මජර_මල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හත් පෙති මල සහ මැදමූලන මජර මල



Medamulana_Majara_mala.jpg



මමයි මගේ හිතවත් මිත්‍රයෙකුයි මහජන පුස්තකාලෙ පහුකරන් යද්දි දැක්කා පොත් සේල් එකක් තියනවා. ඉතිං අපි දෙන්නත් දනි පනි ගාලා බස් එකෙන් එළියට පැනල නිකමට වගේ ගියා ඒ පැත්තට. ඒක ඒ තරම් ලොකු සේල් එකක් නෙමෙයි, ඒත් එතන තිබුණා අපි පුංචි කාලේ කියවපු රුසියානු ළමා කතා පොත් කීපයක්. ඒ අතරින් මගේ ප්‍රියතම පොතක් වෙච්ච හත්පෙති මල දැක්ක ගමන් මට ආයෙත් ඒක ගන්න හිතුණා. ඒක ඒ තරමටම හිතට වැදිච්ච කතාවක්. මගේ යාලුවත් පොඩි කාලේ ඒ පොත කියවල තිබුණාග ඉතින් ඒ පොතයි තව පොත් කීපෙකුයි අරගෙන අපි දෙන්න ඇවිදගෙන ආවා සමර් ගාඩ්න් එක පැත්තට. ඒ එන අතරෙත්, ගිහිල්ලත් අපි කතා වුණේ ඉස්සර අපි කියවපු ලස්සන රුසියානු පොත් ගැන.
‘ඇත්තටම හත්පෙති මල කොයිතරම් ලස්සන කතාවක්ද ? හැබැයි එක අතකිං ඒ කතාවේ ගෑණු ළමයා හරි මෝඩයි’
මගේ යාලුවා කිව්වා.

ඇයි ඔයා එහෙම කියන්නේ ?
මං ඇහුවා.

ඇයි මචං, මට ඔය මල හම්බ වුණා නම් මම නම් කරන්නෙ ඇති තරම් පිස්සු කෙළලා අන්තිම පෙත්ත කඩල කියනව මට ඒ ජාතියෙ තව මලක් ඕනෙ කියලා. ඒ මල ඉවර වෙනකොට ආයෙ තව මලක් ඉල්ලනවා. එතකොට මැරෙනකන්ම මට ඕන දේ කර කර ඉන්න පුළුවන්නේ’
ඔහු කිව්වා.

ඒ වෙලාවෙ තමයි මට කල්පනා වුණේ ඇත්තටම ඇයි ලංකාවේ ඒ වගේ කතන්දරයක් ලියවෙන්නෙ නැත්තෙ කියලා. ලියවෙන්න විදියක් නැහැ. අපි ඇයි ඒ කියල කියන්න කලින්, මං ‘‘හත්පෙති මල” කතාව කෙටියෙන් කියන්නම්.
හත්පෙති මල කියන පොතේ ඉන්නවා ශේන්යා කියලා පුංචි ගෑනු ළමයෙක්. ඈට හම්බවෙනව අරුම පුදුම හත්පෙති මලක්. ඒ මලේ එක පෙත්තක් කඩලා ඈ යම්කිසි වරයක් ඉල්ලුවම ඒක ලැබෙනවා. ඒක පුදුම බලගතු මලක්. ඈට කරන්න තියෙන්නෙ මල් පෙත්තක් කඩලා මෙන්න මෙහෙම කියන එක විතරයි.
මල් පෙත්තේ, මල් පෙත්තේ
උතුරු දෙසට – දකුණු දෙසට
බටහිරටත් හා නැගෙනහිරටත්
කැරකී කැරකී මෙහැම දෙසට
ම’ කියන දෙය කරදෙන් මට

එහෙම කිව්වම ඈට අවශ්‍ය ඕනම දෙයක් ලැබෙනවා.
එක පාරක් ඈ කියනවා ලෝකෙ තියන ඔක්කෝම සෙල්ලම් බඩු මට ඕනෙ කියලා. මෙන්න බොලේ ලෝකේ හතර දිබ්බාගෙම තියෙන සෙල්ලම් බඩු ඔක්කොම ඇගේ නිවසට ගලාගෙන එන්න ගන්නවා. ඒක නවත්තගන්නම බෑ. එනවා එනවා ඉවරයක් නැතුව. ගෙදර පිරිලා ඉතිරිලා පාරවල් පවා වැහිලා යනවා. අන්තිමේදී ඈට ඒක කරදරයක් වෙනවා. ඉතිං ඈ තව පෙත්තක් කඩල කියනවා මේ සේරම ආපහු තිබුණු තැන්වලටම යවන්න කියලා. දැං පෙති දෙකක්ම ඉවරයි.
තවත් වතාවක් ඈ කියනවා ඇයව උත්තර ධ්‍රවයට ගෙනියන්න කියලා. ඈ එහෙම කියන්නෙ උත්තර ධ්‍රවය කියන සෙල්ලම කරපු පිරිමි ළමයි වගයක් ඈව ඒ සෙල්ලමට ගත්තෙ නැති නිසා ඒගොල්ලන්ට පොඩි පාඩමක් උගන්නනත් එක්ක. ඒත් ගියාට පස්සෙ ඈට එහේ ඉන්න බැහැ. ඒ දරුණු සීතලේ ගැහි ගැහී බඩගින්නේ ඉන්න බැරි නිසා ඈ තව පෙත්තක් කඩල කියනවා වහාම තමන්ව නැවත ගෙදරට යවන්න කියලා. දැං පෙති හතරක්ම ඉවරයි. කිසිම වැඩකට ඇති දෙයක් නොකරම. ඔය විදියට ගිහිං ගිහිං ඈ පෙති හයක්ම නාස්ති කරගත්තේ නිරපරාදේ.
දැං තියෙන්නෙ ඇගේ අවසාන මල් පෙත්ත. මෙහෙම ඉන්නකොට ඈ දකිනවා උද්‍යානයේ බංකුවක වාඩිවෙලා ෆුට්බෝල් ගහන පිරිමි ළමයි ටිකක් දිහා බලාගෙන ඉන්න අසරණ පිරිමි ළමයෙක්. ඒ ළමයගෙ නම වීත්යා. ඇය ඉතින් ඒ ළමයා ළඟට ගිහිං අහනවා, ඇයි ඔයා ඒ ළමයි එක්ක සෙල්ලම් නොකරන්නෙ ? කියලා.
එතකොට ඔහු කියනවා ඔහුගෙ එක කකුළක් නැහැ කියලා. කොයිතරම් ආස උනත්, සෙල්ලම් කරන්නෙ කොහොමද තනි කකුලෙන්.
ඈට මේ පිරිමි ළමයා ගැන දුක හිතෙනවා. අවසාන මල් පෙත්තත් කඩල මේ පුංචි ගෑණු ළමයා කියනවා “වීත්යාගෙ කකුල සනීප කරන්න” කියලා. ඔහුගෙ කකුල සුවපත් වෙනවා. ඊට පස්සෙ ඔහු සන්තෝසෙන් ළමයි එක්ක සෙල්ලම් කරනවා. ඇයටත් හරිම සතුටුයි. හතිපෙති මලේ පෙති හතම අවසන් උනත්, අන්තිමේදි හරි තමන්ට ලැබුණු බලයෙන් වැඩකට ඇති යමක් කළා කියලා. කතාව නම් මීට වඩා හරිම රසවත්. ඒත් මේ තමයි සාරාංශෙ.

අපි දැන් බලමු ඇයි මේ වගේ කතාවක් ලංකාවේ බිහි නොවන්නේ කියලා. ඒක හරිම සරලයි. එක පැත්තකින් අපේ මිනිස්සුන්ට තියෙන්නේ අර මගේ යාලුවා කිව්ව විදිහෙ මානසික තත්ත්වයක්. ඒ හින්දා අපි මේක නිර්මාණයක් විදියට ගත්තත්, ලංකාව ඇතුළෙ මේ වැඩේ විනාශ වෙනවා. සුජීව ප්‍රසන්නආරච්චි හත්පෙති මල ලිව්වනං, මිනිහ කරන්නෙත් ඔය වැඩේ. හත්වෙනි පෙත්තෙන් කතාව ඉවර කරන්නෙ නෑ. ඒකෙන් තව මලක් ඉල්ලනවා. ඒ මලෙන් කරන දේවල් දැනගන්න ‛හත්පෙති මල 2 පොත බලන්න වෙනවා. ඊට පස්සෙ හත්පෙති මල 3. 4. 5. 6 ඔය වගේ ඉවරයක් නැති පොත් ගහලා බිස්නස් එකක් කරගන්නවා. ඊට පස්සේ කවුරුහරි අධ්‍යක්ෂක කෙනෙක් මේකෙන් හදනවා ඉවර නොවෙන මෙගා ටෙලියක්. එහෙම තමයි අපේ මිනිස්සුන්ගෙ හැටි.
අනිත් අතට හත් පෙති මලෙන් නියෝජනය වෙන්නෙ බලයක්. ඒක අතට ගත්ත කෙනෙකුට තමන් කැමති දෙයක් කැමති විදියට කරන්න පුලුවන්.
ඒ නිසා තමයි එවැනි බලයක් පෙති හතකට සීමා කරල තියෙන්නෙ. මොකද මේ මල කාට අහුවෙයිද කියන්න බැහැනේ. මේ කතාවේ ඉන්න ගෑණු ළමයත් මුලින් කළේ කිසිම වැඩකට නැති වැඩ. නමුත් වාසනාවකට ඒ වැඩ වලින් ඇයට හැරෙන්න වෙන කාටවත් හානියක් උනේ නැහැ. ඒත් අවසානෙ ඒ ළමයා තමන්ගෙ බලය පාව්ච්චි කරල හොඳ වැඩක් කළා. ඒත් ලංකාවේ වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. අර මගේ යාලුවා කිව්ව වගේ අපිට ඒ වගේ මලක් ලැබුණනම් ඒ බලයෙන් අසීමිතව ආතල් අරන්, අසීමිත හානියක් කරලා, හත්වෙනි පෙත්ත කඩල තව මල් ඉල්ලනවා. ඒක ඉහළ සිට පහළට සියලුම දෙනාගේ ඔළුවෙ වැඩකරන ආශාවක්

මහින්ද රාජපක්ෂ කියන ඒකාධිපති පාලකයා කරෙත් මෙන්න මේ වැඩේ. පහුගිය අවුරුදු දහය පුරාම ජනතාව විසින් ඔහුට ලබාදුන්න බලය ‘මේ හත්පෙති මල‘ තමන්ගෙ ආශාවන් සහ අවශ්‍යතාවයන් වෙනුවෙන් පමණක්ම පාවිච්චි කලා. එක පෙත්තක් කඩලා කිව්වා ලංකාවේ නීතියේ ආධිපත්‍යය අහෝසි කරන්න කියලා. තව පෙත්තක් කඩලා කිව්වා, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාන්න කියලා. තව පෙත්තක් කඩලා කිව්වා හැකි තරම් කොමිස් ගහන්න සහ ගරා ගන්න ඉඩ ලැබෙන රටට මෙලෝ වැඩක් නැති සුදු අලි ව්‍යාපෘති ඇති කරන්න කියලා. තව පෙත්තක් කඩලා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස නැත්තටම නැති කරලා දැම්මා. තව පෙත්තක් කඩලා ලංකාවට කුඩු එතනෝල් ඇති තරම් ගේන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. තව පෙත්තක් කඩලා රාජපක්ෂ පවුලට සහ පවුලට හිතවත් හැමෝටම රට කන්න අවශ්‍ය සියළුම ඉඩ ප්‍රස්ථා විවර කරලා දුන්නා. ඒ මදිවට අන්තිම පෙත්ත කඩලා කිව්වා මැරෙනකං තමන්ට කැමති පිස්සුවක් කෙලින්න පෙති අසූ දාහක විතර මජර මලක් ලබාදෙන්න කියලා.
ඒ මජර පාලනයේ විකෘතිය අපි අවුරුදු දහයක් තිස්සේ බලාගෙන හිටියා. රාජපක්ෂ රෙජිමයේ ඒකාධිපති පාලනයෙන් බැට කෑවා. පවුල් වාදය අගේට රජ කරන හැටි ඇස් දෙකින්ම දැක්කා. වංචා දූෂණවලින් රට පිරෙන හැටි, භීෂණය ක්‍රියාත්මක වෙලා සුදු වෑන් සංස්කෘතියක් එන හැටි අපි දැක්කා. ඒ නිසා ජනතාව අවසානයේ මහින්ද රාජපක්ෂ ගේ අරුම පුදුම මලට වැඩේ දුන්නා. ඒක මිනිහගෙන් උදුරලා අරන්, යහපත් පාලනයක් වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, නීතිය හා සාමය වෙනුවෙන්, සංහිඳියාව වෙනුවෙන්, කැපවෙන්න පුළුවන් පොදු අපේක්ෂකයකුට බාර දුන්නා.
ඒ බලයේ තියන ආතල් එක, ඒ බලය යොදාගෙන කරපු මජර ජරා වැඩ ටික, කරපු දූෂණ වංචා ටික ඔක්කොම දන්න මහින්ද රාජපක්ෂ සහ ඔහු වටේ හිටි හොර නඩය දැන් ආයෙමත් ඇවිත් කෑ ගහනවා.... හත්පෙති මල මට ආයෙත් දියෝ කියලා. ඇයි මේ ආයෙත් බලයට එන්න මේ තරම් දඟලන්නේ. රට වෙනුවෙන්ද..? ඔබ වෙනුවෙන්ද..? මම වෙනුවෙන්ද..? නැහැ, තමන් සහ තමන්ගේ පවුල වෙනුවෙන්. වටේ හිටි හොර නඩය වෙනුවෙන්. සිදුකළ දූෂණ වංචා, අක්‍රමිකතා, ගැහිලි, මිනීමැරුම්, යටගැහීම වෙනුවෙන්. කුඩු එතනෝල් ජාවාරම් කාරයෝ වෙනුවෙන්.
ඉතින් මේ තීරණාත්මක මොහොතේ අපි ඔක්කොම අවදියෙන් හිටියොත්, මේ බලලෝභී ඒකාධිපතියාගේ සහ ඔහුගේ හොර නඩයගේ මේ නපුරු සිහිනය බොඳ කරන්න පුළුවන්. හත්පෙති මල, ඔබටත් මටත් රටටත් වැඩදායී ලෙස භාවිතා කරන, බලය අවසන් වූ විට, මහත්මා දේශපාලකයෙක් ලෙස විශ්‍රාම යන, බඩ ගැන නොව රට ගැන හිතන පාලනයක් වෙනුවෙන් පෙළගැහෙමු. ඔබේ ඡන්දය...ඔව්..ඔබේ ඡන්දය අතිශය තීරණාත්මකයි. එයට නිසි වටිනාකමක් ලබාදෙන්න. බලහත්කාරයෙන් බලය ගන්නට බලා සිටිනා බල ලෝභී බහිරවයා ගෙදර යවමු. නිදහස හා සාධාරණය රජයන ප්‍රජාතන්ත්‍රවාදී රටක් පිළිබද ආදරණීය බලාපොරොත්තුවකින් පෙළ ගැසෙමු.
ඉන්දික ගුණවර්ධන විසිනි
(දිනේෂ් ගුණවර්ධනයේ මල්ලී නොවේ)
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,113
    99,664
    113
    තිස්වෙනි වතාවටත් පැරදින්න යන බල ලෝභියා ගැනද කියන්නෙ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හෙළයෙක්;18707687 said:
    තිස්වෙනි වතාවටත් පැරදින්න යන බල ලෝභියා ගැනද කියන්නෙ.


    පැරදීම කෙසේ වෙතත් වසර දෙකකට අසන්න කාලයක් ජනධිපති ලෙස සිට මන්තී‍්‍ර කෙනෙක් වීම තුලින් මහින්දගේ මල පෙරේතකම කොච්චරක් කියල හිතා ගන්න පුලුවන්ද.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පැරදීම කෙසේ වෙතත් වසර දෙකකට අසන්න කාලයක් ජනධිපති ලෙස සිට මන්තී‍්‍ර කෙනෙක් වීම තුලින් මහින්දගේ මල පෙරේතකම කොච්චරක් කියල හිතා ගන්න පුලුවන්ද.
    කැත කට් එක ඕයි..:lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,113
    99,664
    113
    පැරදීම කෙසේ වෙතත් වසර දෙකකට අසන්න කාලයක් ජනධිපති ලෙස සිට මන්තී‍්‍ර කෙනෙක් වීම තුලින් මහින්දගේ මල පෙරේතකම කොච්චරක් කියල හිතා ගන්න පුලුවන්ද.
    තුන් පාරක් අගැමැති වෙලා ඉදල ආයෙ ඉල්ලන්න
    පුළුවන් නන් ඕක මොකද්ද බන්.
    පක්ෂෙ ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව අනික් උන්ට ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙන්න යන උබල කොහොමද බන් මහින්දව ගෙදර යවන්නෙ.


     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,739
    113
    පැරදීම කෙසේ වෙතත් වසර දෙකකට අසන්න කාලයක් ජනධිපති ලෙස සිට මන්තී‍්‍ර කෙනෙක් වීම තුලින් මහින්දගේ මල පෙරේතකම කොච්චරක් කියල හිතා ගන්න පුලුවන්ද.

    ara 3 parak agamathi wela idala aye illana eka gena poddak kiyanko,

    me dan dawasata keyada gana. wedi karala wage dana post gana nam wedi wela tiyenawa
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    :lol::lol::lol:
    පැරදීම කෙසේ වෙතත් වසර දෙකකට අසන්න කාලයක් ජනධිපති ලෙස සිට මන්තී‍්‍ර කෙනෙක් වීම තුලින් මහින්දගේ මල පෙරේතකම කොච්චරක් කියල හිතා ගන්න පුලුවන්ද.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    හෙළයෙක්;18709404 said:

    තුන් පාරක් අගැමැති වෙලා ඉදල ආයෙ ඉල්ලන්න
    පුළුවන් නන් ඕක මොකද්ද බන්.
    පක්ෂෙ ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව අනික් උන්ට ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙන්න යන උබල කොහොමද බන් මහින්දව ගෙදර යවන්නෙ.



    Ane ban oya yasaageta JAN 8 KEWE..........:lol::lol::lol::lol: