Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මට අපායක් වූ මියන්මාරයේ සයිබර් වහල් කඳවුර'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවීට දින දහසයක් පුරා වද හිංසා සිදුකොට තිබුණි.

අවවාදය යි: ඇතැම් පාඨකයින්ට පීඩාකාරී විය හැකි ලිංගික ප්රචණ්ඩත්වය ඇතුළු ප්‍රචණ්ඩත්වයට අදාළ තොරතුරු මෙහි ඇතුළත් විය හැකි ය. මේ සඳහා සහභාගි වූ එක් පුද්ගලයෙකුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ නම - රවී - ලෙස වෙනස් කර තිබේ.

"උන් මගේ ඇඳුම් ගලවලා, මාව පුටුවක ඉන්දවලා, මගේ කකුලට කරන්ට් එක ඇල්ලුවා. මට හිතුණෙ ඒක මගේ ජීවිතේ අවසානය කියලා."

රවී, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවක් කිරීමට තායිලන්තයට ගොස් තිබූ නමුත් බැංකොක්හි දැවැන්ත කාර්යාල ගොඩනැගිල්ලක වාඩි වී සිටිනවා වෙනුවට 24 හැවිරිදි එම ශ්‍රී ලාංකිකයා මියන්මාරයේ අඳුරු ස්ථානයක සිරවී සිටියේ ය.

ඔහු පැහැරගෙන ගොස් තායිලන්ත දේශ සීමාවේ පිහිටි නගරයක් වන මේ සොට් (Mae Sot) ආසන්නයේ ඇති ගංගාව හරහා ගෙන ගොස් මිනිස් ජාවාරමකට හසු කරගෙන තිබිණි.

එහිදී, ඔහු පවසන පරිදි, ඔන්ලයින් වංචා පවත්වාගෙන යන චීන බස කතා කරන කල්ලි විසින් මෙහෙයවන ලද කඳවුරු ගණනාවකින් එක් කල්ලියකට ඔහු විකුණා තිබිණි. ඔවුහු ජාවාරම්වලට ලක්වන රවී වැනි පුද්ගලයින්ව, ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා භාවිත කරමින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් අමෙරිකාවේ සහ යුරෝපයේ හුදෙකලා පිරිමින් රැවටීම සඳහා දීර්ඝ පැය ගණනක සේවයේ යොදවති.

ඉක්මනින් ප්රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඔවුහු, ව්‍යාජ ඔන්ලයින් වෙළෙඳ වේදිකාවල විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට ඉලක්කගත පුද්ගලයින් පොළඹවති.

රවීගේ "සයිබර් වහල්" කඳවුර මියන්මාරයේ හමුදා ආණ්ඩුවේ සෘජු පාලනයට යටත් නොවන ප්‍රදේශයක් වන මියාවඩ්ඩිහි කැලෑබද ප්රදේශයකි.

ජාත්‍යන්තර පොලිසියට අනුව, ආසියාව, නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ බටහිර යුරෝපයේ තරුණ තරුණියන් දහස් ගණනකට පරිගණක ආශ්රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම සයිබර් අපරාධ කඳවුරුවල සේවය කිරීමට සලස්වා තිබේ.

අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නන්ට පහර දීම, වදහිංසා කිරීම හෝ ලිංගික වශයෙන් දූෂණයට ලක් කිරීම සිදු කෙරේ.

"ඔවුන්ට කීකරු නොවුණ නිසා මට දවස් 16ක් පුංචි කුටියක් ඇතුළෙ ඉන්න වුණා. උන් මට බොන්න දුන්නේ, සිගරට් කොට සහ අළු මිශ්‍ර වෙච්ච වතුර විතර යි," රවී බීබීසී පුවත් සේවයට පැවසීය.

"පස් වෙනි හෝ හය වෙනි දවසේ මම කුටියේ ඉන්නකොට, ළඟ තිබුණ තවත් කුටියකට ගෑනු ළමයි දෙන්නෙක් ගෙනාවා. ඒ දෙන්නාව පිරිමි 17 දෙනෙක් අතින් මගේ ඇස් ඉස්සරහ ම දූෂණය වුණා," ඔහු පැවසීය.

"ඒ දෙන්නගෙන් එක ගෑනු ළමයෙක් පිලිපීන ජාතිකයෙක්. අනික් කෙනා මොන රටේ ද කියලා මට කියන්න අමාරු යි."

මිනිස් ජාවාරම්වලට ගොදුරු වන්නෝ කවරහු ද?

2023 අගෝස්තු මාසයේදී, මියන්මාරයේ 120,000කට අධික පිරිසක් සහ කාම්බෝජයේ තවත් 100,000කට අධික පිරිසක් නීතිවිරෝධී සූදුවේ සිට ක්රිප්ටොකරන්සි මුදල් වංචා දක්වා මෙවැනි සහ වෙනත් මාර්ගගත වංචා වෙනුවෙන් වැඩ කිරීමට බලපෑම් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබිණි.

ජාත්‍යන්තර පොලිසිය පසුගිය වසරේ නිකුත් කරන ලද වාර්තාවක් මගින් ලාඕසය, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අවම වශයෙන් වශයෙන් වියට්නාමය යන රටවල ඉන්ටර්නෙට් වංචා සඳහා තවත් කේන්ද්‍රස්ථාන සොයාගෙන තිබේ.

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, මෙම ප්‍රවණතාව කලාපීය ගැටලුවක සිට ගෝලීය ආරක්ෂක තර්ජනයක් දක්වා වර්ධනය වී ඇති අතර තවත් බොහෝ රටවල් වංචනික මධ්‍යස්ථාන, සංක්‍රමණ මාර්ග හෝ ජාවාරමට ගොදුරු වූවන් පැමිණෙන රටවල් වශයෙන් සම්බන්ධ වී ඇති බව ය.

මේ මස මුලදී, කාම්බෝජයට ප්‍රවාහනය කරන ලද සිය පුරවැසියන් 250 දෙනෙකු මුදාගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කළ අතර, මාර්තු මාසයේදී චීනය ප්‍රකාශ කළේ, මියන්මාරයේ වංචා මධ්‍යස්ථානවලින් සිය පුරවැසියන් සිය ගණනක් ආපසු ගෙන්වා ගත් බව ය.

මෙම මධ්‍යස්ථාන වසා දමන ලෙස මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවට සහ සන්නද්ධ කන්ඩායම් යන දෙපාර්ශවයට ම චීනය දැඩි පීඩනයක් එල්ල කර තිබේ.

මියන්මාරයේ ස්ථාන හතරක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් අවම වශයෙන් 56 දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් දන්නා අතර, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර බීබීසීයට ප්‍රකාශ කළේ, ඔවුන්ගෙන් අට දෙනෙකු මියන්මාර බලධාරීන්ගේ සහය ඇතිව මෑතකදී බේරා ගත් බව ය.

කඳවුරු පවත්වාගෙන යන්නන්ට, ඉලක්කගත සංක්‍රමණික සේවකයින් සොයා ගැනීම ස්ථාවර තත්ත්වයක පවතී.

සෑම වසරක ම, දකුණු ආසියාවේ සිට ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ රැකියා සොයා විදේශයන් වෙත සංක්‍රමණය වෙති.

පරිගණක විශේෂඥයෙකු වන රවී බැංකොක්හි දත්ත ඇතුළත් කිරීමේ රැකියා ලබා දෙන රැකියා සපයන්නෙකු පිළිබඳව දැන ගත් අවස්ථාවේ ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ ශ්‍රී ලංකාව හැර යාමට අපේක්ෂා කළේ ය.

ඩුබායිහි පාර්ශවකරුවෙකු සමග සිටි එම රැකියා සපයන්නා, ඔහුට තහවුරු කර තිබුණේ, රුපියල් 370,000ක මූලික වැටුපක් හිමි වන බව ය.

මෑතකදී විවාහ වී සිටි රවී සහ ඔහුගේ බිරිඳ මෙම නව රැකියාව මගින් ඔවුන්ට නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් හිමි වනු ඇතැයි සිහින මැවූ අතර, දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම සඳහා විවිධාකාරයෙන් ණය ලබා ගත්හ.

තායිලන්තයේ සිට මියන්මාරය දක්වා

2023 වසර මුලදී, රවී සහ ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් පළමුව බැංකොක් වෙත යවා ඇති අතර, පසුව තායිලන්තයේ බටහිර දිගින් පිහිටි මේ සොට් නගරය වෙත ගෙන ගියහ.

"අපිව හෝටලයකට අරන් ගියා. ඒත් ටික වෙලාවකින් අපිව තුවක්කුකරුවන් දෙන්නෙකුට භාර දුන්නා. ඔවුන් ගඟක් හරහා අපිව මියන්මාරයට අරන් ගියා," රවී පැවසීය.

පසුව චීන බස කතා කරන මැර කල්ලියක් විසින් පවත්වාගෙන යනු ලබන කඳවුරකට ඔවුන් මාරු කරන ලද අතර, පින්තූර නොගන්නා ලෙස පැහැදිලිව උපදෙස් දී තිබිණි.

"අපි බය වුණා. ශ්‍රී ලාංකිකයන්, පකිස්ථාන වැසියන්, ඉන්දියානුවන්, බංග්ලාදේශ වැසියන් සහ අප්‍රිකානු රටවලින් පැමිණි කාන්තාවන් සහ පිරිමින් 40 දෙනෙක් විතර ඒ කඳවුරේ බලහත්කාරයෙන් රඳවාගෙන හිටියා," ඔහු පැවසීය.

[QUOTE="Mr.Wikirana, post: 29734802, member: 584253"] [IMG]https://ichef.bbci.co.uk/ace/ws/800/cpsprodpb/93c2/live/b5c65320-f354-11ee-8369-47dc4454b972.jpg[/IMG] [SIZE=5]රවීට දින දහසයක් පුරා වද හිංසා සිදුකොට තිබුණි. [B]අවවාදය යි: ඇතැම් පාඨකයින්ට පීඩාකාරී විය හැකි ලිංගික ප්රචණ්ඩත්වය ඇතුළු ප්‍රචණ්ඩත්වයට අදාළ තොරතුරු මෙහි ඇතුළත් විය හැකි ය. මේ සඳහා සහභාගි වූ එක් පුද්ගලයෙකුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ නම - රවී - ලෙස වෙනස් කර තිබේ.[/B] "උන් මගේ ඇඳුම් ගලවලා, මාව පුටුවක ඉන්දවලා, මගේ කකුලට කරන්ට් එක ඇල්ලුවා. මට හිතුණෙ ඒක මගේ ජීවිතේ අවසානය කියලා." රවී, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවක් කිරීමට තායිලන්තයට ගොස් තිබූ නමුත් බැංකොක්හි දැවැන්ත කාර්යාල ගොඩනැගිල්ලක වාඩි වී සිටිනවා වෙනුවට 24 හැවිරිදි එම ශ්‍රී ලාංකිකයා මියන්මාරයේ අඳුරු ස්ථානයක සිරවී සිටියේ ය. ඔහු පැහැරගෙන ගොස් තායිලන්ත දේශ සීමාවේ පිහිටි නගරයක් වන මේ සොට් (Mae Sot) ආසන්නයේ ඇති ගංගාව හරහා ගෙන ගොස් මිනිස් ජාවාරමකට හසු කරගෙන තිබිණි. එහිදී, ඔහු පවසන පරිදි, ඔන්ලයින් වංචා පවත්වාගෙන යන චීන බස කතා කරන කල්ලි විසින් මෙහෙයවන ලද කඳවුරු ගණනාවකින් එක් කල්ලියකට ඔහු විකුණා තිබිණි. ඔවුහු ජාවාරම්වලට ලක්වන රවී වැනි පුද්ගලයින්ව, ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා භාවිත කරමින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් අමෙරිකාවේ සහ යුරෝපයේ හුදෙකලා පිරිමින් රැවටීම සඳහා දීර්ඝ පැය ගණනක සේවයේ යොදවති. ඉක්මනින් ප්රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඔවුහු, ව්‍යාජ ඔන්ලයින් වෙළෙඳ වේදිකාවල විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට ඉලක්කගත පුද්ගලයින් පොළඹවති. රවීගේ "සයිබර් වහල්" කඳවුර මියන්මාරයේ හමුදා ආණ්ඩුවේ සෘජු පාලනයට යටත් නොවන ප්‍රදේශයක් වන මියාවඩ්ඩිහි කැලෑබද ප්රදේශයකි. ජාත්‍යන්තර පොලිසියට අනුව, ආසියාව, නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ බටහිර යුරෝපයේ තරුණ තරුණියන් දහස් ගණනකට පරිගණක ආශ්රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම සයිබර් අපරාධ කඳවුරුවල සේවය කිරීමට සලස්වා තිබේ. අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නන්ට පහර දීම, වදහිංසා කිරීම හෝ ලිංගික වශයෙන් දූෂණයට ලක් කිරීම සිදු කෙරේ. "ඔවුන්ට කීකරු නොවුණ නිසා මට දවස් 16ක් පුංචි කුටියක් ඇතුළෙ ඉන්න වුණා. උන් මට බොන්න දුන්නේ, සිගරට් කොට සහ අළු මිශ්‍ර වෙච්ච වතුර විතර යි," රවී බීබීසී පුවත් සේවයට පැවසීය. "පස් වෙනි හෝ හය වෙනි දවසේ මම කුටියේ ඉන්නකොට, ළඟ තිබුණ තවත් කුටියකට ගෑනු ළමයි දෙන්නෙක් ගෙනාවා. ඒ දෙන්නාව පිරිමි 17 දෙනෙක් අතින් මගේ ඇස් ඉස්සරහ ම දූෂණය වුණා," ඔහු පැවසීය. "ඒ දෙන්නගෙන් එක ගෑනු ළමයෙක් පිලිපීන ජාතිකයෙක්. අනික් කෙනා මොන රටේ ද කියලා මට කියන්න අමාරු යි." [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/ace/ws/800/cpsprodpb/5de7/live/9f5551a0-f8b2-11ee-8369-47dc4454b972.png[/IMG] [HEADING=1]මිනිස් ජාවාරම්වලට ගොදුරු වන්නෝ කවරහු ද?[/HEADING] [SIZE=5]2023 අගෝස්තු මාසයේදී, මියන්මාරයේ 120,000කට අධික පිරිසක් සහ කාම්බෝජයේ තවත් 100,000කට අධික පිරිසක් නීතිවිරෝධී සූදුවේ සිට ක්රිප්ටොකරන්සි මුදල් වංචා දක්වා මෙවැනි සහ වෙනත් මාර්ගගත වංචා වෙනුවෙන් වැඩ කිරීමට බලපෑම් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබිණි. ජාත්‍යන්තර පොලිසිය පසුගිය වසරේ නිකුත් කරන ලද වාර්තාවක් මගින් ලාඕසය, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අවම වශයෙන් වශයෙන් වියට්නාමය යන රටවල ඉන්ටර්නෙට් වංචා සඳහා තවත් කේන්ද්‍රස්ථාන සොයාගෙන තිබේ. ජාත්‍යන්තර පොලිසියේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, මෙම ප්‍රවණතාව කලාපීය ගැටලුවක සිට ගෝලීය ආරක්ෂක තර්ජනයක් දක්වා වර්ධනය වී ඇති අතර තවත් බොහෝ රටවල් වංචනික මධ්‍යස්ථාන, සංක්‍රමණ මාර්ග හෝ ජාවාරමට ගොදුරු වූවන් පැමිණෙන රටවල් වශයෙන් සම්බන්ධ වී ඇති බව ය. මේ මස මුලදී, කාම්බෝජයට ප්‍රවාහනය කරන ලද සිය පුරවැසියන් 250 දෙනෙකු මුදාගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කළ අතර, මාර්තු මාසයේදී චීනය ප්‍රකාශ කළේ, මියන්මාරයේ වංචා මධ්‍යස්ථානවලින් සිය පුරවැසියන් සිය ගණනක් ආපසු ගෙන්වා ගත් බව ය. මෙම මධ්‍යස්ථාන වසා දමන ලෙස මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවට සහ සන්නද්ධ කන්ඩායම් යන දෙපාර්ශවයට ම චීනය දැඩි පීඩනයක් එල්ල කර තිබේ. මියන්මාරයේ ස්ථාන හතරක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් අවම වශයෙන් 56 දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් දන්නා අතර, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර බීබීසීයට ප්‍රකාශ කළේ, ඔවුන්ගෙන් අට දෙනෙකු මියන්මාර බලධාරීන්ගේ සහය ඇතිව මෑතකදී බේරා ගත් බව ය. කඳවුරු පවත්වාගෙන යන්නන්ට, ඉලක්කගත සංක්‍රමණික සේවකයින් සොයා ගැනීම ස්ථාවර තත්ත්වයක පවතී. [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/ace/ws/800/cpsprodpb/b09a/live/c7a65d20-f8b2-11ee-a9f7-4d961743aa47.png[/IMG] [SIZE=5]සෑම වසරක ම, දකුණු ආසියාවේ සිට ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ රැකියා සොයා විදේශයන් වෙත සංක්‍රමණය වෙති. පරිගණක විශේෂඥයෙකු වන රවී බැංකොක්හි දත්ත ඇතුළත් කිරීමේ රැකියා ලබා දෙන රැකියා සපයන්නෙකු පිළිබඳව දැන ගත් අවස්ථාවේ ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ ශ්‍රී ලංකාව හැර යාමට අපේක්ෂා කළේ ය. ඩුබායිහි පාර්ශවකරුවෙකු සමග සිටි එම රැකියා සපයන්නා, ඔහුට තහවුරු කර තිබුණේ, රුපියල් 370,000ක මූලික වැටුපක් හිමි වන බව ය. මෑතකදී විවාහ වී සිටි රවී සහ ඔහුගේ බිරිඳ මෙම නව රැකියාව මගින් ඔවුන්ට නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් හිමි වනු ඇතැයි සිහින මැවූ අතර, දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම සඳහා විවිධාකාරයෙන් ණය ලබා ගත්හ.[/SIZE] [HEADING=1]තායිලන්තයේ සිට මියන්මාරය දක්වා[/HEADING] [SIZE=5]2023 වසර මුලදී, රවී සහ ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් පළමුව බැංකොක් වෙත යවා ඇති අතර, පසුව තායිලන්තයේ බටහිර දිගින් පිහිටි මේ සොට් නගරය වෙත ගෙන ගියහ. "අපිව හෝටලයකට අරන් ගියා. ඒත් ටික වෙලාවකින් අපිව තුවක්කුකරුවන් දෙන්නෙකුට භාර දුන්නා. ඔවුන් ගඟක් හරහා අපිව මියන්මාරයට අරන් ගියා," රවී පැවසීය. පසුව චීන බස කතා කරන මැර කල්ලියක් විසින් පවත්වාගෙන යනු ලබන කඳවුරකට ඔවුන් මාරු කරන ලද අතර, පින්තූර නොගන්නා ලෙස පැහැදිලිව උපදෙස් දී තිබිණි. "අපි බය වුණා. ශ්‍රී ලාංකිකයන්, පකිස්ථාන වැසියන්, ඉන්දියානුවන්, බංග්ලාදේශ වැසියන් සහ අප්‍රිකානු රටවලින් පැමිණි කාන්තාවන් සහ පිරිමින් 40 දෙනෙක් විතර ඒ කඳවුරේ බලහත්කාරයෙන් රඳවාගෙන හිටියා," ඔහු පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom