Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර 5ක් තිබෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර 5ක් තිබෙනවා

මට එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර 5ක් තිබෙනවා

ඉනෝකා පෙරේරා බණ්ඩාර

මොහාමඩ් සියාඋඩීන් - MD Norfolk Crescent

ඔහු ජීවිතයට අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය. ඒ අධිෂ්ඨානය කරා යන්නට දැක්මක් ඇති කර ගත්තේය. ඒ දැක්ම තුළ බොහෝ වෙහෙසුණේය. වැටුණු අවස්ථා එමට විය. නැඟිට වැටෙන, යළි නැඟිටින නොනවතින ධෛර්යයක් සමඟ ඔහු බොහෝ දුරක් පැමිණියේය. ඒ ගමන් මඟ මම ඔහු මොහොතකට නවතමි. අතීතයට ගෙන යමි. ඔහුගේ ජීවිතය කියවන්නට ඔබට ඉඩ හසර දෙමි...

* සුද්දො 69 ක් පරදපු එකම ‘කල්ලා’ මං

* අද දැවැන්ත සමාගමක් තිබුණත් මම නාට්ටාම් වැෙඩත් කළා

* මම දෙවියන්ට ආදරෙයි... ඒත් බය නෑ

නෝෆෝක්, මේ රටේ පිසූ මස් ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ කොතැනද ඉන්නෙ...

මෙරට සකස් කළ මස් ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ දෙවැනි තැන. ලංකාවේ තරු හෝටල් සහ ප්‍රධාන පෙළේ රෙස්ටූරන්ට් සියල්ලට ම පිසූ මස් ආහාර සපයන්නේ අපි. පහුගිය අවුරුද්දේ අපේ වර්ධන වේගය 26%ක්. ඒක, අංක එකේ ඉන්න සමාගමත් එක්ක සසඳද්දි 25%ක ඉදිරියෙන් සිටීමක්. ඒ වගේ ම ස්පයිරල් ෆ්‍රීසර් මැෂින්වලින් මස් ආහාර නිපදවන මේ රටේ පළමු සමාගමත් අපි.

මොකක්ද Norfolk අර්ථය...

ඒක එංගලන්ත ප්‍රාන්තයක්. මගේ හදවතට බොහොම ළඟ තැනක්. ජීවිතයේ එක්තරා දවසක මං තීරණයකට ඇවිත් Norfolk යනවා. අද මං ලංකාවේ බිස්නස් එකක් හැදුවෙ ඒ, Norfolk ගිය ගමන නිසා. මාව වෘත්තිකයෙක් ලෙස සම්පූර්ණ කරපු, ඒ ප්‍රාන්තයට අදත් මං ආදරෙයි.

ඒත් ආහාර නිෂ්පාදන ව්‍යාපාරයකට එහෙම නමක් ගැළපෙයි කියලා හිතුවද...

Norfolk වල බර්නාඩ් මැතිව්ස් සමාගම තමයි එංගලන්තයට පිසූ මස් ආහාර නිෂ්පාදන සපයන ලොකු ම සමාගම. මං එංගලන්තෙ ජීවත් වූ අවුරුදු 25න් 13 ක් ම ගත කළේ එතැන. රසවත් මස් ආහර කියූ ගමන් එංගලන්තෙ අයට නම් නෝෆෝක් මතක් වෙනවා. මටත් ඒ නම ගැළපුණා. අපේ රටටත් ඒ නම දැන් අවුරුදු 25 ක් තිස්සෙ හුරුයි.

Norfolk... පවුලේ ව්‍යාපාරයක් ද...

මම සහ CP ගෲප් එකේ හවුල්කරු හැරුණම මිසිස් සියාඋඩින් ඩිරෙක්ටර් කෙනෙක්. ඇය බිස්නස් එකට සම්බන්ධ මගේ බිරිඳ නිසා නෙවෙයි. තාක්ෂණික අංශයේ සහ මෙරට මයික්‍රොබයෝලොජි ක්ෂේත්රයේ ඉහළ ම සුදුසුකම් සහ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ උපාධිධාරිණිය ඇය. එයාට වඩා සුදුසුකම් ඇති කෙනෙක් මේ ෆීල්ඩ් එකෙන් ලංකාවෙ නැහැ. මගේ පොඩි දුව ආමිනාත්, අධ්යක්ෂවරියක්. එයත් බ්‍රිතාන්‍ය සුදුසුකම්ලත් උපාධිධාරිණියක්. ලොකු දුව අයිෂා, විශේෂඥ වෛද්‍යවරියක්. එයාගෙ කිසිම උනන්දුවක් නැහැ බිස්නස් ගැන. මේක සුදුසුකම්ලත් වෘත්තිකයන්ගේ එකතුවකින් ඉදිරියට යන බිස්නස් එකක්. ඒ වෘත්තිකයන් පවුලේ අය වීම තවත් එක හයියක් විතරයි.

Norfolk සමාගමට අයිති තවත් ව්‍යාපාර තිබෙනවද...

නැහැ. නමුත්, ආසියාවේ ලොකු ම කුකුළුමස් නිෂ්පාදන ආයතනය වන තායිලන්තයේ CP Group සමාගම, අපේ සමාගමේ කොටස්කරුවෙක්. හේතුව ඔවුන් දවසකට චිකන් මිලියනයක් නිෂ්පාදනය කරනවා. ඔවුන් අපි එක්ක සම්බන්ධ වුණේ අපේ තාක්ෂණය ඉගෙන ගන්න. තාක්ෂණික දැනුම හුවමාරු කිරීමේ මේ වැඩපිළිවෙළේදි මම තමයි ඔවුන්ට දැනුම ලබා දෙන ප්‍රධානියා. එය ලංකාවට ආඩම්බරයක්.

ඔබ මේ රටේ කොයි තරම් පිරිසකට රස්සා හදා තිබෙනවද...

ඍජුව දෙසිය ගණනක්. වක්‍රව ඊටත් වැඩියි. සේවකයන් එක්ක මට තිබෙන්නෙ ළඟ සම්බන්ධතාවක්. නීතියට එහා ගිය මනුස්සකමට මම ඉඩක් දෙනවා. හැබැයි හොරකම් කළොත් කෙළින් ම ගෙදර. දෙන පඩියට වැඩ කරන්න ඕනේ. වැඩ කරන මිනිහව මං බලා ගන්නවා, ඒකයි මගේ විදිය.

සොසේජස්... මීට් බෝල්ස් ඔය කොයිවත් වැටෙන්නේ කෘත්‍රිම ආහාර ගොඩට නේ...

මං ‘ප්‍රොසෙස් මීට් ප්‍රඩක්ට්ස්’ සම්බන්ධයෙන් අවුරුදු 38ක අත්දැකීම් ඇති කෙනෙක්. ඒ සම්බන්ධ හොඳ අධ්‍යාපනික පසුබිමක් ඇති, ඒ ශිල්පය ඉහළින් ම ප්‍රගුණ කළ කෙනෙක්. විෂ රසායන හෝ රසකාරක නොයොදා ඒවා හදන ක්‍රම ලෝකෙ තිබෙනවා. මම ඒ ගැන දන්න කෙනෙක්. නමුත් කොයි දේ වුණත් ප්‍රමාණය ඉක්මවා කෑවොත් මනුෂ්‍ය ශරීරයට අහිතකරයි. ලෙඩ වෙනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනෙ ඒ දේ.

ඔබ සීත කාමරේකට වෙලා සියල්ල පාලනය කරන Boss කෙනෙක්ද...

මට MD කියන්නෙ, නමක් විතරයි. තනතුර ඔළුවෙ තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි මම. හැමදාම ෆැක්ටරිය පුරා ඇවිදිනවා. හැම මැෂිමක් ගැන ම මං දන්නවා. ඒවායේ වැඩ කරන්න දන්නවා. ඕන ප්‍රඩක්ට් එකක් හදන්නත් දන්නවා. මට අංක එක, නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර කොලිටිය.

Boss කෙනෙක් එහෙම විය යුතුද...

එංගලන්තෙ වැඩකරද්දි ඉගෙන ගත් හොඳ ම දේ තමයි, ආයතනයක අපි හැමෝම එකයි කියන එක. මුල් කාලෙ මම ම ගිහින් චෙෆ්ලට කතා කරලා අපේ ප්‍රඩක්ට්ස් හඳුන්වලා දුන්නා. ඩිලිවරි ගියා. මම මේ කොම්පැනියෙ ටොයිලට් හෝදලත් තියෙනවා. ඒක කරන කෙනා හරියට නොකරනවා නම් මම ඒක හරි විදියට කරලා පෙන්වනවා.

මොනවද ඔබ හඳුන්වා දී තිබෙන අලුත් නිෂ්පාදන...

‘මිනි කිව්ස්’ සහ ‘කොච්චි බයිට්ස්’ නිෂ්පාදන දෙක මං හඳුන්වලා දුන්නෙ ජාත්‍යන්තරයට. නමුත් නොහිතපු විදියට ජනප්‍රිය වුණේ අපේ රටේ. සබ්ජෙක්ට් එක දන්නවා නම් රසකාරක අහිතකර ද්‍රව්‍ය මුකුත්ම නැතිව රසවත් අලුත් ආහාර හදන්න පුළුවන්. කොලිටියට වැඩේ කෙරෙනවා නම් මාකට් එකේ ඉල්ලුම තියා ගන්නත් පුළුවන්.

එංගලන්තෙ වැඩ කරපු ඔබට ලංකාවෙ බිස්නස් කරන එක මහ දෙයක් නෙවෙයි... එහෙම ද...

මාත් හිතුවෙ එහෙම තමයි. මම අවුරුදු 25 ක් ම ලංකාවෙ නොහිටි කෙනෙක්. ලංකාවේ වැඩ කරල ම නැති කෙනෙක්. ඒත් එංගලන්තෙ ඉංග්ලිෂ් මාකට් එකට, සාර්ථකව මස් නිෂ්පාදන හඳුන්වලා දෙන්න පුළුවන් වුණා නම් මගේ රටේ මට කොහොම කරන්න පුළුවන්ද කියන අදහසින් තමයි මං ලංකාවෙ බිස්නස් පටන් ගත්තෙ. කරන්න ගත්තමයි දැනුණෙ ලංකාවෙ බිස්නස් කල්චර් එක වෙනස්. මිනිස්සු හිතන විදිය වෙනස්. මං බලාපොරොත්තු වෙච්ච ප්‍රොෆෙෂනල් සපෝට් එක මට ලැබුණෙ නැහැ. පළවෙනි අවුරුදු දෙක ම මං උත්සාහ කළේ නම හදාගන්න.

ඔබට අනුව, සාර්ථකත්වයට යා හැකි හොඳ ම ක්‍රමය කුමක් ද...

වෘත්තීය ජීවිතයේ ලැබෙන හැම අවස්ථාවක ම බය නැතිව හිතෙන දේ ක්‍රියාත්මක කළ යුතුයි. සමහර තීරණවලදි සුද්දො ළතැවෙවි ඉන්නවා. මං මට හිතෙන දේ කිව්වා. කළා. මිස්ට මැතිව්ස් මගේ ක්‍රමයට කැමැති වුණා. මේ බය නැතිකම මං ඉගෙන ගත්තෙ මගේ තාත්තගෙන්.

ඔබ මුස්ලිම් ජාතිකයෙක්. ඒත් බොහොම නිදහසේ හිතන හැඩයි...

එංගලන්තෙදි මාත් වයිෆුත් විශ්ව විද්‍යාල දෙක තුනක ඉගෙන ගත්තා. යාළුවෝ හුඟදෙනෙක් බ්‍රිටිෂ්. අපේ විෂයානුබද්ධ සාකච්ඡා කෙරුණේ ම ‘පබ්’ එකේ. බියර් වීදුරුවක් සිගරට් එකක් බොමින් අපි බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ගැඹුරු කතාබස්වල යෙදුණා. ඒ සමහර කාලවල මං ඉගෙන ගන්න නිසා රස්සාව කළේ වයිෆ් විතරයි. වයිෆ් තමයි පබ් එකට යන්න සල්ලි දෙන්නෙත්. මගේ ආගම මට, මඟ පෙන්වන උතුම් දහමක් පමණයි. ඒ මිස, ජීවිතයට තහංචි දමන නීතියක් නෙවෙයි. මං දෙවියන්ට ආදරෙයි. හැබැයි බය නැහැ. දෙවියන්ට බයේ වැරැදි නොකර ඉන්නවට වඩා දෙවියන්ට ආදරේ නිසා වැරැදි නොකර ඉන්නවා නම් ඒක තමයි වටින්නේ.

ඔබේ ජීවිතයට සහ සාර්ථකත්වයට බලපෑ පුද්ගලයන් ඉන්නවද...

පළමුකෙනා තාත්තා. ඊළඟට බිරිඳ. සහිරා එකේදි එයා මගේ ක්ලාස්මේට්. එංගලන්තෙදි එයා මගේ රූම් මේට්. පාට්නර්, අපි එකට දුක් වින්ඳා. එකට ඉගෙන ගත්තා. විවාහ වුණා. අදටත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා නැහැ, අපේ මිත්‍රත්වය එලෙසමයි. අද වුණත් ඔෆිස් එකේදි මගේ කාමරේට එයා එන්නෙ තට්ටු කරලා. මං යන්නෙත් එහෙමයි. අපේ අවබෝධය, මිත්‍රත්වය සහ ලෙන්ගතුකම, රාමුගත කොටුවුණු ප්‍රේමයකට වඩා හුඟක් ඉහළින් තිබෙන එකක්.

අම්මා තාත්තාගෙන් ජිවිතයට ලැබුණු වටිනාකම් මොනවද...

පළමු දේ තමයි, මොන යම් සමාජ තලයක, මිනිසුන් අතරේ වුණත් හොඳින් ජීවත්වන විදිය හෙවත් ‘ජීවත්වීමේ කලාව’ උගන්වපු එක. හොඳම දේ තමයි මාව එකේ පන්තියේ ඉඳලම ගම්පොළ සහිරා කොලේජ් බෝඩිමේ නවත්වපු එක. මාව දාලා ගිය දවසේ මං හොඳටෝම ඇඬුවා. ආපහු මාව බලන්න ආ දවසෙ මං අඬ අඬා කාර් එකට ගැහුවා, හීරුවා... මාව ගෙදර අරන් යන්න කියලා. ඊට පස්සෙ මාසෙකටවත් තාත්තා මාව බලන්න ආවෙ නැහැ. මං ටික ටික ඒ තනි ජීවිතේට හුරු වුණා. ජීවත්වෙන හැටි ඉගෙන ගත්තා.

ඒත් ඔබ පුංචි දරුවෙක්නේ...

ඒ වුණාට මං තමයි පවුලේ හිටි දඟම අකීකරු ම ළමයා. අපේ පවුලේ ළමයි දහයයි. කොල්ලො පහයි කෙල්ලො පහයි. මං දෙවැනියා. පොඩියි කියලා නැහැ, මං ගහගන්නවා, ගුටිත් කනවා. කාටවත් බයත් නැහැ.

අරපිරිමැස්ම... දරාගැනීම... ඒ පුංචි කාලෙ අත්විඳ තිබෙනවද...

අනන්තවත්, ඕ-ලෙවල් පන්තියෙදි සමහර මාසෙක තාත්තා වියදං කාසි එවන්නෑ, මං යාළුවන්ගෙන් ණයට ඉල්ලන් බොහොම පිරිමහගෙන ඉන්නවා. ගෙදර ගියාම, ‘ඔන්න මං ඔයාට ඉගැන්නුවා, කොහොමද සල්ලි නැතුව මාසයක් දෙකක් ජීවත් වෙන්නෙ කියලා... දැන් ඔයා දන්නවා පිරිමහගන්න... මෙන්න ඒකට තෑග්ගක්...’ කියලා මාස තුන හතරක සල්ලි තාත්තා එකට දෙනවා.

සහිරා කියන්නෙ හැම ජාතියකම ළමයි හිටි පාසලක්...

ගෑනු - පිරිමි, සිංහල - දෙමළ - මුස්ලිම්... මේ හැමෝම ඉගෙන ගත්තෙ එකට. අපිට හිටියෙ ‘මචං’ලා විතරයි. අපි යාළුවන්ගෙ ජාති ජන්මෙ දැනගෙන හිටියෙත් නැහැ හෙව්වෙත් නැහැ. හැමෝම ‘මචං’.

එතකොට ඔබ හිටියෙ දක්ෂයො ගොඩේ ද...

එහෙම නැහැ. නමුත් මං ගණිතයේ හා විද්‍යාවේ දක්ෂයෙක්. ඒ නිසා මං ටිකක් කැපී පෙනුණු ළමයෙක්. ඒ පුරුද්දට අදත් මට කැල්කියුලේටර්ස් අවශ්‍ය නැහැ.

මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning Point එක...

තාත්තා දවසක් මට කිව්වා, ‘උඹට වියදං කරපු සල්ලිවලින් කාලක්වත් මං අයියට වියදං කළේ නැහැ. අයියා යුනිවර්සිටි යන්න ලෑස්තියි. ඒත් උඹ...’ ඕ-ලෙවල්, ඒ-ලෙවල් දෙකම හොඳට පාස් නැතුව ඔහේ ගෙදරට වෙලා හිටපු මං, මොනවා හරි කරන්න ඕනේ... ගොඩ එන්න ඕනේ... කියන අධිෂ්ඨානෙ හිතට එන්නෙ තාත්තගෙ මේ කතාවෙන්.

ඔබ මොනවද කළේ...

මං මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කළා. අපි පිටරටක ගිහින් ඉගෙන ගනිමු... එයා පුංචි කාලෙ ඉඳලා මගේ යාළුවා. එයත් හිටියේ සහිරා - බෝඩිමේ. අපි ජීවිතේ සිරියස් ගත්තා. දෙන්නටම ගෙවල්වලින් උදවු කළා. අපි student visaවලින් එංගලන්තෙට ගියා. හැබැයි යුනිවර්සිටියකට යන්න බැහැ A-levels නොකර. අපි දෙන්නම පාටි ටයිම් වැඩ කරමින් ඉගෙන ගත්තා. මං ඉස්පිරිතාලෙක ඇටෙන්ඩන් වැඩක් හොයාගත්තා. ඊට පස්සෙ සුමානයක් යකඩ අදින නාට්ටාමි වැඩක් කළා. අඩි දෙක තුනක් උසට අයිස් තට්ටු, ඒවායේ වැදිලම බූට් සපත්තුවල කටවල් ඇරිලා. සීතලේ ගැහි ගැහී යකඩ ගෝනි පිටේ තියන් ලොරිවලට පැටෙව්වා. සිකුරිටි රස්සාවක් කළා. මේ සියල්ල කරමින් ‘පෙඩින්ටන් ටෙක්නිකල් කොලේජ්’ එකේ ඒ-ලෙවල්ස් කළා.

මොනවද ඔබ උපාධියට කළේ...

කවදහරි ලංකාවට ගිහින් දෙයක් කරනවා නම් ඒකට ප්‍රයෝජනවත් වන විෂයක් මං හෙව්වා. අනාගතයට ගැළපෙන, ආර්ථිකයට යහපත් සහ රස්සා හදන්න පුළුවන් විෂයක් මට හම්බ වුණා. ඒ, Food Technology උපාධිය. ඊළඟට පශ්චාත් උපාධියට Management කළා. ඊළඟට මේ දෙකම සම්බන්ධ වන Multidisciplinary, MSc එකක් කළා. මේ විදිහට Technology සහ Economics කියන ක්ෂේත්‍ර හරහා නව නිෂ්පාදන සහ සොයා ගැනීම් දීර්ඝ වශයෙන් සිදු කළා. මං තෝරා ගත්තු රස්සා දෙකේදීම තව ඉහළට යෑමේ අවස්ථා මට උදා වුණා.

උපාධියට ගැළපෙන රස්සාවක් ලැබුණද...

දාපු ඉල්ලුම් පත්රවලට රස්සා හතරකින් එකවර කැඳවීම් ලැබුණා. මගේ හිත ගියේ, ඒ අතරින් අඩුම පඩියක් තිබුණු රස්සාවට. හේතුව, එතැන මගේ අනාගතයට ගැළපෙන ෆවුන්ඩේෂන් එක තිබෙන බව මං දැක්කා. සබ්ජෙක්ට් එක, ‘මීට්’. සහ ‘රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්’. ඒ අනුව, යුනිලීවර් සමාගමෙන් මං මගේ වෘත්තිය ජීවිතය ඇරැඹුවා. ලේබර් වැඩ, බඩු උස්සන එක, ක්ලාක් වැඩ - පියන් වැඩ, ක්ලීනින්... මේ සියල්ල ට්‍රේනින් එකේදි කළා. නිෂ්පාදන සංවර්ධනය කිරීම... අලුත් නිෂ්පාදන සොයා ගැනීම... පිළිබඳ ගැඹුරට හැදෑරුවෙ අවුරුදු තුනක් වැඩ කළ යුනිලීවර් සමාගමේදී.

ජීවිතේ හරිම තැනෙදි ගන්න හරි තීන්දු අපිව හුඟක් දුර ගෙනියනවා. ඔබටත් මේ අත්දැකීම අදාළද...

මගේ ඔළුවෙ තිබුණෙ ම ලංකාවට ගිහින් මගේ ම දෙයක් කරන්න ඕනෙ කියන සිතිවිල්ල. යුනිලීවර් එකෙන් පස්සෙ අවුරුදු දෙකක් මං පශ්චාත් උපාධිය කළා. ඊට පස්සෙ තමයි නෝෆෝක් ප්‍රාන්තයෙ තිබෙන බර්නාඩ් මැතිව්ස් සමාගමේ තනතුරට ඉල්ලුම් කළේ. ඉන්ටවීව් යන්න කලින් මං ඒ සමාගමේ අවුරුදු තුනක ඉතිහාසය හොයාගත්තා. හැදෑරුවා. ඒක ඉතා හොඳ සූදානමක්. සුද්දො 69 දෙනෙක් පරදපු එකම ‘කල්ලා’ මං. මට අදාළ ප්‍රඩක්ට් එක ‘මීට්’. තනතුර ඩිවලොප්මන්ට් මැනේජර්. මට ජොබ් එක ලැබුණා.

බර්නාඩ් මැතිව්ස් සමාගම, ඔබේ ජීවිතය වෙනස් කළේ කොහොමද...

මං යුනිලිවර් සමාගමේ කරපු දේම තමයි මේ ආයතනයේ පටන් ගත්තේ. අවුරුදු පහක් එතැන වැඩ කරලා මං අස්වෙන්න ගියා. ඔවුන් මාව නවත්වා ගත්තෙ මාව සමාගමේ ඩිරෙක්ටර් කෙනෙක් කරලා. අවුරුදු දෙකෙන් තුනෙන් අත්දැකීම් අරන් එන්න ගිය මං, අන්තිමේ අවුරුදු දහතුනක් එතැන නැවතුණා. ඒ කාලය ඇතුළෙ සැකසූ මස් ආහාර වෙනුවෙන් මං මගේ ම නව නිෂ්පාදන සඳහා පේටන්ට් බලපත්‍ර පහක් දිනා ගත්තා. ඒ වෙනකොට එංගලන්තයේ සහ ජාත්‍යන්තරයේ චිකන් සහ ටර්කි වලින් හදපු ඕනෑ ම මස් ආහාරයක් සඳහා ප්රමුඛ සමාගම වෙලා හිටියෙ බර්නාඩ් මැතිව්ස්. ඇත්තට ම කිව්වොත් ආසාවෙන් හොයපු ෆීල්ඩ් එකක, අප්‍රමාණ දැනුමක් සහ අත්දැකීම් ලබාගෙන මාව සම්පූර්ණ මිනිහෙක් කළේ මේ සමාගම.

කවුද ඔබට පූර්වාදර්ශ වූ නායකයින්...

එංගලන්ත යුනිලීවර් සමාගමේ මට උඩින් හිටපු බොස්, මිස්ටර් ලුවී ඇටැක්. ට්‍රේනින් පීරියඩ් එකේදි වුණත් මං සංවර්ධනය කරන, මං හොයා ගන්න හැම අලුත් මස් නිෂ්පාදනයක් ම ඔහු ඉදිරිපත් කළේ මගේ නමින්. ඔහු යටතේ හිටියා කියලා, කවදාවත් මට ලැබෙන්න ඕනෙ ක්‍රෙඩිට් එකක් එයා ගත්තෙ නැහැ. වෘත්තීය ජීවිතයෙදි තමන් සමඟ ඉන්න අය ඔසවා තබන එක... ඒ අයට මතු වෙන්න ඉඩ හරින එක හොඳ නායකයකුගෙ ගුණයක්.

නෝෆෝක් සමාගම අපේ රටට ආවෙ කොහොමද...

මං අස්වෙලා ලංකාවට යන්න ම ඕනෙ කිව්ව ම ඒ අය මට උදව් කරන්නම් කිව්වා. 1990 මං ලංකාවෙ බිස්නස් එකක් පටන් ගනිද්දි වැඩි ප්‍රාග්ධනයක් දුන්නේ, බර්නාඩ් මැතිව්ස් සමාගමේ හිමිකරු මිස්ට මැතිව්ස්. ලංකාවෙ කෙනෙක් ඉන්න ඕනෙ නිසා අපි බයිරහා සමාගමත් හවුල් කරගත්තා. අන්තිමේ බර්නාඩ් මැතිව්ස් සමාගම ඔවුන්ගෙ ෂෙයාර් එක මට ම තෑග්ගක් ලෙස දීලා අයින් වුණා. අවුරුදු දෙකකට පස්සෙ බහිරහා කොටස් ටිකත් ගෙවලා මම ම අයිතිය ගත්තා.

මේ ආයතනය පහුකළ දුෂ්කර ම කාලය කුමක් ද...

1996 මහා ගංවතුරක් සහ පවර් කට් තිබුණා. අපේ කෑම, කඩවල ෆ්‍රිජ්වල කුණු වුණා. පාඩුව කෝටි ගාණක්. එහෙම පටන්ගත්තු මේ පසුබෑම අවුරුදු හයක් විතර තිබුණා. අඳින්න කමිසයක් ගත්තෙ නැහැ. ගෙදර වියදමට වයිෆ්ට දෙන්න පුළුවන් වුණේ රුපියල් පන්දාහයි. ඒකත් එයා වියදං නොකර මට ආපහු දුන්නා. ළමයි දෙන්නට ඇඳුමක් අරන් දුන්නෙ නැහැ. ගේ සින්න වෙන්න ගියා. අමුද්‍රව්‍ය ගත්තු තැන්වලින් ණයට බඩු දුන්නා. මම ඒ හැම කෙනකුගේ ම විශ්වාසය රැක්කා. වචනෙ තිබ්බා. ප්‍රශ්නවලින් ගොඩ ආවම කිව්ව විදියට ගෙව්වා.

ඔබට තවමත් බ්‍රිතාන්‍ය පුරවැසි භාවය තිබෙනවද...

මට විතරක් නෙවෙයි, වයිෆ් සහ දුවලා දෙන්නාත් බ්‍රිතාන්‍ය පුරවැසියෝ. අපි ලංකාවට එනකොට ලොකුදුවට අවුරුදු අටයි. පොඩ්ඩට පහයි. වෙන අය ළමයි අරන් එංගලන්තෙට යන වයසෙදි අපි ඒ දෙන්නව අරන් මෙහෙ ආවා. එහෙ දරුවො හැදුණා නම්, අපි කල්ලොද... සුද්දො ද... දෙකට ම නැති අය ද... අපේ දරුවො දන්නෑ. ඒ අයට ආඩම්බරෙන් ජීවත් වෙන්න තමන්ගෙම රටක් තියෙනවා... කියලා ඒ දෙන්නට අපි දැනෙන්න ඇරියා. අපි එහෙන් ඉගෙන ගෙන මෙහෙට බිස්නස් එකක් හැදුවා.

ඔබ දරුවන්ට ජීවිතය උගන්වා තිබෙනවද...

මට සල්ලි අමාරු කාලෙ දූලා දෙන්නම පොඩියි. අවුරුද්දට තෑගි ලැබුණු සල්ලි දෙන්නම එකතු වෙලා පොඩි ලියුමකුත් ලියලා මගේ අතට දුන්නා. ‘අපි දන්නවා තාත්තට සල්ලි අමාරුයි. තාත්තා මේ සල්ලිවලින් බිල් ගෙවන්න’ මට දුකක් වගේ ම සතුටක් දැනුණා. මගේ දුවලා ජීවිතේ දුක හඳුනනවා. ආමිනා අද ඩිරෙක්ටර් වුණාට මෙහෙ රස්සාව පටන් ගත්තෙ කාණු හෝදලා. ගෙදර වාහන තුනක් තිබුණා. මායි වයිෆුයි වාහනවල වැඩට ආවා. එයා බස් එකේ සේවකයෙක් වගේ ම වැඩට ආවා. කාණු හේදුවා, බිත්ති හේදුවා. අපද්‍රව්‍ය අයින් කළා. මැෂින් හේදුවා. බ්‍රිතාන්‍ය උපාධියක් තිබුනට කවදාවත් බැහැ නැහැ කිව්වෙ නැහැ. මේ තමයි ඔවුන් ඉගෙන ගත් ජීවිතය.

ඔබ දරුවන්ට යාළුවෙක් ද...

එහෙම නොවී කොහොමද... අවුරුදු 17ක් තිස්සෙ අපිට හම්බ වෙන්න ආපු දරුවො 13 දෙනෙක් නැති වුණා. ඒත් අපි දෙවියන්ව ප්‍රශ්න කළේ නැහැ. බලාපොරොත්තු එක්ක ජීවත් වුණා. අවුරුදු 17කට පස්සෙ අපිට ඉපදුණු දූලා දෙන්නා අදටත් පණ වගේ.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කියන්න...

අද මගේ වයස 71 යි. අදත් මං සතුටු වෙන්නෙ වැඩකරලා. ජීවිතයේ නව යෞවනයෙක් විදියට මං විභාගෙ හොඳට කළේ නැහැ. හැබැයි අලුත් විදියකට ආපහු ජීවිතේ පටන් ගත්තා. මං එංගලන්තෙ ගියේ කිසි දෙයක් නැතිව. ස්ටුඩන්ට් වීසා එකෙන්. මං ආපහු ආවේ, සල්ලි දේපළ විතරක් නෙවෙයි උපාධි දෙක තුනක් සහ මගේ වෘත්තීය ජීවිතයත් හදාගෙන. ඒ හැම තැනකම මා එක්ක හිටියෙ මගේ බිරිඳ. මේ තමයි අපේ ජීවිතය. මේ අත්දැකීම් වලින් ඔබටත් ගන්න යමක් තියේවි.

ඡායාරූප - විමල් කරුණාතිලක

[QUOTE="banda065, post: 21824816, member: 27834"] [b]මට එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර 5ක් තිබෙනවා[/b] [COLOR="Black"][SIZE="4"]මට එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර 5ක් තිබෙනවා ඉනෝකා පෙරේරා බණ්ඩාර [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/16/salpila-mohommed-1.jpg?itok=IFUz4-H8[/IMG] මොහාමඩ් සියාඋඩීන් - MD Norfolk Crescent ඔහු ජීවිතයට අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය. ඒ අධිෂ්ඨානය කරා යන්නට දැක්මක් ඇති කර ගත්තේය. ඒ දැක්ම තුළ බොහෝ වෙහෙසුණේය. වැටුණු අවස්ථා එමට විය. නැඟිට වැටෙන, යළි නැඟිටින නොනවතින ධෛර්යයක් සමඟ ඔහු බොහෝ දුරක් පැමිණියේය. ඒ ගමන් මඟ මම ඔහු මොහොතකට නවතමි. අතීතයට ගෙන යමි. ඔහුගේ ජීවිතය කියවන්නට ඔබට ඉඩ හසර දෙමි... * සුද්දො 69 ක් පරදපු එකම ‘කල්ලා’ මං * අද දැවැන්ත සමාගමක් තිබුණත් මම නාට්ටාම් වැෙඩත් කළා * මම දෙවියන්ට ආදරෙයි... ඒත් බය නෑ නෝෆෝක්, මේ රටේ පිසූ මස් ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ කොතැනද ඉන්නෙ... මෙරට සකස් කළ මස් ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ දෙවැනි තැන. ලංකාවේ තරු හෝටල් සහ ප්‍රධාන පෙළේ රෙස්ටූරන්ට් සියල්ලට ම පිසූ මස් ආහාර සපයන්නේ අපි. පහුගිය අවුරුද්දේ අපේ වර්ධන වේගය 26%ක්. ඒක, අංක එකේ ඉන්න සමාගමත් එක්ක සසඳද්දි 25%ක ඉදිරියෙන් සිටීමක්. ඒ වගේ ම ස්පයිරල් ෆ්‍රීසර් මැෂින්වලින් මස් ආහාර නිපදවන මේ රටේ පළමු සමාගමත් අපි. මොකක්ද Norfolk අර්ථය... ඒක එංගලන්ත ප්‍රාන්තයක්. මගේ හදවතට බොහොම ළඟ තැනක්. ජීවිතයේ එක්තරා දවසක මං තීරණයකට ඇවිත් Norfolk යනවා. අද මං ලංකාවේ බිස්නස් එකක් හැදුවෙ ඒ, Norfolk ගිය ගමන නිසා. මාව වෘත්තිකයෙක් ලෙස සම්පූර්ණ කරපු, ඒ ප්‍රාන්තයට අදත් මං ආදරෙයි. ඒත් ආහාර නිෂ්පාදන ව්‍යාපාරයකට එහෙම නමක් ගැළපෙයි කියලා හිතුවද... Norfolk වල බර්නාඩ් මැතිව්ස් සමාගම තමයි එංගලන්තයට පිසූ මස් ආහාර නිෂ්පාදන සපයන ලොකු ම සමාගම. මං එංගලන්තෙ ජීවත් වූ අවුරුදු 25න් 13 ක් ම ගත කළේ එතැන. රසවත් මස් ආහර කියූ ගමන් එංගලන්තෙ අයට නම් නෝෆෝක් මතක් වෙනවා. මටත් ඒ නම ගැළපුණා. අපේ රටටත් ඒ නම දැන් අවුරුදු 25 ක් තිස්සෙ හුරුයි. Norfolk... පවුලේ ව්‍යාපාරයක් ද... මම සහ CP ගෲප් එකේ හවුල්කරු හැරුණම මිසිස් සියාඋඩින් ඩිරෙක්ටර් කෙනෙක්. ඇය බිස්නස් එකට සම්බන්ධ මගේ බිරිඳ නිසා නෙවෙයි. තාක්ෂණික අංශයේ සහ මෙරට මයික්‍රොබයෝලොජි ක්ෂේත්රයේ ඉහළ ම සුදුසුකම් සහ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ උපාධිධාරිණිය ඇය. එයාට වඩා සුදුසුකම් ඇති කෙනෙක් මේ ෆීල්ඩ් එකෙන් ලංකාවෙ නැහැ. මගේ පොඩි දුව ආමිනාත්, අධ්යක්ෂවරියක්. එයත් බ්‍රිතාන්‍ය සුදුසුකම්ලත් උපාධිධාරිණියක්. ලොකු දුව අයිෂා, විශේෂඥ වෛද්‍යවරියක්. එයාගෙ කිසිම උනන්දුවක් නැහැ බිස්නස් ගැන. මේක සුදුසුකම්ලත් වෘත්තිකයන්ගේ එකතුවකින් ඉදිරියට යන බිස්නස් එකක්. ඒ වෘත්තිකයන් පවුලේ අය වීම තවත් එක හයියක් විතරයි. Norfolk සමාගමට අයිති තවත් ව්‍යාපාර තිබෙනවද... නැහැ. නමුත්, ආසියාවේ ලොකු ම කුකුළුමස් නිෂ්පාදන ආයතනය වන තායිලන්තයේ CP Group සමාගම, අපේ සමාගමේ කොටස්කරුවෙක්. හේතුව ඔවුන් දවසකට චිකන් මිලියනයක් නිෂ්පාදනය කරනවා. ඔවුන් අපි එක්ක සම්බන්ධ වුණේ අපේ තාක්ෂණය ඉගෙන ගන්න. තාක්ෂණික දැනුම හුවමාරු කිරීමේ මේ වැඩපිළිවෙළේදි මම තමයි ඔවුන්ට දැනුම ලබා දෙන ප්‍රධානියා. එය ලංකාවට ආඩම්බරයක්. ඔබ මේ රටේ කොයි තරම් පිරිසකට රස්සා හදා තිබෙනවද... ඍජුව දෙසිය ගණනක්. වක්‍රව ඊටත් වැඩියි. සේවකයන් එක්ක මට තිබෙන්නෙ ළඟ සම්බන්ධතාවක්. නීතියට එහා ගිය මනුස්සකමට මම ඉඩක් දෙනවා. හැබැයි හොරකම් කළොත් කෙළින් ම ගෙදර. දෙන පඩියට වැඩ කරන්න ඕනේ. වැඩ කරන මිනිහව මං බලා ගන්නවා, ඒකයි මගේ විදිය. සොසේජස්... මීට් බෝල්ස් ඔය කොයිවත් වැටෙන්නේ කෘත්‍රිම ආහාර ගොඩට නේ... මං ‘ප්‍රොසෙස් මීට් ප්‍රඩක්ට්ස්’ සම්බන්ධයෙන් අවුරුදු 38ක අත්දැකීම් ඇති කෙනෙක්. ඒ සම්බන්ධ හොඳ අධ්‍යාපනික පසුබිමක් ඇති, ඒ ශිල්පය ඉහළින් ම ප්‍රගුණ කළ කෙනෙක්. විෂ රසායන හෝ රසකාරක නොයොදා ඒවා හදන ක්‍රම ලෝකෙ තිබෙනවා. මම ඒ ගැන දන්න කෙනෙක්. නමුත් කොයි දේ වුණත් ප්‍රමාණය ඉක්මවා කෑවොත් මනුෂ්‍ය ශරීරයට අහිතකරයි. ලෙඩ වෙනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනෙ ඒ දේ. ඔබ සීත කාමරේකට වෙලා සියල්ල පාලනය කරන Boss කෙනෙක්ද... මට MD කියන්නෙ, නමක් විතරයි. තනතුර ඔළුවෙ තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි මම. හැමදාම ෆැක්ටරිය පුරා ඇවිදිනවා. හැම මැෂිමක් ගැන ම මං දන්නවා. ඒවායේ වැඩ කරන්න දන්නවා. ඕන ප්‍රඩක්ට් එකක් හදන්නත් දන්නවා. මට අංක එක, නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර කොලිටිය. Boss කෙනෙක් එහෙම විය යුතුද... එංගලන්තෙ වැඩකරද්දි ඉගෙන ගත් හොඳ ම දේ තමයි, ආයතනයක අපි හැමෝම එකයි කියන එක. මුල් කාලෙ මම ම ගිහින් චෙෆ්ලට කතා කරලා අපේ ප්‍රඩක්ට්ස් හඳුන්වලා දුන්නා. ඩිලිවරි ගියා. මම මේ කොම්පැනියෙ ටොයිලට් හෝදලත් තියෙනවා. ඒක කරන කෙනා හරියට නොකරනවා නම් මම ඒක හරි විදියට කරලා පෙන්වනවා. මොනවද ඔබ හඳුන්වා දී තිබෙන අලුත් නිෂ්පාදන... ‘මිනි කිව්ස්’ සහ ‘කොච්චි බයිට්ස්’ නිෂ්පාදන දෙක මං හඳුන්වලා දුන්නෙ ජාත්‍යන්තරයට. නමුත් නොහිතපු විදියට ජනප්‍රිය වුණේ අපේ රටේ. සබ්ජෙක්ට් එක දන්නවා නම් රසකාරක අහිතකර ද්‍රව්‍ය මුකුත්ම නැතිව රසවත් අලුත් ආහාර හදන්න පුළුවන්. කොලිටියට වැඩේ කෙරෙනවා නම් මාකට් එකේ ඉල්ලුම තියා ගන්නත් පුළුවන්. එංගලන්තෙ වැඩ කරපු ඔබට ලංකාවෙ බිස්නස් කරන එක මහ දෙයක් නෙවෙයි... එහෙම ද... මාත් හිතුවෙ එහෙම තමයි. මම අවුරුදු 25 ක් ම ලංකාවෙ නොහිටි කෙනෙක්. ලංකාවේ වැඩ කරල ම නැති කෙනෙක්. ඒත් එංගලන්තෙ ඉංග්ලිෂ් මාකට් එකට, සාර්ථකව මස් නිෂ්පාදන හඳුන්වලා දෙන්න පුළුවන් වුණා නම් මගේ රටේ මට කොහොම කරන්න පුළුවන්ද කියන අදහසින් තමයි මං ලංකාවෙ බිස්නස් පටන් ගත්තෙ. කරන්න ගත්තමයි දැනුණෙ ලංකාවෙ බිස්නස් කල්චර් එක වෙනස්. මිනිස්සු හිතන විදිය වෙනස්. මං බලාපොරොත්තු වෙච්ච ප්‍රොෆෙෂනල් සපෝට් එක මට ලැබුණෙ නැහැ. පළවෙනි අවුරුදු දෙක ම මං උත්සාහ කළේ නම හදාගන්න. ඔබට අනුව, සාර්ථකත්වයට යා හැකි හොඳ ම ක්‍රමය කුමක් ද... වෘත්තීය ජීවිතයේ ලැබෙන හැම අවස්ථාවක ම බය නැතිව හිතෙන දේ ක්‍රියාත්මක කළ යුතුයි. සමහර තීරණවලදි සුද්දො ළතැවෙවි ඉන්නවා. මං මට හිතෙන දේ කිව්වා. කළා. මිස්ට මැතිව්ස් මගේ ක්‍රමයට කැමැති වුණා. මේ බය නැතිකම මං ඉගෙන ගත්තෙ මගේ තාත්තගෙන්. ඔබ මුස්ලිම් ජාතිකයෙක්. ඒත් බොහොම නිදහසේ හිතන හැඩයි... එංගලන්තෙදි මාත් වයිෆුත් විශ්ව විද්‍යාල දෙක තුනක ඉගෙන ගත්තා. යාළුවෝ හුඟදෙනෙක් බ්‍රිටිෂ්. අපේ විෂයානුබද්ධ සාකච්ඡා කෙරුණේ ම ‘පබ්’ එකේ. බියර් වීදුරුවක් සිගරට් එකක් බොමින් අපි බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ගැඹුරු කතාබස්වල යෙදුණා. ඒ සමහර කාලවල මං ඉගෙන ගන්න නිසා රස්සාව කළේ වයිෆ් විතරයි. වයිෆ් තමයි පබ් එකට යන්න සල්ලි දෙන්නෙත්. මගේ ආගම මට, මඟ පෙන්වන උතුම් දහමක් පමණයි. ඒ මිස, ජීවිතයට තහංචි දමන නීතියක් නෙවෙයි. මං දෙවියන්ට ආදරෙයි. හැබැයි බය නැහැ. දෙවියන්ට බයේ වැරැදි නොකර ඉන්නවට වඩා දෙවියන්ට ආදරේ නිසා වැරැදි නොකර ඉන්නවා නම් ඒක තමයි වටින්නේ. ඔබේ ජීවිතයට සහ සාර්ථකත්වයට බලපෑ පුද්ගලයන් ඉන්නවද... පළමුකෙනා තාත්තා. ඊළඟට බිරිඳ. සහිරා එකේදි එයා මගේ ක්ලාස්මේට්. එංගලන්තෙදි එයා මගේ රූම් මේට්. පාට්නර්, අපි එකට දුක් වින්ඳා. එකට ඉගෙන ගත්තා. විවාහ වුණා. අදටත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා නැහැ, අපේ මිත්‍රත්වය එලෙසමයි. අද වුණත් ඔෆිස් එකේදි මගේ කාමරේට එයා එන්නෙ තට්ටු කරලා. මං යන්නෙත් එහෙමයි. අපේ අවබෝධය, මිත්‍රත්වය සහ ලෙන්ගතුකම, රාමුගත කොටුවුණු ප්‍රේමයකට වඩා හුඟක් ඉහළින් තිබෙන එකක්. අම්මා තාත්තාගෙන් ජිවිතයට ලැබුණු වටිනාකම් මොනවද... පළමු දේ තමයි, මොන යම් සමාජ තලයක, මිනිසුන් අතරේ වුණත් හොඳින් ජීවත්වන විදිය හෙවත් ‘ජීවත්වීමේ කලාව’ උගන්වපු එක. හොඳම දේ තමයි මාව එකේ පන්තියේ ඉඳලම ගම්පොළ සහිරා කොලේජ් බෝඩිමේ නවත්වපු එක. මාව දාලා ගිය දවසේ මං හොඳටෝම ඇඬුවා. ආපහු මාව බලන්න ආ දවසෙ මං අඬ අඬා කාර් එකට ගැහුවා, හීරුවා... මාව ගෙදර අරන් යන්න කියලා. ඊට පස්සෙ මාසෙකටවත් තාත්තා මාව බලන්න ආවෙ නැහැ. මං ටික ටික ඒ තනි ජීවිතේට හුරු වුණා. ජීවත්වෙන හැටි ඉගෙන ගත්තා. ඒත් ඔබ පුංචි දරුවෙක්නේ... ඒ වුණාට මං තමයි පවුලේ හිටි දඟම අකීකරු ම ළමයා. අපේ පවුලේ ළමයි දහයයි. කොල්ලො පහයි කෙල්ලො පහයි. මං දෙවැනියා. පොඩියි කියලා නැහැ, මං ගහගන්නවා, ගුටිත් කනවා. කාටවත් බයත් නැහැ. අරපිරිමැස්ම... දරාගැනීම... ඒ පුංචි කාලෙ අත්විඳ තිබෙනවද... අනන්තවත්, ඕ-ලෙවල් පන්තියෙදි සමහර මාසෙක තාත්තා වියදං කාසි එවන්නෑ, මං යාළුවන්ගෙන් ණයට ඉල්ලන් බොහොම පිරිමහගෙන ඉන්නවා. ගෙදර ගියාම, ‘ඔන්න මං ඔයාට ඉගැන්නුවා, කොහොමද සල්ලි නැතුව මාසයක් දෙකක් ජීවත් වෙන්නෙ කියලා... දැන් ඔයා දන්නවා පිරිමහගන්න... මෙන්න ඒකට තෑග්ගක්...’ කියලා මාස තුන හතරක සල්ලි තාත්තා එකට දෙනවා. සහිරා කියන්නෙ හැම ජාතියකම ළමයි හිටි පාසලක්... ගෑනු - පිරිමි, සිංහල - දෙමළ - මුස්ලිම්... මේ හැමෝම ඉගෙන ගත්තෙ එකට. අපිට හිටියෙ ‘මචං’ලා විතරයි. අපි යාළුවන්ගෙ ජාති ජන්මෙ දැනගෙන හිටියෙත් නැහැ හෙව්වෙත් නැහැ. හැමෝම ‘මචං’. එතකොට ඔබ හිටියෙ දක්ෂයො ගොඩේ ද... එහෙම නැහැ. නමුත් මං ගණිතයේ හා විද්‍යාවේ දක්ෂයෙක්. ඒ නිසා මං ටිකක් කැපී පෙනුණු ළමයෙක්. ඒ පුරුද්දට අදත් මට කැල්කියුලේටර්ස් අවශ්‍ය නැහැ. මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning Point එක... තාත්තා දවසක් මට කිව්වා, ‘උඹට වියදං කරපු සල්ලිවලින් කාලක්වත් මං අයියට වියදං කළේ නැහැ. අයියා යුනිවර්සිටි යන්න ලෑස්තියි. ඒත් උඹ...’ ඕ-ලෙවල්, ඒ-ලෙවල් දෙකම හොඳට පාස් නැතුව ඔහේ ගෙදරට වෙලා හිටපු මං, මොනවා හරි කරන්න ඕනේ... ගොඩ එන්න ඕනේ... කියන අධිෂ්ඨානෙ හිතට එන්නෙ තාත්තගෙ මේ කතාවෙන්. ඔබ මොනවද කළේ... මං මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කළා. අපි පිටරටක ගිහින් ඉගෙන ගනිමු... එයා පුංචි කාලෙ ඉඳලා මගේ යාළුවා. එයත් හිටියේ සහිරා - බෝඩිමේ. අපි ජීවිතේ සිරියස් ගත්තා. දෙන්නටම ගෙවල්වලින් උදවු කළා. අපි student visaවලින් එංගලන්තෙට ගියා. හැබැයි යුනිවර්සිටියකට යන්න බැහැ A-levels නොකර. අපි දෙන්නම පාටි ටයිම් වැඩ කරමින් ඉගෙන ගත්තා. මං ඉස්පිරිතාලෙක ඇටෙන්ඩන් වැඩක් හොයාගත්තා. ඊට පස්සෙ සුමානයක් යකඩ අදින නාට්ටාමි වැඩක් කළා. අඩි දෙක තුනක් උසට අයිස් තට්ටු, ඒවායේ වැදිලම බූට් සපත්තුවල කටවල් ඇරිලා. සීතලේ ගැහි ගැහී යකඩ ගෝනි පිටේ තියන් ලොරිවලට පැටෙව්වා. සිකුරිටි රස්සාවක් කළා. මේ සියල්ල කරමින් ‘පෙඩින්ටන් ටෙක්නිකල් කොලේජ්’ එකේ ඒ-ලෙවල්ස් කළා. මොනවද ඔබ උපාධියට කළේ... කවදහරි ලංකාවට ගිහින් දෙයක් කරනවා නම් ඒකට ප්‍රයෝජනවත් වන විෂයක් මං හෙව්වා. අනාගතයට ගැළපෙන, ආර්ථිකයට යහපත් සහ රස්සා හදන්න පුළුවන් විෂයක් මට හම්බ වුණා. ඒ, Food Technology උපාධිය. ඊළඟට පශ්චාත් උපාධියට Management කළා. ඊළඟට මේ දෙකම සම්බන්ධ වන Multidisciplinary, MSc එකක් කළා. මේ විදිහට Technology සහ Economics කියන ක්ෂේත්‍ර හරහා නව නිෂ්පාදන සහ සොයා ගැනීම් දීර්ඝ වශයෙන් සිදු කළා. මං තෝරා ගත්තු රස්සා දෙකේදීම තව ඉහළට යෑමේ අවස්ථා මට උදා වුණා. උපාධියට ගැළපෙන රස්සාවක් ලැබුණද... දාපු ඉල්ලුම් පත්රවලට රස්සා හතරකින් එකවර කැඳවීම් ලැබුණා. මගේ හිත ගියේ, ඒ අතරින් අඩුම පඩියක් තිබුණු රස්සාවට. හේතුව, එතැන මගේ අනාගතයට ගැළපෙන ෆවුන්ඩේෂන් එක තිබෙන බව මං දැක්කා. සබ්ජෙක්ට් එක, ‘මීට්’. සහ ‘රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්’. ඒ අනුව, යුනිලීවර් සමාගමෙන් මං මගේ වෘත්තිය ජීවිතය ඇරැඹුවා. ලේබර් වැඩ, බඩු උස්සන එක, ක්ලාක් වැඩ - පියන් වැඩ, ක්ලීනින්... මේ සියල්ල ට්‍රේනින් එකේදි කළා. නිෂ්පාදන සංවර්ධනය කිරීම... අලුත් නිෂ්පාදන සොයා ගැනීම... පිළිබඳ ගැඹුරට හැදෑරුවෙ අවුරුදු තුනක් වැඩ කළ යුනිලීවර් සමාගමේදී. ජීවිතේ හරිම තැනෙදි ගන්න හරි තීන්දු අපිව හුඟක් දුර ගෙනියනවා. ඔබටත් මේ අත්දැකීම අදාළද... මගේ ඔළුවෙ තිබුණෙ ම ලංකාවට ගිහින් මගේ ම දෙයක් කරන්න ඕනෙ කියන සිතිවිල්ල. යුනිලීවර් එකෙන් පස්සෙ අවුරුදු දෙකක් මං පශ්චාත් උපාධිය කළා. ඊට පස්සෙ තමයි නෝෆෝක් ප්‍රාන්තයෙ තිබෙන බර්නාඩ් මැතිව්ස් සමාගමේ තනතුරට ඉල්ලුම් කළේ. ඉන්ටවීව් යන්න කලින් මං ඒ සමාගමේ අවුරුදු තුනක ඉතිහාසය හොයාගත්තා. හැදෑරුවා. ඒක ඉතා හොඳ සූදානමක්. සුද්දො 69 දෙනෙක් පරදපු එකම ‘කල්ලා’ මං. මට අදාළ ප්‍රඩක්ට් එක ‘මීට්’. තනතුර ඩිවලොප්මන්ට් මැනේජර්. මට ජොබ් එක ලැබුණා. බර්නාඩ් මැතිව්ස් සමාගම, ඔබේ ජීවිතය වෙනස් කළේ කොහොමද... මං යුනිලිවර් සමාගමේ කරපු දේම තමයි මේ ආයතනයේ පටන් ගත්තේ. අවුරුදු පහක් එතැන වැඩ කරලා මං අස්වෙන්න ගියා. ඔවුන් මාව නවත්වා ගත්තෙ මාව සමාගමේ ඩිරෙක්ටර් කෙනෙක් කරලා. අවුරුදු දෙකෙන් තුනෙන් අත්දැකීම් අරන් එන්න ගිය මං, අන්තිමේ අවුරුදු දහතුනක් එතැන නැවතුණා. ඒ කාලය ඇතුළෙ සැකසූ මස් ආහාර වෙනුවෙන් මං මගේ ම නව නිෂ්පාදන සඳහා පේටන්ට් බලපත්‍ර පහක් දිනා ගත්තා. ඒ වෙනකොට එංගලන්තයේ සහ ජාත්‍යන්තරයේ චිකන් සහ ටර්කි වලින් හදපු ඕනෑ ම මස් ආහාරයක් සඳහා ප්රමුඛ සමාගම වෙලා හිටියෙ බර්නාඩ් මැතිව්ස්. ඇත්තට ම කිව්වොත් ආසාවෙන් හොයපු ෆීල්ඩ් එකක, අප්‍රමාණ දැනුමක් සහ අත්දැකීම් ලබාගෙන මාව සම්පූර්ණ මිනිහෙක් කළේ මේ සමාගම. කවුද ඔබට පූර්වාදර්ශ වූ නායකයින්... එංගලන්ත යුනිලීවර් සමාගමේ මට උඩින් හිටපු බොස්, මිස්ටර් ලුවී ඇටැක්. ට්‍රේනින් පීරියඩ් එකේදි වුණත් මං සංවර්ධනය කරන, මං හොයා ගන්න හැම අලුත් මස් නිෂ්පාදනයක් ම ඔහු ඉදිරිපත් කළේ මගේ නමින්. ඔහු යටතේ හිටියා කියලා, කවදාවත් මට ලැබෙන්න ඕනෙ ක්‍රෙඩිට් එකක් එයා ගත්තෙ නැහැ. වෘත්තීය ජීවිතයෙදි තමන් සමඟ ඉන්න අය ඔසවා තබන එක... ඒ අයට මතු වෙන්න ඉඩ හරින එක හොඳ නායකයකුගෙ ගුණයක්. නෝෆෝක් සමාගම අපේ රටට ආවෙ කොහොමද... මං අස්වෙලා ලංකාවට යන්න ම ඕනෙ කිව්ව ම ඒ අය මට උදව් කරන්නම් කිව්වා. 1990 මං ලංකාවෙ බිස්නස් එකක් පටන් ගනිද්දි වැඩි ප්‍රාග්ධනයක් දුන්නේ, බර්නාඩ් මැතිව්ස් සමාගමේ හිමිකරු මිස්ට මැතිව්ස්. ලංකාවෙ කෙනෙක් ඉන්න ඕනෙ නිසා අපි බයිරහා සමාගමත් හවුල් කරගත්තා. අන්තිමේ බර්නාඩ් මැතිව්ස් සමාගම ඔවුන්ගෙ ෂෙයාර් එක මට ම තෑග්ගක් ලෙස දීලා අයින් වුණා. අවුරුදු දෙකකට පස්සෙ බහිරහා කොටස් ටිකත් ගෙවලා මම ම අයිතිය ගත්තා. මේ ආයතනය පහුකළ දුෂ්කර ම කාලය කුමක් ද... 1996 මහා ගංවතුරක් සහ පවර් කට් තිබුණා. අපේ කෑම, කඩවල ෆ්‍රිජ්වල කුණු වුණා. පාඩුව කෝටි ගාණක්. එහෙම පටන්ගත්තු මේ පසුබෑම අවුරුදු හයක් විතර තිබුණා. අඳින්න කමිසයක් ගත්තෙ නැහැ. ගෙදර වියදමට වයිෆ්ට දෙන්න පුළුවන් වුණේ රුපියල් පන්දාහයි. ඒකත් එයා වියදං නොකර මට ආපහු දුන්නා. ළමයි දෙන්නට ඇඳුමක් අරන් දුන්නෙ නැහැ. ගේ සින්න වෙන්න ගියා. අමුද්‍රව්‍ය ගත්තු තැන්වලින් ණයට බඩු දුන්නා. මම ඒ හැම කෙනකුගේ ම විශ්වාසය රැක්කා. වචනෙ තිබ්බා. ප්‍රශ්නවලින් ගොඩ ආවම කිව්ව විදියට ගෙව්වා. ඔබට තවමත් බ්‍රිතාන්‍ය පුරවැසි භාවය තිබෙනවද... මට විතරක් නෙවෙයි, වයිෆ් සහ දුවලා දෙන්නාත් බ්‍රිතාන්‍ය පුරවැසියෝ. අපි ලංකාවට එනකොට ලොකුදුවට අවුරුදු අටයි. පොඩ්ඩට පහයි. වෙන අය ළමයි අරන් එංගලන්තෙට යන වයසෙදි අපි ඒ දෙන්නව අරන් මෙහෙ ආවා. එහෙ දරුවො හැදුණා නම්, අපි කල්ලොද... සුද්දො ද... දෙකට ම නැති අය ද... අපේ දරුවො දන්නෑ. ඒ අයට ආඩම්බරෙන් ජීවත් වෙන්න තමන්ගෙම රටක් තියෙනවා... කියලා ඒ දෙන්නට අපි දැනෙන්න ඇරියා. අපි එහෙන් ඉගෙන ගෙන මෙහෙට බිස්නස් එකක් හැදුවා. ඔබ දරුවන්ට ජීවිතය උගන්වා තිබෙනවද... මට සල්ලි අමාරු කාලෙ දූලා දෙන්නම පොඩියි. අවුරුද්දට තෑගි ලැබුණු සල්ලි දෙන්නම එකතු වෙලා පොඩි ලියුමකුත් ලියලා මගේ අතට දුන්නා. ‘අපි දන්නවා තාත්තට සල්ලි අමාරුයි. තාත්තා මේ සල්ලිවලින් බිල් ගෙවන්න’ මට දුකක් වගේ ම සතුටක් දැනුණා. මගේ දුවලා ජීවිතේ දුක හඳුනනවා. ආමිනා අද ඩිරෙක්ටර් වුණාට මෙහෙ රස්සාව පටන් ගත්තෙ කාණු හෝදලා. ගෙදර වාහන තුනක් තිබුණා. මායි වයිෆුයි වාහනවල වැඩට ආවා. එයා බස් එකේ සේවකයෙක් වගේ ම වැඩට ආවා. කාණු හේදුවා, බිත්ති හේදුවා. අපද්‍රව්‍ය අයින් කළා. මැෂින් හේදුවා. බ්‍රිතාන්‍ය උපාධියක් තිබුනට කවදාවත් බැහැ නැහැ කිව්වෙ නැහැ. මේ තමයි ඔවුන් ඉගෙන ගත් ජීවිතය. ඔබ දරුවන්ට යාළුවෙක් ද... එහෙම නොවී කොහොමද... අවුරුදු 17ක් තිස්සෙ අපිට හම්බ වෙන්න ආපු දරුවො 13 දෙනෙක් නැති වුණා. ඒත් අපි දෙවියන්ව ප්‍රශ්න කළේ නැහැ. බලාපොරොත්තු එක්ක ජීවත් වුණා. අවුරුදු 17කට පස්සෙ අපිට ඉපදුණු දූලා දෙන්නා අදටත් පණ වගේ. ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කියන්න... අද මගේ වයස 71 යි. අදත් මං සතුටු වෙන්නෙ වැඩකරලා. ජීවිතයේ නව යෞවනයෙක් විදියට මං විභාගෙ හොඳට කළේ නැහැ. හැබැයි අලුත් විදියකට ආපහු ජීවිතේ පටන් ගත්තා. මං එංගලන්තෙ ගියේ කිසි දෙයක් නැතිව. ස්ටුඩන්ට් වීසා එකෙන්. මං ආපහු ආවේ, සල්ලි දේපළ විතරක් නෙවෙයි උපාධි දෙක තුනක් සහ මගේ වෘත්තීය ජීවිතයත් හදාගෙන. ඒ හැම තැනකම මා එක්ක හිටියෙ මගේ බිරිඳ. මේ තමයි අපේ ජීවිතය. මේ අත්දැකීම් වලින් ඔබටත් ගන්න යමක් තියේවි. ඡායාරූප - විමල් කරුණාතිලක[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom