි ගෙන යනවද මන් දා
මඟුල් ගෙදරට ඇවිල්ලා හිටියා කට කැඩිච්ච එකෙක්.
පොඩි කාලේ ඉඳන් ගෙයි දඟ වැඩි හන් දා
දඬුවම් කරන්නට යනවලු උල ඉන් දා
—————————————————————
